Back
Chapter 79

78 කොටස🤍✨️

නිවාලන්න මා...

"ම්හ්....."

හෙමින් සැරේ කෙඳිරි ගෑව නේත්‍ර විඩාවෙන් බර වෙලා තිබ්බ තමන්ගෙ ඇස් දෙක හෙමීට අරින්න හැදුවත් ඒකටත් සෑහෙන්න මහන්සියක් දරන්න ඕනි නිසා ආයෙමත් ඇස් දෙක වහගත්තා.කාලෙකට පස්සෙ ලොකු උණුහුමක් එක්ක සුවපහසුවක් දැනෙන නිසා තව ටිකක් ඒ උණුහුමට ගුලි උනු නේත්‍ර,තමන්ගෙ පිට හරි සිහින්ව අතගාන වගක් තේරෙද්දි ගැස්සිලා ඇහැරුනා.එකපාරටම නැගිට්ට නිසත්,හිත එකපාරටම වෙලා ගත්තු බය නිසත් නේත්‍ර තමන් වටේ රැදිලා තියෙන හයිය අත් වලින් ගැලවෙන්න වෙර දැරුවා.

"ම්ම්ම්ම්ම්......."

නේත්‍රගෙ දැඟලිල්ලට නේත්‍රව තුරුල් කරං හිටිය කෙනාගෙන් ලැබුණු පුංචි මිමිණිල්ලෙන්ම සන්සුන් උනු නේත්‍ර තව ටිකක් ඒ උණුහුමට ඇදුනෙ තමන් ඉන්නෙ හීනෙක කියලා හිතන ගමන්.ඒත් එක්කම තමන්ගෙ බෙල්ලට වැටුනු උනුහුම් දෙයක් එක්ක නේත්‍රට දැනුනා ඒ දේ හීනයක් නෙවෙයි කියලා කියන්න.හයියෙන් ඉකි ගහන්න ගත්තු නේත්‍ර තමන්ගෙ ඉස්සරහපිට ඉන්න පිරිමි රූපෙ මූණ දිගේ තමන්ගෙ පුංචි අත ගෙනියන්න ගනිද්දි නේත්‍රගෙ අතට ලැබුණෙ උණුහුමෙන් පිරුණු හාදුවක්.

"සුදුබේබි!"

"ම්ම්ම්ම්ම්"

"සුදුබේබි මෙහෙ?"

"නේත්‍රගෙ හුස්මක වෙනසකුත් අදුනන මාව රවට්ටන්න හිතුවෙ කොහොමද මැණිකෙ? ඊයෙ කෝල් එකෙන් මට ඇහුනු පලවෙනි හුස්මෙන්ම මම දැනගත්තා මගෙ මැණික හොදින් නෙවෙයි කියලා"

"මට ස්...සමාවෙන්න සුදුබේබි....මට ඕනි උනේ නෑ සුදුබේබිට බාධාවක් වෙන්න"

"මෙහෙ එන්න....නේත්‍ර කවද්ද මට බාධාවක් උනේ....ම්ම්?"

නේත්‍ර ඉකි ගගහම ආශවට තුරුල් වෙද්දි ආශව නේත්‍රව තුරුල් කරන් නේත්‍රට මග ඇරුනු උනුහුම දුන්නා.නේත්‍රට ඇති වෙනකං අඩන්න දුන්නු ආශව නේත්‍රගෙ රතු උනු මූණ පුරා සමනල් හාදු තවරද්දි නේත්‍රගෙ කදුළු වල රස පවා ආශවගෙ තොල් වින්දා.ටිකකින් නේත්‍රගෙන් ඈත් උනු ආශව ඇද විට්ටමට පිට දීලා ඉදගෙන නේත්‍රව උස්සලා ගනිද්දි නේත්‍ර පුළුන් රොද වගේ ආශවගෙ අත් වල උදව්වෙන් ආශවගෙ පපුවට තුරුල් උනා.

"මේ දවස් ටිකට බර බැහැලා නේත්‍ර...."

"ම්....මම කන්නම් සුදුබේබි"

"ඉවසන් ඉන්නම් කියලා මාව පිටත් කරපු චණ්ඩියා නේද මේ....ම්ම්ම්"

"පලවෙනි පාර සුදුබේබිගෙන් මෙච්චර දවස් වෙන් වෙලා ඉන්න උනු....මට ඒක දරන්න බැරි උනා සුදුබේබි.....ටිකෙන් ටික මම හුරු වෙයි"

"අපි හුරු වෙමුකො.....දැන් සුදුබේබි ලග ඉන්නවනෙ ම්ම්ම්ම්"

නේත්‍රගෙ නලලින් හාද්දක් තිබ්බ ආශව ඊලගට නේත්‍රව තමන්ගෙ අත් අතරට අරගෙන ගියේ නාන කාමරේට.නේත්‍රව කොමඩය ලගින් හිට්ටෙව්ව ආශව අනික් පැත්ත හැරුණෙ නේත්‍රගෙ ලැජ්ජාව ගැන හොදටම දන්න නිසා.ටිකකින් වතුර ප්ලශ් කරන සද්දෙත් එක්කම ඒ දිහා බැලුව ආශව නේත්‍රට දත් මැදගන්න දීලා මූණ කටත් සෝදවගෙන කාමරේට එද්දි දිවාෂ තේ කෝප්ප දෙකක් ගෙනල්ලා කාමරෙන් තියලා එලියට ගියේ නේත්‍රට ඇහැකුත් ගහන ගමන්.

"කෝ.....මේකක් කාලම කිරි එක බොමු"

මේසෙ උඩ තිබ්බ ලැවරියා එකක් අරං නේත්‍රගෙ කටට ලං කල ආශව කියද්දි තත්පරයක්වත් පරක්කු නූන නේත්‍ර කට ඇරලා ලැවරියා එක කන්න ගත්තා.තේ එක බොන්න පහලට යංද කියලා ආශව අහද්දි නේත්‍රත් ඒකට කැමති උනු නිසා නේත්‍රව ඇදෙන් නැගිට්ටවගන්න හැදුවත් කීප දවසක්ම හරියකට කාලා නොතිබ්බ හන්දා නේත්‍රගෙ පණ නැති ඇඟට කාගෙ හරි හයියක් නැතුව ඇවිදින්න පුලුවන්කමක් තිබ්බෙ නැහැ.නේත්‍රව තමන්ගෙ අත් වලින් හරහට වඩා ගත්තු ආශව සාලෙට වෙලා දෙවින්ගෙ උකුල උඩින් ඔලුව තියං තෙවින්ගෙ උකුල උඩින් කකුල් තියං දුරකථනෙ ඔබන ආරියසිංහ කුමාරයගෙ කැහිල්ල ගාණකටවත් ගන්නෙ නැතුව නේත්‍රව එලියෙ බංකුවෙන් වාඩි කරවලා උඩට දුවලා ගිහින් තේ දෙකත් අරගෙන ආයෙමත් නේත්‍ර ලගට ඇවිත් ඉදගත්තා.

"මේක බොන්නකො මැණිකෙ...."

"මම ඒත් ඊයෙ රෑ හීනෙන් වගේ සුදුබේබිට තුරුල් උනේ....මට සුදුබේබිව එකපාරටම මැවිලා පෙනුනා මේ දවස් ටිකේම.මම හිතුවෙ ඊයෙ රෑත් හීනයක් කියලා....හීනෙන් උනත් දැනෙන සැනසීම හන්දා මම තුරුල් උනේ....සුදුබේබි උදේ බලද්දි මම ලග!"

"ඔව්....ඊයෙ මම ඇදට නැග්ග ගමන් නේත්‍ර නින්දෙන්ම දඟලන්න ගත්තා.මම ඒකයි ඉක්මනටම තුරුල් කරගත්තෙ"

"සුදුබේබි ආවෙ කොහොමද?"

"ඉන්නකො කියන්න"

තේ කෝප්පෙන් උගුරක් බිව්ව ආශව තමන්ගෙ උරහිසට හේත්තු වෙලා ඉන්න නේත්‍රගෙ ඉණ වටේ අතක් යවලා නේත්‍රව තව ටිකක් තුරුල් කරගත්තා.නේත්‍රගෙ බෝල ඇස් උඩිනුත් හාද්දක් තිබ්බ ආශව ඈතින් පේන ලා කහ පාට අහස දිහා බලන්ම කතා කරන්න ගත්තා.

"ඊයෙ ඔයා කෝල් එකට ආන්සර් කල පලවෙනි තත්පරෙන්ම මට තේරුනා ඔයාට අසනීපයි කියලා නේත්‍ර...ඒත් ඔයාම ඒක කියයි කියලයි මම නාහා හිටියෙ....කෝල් එක කට් උනාට පස්සෙත් මම බලාගෙන හිටියා 'සුදුබේබි මට උණ' කියලා නේත්‍රගෙන් මැසේජ් එකක් හරි එනකං....ඒත් නෑ.....මම හවස් වෙනකං බැලුවා.විටින් විටේ ෆෝන් එක අතට අරං බැලුවා....රෑ හතත් පහු වෙනකං බැලුවා.ඒත් නෑ....අන්තිමේදි මම සනුකගෙ මාර්ගෙන් කෝච්ට කියලා පොඩි කාලයක් ඉල්ලගත්තා....පර්ස් එකයි,ෆෝන් එකයි,ඇදුමකුයි විතරක් දාගෙන මම කොටුවට ඇවිත් නුවර බස් එකක නැග්ගා....හොද වෙලාවට අන්තිම බස් එක අද්දන්නෙ අටයි ගාණකට....

රෑට කොළඹ නොසෑහෙන්න ට්‍රැෆික් මැණිකෙ....උදේටත් එහෙමයි.අප්පෝ එපා වෙනවා....කොහොම හරි නුවරින් බහිද්දි දහය මාරත් පහු වෙලා....ත්‍රීවීල් එකක්වත් තිබ්බෙ නෑ...මම ඉතින් කල්පනා කර හිටියා මොකෝ කරන්නෙ කියලා...එතකොටම තෙවින්ගෙන් කෝල් එකක් ආවා"

"තෙවින් අයියගෙන්? ඒ මහ රෑ?"

"ඔව්....එයා අරගෙන තිබ්බෙ ඇත්ත විස්තරේ කියන්න..... නේත්‍ර හුගාක් දුක් විදිනවා කියලා තෙවින් කිව්වා....මෙච්චර දවස් නේත්‍ර කියන්න එපා කියලා ඒක හැංගුවට තවත් රහසක් විදියට තියං ඉන්න එකෙන් නේත්‍ර වගේම ආශවත් දුක් විදිනවා කියලා තෙවින් කිව්වා....ඇත්ත.නේත්‍රට අසනීපෙ වැඩි වෙලා මොකක් හරි උනානම් එහෙම,මටත් ඒක බලපානවනෙ.හෙට උදේම ලෑස්ති වෙලා ඉන්න කිව්වා කොහොමහරි...තෙවින් එන්නම් කිව්වා මාව ගන්න උදේට"

"සුදුබේබි පවු සුදුබේබි.....මම නිසා සුදුබේබි දුක් විදින්නෙ"

"එහෙම කියන්න එපා නේත්‍ර.....මම විදින දුක් වලට වඩා දුක් ඔයා මම වෙනුවෙන් වින්දා පුංචි කාලෙ ඉදලා....අහන්නකො කතාව....පස්සෙ තෙවින්ට මම කිව්වා මම ඉන්නෙ නුවර කියලා.තෙවින් කිව්වා එහෙම්මම ඉන්න.එයා එන්නම් කියලා....පස්සෙ තමා තෙවින් ආවෙ.මම තෙවින්ගෙ බයික් එකේ නැගලා ආවා.දිවාසයගෙ ගෙදර පිටිපස්සෙ තාප්පෙ පොඩිම පොඩි කෑල්ලක් තියේ නිකං සිමෙන්ති වැඩි වෙලා ඉස්සරහට ඇවිත් වගෙ....තෙවින් එතනට කකුල තියලා ඇතුලට පැන්නෙ.මාත් එහෙම්මම පැන්නා."

"සුදුබේබිට මුකුත් උනේ නෑ නේද?"

"නෑ නේත්‍ර....මට එහෙම ලොකු අවුලක් උනේ නැහැ.අනික කොටයිනෙ ඒ හරියෙ තාප්පෙ.පස්සෙ මේ යක්සයා අර යකඩ බටේ දෙපැත්තෙ තියෙන යකඩ රවුම් වලට අඩිය තිය තිය නැග්ගෙ.නැගලා ඇතුලෙන් ගිහින් මට දොර ඇරියා.මම නේත්‍ර ලගට ඇවිත් නේත්‍රව තුරුල් කරගත්තා.ඔන්න ඔහොමයි උදේ ඇහැරෙද්දි මම නේත්‍ර ලග හිටියෙ"

"සුදුබේබි.....මට මුකුත් කියන්න තේරෙන්නෑ.මම මෙහෙම ඉන්නම් සුදුබේබි ලගින් ටිකක්"

නේත්‍ර තේ කෝප්පෙ පැත්තකින් තියලා ආශවගෙ පපුවට හේත්තු වෙද්දි ආශව නේත්‍රව තද කරලා තුරුල් කරගත්තා.කාලෙකට පස්සෙ දෙන්නා එක්ක ඉර එලියට දිලිහෙන නුවර ආකාහෙ දිහා බලන් ඉද්දි නේත්‍ර ආශවගෙ පිරිමි පපුවෙන් එන සුවද විදින ගමන් තමන්ගෙ ඇස් පියාගත්තා.නේත්‍ර ලගින් එන සුවද එක්ක සාක්කුවෙ තිබ්බ ගැටපිච්ච මල පැත්තකින් තිබ්බ ආශව නේත්‍ර ලගින් හමන ගැටපිච්ච සුවදින් හිත නිවාගනිද්දි නුවර ආකාහෙ මේ ආදරවන්තයො දෙන්නා දිහා බලල හිනා උනා.

ඊයේ නුවර ආකාහෙ උත්සාහ කලේ වෙන කිසිම දේකට නෙවෙයි.නේත්‍රව අවදි කරවන්න.නේත්‍රගෙ සැනසීම නේත්‍ර ලගට ආවා කියන පණිවිඩෙ දැනුම් දෙන්න.පුංචි තරම් අකුණු ගැස්සෙව්වෙ,ගොර ඇද්දෙ ඒ දේවල් වලින් හරි පුංචි එකාව ඇහැරවන්න.ඒ ඇස් වලට ආශවව පෙන්නන්න.ඊයෙ රාත්‍රියෙ නුවර අහස ඊට අසමත් උනත් අද වෙද්දි නුවර අහසට ඕනි දේම සිද්ධ වෙල  තිබ්බා.

"අයියෙ,කොන්ද රිදෙනවා"

"ඒ මොකෝ ඒ?"

"මොකෝ අහන්නෙ....ඔයාගෙ දිවාෂ මල්ලිගෙ වැඩ තමා"

"අනේ මේ තෙවින්! මොකෝ මගෙ වැඩ වෙන්න මම උබව දූසනේ කලෙ නෑනෙ...ඕන්නම් කරන්නම් ඇත්තටම කොන්දෙ අමාරුවක් හැදෙන්නම"

"පුලුවන් දෙයක් කියපං යුගාන්! බටු ඇට දෙකක් තරම් උස නෑ"

"පලයං යකෝ යන්න! මගෙ ඇට දෙකත් බටුඇට වලට වඩා ලොකුයි!"

තෙවින්ගෙ උකුල උඩ තිබ්බ කකුලෙන්ම තෙවින්ට දිවාෂගෙන් ප්‍රහාර එල්ල වෙද්‍දි තෙවින් දිවාෂගෙ කකුල් දෙක තද කරලා අල්ලගෙන යටි පතුල් දෙකට පාරවල් දෙක තුනක් දෙද්දි දිවාෂගෙ දැගලිල්ල නැවතුනා.ඒත් එක්කම දෙවිනුයි දිවාෂයි දිහා බැලුව තෙවින් කතා කරන්න ගනිද්දි දෙවින් දිවාෂගෙ ඔලුව අතගාන්න පටන් ගත්තා.

"ඊයෙ මම රෑ කෝල් කරද්දි ආශව හිටියෙ මග"

"මඟ කිව්වෙ?"

"නුවර ස්ටෑන්ඩ් එකෙන් බැහැලා පයින්ම ඇවිදන් එන ගමන් හිටියෙ ඌ....එතකොටත් සෑහෙන දුරක් අර මහ කළුවරේම පයින් ඇවිල්ලා"

"මොකක්!"

"ඔව්.....මම කෝල් කලේ හොද වෙලාවට.නැත්තං මේකා පයින්ම එනවා මෙහෙට....පස්සෙ මෙතනට ඇවිත් මම යකඩ බටේ දිගේ උඩට නැග්ගෙ ඇතුලෙන් දොර අරින්න හිතාගෙන....නැතත් ජනේලෙට තට්ටු කරලා හරි යුගාන්ව ඇහැරවගන්නවා කියලා හිතුවා මම"

"ඕ...."

"මම බාගයක් නැගලා පහල බලද්දි ආශවයත් නගිනවා බටේ දිගේ!"

"සිරාවටම! යකෝ ඇතුලෙන් අරිනකං....."

"උගෙ සිටුවේෂන් එක එච්චරටම තිබ්බෙ අවුලෙන්....තත්පරයක් හරි ඉක්මනට නේත්‍ර මල්ලි ලගට යන්න උවමනාව තිබ්බෙ ආශවට....මේ ගැන නේත්‍රට කියන්න එපා කියලා කිව්වා ආශව....පයින් ආව එකවත්,බටේ දිගේ නැග්ග එකවත් නේත්‍රට කිව්වොත් නේත්‍රට දුක හිතෙයි කියලා එපා කිව්වෙ"

තෙවින් කියද්දි දිවාෂයි දෙවිනුයි ඔලුව වනද්දි දිවාෂ කෙලින් වෙලා දෙන්නගෙ මැද්දෙ ඉදන් තෙවින් දිහා කන්න වගේ බැලුවා.

"ඇ....ඇයි යුගාන්?"

"උඹ කොහොමද බටේ දිගේ නැගලා මගෙ බැල්කනියට එන්න දන්නෙ?"

"ආ....ඒකද? ඒක දැක්කම ඕනි මිනිහෙක්ට තේරෙනවා නගින්න පුළුවන් කියලා උඩට"

"ඒ ඇත්තමද? දෙවින් පණ මේ අහන්නකො"

"ඕ ඕ දිවාෂ මල්ලි"

"ඔය බැල්කනියෙ මම සමහර දවස් වලට හෙවනැලි දකිනවා....කවුරුහරි එනවද දන්නෑ නේද? දෙවින් පණ අහන්නකො"

"ඕ ඕ දිවාෂ මල්ලි"

"මගෙ කාමරේ ලැප් එක තියේ....ෆෝන් එකත් තියේ....ඔක්කොටම වඩා රත්තරං පිලිමෙ වගේ මම ඉන්නවා....හොරෙ....තෝ මොකද හිනා වෙන්නෙ පගයා!දෙවින් පණ....අනේ මූට හිනා වෙන්නෙ එපා කියන්නකො"

"ඒයි ඒයි....හිනා වෙන්න එපා මේකාට....ඔයා කියන්න දිවාෂ මල්ලි"

"ඉතින් හිතන්නකො.....හොරෙක් පැන්නොත් එහෙම නේද? මම අප්පච්චිට කියලා ඔය බටේ වටේ තියෙන වලලු ටික ගලවලා දානවා"

"එපා!"

තෙවින් කෑ ගහපු පාරට දිවාෂයි දෙවිනුයි දෙන්නම ගැස්සිලා වගේ තෙවින් දිහා බලද්දි තෙවින් හරි මෝඩපහේ හිනාවක් එලියට දැම්මා.

"එතකොට බටේ හෙල්ලිලා,එල්ලිලා කැඩෙනවානෙ යුගාන්....ඒකයි මම එපා කිව්වෙ"

"ඒකත් ඇත්ත තමා"

දිවාෂ ඔලුව කහ කහ කියද්දි තෙවින් දිහා සෑහෙන සැක සහිත බැල්මක් දැම්ම දෙවින් ආයෙමත් දුරකථනෙ දිහාවට තමන්ගෙ ඇස් දෙක යොමු කලා.ඒත් එක්කම තමන්ගෙ දුරකථනෙට ආව ඇමතුමට සම්බන්ධ උනු දිවාෂ දෙවින්ගෙ අතකට හේත්තුවක් දාගෙන තෙවින්ට ආයෙමත් පයින් ගැහුවා.

"හෙලෝ කාර්තික් කියන්න...."

"ඩිවාෂ මේ ආන්ඩකෝ"

"ඕ කියපං....මොකෝ අවුල?"

"නිව් ඉයර් ෆෙස්ටිවල් එකේ ප්‍රොජෙක්‍ට් එක අදන වැඩේ යේකත් අපිට බාරඩීලා ඩිවාෂයා"

"අප්පෝ....සිරාවටම? කවුද කිව්වෙ?"

"රක්කිත අයියා කෝල් එකක් ඩුන්නා....මේ පාර නිව් ඉයර් හොලි ඩේ විතරයිනෙ යප්පා.....නෝ වැකේෂන්.විස්ස විසි පා ඩේස් අතර කරන්ඩ දාගන්ඩ කතාවකුත් කීවා..මට කෝල් කරලා තිබ්බෙ අපේ කට්ටිය,ටැමිල් අයගෙ ඩේවල් ටිකක් ආගන්න.අපේ කමිටි එකක් තෝරලා තීනවා කිව්වා....අපිට කියන්නම් කිව්වා අරියට එයාලා කතා කරගෙන....ආශ්ශෝ ඩිවාෂ...."

"ඇයි? මොකෝ උනේ?"

"බව්වෙක් අප්පා....අරි ඌර්තල්....මේ බලන්ඩ! මේ මේ....ඌර්තල් යප්පා ඌර්තල්"

"බල්ලට කියලා කවාගන්නැතුව පාඩුවෙ පලයං කාර්තික් ගෙදර....අපිට රකිත අයියලා කියයිනෙ එහෙනම් ඕනි උනාම?"

"ඔව් ඔව්....ඩිවාෂ මම තීනවා ඈ....අනේ ඌර්තල් බව්වා අප්පා...අරි ඌර්තල්"

දුරකථනෙ පැත්තක තිබ්බ දිවාෂ තෙවින්ට ආය්ව් ගහන්න කකුල ඉස්සුවත් දිවාෂගෙ කකුල් දෙක අල්ලගත්තු තෙවින් දිවාෂගෙ කකුල රිදෙන්නම හපලා දැම්මා.තෙවින් හිතුවෙවත් නැති විදියට රතු ගැහුනු දිවාෂ තෙවින්ට කරදරයක් නොකර ඉද්දි තෙවින් තමන්ගෙ කොන්දට අත ගහගත්තා.

"අයියේ....."

"ම්ම්ම්ම්"

"අනේ මගෙ කොන්ද රිදෙනවා අනේ"

"බාම් ටිකක් ගාන්නද?"

"ඔයා එපා අයියෙ....මේකට හේතුව වෙච්ච මිනිහට කියන්න ගාන්න කියලා"

තෙවින් කියන ගමන් දිවාෂ දිහා බලද්දි දිවාෂ රවලා තෙවින්ට විරිත්තුවා.

"මම දිහා බලන්නෙ! මම මොනා කලාටද?"

"මොනා කලාටද අහන්නෙ! ඊයෙ ආශවයා කාමරේට ආවට පස්සෙ මම උබව ඇහැරවගනිද්දි ඉස්සෙල්ලාම උඹ මට පයින් ගැහුවා....ඒක වැදුනෙ මගෙ නහයට!

ඊලගට මම උබව මගෙ හිත හොද කමට වඩාගත්තා.මොකද්ද උනේ එතකොට! උබ මගෙ කොන්ඩෙන් ඇදලා අත හපලා බිම වැටුනා! මම ආයෙ උස්සගෙන ආවා තමුසෙව අනික් කාමරේට!

ඊලගට තමා බලුම පරම පජාතම වැඩේ කලේ යුගාන් උඹ! අච්චර උබට උදව් කරපු මාව උඹ කොට්ටෙකුයි සීට් එකකුයි එක්ක එලියට දාලා සෝෆා එකේ නිදාගනින් කියලා උඹ අයියා එක්ක කාමරේට වෙලා නිදාගත්තා! එව්වට කියන්නෙ හෙන ගහන වැඩ කියලා.මම මේ සෝෆා එක උඩට වෙලා වකුරුත්තං ගහං නිදාගත්තා!"

"උබ වගේ ස්ත්‍රී දූෂකයෙක්ව කාමරේ ඇතුලෙ තියං ඉන්නෙ කොහොමද බය නැතුව!"

"ඉතින් බූරුව්.....බූරු යුගාන් උඹ ගෑනියෙක්යෑ! මිනිහෙක්නෙ! දූසනේ කලත් මම කරන්නෙ උඹ කියන විදියට ගෑනුන්වනෙ!"

"යැයි යැයි තමා.වරෙං මම බාම් ටිකක් ගාන්නම්"

"අනේ එපා යුගාන්....මම ගෙදර ගිහින්ම ගා ගන්නම්.අයියෙ! මෙච්චර දෙයක් මෙතන වෙද්දි ඔයා මොනාද ඕකට එබිලා කරන්නෙ!"

තෙවින් කෑ ගහද්දි දුරකථන තිරෙන් මූණ අහකට කරගත්තු දෙවින් දිවාෂයි තෙවිනුයි දිහා බැලුවා.බලල ලාවට හිනා වුණු දෙවින් තමන් බල බල හිටිය දේ පෙන්නද්දි දිවාෂගෙයි තෙවින්ගෙයිත් ඇස් ලොකු වෙලා ගියා.

"මේක ඇත්තක්ද?"

"ම්ම්ම්ම්.....ඔව්.මම ඒක තමා හෙව්වෙ.ආශවලගෙ ටුවර් එක තියෙන්නෙ බංගලාදේශ් වලටනෙ"

"ඉන්ග්ලඩ් එක නෙවේද දෙවින් පණ?"

"නෑ දිවාෂ මල්ලි.ඉන්ග්ලන්ඩ් වල තියෙන්නෙ වර්ල්ඩ් කප් එකනෙ....ඒක තියෙන්න තව සෑහෙන කල් තියෙනවා.මම හිතන්නෙ....තව මාස හතරක් පහක් යයි....ඊට කලින් ආශවලට බංගලාදේශ් ටුවර් එකක් තියේ.ඒකටනෙ ඔය ප්‍රැක්ටිස් තියෙන්නෙ"

"ඒත් එහෙ බෝම්බ ගහන සීන් පවා වෙනවා?"

"ඔව්....අයිඑස්අයිඑස් සීන් වගයක්.....ලොකුවට නෑලු.ඒත් ඉතින් මට අවුල් ආශව යන එක"

"එහෙම බලපෑමක් තියේනම් ක්‍රිකට් බෝඩ් එකෙනුයි එහෙ ගවර්මන්ට් එකෙනුයි මොකක් හරි ඇක්ෂන් එකක් ගනියිනෙ....ටූනමන්ට් එක කල් හරි දායි"

"ඔව්.....අවුලක් වෙන එකක් නෑ.කොහොමත් ආශවට කරදරයක් වෙන්නෑ....කාටවත් වැරැද්දක් කරලා නැති එකෙක් උනු ආශවට එහෙම හානියක් වෙන්න විදියක් නෑ"

තෙවින් මුමුණද්දි ඒකට ඔලුව වැනුව දෙවින් තමන්ගෙ අතක් උඩ ඔලුව තියං ඉන්න දිවාෂගෙ ඔලුව අතගාන්න ගත්තා.ටික වෙලාවකින් නේත්‍රව අල්ලගත්තු ආශවත් ගේ ඇතුලෙන් ඉදගනිද්දි දෙවින් නේත්‍ර දිහා බලලා අර දේ ආශව එක්ක පස්සෙ කතා කරන්න හිතාගත්තා.

"ආශව අදම යනවද?"

"ඔව් දෙවින්....යන්න ඕනි.මම කෝච්ට කියලා ආවෙ පුංචිඅම්මට සනීප නෑ කියලා"

"සුදුබේබි!"

"නෑ මැණිකෙ ඉතින්....වෙන කියන්න දෙයක් තිබ්බෙ නෑ මට"

"සුදුබේබි ආයෙ බොරු කියන්න එපා මම නිසාවත්"

නේත්‍රගෙ කම්මුලකින් තමන්ගෙ අත තිබ්බ ආශව ඒ සිනිදු කම්මුල පිරිමදිද්දි නේත්‍ර ආශව එක්ක ආදරෙන් හිනා වුණා.උදේ කෑම කාලා ඉවර වෙලා නේත්‍රව නිදි කරවන්න ගිය ආශව දිවාෂට කියලම නේත්‍ර එක්කම කාමරේට ගිහින් දොර වහගනිද්දි දෙන්නට ටිකක් තනිපංගලමෙ ඉන්න දෙන්න ඕනි කියන එක තේරුම් ගත්තු දිවාෂ ඔලුව වනලා පහලට ගියා.

"මම හවස් වෙනකං ඉන්නවා මැණිකෙ....ඔයා දොයියගන්නකො"

"සුදුබේබි නේත්‍ර නිදාගත්තට පස්සෙ යන්නෙ නෑ නේද?"

"නෑ රත්තරනේ....මම ඉන්නවා.....ම්ම්ම්ම්...දොයියගන්නකො"

"සුදුබේබි"

"ම්ම්ම්...."

"චූටි කාලෙ නේත්‍රව තුරුල් කරගත්තා වගේ කරගන්නවද?"

"ඇයි දැන් වගේ එපාද? ම්ම්ම්ම්"

"දැන් සුදුබේබි නේත්‍රව පපුව උඩට අරං තුරුල් කරගන්නෑනෙ....මට ඕනි සුදුබේබි ලග ඉස්සර වගේම සීමා නැතුව දැවටෙන්න"

"මගෙ චූටි මහත්තයා දන්නෑනෙ එහෙම මම කරන්නෙ නැත්තෙ ඇයි කියලා දැන්....ඉස්සර වගේ නෙවේ නේත්‍ර.සමහර වෙලාවල් වලට මගෙ හැඟීම් ඇවිස්සෙනවා.....මට හරි බයයි මම සීමා නැතුව නේත්‍රව ගනියි කියලා....මට හැඟීම් ඇවිස්සෙන්නෙ නේත්‍ර ගැන විතරයි....ඒ නිසාමයි මට මෙච්චර බය"

"මට සුදුබේබිව විශ්වාසයි.....සුදුබේබි මම ඉස්සරහ සීමා රකිනවා"

"කෝ එන්නකො.....මමත් කොච්චර නම් ආසද මගෙ මැණිකෙව මෙහෙම පපුව උඩට කරගෙන තුරුල් කරගෙන ඉන්න"

නේත්‍රව පපුව උඩට අරගත්තු ආශව නේත්‍රගෙ කකුල් දෙකත් තමන්ගෙ කකුල් උඩින් තියාගත්තා.නේත්‍රගෙ ඇඟ උඩ දිගෑදුනු පුංචි එකා හරි අපූරුවට තමන්ගෙ ඇස් දෙක පියාගනිද්දි ආශව නේත්‍රගෙ පිටට තට්ටු දදා නේත්‍රව නිදිකරවන්න ගත්තෙ හරි හැඟීම්බරව.ජීවිතේ තමන් වැඩියෙන්ම ආසා කරන,ආදරේ කරන දේ තමන්ගෙ පපුව උඩ අපූරුවට ගුලි ගැහිලා ඉද්දි නේත්‍රගෙ පිරුණු කම්මුල් පුරා හාදු පිරෙව්ව ආශව නේත්‍රගෙ පිරුණු තොල් උඩින් දිගම දිග හාද්දක් තියෙන ගමන් තමන්ගෙත් ඇස් දෙක පියාගත්තා.

.

.

.

.

.

"නේත්‍ර මල්ලිත් එනවද?"

"ඔව්....නේත්‍රත් එනවා... ඔයාලත් එනවනම් එන්න....මම වලව්වටත් ගිහින් මූණ දාලා ආවා.නැත්තං එහෙම මල කෙලියක්නෙ වෙන්නෙ"

"අපිත් එන්නම් ඉතින්....වෙන වැඩක් නෑනෙ කරන්න"

සුදුපාටින් සැරසුනු කට්ටියම පන්සල් භූමියට ආවත් ආශවගෙ ඔලුවෙ තිබ්බෙ වෙනම දෙයක්.නේත්‍රට සැක නොහිතෙන විදියට නේත්‍රගෙ ඉල්ලගත්තු වේලපත්කඩේත් ආශවගෙ සාක්කුවක රැදිලා තියෙද්දි වෙනසක් නොපෙන්නුව ආශව කට්ටිය එක්කම මල් පහන් පූජා කලා.මේ වෙද්දි නේත්‍ර ලෙඩක් හැදිලා හිටියා කියල හොයාගන්නවත් බැරි තරමට ජවසම්පන්න වෙලා ඉන්න එක ආශවගෙ හිතට ලොකු සහනයක් එකතු කලා වගේම නේත්‍රත් ආයෙ එහෙම දුර්වල නොවෙන්න හිත ධෛර්යයමත් කරගෙන හිටියා.

"නේත්‍ර...."

"ඕ සුදුබේබි"

"ලොකු හාමුදුරුවෝන්ව හම්බෙලා එන්නද මම?"

"හා සුදුබේබි.මමත් එන්නද යන්න?"

"නේත්‍ර ඉන්නකො....මම ගිහින් එන්නම්.දිවාෂලා එක්කම ඉන්න හොදද?"

"හා සුදුබේබි....නේත්‍ර ඉන්නම්කො"

තොල් දෙකත් උල් කර කර උත්තර දුන්නු පුංචි එකා ආශවගෙ කමිසෙ කොන තමන්ගෙ පුංචි ඇගිලි වලින් අතාරිද්දි හිනා උනු ආශව නේත්‍ර එක්ක හිනා වෙලා ලොකු හාමුදුරුවෝන්ගෙ ආවාස ගේ පැත්තට හෙමින් සැරේ පය තිබ්බා.ගහ කොලං වලින් හොදට ආවරණය වෙලා තිබ්බ කොටසක් පුංචියට හදලා තිබ්බ ලොකු හාමුදුරුවන්ගෙ ආවාස කුටියෙ දොරටුව ලගට ගිය ආශව එකවරක් දොරට තට්ටු කරලා පැත්තකට වෙලා ඉදගෙන හිටියා.

"ආ....මේ පුංචි මුදියන්සෙනෙ"

"එහෙමයි අපේ හාමුදුරුවනේ"

"තෙරුවන් සරණයි දරුවො....ආව කාරණාව කිව්වනම්"

ලොකු හාමුදුරුවන්ට දණ ගහලා වැන්ද ආශව ලොකු හාමුදුරුවෝ අසුන් ගත්තු වේවැල් පුටුව තිබ්බ තැනම තිබුනු පුංචි බංකුව උඩින් ඉදගෙන ලොකු හාමුදුරුවෝ දිහා බලලා ලා හිනාවක් පාලා අතට ගත්තෙ නේත්‍රගෙ වේලපත්කඩේ.

"අපේ හාමුදුරුවෝ කිව්වා....නේත්‍රගෙ අපල වගයක් ගැන කතා කරගන්න මට එන්න කියලා පුළුවන් වෙලාවක.හාමුදුරුවනේ මේ ටිකේ නේත්‍ර අසනීපත් වෙනවා....මම වේලපත්කඩේත් ගෙනාවා"

"කෝ....ඕක මෙහාට දෙන්නක් පුංචි මුදියන්සෙ"

ආශවගෙ අතින් නේත්‍රගෙ වේලපත්කඩේ ගත්තු ලොකු හාමුදුරුවෝ ටික වෙලාවක් තිස්සෙ ඒක දිග ඇරගෙන බලාගෙන ඉද්දි ආශව තමන්ගෙ ගැහෙන පපුව සන්සුන් කරං ලොකු හාමුදුරුවෝ දිහා බලාගෙන හිටියා.ටික වෙලාවකින් ඔලුව උස්සලා බර හුස්මක් පහල දැම්ම ලොකු හාමුදුරුවෝ ආශව දිහා බලද්දි ආශව හරි උවමනාවෙන් ලොකු හාමුදුරුවො දිහා බැලුවා.

"පුංචි මුදියන්සෙගෙ යාලුවා...නේත්‍ර දරුවා,ඒ දරුවා තාම ඉස්කෝලෙ යනව නේද?"

"එහෙමයි අපේ හාමුදුරුවනෙ"

"ම්ම්....නේත්‍ර දරුවගෙ වෙලාවනම් ටිකක් හොද මදි.ලගදි අපලයක් ගෙවෙන්න තියෙනවා....ඒක ගෙවාගන්න පුළුවන් උනොත් ආයෙ කාලෙකට ප්‍රශ්නයක් නෑ"

"අ....අපේ හාමුදුරුවනේ?"

"මාරක අපලයක් තව වසර කීපයක් තුල පෙන්නුම් කරනවා පුංචි මුදියන්සෙ.....ලගදි ගෙවෙන්න තියෙන එක ගැන නෙවෙයි මම කියන්නෙ....අපිට ඒකෙ බලපෑම බෝධිපූජා මාර්ගෙන් වගේ වත් පිලිවෙත් වලින් අඩු කරගන්න පුළුවන්.....ඒත් මේ මම කියන මාරක අපලෙ,දරුවගෙ උප්පත්තිය එක්කම බැදිලා ආව එකක්...."

ලොකු හාමුදුරුවන්ගෙ වචන එක්ක ආශව තමන්ගෙ ඇස් වලට ආව කදුළු ඉක්මනට පිහිදගත්තා.තමනුත් දුර්වල උනොත් නේත්‍රව බලාගන්නෙ කවුද කියන හැඟීම ආශවගෙ හිතට ශක්තිය ගෙනත් දෙන්න හයිය දුන්නා.හැඟීම් පාලනේ කරගෙන ලොකු හාමුදුරුවෝ දිහා බැලුව ආශව ඔලුව වනද්දි ලොකු හාමුදුරුවෝ ආයෙමත් කතා කරන්න ගත්තා.

"මම පුංචි මුදියන්සෙට කලිනුත් කියලා ඇති....පුංචි මුදියන්සෙගෙ වේලපත්කඩේ නේත්‍ර දරුවගෙ වේලපත්කඩේ එක්ක බැදිලා තිබ්බෙ උප්පත්ති නැකැත් වලින්මයි....මම එහෙම දෙයක් දැක්ක පලවෙනි වතාව...කවදාවත් උපන් වෙලාවෙන් බැදුනු වේලපත්කඩ මම දැකලම නෑ....ඒක හරියට ආත්මගත බැඳීම් කියලා දෙයක් ඇත්තටම තියෙන බව පෙන්නන්න සොබදහමෙන්ම අපිට දුන්නු සාක්කියක් වගේ.....

නේත්‍ර දරුවට උපන් භූමියෙම ආරක්ෂාවක්,ආරක්ෂාව සපයන බලවේගයක් තියෙන බව වේලපත්කඩෙන් පෙන්නුවා....ඒ බලවේගෙ බලය තියෙන්නෙ පුංචි මුදියන්සෙගෙ වේලපත්කඩේ බවත් මම දැනන් හිටියා.කොටින්ම කිව්වොත් නේත්‍ර දරුවව රකින බලවේගෙ පුංචි මුදියන්සෙ.....

ඒකෙම තව පැත්තක් තිබ්බා....පුංචි මුදියන්සෙගෙ ජීවිතේ පවා රැදිලා තියෙන බලවේගයක් පුංචි මුදියන්සෙ වටේ තිබ්බා....ඒ බලය මට පෙන්නුම් කලේ නේත්‍ර දරුවගෙ කේන්දරෙන්...පුංචි මුදියන්සෙගෙ ජීවිතේම,ජීවිතේ ජය ගැනීම ඔක්කොම රැදිලා තිබ්බෙ නේත්‍ර දරුවා මත.හරියටම කිව්වොත් නේත්‍ර දරුවා එක්ක පුංචි මුදියන්සෙ එක්කාසු වෙනවා කියන්නෙ පුංචි මුදියන්සෙ රජෙක් වගේ වෙනවා කියන එක"

ලොකු හාමුදුරුවෝ කියන වචන වල කොයින්ද බොරුවක්? අද තමන් මනුස්සයෙක් වගේ මෙතන ඉදගෙන ඉන්නෙ පවා නේත්‍ර නිසා බව ආශව දැනන් හිටියා.වේලපත්කඩවල් වල තියෙන දේවල් දැනගන්නත් කලින් තමන් නේත්‍රටත් නේත්‍ර තමන්ටත් අපූරුවට බැදුණු හැටි කල්පනා කල ආශවගෙ මූණෙ ලා හිනා රැල්ලක් ඇදුනා.

"මම පුංචි මුදියන්සෙ හරි වයසට ආවම මෙව්වා පහදන්න උන්නත් ඊට කලින් ඉදන්ම පුංචි මුදියන්සෙ නේත්‍ර දරුවා එක්ක හැදෙනවා වැඩෙනවා මම ඇස් දෙකෙන්ම දැක්කා....පුංචි මුදියන්සෙගෙ හොදම යාලුවා නේත්‍ර දරුවා වෙන එක ඉබේටම උනු හැටිත් දෛවය ලියවිලා තියෙන අන්දම වෙන්න ඇති.....කොහොම නමුත් වලව්කාරයෙක් කියන ආඩම්බරෙන් ඉන්න මහ මුදියන්සෙ පුංචි මුදියන්සෙගෙයි,නේත්‍ර දරුවගෙයි මිත්‍රකමට ප්‍රශ්න නොදාන්න හේතුවත් ඒක"

"ඒ කිව්වෙ අපේ හාමුදුරුවනේ?"

"මම දවසක් නේත්‍ර දරුවගෙන් පුංචි මුදියන්සෙට ලැබෙන බලපෑම ගැන මහ මුදියන්සෙට පහදලා දුන්නා....යම් වයස් කාලයක් වෙනකං පුංචි මුදියන්සෙගෙ ලගම යාලුවා විදියට නේත්‍ර දරුවා රැදුනොත් ඒකෙන් පුංචි මුදියන්සෙ ජීවිතේ දිනන්න පාර හොයාගන්න වග මම මහ මුදියන්සෙට ඒ කාලෙ පහදලා දුන්නා.ඒ දේ දැනගත්තට පස්සෙ තමා මහ මුදියන්සෙ නේත්‍ර දරුවට ප්‍රශ්න නොදැම්මෙ"

"ඕහ්....ඒක තමා අපේ හාමුදුරුවනේ එහෙනම් අපේ අප්පච්චි නේත්‍රගෙයි මගෙයි යාලුකමට මුකුත් තදේට නොකියන්නෙ.....එයාට ප්‍රයෝජනවත් දෙයක් වෙනවනෙ!"

ආශවගෙ කලකිරුණු කටහඩ ඇතුලෙ හුගාක් දේවල් තියෙන වග ලොකු හාමුදුරුවන්ට දැනුනා.ඒත් ඒ දේවල් නාහා ඉන්න තීරණේ කල ලොකු හාමුදුරුවෝ කතාව ඉස්සරහට දිග් ගැස්සුවා.

"පුංචි මුදියන්සෙ ලගින් ඉන්නකං නේත්‍ර දරුවට කිසිම නපුරු බලවේගෙකට බලපෑමක් කරන්න බැහැ.පුංචි මුදියන්සෙ ඒ දේවල් වලින් දරුවව රකිනවා....ඒත් නේත්‍ර දරුවගෙ වේලපත්කඩේ පෙන්නන මාරක අපලෙ ගැන හරිහමං සදහනක් එහෙම දෙන්න අමාරුයි මට....එතන ඒකෙන් බේරෙන්න පුලුවන්ද? නැද්ද කියන එකවත් පැහැදිලි කරගන්න අමාරුයි.නුමුත් ඒ මාරක අපලෙන් බේරුනොත් මම හිතන්නෑ ආයෙ ජීවිත කාලෙටම ප්‍රශ්නයක් වෙයි කියලා"

"අ.....අපිට ඒකෙ බලපෑම අඩු කරගන්න විදිය අපේ හාමුදුරුවනේ?"

"හ්ම්ම්.....මට ඒ ගැනත් හරියටම මුකුත් කියන්න බැහැ....ඒත් බෝධිපූජා කියන දෙයින් කොහොමත් සහනයක් ලැබෙනවා....ඒ නිසා පුංචි මුදියන්සෙ පුලු පුලුවන් වෙලාවල් වල බෝධි පූජා තියන්න....ඒක හැමදාම කරන්න අමාරුයිනෙ වැඩ එක්ක.පුළුවන් නම් ඒත් බුදුපහන තියන්න....වෙනම් පහනක් ඉෂ්ට දේවතාවන්ට පත්තු කරන්න.මම දෙන්නම් ඒකට අපි ආශිර්වාද කරපු තෙල්....ඒ වෙනම පත්තු කරන පහනට දාන පොල් තෙල් වලට අර ආශිර්වාද තෙල් බිංදුවක් එක්කාසු කරන්න"

"හොදමයි අපේ හාමුදුරුවනේ......ලග එන අපලෙට....."

"පුංචි මුදියන්සෙ කොළබ නේද ඉන්නෙ? දවස් හතක් එක දිගටම බෝධිපූජා තියන්න පුලුවන්ද?"

"මම පන්සලක් හොයං හරි තියන්නම් අපේ හාමුදුරුවනේ.....ඒක මම කරන්නම් කොහොමහරි"

"ඔව්....එහෙම කරන්නකො පුංචි මුදියන්සෙ....මම ආයෙ ආයෙ මේක බලලා මොකක් හරි හොයාගන්න පුළුවන් උනොත් කියන්නම්"

"හොදමයි අපේ හාමුදුරුවනේ"

"පුංචි මුදියන්සෙ නේත්‍ර දරුවට මේ ගැන යාන්තමට හරි පහදලා දෙන්න බලන්න....ඒත් මේ දේවල් කෙලින්ම කියන්න යන්න එපා.අපි උනත් වේලපත්කඩේ අයිතිකාරයටම මේ දේවල් නොකියා හිතවතෙක්ට කියන්නෙ ඒකනෙ....නැත්තං කලබල වෙලා නැති ප්‍රශ්න පවා ඇති වෙන්න පුළුවන්"

"එ....එහෙමයි අපේ.හාමුදුරුවනේ....මම මේ ගැන බලාගන්නම්"

"හොදයි පුංචි මුදියන්සෙ"

"ම්ම්ම්....අපේ හාමුදුරුවනේ....මේ ගැන අප්පච්චි දැනගන්නෙ නැති තරමට...."

"ඒ ගැන සැකයක් තියාගන්නෙපා පුංචි මුදියන්සෙ....මම එහෙමනම් මේ දේ කියන්න පුංචි මුදියන්සෙට එන්න කියන්නෙ නෑනෙ....ඔය වංශ ගැන නොහිතා දැඩි මිත්‍රත්වයක් හදාගත්තු පුංචි මුදියන්සෙගෙයි නේත්‍ර දරුවගෙයි මැද්දට මහ මුදියන්සෙව ගෙන්නවන්න ඕනි නැති බව මම දන්නවා"

"එහෙනම් මම ගිහින් එන්නම් අපේ හාමුදුරුවනේ...."

"හොදයි පුංචි මුදියන්සෙ....තෙරුන් සරණයි"

ආශව පිටත් වෙලා ආවෙ හිතේ ලොකු බරක් එක්ක.නේත්‍රගෙ ආරක්ෂාව කියන එක ආශවගෙ ජීවිතේ මූලිකම දෙයක් වෙද්දි නේත්‍රව රැකගන්න තවත් කරන්න ඕනි දේවල් ආශව කල්පනා කරන්න ගත්තා.බෝ මළුවෙ කොණකට වෙලා බෝ කොලයක් අතින් අරගෙන ඒක කරකෝ කරකෝ ඉන්න නේත්‍රව දැක්ක ආශවට තමන්ගෙ හැම පීඩනයක්ම පිට වෙලා යනවා දැනෙනවත් එක්ක නේත්‍ර ලගට ගිය ආශව නේත්‍රව නැගිට්ටවගත්තා.වෙලාවත් එන්න එන්නම පහු වෙද්දි ආශවට ආයෙමත් කොළබ යන්න වෙලාව ලං උනා වගේම ආශවව කොළඹින් බස්සන වැඩේ තෙවින් බාරගත්තා.

"මේ.....සනුක එන ගමන්ලු මෙහෙට....ඌ එක්කම යන්න පුළුවන් වෙයි මට"

තමන්ට ලැබුනු දුරකථන ඇමතුම එක්ක ආශව කට්ටියම දන්වද්දි හැමෝම ඒකට එකඟ උනා.දිවාෂලාගෙ ගෙදරට යන අතරමග තිබ්බ සේතං මාමලාගෙ ගෙදරට දිව්ව නේත්‍ර ටිකකින් ආවෙ අඹ ගෙඩි තුන හතරකින් අත් දෙක පුරවගෙන.

"මොකටද නේත්‍ර මේ?"

"චට්නියක් දාලා දෙන්නම් සුදුබේබි....තියාගෙන කන්න පුලුවන්නෙ"

නේත්‍ර කියද්දි ආශව ඔලුව වැනුවා.දිවාෂගෙ ගෙදරට ගිය නේත්‍ර ගිය ගමන් කුස්සියට රිංගලා ඒත් එක්කම ආයෙමත් ඔලුව කහ කහ ඇවිත් සාලෙන් හිටගනිද්දි සාලෙ හිටිය ඔක්කොමල්ලා නේත්‍ර දිහා බැලුවා.

"ඇයි නේත්‍ර?"

"ඇයි චූචියො?"

"අනේ ගෑස් ලිප ඔන් කරලා දෙන්නකො දිවාෂ....හුරු නැති නිසා බයයි මට"

නේත්‍ර කියද්දි හින වෙලා ඔලුව වැනුව දිවාෂ කුස්සියට යද්දි නේත්‍රත් ඒ පිටිපස්සෙන්ම ඇවිදන් ගියා.දෙන්නම කුස්සියට ගියාට පස්සෙ දෙවින් බැලුවෙ කුස්සියට යන නේත්‍ර දිහාට ඇස් අලවගෙන ඉන්න ආශව දිහා.උගුර දෙතුන් පාරක් පෑදුවත් ආශව තමන්ට අවධානෙ නොදුන්නු නිසා දෙවින් තෙවින්ගෙ අත කෙනිත්තුවෙ තෙවින්ගෙ කෑගහන සද්දෙන් ආශවගෙ අවධානෙ තමන්ට ගන්න.දෙවින් හිතුවා වගේම ආශවගෙ අවධානෙ තමන්ට ලැබුනා වගේම තෙවින් මූණත් බෙරි කරං අතේ රිදෙන තැන අතගගා හිටියා.

"එහෙ අවුලක් නැද්ද ආශව?"

"හොදයි.....ඒත් ඉතින් මෙහෙ වගේ නෑ....ටිකක් අමුතුයි"

"ඒ කිව්වෙ?"

"නේත්‍ර නෑ....ඒ නිසා හෙනම අඩුවක් දැනෙනවා මට එහෙ...."

"තව...."

"ආර්හ්!!! උබ මගෙ කටින් ගන්න හදන එක දන්නව මම....ඔව්....උබල නැතුවත් අඩුවක් තියෙනවා"

ආශව කියද්දි දෙවින් ආශව ලගින් ඉදගෙන ආශවගෙ කර වටේට අතක් දාගත්තා.යාලුවො දෙන්නා දිහා හිනා වෙවී බලන් උන්නු තෙවින් තමන්ගෙ දුරකථනෙට ආව කෙටි පණිවිඩයක් දිහා බලලා කරදරකාරී බැල්මක් එක්ක දුරකථනෙ පැත්තකට දැම්මා.ටිකකින් දිවාෂ සාලෙට එද්දි දෙවින් එක්ක කතා කර කර උන්නු ආශව නැගිටලා කුස්සියට ඇවිදන් ගියා.

"දිවාෂ මල්ලි....."

"ඕ දෙවින් පණ...."

"මෙහෙ එන්නකො....දෙයක් අහන්න තියෙනවා"

"කියන්ටකෝ චූටි බට්ටිච්චෝ"

උඩ පැන පැන දෙවින් ලගට ආව දිවාෂ දෙවින්ගෙ උකුල උඩට පනිද්දි දෙවින් දිවාෂව වැටෙන්න නොදී අල්ලගත්තා.එහෙම්මම දෙවින්ට හේත්තුවක් දැම්ම දිවාෂ දෙවින් දිහා හිනා වෙවී බලද්දි තෙවින් දිවාෂට ටොක්කකුත් අයින ගමන් එතන එහා පැත්තෙන් ඉදගත්තා.

"දිවාෂ මල්ලි මට මුකුත් හංගන්නෑ නේද?"

"ම්හ්ක්....මේ මොකත පණ මේ?"

"ඇත්ත කියන්නකො.....හංගනවද?"

"නෑ....එහෙම දෙයක් හංගලනම් නෑ....ඇයි දෙවින් පණ?"

"එහෙනම් මට ඇත්තම කියන්නකො"

"ඕ මොකත්ත?"

"දිවාෂ මල්ලිගෙ හිතේ කා ගැන හරි තියෙනවද? කැමැත්තක්?"

"ඕ....."

"කා ගැනද ඒ?"

"නේත්‍ර චූචියා ගැන"

"උබට ඉතින් හැම දේම විහිලුනෙ....මම මේ ඇත්තටම අහන්නෙ..."

"මාත් ඇත්තටම කියන්නෙ දෙවින් පණ"

"හරි.....නේත්‍ර මල්ලි ඇරුනාම වෙන කාටහරි?"

"නෑනෙ....ඇයි ඒ?"

"ම්ම්ම්ම්.....ඉන්දීප ගැන මොකක් හරි අයිඩියා එකක් තියෙනවද දිවාෂ මල්ලිට?"

"ඉන්දීප්පයියා ගැනද? නෑ නෑ....එයා හරි හොදයි.එච්චරයි"

"ඒත් ඉන්දීපගෙ හිතේ ඔයා ගැන ඊට වඩා දෙයක් තියෙනවා වගේ දිවාෂ මල්ලි"

"ඒ කිව්වෙ? එයා මට කැමතියි වගේ එකක්ද?"

"ඔව්...."

"මම කැමති නෑනෙ ඒත්"

"මම ඔයාට කැමති වෙන්න කියලා කියන්නෙත් නෑ කවදාවත්....ඒත් අපි ගැන බලාපොරොත්තුවක් තියං ඉන්න මනුස්සයෙක් අපේ හිනාවකින් පවා ඒ බලාපොරොත්තු වැඩි කරගන්නවා කියලා මගෙ මල්ලි දන්නවද?"

"නෑනෙ දෙවින් පණ"

"ඒක ඉන්දීපටත් වලංගුයි....ඔයා යාලුකමට උනත් එයා එක්ක වැඩියෙ කතාබහ කරද්දි ඉන්දීපට ඒක ලොකු දෙයක් වෙනවා....ඔයාගෙ හිතේ ඉන්දීප ගැන එහෙම කැමැත්තක් තියෙනවනම්,එහෙම ඉන්න එක ප්‍රශ්නයක් නෙවේ.....හැබැයි ඉතින් එහෙම හැඟීමක් නැතුව එයාට බලාපොරොත්තු ඇති වෙන එක අපරාදයක්"

"ඔව් දෙවින් පණ මට තේරුණා...."

"ඒ නිසා අපි එක්ක ඉන්න තරම් හිතවත්ව ඉන්දීප එක්ක හැසිරෙන්න යන්න ඕනි නෑ....තේරුනාද? අපි වෙනයි එයා වෙනයිනෙ....ම්ම්ම්...."

"හා දෙවින් පණ....මම ශේප් එකේ ඉන්න බලන්නම්"

"ඔව්....එහෙම හොදයි....හරි දැන් එන්නකො අපි කයියක් ගහමු.....ආශව දැන්මම එන එකක් නෑ"

දෙවින් හිනා වෙවී කියද්දි දිවාෂ දෙවින්ගෙ උකුලෙන් බැහැලා දෙවින් තෙවින් දෙන්නගෙ මැද්දෙන් ඉදගත්තා.දුරකථනෙට රවාගෙන බලන් ඉන්න තෙවින්ගෙන් ඒ ඇයි අහන්න හැදුවත් ඒක නැවතුනේ කුස්සිය පැත්තෙන් ඇහුනු හැඳි වගයක් වැටෙන සද්දෙට.

"චූචියෝ....."

"චූචියා හොදින් දිවාස....උඹ එන්න එපා මෙහෙට"

"ඕනි මගුලක් කරගනින් ආසව! බඩු මුට්ටු බිදින්න එපා හැබැයි මට ජානකීගෙන් ගුටි කන්න බෑ"

සාලෙ උන්නු දිවාෂට කෑ ගහලා උත්තර දුන්න ආශව බලන් හිටියෙ කුස්සියෙ ටයිල් තට්ටුව උඩට වෙලා තමන් දිහා ඇසුත් ලොකු කරං බලන් ඉන්න නේත්‍රගෙ මූණ.කුස්සියට ආව තමන් චට්නියට සීනි ටික කර කරමින් උන්නු පුංචි එකාව පිටිපස්සෙන් බදාගෙන ඉදල වද දීලා දීලා චට්නිය හරියනකං අඩු ගින්දරේ ඒක වහලා තිබ්බට පස්සෙ මෙතන උඩින් දඩ බඩ ගාලා තියාගත්තු හැටි මතක් උනු ආශවට තනියම හිනා ගියා.

"පරිස්සමින් ඉන්න ඕනි මගෙ මැණික තේරුනාද?"

"ඕ සුදුබේබි.....පලවෙනි පාර නිසා නේත්‍රට අසනිප උනේ...සුදුබේබි ලග නැතුව ඔච්චර දවස් ඉදලම නෑනෙ මම"

"ඔව් මම ඒක දන්නවා.....ඒත් ආයෙ මට මුකුත් හංගන්න එපා.තේරුනාද? මම බය වෙනවනෙ එතකොට...ම්ම්ම්...."

"හා සුදුබේබි....ආයෙ හංගන්නෑ"

"නේත්‍ර....."

"ම්ම්ම්ම්ම් සුදුබේබි"

"එක පාරක්...."

"හ්....හරි සුදුබේබි"

නේත්‍රගෙ අවසරේ එක්ක නේත්‍රගෙ කකුල් දෙක මැද්දට ආව ආශව නේත්‍රගෙ හීනි ඉන වටේ තමන්ගෙ එක අතක් පටලවගන්න ගමන් නේත්‍රගෙ අත් දෙක තමන්ගෙ උරහිස් වල පැටලෙව්වා.ඊලගට අත් දෙකෙන්ම නේත්‍රගෙ ඉණ ග්‍රහණය කරගත්තු ආශව ලාවට වෙවුලන නේත්‍රගෙ රෝස තොල් වලට බර වෙද්දි නේත්‍ර තමන්ගෙ බෝල ඇස් පියාගත්තා.නේත්‍රගෙ ඉණේ ග්‍රහණෙ වැඩි කරලා තමන් වෙතට තව තව ලං කරගත්තු ආශව තමන්ගෙ එක අතකින් නේත්‍රගෙ ඔලුව පිටිපස්ස අල්ලගෙන නේත්‍රව තවත් තමන්ටම හිර කරගත්තා.

"ම්හ්හ්....."

"නේත්‍රට තියෙන රහ.....ඒක හරි අමුතුයි නේත්‍ර"

පුංචි එකා උත්තරයක් දෙන්නත් කලින් ආයෙමත් නේත්‍රගෙ දෙතොල් ඩැහැගත්තු ආශව තමන්වම පිස්සු වැටෙනකං නේත්‍රව සිපගත්තා.නේත්‍රගෙ කටින් පිට වෙන හීන් කෙදිරිලි එක්ක තමන් තව තවත් ඇවිස්සෙනවා දැනෙද්දි තමන් නේත්‍රගෙන් ඈත් විය යුතු බව මොලෙන් දැන්වුවත් ආශව හදවතට ඇහුම්කන් දෙන ගමන් නේත්‍රව තදින් සිපගනිමින් හිටියා.

"බුදුඅම්මෝ මෙන්න කට කනවෝ!!!!!"

චට්නිය කර වෙනවා වගේ සුවදක් දැනුනු දිවාෂ කුස්සියට දුවගෙන එද්දි ආශවගෙ එක උරහිසක් තමන්ගෙ පුංචි අතින් මිරිකගෙන අනික් අත කුස්සියෙ ටයිල් තට්ටුව පුරා අරං යමින් උන්නු නේත්‍රව පිස්සුවෙන් වගේ සිපගන්න ආශවව දැක්ක දිවාෂ උන් හිටි තැන් අමතක කරලා කෑ ගැහුවා.ඒත් එක්කම කුස්සියට දුවං ආව දෙවින් තමන්ගෙ ඇස් දෙකත් වහං අත් දෙකෙන් දිවාෂගෙයි තෙවින්ගෙයි ඇස් වහද්දි දිවාෂනම් උත්සාහ කලේම දෙවින්ගෙ ඇගිලි අස්සෙන් අර රෝමාන්තික දර්ශනේ බලන්නමයි.

"උබලත් මහ අප්පෝ!"

නේත්‍රව කුස්සියෙ තට්ටුවෙන් බැස්සෙව්ව ආශව අර තුන් කට්ටුව දිහා රවලා බලද්දි නේත්‍ර කලේ ආශවගෙ පිටිපස්සෙ හැංගුණු එක.නේත්‍රගෙ වෙවුලන පුංචි අත ආශවගෙ අස්සෙන් දැක්ක දෙවින් අනික් දෙන්නවත් ඇදගෙන කුස්සියෙන් එලියට යද්දි ආශව නේත්‍රගෙ පැත්තට හැරුණා.

"ඩ්...දෙයියනේ නේත්‍ර ඇයි මෙ අඩන්නෙ! මම රිද්දුවද මැණිකෙ?"

"න්....නෑ සුදුබේබි....අනේ ඒත් නේත්‍රට ලැජ්....ලැජ්ජයි සුදුබේබි....අනේ මට ලැජ්ජයි"

"එයාලා විහිලු කරන්නෑ මැණිකෙ...බය නැතුව ඉන්නකො"

පුංචි එකාගෙ මූණට නැවුණු ආශව ඒ පුංචි මූන පුරාම ගලන් ගිහින් තිබ්බ කදුළු ටික පිහිදලා නේත්‍රව උස්සලා කුස්සියෙ තට්ටුව උඩින් ආයෙම තිබ්බා.චට්නියෙන් කෑල්ලක් හැන්දකට ගත්තු ආශව ඒක කටට දාන් හපලා ඇසුත් ලොකු කරලා ඒකෙ රස ගැන නේත්‍රට කියද්දි නාහෙ එකපාරක් උඩට ඇද්ද නේත්‍ර හා දත් දෙකත් එලියෙ දාලා ආශව එක්ක හිනා උනා.

"මේ ටිකේම මගෙ චූටි බබා අඩනවනෙ.....බලන්නකො....දැනුත් ඇඩුවා"

"ආයෙ අඩන්නෑ....සුදුබේබි නේත්‍ර අඩන්නෑ"

"කාලා බීලා ෆිට් එකේ ඉන්න ඕනි....තේරුනාද මැණිකෙ? අඩන්නත් බෑ ආයෙ.....අඩලම තෙහෙට්ටු වෙයි ඔයාව"

"ආයෙ අඩන්නෑ සුදුබේබි"

ආයෙමත් නේත්‍රගෙ මූණ පුරාම ආශව සමනල් හාදු තියද්දි නේත්‍ර ආශව එක්ක කිචි කිචි ගගා හිනා උනා.අන්තිමේදි පිරිසිදු කරපු හිස් ජෑම් බෝතලේකට චට්නි ටික දැම්ම නේත්‍ර ඒක පිලිවෙලට ආශව ඇදුම් ගෙනාව පුංචි බෑග් එකේ ඇහිරුවා.

"සනුක ඇවිල්ලද කොහෙද? මම ඉක්මනට උඩට දුවලා එන්නම්"

කට්ටිය මුකුත් කියන්න කලින් ආශව උඩ තට්ටුවට දුවද්දි සනුක බෙල් එක ඔබාගෙන ඉන්න නිසා තද උනු දිවාෂ ගේට්ටුව ලගට යන්න හැදුවත් තෙවින් දිවාෂව අල්ලගත්තෙ දිවාෂ ඔතනට ගියොත් දිවාෂ සනුකට දෙකක් කියන බව දන්න නිසා.මනුස්සයෙක්ට එහෙම බලාගෙන ඉන්න දෙන්න හොද නැති නිසා ගේට්ටුව ලගට ගිය නේත්‍ර ගේට්ටුව අරිද්දිම ගේට්ටුව ලග හිටගෙන හිටිය කොල්ලා මහ හයියෙන් කෑ ගැහුවා.

"උබට මම එනවා කියලා කිව්වම ගේට් එක ලගට වෙලාවත්....ඕහ්! වාව්!"

නේත්‍ර බලාගෙන හිටියෙ අව් කණ්නාඩියත් ගලවලා තමන් දිහා කටත් ඇරං බලන් ඉන්න පිරිමි ලමයා දිහා.මේ සනුක වෙන්න ඇති කියලා හිතුව නේත්‍ර ලස්සනට හිනා වෙලා සනුකට කතා කලේ සුදුබේබිගෙ යාලුවෙක් නිසා.

"මේ සනුක අයියද? එන්න අයියෙ ඇතුලට"

"ඔහ්! ඔ....ඔයා ඇත්තම එක්කෙනෙක් නේද? වොහ්! මම හිතුවෙ ඒන්ජල් කෙනෙක් කියලා"

සනුක මෙලෝ කමකට නැතුව නේත්‍ර ඉස්සරහ තමන්ගෙ හිතට ආව වචන ඔක්කොම තිරිංග නොදා එක දිගටම කියවගෙන යද්දි නේත්‍ර අපහසුවෙන් හිනා වුණා.කොහොමත් සනුක කියන්නෙ හරි අපූරු මනමාලයෙක් වග නේත්‍ර නොදැන හිටිය නිසා නේත්‍රට සනුකගෙ වචන අපහසුවක් උනා.සමාජෙ එක්ක තවම හරි හැටි ගැටුනෙ නැති කෙනෙක් උනු නේත්‍රට මේ දේවල් වලට මූණ දෙන්න ඕනි හැටි හරිහැටි නොතේරුනු නිසා නේත්‍ර මුණිවත රැක්කා.

"ඔයා බය වෙලාද ඉන්නෙ? ඕහ්! ආශවයා....වරෙං ඉක්මනට යං"

"නේත්‍ර....ඇයි බය වෙලා වගෙ? මූ ඔයාට මොනාහරි කිව්වද?"

නේත්‍ර ලගට ආව ආශව සන්සුන්ව අහද්දි නේත්‍ර හිනා වෙලා ඔලුව දෙපැත්තට වැනුවා.නේත්‍රගෙ උත්තරෙන් සෑහීමකට පත් වුනු ආශව සනුකව කට්ටියට හදුන්වලා දීලා එහෙම්මම සනුක එක්ක යන්න පිටත් වුනේ සනුක තේ එකක්වත් බොන්න නැවතෙන්න බෑ කියලා කිව්ව නිසා.ආශව යන්න ලංවෙද්දිම ආශවගෙ අතින් අල්ලලා නැවැත්තුව නේත්‍ර එහෙම්මම දණ ගහලා ආශවගෙ කකුල් දෙක අල්ලලා වැන්දෙ ඇස් වලින් වැටෙන්න දඟලන කදුළු වලට එලියට පයින්න ඉඩක් නොතියා.

"නේත්‍ර පරිස්සමට ඉන්න තේරුණාද? බුදු සරණයි මැණිකේ"

"පරිස්සමින් ගිහින් එන්න සුදුබේබි....දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි"

නේත්‍රව ටික වෙලාවක් තුරුල් කරං හිටිය ආශව නේත්‍රගෙන් ඈත් වෙද්දිම වගේ කාරය ලගට ගිහින් මොනාහරි අරං ආව සනුක කට්ටියගෙ ඉස්සරහට ආවා.

"ගෙදරකට යද්දි හිස් අතින් යන්න බෑනෙ.....මම බිස්කට් එකක් අරං ආවා....දැක්ක දේවල් එක්ක ඒකත් අමතක උනා.ආ මල්ලි"

සනුක නේත්‍රගෙ මූණ ඉස්සරහට කවරෙ දික් කරද්දි ආශව දිහා බැලුව නේත්‍ර සනුක දුන්නු කවරෙ තමන්ගෙ අතට ගත්තා.කට්ටිය දිහා බලලම යන්නම් කිව්ව සනුක නේත්‍රට විශේෂයෙන්ම යන්නම් කියලා කාරයට නගිද්දි නේත්‍ර ලගට ඇවිදන් ඇවිත් ආයෙමත් වතාවක් නේත්‍රගෙ නලල සිපගත්තු ආශව අනික් තුන්දෙනාටත් කෙටි වැලදගැනීම් ලබා දීලා සනුක එක්ක වාහනේට නැග්ගා.

ආශව ලොකු හුස්මක් පහල දාලා පැති කණ්නාඩිය දිහා බලද්දි ආශව දැක්කා නේත්‍ර දිවාෂට වාරු වෙනවා.පුංචි කාලෙ ඉදලා හුස්මක දුරින් හැදුනු වැඩුනු,උදේ හවා දකින තමන් දෙන්නා මේ තරම් වෙන් වෙලා ඉදලා නැති එක තමන්ට වගේම නේත්‍රටත් දරන්න බැරි බව ආශව දැනගෙම හිටියා.නේත්‍ර අසනීප වෙන්න පවා මූලිකම හේතුව වෙලා තිබ්බෙ ඒක.ඒත් තමන් දෙන්නම මෙ දේවල් වලට හුරුවිය යුතු බව ආශව දැනගෙන හිටියා.වංගුව ගන්නවත් එක්ක අන්තිම වතාවටත් නේත්‍රගෙ රූපෙ දිහා බොද වුණු ඇස් වලින් බලන් හිටිය ආශව එහෙම්මම ජනේලෙය ඔලුව බර කරගත්තෙ තමන්ගෙ පපුව ඇදුම්කනවා වගේ දැනෙද්දි.

"කට්ටිය දාලා එද්දි අවුල් වගේ නේද ආශවයා"

"ඔව් සනුක...."

"ම්ම්ම්ම්....මේ....අර මල්ලි කවුද? චූටිම එක්කෙනා එතන හිටිය?"

"චූටි දෙන්නෙක් හිටියනෙ?"

"නෑ නෑ....බබෙක් වගේ මල්ලියෙක් හිටියෙ එයා ගැන මම අහන්නෙ.....සුදු ලොකු ෂර්ට් එකක් ඇදන් හිටියෙ"

"ආහ්...නේත්‍ර"

"ම්ම්ම්ම්"

සනුක ලාවට හිනා වෙන ගමන්ම වාහනේ සුක්කානම කරකවලා වාහනේ ප්‍රධාන මාර්ගයට දාලා පදවන්න ගත්තා.සනුකගෙ ඇස් හීනි වෙලා තනියම හිනා වෙවී යන හැටි දැක්ක ආශවට ඒකට හේතුව ගැන සැක හිතුනත් සනුක එක්ක කේන්ති ගන්න බැරි නිසා ආශව ඉවසන්න තීරණේ කලා.

"සනුක...."

"ම්ම්ම්ම්"

"උඹ මොකෝ මල්ලි ගැන ඇහුවෙ? උබට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නේද හිටියෙ?...එහෙම සීන් එකකට නෙවේනෙ ඇහුවෙ?"

"ම්ම්ම්ම්.....ම්ම්ම්....ඊට කලින් මට අෆෙයා එකක් තිබ්බා ආශව....අපේ වයසෙම බෝයි කෙනෙක් එක්ක"

සනුක හිනා වෙවී කියද්දි ආශව දත්මිටි කාගෙන අහක බලාගත්තෙ සනුක ඒ හැටි නරක මිනිහෙක් නොවුනට නේත්‍ර ගැන මොකක් හරි ආකර්ශනයක් හරි ඇති වෙලා කියලා තේරුනු නිසා.මෝඩයෙක් නොවුණු ආශවට තේරුනා සනුක එක්ක කේන්ති ගන්න ඕනි නැති බව වගේම නේත්‍ර සමාජෙ ඉස්සරහට එද්දි මේ දේවල් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ නේත්‍රගෙ රූපෙ,හැසිරීම,ගතිගුණ එක්ක සාමාන්‍ය වගත්.ඒත් එක්කම ආශවට මතක් උනේ තෙවින්ව.ඒ ප්‍රශ්නෙත් එහෙම ලස්සනට විසදුනා ව්ගේ සනුකත් දවසක තමන් දෙන්නව තේරුම් ගනියි කියලා ආශව විශ්වාස කලා.මොකද ආශ්‍රේ කල ටික කාලෙට උනත් මිනිස්සුන්ව වැඩියෙ ආශ්‍රේ නොකරන ආශව සනුකව යාලුවෙක් හැටියට පිලිගත්තා කියන්නෙ සනුක නරක කෙනෙක් වෙන්න බැහැ.

"ආශවයා.....නැගිටපං අපි ආවා"

ආශවව ඇහැරෙව්ව සනුක වාහනෙන් බැහැලා යද්දිම හොස්ටලය ඇතුලෙ ඉදලා එලියට දුවං ආව ලියෝන් ආශව  ලගට ඇවිත් හිටගෙන හිනා උනා.

"ආන්ටිට කොහොමද තිදස්වර අයියේ?"

"තිදස්වර? මොකෝ එකපාරටම?"

"හැමෝම ඔයාට කතා කරන්නෙ ආශව කියලනෙ....මම වෙනස් විදියට කතා කරන්න හිතුවා...එතකොට ඔයාල ලියෝන් මල්ලිව අදුනගන්න ලේසියිනෙ"

"ආහ්"

"අම්මට කොහොමද ඉතින්?"

"ම්ම්ම්ම්......අවුලක් නෑ...ඉක්මනටම සනීප වෙයි"

"හරී...දෙන්න ඔය බෑග් එක මම ගන්නම්"

"එපා....ඔයා කරදර වෙන්න ඕනි නෑ ලියෝන්.මගෙ වැඩ මට කරගන්න පුළුවන්"

"අප්පෝ නපුරු තිදස්වර"

ලියෝන් යටි ගිරියෙන් කෑ ගහන එක කනකට නොගත්තු ආශව තමන්ගෙ කාමරේ පැත්තට ඇවිදන් යද්දි ලියෝන් කියව කියව පස්සෙන් දුවගෙන ආවා.ඇදුම් බෑගය ඇතුලෙන් චට්නි බෝතලේ ගත්තු ආශව ඒක පරිස්සම් සහගතව මේසෙ උඩින් තියලා එහෙම්මම තුවායත් අරං නානකාමරේට ගියේ ලියෝන්ට තනියම කියවන්න ඉඩ දීලා.

"සනුක අයියා අද ආව වෙලේ ඉදන් ලස්සන මල්ලියෙක් ගැන කියෝනවා අන්න...කාටද පුළුවන් වෙලා තියෙන්නෙ සනුක අයියගෙ හිත හොල්ලන්න?"

"ආහ්.....මගෙ මල්ලි ඒ"

"ආශව අයියට මල්ලිලා නෑනෙ?"

"ආහ්...ඕ....ලගම නෑදෑයො"

"ආ...මෙන්න මම තේ එකක් හදවගෙන ආවා....ආ බොන්න"

ලියෝන් දික් කෙරුව තේ කෝප්පෙ අතට ගත්තු ආශවට ලාවට වගේ හිනා ගියේ ඒ කිරි තේ එක දැකලා.කොහෙහරි ගිහින් ආවට පස්සෙ තමන් බොන්න ආසම කිරි කෝපි එක හදාගෙන තමන් ලගට උඩ පැන පැන එන්න පුංචි හා පැංචව මතක් උනු ආශව තමන්ගෙ ඇස් වලට ලාවට ඉනුව කදුළු පිහගෙන දුරකතනෙ අතට අරං බැලුවෙ නේත්‍රගෙන් ආව කෙටි පණිවිඩේට තමන් දුන්නු උත්තරේට ආපිට පිලිතුරක් ලැබිලද කියලා.'සුදුබේබි එහෙනම් ඇඟ සෝදන් තේ එකක් බොන්න' කියලා නේත්‍ර දාලා තිබ්බ පිලිතුර දිහා බලලා ආදරෙන් හිනා වුණු ආශව ලියෝන් දිහා බැලුවා.

"එක්ස්කියුස් මී ලියෝන්....මම කෝල් එකක් අරං එන්නම්"

"හරි තිදස්වර අයියේ.....මම යනව එහෙනම්"

හිනා වෙලා කිව්ව ලියෝන් කාමරේ දොරත් වහගෙන එලියට යද්දි තේ කෝප්පෙන් උගුරක් බිව්ව ආශව එක අතකින් තේ කෝප්පෙ අරං අනික් අතින් නේත්‍රට ඇමතුමක්  ගත්තු දුරකතනෙ තමන්ගෙ කනේ තියං කාමරේ ජනේලෙ ලගින් හිටගෙන අදුරු වැටීගෙන එන කොළබ ආකාහෙට දිහා බලගෙන හිටියා.

"සුදුබේබි!"

"මැණික.....ආයෙ දොයියගත්තද? ම්ම්ම්?"

"නෑ සුදුබේබි....මම දිවාෂ එක්ක රෑට කෑම හැදුවා.අද ජානකී නැන්දලා එනවලු.පවුනෙ එයාලා ඇවිල්ලා උයන්න උනොත් එහෙම"

"ආ....ශෝක්නෙ....අදත් දිවාෂලාගෙ ගෙදරද ඉන්නෙ?"

"ඕ සුදුබේබි.....හෙට රෑට යනවා ගෙදර.අම්මා තනියමනෙ මේ ටිකේ"

"පරිස්සමට ඉන්න ඕනි තේරුනාද? ඉස්කෝලෙ ඇරිලා ඇවිත් හවස් වෙනකං දිවාෂලාගෙ දිහා ඉන්න"

"හා සුදුබේබි....එහෙම කරන්නම්ම්ම්ම්"

"කතා කරන්න පුලුවන්ද දැන්? වැඩක නෙවේද ඉන්නෙ?"

"නෑ සුදුබේබි....වැඩක් නෑ....මම මේ බැල්කනියට වෙලා ඉන්නෙ.රෑට පාඩම් කරනවා"

"එහෙනම් කමක් නෑ....පාලුයි නේත්‍ර මට"

"හ්ම්ම්ම්.....මටත් සුදුබේබි"

"ඔයා අ....."

"ආ.....ආසවාආආආආආආඅ"

ඒත් එක්කම ආශවට දිවාෂගෙ සද්දෙ ඇහෙද්දි ඇස් දෙක රෝල් කෙරුව ආශව උත්තරයක් නොදී හිටියා.ටික වෙලාවක් යනකං සද්ද නැතුව හිටිය දිවාෂ ආයෙමත් කතා කරන්න ගනිද්දි ඇහුනු නේත්‍රගෙ හිනාව එක්ක ආශවටත් හිනා ගියා.

"උඹ ඔහෙට වෙලා ඉදපංකො....මම චූචියා එක්ක නුවර වටේ ට්‍රැවල් කරලා....ව්ලොග් එකකුත් කරලා දානවා යූ ටියුබ්.....ෆොටෝසුත් ගහලා දානවා ඉන්ස්ට!"

"ආ....ඒකට කමක් නෑ....මම මගෙ ප්‍රයිවට් කලෙක්ෂන් එකෙ තියෙන සෙමි රොමෑන්ටික් ෆොටෝ එකක් දාලා කලඹනවා සෝශල් මීඩියාස් ඔක්කොම...ෆුල් රොමෑන්ටික් එව්වා දැම්මම දාන්න බෑනෙ....උබ ගහන ඒවට වඩා මගෙයි නේත්‍රගෙයි එව්වා මම ලග තියේනෙ දිවාස!"

"උඹට බලපංකො වෙන දේ ආසව මගෙ චූචියව උදුරගත්තට"

ආශවට කෑ ගැහුව දිවාෂ ආයෙමත් දුරකතනෙ නේත්‍රට දුන්නම නේත්‍රයි ආශවයි ඇති වෙනකල්ම හිනා උනා.කොහොමත් මනුස්සයෙක්ගෙ මූණට හිනාවක් ගේන්නම දිවාෂ ඉපදුනා කියලයි නේත්‍ර විශ්වාස කලේ.

"ඔයා ලග හිටියනම්....."

"මටත් එහෙම හිතෙනවා සුදුබේබි....ඒත් අපි ඉවසමුකො"

නේත්‍ර නුවර ආකාහෙ දිහා බලාගෙන හූල්ලද්දි ආශව කොළබ ආකාහෙ දිහා බලන් හීල්ලුවා.දෙන්නා එක්ක හිත් නිදහස් වෙනකංම කියවද්දි ආශව තේ එකේ අන්තිම බින්දුවත් බීලා ඉවර කරලා ඇදේ දිගා උනා.අන්තිමට ආශවට නේත්‍රගෙ ඇමතුමෙන් සමුගන්න උනේ කොහෙදෝ ඉදලා ඇවිත් තමන්ගෙ ඇගට කඩා පැන්න සනුක නිසා.

"මොකද සනුක! බීපු තේ එකත් එලියෙ තව ටිකකින්"

"මේ....මම අර ලස්සන මල්ලිගෙ ඉන්ස්ට ඇක හොයාගත්තා අනේ.....නේත්‍ර නම.ලස්සනයි නේද අප්පා...නුවරලු ඉන්නෙ.ඉස්කෝලෙත් මේ දාලා තියෙන්නෙ...."

"සනුක...."

"ඕහ්හ්"

"ඔව්වා මට කියන්නෙ ඇයි? මම ඒ ලමයගෙ අයියා කියලා අමතක උනාද?"

"අම්මටසිරි ඔව්නෙ.....අනික මම හොයාගත්තෙත් උඹේ අකවුන්ට් එකෙන්.කල වැද්දා වගේ ඉන්න උබේ ෆොටෝ අස්සෙ තිබිලා චූටි ඒන්ජල්ගෙ ෆොටෝ එකක් හොයාගත්තෙ.උබ හොද වෙලාවට මල්ලිව ටැග් කරලා තිබ්බා"

"හ්ම්ම්ම්....අපරාදෙ ටැග් කලේ"

"ඒ නැතත් උබේ ෆලෝවින් බලපංකො.විස්සක්වත් නෑ...ෆලෝවර්ස්ලා එයිට් කේ ගානක්....යැව් යැව් තමා....හොයාගන්න ලේසියි අර විස්ස අස්සෙන්"

සනුකට පයින් එකක් ගහලා පැත්තකට කෙරුව ආශව ආයෙමත් නේත්‍ර එක්ක කෙටි පණිවිඩ හුවමාරු කරගන්න පටන් ගනිද්දි සනුක නේත්‍රගෙ ගිණුමට ගිහින් අඩ අඩ හිටියෙ නේත්‍ර ඒක අගුලු ලාගෙන ඉන්න නිසා.නේත්‍රගෙ අනුගාමිකයෙක් වෙන්න තියෙන උවමනාවට "follow" බටනය එබුව සනුක බලන් හිටියෙ ඕක නේත්‍ර මොන වෙලේ හරි "accept" කරනකං.ඒත් ඉතින් අසරණ සනුක දැනන් හිටියෙ නෑ නේත්‍ර ඉන්ස්ටග්‍රෑම් වෙත පිවිසෙන්නෙ ආශවගෙ දුරකථනයෙම් හොට්ස්පොට් සක්‍රීය කරගෙන කියන වග.

.

.

.

.

.

"කවද්ද?"

"ලබන සිකුරාදා"

"ම්ම්....තව දවස් තුනයි"

"ඔව් මහීල්"

"එදාට ගේමක් ගහන්න පුලුවන්ද?"

"බර්ත්ඩේ පාටි එක තියෙන්නෙ අපේ අන්කල්ගෙ හොටෙල් එකේ මහීල්.....අනික ඕක නිමේත්ගෙ බර්ත්ඩේ පාටි එක නිසා නේත්‍රයි දිවාෂයි අනිවාර්යයෙන්ම එයි"

"හ්ම්ම්ම්....එහෙනම් අවුලක් නෑ.ශේප්නෙ"

"යස්"

"උඹ මොකද්ද අයියෙ මේකෙන් බලාපොරොත්තු වෙන්නෙ?"

"හොද ප්‍රශ්නයක්! නේත්‍ර මගෙ අතින් විනාස උනාට පස්සෙ ආශව පිස්සෙක් වෙයි.....එක්කො ආශව නේත්‍රව දාලා යයි.නැත්තං නේත්‍රයාව රැක රැක ලගින් ඉදියි....කොහොම කලත් ඌ මෙන්ටලි ඩවුන් වෙයි....ප්‍රැක්ටිස් යන්න බැරි වෙයි.....ලග එන ටූනමන්ට් එක ඒ හැටි ලොකු එකක් නොවුනට,ඊලගට එන වර්ල්ඩ්කප් ටූනමන්ට් එක ආශවට හුගක් ඉම්පෝටන්ට්.ඌ ඒකෙන් එලියට විසික් උනා කියන්නෙ උගෙ හීන ඔක්කොම ඉවරයි....නේත්‍රත් ඉවරයි!....මට සතුටුයි"

"උඹ හිතනවද ආශව නේත්‍රව අතාරියි කියලා"

"මොන මිනිහද කැමති වෙන කෙනෙක්ගෙන් විනාස උනු එකෙක්ව බාරගන්න? අනික ආශවයා උනත් නේත්‍රව ආශ්‍රේ කරන්නෙ ආතල් එකට වෙන්නත් පුළුවන්"

රධීන්ගෙ වචන එක්ක මහීල් තමන්ගෙ අතේ තිබ්බ බියර් ටින් එක පැත්තකට කරලා කට කොනකින් හිනා වෙලා රධීන් දිහා බැලුවා.

"ආශව නේත්‍ර එක්ක සම්බන්ධයක් තියං ඉන්නෙ ආතල් එකට කියලා රධීන් අයියා හිතනවනම් මෙච්චර දෙයක් කරලා වැඩක් තියෙනවද? ඇත්ත පිලිගනින් උඹ"

"ආශ්!!!!!"

මහීල්ගෙ වචන වලට යකා නැග්ග රධීන් තමන් ලගම තිබ්බ පුටුවට පයින් ගහලා ටික වෙලාවකින් ආයෙමත් මහීල් දිහා බැලුවෙ හිනා වෙලා.

"ඕකේ....මම පිලිගන්නම්.....ඇත්ත.ආශව ඒක සීරියස් කරන්නෙ කියලා තේරෙන නිසා තමා මෙහෙම දේකින් ආශවව වට්ටවන්න හදන්නෙ මම....ඌට දරාගන්න බැරි වෙයි හැබැයි උගෙ කොල්ලා මට යට උනා කිව්වම.....මොනා උනත් නේත්‍රව දැක්කමත් මට ෆීල් වෙනවා මහීල්....උඹ දන්නවද?"

තමන්ගෙ අතේ තිබ්බ සිගරැට්ටුව බිම දාලා පෑගුව රධීන් වියරුවෙන් වගේ හිනා වෙද්දි මහීලුත් ඒ හිනාවට සහභාගී උනා.දුරකථනෙ තිබ්බ නේත්‍රගෙ ෆොටෝව දිගේ ආසාවෙන් තමන්ගෙ ඇගිලි අරං ගිය රධීන් අහකට කෙල ගහලා දාලා දුරකථනය විසික් කලේ නේත්‍ර තමන්ව ගණන් නොගත්ත හැටි මතක් කරන ගමන්.

"හැමදේම හොදින් වෙයි....ආශවයා ඉන්නෙ කොළඹනෙ...ඌට දැනගන්න ඉඩක් නෑ"

"හ්ම්ම්ම්"

රධීන් හිතුවා.හැමදේම තමන්ට ඕනි විදියටම වෙයි කියලා රධීන් හිතුවා.ඒ වගේම විශ්වාස කලා.ආශව නැති එක වගේම නේත්‍රලා තනියෙන් එන ගමනෙදි තමන්ට ඕනි දේ කරගන්න රධීන් මේ වෙද්දිත් පිඹුරුපත් සකසලා තිබ්බා.නේත්‍රව රකින එක ජීවිතේ පලවෙනිම රාජකාරි වලින් එකක් කරගෙන හිටියත්,ආශව දැනගෙන නොහිටින්න ඇති තමන් ඕනිම වෙලාවෙදි තමයි නේත්‍රගෙන් දුරස් වෙලා ඉන්නෙ කියන එක.ඒක දැනන් හිටියනම් ඉස්සරහට වෙන්න තිබ්බ ගොඩක් දේවල් වලක්වගන්න ඉඩකඩ තිබුණා.

.

.

.

.

.

.

"නේත්‍ර චූචියෝ...."

"ඕ දිවාෂ......කියන්න"

"අනේ ඔය ගාණ හදලා ඉවර වෙලා කියනවද? මට ඔයාට බඩ්ඩක් ගැන කියන්න තියෙනවා"

"ආ ඉන්න....මම ඉක්මනට හදලා ඉවර වෙනකං"

දිවාෂ සාමාන්‍යෙන් එහෙම ඉල්ලීම් කරන කෙනෙක් නොවුනු නිසා නේත්‍ර ඉක්මනටම ගාණ හදල ඉවර කලා.හවුල් ව්‍යාපාර ගාණට පොඩ්ඩක්වත් ආසා නැති උනාට ඒක හදන්න ඕනි එකක් නිසා හදලා දැම්ම නේත්‍ර හරි උත්තරේ එක්ක තමන්ගෙ උත්තරේ සංසන්දනය කරලා පොත වහලා දාලා දිවාෂගෙ පැත්ත හැරුණා.

"කියන්නකො දිවාෂ"

"ම්ම්ම්.....ආසවයා මම මොනාහරි ඌට කිව්වා කියලා ඔයාට කිව්වෙ නැද්ද?"

"තෙවින් අයියා සම්බන්ධ දේද?"

"අපෝ ආසවයා ටක් ගාලා ඇක්ටිව් නේත?"

"මගෙයි සුදුබේබියි රහස් නෑනෙ දිවාෂ....ඒකයි කියන්න ඇත්තෙ.කියන්නකො ඔයාත්"

"මටත් ඒක ගැන තමා ඔයාට කියන්න ඕනි උනේ චූචියො"

"ඕ....."

"මේකයි.....අනේ මංදා...මගෙ හිතට ඒ දේ ගැන හරි නෑ වගේ"

"ඒ ඇයි දිවාෂ?"

"ඇත්තටම මේකයි.....ඔයාට කැමති වෙලා පොඩි ප්‍රශ්නෙකුත් ඇති කරගත්තු කෙනාට මම කැමති උනොත් ඔයාගෙයි ආසවගෙයි හිත රිදෙයිද චූචියො...මට් ඇත්තම කියන්නකො"

"අනේ දිවාෂ! මේ මොනාද මේ අහන්නෙ?"

ඇදේ ඉදගෙන හිටිය දිවාෂ ලගට ගිය නේත්‍ර දිවාෂ ලගින් ඉදගෙන දිවාෂගෙ අතක් තමන්ගෙ පුංචි අත් අතරට මැදි කරගත්තා.නේත්‍ර දිහා බලලා හිනා උනු දිවාෂගෙ හිනාව වෙනදා වගේ නැතුව අද ටිකක් මලාණික වෙලා තිබ්බ එක ගැන නේත්‍රගෙ හිතට පවා එක් කලේ අවුල් සහගත බවක්.

"අහන්නකො දිවාෂ......"

නේත්‍ර කතාව පටන් ගනිද්දි දිවාෂ නේත්‍ර දිහා බලලා ඔලුව වැනුවා.

"ඕනිම මනුස්සයෙක්ට හැඟීම් කියන දේවල් තියෙනවා.ඒවා කොයි වෙලේ කා ගැන ඇති වෙයිද කියලා කියන්න අපි දන්නෙ නැහැ....මට සුදුබේබි ගැන ඇති උනා වගේ,සුදුබේබිට මම ගැන ඇති උනා වගේ,දෙවින් අයියට දෙනෙත් අයියා ගැන ඇති උනා වගේ,දෙනෙත් අයියට දෙවින් අයියා ගැන ඇති උනා වගේ.....තෙවින් අයියා ගැන ඔයාට ඇති වෙන්න පුළුවන් එහෙම හැඟීමක් දිවාෂ....ඒකට හේතු නැහැ.මගෙන් ඇහුවොත් සුදුබේබිට ඇයි ආදරේ කරන්න ගත්තෙ කියලා,ඒකට හේතුවක් නැහැ දිවාෂ.....හේතුවක් තියෙන තැනක ආදරේ නැහැ.මොකද ඒ හේතුව නැති උනු දවසට ආදරෙත් නැති වෙන්න පුළුවන්....හේතු නැතුව කරන ආදරේ ලස්සන ඒකයි.මොකද අපි ආදරේ කරන්නෙ ඒ කෙනාගෙ ආත්මෙට"

"චූචියා කියන්නෙ මම එයාට ආදරේ කරන එක අවුලක් නෑ කියලද?"

"ඔව් දිවාෂ....මම නම් ඒකෙ වරදක් දකින්නෑ.....තෙවින් අයියගෙ හිතෙත් ඔයා ගැන හැඟීමක් තියෙනවා කියලා මට නිකං හිතෙනවා"

"චූචියා හිනා වෙන්නෙ නැත්තං මම බඩ්ඩක් කියන්නද?"

"මොකද්ද දිවාෂ? මම එහෙම හිනා වෙන්නෑ කියලා දිවාෂ දන්නවනෙ"

"තෙවින් අයියා මගෙ කම්මුලට හාච්චියක් දුන්නනෙ ඒයි"

"හෑයියා!!!"

නේත්‍ර තමන්ගෙ කට අතින් වහගෙන දිවාෂ දිහා බලද්දි දිවාෂ එහෙම්මම කොට්ටයක් අස්සෙ මූණ ගහගත්තා.දිවාෂගෙ මූණ අමාරුවෙන් එලියට ගත්තු නේත්‍ර දිවාෂගෙන් විස්තරේ අහගෙන ආයෙමත් කට අතින් වහගත්තා.

"තෙවින් අයියත් කැමති ඇති දිවාෂ එහෙනම්....නැත්තං නිකං උම්මා දෙන්නෙ නෑනෙ"

"අනේ මංදා නේත්‍ර....බලමුකො අපි....ම්ම්ම්"

"ඔව්.....හදිසි වෙන්න හොද නැහැ"

දිවාෂගෙ ඔලුව අතගෑව නේත්‍ර කියද්දි නේත්‍රව ඇද විට්ටමට හේත්තු කෙරුව දිවාෂ කොට්ටයක් නේත්‍රගෙ උකුලෙන් තියලා තමන්ගෙ ඔලුව ඒ මත තියාගත්තා.නේත්‍රගෙ පුංචි ඇගිලි වලින් තමන්ගෙ ඔලුව අතගෑවෙද්දි දැනෙන සනීපෙට දිවාෂගෙ ඇස් පියවීගෙන එද්දි නේත්‍ර තමන්ගෙ දුරකතනෙන් ආශවට කෙටි පණිවිඩයක් දැම්මෙ තමන් නිදාගන්න යන වග කියලා.

ආශවගෙ කමිසයක් තුරුල් කරගත්තු නේත්‍ර නින්ද ගිහින් හිටිය දිවාෂව පරිස්සමින් ඇදේ ඇල කරවලා ඒ ලගින්ම නිදාගනිද්දි,පිටත් වෙන්න කලින් හොරෙන් උස්සන් ආව නේත්‍රගෙ කමිසෙ තුරුල් කරං ඒකෙ සුවද වින්ද ආශව තමන්ගෙ ඇස් දෙකත් පියාගෙන නින්දකට වැටිලා හිටියත් ඒ හදවත් පාළුවෙන් විලාප තිවිල්ල නතර වෙලා තිබුනෙ නැහැ.

ආශවයි නේත්‍රයි දෙපොලකට වීගෙන හිටියත් දෙන්නම උන්නෙ එකම අහසක් යට වෙද්දි ඒ ආදරණීය හදවත් වල විලාපෙ අහස් ගැබ නොදැන ඉන්නෙ කොහොමද? ආශව නැති පාළුව මකන්නද කොහෙද නුවර ආකාහෙ අද තරු ගොන්නක්ම නේත්‍ර වෙනුවෙන් පූදවද්දි නේත්‍ර නැති පාළුව මකන්න කොළබ ආකාහෙ හිරි පොද වැස්සක් කඩා වට්ටවන්න ගත්තා.

...................................................................................................

වචන 6400+ 😪❤️

බාල්දිනෙ ඕනි කිව්වෙ😋 මෙන්න මෙන්න බාල්දි😪 මදි වගේද සැර🥺💔

සනුක😾❤️

අදහසක් දීගෙන යන්න බබාලා....මගෙ මහන්සියට ලැබෙන එකම වටිනාකම ඒකනෙ🥺❤️ මම කවදාවත් කමෙන්ට් ගෝල්ස්,වෝට් ගෝල්ස් දෙන්නෙ නැත්තෙ ඔයාලා සාධාරණයක් කරයි කියලා හිතලා....ඒත් එන්න එන්නම කමෙන්ට් නොකර,අඩුම වෝට්වත් නොකර කියවලා විතරක් යන අය වැඩි වෙලානෙ....එතකොට දුකයි🙂❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter