Back
Chapter 81

80 කොටස🤍✨️

නිවාලන්න මා...

"නිමේත් නේත්‍ර මල්ලිවයි දිවාෂ මල්ලිවයි දැක්කද?"

"නෑනෙ දෙවින් අයියෙ....ඇයි? දෙන්නා නැද්ද? වොශෲම් වල බැලුවද?"

"ආ....ඒකකට යන්න ඇති....හරි නිමේත් මම බලන්නම්"

නිමේත්ගෙ උපන්දින සාදය කඩාකප්පල් කරන්න වගේම අනවශ්‍ය අවධානයක් ගන්න දෙවින් කැමති වුණේ නැහැ.මොකද මෙතන සිද්ධ වෙන මොන දේ උනත් නේත්‍ර,දිවාෂ දෙන්නට බලපාන බව දෙවින් දැනන් හිටියා.ඒ දේවල් තමන් කීප දෙනා අතරට විතරක් සීමා වෙනවනම් දෙවින් කැමති වුණා.මොකද මිනිස්සු අතරෙ කෑ ගැහලා නේත්‍රලාව හොයලා අන්තිමට නේත්‍රලා හම්බුනාට පස්සෙ මිනිස්සු සීයකගෙ විතර අවධානෙ එයාලට ලැබුනොත් ඒක නේත්‍රලාට ලොකු අපහසුවක් වෙන බව දෙවින්ට තේරුම් ගියා.

"රකිත....ඉන්දීප....පොඩ්ඩක් එන්නකො"

දෙවින් කට්ටිය අතරෙ නට නට හිටිය රකිතටයි ඉන්දීපටයි තට්ටු කරලා ඒ දෙන්නව එක්කන් ආවෙ හෝටල් ශාලාවෙන් එපිට තිබ්බ කොරිඩෝවකට.එතනට වෙලා හිටිය දෙනෙත් මේ වෙද්දිනුත් ඉකි ගගහා අඩ අඩ හිටියා වගේම දෙනෙත්ගෙ ඉකි ගැහිල්ල එක්ක අනික් දෙන්නා නොසෑහෙන්න කලබල උනා.

"දෙනෙත් ඇයි බං මේ?දෙවිනා මොකද්ද උනේ?"

"ම්.....මල්ලිලා දෙන්නා නෑ රකිත"

"ඒ කිව්වෙ?"

"ක්....කෝ දිවාෂ මල්ලි! දෙවින් කතා කරපං කෝ දිවාෂ!"

"ඉන්දීප කාම් ඩවුන් මචං....දෙවින් මට උනු දේ පැහැදිලිව ඉක්මනට කියපං!"

දෙවින් පුළුවන් ඉක්මනට කෙටියෙන් උනු දේ පැහැදිලි කරද්දි රකිත ඒ දේවල් සාවධානෙන් අහන් හිටියෙ දෙවින් උනත් ඉන්නෙ ලොකු පීඩනේක කියලා දැනුන නිසා.කට්ටියම පීඩනේයට පත් වෙලා ඉන්න මේ වෙලාවෙ තමන් හරි සිහියකින් ඉන්න ඕනි කියලා රකිත තමන්ටම ඒත්තු ගන්නගත්තා.

"දෙව්....තෙවින් ගන්නවා"

"අ....ආන්සර් කරන්න.හැබැයි වෙනසක් පෙන්නන්න එපා"

දෙවින්ගෙ වචන වලට අවනත උනු දෙනෙත් දුරකථන ඇමතුමට සම්බන්ධ වුණා.

"හෙ...."

"දෙනෙත්! යුගාන් ඉන්නවද?"

"ද්....දිවාෂ බබා වොශ් රූම් ගියා තෙවින්"

"ආහ්....යුගාන්ගෙ ෆෝන් එක ඕෆ්....ඒකයි මම මේ බැලුවෙ.හරි හරි....ආවම එයාට කියන්න කෝල් එකක් ගන්න කියලා"

"හරි තෙවින්"

දෙනෙත් තමන්ගෙ වෙවුලන හඬින් කතා කරන ගමන් දුරකථනය තියද්දි රකිත දෙවින් දිහා බැලුවා.

"දෙවින්.....අපි cctv චෙක් කරමුද?"

"කරන්ට් එක ගිය වෙලේ....."

"කරන්ට් එක ගියත් ටික වෙලාවක් යනකං cctv වැඩ....හුගක් වෙලා කරන්ට් එක නැතුව තිබ්බෙ නෑනෙ.යං බලන්න අපි"

"හරි"

රකිත කට්ටියව එක්කරගෙන ආරක්ෂක කැමරා පාලන කුටිය හොයාගෙන යද්දි කොළඹ හිටිය තෙවින් සැක සහිත විදියට දුරකථනය දිහා බලාගෙන හිටියා.තත්පර ගාණක් කල්පනා කෙරුව තෙවින් ඊලගට ඇමතුම ගත්තෙ මෙවෙලෙ ඒ ඇමතුම ගන්න සුදුසුයි කියලා හිතුනු හොදම කෙනාට.

"හෙලෝ!"

"හෙලෝ ආශවයා....උඹ කොහෙද ඉන්නෙ?"

"මම නුවරට කිට්ටු වෙලා ඉන්නෙ තෙවින් ඇයි?"

"හදිස්සියෙම නුවර ගියේ ඇයි උඹ? මොකක් හරි අවුලක්ද? ආශව!"

"මම දන්නෑ තෙවින්....මොකක්ම හරි අවුලක් වෙලා කියලා මට දැනෙනවා....පොඩි එකාගෙ ෆෝන් එකත් ඕෆ් තෙවින්...දිවාසගෙත් ඕෆ්...දෙවින්ට ගත්තට දෙවින් ආන්සර් කරන්නෙත් නෑ ෆෝන් එක.දෙනෙතුත් නෑ"

"ආශව උඹ යමං පුළුවන් ඉක්මනට....මමත් එන ගමන් මෙහෙ ඉදලා"

තෙවින්ගෙ වචන එක්ක තවත් ආශවගෙ හිත කලබල වෙද්දි ආශව සනුකට මගී ආසනේට එන්න කියලා ආශව රියදුරු අසුනට මාරු වුණා.එතනින් පස්සෙ සනුක ඇස් දෙක පියන් දෙයියො සිහි කරගනිද්දි ආශව පුදුමාකාර වේගයකින් කාරය ධාවනය කරන්න ගත්තා.

*      *      *      *      *

"ඔහෝ....කවුද බලන්නකො මම ලග ඉන්නෙ මේ"

"අ...හ්...අහ්..ත....අත අරිනවා!"

"පොඩි බල්ලගෙ කටේ සද්දෙනම් අඩු වෙලා නෑ නේද? තව ටිකකින් මගෙ යටට වෙලා කෑ ගහන්න ඔය සද්දෙ තියාගනින් නේත්‍ර!"

"ත්....තමුන්ට බෑ ඒක කරන්න....මම දෙ...න්...නෑ කරන්න!"

රධීන් කාලයක් තිස්සෙ පිලිවෙලට සකස් කරපු පිඹුරුපත මේ වෙද්දි හරියටම ක්‍රියාත්මක වෙමින් තිබුණා.මේ වෙද්දිත් හරි සිහියක් නොතිබ්බ දිවාෂ,රධීන්ලා ඒ දෙන්නව අරං ආව කාමරේ තිබ්බ සෝෆාව උඩ වැතිරිලා හිටියත් නේත්‍රව ඒ තරමටම දුර්වල කරන්න රධීන්ගෙ මත්ද්‍රව්‍ය වර්ගයට බැරි වෙලා තිබ්බා.ඇස් දෙක අඩවන් වෙල තිබ්බත් ඔලුව උස්සන් හිටිය නේත්‍ර හිතට හයිය අරං හිටියෙ තමන් යැව්ව මැසේජුව දැකලා සුදුබේබි එයි කියන විශ්වාසයෙන්.හැබැයි ඒක ආශවට ගියේ නෑ කියන එකවත්,ඒ දේ නොලැබුනත් හිතට ආව අමුත්ත නිසා ආශව නුවරට කිට්ටුවෙන් ඉන්නවා කියලවත් නේත්‍ර දැනන් හිටියෙ නැහැ.ඒ කොහොම උනත් සුදුබේබි එයි කියන විශ්වාසෙ විතරක් නේත්‍රගෙ ඔලුවෙ තදින්ම වැඩ කරන ගමන් තිබ්බා.සුදුබේබි එනකං තමන් තමන් වෙනුවෙන් සටන් කල යුතු බව නේත්‍ර හිතට,මනසට තදින්ම ඒත්තු ගන්නගෙන හිටිය නිසා දිවාෂව වගේ නේත්‍රව දුර්වල කරන එක ලේසි උනේ නෑ.

"ඇයි ඔච්චර ගණන්? උඹ ඉන්නෙ මගෙ පය පාමුල නේත්‍ර!"

"ස්....සුදුබේබි එනවා"

"සුදුබේබි? සුදුබේබි කියන්නෙ? ඕහ්හ්හ්.....ආශවට කියන නික්නේම් එක සුදුබේබිද? ශාහ්!"

"............."

"වරෙං මගෙ ලඟට!බල්ලෙක් වගේ දණ ගාගෙන වරෙං....ඇවිත් මෙච්චර කල් කරපු දේවල් වලට සමාව ගනින්!"

"මට බෑ!"

"බෑ කියන්නෙ බල්ලො! උබ සමාව ගත්තොත් මම පොරොන්දු වෙන්නම් උබව රසවිදින වේගෙ අඩු කරන්නම් කියලා! නැත්තං අම්මපා මම සතෙක් වගේ උඹව ගන්නවා! උබව දැක්කම ඒක අමාරු වෙන එකක් නෑ මට!"

"ම්....මට...මට අතක්වත් තියන්න දෙන්නෑ!"

"ඇයි ඔච්චර සීන් ආ? ආශවගෙ එක ලොකුයිද!!! කතා කරපං!!! ආශවගෙ එක හොදට ෆීල් වෙනවද!!!"

"ත්....තිරිසන් කතා කි....කියන්න එපා!!! ඒ....ඒ මනුස්සයා දෙවි කෙනෙක්!"

"උඹේ ඇගට පණ නැති උනාට කටට පණ තියෙනවා නේද! රිදෙනවද අර මහ බල්ලට බනිද්දි??!!!"

"ත්....තමුසෙ තමා බල්ලා!"

"යකෝ මුගෙ කටට පණ ගහල තියෙන තරම්!"

සෝෆාව උඩට වෙලා අප්‍රාණිකව වැතිරිලා හිටිය නේත්‍ර ලගට ආව රධීන් නේත්‍රගෙ කොණ්ඩෙ අස්සෙන් අත දාලා පුංචි එකාගෙ මූණ උඩට හරවගත්තා.ටික වෙලාවක් නේත්‍රගෙ මූණ දිහා බලන් හිටිය රධීන් අත දිග ඇරලා නේත්‍රගෙ කම්මුලට අතුල් පාරක් දෙද්දි පුංචි එකාගෙ ඇස් වලින් කදුළු පැන්නා.නේත්‍රගෙ කම්මුල දෙපැත්ත තනි අතින් අල්ලගත්තු රධීන් නේත්‍රගෙ පිරුණු තොල් දෙක අනික් අතේ ඇඟිලි වලින් තදින් එකපාරක් ඇදලා නේත්‍රව පිටිපස්සට තල්ලු කරලා දැම්මා.

"මහීල්.....මේක ෆැමිලි රූම් එකක්....ඕකව එහා පැත්තෙ කෑල්ලට අරං ගිහින් ඕනි දෙයක් කරගනින්....ඌට නම් පණක් නෑ මූට වගේ"

"හරි!"

සෝෆාව උඩ අප්‍රාණික වෙලා ඉන්න දිවාෂව මහීල් උස්සගන්න ගියත් ඒක වැලැක්කුනේ දිවාෂගෙ අත තදින් අල්ලන් හිටිය නේත්‍ර නිසා.නේත්‍ර දිවාෂගෙ අත හයියෙන් අල්ලගෙන දිවාෂව මහීල්‍ට අරං යන්න නොදෙන්න උත්සාහ කරද්දි ආයෙමත් රධීන්ගෙන් එල්ල වුණු අතුල් පාර එක්ක පුංචි එකාට දිවාෂව අතෑරුණා.මහීල් දිවාෂව උස්සන් යන විදිය බොඳ වුනු ඇස් වලින් බලන් උන්නු නේත්‍ර හිතින් දහස් වාරයක් දිවාෂගෙන් සමාව ඉල්ලද්දි රධීන් නේත්‍රව උස්සගෙන ඇඳට විසික් කෙරුවා.

"පුදුමයක් නෑ ආශව චූටි බබාගෙ පස්සෙන් මෙච්චර වැටිලා ඉන්න එක"

"අ...අහ්....අහ්ත....අත අරිනවා!"

"අත අරින්නම්....අත අරින්නම් චූටි බබා....අයියගෙ වැඩේ ඉවර උනාම අතාරින්නම්"

"එපා!!!"

"කටට විතරයි පණ තියෙන්නෙ....ඒ නිසා දඟලන්නෙ නැතුව ඉදපං නේත්‍ර!"

"ස්....සුදුබේබි ඕනි....මාව අල්...අල්ලන්න එපා!!!"

"ඌ එන්නෑ යකෝ!!! ඌ එන්නෑ!!! කොළඹ ඉන්නෙ ඌ!!! ඌ එන්නෑ!!! ඌ එයි උබේ වීඩියෝ එක යැව්වම මම!"

"සුදුබේබි එනවා...."

"උඹ කියන දේ අහන්නෑ නේද! ඉදපං!"

නේත්‍රගෙ කම්මුලට තට්ටුවක් දෙකක් දැම්ම රධීන් එහෙම්මම නැගිටලා ගිහින් තමන්ගෙ දුරකථනයේ වීඩියෝ සක්‍රීය කරලා නේත්‍රව හා ඇඳ පේන විදියට දුරකථනෙ ස්ථානගත කරලා ආයෙමත් නේත්‍ර ලගට ආවා.ඇදේ වැතිරිලා ඇස් වලින් ගලා යන කදුළු එක්ක උඩ බලාගෙන ඉන්න නේත්‍ර දිහා බලන ගමන් රධීන් නේත්‍ර ලගින්ම වාඩි උනා.

කදුළු වලින් පිරිලා තියෙන ඇස් දෙක,තමන්ගෙ අතුල් පාරවල් නිසා රතු වෙලා තියෙන කම්මුල්,තමන් ඇගිලි වලින් රිද්දුව නිසා රතු ගැහිලා ඉදිමිලා තියෙන තොල්,ඒ හැමදේම එක්ක නේත්‍රගෙ කිරිපාට හම....රධීන්ගෙ ආසාව තදේටම ඇවිස්සුවා.රධීන්ට ඕනි උනේ අද ඇති වෙනකං නේත්‍රව විනාස කරන්න.රධීන්ගෙ ඇස් රාගයෙන් දිලිසුනා.රාගයෙන් විතරක්ම.

"චූටි බබා ලෑස්ති වෙන්න රධීන් අයියගෙ නම කියලා කෙදිරිගාන්න!!!"

"ස්...සුදුබේබි එනවා"

"එහෙම වෙන්නෑ එහෙම වෙන්නෑ යකෝ!!!! ඌ කොහෙ එන්නද!!!"

නේත්‍රගෙ කොණ්ඩෙන් ඇදලා නේත්‍රව ටිකක් උඩට ඇදලා ගත්තු රධීන් ආයෙමත් නේත්‍රව ඇඳට තල්ලු කරලා දැම්මා.ආයෙමත් නේත්‍රව උඩට ඉස්සුව රධීන් නේත්‍රගෙ උඩ කමිසෙ ගලවලා දාලා ආයෙමත් පුංචි එකාව ඇඳ උඩටම තල්ලු කලා.

"මම....මම උබට හරි ආසයි නේත්‍ර ඉස්සර....උඹමයි ඒක මේ විදියට හරව ගත්තෙ....උඹ දන්නවද? එක්කො වෙලාව තියෙන එකේ අපි ටිකක් කතා කරමු....මොකද මට උඹව හෙමීට රහ බලන්න ඕනි"

සිගරැට්ටුවක් පත්තු කරගත්තු රධීන් ආයෙමත් නේත්‍ර ලගින් ඉදගෙන නේත්‍රගෙ මූණටම දුම් වලල්ලක් පිඹිද්දි එව්වට ඩිංගක්වත් හුරු නැති පුංචි එකා අමාරුවෙන් කැස්සෙ තමන්ගෙ අප්‍රාණික ශරීරය ගැන දුක් වෙන ගමන්.

"මට මතකයි උඹව දැක්ක පලවෙනි දවස.....උඹ හැමදාම එනවා මල් කඩන්න අපේ ක්ලාස් එක ඉස්සරහට! මම මොකද්ද කලේ? මට ඕනි උනේ උඹ එක්ක කතා කරන්න විතරයි නේත්‍ර....උඹේ හුරතල් පාට දැක්කම මට උඹව ටිකක් තුරුල් කරගන්න ඕනි උනා....මම වැරදිද? එච්චර හුරතල් උඹව පොඩ්ඩක් තුරුල් කරගත්තු එක වැරදිද?"

රධීන් හිනා වෙවී කියද්දි නේත්‍ර සුදුබේබිගෙ පැමිණීම ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා.

"මම උබට කතා කලා....උබව ටිකක් තුරුල් කරගත්තා.උබ මොකද්ද කලේ? ටිකක් ඉවසන් ඉන්නෙ නැතුව මාව තල්ලු කර කර අඩන්න ගත්තා! උඹට එදා එහෙම නොකර ඉන්න තිබ්බා නේත්‍ර...එහෙම නොකර ඉන්න තිබ්බා....

උබේ මිනිහා මොකද්ද කලේ එතකොට? ඒ බල්ලා මාව තල්ලු කෙරුව පාරට මගෙ අත කැඩුනා....උබලා දෙන්නා ගැන එදා ඉදන්ම මගෙ හිතට ආවෙ තරහක් නේත්‍ර! ඒත් මම උබට චාන්ස් දුන්නා! ආශව කියන සක්කිලි බල්ලට මගෙන් කිසිම චාන්ස් එකක් නොතිබ්බත් උබට මගෙන් චාන්ස් එකක් තිබ්බා.....උබම ඒක කාලෙත් එක්ක් නැති කරගත්තා නේත්‍ර!

උබට තිබ්බා මම එක්ක කතාබහ කරලා ඉන්න! ආශවට නොදැන මම එක්ක උබට හොරෙන් හරි කතාබහ කරල ඉන්න තිබ්බා....මම උබව කවදාවත් පාවල දෙන්නෙ නෑනෙ...ඒත් උබ මොකද්ද කලේ! උබ අඩුම මම දිහා හරියකට බැලුවවත්ද? මම කොච්චර නම් නෝන්ඩි උනාද? මම එකෙක්ට එහෙම නෝණ්ඩි වෙලා නෑ....කාලෙත් එක්ක උබත් මගෙ හිතේ මම ආශවට දීලා තිබ්බ මට්ටමටම වැටුනා.

අද උඹ මෙතන! මගෙ ඇග යට! ටිකකින් උබ මගෙ වෙනවා....මේ වීඩියෝ එක ආශවට දැක්කට පස්සෙ ආශව උනත් උඹව කුණු මාලුවෙක් වගේ අහකට දායි!"

"ස්...සුදුබේබි එහෙම...කරන්නෑ!"

"හහ්! හරි! ඒත් ඌ ජීවිත කාලෙම පසු තැවෙයි! උබ ජීවිත කාලෙම විදවයි....නැත්තං.....මම කරන විදියට ආසා හිතිලා උබට ජීවිත කාලෙම මම එක්ක ඉන්න හිතෙයි....මොකද බල්ලො නක්කියට හිනා වෙන්නෙ! උඹට මම!!"

රධීන්ගෙ වචන වලට නේත්‍ර සමච්චලේට හිනා වෙද්දි නේත්‍රගෙ බෙල්ල මිරිකලා අල්ලගත්තු රධීන් නේත්‍රගෙ කම්මුල් දෙකට ගහගෙන ගහගෙන ගියා.ඒත් එක්කම නේත්‍රගෙ බෙල්ල තද කරලා මිරිකගත්තු රධීන්ගෙ අතේ ග්‍රහණෙට නේත්‍රට හුස්ම ගන්න අමාරු වෙද්දි පුංචි එකා හයියෙන් හුස්ම ගන්න ගත්තා.අන්තිමට නේත්‍රගෙ බෙල්ල අතෑරිය රධීන් අතේ තිබ්බ සිගරැට්ටුව නේත්‍රගෙ දකුණු අතේ වැලමිට හරියෙන් තද කරද්දි නේත්‍ර මහ හයියෙන් කෑ ගැහුවෙ දැනුනු වේදනාව නිසා.

"නේත්‍ර.....චූටි බබා....චූටි බබා මේ බලන්න! බබා මේ බලන්න....උබ මේ දේට දැන් හරි හා කියපං! උබට තාම වෙලාව තියෙනවා"

"මාව....අතාරිනවා....ම....මම ආදරේ....සුදුබේබිට විතරයි....මාව තමුන්....මැරුවත් ඒක...වෙ...වෙනස් වෙන්නෑ!!!"

නේත්‍රගෙ උත්තරේ එක්ක කේන්ති ගිය රධීන් තමන් ඇදන් හිටිය ටී ෂර්ටය ගලවලා දාලා නේත්‍රගෙ තොල් වලට නැවුණත් නේත්‍ර දැගලුව දැගලිල්ල එක්ක ඒ දේ කරගන්න එක සෑහෙන්න අමාරු උනා.නේත්‍රගෙ අප්‍රාණික සිරුර ලේසියෙන්ම උස්සගත්තු රධීන් නේත්‍රව තව ටිකක් ඇඳ මැද්දට විසි කරද්දි නේත්‍රගෙ ටී ෂර්ටය ඉස්සිලා පුංචි එකාගෙ කිරිපාට බඩ එලියට නිරාවරණය උනා.ඒත් එක්අ රධීන්ගෙ ඇස් තවත් මත් බවින් පිරිලා රතු පාටින් දිලිසෙද්දි රධීන්ගෙ අත් ගිහින් නැවතුමේ නේත්‍රගෙ නිරුවත් ඉණ ප්‍රදේශයේ.

"එපා!!!!!!!!!!"

ඒත් එක්කම අප්‍රාණික වුණු ශරීරෙට පුළුවන් උපරිම ශක්තිය ගත්තු නේත්‍ර රධීන්ව පස්සට තල්ලු කරලා දාද්දි හිතුවෙවත් නැති විදියට රධීන්ව පිටිපස්සටම විසික් වෙලා ගියා.ඒත් එක්කම රධීන්ගෙ නලල ඇදේ කොණට වැදිලා ලේ බින්දු දෙක තුනක් ගලද්දි වියරුවෙන් හිනා වුණු රධීන් බැලුවෙ අමාරුවෙන් ඉන්න නේත්‍ර දිහා.

"තොට කිව්වට තේරෙන්නෙ නෑ නේද පොඩි බල්ලා! මට දැන් තෝ මැරුණත් කමක් නෑ.....මම තෝව මරලා හරි මට ඕනි දේ කරගන්නවා!!"

ආයෙමත් නේත්‍ර ලගට කිට්ටු උනු රධීන් නේත්‍රගෙන් හම්බුනු තල්ලුවක් නිසා පිටිපස්සට විසික් වෙලා යද්දි රධීන්ගෙ තුවාලෙ ආයෙමත් බිත්තියට වැදිලා ඇවිස්සෙන්න ගත්තා.නේත්‍රගෙ කේන්තිය පිරුනු ඇස් දෙක දිහා බලන් හිටිය රධීන් ආයෙම වතාවක් වියරුවෙන් වගේ හිනාවෙන්න ගත්තා.

කාමරේ ඇද ලගම තිබ්බ මේසෙ ලොකරය ඇරිය රධීන් ඒකෙන් ගත්තු මත්ද්‍රව්‍ය කුප්පිය අතට ගත්තෙ සිරින්ජයකුත් එක්කමයි.ඒත් එක්කම කුප්පියෙ තිබ්බ මත්ද්‍රව්‍ය වලින් මාත්‍රාව බලන්නෙවත් නැතුව සිරින්ජය පුරවගත්තු රධීන් නේත්‍රගෙ බෙල්ලට සිරින්ජ කටුව ඇතුල් කරලා මත්ද්‍රව්‍ය ටික විදින්න ගත්තා.තත්පර ගාණක් ඇතුලත ලොකු වේදනාවක් එක්ක නේත්‍රගෙ ඇගේ තිබ්බ අන්තිම පණ කලඳත් ඇගෙන් ගිලිහෙද්දි පුංචි එකාගෙ ඇස් දෙකම කලුවර වෙලා පියවිලා ගියා.අන්තිම ශක්තිය වෙනකං තමන් වෙනුවෙන්,සුදුබේබි වෙනුවෙන් සටන් කෙරුව නේත්‍ර තමන්ට ලංවෙන රධීන්ගෙ රූපෙ දිහා බොද වුණු ඇස් දෙකෙන් බලන ගමන් ඇස් දෙක පියාගත්තෙ සුදුබේබි එයි කියන විශ්වාසෙ බිංදුවක්වත් අඩු කරගන්නෙ නැතුව.

...................................................................................................

"සොරි සර්....එහෙම cctv බලන්න පිට අයට දෙන්න බෑ"

"ඇත්තටම අපි නිකං බලන්න ආවා නෙවෙයිනෙ....අපේ මල්ලිලා දෙන්නා නැති වෙලා.අපිට එයාලා දෙන්නා ගියේ කොහෙද කියලා හොයාගන්න පුළුවන් එකම විදිය මේකනෙ"

"ඒත් බැහැ සර්...පොඩ්ඩක් ඔයාලා ආයෙ හොයලා බල..."

"දෙව්!ඔයා කටවහගන්න! මිනිහො....මෙතන මේ සෙල්ලම් බඩුවක් නෙවෙයි නැති වෙලා තියෙන්නෙ ආයෙ ආයෙ හොය හොය බලන්න....ලමයි දෙන්නෙක්! ඒ නිසා ඔය cctv වලින් කවර් වෙන ඒරියා එකම අපිට බලන්න ඕනි"

"සර් කිව්වම තේරුම් ගන්න....එහෙම මේ...."

"උඹට මෙහෙම කිව්වට තේරෙන්නෙ නෑ නේද මීමා!"

ටික වෙලාවක් යද්දි ඉලන්දාරි ඔක්කොමල්ලා හිටියෙ ආරක්ෂක කුටියෙ වෙද්දි නහයට තමන්ගෙ රතු පාට උන සර්වියට් එක තද කරං හිටිය ආරක්ෂක නිලධාරියා බයෙන් වගේ දෙනෙත් දිහා බලලා වීඩියෝ දර්ශන පෙන්නුවා.

"ශිට්!ශිට්!!! රධීනයයි මහීලුයි නේද මේ එන්නෙ පොඩි දෙන්නා ලගට!"

"ඔව්......දෙනෙත් ඔයා කලබල වෙන්න එපා....දෙවින් පොඩ්ඩක් බලන්න කරන්ට් එක යනවත් එක්කම ලමයි දෙන්නව අරං යන්නෙ කොහාටද කියලා?"

"අන්කල්....මෙතනින් යන්නෙ කොහෙටද? මොන ෆ්ලෝ එකටද?"

දෙවින් ආරක්ෂක නිලධාරියගෙන් ඇහුවෙ නේත්‍රවයි දිවාෂවයි ශාලාවෙ කොණකින් පටන් ගන්න කොරිඩෝව ලගට අරං යන රධීන්ලව පෙන්නන ගමන්.ආරක්ෂක නිලධාරියා ඒකට උත්තරයක් නොදෙද්දි දෙනෙත් හෙමින් සැරේ ඔලුව උස්සලා ඒ මනුස්සයා දිහා බැලුවා.ඒත් එක්කම කලින් කාපු පාරෙ සැර මතක් උනු ආරක්ෂක නිලධාරියා දෙවින්ට උත්තර දෙන්න පටන් ගත්තා.

"ඔ....ඔතන කොරිඩෝ එකෙන් ගියාම මහත්තයා රූම්ස් වලට යන පඩිපෙලයි...ලිෆ්ට් ටිකයි තමා තියෙන්නෙ."

"ද්.....දෙයියනේ!!! රූම්ස් කීයක් තියේද අංකල් මේකෙ?"

"දෙසීයක් වගේ තියෙනවා"

"අ.....අපි කොහොමද එච්චර ගොඩකින් දෙන්නව හොයාගන්නෙ? රකිත....ඒවගෙ cctv නැද්ද?"

"තියෙනවලු ඉන්දීප......එව්වා ඔක්කොම කරන්ට් එක ගිය ගමන් ඕෆ් වෙන එව්වා....මේ හෝල් එකේ තියෙනව වගේ එව්වා නෙවෙයි.එව්වගෙ කිසිම සාක්ෂියක් නෑ....මේක රධීන්ලගෙම හොටෙල් එකක්ලු....මම ඒක දන්නෙ දැන්"

"ද්...දෙව්....ආශව කෝල් කරන්නෙ"

"මටත් ගත්තා මම ආන්සර් කලේ නැති නිසා ඔයාට ගන්න ඇත්තෙ.කෝ ඕක දෙන්න....මොකක් හරි කියලා ශේප් කරමු පොඩි දෙන්නව හොයාගන්නකං"

දෙනෙත්ට කිව්ව දෙවින් දුරකථනය තමන්ගෙ අතට අරගෙන ඇමතුමට සම්බන්ධ වුණා.

"හෙ....."

"පොඩි එකා කෝ?"

"ආ.....නේත්‍ර මල්ලි...."

"තප්පර දහයක් දෙන්නම් දෙවින්....මගෙ පොඩි එකාව දැන්මම හොටෙල් එක ඉස්සරහට අරං වරෙං!"

"ආශව,නේත්‍ර මල්ලි....."

"උඹලා කොහෙද ඉන්නෙ කියපං!!!"

"අපි මේ....."

"මගෙ යකා අවුස්සන්නෙ නැතුව තෝ කොහෙද ඉන්නෙ කියපං මිනිහො!!"

"අපි සිකියුරිටි රූම් එකේ ඉන්නෙ ආශව"

දුරකථන ඇමතුම විසන්ධි කෙරුව දෙවින් තමන් ඉස්සරහ ඉන්න තුන් දෙනා දිහා බැලුවෙ කම්පනය වුණු ඇස් දෙකකින්.

"ආශව ඇවිල්ලා!"

විනාඩියක් යන්නත් කලින් ආරක්ෂක කුටියෙ දොර ඇරෙද්දි යක්ෂාවේෂ වෙලා හිටිය ආශව ඒකට මුලින්ම ඇතුල් උනා වගේම ආශවගෙ පිටිපස්සෙන් ආව සනුක කිසිම දෙයක් හිතාගන්න බැරුව කට්ටිය දිහා බැලුවා.

"මගෙ පොඩි එකා කෝ!!!"

ආශවගෙ හඩින් කට්ටියම ගැස්සිලා යද්දි දෙවින් හෙමින් සැරේ ඉස්සරහට ආවා.

"ආශවයා.....මල්ලිලා දෙන්නම නැති වෙලා....අපි මේ හොයන්නෙත්....."

"යකෝ මොන හු#තක්ද මේ කියන්නෙ!!!! මම උබලව විශ්වාස කරලා පොඩි එකාව බලාගනින් කිව්වම මෙහෙමද උබලා ඒ දේ කලේ!!! කතා කරපං!"

"ස....සමාවෙයං ආශව...."

"ආශවයා....දැන් උබ දෙවින්ට කෑගැහුවට වැඩක් නෑ.අපි කොහොමහරි මල්ලිලා දෙන්නව හොයාගන්නනෙ ඕනි.රධීන්ලා තමා මේක කරලා තියෙන්නෙ.පොඩි දෙන්නව අරං ගිහින් තියෙනවා හොටෙල් රූම්ස් පැත්තට....ආශව! ඉන්දීප ආශවව අල්ලගනින්! ආශව....ආශව මෙවෙලෙ උඹ වැටිලා බෑ....කෝ....ආශව!!!"

"ර්.....රකිත....එ....එයා මලක් රකිත....පුංචි මලක් එයා!"

පපුවත් අල්ලගෙන බිමට ඇදගෙන වැටුණු ආශවව සනුකයි ඉන්දීපයි ඉස්සරහට පැනලා වත්තං කරගනිද්දි ආශව තමන්ගෙ කදුළු ගලන් යන ඇස් දෙකට ඉඩ දීලා වෙවුලන කටහඩින් රකිත දිහා බැලුවා.ආශවගෙ එකම දුර්වලකම නේත්‍ර.රධීන්ගෙ තර්කය සීයට සීයක්ම හරි කියන එක ආශවගෙ හැසිරීම් එක්ක ඔප්පු උනා.ආශවව වට්ටවන්න පුළුවන් හොදම තුරුම්පුව උනේ පුංචි නේත්‍ර.

"කොහෙද ඌ???? කියපං! කොහෙද මගෙ පොඩි එකාව අරං ගියේ!!! කතා කරපං!!!"

"ආශව....මේ....පොඩ්ඩක් අහපං මේ කියන ටික අවධානෙන්.පොඩි දෙන්නට බොන්න දුන්නු ඩ්‍රින්ක්ස් වලට මොනාහරි දාලා දෙන්නව මත් කරලා මට පේන හැටියට.හොටෙල් එකේම කරන්ට් ගියා විනාඩි පහක් වගේ කාලෙකට.රධීන් මහීල් දෙන්නා පොඩි උන් දෙන්නව අරං යන හැටි එව්වගෙ තියෙනවා.හැබැයි කරන්ට් ආවට පස්සෙ කිසිම කැමරා එකකට එයාලව අහු වෙලා නැහැ."

"රූම්ස් තියෙන ෆ්ලෝස් වල කැමරා?"

"එව්වා ඔක්කොම කරන්ට් ගියාම ඕෆ් වෙන එව්වලු සනුක.ඒ කිසිම තැනක මුකුත් නෑ ඒ නිසා"

"ඒ කියන්නෙ....කරන්ට් එද්දි එව්වා වැඩ කරන්න ගන්නවා?ඒත් කිසිම තැනක මේ ලමයි නෑ?"

"ඔව් සනුක"

රකිතගෙ පැහැදිලි කිරීම එක්ක තත්පර ගාණක් කල්පනා කෙරුව සනුක බිත්තියකට වාරු වෙලා ඉන්න ආශව දිහා බැලුවා.

"ආශවයා....කරන්ට් ගියා කියන්නෙ ලිෆ්ට් වැඩ නැහැ....එතකොට ලමයිව අරං ගිහින් තියෙන්නෙ පඩිපෙලෙන් වෙන්න ඕනි....මොකද පිට වෙන තැන් වලින්වත් එලියට ගිහිනුත් නැහැනෙ.ඇතුලෙ තමා ඉන්න ඕනි...ලිෆ්ට් එකේ නොගිහින් පඩිපෙලේ ගියානම් තට්ටු පහ හයක් විනාඩි පහකින් අරං යන්න බෑ.....මොකද දෙන්නෙක්ව උස්සගෙනනෙ ගිහින් තියෙන්නෙ.....එතකොට සෙකන්ඩ් ෆ්ලෝ එකේ හරි තර්ඩ් එකේ හරි රූම් එකක ඇත්තෙ....උපරිම ෆෝත් එකේ...එතනින් එහාට නැහැ"

"ස්....සනුක හරි....මම යනවා"

"ආශව කොහෙද යන්නෙ?"

"රූම්ස් වල දොරවල් කඩලා හරි පොඩි එකාව හොයාගන්නවා යකෝ!!! වෙන මොනා කරන්නද?"

ආරක්ෂක කුටියෙන් අඩිය එලියට තිබ්බ ආශව ආපහු හැරිලා දෙනෙත්ලා දෙවින්ලා දිහා බැලුවා.

"පොඩි එකාට අරූගෙ අතින් මොකක් හරි කරදරයක් වෙලානම්....මම උබලා දෙන්නවත් මරලා දානවා!!!"

ඇඟිල්ලක් උරුක් කරමින් කිව්ව ආශව පඩිපෙල දිගේ උඩ තට්ටුවට දුවද්දි අනික් කට්ටියත් ආශවලගෙ පිටිපස්සෙන්ම දිව්වා.එක තට්ටුවක කාමර විස්සක් විතර තියෙද්දි ආශව කලේ පිස්සුවෙන් වගේ කොණක ඉදල හැම කාමරේකටම තඩි බාපු එක.දොරවල් අරින මිනිස්සුන්ව තල්ලු කරගෙන පිස්සෙක් වගේ කාමර ඇතුලට කඩා පැන්න ආශව කාමර ඇතුල බලලා ආපහු එලියට ආවෙ මිනිස්සුන්වත් අපහසුතාවයකට පත් කරලා.වැදගත් ගති පැවතුම් තියෙන කෙනෙක් උනත් ආශවගෙ ඔලුවෙ මේ වෙලාවෙ වැඩ කලේ නේත්‍රව හොයාගන්න එක විතරයි.රකිතලා පැහැදිලිව කතා කරලා කාමර ඇතුල් බලන්න අවසර ඉල්ලද්දිත් ආශව මිනිස්සුන්ව තල්ලු කරගෙන ඇතුලට ගියා.

"මගෙ මැණික!!! කෝ රත්‍තරනේ උඹ!!!"

තට්ටුවක්ම පරික්ෂා කරලා ඉවර උනු ආශව පපුවත් අල්ලන් බිම ඇදගෙන වැටෙද්දි සනුක ඉක්මනටම ඇවිත් ආශවව නැගිට්ටෙව්වා.ඊලග තට්ටුවටත් යන්න පඩිපෙල දිගේ දිව්ව ආශව එකපාරටම නැවතුනේ දෙවින්ගෙ කටහඩට.දුරකථන තිරේ දිහා බලන් හිටිය දෙවින් ආශව දිහා බැලුවා.

"ආශව....රූම් නම්බර් තර්ටි සික්ස්"

දෙවින් ඒක දැනගත්තෙ කොහොමද? දෙවින් කිව්ව දේ හරිද? ඒ කිසිම දෙයක් නොහිතුව ආශව ගිහින් තිස් හයවෙනි කාමරේ දොරට වියරුවෙන් වගේ තඩි බාන්න පටන් ගත්තා.

*      *      *      *       *

"මම මේ කරන්න යන දේ හරිද?"

එහා පැත්තෙන් රධීන් නේත්‍රට කියන දේවල් අහගෙන තමන්ගෙ ඉස්සරහ ඇඳේ වැතිරිලා ඉන්න දිවාෂ දිහා බලන් හිටිය මහීල් තමන්ගෙන්ම ප්‍රශ්න කලා.පණක් කදක් තියා සිහියක්වත් නැතුව ඇඳේ වැතිරිලා හිටිය දිවාෂ ලගට ගිය් මහීල් දිවාෂගෙ කම්මුල් වලට තට්ටු කරලා බැලුවෙ දිවාෂගෙ සිහියක් තියෙනවද බලන්න.දිවාෂගෙන් හැලහොල්මනක්වත් නැති තැන මහීල් දිවාෂගෙන් ඈත් වෙද්දි මහීල්ට ඇහුනෙ රධීන් නේත්‍රට අතීතෙ ගැන කියන දේවල්.ඒත් එක්කම මහීල් තමන්ගෙ අතීතෙ ගැනත් කල්පනා කලා.

තමන්ගෙ හිතේ දිවාෂ ගැන ආකර්ශනයක් වගේ හැඟීමක් ඇති උනේ මීට අවුරුද්දකට එකහමාරකට විතර කලින් වග මහීල්ට මතක තිබ්බා.මුලදි දිවාෂගෙ යාලුකමක් විතරක් බලාපොරොත්තු උනු තමන් ටික කාලයක් යද්දි දිවාෂගෙ හැසිරීමට,ගතිගුණ වලට ටික ටික ඇල්මක් දක්වන්න පටන් ගත්තු හැටි මහීල් කල්පනා කලා.දිවාෂ තමන්ව ගණන් නොගන්න තැන දිවාෂ ගැන තමන්හෙ හිතේ ඇතිවුණු කේන්තිය මේ විදියෙ තත්වයක් කරා ගෙනාවෙ තමන්ගෙ හදවත නෙවෙයි රධීන්ගෙ බලපෑම කියන එක මහීල්ට මේ වෙලාවෙ තේරුම් ගියා.

වෙනදට කෑ ගගහ කියවන දිවාෂ අද සද්ද බද්ද නැතුව ඔහේ ඉන්න හැටි දැක්කම මහීල්ගෙ හිතට තමන් ගැන ලොකු වරදකාරී හැඟීමක් දැනුනා.එහා පැත්තෙ ඉන්න නේත්‍ර අඩ අඩ ආශව ගැන කියවද්දි රධීන් කරන්න යන්නෙ කොච්චරනම් ලොකු අපරාධයක්ද කියන එක මහීල් කල්පනා කලා.දිවාෂ ගැන පහුකාලීනව තමන්ගෙ හිතේ කේන්තියක් ආවත්,තමන්ට අකමැති උනා කියලා ඒ කෙනාට මෙච්චර ලොකු විනාසයක කරන්න ඕනිද කියන ප්‍රශ්නෙ මහීල්ගෙ හිතට ආවා.අන්තිමට ලොකු තීරණයක් ගත්තු මහීල් දිවාෂ ලගට ඇවිත් දිවාෂගෙ හීතල වෙලා ගිය කම්මුලකින් තමන්ගෙ තොල් දෙක තද කරලා තමන්ගෙ දුරකථනය අතට ගත්තා.

"Room No.36....ඉක්මනට එන්න"

රධීන් වියරුවෙන් වගේ කෑ ගහනවා ඇහුණු මහීල් කාමරය දෙපැත්තට වෙන් කරලා තිබ්බ වීදුරු දොර ලාවට අරිද්දි මහීල් දැක්කෙ රධීන් නේත්‍රගෙ බෙල්ලට මොනාහරි දෙයක් එන්නත් කරන විදිය.ඒ නිසා ඉක්මන් වුණු මහීල් සාදයට දෙවින් ආවා දැක්ක නිසා දෙවින්ගෙ අංකයට කෙටි පණිවිඩයක් යොමු කරලා දිවාෂව හරියට ඇඳෙන් තියලා සෝෆාව උඩ ඉදගෙන විනාඩි දෙකක් යන්නත් කලින් කාමරේ දොරට කවුරුහරි එක දිගට තට්ටු කරන සද්දෙට ඇහුම්කන් දුන්නෙ ලොකු සැනසීමකින්.

"කවුද මේ වෙලාවෙ?"

නේත්‍රගෙ ටී ෂර්ටය අයින් කරන්න පටන් අරං උන්නු රධීන් නේත්‍රගෙ ඇඟෙන් ඈත් උනේ දොරට එක දිගට තට්ටු කරන සද්දෙ නිසා.සිහි නැතුව ඉන්න නේත්‍රගෙ කම්මුලකට ලාවට තට්ටුවක් දැම්ම රධීන් දොර ලගට ගියේ ආව කෙනාව ඉක්මනට පිටත් කරලා යවන්න තිබ්බ වුවමනාවට.මොකද සෑහෙන ලොකු වෙහෙසක් දරලා කොටු කරගත්තු තමන්ගෙ ගොදුර නිවි හැනහිල්ලෙ රස විදීමේ වුවමනාවක් රධීන්ට තිබුණා.

"කවු ......ආහ්!!!"

"සක්කිලි බල්ලා!!!!"

තමන්ගෙම කෙනෙක්ගෙ හෝටලයක් උනු තැන තමන්ගෙ ප්‍රශ්නයක් වෙයි කියලා නොහිතුව රධීන් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කාමරේ දොර අරිද්දි රධීන් පිටිපස්සට විසික් වෙලා ගියේ මූණට හම්බුණු තද පාරකින්.ඒත් එක්කම කාමරේට කඩා පැන්න ආශවගෙ පිටිපස්සෙන් සනුක,දෙවින්,දෙනෙත්,රකිත,ඉන්දීප කට්ටියත් ඇතුල් වුණා.දෙනෙත් එහෙම්මම රධීන්ගෙ බඩට පාරක් ගහලා රධීන්ව බිම වට්ටවද්දි ආශව දුවං ගියේ නේත්‍ර ලගට.

"මැණික....මගෙ රත්තරනේ.....සුදුබේබි ආවා.....මගෙ නේත්‍ර.....ඇස් අරින්න රත්තරනේ....සුදුබේබි ආවා!"

රධීන් දිහා බලන්න මහන්සිවත් නොවුණු ආශව ඇද උඩ හැල හොල්මනක් නැතුව උන්නු නේත්‍ර ලගට ගිහින් නේත්‍රගෙ කම්මුල් වලට හෙමින් තට්ටු කර කර කතා කලත් නේත්‍රගෙන් පුංචි චලනයක්වත් නැති තැන ආශව නොසෑහෙන්න කලබල උනා.ඒත් එක්කම දෙවින් එහා පැත්තෙ හිටිය දිවාෂව තමන්ගෙ අත් දෙක අතරට අරගෙන ආශවටත් නේත්‍රව අරං එන්න කියලා කෑගහන ගමන් එලියට දුවගෙන යද්දි දෙනෙතුයි ඉන්දීපයි ඒ පිටිපස්සෙන් දුවගෙන ගියා.

"දෙවියනේ මේ අර මල්ලිනෙ! එයාද ආශවගෙ බෝයිෆ්‍රෙන්ඩ් එතකොට!"

ආශව කෑගගහා තුරුල් කරං ඉන්න පුංචි එකාගෙ මූණ දැක්ක සනුකගෙ හිත බර උනේ ඒ කෙනා කවුද කියලා අදුරගනිද්දි.ඇද ලගම තිබ්බ මේසෙ කොණකට වෙන්න වීඩියෝ වෙන්න තියලා තිබ්බ දුරකථනෙ දැක්ක රකිත ඒක තමන්ගෙ සාක්කුවට දාගත්තෙ ඉදිරියට ඒක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා.ඒත් එක්කම සනුක ආශව ලගට කිට්ටු උනා.

"ආශව....මල්ලිව අරං යං....එයාට සිහිය ගන්න ඕනිනෙ ඉක්මනට"

"ස්...සනුක....ම්...ම...මගෙ පොඩි එකා කතා කරන්නෑ සනුක....සනුක මේ බලන්නකො....මේ...කම්මුල් පුපුරු ගැහිලා සනුක....මගෙ මැණිකට රිද්දවලා නොසෑහෙන්න"

"ආශව....නේත්‍ර මල්ලිව ඉක්මනට අරං යං හොස්පිට්ල්...අපි පරක්කු වෙන්න පරක්කු වෙන්න පොඩි එකාගෙ තත්වෙ අවුල් යනවා"

"ඔව් ආශවයා....යමං ඉක්මනට"

සනුකගෙයි රකිතගෙයි වචන වලට ඔලුව හෙලෙව්ව ආශව නේත්‍රව තමන්ගෙ අත් අතරට ගත්තෙ ආශවගෙ ඇස් වලින් කදුළු කැට ගලාගෙන යද්දි.කාමරේ ඇතුලෙ හිටිය රධීන්වයි මහීල්වයි අමතක කරලා දැම්ම කට්ටියම එලියට දුවගෙන ගියෙ මේ වෙලාවෙ නේත්‍රව ඉස්පිරිතාලෙට අරගෙන යන එක අංක එක වුණු නිසා.නේත්‍රව උස්සගෙන ආව ආශව හෝටලෙන් එලියට පය ගහද්දි මහ ධාරානිපාතෙට කඩං වැටුණු වැස්සෙ අඩුවක් වෙලා තිබ්බෙ නැහැ.

"ශිට්! අපේ වාහනේ පාක් කරන්න කියලා මම කිව්ව එකා කොහෙ පාක් කරලද මංදා!"

"සනුක ඉන්න....මම ගිහින් මගෙ කා එක අරං එන්නම්"

හෝටලේට ඇතුල් වුණු වෙලාවෙ තිබ්බ කලබලේ හැටියට ආශව වාහනේ එහෙම්මම දාලා ඇතුලට දුවද්දි වාහනේ යතුර එතන හිටිය සේවකයෙක්ට දුන්නු සනුක වාහනේ හරි තැනකින් නවත්තන්න කිව්වෙ මෙහෙම ඇතුල්වීමක් ඉස්සරහ වාහනේ නවත්වලා තියන්න බැරි නිසා.ඒත් ඒ මනුස්සයා වාහනේ නවත්තපු තැනක්වත්,වාහනේ යතුරවත් තවම සනුකට නොලැබුනු හින්දා රකිත වාහන අංගනයට දුවගෙන ගියේ තමන්ගෙ කාරය අරං එන්න.රකිත ගිහින් තත්පර ගාණක් ඇතුලත නේත්‍රගෙ අත අප්‍රාණිකව පහලට කඩා වැටෙද්දි ආශව තමන්ගෙ අත් දෙක අතර හිටිය නේත්‍රවත් උස්සගෙනම ඒ මහ වැස්සෙ දණ ගැහුවෙ මහ හඬින් බෙරිහන් දෙන ගමන්.

"මගෙ නේත්‍ර!!! රත්තරනේ ඇස් දෙක ඇරපං!!! සුදුබේබිව බය කරන්න එපා දෙයියනේ!!!"

නේත්‍රව පපුවට තද කරගත්තු ආශව මහ හයියෙන්ම කෑ ගහලා අඩද්දි නේත්‍රගෙ අප්‍රාණික සිරුර සීතල වෙන ගමන් තිබ්බා.මහ වැස්ස මැද්දෙ දණ ගහන් හිටිය ආශව තමන්ගෙ අත් අතරෙ ඉන්න පුංචි මල් කැකුල රැකලා දෙන්න දෙයියන්ගෙන් ඉල්ලන ගමන් ක්ෂණිකයෙන් නැගිටිද්දි රකිත එනකං බල බල ආශව ලග හිටගෙන හිටිය සනුක ගැස්සිලා වගේ ආශව දිහා බැලුවා.

"මම යනවා! මගෙ මැණිකව රැකගන්න ඕනි මම....නේත්‍ර....බය වෙන්න එපා සුදුබේබි ආවනෙ"

සනුකට මුකුත්ම කියන්න වෙලාවක් නුදුන්නු ආශව අර ධාරානිපාත වැස්ස මැද්දෙම නේත්‍රවත් වඩාගෙන දුවන්න ගත්තෙ ඒ අහිංසක ආදරණීය හිතට ආව ක්ෂණික අදහසක් එක්ක.රකිත එන්න තත්පරෙන් තත්‍පරේ පරක්කු වෙද්දි ආශවගෙ හිතට ආව එකම දේ උනේ නේත්‍රව ඉක්මනට අරං යන්න ඕනි කියන එක විතරයි.නේත්‍රව උස්සන් මහ වැස්ස මැද්දෙන් දුවන ආශවව දැකලා කම්පනය උනු නිසාද කොහෙද නුවර වැස්ස ටිකෙක් ටික වැහි බිංදු වලට තරවටු කරලා ඒවා උඩට ආයෙමත් ඇදගන්න පටන් ගත්තා.

"ආශව නැගපං!"

වාහනේ අරං ආව රකිත කෑ ගහද්දි සනුක ඉක්මනටම වාහෙනන් බැහැලා පිටිපස්සෙ දොර අරිද්දි ආශව නේත්‍රවත් පපුවට තුරුල් කරං වාහනෙන් ඉදගත්තා.ලගම තිබ්බ පෞද්ගලික රෝහලට රකිත වාහනේ පදවගෙන යද්දි ආශව තමන්ගෙ තුරුලෙ නිස්කලංකව උන්නු නේත්‍රව ඇහැරවගන්න දැඩි වෙහෙසක් ගන්න ගමන් හිටියා.ඒත් එක්කම ආශවගෙ සාක්කුවෙ තිබ්බෙ දුරකථනෙ නාද වෙද්දි තිරයෙ වැටිලා තිබ්බ නම දැක්ක ආශව ඒකට ඉක්මනටම සම්බන්ධ වුණේ තමන්ගෙ හිතට විශ්වාසවන්ත මනුස්සයෙක් කතා කරන බව දැකලා.

"හෙ...."

"පුංචි අම්මෙ! අනේ පුංචි අම්මෙ මගෙ නේත්‍ර!"

"සුදුපුතා....ඇයි රත්තරනේ මේ....නේත්‍ර දරුවට මොකද උනේ?"

"පුංචි අම්මෙ....මගෙ නේත්‍ර කතා කරන්නෑ පුංචි අම්මෙ....එයා සද්ද නැතුව ඉන්නවා....නේත්‍ර මම එක්ක තරහ වෙලා පුංචි අම්මෙ...එයා....එයා සුදුබේබි එන්න පරක්කු උනු නිසා තරහා වෙලා"

"සුදුපුතා! ලමයො හරි සිහියට එන්න! මොකද්ද උනේ කියන්න!"

"නේත්‍රගෙ කම්මුල් ඉදිමිලා ගිහින් පුංචි අම්මෙ....මම....මම හරි පරිස්සමට අතගෑව කම්මුල් ඒ....රිදෙයි කියලා හරි පරිස්සමට මම ඇල්ලුව කම්මුල් වලට ඒ පාහරයා ගහලා....එව්ව පුපුරු ගහලා පුංචි අම්මෙ....නේත්‍ර....නේත්‍ර එයාගෙ සුදුබේබි එක්ක කතා කරන්නෑ...නේත්‍රට රිදෙනවා ඇති පුංචි අම්මෙ....මගෙ නේත්‍රට රිදෙනව ඇති"

ආශව තව මුකුත් කියන්න කලින් සනුක පිටිපස්සට බර වෙලා ආශවගෙ දුරකථනෙ ඇදලා ගත්තෙ ආශව මෙවෙලෙ ඉන්නෙ හරි මානසිකත්වෙකින් නොවුනු නිසා.සනුක දුරකතනෙ ඇදල ගත්තු එක ගණන්වත් නොගත්ත ආශව තමන්ගෙ පපුවට තුරුල් වෙලා ඉන්න නේත්‍රව ආයෙමත් එක එක කතා කියලා ඇහැරවගන්න උත්සාහ දරමින් හිටියා.

"හෙලෝ ආන්ටි....මම සනුක"

"ආහ්....පුතා....අනේ මොකද්ද උනේ පුතේ?"

"ආන්ටි නේත්‍රට පොඩි කරදරයක් වෙලා....පස්සෙ විස්තර කියන්නම්....ආන්ටිට පුලුවන්නම් ආසිරි හොස්පිට්ල් එකට එනවද? මෙවෙලෙ ලොකු කෙනෙක් හිටියොත් හොදයි අපි එක්ක"

"හරි පුතා මම එන්නම්.....එතකං ඔතන වැඩ ටික හරියට බලාගන්න"

"හරි ආන්ටි.....ම්ම්....ආන්ටි නේත්‍ර මල්ලිලාගෙ ගෙදර අයව දන්නවා ඇතිනෙ....ඒත් නේත්‍ර මල්ලිලාගෙ ගෙදරට මුකුත් කියන්න එපා දැනට...ආන්ටි විතරක් එන්න"

"හරි පුතා....මම එන්නම්"

ඒත් එක්කම රකිත රෝහල ඇතුලට වාහනේ අරං ගියා.නේත්‍රව අත් දෙකට අරගෙනම ඇතුලට දිව්ව ආශවව හදිසි අනතුරු ඒකකයට සනුක අරගෙන යද්දි රකිත ඉක්මනටම රෝහල් ඇතුල්වීමට තියෙන අයදුම්පත්‍රය පුරවන්න ගත්තා.

"ඩ්...ඩොක්ටර් මගෙ නේත්‍රව බේරලා දෙන්න....එයා කතා කරන්නෑ"

"ඕකේ පුතා කලබල වෙන්න එපා....මේ ට්‍රොලි එකෙන් දරුවව තියන්න"

හදිසි අනතුරු ඒකකයෙ හිටිය වෛද්‍යවරයා ලගට ගිය ආශව කෑ ගහද්දි ආශවට නේත්‍රව ට්‍රොලි එක උඩින් තියන්න කිව්ව වෛද්‍යවරයා හෙදියන් හා හෙද සේවයකයන්ගෙ උපකාරයෙන් නේත්‍රව පරික්ෂා කරලා නේත්‍රට ඔක්සිජන් වැස්මක් සම්බන්ධ කලා.නේත්‍රගෙ පපුවට වෙදනලාව තිබ්බ වෛද්‍යවරයා නේත්‍රව දැඩි සත්කාර ඒකකයට යොමු කරන්න කියද්දි ආශව කෑ ගහගෙන අඩාගෙන එතනම කලන්තෙ දාලා ඇදගෙන වැටුණා.

*      *      *       *       *

"ම්හ්...."

"සුදුපුතා....."

තමන්ගෙ ඇස් දෙක අසීරුවෙන් ඇරගත්තු ආශවගෙ නාහෙට තද බේත් සැරක් දැනෙද්දි ආශවගෙ කනට ඇහුනෙ ලොකු මැණිකෙගෙ දයාබර කටහඩ.ඒත් එක්කම නේත්‍රව මතක් උනු ආශව තමන්ගෙ දැඩිවම රිදුම් දෙන ඔලුව එක අතකින් අල්ල ගන්න ගමන් ඇඳේ ඉදගනිද්දි ලොකු මැණිකෙ ඉක්මනටම නැගිටලා ආශවව අල්ලගත්තා.

"සුදුපුතා ටිකක් ඔහොම ඉන්න....පුතාට සේලයින් පවා දීලා තියෙන්නෙ"

"න්....නේත්‍ර කෝ පුංචි අම්මෙ?"

"ඒ දරුවට තාම බෙහෙත් කරනවා....ස්...සුදුපුතා දෙයියනේ මොකද්ද මේ කලේ!!!"

දෙපාරක් නොහිතා ඇඳෙන් බිමට බැස්ස ආශව තමන්ගෙ අතක පිටි අල්ලෙ අමුණලා තියෙන සේලයින් දෙන කටුව ඇදලා ගලවලා දාද්දි ආශවගෙ අතින් ලේ ගලන්න ගත්තා.ලොකු මැණිකෙගෙ කෑ ගැහිල්ල පවා පැත්තක දැම්ම ආශව දෙපැත්තට වැනි වැනී දැඩි සත්කාර ඒකකය තියෙන තැන අහගෙන ඒ පැත්තට යද්දි මෙච්චර වෙලා කාමරේ කිට්ටුව හිටිය රකිත ඉක්මනට ඇවිල්ලා ආශවව වත්තං කරගෙන දැඩි සත්කාර ඒකකය පැත්තට අරගෙන ගියා.

"ද්...දෙයියනේ මගෙ නේත්‍ර!!!"

දැඩි සත්කාර ඒකක කුටියෙ දොරටුවෙ තියෙන වීදුරු රවුමෙන් ඇතුලට එබිලා බැලුව ආශවගෙ ඇස් වල ආයෙම වතාවක් කදුළු පිරුණෙ නේත්‍ර ඉන්න විදිය දැකලා.නේත්‍රගෙ කටින් බට දෙකක්ම ඇතුලට දාල තිබ්බ වගේම පුංචි එකාගෙ පපුව පුරාම මොනාහරි වයර් වගයක් අමුණලා තිබ්බා.තමන් රිදෙයි කියලා පරිස්සමට අල්ලපු අත් වලට සේලයින් ගමන් කරවන කටු අමුණලා තිබ්බා වගේම නේත්‍රගෙ වටේටම හෙදියන් හා වෛද්‍යවරු රැදිලා නේත්‍රට ප්‍රතිකාර කරන ගමන් හිටියා.

"දිවාෂ පුතාට මොකද දෙවින් පුතේ?"

"දිවාෂ මල්ලිව නෝමල් රූම් එකකට දැම්මා නැන්දෙ....එයාට ලොකු අවුලක් නෑ...තවම සිහිය ආවෙ නෑ ඒත්...ජානකී නැන්දලා එයා ලග ඉන්නවා"

"මම නිර්මලාට කිව්වෙ දිවාෂ පුතාට කරදරයක් වෙලා කට්ටියම ඉස්පිරිතාලෙ ගිහින් කියලා....නිර්මලා එන්න පොර කෑවත් මම එන්න නොදී බේරිලා ආවා...ඒ අහිංසක ගෑනි කොහොම දරාගන්නද මෙව්වා"

ලොකු මැණිකෙගෙ වචන වලට ඔලුව වැනුව දෙවින් දැඩි සත්කාර ඒකක කුටියෙ දොර ලග බිම වැටිලා අඩන ආශව දිහා බලන් හිටියෙ ලොකු වරදකාරී හැඟීමකින්.දෙවින් වරදක් නොකලත් තමන්ගෙ අතපසුවීම තමා මේ හැමදේටම මුල කියලා දෙවින් තමන්ටම වැරැද්ද පටවගත්තා.

"ඩ්...ඩොක්ට!"

ඒත් එක්කම දැඩි සත්කාර ඒකක කුටියෙන් එලියට ආව වෛද්‍යවරයා ලගට කට්ටියම දුවන් යද්දි වෛද්‍යවරයා පා කෙරුව සුහද හිනාව එක්ක හැමෝගෙම හිත්වල තිබ්බ බර අඩු වෙලා ගියේ නේත්‍රට කරදරයක් නැතුව ඇති කියලා හිතිලා.

"ඩොක්ට දරුවට කොහොමද?"

"එයාගෙ තත්වෙ ස්ටේබල්....සෙක්ෂුවල් විදියෙ හානියක් වෙලා නැහැ....ඒත් කම්මුල් වල තියෙන ඇගිලි පාරවල්,කට කොනේ තියෙන තුවාල එක්ක දරුවා යම් පහරදීම් වලට ලක් වෙලා තියෙනවා කියලා කියන්න පුලුවන්....දරුවා මෙච්චර දුර්වල වෙන්න හේතුව වෙලා තියෙන්නෙ ඩ්‍රග්ස්.දරුවට ඒ කෙනා ඩ්‍රග්ස් ඕවර්ඩෝස් විදියට ඉන්ජෙක්ට් කරලා තියෙනවා.....ම්ම්....තත්වෙ ස්ටේබල් කියලා කිව්වට....."

"ම්....මොකද්ද ඩොක්ට? නේත්‍රට මොකද්ද වෙලා තියෙන්නෙ?"

"නෑ පුතා කලබල වෙන්න දෙයක් නැහැ.දරුවට ඇති වුණු කම්පනේ,මත්ද්‍රව්‍ය අධි මාත්‍රිකව ශරීරගත වීම....මේ දේවල් එක්ක එයාගෙ මනසට යම් බලපෑමක් වෙලා තියෙන්න පුළුවන්.ඒ කියන්නෙ,එයාට ටික දවසක් යනකං කිසි කෙනෙක්,කිසි දෙයක් ගැන මතක නැති වෙන්න පුළුවන්....ඒක දිගුකාලීන වෙන්නෙ නෑ කොහෙත්ම.ටික දවසක් යනකං මතකෙ සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්....අපිට ඒක හරියටම බලාගන්න වෙන්නෙ එයාට සිහිය ආවම තමා...ඉතුරු ටික තියෙන්නෙ දෙවියන්ගෙ අතේ"

තමන් ලගම හිටිය ආශවගෙ පිටට තට්ටුවක් දැම්ම වෛද්‍යවරයා එතනින් යද්දි ලොකු මැණිකෙ ඉක් ඉක්මනටම වෛද්‍යවරයගෙ පස්සෙන් යද්දි දෙනෙතුත් ඒ පිටිපස්සෙන්ම ගියා.ආයෙමත් දැඩි සත්කාරෙ ඉස්සරහ ඉදගත්තු ආශව ඉකි ගගහා අඩන්න ගනිද්දි කොල්ලො තුන් දෙනා ආශවගෙ වටේට ඉදගත්තා.

"න්....නේත්‍රගෙ කම්මුල් රතු වෙලා තිබ්බා....උඹ දන්නවද? මම ඒ කම්මුල් අල්ලන්නෙ පවා හරි පරිස්සමට.එව්වා මල් පෙති වගේ බං....හරි සිනිදුයි.ටිකක් තදින් ඇල්ලුවත් රතුවෙනවා...ඒ කම්මුල් වල අද ඇඟිලි පාරවල් පවා තිබ්බා.....අර බල්ලා මගෙ මැණිකගෙ කම්මුල් වලට පවා ගහලා....නේත්‍ර අඩන්න ඇති දෙයියනේ....රිදෙන නිසා අඩන්න ඇති.....

ම්....මම නේත්‍රව කිස් කරන්නෙත් හරි පරිස්සමින්...කොච්චර ආවේගයක්,හැඟීමක් හිතට ආවත් මම ඒ තොල් අද වෙනකං තුවාල කරලා නෑ....අර බල්ලා ගහපු පාරවල් වලට නේත්‍රගෙ තොල් පැලිලා,කටකොන තුවාල වෙලා....මගෙ නේත්‍රට රිද්දලා නොසෑහෙන්න....අඩන්න ඇති නේත්‍ර....මාව ඉල්ලලා අඩන්න ඇති.....

මම මලක් වගේ රැකලා....රිද්දන්නෙ නැතුව හෙමීට උස්මහත් කෙරුව පුංචි එකාට වෙන එකක් රිද්දලා....මම කදුළක් එන්න නොදී රැක්ක ඇස් වලින් කදුළු යවල.....අ...අරක්කු උගුරක්වත් නිකමට කටට හලන් නැති පොඩි එකාගෙ ඇගට දරුණු විදියට ඩ්‍රග්ස් ඉන්ජෙක්ට් කරල...කොහොම දරන්නද මගෙ පොඩි එකා ඒ දේවල්.....ද්...දැක්කද උබලා? හැමවෙලේම මාව දැක්ක ගමන් සුදුබේබි කියාගෙන දුවගෙන එන පුංචි එකා අද මාව දැකලා ඇස් දෙකවත් ඇරියෙ නැහැ...හැමදාම මාව දැක්කම දිලිසෙන ඇස් අද මාව දැක්කම ඇරියෙවත් නැහැ....මුළු මූණම සුදුමැලි වෙලා.මට.....මට මටම සමාවක් දීගන්න බෑ මගෙ පොඩි එකාට උනු දේට...ම්...මගෙ පපුව පැලෙන්න කැක්කුම් කරනවා"

ආශව ඉකි ගගහා අඩද්දි දෙවින් ආශවව තුරුල් කරගත්තා.කොච්චර කෑ ගැහුවත් එදා ඉදලම තමන්ට උන්නු කිට්ටුම යාලුවා වුණු දෙවින්ගෙ තුරුල මේ වෙලාවෙ ආශවට ලොකු ශක්තියක් වුණා.දෙවින්ට තුරුල් වෙලා තමන්ගෙ පපුවට අත මිට මෙලවගෙන ගහගන්න ගමන් කෑ ගගහා අඩන ආශවගෙ ඇඩිල්ල මුළු කොරිඩෝව පුරාම දෝංකාර දුන්නා.

"අයියෙ! ආශවයා!!! කෝ යුගාන්!"

තමන්ගෙ කරේ තිබ්බ ගමන් මල්ලත් බිමට අතාරින ගමන් එතනට දුවං ආව තෙවින් ආශවලා ලගින් දණ ගහගත්තා.තෙවින්ගෙ මූණ තෙහෙට්ටුවට වඩා පෙනුනෙ ලොකු කලබලයක්.පැත්තකට වෙලා ඉදගෙන ඔලුව තද කරන් උන්නු ඉන්දීප තෙවින්ව පැත්තකට අරං ගිහින් විස්තර කියද්දි දැඩි සත්කාර ඒකකය දිහා එකපාරක් හැරිලා බැලුව තෙවින් දිවාෂ ඉන්නවා කිව්ව කාමරය හොයාගෙන දුවගෙන ගියා.

"ආශවයා.....අපි ටිකක් ශක්තිමත් වෙමු....නේත්‍ර මල්ලිට සිහිය ආවම අපි එයාව බලාගන්න ඕනිනෙ"

"න්....නේත්‍රට මාව අමතක වෙයිද? ම්...මම එක්ක තරහා වෙලා මගෙ මැණික මාව අමතක කරයිද ටික කාලෙකට හරි?"

"අපි බලමු ආශවයා....එන දේකට මූණ දෙමු අපි"

"නෑ...නේත්‍රට මාව අමතක වෙන එකක් නෑ....දවස පුරාම වැඩියෙම එයා මතක් කරන මාව මගෙ නේත්‍ර කොහොම අමතක කරන්නද?"

"මට සමාවෙයං ආශව....හැමදේම මම නිසා"

ආශවගෙ පිටට තට්ටු කර කර දෙවින් ආශවව සන්සුන් කරද්දි ආශව නොනවත්මාව ඇඩුවා.හයිය මිනිහෙක් උනු ආශව මේ විදියට අඩන පලවෙනිම වතාව මේක වෙද්දි දෙවින්ට මතක් උනේ පුංචි කාලෙ නලලෙන් ලේ ගලන නේත්‍රව උස්සන් ආව ආශව එදා රෑ අඩපු විදිය.එදාටත් වඩා අද ආශව දුර්වලා වෙලා බව දෙවින්ට දැනෙද්දි දෙවින් පුළුවන් තරම් ආශවව සන්සුන් කරන්න බැලුවා.

"අයියෙ....යුගාන්ට සිහිය ආවා!"

එකපාරටම එතනට දුවං ආව තෙවින් කියද්දි දෙවින් ලොකු සැනසිල්ලකින් තෙවින් දිහා බැලුවා.ඒත් එක්කම ආශව ඇස් වල කදුළු පිහදන් දෙවින්ගෙන් ඈත් වුණෙ දෙවින්ට දිවාෂ ලගට යන්න කියලා නොකියා කියන ගමන්.ඒත් ආශවව මෙතන දාලා දෙවින්ට මෙතනින් යන්න හිතුනෙ නැහැ.දිවාෂ ලග දිවාෂගෙ පවුලෙ අය හිටියත් ආශව හිටියෙ තනි වෙලා වගේ කියන හැඟීම දෙවින්ගෙ හිතට හරියට වද දුන්නා.

"අ...අයියෙ....ඔයාට පුලුවන්නම් යුගාන් ලගට යනවද? යුගාන් ඔයාව ඉල්ලලා අඩනවා.මම ලගට ගියත් ඉල්ලුවෙ ඔයාව"

තෙවින් කියද්දි ආශවව පෙන්නුව දෙවින් දිවාෂගෙ කුටිය පැත්තට යද්දි තෙවින් ආශව ලගින් ඉදගෙන ආශවගෙ ඔලුව අතගාන්න ගත්තා.ලොකු හුස්මක් පහල දැම්ම ආශව ඇතුලෙ ඉන්න නේත්‍රව රැකලා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන ගමන් ආයෙමත් ඉකි ගගහා අඩන්න පටන් ගනිද්දි දැඩි සත්කාර ඒකක කුටියෙ වීදුරුවෙන් ඇතුල බලාගෙන උන්නු සනුක තමන්ගෙ ඇස් වලට උනපු කදුළු පිහදන් ඒ දොරටම ඔලුව ගහගත්තා.

.

.

.

.

.

"තාම නේත්‍රට සිහිය නැද්ද ආශව?"

"නෑ තෙවින්.....න්....නේත්‍රට හුගක් අමාරු වෙන්න ඇති"

කොරිඩෝවෙ ගහලා තියෙන වීදුරු ජනේලෙකින් රෑ ආකාහෙ දිහා බලාගෙන හිටිය ආශව හෙමීට මුමුණද්දි තෙවින් වතුර උගුරක්වත් නොබී ඔහේ ආකාහෙ දිහා බලන් ඉන්න ආශවගෙ පිටට තට්ටු කරලා ආශව ලගින්ම හිටගත්තා.නේත්‍රව ඇතුල් කරපු වෙලේ ඉදලා අඩලා අඩලා වේදනාව ටිකක් හරි පිට කරගත්තු ආශව ඊලගට හිස් බැල්මකින් මූණ පුරවගෙන වතුර ටිකක්වත් නොබී ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න අරං මේ වෙද්දි පැය කිහිපයක් ගෙවිලා ගිහින් තිබුණා.නේත්‍රට කොයි වෙලේ සිහිය එයිද කියන එක විතරක් ආශවගෙ ඔලුවෙ වැඩ කරද්දි තෙවින් ටිකක් හරි සහනෙන් හිටියෙ දිවාෂට සිහිය ඇවිත් තිබ්බ නිසා.

"මේ දේ කලේ කවුද ආශවයා? මට ඒක විතරක් කියන්න...අයියගෙන් ඇහුවට අයියා මුකුත් කිව්වෙ නැහැ"

"රධීනුයි මහීලුයි...මගෙ පොඩි එකාව රධීන් හොදටම රිද්දලා තෙවින්.....නේත්‍රට සිහිය ආවට පස්සෙ......එතකං මම ඉවසනවා.තව ටික දවසකින් රධීන් පසුතැවෙයි ඇයි මෙහෙම දෙයක් කරන්න ඌට හිතුනෙ කියලා!"

ආශව හරි සන්සුන්ව කියද්දි ආශවගෙ පිටට තට්ටු කෙරුව තෙවින් දුරකථන ඇමතුමක් ගන්න ගමන් එතනින් එහාට ඇවිදන් ගියා.මේ වෙද්දි නේත්‍රව සාමාන්‍ය කාමරයකට මාරු කරලා තිබ්බා.ඒත් එක්කම නේත්‍ර උන්නු කාමරේ ඉදලා එලියට දුවං ආව හෙදියක් වෛද්‍යවරයෙක් එක්ක ඇතුලට යද්දි ආශව ඉක්මනටම එතනින් හිටගත්තෙ තදේටම ගැහෙන තමන්ගෙ පපුව අල්ලගන්න ගමන්.

"පේශන්ට්ට සිහිය ආවා පුතා....ඒත් එයාට කිසිම දෙයක් මතක නෑ වගේ.මුකුත්ම කතා කරන්නැ වගේම....එයාට එයාගෙ නමවත් මතක නැහැ.අපි බලමු....ම්ම්...."

වෛද්‍යවරයාගෙ වචන එක්ක ආශවට දැනුනෙ තමන්ගෙ මුළු ලෝකෙම කඩා වැටෙනව වගේ.ඇස් වලට උනපු කදුළු පිහිදගන්න ගමන් නේත්‍රව ඉස්සරහට බලාගන්න විදිය ගැන හිතන ගමන් ආශව ආයෙමත් ලං වුනේ කලින් කිව්ව කවුලුව ලගට.ආශවට මතක් උනේ මීට ටික දවසකට කලින් තමන් නේත්‍රව මතක් කරන ගමන් කිව්ව සිංදුව.නේත්‍රගෙ ලස්සන හිනාව බලාපොරොත්තුවෙන් ආයෙමත් නුවර එන්න උන්නු ආශවට සිද්ධ වුණේ සිහියක් නැති තමන්ගෙ පුංචි එකාව අත් අතරට අරං පිස්සෙක් වගේ කෑගහන්න.

ආශවගෙ ඇස් නැවතිලා තිබ්බෙ අමාවක අහසක් වගේ තිබ්බ නුවර ආකාහෙ මත්තෙ.ධාරානිපාතෙට වැස්ස වැස්සත් එක්ක හද එලියක් තියා තරු එලියක්වත් නොතිබ්බ විදියට නුවර අහස කලුවර වෙලා තිබ්බා.තමන්ගෙ ජීවිතෙත් මේ වෙලාවෙ මේ අහසට සමානයි නේද කියලා කල්පනා කෙරුව ආශවගෙ ඇස් වලට ආයෙමත් කදුළු ඉනුවෙ නේත්‍ර එක්ක කොච්චරනම් රැයවල් වල මේ අහස දිහා බලන් ආදරණීය හෝරාවල් ගත කලාද කියලා මතක් වුණු නිසා.

"ඩොක්ට! පේශන්ට් කලබල කරනවා!!!!"

ඒත් එක්කම ඇහුනු හෙදියකගෙ හඩකින් කලබල වුණු ආශව කාමරේ ලගට දුවගෙන ගියත් නේත්‍රගෙ කාමරේට ඇතුල් වුණු වෛද්‍යවරයා දොරටුව වහලා දාද්දි ආශව තමන්ගෙ වෙවුලන තොල් පටවල් විකාගෙන නේත්‍ර වෙනුවෙන් ශක්තිමත් වෙන්න පටන් ගත්තා.නේත්‍රව හොදට බලාගන්න ඕනි කියලා ආශව තමන්ටම කියාගත්තා.ඉගෙනීම,ක්‍රිකට් පුහුණුවීම් පවා නේත්‍ර වෙනුවෙන් අතෑරලා දාන්න ආශව මේ වෙද්දිත් තීරණය කරලා තිබ්බා!

"කවුද සුදුබේබි කියන්නෙ?"

"ම්....මම ඩොක්ටර්"

"පුතා ඇතුලට ගිහින් පේශන්ට්ව සන්සුන් කරන්න බලන්න....එයාගෙ නමවත් මතක නැති උනාට එයාට පුතාව මතකයි....සුදුබේබිව ඉල්ලලා අඩන්නෙ....පුදුමයක් ඇත්තටම ඒක!"

"ප්...පුදුමයක් නෑ ඩොක්ට....ඒ....ඒ ඉන්නෙ නේත්‍ර....ඒකයි ඒ"

ඇස් වල තිබ්බ කදුළු ඉක්මනට පිහ ගත්තු ආශව කාමරේ ඇතුලට යන්න කලින් නිකමට වගේ අහස දිහා බලද්දි ආශවගෙ තොල් වලට ලා හිනාවක් ආවා.කලු වලාකුලු අතරින් හද එලිය ලාවට වගේ මතු වෙමින් තිබ්බ හැටි දැක්ක ආශව ඉක්මනටම කාමරේට ඇතුල් වුණා.ඇතුල් උනත් නේත්‍ර හිටිය හැටියට ආශවගෙ පපුවම කැක්කුම් කරන්න ගත්තෙ නේත්‍රව මේ විදියට දැක්ක පලවෙනිම වතාව මේක වුනු නිසා.

ඇදේ කොණකට ගුලි ගැහිලා උන්නු නේත්‍ර තමන්ගෙ දණහිස් දෙක පපුවටම ලං කරගෙන අත් දෙක ඒ උඩින් තියං තමන්ගෙ බෝල ඇස් විතරක් උස්සලා වටේම බලන ගමන් හිටියා.නේත්‍රගෙ බෝල ඇස් වල කදුලු පිරිලා තියෙද්දි පුංචි එකාගෙ ඇග හරි වේගෙන් ගැහෙන්න අරං තිබ්බා.ඒත් එක්කම හෙදියක් නේත්‍රට ලං වෙන්න හදද්දි මහ හයියෙන් කෑගැහුව නේත්‍ර හයියෙන් අඩන ගමන් ආයෙමත් ඇද කොණට ගුලි ගැහුණා.

"රත්තරනේ....."

"ස්....සුදුබේබි!"

ඇද කොණේ ගුලි ගැහිලා උන්නු පුංචි එකා ආශවගෙ කටහඩ එක්ක ඇස් දෙක උස්සලා බලද්දි ඒ පුංචි මූණෙ ලා හිනාවක් ඇදුනා.වටේම ඉන්න හෙදියො,වෛද්‍යවරු දිහා බැලුව පුංචි එකා තමන්ගෙම ඇඟ දිහා හරි අමුතු පිලිකුලකින් බලලා ආශව දිහා බැලුවෙ වේදනාත්මක හැඟීමකින්.ඒත් ආශවගෙ ඇස් වල තිබ්බ ආදරණීය බව දැක්ක නේත්‍ර ටිකෙන් ටික ඇඟ ලිහිල් කරලා ආශව දිහාවට තමන්ගෙ අත දික් කරන්න ගත්තා.

"ස්....සුදුබේබි.....මගෙ සුදුබේබි ඇවිල්ලා!"

"සුදුබේබි ආවා මගෙ නේත්‍ර.....සුදුබේබි ආවා!"

නේත්‍ර ලගට ගිය ආශව රෝහල් ඇදුමෙන් සැරසිලා ඉන්න නේත්‍රව තමන්ගෙ තුරුලට ගනිද්දි පුංචි එකා ඉකි ගගහා අඩන ගමන් ආශවට තුරුල් උනා.ටික වෙලාවක් යද්දි ආශවට මොනාද කියන්න උත්සාහ කල පුංචි එකා ආශවගෙ අත් අතරෙම කලන්තෙ දාද්දි ආශව ලගට ලං වුණු වෛද්‍යවරයා ඒක සාමාන්‍යයි කියලා කිව්ව වචනත් එක්ක ආශව සන්සුන් වුණා.නේත්‍රට ආයෙම ඇස් ඇරියම තමන්ට දන්වන්න කිව්ව කාරුණික වෛද්‍යවරයා හෙදියො දෙන්නත් එක්කම කුටියෙන් පිට වෙලා යද්දි සන්සුන්ව නිදන් ඉන්න නේත්‍රගෙ පුංචි මූණ පුරාම ආශව හාදු තියන්න ගත්තා.අන්තිමට පුංචි එකාගෙ ඇස් දෙක උඩිනුත් හීතල හාදු දෙකක් තිබ්බ ආශව නේත්‍රගෙ අතින් අල්ලන් ඒ අත උඩින් තොල් තද කරගනිද්දි කළුවර නුවර ආකාහෙ කළු කපාගෙන මතු වෙලා තිබ්බ හද ලගින්ම පුංචි තරුවක් පායලා තිබුණා.

...................................................................................................

වචන 5500+ 😓❤️

අද කොටස අවුල් වගේත? අවුල් වගේනම් කියන්න❤️ වැරදි හදාගෙන ඉස්සරහට යන්න මම ආසයි❤️

කමෙන්ට්ස් ඒම දැන් මාරෙටම අඩුයි වැටෙනව....ඒකයි මම එහෙම ඇහුවෙ.අවුල් නම් කියන්න❤️ මගෙ වැරැද්ශක් තියේනම් මම කැමතියි ඒවා හදාගන්න❤️

මේ කොටස මෙතනින් නවත්තන්න ඕනි උනේ ඊලග කොටසෙ ලියන්න දේවල් හුගක් තියෙන නිසා❤️ ම්ම්ම්....හැම විදියෙම හැඟීම් වල එකතුවක් වෙයි ඊලග කොටස❤️සමහර මිනිස්සු පත් වෙයි කියලා නොහිතුව තත්ව වලට පත් වෙන්න උනත් ඉඩ තියේ🤭🤭🤭 ඊලග එක පුළුවන් උපරිම ලස්සනට ලියන්නම් මම🥺❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter