Back
Chapter 78

77 කොටස🤍✨️

නිවාලන්න මා...

"ආශව! ෆෝකස් කරනවා මේකට!"

"කොල්ලො! ඔහොම බැහැ....අද ඔයාගෙ අවධානෙ නෑ මෙතනට!"

"ආශව! ආශව ප්ලේ කරන්න යන්නෙ මේ පාර ඉන්ටනැෂනල් ටූනමන්ට් එකක්!"

"ආශව! පොඩි බ්‍රේක් එකක් ගන්නවා! ආශව ඉන්නෙ මේකට ෆෝකස් කරන්න තරම් හොද සිටුවේෂන් එකක නෙවෙයි වගේ!"

කෝච්ගෙ වචනත් එක්ක ඔලුව වැනුව ආශව එහෙම්මම ගිහින් පැවීලියන් එකේ ඉදගනිද්දි ආශව ලගට ආව ටීම් එකේ කැප්ටන් උනු සනුක ආශවගෙ පිටට තට්ටුවක් දාන ගමන් පුහුණුවීම් වලට යොමු උනා.ලොකු හුස්මක් පහල දැම්ම ආශව පැවීලියන් එකේ ඉදගෙන කල්පනා කලේ ඊයෙ දෙවින්ට කතා කරපු වෙලේ දිවාෂ කිව්ව දේ ගැන.

"චූචියා මාත් එක්ක හවස ඉදන් දඟලලා දඟලලා මහන්සියට නිදි ආසව....ඕන්නම් මම ඇහැරවන්නද?"

නේත්‍රගෙ දුරකතනෙට කතා කලාට ඒකට ප්‍රතිචාරයක් නොතිබ්බ නිසා දිවාෂට කතා කල ආශව නේත්‍ර ගැන අහද්දි දිවාෂ දුන්නු උත්තරේ එක්ක ආශව ලොකු හුස්මක් පහල දැම්මා.කොහොමත් නේත්‍ර නිදි වෙලාවට ඇහැරවන එක ආශව කරන්නෙම නැති දෙයක් නිසා උදේට නේත්‍ර නැගිට්ටම කතා කරන්න කියන්න කියලා දිවාෂට කියන ගමන් ආශව ඇමතුම විසන්ධි කලේ නේත්‍රට කරදරයක් කියලා කලබල උනු හිත සනසගන්න ගමන්.ඒත් දැන් උදේ එකොලහත් පහු වෙලා තියෙද්දිත් නේත්‍ර කතා නොකරපු නිසා ආශවට පුහුණුවීම් වලට අවධානෙ දෙන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ.

"දෙවින්ට කතා කලානම් හරි"

තමන්ගෙ බැගයට අත දාලා දුරකථනෙ ගත්තු ආශව දෙවින්‍ට ඇමතුමක් ගනිද්දි ආශවව පුදුම කරවන ගමන් තත්පර ගාණක් ඇතුලත දෙවින් දුරකථන ඇමතුමට සම්බන්ධ වුණා.

"ආශවයා කියපං"

"ම්ම්ම්.....උඹ කොහෙද ඉන්නෙ?"

"ආ....මම මේ දිවාෂ මල්ලිලාගෙ ගෙදර ආවා....එයාලගෙ අම්මලා නෑ මේ දවස් දෙකේ මෙහෙ...මම කෑමත් අරං ආවා ඒ නිසා"

"නේත්‍රත් ඉන්නව නේද?"

"ආහ්...ඔව් ආශවයා...ඉන්නවා"

"නේත්‍රගෙ ෆෝන් එකට ගත්තට ආන්සර් කරන්නෑනෙ....පොඩ්ඩක් නේත්‍රට දෙන්න පුලුවන්ද?"

"ඕ....මේ පොඩි උන් දෙන්නට ඔන්ලයින් ක්ලාස් එකක් ආශවයා....මම නේත්‍ර මල්ලිට එන්න කියලා දෙන්නද?"

"එ....එපා දෙවින් අවුලක් නෑ...ක්ලාස් එක ඉවර වෙන්නෙ කීයටලුද?"

"දන්නෙ නම් නෑ ආශවයා ඒක"

"මේ වෙලාවට නේත්‍රට ඔන්ලයින් ක්ලාස් එකක් නෑ....ඒකයි මම බැලුවෙ"

"ඔව්....උදේ ලින්ක් එක හදිස්සියෙ දාලා කිය කිය දිවාෂ මල්ලි බැන බැන හිටියා තමා"

"ආ....ඒක තමා.හරි ක්ලාස් ඉවර උනාම මට කෝල් එකක් ගන්න කියන්නකො"

"හරි කොල්ලො මම කියන්නම්"

"දෙවින්...."

"ඕහ්...කියපං"

"උඹලා මට මොනාහරි හංගනවද?"

"නෑ ආශව....ඇයි එහෙම අහන්නෙ?"

"හ්ම්ම්ම්.....ඊයෙ ඉදලා පපුවට හරි නෑ....මට අමුතුයි වගේ ඒකයි"

"උඹ වැඩියෙ නොහිතා ඉදපං.....පොඩි එකාට ක්ලාස් ඉවර උනාම ගන්න කියලා කියන්නම් මම"

දෙවින් කියද්දි දුරකථනෙ ක්‍රියා විරහිත කෙරුව ආශව අත් දෙක දණහිස් දෙක උඩින් හිටිය විදියට තියාගෙන එකට බැඳගෙන ඈත බලාගෙන හිටියා.අදට දවස් පහක්.තමන්හෙ පුංචි එකාව ඇහැටවත් නොදැක.ස්පර්ශ කරන්න බැරි උනත් නේත්‍රව ඇස් මානෙ නිතරම තියාගන්න එක පුරුද්දක් කරගෙන හිටිය ආශවට මේ දවස් පහ කල්පයක් වගේ දැනිලා තිබ්බා.කොච්චර නේත්‍ර ලගට දුවන්න කියලා හිත කිව්වත් එහෙම යන්න බැරි එක ගැන හැම තත්පරේකම ආශව පසු තැවුණා.

"ආශව අයියෙ....මොකෝ අවුලෙන් වගේ?"

ලියෝන්....එහෙමත් නැත්තං දිනාල්ගෙ මල්ලිගෙ කටහඩට ආශව ඔලුව උස්සලා බලලා ඔලුව දෙපැත්තට වනද්දි ලියෝන් ඇවිත් ආශව ලගින්ම ඉදගත්තා.පුහුණුවීම් ටික වෙලාවකට නවත්තල තියෙන වග ආශවට තේරුම් ගියේ කණ්ඩායමේ හැමෝම තැනින් තැන ඉදගෙන ඉන්න හැටි දකිද්දි.ආශව ලග තිබ්බ වතුර බෝතලේ අතට ගත්තු ලියෝන් ආශව එපා කියන්නත් කලින් වතුර ටිකක් බීගෙන බීගෙන යද්දි ඔලුව දෙපැත්තට හොලවපු ආශව අහක බලාගත්තෙ ලියෝන්ට කොච්චර කිව්වත් වැඩක් නැති නිසා.දඟ හිතුවක්කාරයෙක් උනු ලියෝන් තමන්ට ඕනි දේ කලා මිසක් කවුරුත් කියන දේවල් ලේසියකින් අහන කෙනෙක් උනේ නැහැ.හැබැයි ලියෝන් සෑහෙන්න හොද ගතිපැවතුම් තිබ්බ කෙනෙක් උනා.

"ආශව අයියා අවුලකින්ද? අද ඔයා මෙතනට ෆෝකස් කරන්නෑ කියලා මටත් තේරුනා"

"ම්ම්ම්"

"කැච් කීයක්නම් අතෑරියද අද? මට ඒකෙන්ම තේරුණා.මොකක් හරි අවුලක්නම් කියන්න.මට පුළුවන් විදියකය උදව් කරන්නම් මම"

"ඒ අවුලට උදව් කරන්න ඔයාලා කාටවත් බෑ ලියෝන්"

"එහෙම කියන්නෙපා.ඕනිම දේකට උත්තර හොයන්න පුළුවන් කට්ටිය එකතු උනාම"

"ම්ම්ම්....සමහර ඒවට උත්තර හොයන්න පුළුවන් එකම එක්කෙනෙක් එක්ක එකතු උනාම විතරයි....හරි ඒ ගැන තව දුරටත් කතා නොකර ඉමු.මම කොහොමත්...."

"යස් යස්....ඔයා කොහොමත් ඔයාගෙ පර්සනල් දේවල් හැමෝම එක්ක බෙදාගන්න කැමති නෑනෙ"

"ම්ම්ම්ම්....ඔව්"

"හරි.එහෙනම් ඒක අතාරිමුකො.මම මනුස්සයෙක්ගෙ පර්සනල් දේවල් හාර අවුස්සන්න යන්නෑ එයා කියනකං...ඉතින් කියන්නකො,මොකෝ ප්‍රැක්ටිස් එහෙම? අයියගෙ හිතේ බයක් වගේ දෙයක් නෑනෙ"

"නෑ ලියෝන්....පොඩි නර්වස් ගතියක් තියේ ඒත්.මගෙ ෆස්ට් ටූනමන්ට් එකනෙ නැෂනල් ටීම් ප්ලේ කරන...අනික වෙන රටක ටීම් එක්ක් එක්ක....ඒ නිසා වෙන්න ඇති"

"හ්ම්ම්ම්....ඔව්.මමත් මුලදි එහෙමයි.හරි බයයි.මගෙ ෆස්ට් මැච් එකේදි මට ලකුණු දහයක්වත් ගහගන්න පුළුවන් උනේ නෑ.හැබැයි පස්සෙ මම හිත ශක්තිමත් කරගත්තා.ආශව අයියට බැරි වෙන එකක් නෑ කොහොමත්....ඔයා කොහොමත් ස්ට්‍රෝන්ග් කෙනෙක්නෙ"

"ම්ම්ම්ම්...බලමුකො"

"ඔයා කාවහරි බලාපොරොත්තු වෙනවද ආශව අයියා ප්ලේ කරද්දි? අයි මීන්...මට එවෙලෙ අම්මා හිටියනම් කියලා හිතුනා මම දිහා බලාගෙන.මම ඒක අම්මට කිව්වට පස්සෙ එයා මගෙ ඊලග මැචස් ඔක්කොටම වගේ පිට රටට පවා ආවා"

"හ්ම්ම්ම්.....අපි හැමෝටම ඒ වගේ හිතට ශක්තියක් දෙන කෙනෙක් ඉන්නවනෙ"

"ඔයා ලේසියෙන් කිසිම දෙයක් කියන්නෑ නේද අයියෙ?"

"සමහර දේවල් තියෙනවා හංගගන්න තරමට ලස්සන වෙන...මම හංගන දේවල් මම ලගම විතරක් තියෙන්න ඕනි කියලා හිතෙන තරම් ලස්සන ඒවා"

"ලස්සන දේවල් වෙන්න ඇති...මටත් හිතෙනවා"

ලියෝන් කිව්වෙ ආශවගෙ දිලිසෙන ඇස් දෙක දිහා බලාගෙන.සමහර දේවල් කියද්දි ආශවගෙ ඇස් දිලිසෙන විදියට ලියෝන් හරියට ආසා කලා.අහම්බෙන් වගේ දවසක් ආශවගෙ දුරකථනයේ හෝම් ස්ක්‍රීනය ඇහැ ගැටුණු ලියෝන් හරියට මූණ නොපෙනුනාට එතන ඉන්නෙ ආශව සහ තව කෙනෙක් කියන එක තේරුම් ගත්තා.ඒ කෙනා ගැහැනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එක තේරුම් නොගත්තු ලියෝන්ට තේරුණු එකම දේ ඒ කවුරු උනත් ඒ ඉන්නෙ ආශවගෙ ඇස් දිලිසෙන්න තියෙන හේතුව කියන එක.

"ආයෙ ප්‍රැක්ටිස් හවස දායි වගේ"

"ඇයි ඒ?"

"අර අහස....වැස්සක් වැටෙයි වගේ අයියෙ...වැස්සොත් හොදයි අනේ.හරි මහන්සියි මේ ටිකේ එක දිගටම ප්‍රැක්ටිස් වෙලා"

ලියෝන්ගෙ තොර තෝංචියක් නැති කියවිල්ල ආශවට මතක් කලේම දිවාෂව.දිවාෂ තරම් නැති උනත් ලියෝන් සෑහෙන්න කටකාරයෙක් උනා.සමහරවිට ලියෝන්ගෙන් දිවාෂව විද්‍යාමාන වීම හා සනුකගෙන් දෙවින්ව විද්‍යාමාන වීම නිසා හෝ වේවා ආශව කණ්ඩායමේ අනික් අයට වඩා ඒ දෙන්නට සමීප වුණා.මිනිස්සුන්ව අදුනගන්න හොද හැකියාවක් තිබ්බ ආශව මේ දවස් කීපය තුලදි ලියෝන් සනුක දෙන්නා හොද මිනිස්සු කියන එක තේරුම් අරං හිටියා.

"ආශව.....ඩෝම් එකට යං.වැස්ස නොතිබ්බොත් හවස ප්‍රැක්ටිස් කරමු කිව්වා කෝච්.දැන් යමු"

"මම කිව්වනේ"

සනුක ආශව ලගට ඇවිත් කියද්දි ලියෝන් නට නට ආශව දිහා බලද්දි ආශව ඔලුව වනලා බෑගය තමන්ගෙ කරට දාගත්තා.කට්ටිය එක්කම නවාතැන් අරං ඉන්න හොස්ටලය වෙත ඇදෙද්දි ආශව සනුකලාගෙන් සමු අරං පාරෙ අනික් පැත්තට දිව්වා.ආශව ගිය පැත්ත දිහා බැලුව සනුක ලියෝන්ට අනික් අය එක්ක යන්න කියන ගමන් ආශවගෙ පිටිපස්සෙන් දිව්වෙ කණ්ඩායම් නායකයා විදියට හැමෝගෙම ආරක්ෂාව ගැන තමන්ට වගකීමක් තියෙන නිසා වගේම,ආශව කියන්නෙ තමන්ට සමීපයි කියලා දැනුනු යාලුවෙක් උනු නිසා.

"මේකා දෙමල කෙල්ලෙක්වවත් සෙට් කරංද?"

සනුකට මිමිණුනේ කෝවිල ලඟ මල් කඩේට වෙලා හිටං ඉන්න ආශවව දැකලා.කඩේ මනුස්සයට මොකක් හරි කිව්ව ආශව රුපියල් සීයක් දික් කරලා මල් අහුරක් තමන්ගෙ අතට ගන්න හැටි සනුක බලාගෙන හිටියා.මල් ටික අරගෙන කඩේ ලගින් ටිකක් මෙහාට ආව ආශව තමන්ගෙ අතේ තිබ්බ මල් අහුරෙ නාහෙ ලගට ලං කරලා ලොකු හුස්මක් උඩට අදින හැටිත් හරි කලාතුරකින් දකින්න පුළුවන් ආශවගෙ හිනාව ඒ වෙලාවෙ මතු උනු හැටියි සනුක බලාගෙන හිටියා.

"ආහ්! සනුක මොකෝ මෙතන?"

"උබලා හැමෝම ගැන රෙස්පොන්සිබිලිටි එක තියෙන්නෙ මට කියලා අමතක උනාද? ආශව නිකං පිස්සු හැදිලා වගේ මේ පැත්තට දුවං එද්දි මාත් පස්සෙන් ආවෙ ඒකයි"

"ආහ්....යං එහෙනම්"

"මේ මොනාද ආශව මල් ජාතිය?"

"ගැටපිච්ච"

"ආශවගෙ ඇද ලග තියෙන ටේබල් එක උඩ තියෙන්නෙ ඔව්වා නේද හැමදාම? එතකොට මෙතනින්ද එව්ව ගන්නෙ?"

"ඕ ඕ"

"හරි අමුතුයි"

"ඇයි?"

"ආශව වගේ දරදඩු මනුස්සයෙක් මල් ගන්නවා කිව්වම...ඒකත් පුරුද්ද විදියට?"

"මල් නෙවෙයි සනුක....මම ගන්නෙ ගැටපිච්ච විතරයි"

"ඔව්.....ඒත් ඒක අමුතුයි වගේ"

"ඕනිම දරදඩු මිනිහෙක්ව උනත් මෙලෙක් කරන්න පුළුවන් දේවල් තියෙනවා සනුක....හරියට ගැටපිච්ච සුවද මාව මෙලෙක් කරනවා වගේ"

"ආශවට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා නේද?"

"හ්ම්ම්ම්.....ඔව්"

"ඔයා ඒ ගැන අපිට කියලා නෑනෙ"

"මම ආසයි එයාව ලෝකෙන්ම හංගගන්න තිබ්බනම්....සනුක දන්නවද? එයා හරි සුවදයි....හරි සිනිදුයි...හරි මෙලෙකයි.හයියෙන් ඇල්ලුවත් රිදෙයිද කියලා හිතෙන තරමට සියුමැලියි....හරි අහිංසකයි....ලෝකෙ හැම මනුස්සයෙක්ගෙම තියෙන හොද ටික ඔක්කෝම එකට එකතු වෙලා එයාට ලැබිලා තියෙනවා....මේ ලෝකෙ ඉන්න හොදම,ආදරණීයම,ලස්සනම මනුස්සයා එයා.....එයා මේ ලෝකෙට ගැලපෙන කෙනෙකුත් නෙවෙයි"

"එහෙම අය ඇත්තටම ඉන්නවද ආශව?"

"ඔය ප්‍රශ්නෙ වෙලාවකට මගෙ හිතටත් දැනෙනවා....මම එයාව අල්ලලා බලනවා එවෙලෙට,ඇත්තටම එයා එතන ඉන්නවද කියලා....එයා මිරැකල් එකක් වගේ සනුක...මම අද මෙතන ඉන්න හේතුවත් එයා....මට වෙලාවකට හිතෙනවා පුංචි කාලෙ අපි අහන සුරංගනා කතා ඇත්තද කියලා එයාව දකිද්දි....එයා දිව්‍යලෝකෙන් මෙහෙට ගෙනත් දාපු පුංචි සුරංගනා පැටියෙක්ද කියලා හිතෙනවා මට වෙලාවකට"

"මමත් ආසයි ඒ කවුද කියලා දැනගන්න....ඔච්චර දේවල් කිව්ව එකේ කෙනාව පෙන්නපංකො"

"මම කලිනුත් කිව්වෙ....මට ඕනි එයාව මගෙ අත් අස්සෙ හංගන් තියාගන්න.....ඒ නිසා එයාම ඔයාලට පේන්න එනකං මම එයාව හංගන් ඉන්නවා"

"උඹ නොසෑහෙන්න ලව් කරනවා වගේ"

"ඔව්....ආදරේ කරනවා කියනවටත් වඩා ගැලපෙන්නෙ මම එතන ජීවත් වෙනවා කියන එක.මගෙ මුළු ජීවිතේම තියෙන්නෙ ඒ පුංචි අත් දෙක උඩ"

"දවසක ඒ වාසනාවන්ත කෙනාව බලන්න පුළුවන් වෙයි නේද මටත්?"

"සමහරවිට"

ආශවගෙ කරවටින් අතක් දාගත්තු සනුක ආශව එක්ක ඉස්සරහට ඇවිදන් යද්දි නේත්‍රව මතක් වෙලා හිනා වුණු ආශවත් ලාවට හිනාවෙන ගමන් සනුක එක්ක ඇවිදන් ගියා.තමන්ගෙ කාමරය පවා ආශවට බෙදාගන්න වෙල තිබ්බෙ සනුක එක්ක.ඒකත් ආශව සනුකව ලං කරගන්න එක හේතුවක් උනා.නානකාමරේට වැදිලා නාගත්තු ආශව ඇදුමකුත් ඇදන් කාමරේට එද්දි සනුක නානකාමරේට රිංගුවා.

කාමරේ වීදුරු ජනේලෙ ඇරිය ආශව අහසින් වැටෙන වැහිබිඳු දිහා බලාගෙන හිටියා.නුවරට වඩා මොකක්දෝ මංදා හුස්ම හිරකරවන ගතියක් ආශවට කොළඹට ඇතුල් උනු වෙලේ ඉදලා දැනුනා.කොළපාටින් පිරුණු ගම්මානයක වැඩිකාලයක් ජීවත් වුණු ආශවට ඇත්තටම මේ කොන්ක්‍රීට් වනාන්තරය අස්සෙ කිසිම ලස්සනක්,සැහැල්ලුවක් දැනුනෙ නැහැ.ලොකු හුස්මක් ගත්තු ආශව තමන්ගෙ අතේ තියෙන ගැටපිච්ච මල එක අතකින් අල්ලන් අනික් අතින් ජනේලෙන් එලියට වැටෙන වැහිබිංදුවල පහස ලබන්න සූදානම් වුණා.

"සුදුබේබී....."

ආශවට ඇහුනෙ නේත්‍රගෙ කටහඩ.නේත්‍ර මෙහෙ එන්න විදියක් නැති බව දන්න නිසා ආශව ඇස් දෙක පියාගෙන ආයෙ ආයෙ පුංචි එකාගෙ කටහඩ අහන්න පෙරුම් පිරුවා.නේත්‍රගෙ මතක වලින් ආශවගෙ ඔලුගෙඩිය පිරෙද්දි හිනා උනු ආශව බැලුවෙ ධාරානිපාතෙට කඩං වැටෙන වැස්ස දිහා.ආශවගෙ ඉදිරියෙ තිබ්බෙ තණකොල වවලා බංකු තියලා තිබ්බ ලස්සන බිම් කොටසක්.එකපාරටම ඒ මැද්දෙන් පුංචි කොට කලිසමකට ලොකු කමිසයක් ඇදන් වැස්සෙ නටන අවුරුදු දහයෙ පුංචි නේත්‍රව මැවෙන්න ගනිද්දි ආශව අවුරුදු ගාණක් පරණ අතීතෙට හෙමින් සැරේ පියමං කලා.

"නේත්‍ර!"

"ස්....සුදුබේබි"

ඒ කාලෙ වැහි දවසක සුදුබේබි මුළුතැන්ගෙයි පැත්තට ගියේ බඩගින්නක් දැනුනු නිසා.මුළුතැන්ගෙයි පැත්තට ගියාට හුරුපුරුදු සුවදක් දැනුනු නිසා ආව වැඩේ අමතක කල සුදුබේබි මුළුතැන්ගෙයි උන්නු සේවයකයන් දිහා බලන්නවත් මහන්සි නොවී පිලිකන්නට එබුනා.ඔලුවෙ ඉදන් වතුර නාගෙන පිලිකන්නට වෙලා ඉදගෙන තමන්ගෙ චුට්ටං අත් වලින් කකුල් දෙකයි අත් දෙකයි කහ කහ ඉන්න නේත්‍රව දැක්ක ගමන් සුදුබේබිට දෙලෝ රත් උනේ පොඩි එකා වැස්සෙ තෙමිලත් මෙලෝ ගාණක් නැතුව ඉන්න හැටි දැකලා.

"ඔයාව තෙමිලා! එන්න යං"

"ක්...කහනවා සුදුබේබි....මම කහගෙන එන්නම්....සුදුබේබි යන්න"

"මම කහන්න කලින් එන්නයි කිව්වෙ මම එක්ක යන්න! පුංචි උනාට ඔයා හිතුවක්කාර වෙන්න එපා නේත්‍ර...කෝ යං"

ආශව සැර කරද්දි තොල් දෙකත් නොපිටට පෙරලගත්තු පුංචි එකා අතපය කස කසම සුදුබේබිගෙ පස්සෙන් වැටුණා.කාමරේට ගිය සුදුබේබි ඔක්කොටම කලින් නේත්‍රට ඇදුම් ගලවන්න කියලා මැනුවෙල්ට කෑ ගැහුවෙ තමන්ට නාගන්න උණු වතුර ටිකක් ගේන්න කියලා. කොයි වෙලෙත් පිලිකන්න පැත්තෙ නැටවෙන වතුර මුට්ටියෙ ගින්දර වැස්ස නිසා නිවිලා තිබ්බත් වතුර හොදට රත් වෙලා තිබ්බ හන්දා මැනුවෙල් වතුර බාල්දියක් දෙකක් උඩ තට්ටුවට ඇදලා දුන්නා.

"ගිහින් නාගන්න නේත්‍ර....වැහි වතුර ඇගේ තියං හිටියොත් හරි ශෝක්! යන්නකො කිව්වම අහලා"

"ඇඳුමක් නෑ නේත්‍රට....තුවායකුත් නෑ නේත්‍රට"

"දෙකම සුදුබේබි දෙන්නම්....නේත්‍ර ගිහින් නාගන්නකො"

නේත්‍රව නාන කාමරේ ඇතුලට යවපු සුදුබේබි නේත්‍ර නාගන්නකං තමන්ගෙ කලිසමක් හෙව්වා.අන්තිමේදි තමන් කාලෙකට කලින් ඇන්ද කලිසමක් හොයාගෙන ඒක නේත්‍රට ඇති වෙයි කියලා හිතුවෙ නේත්‍ර තමන්ට වඩා හුගක් පුංචි හන්දා.ටික වෙලාවකින් නානකාමරේ දොර ඇරෙනවත් ඒ දොර අස්සෙන් පුංචි හා මූණක් එලියට එබෙනවත් දැක්ක සුදුබේබිට හිනා ගියා.

"සුදුබේබි....නාලා ඉවරයි"

"නාලා ඉවරනම් එන්න එලියට"

"හෑයියා සුදුබේබි....නේත්‍ර ඉන්නෙ හෙලුබැල්ලෙන්නෙ"

"ආ තුවායයි ඇඳුනුයි....ඉක්මනට ඇඟයි ඔලුවයි පිහිදන් ඕක ඇදන් එලියට එන්න නේත්‍ර"

ඔලුව උඩ පහල වැනුව පුංචි එකා ආශව දික් කෙරුව බඩු ටිකත් අරං ආයෙමත් දොර වහගත්තා.ටික වෙලාවකින් එලියට ආව නේත්‍ර සුදුබේබිගෙ කකුල් දෙක ලග ඉදගනිද්දි ඊලගට කරන්න ඕනි දේ දැනන් උන්නු සුදුබේබි නේත්‍රගෙ අතින් තුවාය අරං බෙල්ල ලඟටම වැවිලා තිබ්බ නේත්‍රගෙ කොණ්ඩෙ පරිස්සමට පිහදන්න ගත්තා.සුදුබේබි කොණ්ඩෙ පිහිනකං නේත්‍ර කලේම තමන්ගෙ අතපය හතර කස කස හිටපු එකමයි.කොණ්ඩෙ හොදට වේලෙන්න පිහපු සුදුබේබි නේත්‍රව උස්සලා අරං තමන්ගෙ ඔඩොක්කෙන් තියාගත්තා.

"කසන්නෙ මොකෝ නේත්‍ර? ම්ම්ම්"

බෝල ගෙඩිය වගේ උන්නු නේත්‍ර සුදුබේබිගෙ උකුල උඩට වෙලා තමන්ගෙ චුට්ටං අත් දෙකේ ඇගිලි එක්ක සෙල්ලම් කර කර උන්නා මිසක සුදුබේබිට උත්තරයක්නම් දුන්නෑ.ටික වෙලාවකින් බෝල ඇස් දෙක හෙමින් සැරේ උස්සලා සුදුබේබි දිහා හොරෙන් බැලුව නේත්‍ර ඒ තත්පරෙන් ආයෙමත් බිම බලන් ඇගිලි සෙල්ලම් කරන්න ගත්තා.තමන්ගෙ උකුලට වෙලා කකුල් දෙක පද්ද පද්ද ඉන්න නේත්‍රගෙ පුංචි කකුලක් උඩට අරං බැලුව සුදුබේබි දැක්කෙ ඒ කකුල් වල දාලා තිබ්බ පුංචි පුංචි බිබිලි.නේත්‍ර සුදු නිසා වගේම කසපු කැසිල්ලෙ වේගෙට නේත්‍රගෙ අත පය රතු ගැහිලා තිබ්බා.

"කොහෙද ගියේ ම්ම්ම්?"

"..............."

"කැළෑ පැන්නා නේද අදත්?"

"............."

"අද මොනා කඩන්නද ගියේ?"

"..........."

"නේත්‍ර,සුදුබේබි ඔයාට කතා කරනවා ඇහෙන්නෙ නැද්ද?"

"ඇ...හෙනවා සුදුබේබි"

තොල් දෙක නොපිට පෙරලගත්තු පුංචි එකා මුමුණලා ආයෙමත් කසන්න ගනිද්දි ආශව නේත්‍රව ඉණෙන් උස්සලා තව ටිකක් තමන්ට ලං කරගත්තා.

"උත්තර දෙන්න එහෙනම්"

"හ්...හිඹුටුයි මාදමුයි කඩන්න ගියේ සුදුබේබි"

"තනියම?"

"ඔ....ඔව් සුදුබේබි"

"පළු දැම්මෙ මොනා වෙලාද?"

"ද්...දැළඹුවො වගයක් ගෑවුනා මයෙ හිතේ සුදුබේබි....එවෙලෙ ඉදන් කසනවා...කසනවා...කසනවා...නේට්ටගෙ අතපය කසනවා ඉවරයක් නෑ"

"හොද වැඩේ කැළෑ පයිනවට.ඔහොම ඉන්න....ඔව්වට ගාන ක්‍රීම් එකක් තිබ්බා මම ලග"

නේත්‍රව උස්සලා ඇඳ උඩින් තිබ්බ ආශව තමන්ගෙ කාමරේ මේසෙ කොණක තිබ්බ පෙට්ටියක් අවුස්සලා අරං ආව ක්‍රීම් බෝතලයෙන් නේත්‍රගෙ පළු දාලා තිබ්බ තැන් වල බින්දු බින්දු ආලේප කරන්න පටන් ගත්තා.ටිකකින් නේත්‍රගෙ ඇගේම ක්‍රීම් ආලේප කරලා අවසන් කෙරුව ආශව ක්‍රීම් ටික වේලෙනකං නේත්‍රව තමන්ගෙ පුටුවෙන් ඉන්දෙව්වා.කලින් බඩගිනියි කිව්ව හන්දා කිරි වීදුරුවක් එක්ක කැවුම් වගයක් අරං ආව මැනුවෙල්ට කෑ ගැහුව ආශව තමන්ට මෙවෙලෙ කිරි බොන්න ප්‍රියත්වයක් නැති වගත් කිරි කෝපි එකක් රැගෙන එන්න කියලත් දැනුම් දීලා කිරි වීදුරුවත් අතට ගත්තා.

"සුදුබේබි දෙන්න මම ඕක පහලට ගෙනියන්නම්"

"එපා! මමම මේක විසික්කරන්නම්!"

මැනුවෙල්ගෙ මූණටම කෑ ගැහුව පුංචි මුදියන්සෙ කාමරේ දොර වහගනිද්දි ඔලුවත් දෙපැත්තට වන වනම මැනුවෙල් පහලට බැස්සා.ක්‍රීම් ටික වේලෙනකල් කකුල් දෙකත් පුටුව උඩ එරමිණියා ගොතාගෙන ඉදගෙන සුදුබේබිගෙ පොතක් පෙරල පෙරල ඉන්න පුංචි නේත්‍ර ලඟට ලං උනු සුදුබේබි කිරි වීදුරුව නේත්‍ර ලගින් තිබ්බා.

"සුදුබේබි මේ ලියලා තියෙන යාලුවා මමද?"

"ඔව්.....මට ඉන්නෙ නේත්‍ර විතරයිනෙ"

සුදුබේබිගෙ උත්තරේ එක්ක හුරතලේට හිනා උනු පුංචි එකා අත්පුඩියක් ගහලා සුදුබේබිව තුරුල් කරගත්තා.කිරි වීදුරුව නේත්‍රට ලං කලත් අත් වලත් තියෙන ක්‍රීම් පෙන්නුව නේත්‍ර තොල් නොපිටට පෙරලගනිද්දි සුදුබේබි කිරි වීදුරුව පරිස්සමට නේත්‍රට පොවන්න ගත්තා.ඒත් එක්කම මැනුවෙල්ගෙ කටහඩ දොර ලගින් ඇහුනු හන්දා දොර බාගෙට ඇරලා කිරි කෝපි එක අතට ගත්තු සුදුබේබි මැනුවෙල්ගෙ මූණටම දොර වහලා ආයෙ නේත්‍ර ලගට ගිහින් කිරි එක පොවලා ඉවර කලා.

"හාච්චෝංං"

"ආ....දැන් හරිනෙ නේත්‍ර.....වැස්සෙ තෙමෙනවා....ඊලගට නහයෙ හොටු.කෝ එන්න නාහෙ පිහින්න"

බොත්තම් නාහෙ අතුල්ල අතුල්ල ඒකත් රතු කරං කිඹුහුම් අරින නේත්‍ර ලගට ගිය සුදුබේබි තමන්ගෙ කබඩයෙ තිබ්බ ලේන්සුවක් අරං නේත්‍රගෙ නහය හූරවලා දැම්මා.රතු උනු මූණෙන්ම සුදුබේබි දිහා බලලා හිනා උනු නේත්‍ර ආයෙමත් බිම බලාගනිද්දි නේත්‍රගෙ කිහිලි යටින් අත යවපු සුදුබේබි නේත්‍රව වඩාගෙන ඇවිත් ඇදේ ඇල කෙරෙව්වා.අතපය වල ගාලා තිබ්බ ක්‍රීම් ටික වේලිලා තිබ්බ නිසා පුංචි එකාව ඇදේ ඇල කෙරෙව්ව ආශව නේත්‍ර ලගින්ම ඉදගනිද්දි පපුවට තමන්ගෙ පුංචි ඇඟිලි වලින් තට්ටු දදා උන්නු නේත්‍ර සුදුබේබි දිහා බලලා තමන්ගෙ හා දත් දෙක එලියට දැම්මා.

"කැසිල්ල අඩුයිද දැන්"

"ඔව් සුදුබේබි.....දැන් කහන්නෑ"

"කහන්නෑ තමා! ආයෙ යන්නෙ එහෙම නෑ ඕවයෙ.යන්න ඕන්නම් අත් දිග ටී ෂර්ට් එකකුයි දිග කලිසමකුයි ඇදන් යන්න ඕනි.තේරුනාද?"

"ඔව් සුදුබේබි....ආයෙ නේත්‍ර මේ වගේ නොයා ඉන්නම්"

තොල් දෙකත් උල් කර කර කියවන නේත්‍ර දිහා බලන් උන්නු සුදුබේබි නේත්‍රගෙ පිරුණු කම්මුල් දෙක තමන්ගෙ අත් අතරට අරං නේත්‍රගෙ මූණට නැවුණා.නේත්‍රගෙ බොත්තම් නාහෙ උඩින් තමන්ගෙ නාහෙ තද කෙරෙව්ව සුදුබේබි නාස් දෙක එකට ගාවන්න ගනිද්දි පුංචි එකා හරි හරියට හිනා උනා.ටික වෙලාවක් යනකං නේත්‍රව හුරතල් කරපු සුදුබේබි තේ කෝප්ප දෙක දොරෙන් එලියෙ තියලා දොර අගුළුදාලා වහලා එද්දි පුංචි නේත්‍ර පුළුං බෝලයක් වගේ ඇඳ ඇතිරිල්ල අස්සෙ ගුලි ගැහිලා හිටියා.

"සීතලද නේත්‍ර?"

"ඔව් සුදුබේබි....සීතයි"

නේත්‍ර ලගින්ම ඇඳේ ඇලවුණු සුදුබේබිත් නේත්‍ර ගුලි ගැහිලා උන්නු ඇතිරිල්ල ඇතුලටම ගිහින් පුංචි එකාව තුරුල් කරගත්තා.සුදුබේබිගෙ උණුහුම හරි හරියට හොයන පුංචි නේත්‍ර ආශවට තව ටිකක් ලං වෙද්දි නේත්‍රගෙ කකුල් දෙක උඩින් තමන්ගෙ කකුලක් දාලා නේත්‍රව හිර කරගත්තු ආශව පුළුවන් තරම් නේත්‍රව තමන්ට ලං කරගත්තා.දවසම දඟලලා දඟලලා මහන්සි හන්දයි සුදුබේබිගෙ උණුහුම හන්දයි නේත්‍රහෙ ඇස් හෙමින් සැරේ පියවිලා යද්දි සුදුබේබි පුළුවන් තරම් පුංචි එකාට තමන්ගෙ උණුහුම දෙන ගමන් හිටියා.

"සීතයි...සීතයි....සීඊඊඊඊඊඊතයි.....නේට්ටට සීතයි"

"සීත නැති වෙයි නේත්‍ර....මම ඉන්නවනෙ.ඔයා දොයියගන්න"

නේත්‍රව තමන්ගෙ පපුවටම තුරුල් කරගත්තු සුදුබේබි නේත්‍රගෙ පස්සට තට්ටු දාන්න ගනිද්දි පුංචි එකාත් හරිබරි ගැහිලා සුදුබේබිගෙ පපුව උඩින්ම ඇස් දෙක පියාගත්තා.එලියෙන් ගහන අකුණු නේත්‍රට නෑහෙන්න නිරාවරණය වෙලා තිබ්බ නේත්‍රගෙ කන උඩින් තමන්ගෙ නිදහස් අත තිබ්බ සුදුබේබි සෑහීමකට පත් උනේ අනික් කන තමන්ගෙ පපුවට තද වෙලා තිබ්බ හන්දා.ටික වෙලාවක් යද්දි පපුව හරියෙ දැනුනු තෙත ගතිය නිසා සුදුබේබි ඔලුව උස්සලා නේත්‍ර දිහා බැලුවා.

"අනේ...මගෙ බටු ඇටේ කෙල පෙරනවනෙ!"

කටත් බාගෙට ඇරගෙන තමන්ගෙ පපුව උඩ කෙල වක්කරන නේත්‍රව දැක්ක සුදුබේබි ආදරෙන් හිනා වෙලා තමන්ගෙ පපුව උඩ ගුලි වෙලා තිබ්බ නේත්‍රගෙ චුට්ටං අතක් උඩින් හාද්දක් තිබ්බා.නේත්‍රව තව ටිකක් උස්සලා තමන්ගෙ මූණ ලගට ලං කරගත්තු සුදුබේබි නේත්‍ර ඇහැරෙන්නෙ නැති විදියට හෙමින් සැරේ පුංචි එකාගෙ හීතල වෙලා ගිය කම්මුලක් සිපගනිද්දි පොඩිත්තා නින්දෙන්ම හිනා උනා.නේත්‍රගෙ කෙල පවා තාම කිරි සුවද බව දැනන් උන්නු සුදුබේබිට නේත්‍රගෙ ලගින් හමන ගැටපිච්ච සුවද තව දුරටත් ඉවසන් ඉන්න බැරි උනා.ඒ හන්දා නේත්‍රව තද කරලා බදාගත්ත ආශව පුංචි එකාගෙ පිරුණු මූණම තමන්ගෙ හාදු වලින් පුරවලා බෝලෙට පිම්බිලා තිබ්බ නේත්‍රගෙ කම්මුලක් උඩින්ම තොල් තද කරලා ඇස් පියාගත්තා.

"ආශව මොනාහරි මතක් කරනවා වගේ....."

"ඔව්.....පුංචි කාලෙ මතක් උනා"

"ආශවගෙ පුංචි කාලෙ ලස්සන ඇති එහෙනම්"

"ඔව්....කෙනෙක් නිසා ලස්සන උනා.සනුක වොශ් කරගෙන ඉවරද?"

"ඔව් ආශවයා ඇයි?"

"නෑ....මම කෝල් එකක් ගන්න යනවා.කෝච් මොනාහරි කිව්වොත් මට කතා කරනවද?"

"කොහෙටද යන්නෙ උඹ?"

"මම මෙතන පිටිපස්සට යන්නම්...ටිකක් නිදහසේ කතා කරන්න ඕනි"

"හරි ආශව....මම කියන්නම් පණිවිඩයක් ආවොත්"

සනුකට ඔලුව වැනුව ආශව ගියේ තමන්ගෙ කාමර තිබ්බ තැන පිටිපස්සට.කොරිඩෝවක් වගේ සකස් කරල තිබ්බ ඒ තැන සිමෙන්ති බංකුවක් තියලා තිබ්බා.වැස්ස හන්දා හිරිකිඩ වැදිලා ඒ හරිය ලාවට තෙත් වෙලා තිබ්බත් අතින් බංකුව පිහිදුව ආශව එතනින් ඉදගෙන තමන්ගෙ දුරකථනෙ අතට ගත්තා.දෙවින්ට දුරකථන ඇමතුම අරගෙන පැයකටත් වඩා කාලෙ ගත වෙලා තිබ්බත් තවමත් නේත්‍රගෙන් ඇමතුමක් නැති නිසා දත්මිටි කාගත්තු ආශව ආයෙමත් දිවාෂට ගත්තෙ නේත්‍රගෙ දුරකතනෙ වැඩ නැති නිසා.

"හෙලෝ ආසව....."

"මට මුකුත් අහන්න ඕන්නෑ! නේත්‍රට දෙනවා ෆෝන් එක!"

"චූචියා නම් බාත්තූම් එකේ අනේ"

"දිවාෂ මල්ලි! තට්ටු කරලා හරි දෙනවා ඕක නේත්‍රට! නැත්තං මම තව පැයක් එකහමාරක් ඇතුලත නුවර ඉදියි!"

"කෑගහන්නෙපා ආසව....ආ ඉන්න.චූචියා ආවා එලියට"

ආශව තමන්ගෙ නලල මිරිකගද්දි නුවර හිටිය දිවාෂත් තමන්ගෙ නලල මිරිකගත්තා.ඇදේ උඩුබැලි අතට වැතිරිලා නොසෑහෙන්න දුර්වල වෙලා මලාණික බැල්මකින් තමන් දිහා බලන් හිටිය නේත්‍රගෙ අතට දුරකතනෙ දුන්නත් දුරකථනෙ අල්ලගන්න තරම් පුලුවන්කමක් නේත්‍රට තිබුනෙ නැහැ.නේත්‍රගෙ කනට කරලා 'සුදුබේබි කතා කරන්නෙ' කියලා නේත්‍ර කියද්දි නේත්‍රගෙ මලාණික ඇස් වල තිබ්බ දිලිසීම එක්ක පුංචි එකා ඔලුව වැනුවා.

"ස්...සුදුබේබි"

"නේත්‍ර! නේත්‍ර! ඇයි.....ඇයි මම ගැන දැන දැනම මාව මෙහෙම බය කලේ!!! උඹ දන්නෑ මගෙ පපුවට දැනුයි සහනයක් හම්බ උනේ!...ආයෙ ඔහොම කරන්න එපා නේත්‍ර"

"ස්....සමාවෙ...න්න සුදුබේබි"

"නේත්‍ර....මොකෝ මැණිකෙ අමුතුවට කතා කරන්නෙ? සනීප නැද්ද ඔයාට! ආ නේත්‍ර"

"ඊ...යෙ වැස්සෙ තෙමුණා සුදුබේබි....හෙම්බිරිස්සාව"

"ඒකද මේ.....ඇයි මැණිකෙ ඊයෙ ඉදලා කතා නොකලෙ...සුදුබේබි ගැන දන්නෙ නැද්ද ඔයා?"

"ස්....සමාවෙන්න සුදුබේබි....ආයෙ...එහෙම වෙන්නෙ නෑ"

"හ්ම්ම්.....ඔයාට කතා කරන්න අමාරුයි වගේ නේද නේත්‍ර....බේත් ගත්තද?"

"ගත්තා සුදුබේබි"

"හ්ම්ම්ම්......ඔයා නැතුව හුගක් පාළුයි නේත්‍ර...ඔයාට අමාරුයි වගේ නිසා තියන්නද මම?"

"එ....ප්පා....සුදුබේබි....මට අහන් ඉන්න ඕනි.....සුදුබේබි කතා කරන්නකො"

නේත්‍රගෙ විඩාබර හඩ එක්ක ආශවගෙ හිතට දැනුනෙ ලොකු දුකක්.නේත්‍රට කතා කරන්න අමාරු නහය හිර වෙන ගතිය නිසා වෙන්න ඇති කියලා කල්පනා කෙරුව ආශව නේත්‍රගෙ ඉල්ලීම එක්ක කතා කරන්න ගත්තා.හූමිටි තිය තිය ආශවගෙ කතාව අහන් උන්නු නේත්‍ර කඩින් කඩ පුංචි පුංචි දේවල් කියන ගමන් ආශව එක්ක හරි ආසාවෙන් කතා කලා.

"නේත්‍ර දන්නවද? මෙහෙට හෝ ගාලා වහිනවා...මම ඉන්න තැන හරිම අමුතු සුවදක් එන්නෙ...වැහි බින්දු වැටිලා පස් එක්ක එකතු වෙද්දි එන අමුතු සුවදෙන් මෙතන පිරිලා....නේත්‍රත් ඒ වගේ අමුතු සුවදවල් වලට ආසයි කියලා මට මතක් උනා"

"ස්....සුදුබේබි කමතෙන් එන සුවදට ආසයි වගේ"

"හ්ම්ම්ම්"

නේත්‍රව තවත් විඩාවට පත් කරන්න ඕනි උනේ නැති ආශව දුරකථන ඇමතුම විසන්ධි කලේ නේත්‍රට උපදෙස් ගොඩාක් දෙන ගමන්.දුරකථනෙ බංකුව උඩ තිබ්බ ආශව වහලෙන් වැටෙන වැහි බින්දු වලට තමන්ගෙ අත ඇල්ලුවා.නේත්‍රගෙ කටහඩ ඇහුව එකෙන් ආශවට ලැබිලා තිබ්බෙ ලොකු සැනසීමක්.කොරිඩෝවෙ තිබ්බ කණුවකට බර උන ආශව දෙයක් ගැන කල්පනා කරන්න ගත්තා.විටින් විටේ දුරකථනෙ දිහා බැලුව ආශව කල්පනාවෙම ගිලිලා බලාගෙන හිටියෙ ඈත අහස දිහා.

"ආශව...."

"ආ....ඕ සනුක"

"කට්ටිය සිංදු කියන්න හදන්නෙ....උඹත් යං"

"හරි...."

දුරකථනෙ සාක්කුවට දාගත්තු ආශව සනුකගෙ පස්සෙන් වැටෙද්දි සනුක ගියේ කට්ටියගෙ නවාතැනේ සාලයක් වගේ තිබ්බ කොටසට.කොල්ලො ඔක්කොමල්ලා පුටු වල ඉදන් හිටියෙ එලියෙ අකුණු ගහන නිසා.ලියෝන් ආශවටයි සනුකටයි තමන් ඉදන් හිටිය සෝෆාවෙම ඉඩක් තියාගෙන හිටිය නිසා ආශවටයි සනුකටයි ඉදගන්න තැනක් හොයන්න මහන්සි වෙන්න ඕනි උනේ නැහැ.කට්ටිය අතරින් සිංදු කියන්න පුළුවන් දෙතුන් දෙනා සිංදු කියද්දි අන්තිමටම කට්ටියගෙ අවධානෙ යොමු උනේ පාඩුවෙ ඉදගෙන ඉන්න ආශව දිහාවට.

"ආශවයා....සිංදුවක් කියමු"

"ඒ බෑ බෑ.....මට සිංදු කියන්න බෑ"

"යකෝ කතා කරද්දිත් හොද කටහඩක් තියෙනවා උඹට....ලියෝන් මේ ගිටාර් එක දීපං ආශවට"

"ආශ්...."

"කියපං කියපං"

කට්ටියගෙම පෙරැත්තෙ එක්ක ආශව ගිටාරය තමන්ගෙ අතට අරගෙන ඇස් දෙක තත්පර ගාණකට පියාගත්තා.ආශවට මතක් උනේ නේත්‍රගෙ මූණ.නේත්‍ර නැති කාංසිය නොසෑහෙන්න විදිමින් හිටිය ආශවගෙ විරහබර හඩ ලස්සනට අවධි වෙන්න ගත්තා.

"කවුළු පියන් පත් වහන්න

සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා

ළබැඳි තලාවේ

කවුළු පියන් පත් වහන්න

සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා

ළබැඳි තලාවේ......."

නේත්‍රගෙන් තාවකාලිකව හරි වෙන් වීමේ වේදනාවෙන් තැවෙන ආශව තමන්ගෙ වේදනාව ඒ පදවැල් අතරට හරි අපූරුවට එක්කාසු කලා.තමන්ගෙ ඇස් මායිමේ ගැටෙන්නෙ නැති තමන්ගෙ පුංචි එකාට මේ හඩ ඇහෙනවනම් තමන් කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා තේරුම් ගන්න අපහසු වෙන එකක් නෑ කියලා ආශවට පවා හිතුනා.

"විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි

ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි

මල් සුවඳ උරා ඇදී යන්නෙ බමරුන් කෝමැයි

සඳලු තලාවට පැල්පත දුර නම් බෝමැයි

කවුළු පියන් පත් වහන්න

සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා

ළබැඳි තලාවේ....."

තමන්ගෙ වටේ තියෙන සුන්දර දේවල් විදීමේ අවස්ථාවක් තමන්ට තිබුනත් ඒ කිසිම දේක ලස්සනක්,සුන්දරත්වයක් විදින්න තරම් මානසිකත්වයක් නොතිබ්බෙ ආශවගෙ හදවත නේත්‍රගෙ ඈත් වීම නිසා දැඩිවම පෙලෙන හන්දා.නේත්‍ර හිටියනම් විදින්න තිබ්බ හැම දෙයක්ම විදින්න තිබුනා උනාට දැන් තමන්ගෙ හදවත හිර වෙලා වගේ දැනෙන වග ආශව අපූරුවට පද පේලි අතරෙම නිදහස් කරලා දැම්මා.

"කිරි සිනා සලන සඳවත අහසෙම රැඳුනාවේ

ඉඟි මරන තරු කැලුම් අහසට නොම පෙනුනාවේ

සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ

කවුලු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ....

කවුළු පියන් පත් වහන්න

සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා

ළබැඳි තලාවේ

කවුළු පියන් පත් වහන්න

සඳලු තලාවේ

ඔබ දුරයි නෙතට මා සිටිනා

ළබැඳි තලාවේ......"

අවසාන කොටස් කියද්දි ආශවගෙ හඩ හුගාක් බර වෙලා තිබ්බා වගේම ඒ ඇස් වල තියෙන බලාපොරොත්තු සහගත බව ආශව දිහා ඇස් පිල්ලම් නොගහා බලන් උන්නු ලියෝන් පැහැදිලිවම දැක්කා.කිරි සිනහ සලන සදවත කියන කොටසත් එක්කම ආශවගෙ මූණෙ හැඟීම්බර හිනාවක් පහල උනේ නේත්‍රගෙ ආදරණීය හිනාවෙන් පිරුණු සුන්දර මූණ මතක් වෙද්දි.ඒ පද පේලි එක්ක ආශවට නේත්‍ර එක්ක ගත කල සුන්දර මොහොතවල් ඇස් ඉස්සරහම මැවිලා පේන්න ගත්තා.'කවුලු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ....' පද පේලිය අතිශය හැඟීම්බරව කිව්ව ආශව තමන්ව වීඩියෝ කර කර හිටිය සනුකගෙ දුරකථනය දිහා බැලුවා.නේත්‍රව ඉක්මනටම දකින්න තිබ්බ උවමනාව ඒ පද පේලිය අස්සෙන් ආශව පිට කලා වගේම නෙත් කැලුම් හමු උනාට පස්සෙ ඇතුලට හීතල හුලං හමං ආව කවුලුව වහලා දාන්න කියන හැඟීම ආශවගෙ ඇස් දෙකේ ඇදිලා තිබ්බා.

"වාහ් වාහ් වාහ්...."

"යකෝ පිස්සුනෙ මූට බෑ කිව්වෙ සිංදු කියන්න"

"උබට කෑල්ලක් ඉන්නවා නේහ් ආශවයා....ආ.ආ...."

"මූට හෙන විරහව කෑල්ල බලන්න බැරි නිසාද කොහෙද?"

"සනුකයා මාත් මේක ශෙයා කරනවා ඈහ්"

කට්ටියගෙන් ගීතයට පැසසුම් ලැබෙද්දි ආශව ලාවට හිනා වෙලා ඒ දේවල් පිලිගත්තා.ඒ තත්පරේට ආශව කිව්ව සිංදුවෙ වීඩියෝව සනුක ඉන්ස්ටග්‍රෑම් වෙත මුදාහරිද්දි අනික් කොල්ලො ටිකත් ඒ වැඩේම කරන්න ගත්තා.ඒත් එක්කම ඉදන් හිටිය තැනින් ආශව දිහා බලලා රවපු ආදිත්‍ය එතනින් එලියට යද්දි ආදිත්‍යගෙ යාලුවත් ඒ පිටිපස්සෙන්ම නැගිටලා යන හැටි ආශව බලාගෙන හිටියා.

"සනුක....."

හවස තේ වේල අවසන් කෙරුව ආශව සනුකට කතා කරද්දි ඈත බලන් හිටිය සනුක ආශව දිහා බලලා ඇයි කියලා අහන ගමන් ආශවගෙ කර වටේ අත දාගත්තා.පැය ගාණක වැස්සකට පස්සෙ අහසම දම් පාට වෙලා තිබ්බත් අතරින් පතර තැඹිලි පාට වීගෙන එන වලාකුළු කෑලි ආශවට පේන්න තිබ්බා.සාක්කුවට අත දාලා දුරකථනෙ එලියට ගත්තු ආශව බලාපොරොත්තු කඩ වුනු මුහුණකින් ආයෙමත් දුරකථනෙ සාක්කුවට දාගෙන සනුකට උත්තර දෙන්න ගත්තා.

"ආදිත්‍ය....ඌ මාත් එක්ක තරහා ඇයි?"

"උඹ දන්නෙ නැද්ද සිද්ධිය? මම හිතුවෙ දන්නවා ඇති කියලා"

"නෑ සනුක...මම මෙහෙට ආවට පස්සෙ තමා ආදිත්‍යව දන්නෙත්"

"ම්ම්ම්ම්.....උබ දිව්දේත්‍රාව දන්නවනෙ?"

"ඔව්..."

"උඹ ඒකිව දන්නෙ කොහොමද කියලා මම ඇහුවොත්....මට ඇත්තම කියන්න පුලුවන්ද උබට?"

සනුක ආශවගෙන් අහද්දි ටිකක් වෙලා සනුක දිහා බලන් හිටිය ආශව සනුකට ඔලුව වැනුවා.දෙන්නත් එක්ක එතන තිබ්බ කෙටි බිත්තිය උඩින් ඉදගෙන එලියට කකුල් දාගනිද්දි ආශව කතා කරන්න ගත්තා.

"දිව්දේත්‍රා මම එක්ක කතා කරන්න ඇවිත් තියෙනවා සනුක....මුලින් ඉන්ස්ට එකෙන් මැසේජ් දාලා තිබ්බා.මම ඔව්වට රිප්ලයි කරන කෙනෙක් නෙවේනෙ....ඊලගට නුවර ආවා...නුවර කියන්නෙ අපේ ඉස්කෝලෙ ලගදි අහම්බෙන් හම්බුනා වගේ මම එක්ක කතා කලා....ආයෙ බිග් මැච් බලන්න ඇවිත් තිබ්බා.එදා ආෆ්ට පාටි එකේදි කතා කලා.ඔන්න ඔච්චරයි මම එයාව දන්නෙ"

"සිරාවටම?"

"ඔව්...."

"ස්...සොරි ආශවයා එහෙනම්"

"ඇයි?"

"මම උනත්,මෙතන ඉන්න හුගක් අය උනත් හිතන් ඉන්නෙ දිව්දේත්‍රා උඹේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා"

"මොකක්! පිස්සුද? ගර්ල්ෆ්‍රෙන්ඩ් තියා මම ඒ කෙල්ල එක්ක හරියකට කතා කරලවත් නෑ"

ආශව කියද්දි සනුක ඔලුව වනලා ආශව දිහා බැලුවෙ ලොකු කතාවකට මුල පුරන්න වගේ.ආශව කියන්නෙ කොහොමත් අතිශය කෙලින් කතා කරන,වැඩ කරන මිනිහෙක් නිසා සනුකට ආශව ගැන විශ්වාස කරන්න දෙපාරක් හිතන්න ඕනි උනේ නැහැ.

"මම උබෙන් කලින් උනත් අච්චර ලවර් ගැන ඇහුවෙ ඔය ගිල්ටි එක මගෙ හිතේ තිබ්බ නිසා....උබ ඔච්චර හොද කියන කෙනා දිව්දේත්‍රා වෙන්න පුලුවන්ද කියන සැකේ මගෙ හිතට ආවා....මෙච්චර කල් ඒක එහෙමයි කියලා හිතාගෙන හිටියත් උඹ උබේ ලවර් ගැන කියන දේවල් එක්ක ඒ දිව්දේත්‍රා වෙන්න විදියක් නෑ කියලා මට හිතුනත් ඒක කෙලින්ම උඹෙන් අහන්න බැරි නිසයි මම කට වහං හිටියෙ"

"පැහැදිලිව කියපං සනුක...මොකද්ද මේ කතාව?"

"ආදිත්‍ය කියන්නෙ දිව්දේත්‍රාගෙ බෝයිෆ්‍රෙන්ඩ්....ආදිත්‍ය අන්ඩර් නයින්ටීම් තේරෙන්න උනත් ප්‍රධානම හේතුව උනේ ඒක....ආශව උනත් දකින්න ඇති...ආදිත්‍යට වඩා හැකියාව තියෙන අය එලියෙ ඉදන් ඉද්දි ආදිත්‍ය ලකුණට දෙකට අවුට් වෙලා යනවා"

"ම්ම්ම්ම්....ඔව්"

"හැමදේම ගිය අවුරුද්ද වෙනකං හොදට තිබ්බා....ආශවට මතකද ගිය අවුරුද්දෙ ආශව ගැන ආටිකල්ස් එහෙම ගියා දෙක තුනක්....ඔය කාලෙදිම වගේ දිව්දේත්‍රා ආශවව දැකලා තිබ්බා මෙහෙ ඔයාල ප්ලේ කරපු මැච් එකකදි"

"ආහ්හ්....හරි හරි"

"ඒකෙන් පස්සෙ ප්‍රශ්න පටන් අරං තිබ්බෙ.....දිව්දේත්‍රට ආශව ගැන හොයාගන්න ඒ හැටි මහන්සි වෙන්න වෙලා තිබුනෙ නැහැ....අන්තිමේදි ආදිත්‍ය එක්ක ඩේට් එකකට ගියත් දිව්දේත්‍රා කතා කරන්නෙ ආශව ගැනලු....ඔය ප්‍රශ්න එක්ක දිව්දේත්‍රා නුවර යන්න එන්නත් අරගෙන....ආදිත්‍ය දරං ඉන්න බැරිම තැන දවසක් බැනලා....එදා දිව්දේත්‍රා හේතුවක් කියලා කෙලින්ම බ්‍රේකප් වෙලා"

"හේතුවක්?"

"ආශව එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා කිව්වලු.....ඒ නිසා බ්‍රේකප් වෙමු කියලා තිබ්බා"

"යකෝ! මොකක් හරි ලෙඩක්ද දිව්දේත්‍රාට? එහෙම මේ කතාවත් නොකරපු කෙනෙක් ගැන එච්චර ලොකු දෙයක් කියන්න තරම්?"

"අනේ මංදා ආශව.....මටත් දැන් එහෙම් හිතෙනවා.උඹ ටීම් සිලෙක්ට් උනා කියලා කිව්වම ආදිත්‍යට මල පැන්නෙත් ඒකයි.ඌ හිතුවෙ දිව්දේත්‍රාගෙ හයියෙන් දාලා කියලා....ඒත් ඒක එහෙම නෑ වගේ"

"නෑ තමා....මට හයියක් ඇතුලෙන් ආව එක ඇත්තක්.ඒත් ඒ දිව්දේත්‍රා නෙවෙයි"

"ලියෝන් මොන හේතුවකට හරි ඕක පිලිගත්තෙ නැහැ....එයාලගෙ අයියා එහෙනම් කියනවා කියලා එයා කිව්වා....ඒකා විතරයි ඕක ගැන විශ්වාස නොකලේ....මම කට්ටියට කියන්නම් දිව්දේත්‍රාගෙ සිද්ධිය බොරුවක් කියලා.නැත්තං ආදිත්‍ය උනත් ප්‍රශ්න ඇති කරන්න ඉඩ තියෙනවා....මම කැමති නෑ ටීම් එක බෙදෙනවට"

"ඒක හොදයි....අනික මම දිව්දේත්‍රා වගේ කෙනෙක් එක්ක යාලුවෙන්නෙත් නෑ කොහොමත්....මම ආදරේ කරන මනුස්සයා එක්ක බලද්දි දිව්දේත්‍රා දූවිල්ලක් වගේවත් නෑ සනුක"

"එයා කාගෙ කවුද? ෂුවර් එකටම එහෙනම් ලංකාවෙ සෑහෙන්න ප්‍රසිද්ධ කෙනෙක්ගෙ ලමයෙක් වෙන්න ඇති....හැම අතින්ම පෝසත් කෙනෙක්?"

සනුකගෙ වචන එක්ක හිනා වුනු ආශව තමන්ගෙ කාමරේ පැත්තට යන්න හදලා ආයෙමත් සනුක දිහා බලලා කතා කලා.

"සනුක විශ්වාස කරනවනම් විශ්වාස කරන්න....එයා පෝසත් ආදරෙනුයි,හොද ගතිගුණ වලිනුයි විතරයි"

..............................................................................................

"නේත්‍ර....අනේ එක කටක් කන්නකො"

"එ....එපා දිවාෂ...ආයෙ වමනෙ යයි මට"

"එහෙනම් මේ සුප් එක බොන්නකො....ඔයා අර ආසම විදියට හැදුවෙ"

"එපා දිවාෂ"

"එහෙනම් ආප්පයක් කමු....තෙවින් ගිහින් දැන් අරං ආවෙ....ඔයා ආසම තැනින් ගෙනාවෙ...ලුණු මිරිසුත් තියේ....කමුකො චූචියො"

"එපා....අනේ මට පිරියක් නෑ"

"අනේ දැන් මොකද කරන්නෙ මම? මේකා කන්නෙ නෑනෙ"

නේත්‍ර ලගින් නැගිට්ට දිවාෂ කියද්දි තෙවින් බලාගෙන හිටියෙත් කරන්න දෙයක් හිතාගන්න බැරුව.දවල් දෙවින් සැර කරලා බත් වගයක් කවපු හන්දා දෙවින්ව දැක්කත් නේත්‍ර අඩන්න පටන් අරං තිබුනා.ඔය හේතුව හන්දා දෙවින් කාමරේට ආවෙම නැහැ.එලියෙ ඉදලා කරන්න ඕනි දේවල් කරලා දුන්නා මිසක පුංචි එකාව අඩවන්න දෙවින්ට උවමනා උනේ නැහැ.

උණ ගැනිල්ලත් එක්ක නේත්‍ර නොසෑහෙන්න දුර්වල වෙලා හිටියා.ඒකටත් හරියන්න එක්ක නේත්‍ර කෑම පවා කන්න සෑහෙන්නම හොර උනා.කන්නෙ බොන්නෙ නැතුව ඔහේ කල්පනා කරන එකයි,මේ කිසිම දෙයක් සුදුබේබිට කියන්න එපා කියලා කට්ටියව පොරොන්දු කරවගත්තු එකයි ඇරෙන්න නේත්‍ර වෙන කිසිම දෙයක් කරන්න මහන්සි උනේ නැහැ.තෙවින් උනත් නේත්‍ර දිහා බලන් හිටියෙ හරි වේදනාවෙන්.අතට ආප්පයක් ගත්තු තෙවින් නේත්‍රව ඇද විට්ටමට හේත්තු කරලා ඒක නේත්‍රගෙ අතටම දීලා කන්න කියලා බල කරද්දි දිවාෂත් නේත්‍රට කන් කෙදිරි ගාන්න ගත්තා.අන්තිමට ඔලුව වැනුව නේත්‍ර ආප්පෙන් චුට්ටං කෑලි කඩ කඩ කටට දාගනිද්දි දිවාෂ සැනසුම් හුස්මක් පහල දැම්මා.

"නේත්‍ර මල්ලි ඉස්සර අසනීප උනාමත් මෙහෙමද?"

"අසනීප උනු හැම වෙලේකම ආසවයා හිටියනෙ තෙවින්....ඒ නිසා ඔහොම දුර්වල උනේ නැහැ"

"පවු පොඩි එකා"

ආප්පෙ කාලා ආයෙමත් නින්දට වැටුනු නේත්‍ර දිහා බලලා තෙවින් මුමුණද්දි දිවාෂ නේත්‍රගෙ කෙස් අස්සෙන් තමන්ගෙ ඇගිලි අරං ගියා.

"ඉස්සර ආසවට අසනීපයක් උනත් අඩන්නෙ නේත්‍ර....තුවාල උනත් අඩන්නෙ නේත්‍ර....ගුටි කෑවත් අඩන්නෙ නේත්‍ර"

"සිරාවටම?"

"ඔව්....ලගදි පෝස්ට් එකක් දැක්ක වෙලේත් මට නේත්‍ර ගැන දුක හිතුනා අනේ"

"ඒ මොකද්ද?"

"මලිත්ට ගහද්දි චංචලා ඇඩුවට,චංචලාට ගහද්දිත් අඩන්නෙ චංචලා කියලා"

"ඉතින්?"

"ඉතින් කියන්නෙ පුකෝ? ආසවට ගහද්දි නේත්‍ර ඇඩුවට,දවසක නේත්‍රට ගහද්දිත් අඩන්න වෙන්නෙ නේත්‍රටමට තමා....ආසවට නම් මොකෝ ඌ චිල් එකේ ඉදියි"

දිවාෂ කිව්ව දේ තේරුම් ගන්න විනාඩි ගාණක් වැය කෙරුව තෙවින් අත මිට මොලවලා දිවාෂගෙ ඔලුවට ටොක්කක් ඇන්න එකේ පලිය ගන්න දිවාෂ තෙවින්ට ගහන්න හැදුව එක නැවතුනේ නේත්‍ර හීනෙන් හිනා වුනු නිසා.

"ස්...සුදුබේබි"

පුංචි එකා ආශවව හීනෙන් දකින ගමන් හිටියා.හීනියට හිනා උනු නේත්‍රගෙ මූනෙ හැඟීම් එක්ක නේත්‍ර දකින්නෙ ලස්සන හීනයක් කියන එක දිවාෂට වගේම තෙවින්ට තේරුම් ගියා.ලග තිබ්බ කොට්‍ටයකට තුරුල් උනු නේත්‍ර කොට්ටෙ අස්සෙ ගුලි ගැහුනත් ට්කෙන් ටික නේත්‍රගෙ මූණෙ හැඟීම් වල වෙනස්වීම් එක්ක දිවාෂටයි තෙවින්ටයිත් බය හිතුනා.එකපාරටම හීනෙන්ම අඩන්න ගත්තු නේත්‍ර ඇද වටේම අතපත ගගා තමන්ගෙ සුපුරුදු උණුහුම හෙව්වත් අඩලා හෙම්බත් උනු පුංචි එකාට නිදාගන්න උනේ ඒ උණුහුම නැතුව.

තෙවින් නේත්‍රගෙ වේදනාව දිහා බලන් හිටියා.ආදරේද මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න බැරි උනත් නේත්‍ර කියන්නෙ තෙවින්ගෙ ජීවිතේ පලවෙනිම ලස්සන හා අවංක හැඟීම.ඒ නිසා කොයි වෙලේ උනත් තෙවින්ගෙ හිතේ නේත්‍ර වෙනුවෙන් යම් ඉඩක් වෙන් වෙලා තිබුනා.දිවාෂ නේත්‍රව බලාගන්න කියලා තෙවින්ට බාර දීලා පහලට ගියේ ගෙදර ගේට්ටුවට කවුරු හරි තට්ටු කරන සද්දෙ හන්දා.ඒත් එක්කම ලග ගෙදරක ගෑනු කෙනෙක්ගෙ කටහඩ එක්ක තෙවින් තේරුම් ගත්තා දිවාෂ දැන්මම උඩට නොඑන වග.

නේත්‍ර ලගින්ම ඉදගත්තු තෙවින් නේත්‍රගෙ විඩාබර මූණ පුරා තමන්ගෙ ඇස් යැව්වා.තමන් දැක්ක දවසෙම ඇලුම් කරන්න ගත්තු බෝල ඇස් පිය විලා ගිහින් තිබුනා.රෝස පාටින් සිත්තම් වෙලා තිබ්බ තොල්,කම්මුල් සුදුමැලි වෙලා ගිහින් තිබුනා.නේත්‍රගෙ කොණ්ඩෙ පිටිපස්සට කෙරුව තෙවින් නේත්‍රගෙ මූන දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා.තෙවින්ට තවමත් හිතාගන්න බැරි උනු දේ ඒ ආදරෙ සහෝදර බැදීමක්ද,වෙන යම් ආදරයක්ද කියන එක.නේත්‍රගෙ කොණ්ඩෙ අස්සෙන් ඇගිලි අරං යන්න ගත්තු තෙවින් නේත්‍රගෙ නලලට දාලා තිබ්බ ඕඩික්ලෝන් පොගවපු රෙදි කෑල්ල ආයෙමත් තෙත් කරලා නේත්‍රගෙ නලලින් දැම්මා.

අද හවස ආශව කිව්ව සිංදුව පෙන්නල දිවාෂ නේත්‍රට කිරි එකක් අමාරුවෙන් පොවාගත්තු හැටි මතක් උනු තෙවින්ට හිනා ගියේ නේත්‍ර තවමත් පුංචි දරුවෙක් වගේ උනු හන්දා.ආශව ඒ අත් අස්සෙම රදවගෙන නේත්‍රව පරිස්සම් කරන එක අරුමයක් නෙවෙයි කියලා තෙවින්ට හිතුනෙ නේත්‍රගෙ චරිතෙ එක්ක.නේත්‍ර තවමත් හරි පුංචි දරුවෙක් උනා....සමාජෙ ගැන ලොකු දැනුමක් නැති කෙනෙක් උනා...පුදුමාකාර අහිංසකයෙක් උනා.නේත්‍රගෙ නලලට අත තියලා උණ බැලුව වෙලේ නේත්‍රගෙ නලල පවා කොච්චර නම් සිනිදුද කියන එක තෙවින්ට දැනුනා.ඉතින් ඒ වගේ පුංචි එකෙක්ව ආශව හීරීමක්වත් වෙන්න නොදී පරිස්සම් කරන එක පුදුමයක්ද?

ඇගට පතට දැනෙන අමාරුව නිසා හෝ හිතට දැනෙන කාන්සිය නිසා හෝ නේත්‍ර වේදනාවෙන් කෙදිරි ගාද්දි ඒක තෙවින්ට තවත් බලන් ඉන්න බැරි උනා.නේත්‍ර කෙදිරි ගගාම හොයන උනුහුම දෙන්න පුළුවන් මනුස්සයා උනත් ලග නැති එක ගැන තෙවින් දුක් උනා.නේත්‍රගෙ ඇග වැහෙන්නම ඇතිරිල්ලෙන් පෙරෙව්ව තෙවින් තමගෙ ගෙදරට යන්න පිටත් උනේ දෙවින් එවෙලෙ දිවාෂලාගෙ ගෙදරට ආව නිසා.කොහොමත් නේත්‍ර වගේ පුංචි එකෙක් එහෙම වේදනා විදින හැටි බලන්න තෙවින් අකමැති උනා.

.

.

.

.

.

රෑ එකොලහේ කණිසම වදිද්දි නුවර අහසම දෙබෑ කරගෙන ගහපු අකුණු සද්දෙකට ඇහැරුණු දිවාෂ ආයෙමත් අනික් පැත්ත හැරිලා නිදාගත්තා.නේත්‍රට තමන්ගෙ ඇඳ දීලා තිබ්බ දිවාෂ එතනම බිම පොඩි මෙට්ටයක් එලං නිදාගත්තෙ නේත්‍රට තමන්ගෙ අතපය වැදිලා රිදෙයි කියන බයට.එලියෙ මහ ධාරානිපාතෙට ඇදෙ හැලෙන වැස්සත් එක්ක ඇගට ලොකු හීතලක් දැනෙද්දි දිවාෂ හරි අපූරුවට නිදාගත්තා.

මොන හේතුවක් නිසා හරි නුවර අහස අද කලබල වෙලා තිබ්බා.නින්දෙ උන්නු නේත්‍රව ඇහැරවන්න වගේ ගොර ඇද ඇද ධාරානිපාත වැස්සක් කඩා හැලුනත් විඩාවෙන් හිටිය නේත්‍ර ඇතිරිල්ලෙ උනුහුමට ගුලි වෙලා නිදාගෙන හිටියා.ඒත් එක්කම වගේ තෙවින්ගෙ බයිකය තමන්ගෙ ගේ ගාවින් නවත්තනවා දිවාෂට හීනෙන් වගේ ඇහුනත් දිවාෂ ඇස් අරින්න මහන්සි උනේ නැහැ.

ඊට ටික වෙලාවකට පස්සෙ කවුරුහරි තමන්ගෙ බැල්කනියට පයිනවත්,බැල්කනිය ලග ඇරලා තියෙන ජනේලෙන් ඇතුලට එනවවත් නිදන් උන්නු නේත්‍රවත් දිවාෂවත් දැනන් හිටියෙ නෑ.ඒත් එක්කම නේත්‍ර හිටිය ඇද බර වෙනවත් පුංචි නේත්‍රව ඒ ගොඩ උනු මනුස්සයා තමන්ගෙ පපුවට ඇදලා ගන්නවත් එක්කම නේත්‍රත් අසිහියෙන්ම ඒ උණුහුමට ගුලි උනා.මෙච්චර වෙලා නේත්‍රව ඇහැරවගන්න උත්සාහ දැරුව නුවර අහසෙ උත්සාහෙ අසාර්ථක කරන ගමන් නේත්‍ර ඒ මහ රෑ ආව අමුත්තගෙ උණුහුමට ගුලි වෙලාම නිදාගනිද්දි නුවර අහස තව එක අකුණක් පුපුරවන ගමන් ගත්තු තමන්ගෙ අන්තිම උත්සාහෙත් අසාර්ථක වෙලා තිබුනා.

...................................................................................................

වචන 5000+😪

මේ කොටස් ටිකම හරි නැ කියල මටත් තේරෙනවා....ඒත් ඊලගට ලියන්න ඕනි ටිකට මේ ටික ලියන්න ඕනිනෙ.ඊලග කොටසෙ ඉදන් ඔයාලට එපා වෙන එකක් නෑ❤️

මම ගිහින් ඉක්මනටම එන්නම් බබාලා🥺❤️

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter