Back
Chapter 82

81 කොටස🤍✨️

නිවාලන්න මා...

"නේත්‍ර....."

".........."

"මැණිකෙ...."

"ම්ම්ම්ම්"

"ම්....මම එක්ක කතා කරන්නකො වස්තුවෙ"

"හ්...හා....මට මුකුත් මතක නෑනෙ ඒත් සුදුබේබි"

කලන්තෙ දැම්ම නේත්‍ර ආපහු ඇස් අරිද්දි සම්පූර්ණයෙන්ම නිහඬ චරිතයක් වෙලා හිටියා.පැය ගාණක ආශවගෙ පෙරැත්තයෙන් පස්සෙ නේත්‍ර ආශව එක්ක කතා කලත් නේත්‍රට පහු ගිය කාලෙ කිසිම මතකයක හරිහමන් සිහියක් තිබුනෙ නැහැ.නේත්‍රට සුදුබේබි කියන කෙනාව,ඒ කෙනාගෙ රූපෙ මතක තිබ්බට සුදුබේබි එක්ක ගත කල හෝරා වල පැහැදිලි මතකයක් තිබුනෙත් නැහැ.නේත්‍රගෙ මනස,හදවත දැනන් උන්නු එකම දේ සුදුබේබි කියන්නෙ තමන්ට ආදරේ කරන කෙනෙක් වගේම තමන් සුදුබේබිට ආදරේ බව විතරයි.අඩුම දෙන්නා පෙම්වතුන් උනා කියලවත් නේත්‍රට ඇති උනු කම්පනේ එක්ක හරිහමන් මතකයක් තිබුනෙ නැහැ.

එක අතකට ඒක සැනසිලිදායක තත්වයක් උනා.නැත්තං රධීන්ගෙන් ලැබුනු අමිහිරි මතක එක්ක ආශවගෙ මතකයන් පැටලිලා ආශව තමන්ව පිලිකුල් කරයි කියන හැඟීම නේත්‍රගෙ මනසට බලපාන්න ඉඩ තිබුනා.තවම නේත්‍රට කිසිම මතකයක් ලැබිලා තිබුනෙ නැහැ.ඒත් ආශව හිටියෙ දැඩි පීඩනේකින්.මොකද මොන වෙලාවක හරි නේත්‍රගෙ මතක නේත්‍රට ලැබෙනව වගේම නේත්‍ර ඒ දේවල් කොහොම දරාගනියිද කියන බය ආශවගෙ හිතේ තදේටම තිබුණා.

මේ වෙද්දිනුත් ආශව හිටියෙ නේත්‍ර නිදන් උන්නු ඇඳේ නේත්‍රගෙ ඔලුව තියාගෙන හිටිය හරියෙන් ඉදගෙන.අතේ තිබ්බ සුප් බදුනෙන් බින්දුවක්වත් නොබිව්ව නේත්‍ර ආශවට පිටුපාලා හැරිලා නිදන් උන්නා.ඇස් වල පිරුණු කදුළු පාලනේ කරගත්තු ආශව නේත්‍රට ආයෙම වතාවක් කතා කලා.

"නේත්‍ර"

"............."

නේත්‍රගෙන් කිසිම විදියක ප්‍රතිචාරයක් ඒ ආමන්ත්‍රණේට තිබුනෙ නැහැ.තමන්ගෙ නම අමතක වුණු පුංචි එකා ආශවගෙ පැත්තට පිට දාලා අනික් පැත්තට වකුටු වෙලා ඇඟිලි වලින් සෙල්ලම් කර කර හිටියා.වෙනදට දෙපාරක් නොහිතා නේත්‍රව තමන්ගෙ තුරුලට ඇදගත්තු ආශව අද සියපාරක් හිතල නේත්‍රගෙ උරහිසට හෙමිහිට තට්ටු කලෙත් නේත්‍ර බයවෙයි කියලා විස්සෝප වෙන ගමන්.ආශවගෙ උණුහුම් නොරිද්දෙන ස්පර්ශෙ එක්ක ආශවගෙ පැත්ත හැරුණු පුංචි එකා ආශව දිහා බලලා ලාවට හිනා උනා.වේදනාවෙන් බර වුණු ආශවගෙ හැඬුම්බර කටහඩ කැඩි කැඩී අවදි වෙද්දි නේත්‍රගෙ හදවතත් වේදනාවෙන් පිරෙන්න ගත්තා.

"ඔ...ඔයාගෙ නම නේට්ට...."

"න්...නේට්ට?"

"න්...නෑ නේත්‍ර"

"ආ....නේත්‍ර?"

"ඔව්....මට ඉස්සර දෙයක් මතක් උනා"

"ඉස්සර දෙයක් කිව්වෙ?"

"ම්....ම්.....අපි හෙමීට මතක් කරගමුකො.ම්ම්ම්...."

"හ්ම්ම්ම්"

"නේත්‍ර..."

"මම නේද?"

"ඔව්......ඔයා තමා නේත්‍ර....ම්...මැණිකට බඩගිනිද?"

"නෑ සුදුබේබි.කන්න බෑ මට"

"කටක් හරි ක...කමුකො මැණිකෙ"

"එපා සුදුබේබි"

"කන්න ආසා හිතෙන දෙයක් තියේනම් කියන්නකො....සුදුබේබි අරං එන්නම්"

"ම්....මම ආසා දේවල්? මට මතක නෑ සුදුබේබි....සුදුබේබිට මතක නැද්ද?"

ඇසුත් බෝල කරගෙන නේත්‍ර ප්‍රශ්න කරද්දි ආශවගෙ ඉවසීම් වල සීමා ටිකෙන් ටික බිදෙන්න ගත්තා.තවත් ඇස් වලට කදුළු වල බර දරාගන්න බෑ කියලා ආශවටම දැනුනු නිසා ආශව ඇස් වල වාන් දොරටු ඇරියෙ හෙමීට කදුළු වලට පල්ලන් බහින්න අවසර දෙන ගමන්.

"ම්....ම...මගෙ මැණික ආසයි නස් නාරං දැම්ම සම්බෝල කන්න.අඹයි හාල්මැස්සොයි එකට දාපු හ්...හොදි ක්...කන්න...තව..."

"සුදුබේබි! සුදුබේබි ඇයි මේ අඩන්නෙ? අඩන්නෙපා සුදුබේබි..."

"මම...මම අඩන්නෑ රත්තරනේ....මම අඩන්නෑ"

"අඩන්නෙපා.....නේට්ටට ඇඩෙනවනෙ....අඩන්නෙපා....හොදද සුදුබේබි"

"හ්....හා අඩන්නෑ මම"

ඉක්මනටම ඇඳේ කෙලින් වුණු නේත්‍ර තමන්ගෙ සේලයින් කට්ට ගහලා තියෙන අත ගැනවත් නොහිතා ආශවගෙ ඇස් වලින් වැටෙන කදුළු පිහිදන්න පටන් ගත්තා.නේත්‍රගෙ පුංචි ඇගිලි වල ස්පර්ශෙ එක්ක ආශව හෙමීට තමන්ගෙ ඇස් දෙක පියාගනිද්දි නේත්‍ර ආශවගෙ කදුළු පිහලා ආශවගෙ ලොකු අතක් තමන්ගෙ නිදහස අතින් අල්ලගත්තෙ කට්ට ගහලා තියෙන අත එහෙ මෙහෙ කරද්දි රිදෙන නිසා.නේත්‍රගෙ පුංචි අතේ ස්පර්ශෙ එක්ක ආශව ඉක්මනට නේත්‍ර දිහා ඇස් ඇරලා බැලුවා.

"නේත්‍ර...."

"ම්ම්ම්ම්"

"ඇයි එකපාරටම?"

"................"

"සුදුබේබි එක්ක කතා කරන්නෙ නැද්ද මැණිකෙ?"

"ම්හ් ම්හ්"

"හ්...හරි කමක් නෑ....ඔහොම හරි ඉන්නකො....එ...ඒ ඇති සුදුබේබිට"

"අ....අඬන්න එපා ඒත් සුදුබේබි"

"එ....එහෙම කියන්න එපා නේත්‍ර....හ්...හැමදේටම මට උන්නු උඹ මෙහෙම ටිකක් හරි ඈත් වෙද්දි මට මැරෙන්න හිතෙනවා සත්තයි!"

"සුදුබේබි!"

ආශවගෙ වචන එක්ක කලබල උනු නේත්‍ර ආශවගෙ අතින් අදින්න ගත්තා.සුප් බදුන පැත්තකට තිබ්බ ආශව ඇද විට්ටමට හේත්තු වෙලා නේත්‍ර දිහා බැලුවෙ වෙනදා වගේ කෙලින්ම නේත්‍රව තුරුලට ඇදලා ගන්න බැරි හන්දා.ආශවගෙ ඇස් දෙක දිහා ටික වෙලාවක් බලන් උන්නු නේත්‍ර ආශවගෙ පපුවට හෙමීට තුරුල් උනා.ඒත් එක්කම ආශවගෙ කටින් හයියෙන් ඉකියක් පිට වුණේ පැය ගාණකට පස්සෙ නේත්‍ර මෙහෙම තමන්ට තුරුල් වෙච්ච නිසා.ආශවගෙ ඉකිය එක්ක නේත්‍ර ඔලුව උස්සන්න හැදුවත් ආශව ඒකට ඉඩ නොදී නේත්‍රව තද කරලා තුරුල් කරගෙන හිටියා.

"ම්හ්.....ම.....ම්හ්...."

ආශවගෙ උණුහුම එක්ක නේත්‍රව මනස ඔස්සේ අපැහැදිලි රූප ඇඳිලා මැකිලා යන්න ගත්තම නේත්‍ර හීනියට කෙඳිරි ගාන ගමන් ආශවට තව ටිකක් ලං වුණා.ආශවගෙ උණුහුම,ආශවගෙ කදුළු එක්ක නේත්‍රගෙ මනසෙ ඇඳෙන්න ගත්තු රූප පැහැදිලි වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.හරිහමං විදියට පැහැදිලිව මුල පටන් ගැන්මෙ ඉදන් පිලිවෙලකටම දේවල් මතක් නොවුණත් අතිශය විශේෂ සිදුවීම් කීපයක් නේත්‍රගෙ මනසෙ පැහැදිලිව මැවිල පේන්න ගත්තා.

පුංචි සුදුබේබි තමන්ව තල්ලු කරන හැටි,පස්සෙ නලවන හැටි,පුංචි සුදුබේබි තමන්ව වඩාගෙන ඇවිදින හැටි,තමන්ව බලන්න ඉස්පිරිතාලෙට එන හැටි,තමන්ව ඉස්කෝලෙ ලගින් බස් එකෙන් බස්සවගෙන කොණ්ඩෙ පීරවලා ඇදුම ආයෙ හරියට හදලා අතින් අල්ලන් ඉස්කෝලෙ ඇතුලට යන හැටි,ලොකු සුදුබේබි තමන්ට මොකක් හරි පොතක් දෙන හැටි,ලාවුළු ගහක් යටදි තමන්ව සිපගන්න හැටි,තමන් එක්ක බුදුන් වඳින හැටි,රෑජාමෙක තමන්ව තුරුල් කරං නලවන හැටි,උදේක නින්දෙන් ඇහැරෙනකොට තමන් ලග වැතිරිලා හිනාවෙවී ඉන්න හැටි,තමන්ව ආවරණය කරගෙන වාහනේක ගැටෙන්න ඔන්න මෙන්න තියාගෙන පාර අයිනකට පනින හැටි,මොකක් ගැන හරි දුරකථනයකින් පෙන්නන ගමන් පපුවෙ මුද්දක් රදවගෙන තියෙන හැටි නේත්‍රට මතක් වෙන්න ගත්තා.

"ම්....මගෙ....මගෙ සුදුබේබි!"

"න්...නේත්‍ර!මොකද්ද මගෙ වස්තුවෙ ඒ කිව්වෙ? මොකද්ද මැණිකෙ?"

"ස්...සුදුබේබි මගෙ......සුදුබේබි මගෙ සුදුබේබි! සුදුබේබි! නේට්ටට මතකයි! සුදුබේබි.....දෙයියෝ මේ මගෙ සුදුබේබි! මගෙ"

"ඔව්....නේත්‍රගෙ....මම නේත්‍රගෙ සුදුබේබි....නේත්‍රගෙ විතරක්ම සුදුබේබි....කලබල වෙන්න එපා මැණික....කෝ සන්සුන් වෙන්න"

"සුදුබේබි...ඉන්න....මාව දාලා යන්නෙපා....නේත්‍රට සමාවෙන්න....නේත්‍රට ටික වෙලාවකට හැමදේම අමතක වෙලා....නේත්‍රගෙ පවු සිද්ධ වෙනවා....නේත්‍ර නරකයි"

"නේත්‍ර! දෙයියනේ ඔයාටම ගහගන්න එපා! නේත්‍ර!"

ආශව සම්බන්ධ හැමදේම මතක් වීමත් එක්ක නේත්‍ර තමන්ගෙම පපුවටයි කම්මුලකටයි ගහගෙන ගහගෙන යද්දි ආශව නේත්‍රගෙ අතින් අල්ලලා නැවැත්තුවා.තමන්ටම ප්‍රහාර දීගත්තු නේත්‍ර රධීන්ගෙ පාරවල් නිසා ලාවට තුවාල වෙලා තියන කම්මුල් වල වේදනාව ගැනවත් නොහිතා ආවේගයට මූලිකත්වෙ දීලා තිබ්බා.කවදත් නේත්‍රගෙ වේදනාව දරන්න බැරි උනු ආශව නේත්‍රගෙ නලල උඩින් තමන්ගෙ තොල් තද කරද්දි නේත්‍රගෙ දැඟලිල්ල ටිකෙන් ටික අඩු උනා.

"මගෙ සුදුබේබි.....සුදුබේබිගෙ නේත්‍ර මම...."

"ඔව්....මගෙ නේත්‍ර....මම ඔයාගෙ සුදුබේබි"

"සමාවෙන්න සුදුබේබි"

"සමාවෙන්න කියන්න එපා නේත්‍ර....පරණ මතක සම්බන්ධව ඔයාට යම් අමතක වීමක් තිබ්බත් ඔයා එක තත්‍පරේකටවත් සුදුබේබිව අමතක කලේ නැහැ....ඉතින් ඇයි සමා වෙන්න කියන්නෙ?"

"ස්...සුදුබේබි.... ආදරෙයි නේත්‍ර"

"මමත් ආදරෙයි රත්තරනේ....උඹට හිතාගන්නවත් බැරි තරම් මම උඹට ආදරෙයි"

ආශවගෙ වචන එක්ක නේත්‍ර ඉකි ගගහා ආශවට තුරුල් වෙද්දි ආශව නේත්‍රව පුළුවන් තරම් තද කරලා තුරුල් කරගත්තා.ඇඬුම පපුවෙ හිර වෙලා නේත්‍රට වේදනාවක් දැනෙනවට වඩා මෙහෙම අඩලා නේත්‍ර වේදනාව පිට කරගන්න එක නේත්‍රට සහනයක් වෙයි කියලා ආශව තේරුම් ගත්තා.ටික වෙලාවක් යද්දි තෙහෙට්ටුවටම නේත්‍රට ආශවග්‍ර් තුරුලෙම නින්ද යද්දි නේත්‍ර උන්නු විදිය නේත්‍රට අපහසු බව තේරුනු ආශව නේත්‍රව ඇඳේ දිගා කරවලා ඇද ලගටම පුටුවක් ඇදලා අරං ඒකෙ ඉදගෙන නේත්‍ර දිහා බලන් හිටියා.

"ම්....මැණිකෙ....සුදුබේබිට සමාව දෙන්න....මම මැරෙනකං මේ පසුතැවිල්ල මගෙ හිතේ තියෙයි...."

නේත්‍රගෙ ඉදිමිලා තියෙන කම්මුල් වලින් තමන්ගෙ ඇගිලි සියුම්ව හසුරවන ගමන් ආශව මිමිණුවෙ තමන්ගෙ පපුව හාරං එලියට ආව ඉකිය වලක්වන්න උත්සාහ කරන්නෙවත් නැතුව.පුංචි එකා නිදි නිසා සද්දෙ නෑහෙන විදියට ඉකි ගහන ආශවගෙ වෙවුලන ඇගිලි නේත්‍රගෙ කම්මුල් තොල් පුරා දිව්වෙ හිතට දැනෙන වේදනාව දරාගන්නම බැරි තැන.

"ද්....දෙයියනේ!!! උඹ කොහොමද රත්තරනේ මෙව්වා දරාගත්තෙ....ස්....සුදුබේබි එකම එක දවසක් උඹට ගහපු කෝටු පාර නිසා මම මගෙ අත් දෙකේම අල්ලවල් බ්ලේඩ් එකකින් හූරගත්තා....වීදුරුවකට අත කැපුනා කියලා බොරු කිව්වට ඇත්තටම මම මටම රිද්දගත්තා....එදායින් පස්සෙ මම උඹට අතක්වත් ඉස්සුවෙ නෑ....මගෙ මල....මගෙ රත්තරං කොච්චර සිනිදුද දෙයියනේ....මම ඔය කම්මුල් කොච්චර ආදරෙන්ද ඇල්ලුවෙ කලේ...ම්....මේ අත.....වැටකෙයියා පඳුරු වලට හීරුණු ඔය අත් වල ක්‍රීම් ගාලා බලාගත්තෙ මැණිකෙ....අද ඒ අතක් සිගරැට් දැල්ලකට පිච්චිලා....ම්....මට දරන්න බෑ නේත්‍ර....මට දරන්න බෑ"

නේත්‍රගෙ වැලමිට කිට්ටුව රධීන් සිගරැට් දැල්ලට පිච්චුව තැන හෙමීට අතගාන ගමන් ආශව ඉකි ගගහා ඇඩුවා.ජීවිතේ ලේසියෙන් අඩන මිනිහෙක් නොවුණු ආශව ඊයෙ ඉදන් කරපු එකම දේ උනේ අඩන එක විතරයි.ආශව ඉකි ගගහා ඇඩුවා.පුදුමෙකට වගේ ආශවගෙ ඇස් වල කදුළු ඉවර වුනෙත් නැහැ.සමහරවිට අවුරුදු දහනවයක් තිස්සෙම ඇස් අස්සෙ ගොඩ ගැහිලා තිබ්බ කදුළු ඔහේ ගලන්න අවස්ථාවක් එලඹුනු නිසා කදුළු ගොඩ දෝරෙ යන්න කල්පනා කරන්න ඇති.

"ආශ....ආ...නේත්‍ර මල්ලි නිදිද?"

"ඔව්....ඇයි රකිත?"

"පොඩ්ඩක් වරෙංකො එලියට....දෙයක් පෙන්නන්න තියෙනවා"

නේත්‍රගෙ පුංචි අත හෙමීට තමන්ගෙ අතින් ගැලෙව්ව ආශව රකිතගෙ පස්සෙන් කාමරෙන් එලියට ගියා.කාමරේ දොර ලගම හිටගත්තු රකිත ආශවගෙ අතට රධීන්ගෙ දුරකථනය දීලා පිට්ට තට්ටු කරල එතනින් යද්දි ආශව තමන්ගෙ අතේ තිබ්බ දුරකථන තිරයෙ තිබුනු වීඩියෝව බලන්න ගත්තා.

"කාලකන්නි බල්ලා!!!!"

රධීන් නේත්‍රව ඇඳට දැම්ම වෙලේ ඉදන් සිද්ධ වුණු හැම සිද්ධියක්ම වීඩියෝවෙ අඩංගු වෙද්දි රධීන් නේත්‍රගෙ කම්මුල් වලට ගහම විදිය දැක්ක ආශවගෙ කටින් ලොකු ඉකියක් එලියට පැන්නා.රධීන් නේත්‍රගෙ පුංචි කම්මුල් වලට පහර පිට පහර දෙද්දි,නේත්‍රගෙ පුංචි තොල් රිදෙන්න අත් වලින් අදිද්දි,පුංචි එකාගෙ අත සිගරැට් දල්ලෙන් පුච්චද්දි ආශව ඉකි ගගහා ඇඩුවා.

"මගෙ රත්තරනේ....සුදුබේබිට සමාවෙන්න මගෙ මැණිකෙ....සුදුබේබිට සමා වෙන්න"

බිත්තිය දුගේ රූටලා බිමට වැටුණු ආශව ඉකි ගගහා අඩන්න ගත්තා.විනාඩි ගාණකට හරි නේත්‍ර කොච්චර දුකක් විඳලද කියලා දැක්ක ආශව තමන්ගෙ රිදුම් දෙන පපුව හයියෙන් මිරිකගත්තා.අන්තිමේදි ඇඩිල්ල කොච්චර වැඩි උනාද කියනවනම් ආශව නැවතුනේ නේත්‍ර හිටිය කාමරේ තිබුනු නාන කාමරය ඇතුලෙ.දෙකට තුනට නැවුණු ආශව නාන කාමරයෙ තිබුණු කොමඩයට වමනෙ කරන්න ගත්තා.ඊයෙ හවස ඉදලා කිසිම දෙයක් බඩට දාගෙන නොතිබ්බ එක,තෙහෙට්ටුව,කම්පනය ඒ ඔක්කොමත් එක්ක දිග වෙලාවක් පුරා ඇඩුව හේතුව නිසා ඇති වුණු ප්‍රතිපලයක් විදියට ආශව උගුර තුවාල වෙනකං වමනෙ කලා.

"මගෙ වස්තුව...දොයියගන්න මැණික....මගෙ නේත්‍ර දොයියගන්න"

නේත්‍රගෙ නලලට වැටිලා තිබ්බ කෙස් රොදවල් පස්සට කෙරුව ආශව නේත්‍රගෙ නලලින් උණුහුම් හාද්දක් තවරලා නේත්‍රගෙ කම්මුල් දෙකට දැනෙන නොදැනන ගානට හාදු තැවරුවා.පුංචි කාලෙ මේ කම්මුල් රතු වෙන්න ආසාවට මිරිකුවත් කාලයත් එක්කම නේත්‍රට එයින් රිදෙන නිසා ඒ කම්මුල් පරිස්සමට අත ගාන්න හුරු උන හැටි මතක් කෙරුව ආශවගෙ ඇස් වලින් ආයෙමත් කදුළු ගලන්න පටන් ගත්තා.නේත්‍ර කිසිම දෙයක් තවම කාලා බීලා නැති නිසා ආශවත් නේත්‍ර ලගින්ම ඉදගෙන ඒ පුංචි අතක් අල්ලගෙන ඇස් දෙක පියාගත්තෙ ඇස් වලට පුංචි සහනයක් ගන්න හිතාගෙන.

"මගෙ පුතේ!!! රත්තරනේ!!!"

"නිර්මලා! සද්ද කරන්න එපා....නේත්‍ර නිදි"

"සුදුබේබි?"

"එයා දොයියන් ඉන්නෙ නිර්මලා....සද්ද කරන්න එපා....ඇහැරෙයි"

නේත්‍ර දිහා කදුළු පිරුණු ඇස් වලින් බලන් කියවන ආශව දිහා නිර්මලා බලන් හිටියෙ පුදුමයෙන්.නිර්මලාට හරි හමන් විස්තරේ නොකියලා නේත්‍රගෙ ඇගට කොල්ලෙක් මත්ද්‍රව්‍ය වගයක් එන්නත් කරලා කියලා විතරක් කිව්ව ලොකු මැණිකෙ නිර්මලාව පරක් කරගෙන රෝහලට අරගෙන ඇවිත් තිබ්බා.තමන්ගෙ පුංචි එකාව දැක්ක නිර්මලාට දරු දුක වාවගන්න බැරුව කෑ ගහගෙන ආවත් ආශව නිර්මලාව නිහඩ කෙරෙව්වා.ඒ හැමදේටමත් වඩා නිර්මලාට පුදුම හිතුනෙ කවදාවත් දැකලා නැති සුදුබේබිගෙ මේ ප්‍රතිරූපෙ හන්දා.

"මගෙ දරුවට දැන් මොකද සුදුබේබි?"

"නේත්‍ර දැන් හොදින් නිර්මලා....බය වෙන්න දෙයක් නැහැ...මම එයා ලග ඉන්නවනෙ"

"ස්....සුදුබේබි පොඩ්ඩගෙ අතට මක් වෙලාද? කම්මුලුත් ඉදිමිලා වගේ"

නිර්මලා අහන දේවල් වලට දෙන්න උත්තර ආශවට නැති වෙද්දි ආශව හෙමිහිට බිම බලාගත්තත් නිර්මලාගෙ පිටිපස්සෙන් කාමරේට ඇතුල් වුණු ලොකු මැණිකෙ නිර්මලාට උත්තර දුන්නා.

"ලමයි අතරෙ පොඩි රණ්ඩුවක් ගිහින් නිර්මලා....නේත්‍ර කොලුවවත් ඒකට මැදි වෙලා"

"ම්හ් ම්හ්"

කට්ටියගෙම අවධානෙ බිඳුනෙ නේත්‍ර නින්දෙන්ම හීනියට ඉකි ගහන්න ගත්ත හන්දා.ඉක්මනටම නේත්‍ර ලගට ලං වුණු ආශව නේත්‍රගෙ ඔලුව අත ගාලා නේත්‍රව නිදි කරවන්න හැදුවත් පුංචි එකා ඇසුත් පොඩි කර කර නින්දෙන් ඇහැරුණා.තමන් ලග ඉන්න සුදුබේබි දිහා බලලා හිනා වුනු නේත්‍ර තමන්ව එකපාරටම තුරුල් කරගත්තු නිර්මලා නිසා කලබල වෙන්න ගත්තා.

"ම්හ් ම්හ්...සුදුබේබි එන්නකො....සුදුබේබි...ස්....ම්හ්....සුදුබේබි"

"මයෙ අම්මෙ....මේ මම දෙයියො....මගෙ පුතු ඇයි අම්මෙ මේ බය වෙලා වගේ?"

"ම්හ්....ස්....සුදුබේබි එන්න....සුදුබේබි...."

"නේත්‍ර.....නේත්‍ර අහන්නකො....නේත්‍ර,මේ ඉන්නෙ නේත්‍රගෙ අම්මා.බය වෙන්න එපා එයාට"

"සුදුබේබි මොනාද මේ කියන්නෙ! මේකගෙ අම්මා මම කියලා මේකාට අමුතුවෙන් කියන්නෙ ඇයි?"

"නිර්මලා කලබල කරන්න එපා මේ වෙලාවෙ....හෙමිහිට පුංචි අම්මා විස්තර ටික කියයි නිර්මලාට"

වෙන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න උත්සාහ දැරුව එක පැත්තකට දැම්ම නිර්මලා බැලුවෙ තමන්ගෙ උඩුකය හැට්ටයෙ කොණකින් අල්ලන් තමන් දිහා ඇසුත් බෝල කරං බලන් ඉන්න තමන්ගෙ පුංචි එකා දිහා.ඒත් එක්කම නිර්මලා නැවිලා නේත්‍රගෙ නලලින් දිග හාද්දක් තියද්දි නේත්‍ර කලබල නොකර නිර්මලාට ගුලි ගැහිලා හිටියා.අම්මා පුතා දෙන්නට ටිකක් තනිවෙන්න දෙන්න ඕනි කියලා තේරුම් ගත්තු ලොකු මැණිකෙ ආශවට එන්න කියාගෙන එලියට යද්දි තමන්ගෙ අත හයියෙන් අල්ලන් උන්නු නේත්‍රගෙ අත නිර්මලාගෙ අත උඩින් තිබ්බ ආශව නේත්‍ර දිහා බලලා බය වෙන්න එපා කියන්න වගේ බැල්මක් එක්ක එලියට ගියා.

"සුදුපුතා....දරුවට උනු දේවල් මතකද?"

"තාම නෑ පුංචි අම්මෙ.....මට බය ඒ ගැන"

"මූණ දෙමු කොහොමහරි සුදුපුතා....පුතේ,අපි මේ ගැන පොලීසියට කියමුද?"

"එපා පුංචි අම්මෙ....පොලීසියට කියන එකෙන් වෙන්නෙ නේත්‍ර තවත් මෙන්ටලි ඩවුන් වෙන එක"

"ඒ ඇයි සුදුපුතා එහෙම කියන්නෙ?"

"අනිවාර්‍යයෙන්ම පොලීසිය එතකොට නේත්‍රගෙ මතකෙ ආවට පස්සෙ නේත්‍රගෙන් කට උත්තරයක් ගන්නවා....පුංචිඅම්මා හිතනවද එකපාරයි එයාලා නේත්‍ර එක්ක කතා කරන්නෙ කියලා? නෑ....නේත්‍රට ආයෙ මොකක්ම හරි නොකියපු දෙයක් මතක් වෙලාද බලන්න ආයෙ ආයෙ උන් නේත්‍රගෙන් ප්‍රශ්න කරනවා.ඒකෙන් වෙන්නෙ නේත්‍ර සියපාරක් විතර අර සිද්ධියට මූණ පානවා වගේ දෙයක්....සියපාරක් රධීන්ගෙන් වේදනා විදිනවා වගේ දෙයක්....ඒ නිසා ඕනි නෑ පුංචි අම්මෙ"

"සුදුපුතා එහෙනම් මොකද්ද කරන්න හදන්නෙ?"

"ඔය රධීන්ලා හොද මිනිස්සු නෙවෙයි පුංචි අම්මෙ....එයාලාට සොබා දහමෙන්ම දඬුවම් ලැබෙයි ඉක්මනටම"

ආශවගෙ වචන එක්ක ලොකු මැණිකෙ ආශවගෙ ඔලුව අතගෑවෙ ආශවව සනසන්න හිතාගෙන.ඒත් ලොකු මැණිකෙ දැක්කෙ නැහැ එවෙලෙ ආශවගෙ ඇස් වල තිබ්බ වියරුව.ආශවට වටිනම කෙනාට කරදර කෙරුව මනුස්සයට සොබාදහමෙන් දඬුවම් දෙයි කියලා ආශව නිකං ඉදියිද කියලා ලොකු මැණිකෙ වැඩිදුර කල්පනා කලේ නැහැ.ලොකු මැණිකෙ ආශවගෙ වචන විශ්වාස කරලා පාඩුවෙ හිටියා.

ටික වෙලාවකින් දොර ඇරගෙන එලියට ආව නිර්මලා දොරකඩම බිම ඉදන් අඩන්න පටන් ගනිද්දි ආශවයි ලොකු මැණිකෙයි කර කියාගන්න දෙයක් නැතුව නිර්මලා දිහා බලාගෙන හිටියා.ඉකි ගගහා ඇඩුව නිර්මලා ටිකක් හරි තමන්ගෙ දුක පිට කරගත්තට පස්සෙ අතට ගත්තෙ අරං ආව පන් මල්ල.අහිංසක ගෑනි පන් මල්ල අස්සට අත දාලා එලියට ගත්තු බත් මුල සුදුබේබිගෙ අතින් තියලා අඩ අඩම පැත්තකට උනා.

"පුංචි එකා කැමතිම කෑම ටිකක් හදන් ආවෙ සුදුබේබි....පුලුවන්නම් මගෙ එකාට ඕකෙන් බත්තුලු දෙකටක් හරි කන්න දෙන්න"

"මම කන්න දෙන්නම් නිර්මලා...නිර්මලා ගෙදර යන්න.මම ඉන්නවනෙ...අනික හෙට දිහාට නේත්‍රට ගෙදර එන්න පුළුවන් වෙයි"

"මම එලියෙන් හරි ඉන්නම් සුදුබේබි.....පුංචි එකාව දාලා මට යන්න බැහැ"

"නිර්මලා එහෙනම් අපි මොනාහරි කාලා එන්න යමු"

"ලොකු මැණිකෙලා අපි වගේ උන් වෙනුවෙන් මෙහෙම මහන්සි වෙන එකම ලොකු දෙයක් ලොකු මැණිකෙ....මට වතුර ඩිංගක් බීලා ඉන්න පුළුවන්"

"සුදුපුතා ඉන්නවනෙ නිර්මලා මෙතන....නිර්මලා මම එක්ක යමු"

"ල්....ලොකු මැණිකෙ....අනේ මේ වගේ තැන් අපිට හුරුත් නැහැ ලොකු මැණිකෙ...."

"නිර්මලා එන්නකො"

උදේට වතුර ඩිංගක් විතරක් බීලා මග දිගටත් වැලපෙන ගමන් රෝහලට ආව නිර්මලා තව ටිකක් එහෙම හිටියොත් එහෙම කලන්තෙ අල්ලන බව තේරුම් ගත්තු ලොකු මැණිකෙ නිර්මලාව රෝහල් ආපන ශාලාවකට එක්කං ගියා.නිර්මලා ගාට ගාට ලොකු මැණිකෙගෙ පස්සෙන් යන දිහා බලන් උන්නු ආශව ආපහු පාරක් හෙමින් සැරේ නේත්‍ර ඉන්න කාමරේට ගියේ නේත්‍රට බත් කටක් හරි කවාගන්න තිබ්බ වුවමනාවට.ආශව යද්දිනුත් ඇඳ විට්ටමට හේත්තු වෙලා සේලයින් දෙන කටුව ගහලා තිබ්බ තමන්ගෙ අත දිහා බලාගෙන නේත්‍ර හිටියෙ ලොකු කල්පනාවක.

"නේත්‍ර....."

"ම්ම්ම්ම්"

"කමු මැණිකෙ බත් කටක්"

"එපා සුදුබේබි....මට කන්න බැහැ....බඩ පපුව පුරෝ දාලා වගේ"

"දැන් ඊලග වටේට බේත් දෙන්න එද්දි නේත්‍ර කාලා ඉන්න ඕනි....නැත්තං අර දිවාෂට වගේ ගෑස් ගෑස් කිය කිය ඉන්න තමා වෙන්නෙ"

"දිවාෂ කියන්නෙ කවුද සුදුබේබි?"

"අර උදේ ආවෙ"

"ආ....මම බය උනු හන්දා නේද එයා ඇඬුවෙ?"

"ඔව්....ඒ ඔයාගෙ හොදම යාලුවා නේත්‍ර....එයාට හුඟක් දුක හිතෙන්න ඇති තමා"

"පවු සුදුබේබි....මට මේ මෙලෝ දෙයක් මතක නැති නිසා හැමෝම දුකින්....මම හුගක් නරකයි නේද?"

"මගෙ නේත්‍ර නරක නෑ....බත් කටක් හරි කමු දැන්"

ආශවට කල්පනා උනේ අද උදේ උනු සිද්ධියක් ගැන.ඇඟට යාන්තම් පණ ගහලා තිබ්බ දිවාෂ ඇඳෙන් පල්ලට අඩිය තියන්න පුලුවන් උනු ගමන්ම කරලා තිබ්බෙ තෙවින්ගෙ ඇඟට වාරු වෙලා නේත්‍රව බලන්න ආව එක.නේත්‍රව දැක්ක ගමන් අමාරුකම් ඔක්කොම අමතක කෙරුව දිවාෂ නේත්‍ර ලගට දුවගෙන ඇවිත් නේත්‍රව තුරුල් කරගත්තත් නේත්‍ර කලේ මහ හයියෙන් අඩන ගමන් දිවාෂගෙන් ගැලවෙන්න උත්සාහ කල එක.නානකාමරේට වැදිලා මූත්‍රා කරන ගමන් හිටිය ආශව ඉක්මනට කලිසම උඩට උස්සන් එලියට දුවගෙන ආවෙ නේත්‍ර කෑගගහා අඩන සද්දෙට බය වෙලා.එලියට ආව ආශවගෙ ඇස් වලට අහු උනේ නේත්‍රගෙන් ඈතට වෙන්න හිටගෙන ඉන්න දිවාෂවයි ඔලුව බදාගෙන කෑගගහ අඩන නේත්‍රවයි.

"සමාවෙන්න ච්....චූචියො....සමාවෙන්න ආශව අයියෙ"

දෙන්නා දිහා බලලම වෙවුලන හඬකින් කිව්ව දිවාෂ තෙවින්ගෙ ඇඟට වාරු වෙද්දි දිවාෂගෙ දණහිස ලගින් අත දැම්ම තෙවින් දිවාෂව හරහට වඩාගෙන කාමරෙන් එලියට යද්දි දිවාෂ තෙවින්ගෙ පපුව අස්සෙ මූණ හංගන් අඩන්න පටන් අරං තිබ්බා.මෙවෙලෙ දිවාෂ ගැන බලනවට වඩා නේත්‍රව බලාගන්න ඕනි බව දැනන් උන්නු ආශව ඉක්මනටම අඬන නේත්‍ර ලගට ගිහින් නේත්‍රගෙ අතින් අල්ලන් ඔලුව අතගාන්න ගත්තෙ තමන් නේත්‍රව තුරුල් කරගත්තොත් නේත්‍ර තව බය වෙයි කියන සැකේ හින්දා.ආශවගෙ පුංචි පුංචි තට්ටු කිරීම්,සැනසිලිදායක වචන එක්ක ටිකකින් ඇඬිල්ල නැවැත්තුව පුංචි එකා නින්දකට වැටෙද්දි දිවාෂ කාමරේට වෙලා හොදටෝම අඬන ගමන් හිටියා.

"කමු නේත්‍ර....මේ..ඔයා ආසම ජාති"

"එ...එප්...එපා සුදුබේබි....කන්න බෑ"

"මට හුගාක් බඩගිනියි නේත්‍ර....කමුකො ඒ නිසා"

"හ්...හා සුදුබේබි කමු"

ආශව සුපුරුදු තුරුම්පුවම එලියට දාද්දි හැමදාම වගේ ඒකට රැවටුණු නේත්‍ර ඇදේ හරිබරි ගැහිලා ඉදගනිද්දි ආශව බත් එක පිඟානක් උඩින් තියාගෙන ඒක අනන්න ගත්තා.පුංචි බත් කටක් අතේ ගුලි කරගත්තු ආශව ඒක නේත්‍රගෙ කටට ලං කරද්දි ආශව දිහ ඇසුත් බෝල කරං බැලුව පුංචි එකා කට යාන්තමට ඇරියා.නේත්‍රගෙ කටට බත් ගුලිය දැම්ම ආශව නේත්‍ර ඒක හෙමීට හපලා ගිලිනකං තව බත් කටක් අනන් තමන්ගෙ කටට දාගත්තෙ නැත්තං නේත්‍ර කන්න අදිමදි කරන බව දැනන් හිටිය නිසා.

* * * * *

"යුගාන් අඬන එක නවත්‍තන්නකො"

"මට හරි දුකයි අ...අයියෙ....නේත්‍ර හුගක් ඩවුන් වෙලා"

"එයාට ඉක්මනටම සනීප වෙයි යුගාන්.....බය නැතුව ඉන්නකො"

"බයක් නෙවෙයි....මට තියෙන්නෙ දුකක්,පසුතැවිල්ලක්.මට හෙනයක්වත් නෑ....ඒත් නේත්‍ර....පවු අයියෙ....නේත්‍ර හුගක් පවු.ආශව අයියත් පවු"

"ඔයත් පවු යුගාන්....ඔහොම ඔයා අඩද්දි ඔයාට කොච්චරනම් අමාරු වෙනවද?"

"මට බැරි උනා නේත්‍රව පරිස්සම් කරන්න"

"ඔයා මොනා කරන්නද යුගාන්? ඔය දෙන්නටමයි කරදරයක් වෙන්න ගිහින් තිබ්බෙ....මොන වාසනාවකට හරි මහීල්ගෙ ඔලුව පෑදුනා.නැත්තං තමුසෙටත් මොනාහරි වෙලා!!! අඩන එක නවත්තපං යුගාන්! ඇති දැන්!"

දිවාෂගෙ වචන,පපුව ඇද ඇද අඩන ඇඩිල එක්ක තෙවින්ගෙ වචන සැර වෙද්දි දිවාෂ රතු උනු නහය අතින් පොඩි කර කර තෙවින්ගෙන් ඈතට උනා.

"බ්....බයින්න එපා අයියෝ.....මම....මම දෙවින් අ...අයියට කියනවා ඔයාව"

"හරි....කෝ...අඩන්න එපා....හොද බබානෙ"

දිවාෂ තෙවින්ගෙන් ඈතට වෙලා ඉකි ගහන්න ගනිද්දි දිවාෂට ලං වුණු තෙවින් දිවාෂව තුරුල් කරගත්තෙ දිවාෂගෙ විරෝධය ටිකකටවත් ගණන් නොගෙන.දිවාෂව තුරුල් කරගත්තු තෙවින්ගෙ පපුවට දිවාෂ අතමිට මොලවලා ගහගෙන ගහගෙන ගියාට ඒක නැවතුනේ තෙවින් තමන්ගෙ එක අතකින් දිවෂගෙ අත් දෙකම අල්ලගෙන තමන්ගෙ කකුල් දෙක උඩින් තියාගත්තු හන්දා.

"යුගාන්....."

"ම්ම්ම්ම්"

"උන්ට මොකද්ද කරන්න ඕනි?"

"ක්....කාටද?"

"රධීන්ටයි මහීල්ටයි"

"ම්...මොනා කරන්නද අහන්නෙ?"

"මරන්න ඕනිද?"

"තෙවින්!!!"

ඇඩිල්ල පැත්තක දැම්ම දිවාෂ එකපාරටම ගිය හිනාව එක්ක තෙවින් දිහා බැලුවත් දිවාෂගෙ හිනාව නැවතුනේ තෙවින්ගෙ ඇස් දෙක දැකලා.තෙවින්ගෙ ඇස් වල බොරුවක් කිව්වා වගේ දෙයක් පේන්න නොතිබ්බා වගේම ඒ ඇස් දෙක හරි ස්ථාවර බැල්මකින් සැරසිලා තිබ්බා.තෙවින් දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය දිවාෂ් තෙවින්ගෙ අත අස්සට හිර වෙලා තිබ්බ තමන්ගෙ අතක් දඟලලා දඟලලා ගලවගත්තා.

"විහිලු කරන්න එපා"

"..........."

"මරන්න එපා....පිස්සුද තමුසෙට?"

"මොකද්ද එහෙනම් කරන්න ඕනි?"

"අ....ආයෙ එයාලව අපිට මුණ ගැහෙන්න ඕන්නෑ තෙවින්.පුලුවන්නම් ඒ දෙන්නව නුවරින් දුරකට යවන විදියට උදව් කරන්න"

"යුගාන් කියනවනම් ඕනිම දෙයක්.....ආයෙ උන් දෙන්නා ඉස්කෝලෙ එන එකක් නෑ...මම ගිහින් ටිකක් බය කරලා එන්නම්"

"පොලීසියට කියන්නද හදන්නෙ?"

"ඔව්....පොලීසියෙ මම දන්න කෙනෙක් ඉන්නවා යුගාන්....එයාට සෑහෙන බලයක් තියෙනවා.එයා ලව්වා මම ඒක කරවන්නම්"

"හ්ම්ම්ම්.....නේත්‍රට ආයෙ කොහොමත් රධීන්ව දැක්කොත් අවුල් යයි....නේත්‍ර විඳෙව්වා හොදටම ඇති දැන්"

"මම ආශවටත් කියන්නම්....අරුන් දෙන්නට දෙකක් ඇනලා ආවම හරි"

"තෙවින් ආශවව එක්කන් යන්න එපා!"

"ඇයි ඒ? ආශවට උනත් උන්ට දෙකක් ඇනගත්තම පොඩ්ඩක් හරි හිතට සහනයක් එයි"

"ඒත්....."

"මේ පාර ඔයා කියන දේ අහන්න බෑ යුගාන්....ආශවවත් එක්කන් යන්නම්.අර බල්ලගෙ කනට දෙක තුනක් දුන්නම හරි"

"මම දන්නෑ....."

"මම ගිහින් එන්නම් යුගාන්....ඔයා පරිස්සමින් ඉන්න.අයියා දැන් ලගලු ඉන්නෙ.එයයි දෙනෙතුයි එයි"

"හ්ම්ම්ම්.....පරිස්සමින්"

"යුගානුත් පරිස්සමින්"

තෙවින් කාමරෙන් එලියට යන හැටි බලන් හිටිය දිවාෂ හෙමීට ඇඳෙන් ඇලවුණා.ආශව ගැන පුංචි කාලෙ ඉදලම දැනන් උන්නු කෙනෙක් විදියට අද ආශවව රධීන්ලා ලගට එක්කන් යන එක එච්චර හොද වැඩක් නෙවෙයි කියලා දිවාෂට හිතුනා.නේත්‍ර සම්බන්ධ දේවල් වලදි ආශව කියන්නෙ වෙනස්ම කෙනෙක් නිසා රධීන්ව ආශව මුණ ගැහෙන එක එච්චර සුදුසු නෑ කියලා දිවාෂට හිතුනත් දිවාෂ ආයෙමත් ඒක අමතක කරල දැම්මෙ උනු ප්‍රශ්න එක්ක තමන් හිතනවා වැඩියි කියලා හිතිලා.

"හෙලෝ...."

"ආ මලයණ්ඩි....කියපං....අවුලක් උනා කියලා ආරංචියි"

"ඔයා කොහොමද අක්කෙ ඔව්වා දන්නෙ?"

"අමතක කරන්නෙපා ඈ අපේ බොස් ධවාන් කියලා....මොකෝ සීන් එක?"

"මට අරුන් දෙන්නට දෙකක් ඇනගන්න ඕනි?"

"පොඩි දෙන්නට සක්කිලි වැඩේ කරපු බල්ලො දෙන්නටද?"

"ඔව්.....පුලුවන්නම් උන් දෙන්නව ටික වෙලාවකට අපිට ගෙනත් දෙන්න....ලොකු උදව්වක් අලීශා අක්කෙ....ඇත්තමයි"

"ම්ම්ම්.....හා.....උන් දෙන්නා මේ ටිකේම යන්න පුරුදු වෙලා ඉදලා ක්ලබ් එකකට....අදත් එතන ඇති සමහරවිට....තමුසෙට රෑ වෙද්දි වැඩේ උනොත් ඇතිද?"

"හා....හෙට අනිද්දට නේත්‍ර මල්ලිව ගෙදර එවයි.ඊට කලින් මේක වෙන්න ඕනි"

"වැඩේ උනා කියලා හිතාගන්නවකො.....මම තැනයි වෙලාවයි මැසේජ් එකක් දාන්නම්....නේත්‍ර කියන්නෙ අර පොඩි එකා නේද? ඉරුගල්බණ්ඩාර මුදලාලිගෙ පුතාගෙ?"

"ඔව් ඔව්....එයා තමා....ධවාන් බොසා අවුලක් දායිද ඔයා පිට වැඩ කරනවා කියලා"

"ධවාන් නිකරුණේ කරන්න ගිය මිනීමැරුමක් නැවතුනේ උඹ නිසානෙ මල්ලි....නැත්තං ඌ නේත්‍රවයි සහසැස්වයි පටලං ඉරුගල්බණ්ඩාර කොල්ලට කොකා ගස්සලා හුගක් කල්....පොඩි දෙන්නා සෑහෙන්න එක වගේනෙ....දුරින් බැලුවොත් එක වගේමයි.ලං වෙලා බැලුවම තමා ටිකක් වෙනස් කියලා පේන්නෙ....එදා ධවාන් ඉක්මන් නොවී හොයලා බැලුව නිසා හොදයි"

"හොද වෙලාවට අනික අක්කා මට ඒ ගැන කිව්වෙත්....එක වගේ හතක් ඉන්නව කිව්වට මම හිතුවෙ නෑ ඒම දෙක දෙක නුවරටම සෙට් වෙයි කියලා....ආශවත් නාකි උනාම ධවාන් බොසා වගේ වෙයි නේහ්?"

"ධවාන් මේ ටිකේ නාකි සීන් එක ගැන හෙනටම හිතනවා....ඒ නිසා උඹ ඉදපං කට කියවන්නෙ නැතුව...ධවාන්ගෙන් අවුලක් වෙයි කියලා හිතන්න එපා....තෙවින් කොළඹදි අපිට කරපු උදව්ව තාම අපිට මතකයි"

"අක්කා එහෙනම්....."

"හරි....රෑ වෙන්න කලින් ඕනි දේ වෙයි....මම මැසේජ් එකක් දාන්නම්"

"හරි අලීශා අක්කෙ....බායි"

"බායි මලයා"

තෙවින් කල්පනා කලේ දවසක් කොලඹ ඉන්න වෙලාවක යාලුවෙක්ගෙ උපන්දින සාදයක් ඉවර වෙලා මහ රෑ ගෙදර යද්දි පාර අයිනෙ වැටිලා උන්නු මනුස්සයෙක්ව දැකල වාහනේ නැවැත්තුව හැටි.ලේ වලින් මූණ වැහිලා උන්නු ඒ මනුස්සයව තමන්ගෙ වාහනේට නග්ගගත්තු හැටි.රෝහලකට අරං ගිහින් ඒ මනුස්සයව භාර දුන්නු හැටි.ටිකකින් ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි පෙරටු කරගත්තු පිරිසක් රෝහලට ආව හැටි.ඒත් එක්කම ඒ කාලෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණු අභිරාජ් මන්ත්‍රී තුමා රෝහලට ආව හැටි.එතන හිටිය ගෑනු ලමයා තමන්ට ස්තූති කරලා තමන්ගෙ දුරකථන අංකෙ ගත්තු හැටි.එදා ඉදන් අද වෙනකං තමන් ඉල්ලන ඕනිම උදව්වක් දෙපාරක් නොහිතා කරපු හැටි.

"ඒකත් එහෙනම් ඉක්මනටම ඉවරයක් වෙයි"

තමන්ගෙ බයිකයට නැග්ග තෙවින් ලා හිනාවකින් මූණ සරසගෙන හුලං කපාගෙන ඉදිරියට ඇදෙන්න ගත්තා.

..................................................................................................

"මම ඩොක්ටව හම්බෙලා එන්නම් මැණික....මගෙ නේත්‍ර දොයියගන්න"

හවස් ජාමෙ නුවර අහස තැඹිලිපාට වීගෙන එද්දි ඒ තැඹිලි අව් රැලි නේත්‍රගෙ මූණට වැටෙන්න කලින් ආශව ඉක්මනට ජනෙල් තිර රෙදි වලින් කාමරේ ආවරණය කලා.බේත් සැරට නින්ද ගිහින් ඉන්න නේත්‍ර ලගින් ඉදගෙන නේත්‍රගෙ හිසකෙස් අස්සෙන් ඇඟිලි යැව්ව ආශවගෙ ඇස් තවමත් තෙත් වෙලා තිබුණා.ආශවගෙ ඇස් තවමත් රතුපාට වෙලා තිබුණෙ නේත්‍රට හොරෙන් විටින් විටේ ඇස් වලින් නොනවත්වාම යවන කදුළු නිසා.

නේත්‍රගෙ තත්වය ගැන අහලා දැනගන්න වගේම ඉදිරියට කරන්න ඕනි දේවල් අහගන්න ඕනි නිසා ආශව නේත්‍රට නින්ද ගිහින් තිබ්බ වෙලාවෙ වෛද්‍යවරයාව මුණ ගැහෙන්න යන්න තීරණේ කලා.නේත්‍රගෙ නලලින් තමන්ගෙ තොල් තද කෙරුව ආශව කාමරේ දොරත් හෙමීට වහගෙන එලියට යද්දි ආශව නොදැක්කත් නේත්‍රගෙ ඇගේ පුංචි චලනයක් උනේ නේත්‍ර ඇහැරීගෙන එන වග පෙන්නන්න වගේ.ඒ බව නොදැක්ක ආශව කාමරෙන් පිට වෙලා ගිහින් තිබ්බා.

"එක්ස්කියුස් මී ඩොක්ට...."

"ඕහ්....එන්න පුතා.ඉදගන්න"

"තෑන්ක් යූ ඩොක්ට"

වෛද්‍යවරයාට සුහදව හිනාවකින් සංග්‍රහ කරපු ආශව වෛද්‍යවරයා ඉදිරියේ තිබුණු අසුනකින් අසුන් ගත්තා.

"ඩොක්ට....නේත්‍රට තාම සෑහෙන්න දේවල් මතක නෑ...ඒක ප්‍රශ්නයක් වෙයිද?"

"මෙහෙමයි පුතා....මේ දරුවට තියෙන්නෙ කම්පනයකින් ඇති වුණු සිද්ධියක් නිසා මතකෙ අමතක වීමක්නෙ....ඒ නිසා ඉතා ඉක්මනට එයාට හැමදේම මතක් වෙනවා.ම්ම්ම්....පුතා හැම වෙලාවෙම ඒ දරුවා එක්ක නේද හිටියෙ?"

"ඔව් ඩොක්ට"

"සමහරවිට එයා තනි වෙලා හිටියනම් මතකෙ මේ වෙද්දි ඇවිල්ලා තියෙන්නත් පුළුවන්....පුතා එක්ක ඉද්දි ඒ දරුවගෙ මනස ෆෝකස් වෙන්නෙ පුතා ලගට විතරයි.එයා මුකුත් මතක් කරගන්න උත්සාහ දරන්නෙ නැහැ"

"එ....එයාට මතකෙ එද්දි ප්‍රශ්නයක් වෙයිද ඩොක්ට?"

"එයාට හොද මතක වගේම ඊයෙ උනු දරුණු මතකත් ආයෙ ඔලුවට එන්න තියෙනවා....ඒ නිසා හුගක් වෙලාවට එයාට මුලින් දරාගන්න අමාරු වෙයි"

"එයාට ආයෙ අසනීප...."

"නෑ පුතා....එවෙලෙට එයාව කන්ට්‍රෝල් කරගන්න බලන්න....හොස්පිට්ල් එකේ ඉද්දි එයාට එහෙම මතකෙ ආවොත් අපිට ඉන්ජෙක්ෂන් එකක් දීලා හරි එයාව සන්සුන් කරන්න පුලුවන්නෙ.ගෙදර ගියාට පස්සෙ ආවොත් පුතාලා කන්ට්‍රෝල් කරගන්න ඕනි ඒ දරුවව"

"හොදයි ඩොක්ට....මම එයාව බලාගන්නම්"

"අද රෑට මම ඇවිත් ඒ දරුවව චෙක් කරලා බැලුවට පස්සෙ හෙට ගෙදර යන්න පුලුවන්ද කියන එක හරියටම කියන්නම්"

"හොදයි ඩොක්ට....තෑන්ක් යූ"

"වෙල්කම් පුතා"

වෛද්‍යවරයාට ස්තූති කෙරුව ආශව කොරිඩෝව දිගේ ඇවිදන් එනවත් එක්කම ආශවගෙ හිතට දැනුනෙ මහ අමුත්තක්.ඒත් එක්කම ආශව වේගෙන් නේත්‍රගෙ කාමරේට ගිහින් දොර ඇරලා බැලුවා.

"නේත්‍ර! කෝ ඔයා!"

ඇඳ උඩ නේත්‍ර හිටියෙ නැහැ වගේම නේත්‍රගෙ අතට ගහලා තිබ්බ සේලයින් කටුවත් ලේත් එක්කම බිම වැටිලා තිබ්බා.පිස්සෙක් වගේ ඔලුව බදාගත්තු ආශව නේත්‍රව හොයං එලියට දුවන්න හැදුවත් නාන කාමරේ පැත්තෙන් ඇහුනු ඉකි සද්දෙ එක්ක ආශව නාන කාමරේ දොර ඇරලා බැලුවා.ඒත් එක්කම දැක්ක දර්ශනේ එක්ක ආශවගෙ ඇඟම පණ නැතුව ගියේ දරාගන්න බැරි වේදනාව එක්ක.

"නේත්‍ර! මගෙ රත්තරනේ ඇයි මේ....නේත්‍ර ඕක නවත්තන්න!"

නානකාමරේ ශවරය ඇරගෙන ඒ වතුර යට තෙමෙන ගමන් උන්නු නේත්‍රගෙ ඇඟේ තිබ්බ එකම ඇඳුම උනේ යට කලිසම විතරයි.නේත්‍ර ඇදන් උන්නු ටී ෂර්ටය ගලවගෙන ඒක පොට්ටනියක් වගේ වෙන්න හදන් උන්නු නේත්‍ර මහ හයියෙන් අඬ අඬම තමන්ගෙ ඇඟ අතුල්ලන ගමන් හිටියා.කිරි ගරුඬ පාට හම තද රතු පාට වෙලා තියෙද්දි නේත්‍ර පිස්සෙක් වගේ තමන්ගෙ ඇඟ අතුල්ලන ගමන් හිටියෙ මොනාහරි මුමුණ මුමුණ.

"අප්පිරියයි....අප්පිරියයි....නේත්‍රව අප්පිරියයි"

අමාරුවෙන් කකුල් දෙකට වාරු ගත්තු ආශව නේත්‍ර ලගට ගිහින් ශවරය වහලා දැම්මා.වතුර වැටෙන එක නැවතුනු එකවත් නොතේරුනු නේත්‍ර තවම අඩ අඩ තමන්ගෙ ඇග අතපය පළු යන වේගෙන් අතුල්ලන ගමන් හිටියා.ශවරය වහලා දැම්ම ආශව හෙමීට නේත්‍ර ලගට පාත් වුණා.ආශවව දැක්ක ගමන් නේත්‍රගෙ ඇඬිල්ල වැඩි වෙද්දි පුංචි එකා තමන්ගෙ ඇග දිහා පිලිකුලෙන් බලලා ඒක ආශවගෙන් හංගගන්න උත්සාහ දැරුවෙ තමන්ගෙ අත් දෙක ඇග වටේ යවාගන්න ගමන්.

"ස්....සුදුබේබි නේත්‍ර දිහා බලන්න එපා....නේත්‍රගෙ ඇඟ ජරා වුනා"

"මොනාද රත්තරනේ මේ කියන්නෙ....මට ඔයාගෙ ලගට එන්න දෙන්න නේත්‍ර"

"එපා සුදුබේබි....එපා....නේත්‍ර දැන් ජරාවක්"

"නේත්‍ර....ඔයා මගෙ නේත්‍ර....මගෙ පුංචි මල....ඔයා කොහොමද ජරා වෙන්නෙ?"

"ලගට එන්න එපා සුදුබේබි....නේත්‍රට සමා වෙන්න....නේත්‍රට සුදුබේබි වෙනුවෙන් පරිස්සම් වෙන්න බැරි උනා"

"ඔයාට මුකුත් උනේ නැහැ දෙයියනේ....නේත්‍ර හරි සිහියට එන්න"

"එපා සුදුබේබි නේත්....ම්හ්හ්හ්"

නේත්‍රගෙ මනස හදන්න වගේම නේත්‍රව හරි සිහියට ගන්න වෙන ක්‍රමයක් නැති නිසා ආශව නේත්‍රගෙ ඉණ වටේ අත දාලා නේත්‍රව ලගට කිට්ටු කරන් ඒ තොල් දෙක උඩින් තමන්ගෙ තොල් තද කලා.නේත්‍ර කොහොමත් තමන්ට බය නැති නිසා වගේම තමන් සම්බන්ධ දේවල් මතක නිසා නේත්‍රට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ කියලා ආශව විශ්වාස කලා.ආශව හිතුවා වගේම ආශවගෙ හාදුව එක්ක නේත්‍ර ටික ටික සන්සුන් වෙද්දි ආශව නේත්‍රගෙ කකුල් යටින් අත දාලා නේත්‍රව උස්සගත්තා.

"ඔයාව මට කවදාවත් අප්පිරියා වෙන්නෙ නෑ මැණිකෙ"

නේත්‍රව නානකාමරෙන් එලියට අරං ඇවිත් බිමින් තියලා නේත්‍රගෙ තොල් වලින් ඈත් වෙන ගමන් ආශව මුමුණද්දි නේත්‍ර කදුළු පිරුණු ඇස් දෙකෙන් ආශව දිහා බලන් හිටියා.නේත්‍රගෙ ඇඟයි ඔලුවයි ඉක්මනටම පිහදැම්ම ආශව නේත්‍රට අදින්න ඇදුමක් දීලා අහක බලාගත්තෙ තමන් නේත්‍රගෙ නිරුවත දකින එක නේත්‍රට අපහසුවක් වෙයි කියලා වගේම නේත්‍රව දැන්මම එහෙම දකින්න උවමනාවක් නොතිබ්බ නිසා.ටික වෙලාවකින් හීතල පුංචි අතක් තමන්ගෙ අතක දැවටෙනව දකිද්දි ආශව පිටිපස්ස හැරිලා බැලුවා.

"ඇයි මැණිකෙ?"

"ර්...රධීන් මට කරදරයක් කරලා නැද්ද සුදුබේබි? ම්....මට සිහි නැති වෙනවා එක්කම රධීන් මට කිට්ටු උනා"

"නේත්‍ර....මේ අහන්න....මම හැමදේම පැහැදිලි කරන්නම්....හැබැයි මේකත් මතක තියාගන්න....මොන දේ උනත් මට කවදාවත් නේත්‍රව අප්පිරියා වෙන්නෙ නැහැ...තේරුණාද?"

"ඔව් සුදුබේබි"

නේත්‍රව ඇඟට වාරු කරගත්තු ආශව නේත්‍රව ඇදෙන් ඉන්දවලා ඒ ලගින්ම ඉදගෙන රකිත තමන්ට දීලා ගිය දුරකථනයෙ වීඩියෝව සක්‍රීය කරලා මුල ටිකේ ඉදන් පස්සට ඇදගෙන ආවෙ ආයෙමත් නේත්‍රට ඒ දේවල් මතක් කරන්න ඕනි නැති නිසා.නේත්‍රගෙ බෙල්ලට මත්ද්‍රව්‍ය එන්නත් කරන තැන ඉදන් වීඩියෝව සක්‍රීය කරලා ආශව නේත්‍රගෙ අත උඩින් දුරකථනෙ තිබ්බෙ නේත්‍රටම දේවල් තේරුම් ගන්න.

"එ...එතකොට ඒත් එක්කම සුදුබේබි ඇවිල්ලා?"

"ඔව් නේත්‍ර....මම ආවා"

"මම දැනන් හිටියා සුදුබේබි එයි කියලා"

නේත්‍ර ඉකි ගහන ගමන් ආශවට තුරුල් වෙද්දි ආශව නේත්‍රගෙ ඔලුවට හාදු තවරන ගමන් නේත්‍රව තුරුල් කරගත්තා.ටිකකින් ආශවගෙන් ඈත් උනු නේත්‍ර ආශව දිහා බලාගෙනම තමන්ගෙ ඇස් දෙක පියාගනිද්දි නේත්‍රගෙ හුස්මක් ගැන පවා දැනන් උන්නු ආශව නේත්‍ර මේ ඉල්ලන්නෙ මොකද්ද කියන එක තත්පර ගාණකින් තේරුම් ගත්තා.

එහෙම්මම නේත්‍රගෙ හීතල වෙලා තියෙන තොල් වලට බර වුනු ආශව එව්වා නිවිහැනහිල්ලෙ තෙත් කරද්දි නේත්‍ර වෙනවා වගේම ප්‍රතිචාර නොදක්වා ඒක රස විදින ගමන් හිටියා.නේත්‍රව තමන්ගෙ ඇගටම තද කරන් උන්නු ආශව නේත්‍රගෙ පපුව වෙනදට වඩා කලබලකාරීව ගැහෙන බව දැනුනු නිසා ඉක්මනටම නේත්‍රගෙන් ඈත් වෙලා ඒ පුංචි මුණට එබුණා.

"ඇයි මැණිකෙ කලබලෙන්?"

"න්..නේත්‍රටත් සුදුබේබි කරනවා වගේ කරන්න ඕනි"

"ක්....කිස් බැක් කරන්නද ඕනි?"

"දන්නෑ සුදුබේබි....නේත්‍රට තව සුදුබේබිට ලං වෙන්න ඕනි...නේත්‍ර ඉන්නෙ බයෙන්"

"එහෙනම් කිස් බැක් කරන්න මැණිකෙ"

"ක්....කොහොමද සුදුබේබි ඒක කරන්නෙ? මම දන්නෑ"

"සුදුබේබි කරන විදියටම කරන්න....සුදුබේබි තොල් වලට"

"හ්...හා සුදුබේබි"

නේත්‍රගෙ තොල් ආශව මාපටැගිල්ලෙන් ස්පර්ශ කලේ නේත්‍රගෙ කට කොන තියෙන තුවාලෙට රිදෙයි කියන බයට.නේත්‍රගෙ තොල් වලට බර උනු ආශව අද වෙනදා වගේ නේත්‍රගෙ තොල් උරවන්නෙ නැතුව ඒ පුංචි තොල් තෙත්කරන ගමන් සියුම්ව සිපගන්න ගත්තෙ නේත්‍රගෙ තුවාලෙට වේදනාවක් දැනෙයි කියන බයට.ටික වෙලාවක් යද්දි නේත්‍ර පෙරලා තමන්ගෙ තොල් සිපගන්න බව දැනුනු ආශවගෙ ඇඟම ගිනියම් වුණේ මේ එහෙම වෙන පලවෙනි වතාව නිසා.පෙම්වතුන් උනු දවසෙ ඉදලා තමන් නේත්‍රව සිපගත්තා විනා නේත්‍ර කවදාවත් පෙරලා තමන්ව සිපගෙන නොතිබ්බ හන්දා මේ පලවෙනි වතාව ආශවට අමුතුම හැඟීමක් එකතු කලා.විනාඩි ගානකට පස්සෙ ආශව නේත්‍රගෙ තොල් වලින් ඈත් උනේ නේත්‍රගෙ සිපගැනීමත් එක්කම තමන්ගෙ සිපගැනීම රළු වෙලා නේත්‍රට රිදෙයි කියන බයට.

"න්...නේත්‍ර ඇයි? ඔයාට අමාරුද?"

"නෑ.....ස්...සුදුබේබි....මගෙ ඇඟට අමුතුයි....වෙවුලනවා වගේ"

"මගෙ අහිංසකයා"

ආශව කිව්වෙ පලවෙනිම වතාවට තමන්ව සිපගත්තු නිසා අඩපණ වෙලා ඉන්න නේත්‍රව තුරුල් කරගන්න ගමන්.නේත්‍රගෙ වෙවුලන ඇග තමන්ට බර කරගත්තු ආශව නේත්‍ර සන්සුන් වෙනකං නේත්‍රව තුරුල් කරගෙනම හිටියා.මෙච්චර සංවේදී අහිංසකයෙක්ව නේද රධීන් තිරිසන් විදියට විනාස කරන්න ගියේ කියලා මතක් වෙද්දිත් ආශවගෙ අතමිට මෙලවුනා.නේත්‍රව සන්සුන් කරවපු ආශව ඒ ගමන්ම හෙදියකට දැන්වූවෙ නේත්‍ර අතේ තියෙන සේලයින් දෙන කට්ට පවා ගලවන් වගේම නේත්‍රට මතකෙ ලැබිලා කියන දේ.

"පැය කීපයක් මේ දරුවට නින්ද යයි....ආයෙ සිහි එද්දි සන්සුන් වෙලා ඉදීවි"

ආශවගෙ පිටට තට්ටු කෙරුව වෛද්‍යවරයා කුටියෙන් එලියට යද්දි ආශව බලන් හිටියෙ ඇස් දෙක පියවීගෙන යන නේත්‍ර දිහා.අඩවන් වුනු ඇස් දෙකෙන් ආශව දිහා බලන් උන්නු නේත්‍ර ආශවගෙ අත තදකරං හිටියෙ නින්ද ගියාම ආශව තමන්ව දාලා යයි කියලා බය වෙලා වගේ.

"ය්...න්...යන්න එපා....සුදුබේබි"

"සුදුබේබි යන්නෑ නේත්‍ර....ඔයාගෙ ඇස් දෙක ඇරෙද්දි සුදුබේබි ඔයාගෙ ඉස්සරහ ඉන්නවා"

ආශවගෙ වචනත් එක්ක නේත්‍රගෙ ඇස් දෙක පියවිලා යද්දි ආශව නින්දට වැටුණු තමන්ගෙ පුංචි එකා දිහා හරි ආදරෙන් බලාගෙන හිටියා.නේත්‍රගෙ අත හෙමීට තමන්ගෙ අතින් ගලවගත්තු ආශව නේත්‍රගෙ අත පරිස්සමින් ඇද උඩින් තියලා නානකාමරේට වැදිලා දොර වහගත්තා.

"ආහ්හ්!!!!!"

මෙච්චර වෙලා හිර කරං උන්නු පීඩනේ එලියට දැම්ම ආශව කෑගගහා අඩන ගමන් තමන්ගෙ හිසකෙස් ඇදගන්න පටන් ගත්තා.නේත්‍ර නානකාමරේට වෙලා ඇග අතුල්ල අතුල්ල ඇඩුව හැටි මතක් වෙන වාරයක් ගානෙ ආශව තමන්ගෙ නලල බිත්තියෙ හප්පගන්න ගමන් ඉකි ගගහා ඇඬුවා.අන්තිමටම ඇඩුම නවත්තගත්තු ආශවගෙ ඇස් බොර පාටින් සැරසිලා තිබ්බා වගේම ආශවගෙ ඇස් දෙකේ වියරුව කියන දේ හොදටම ඇඳිලා තිබ්බා.

"උබ අත තිබ්බෙ වැරදි කෙනාට රධීන්!"

කණ්නාඩියෙන් පේන තමන්ගෙ ප්‍රතිබිම්බෙ දිහා බලලා අමුතුවට හිනා වුණු ආශව මූණ සෝදන් කාමරෙන් එලියට ඇවිත් දුරකථන ඇමතුමක් ගත්තෙ රකිතට.දෙවින් දෙනෙත් දෙන්නා මෙවෙලෙ දිවාෂ ලග ඉන්නෙ කියලා ආශව හොදටම දැනන් හිටියා.

"හෙලෝ ආශවයා කියපං"

"උඹ ගෙදරද?"

"නෑ බං....මම මේ හොස්පිට්ල් එකට එන ගමන්.අම්මා කෑම වගයක් හදලා දුන්නා උබලා කට්ටියට.පිටින් කන්න එපා කියලා"

"අහ්හ්...මම හදිස්සි වැඩකට එලියට යනවා....උඹට පුලුවන්ද මම එනකං නේත්‍ර ලග ඉන්න"

"පුලුවන් ආශවයා....මම තව විනාඩි පහෙන් ඔතන"

"හරි....මම පිටත් වෙනව එහෙනම්"

කාමරෙන් එලියට ආව ආශව කොරිඩෝවෙ කොනක හැංගිලා හිටියෙ රකිත එනකං.කාමරේ ඇතුලෙ හිටියොත් යන ගමන ගැන රකිතට කියන්න වෙන නිසා කාමරෙන් එලියට ආවත් නේත්‍රව තනියෙන් දාලා යන්න ආශවට පුළුවන් උනේ නැහැ.රකිත කාමරේ ඇතුලට යන හැටි දැක්ක ආශව හිත සන්සුන් කරං රෝහලෙන් පිටත් වුනේ කැප් එකකින් හිස වගේම මූණත් ආවරණය කරගන්න ගමන්.

රෝහලෙන් එලියට බැස්ස ආශවගෙ කකුල් දෙක ගමන් කලේ රධීන්ගෙ ගෙවල් වලට යන මාර්ගය දිහාවට.ආශවගෙ මස් පිඬු දැඩි වෙලා තිබ්බෙ ආශවගෙ කේන්තිය පාලනේ කරගන්න ගත්තු උත්සාහය නිසා.පාරෙ අයිනක පාඩුවෙ යන මනුස්සයෙක් විදියට පිට කෙනෙක්ට ආශවව පෙනුනත් ආශවගෙ හිතේ තියෙන වියරුව ගැන දැනගෙන හිටියෙ ආශව විතරයි.සාක්කුවෙ නාද වෙන තමන්ගෙ දුරකථනය ගැනවත් නොහිතුව ආශව හිතේ එක අරමුණක් තියං ඉස්සරහට යන ගමන් හිටියා.

"ආශවයා!"

"තෙවින්!"

ආශවව එක්කන් එන්න ආපහු රෝහලට යන ගමන් උන්නු තෙවින් වාහනේ හරවගෙන ආවෙ පාරෙ යමින් ගමන් හිටිය ආශවව අහම්බෙන් වගේ දැක්ක නිසා.ආශව ඉස්සරහින් වාහනේ නැවැත්තුව තෙවින් ආශවට නගින්න කියලා සන් කලා.

"මම ගමනක් යනවා තෙවින්....මම ගිහින් එන්නම්"

"රධීන් ගෙදර නෑ ආශව....ඌ ඉන්නෙ වෙන තැනක.යමං"

"උඹ? ආහ්...ඕකේ"

තෙවින් දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය ආශව තෙවින් ඇවිත් තිබ්බ වැගන් ආර් රථයකයට ගොඩ වෙද්දි තෙවින් වාහනේ පදවගෙන ගියේ නුවරින් එපිටට.පාළු පාරකට වාහනේ හරවලා නැවැත්තුව තෙවින් ආශව දිහවට හැරුණා.

"රධීන්වයි මහීල්වයි අර පේන පරන බිල්ඩින් එකට ගෙනල්ලා තියෙන්නෙ....උන් දෙන්නට දෙකක් ඇනලා ආයෙ මෙහෙම දෙයක් නොකරන විදියට කතා කරමු"

"මට රධීන් එක්ක තනියෙන් කතා කරන්න ඕනි තෙවින්....පොඩි එකාට මෙහෙම කලේ ඇයි කියලා අහන්න ඕනි"

"හරි.....උඹ රධීන් එක්ක කතා කරපං....අනින්න ඕන්නම් දෙකක් ඇනපං.මම රධීන්ව වෙනමම තියන්න කියන්නම්"

වාහනෙන් බැස්ස තෙවින් ඉස්සර වෙද්දි ආශව තෙවින්ගෙ පිටිපස්සෙන් ඇවිදන් ගියා.වැඩේට ඔලුව යොදවලා හිටිය තෙවින්ට මෙවෙලෙ දේවල් කිහිපහක් මග හැරුණා.

ආශවගෙ අසීමිත සන්සුන් බව!

නේත්‍ර කියන දේවල් විතරක් අහන ආශව අද තෙවින් කියන හැම වචනයක්ම ඔලුව වනලා පිලිගත්තු එක!

ආශවගෙ ඇඟේ දුවන්නෙ ඉරුගල්බණ්ඩාර පරම්පරාවෙ ලේ කියන එක!!!

.

.

.

.

.

"අරුන් දෙන්නා?"

"උස කොල්ලා දකුණු පැත්තෙ රූම් එකේ....අනික් එක්කෙනා වම් පැත්තෙ එකේ"

ආශවයි තෙවිනුයි ඇතුල් උනේ පරන ගොඩනැගිල්ලකට.ඒක අතෑරලා දාලා තිබ්බ තැනක්.තෙවින්ට මතක් උනේ ටික වෙලාවකට කලින් තමන්‍ට අලීශාගෙන් ලැබුණු දුරකතන ඇමතුම.

"අරුන් දෙන්නා එක්ක ක්ලබ් එකේදි අපේ සෙට් එකක් වලියක් ඇදන්....දැන් දෙන්නම ඉන්නෙ මම උඹට එව්ව ලොකේශන් එකේ මල්ලි....එතන අතෑරල දැම්ම පරණ ගබඩාවක්....අපේම තැනක්.ඒ නිසා ගිහින් දෙක තුනක් ඇනලා කතා කරන්න ඕනි දේවල් කතා කරල වරෙං....කොහොමත් උන් පොලීසියට කිව්වත් අපේ උන් එක වලියක් ඇදගත්තු නිසයි උන්ව ඉස්සුවෙ කියලා අපේ දෙක තුනක් භාර වෙයි.....ධවාන්ගෙ මිනිස්සු කියලා දැනගත්තට පස්සෙ කොහොමත් පැය කීපෙකින් භාර වෙන අයත් එලියෙ...ඒ නිසා උඹලට අවුලක් වෙයි කියලා බය වෙන්න එපා"

වම් පැත්තෙ කාමරේ ලගට ලං වුණු තෙවින් ආශව දිහා බලලා ඔලුව වනලා ඒ කාමරේට යද්දි ආශව තෙවින් දිහා බලලා රධීන් උන්නු කාමරේට ගොඩ උනා.පරණ ගොඩනැගිල්ලක් නිසා ඒ කාමරේ උනත් තැන් තැන් ගරා වැටිලා ගිහින් වගේම වල්පැලෑටිත් බිහි වෙලා තිබ්බා.ජරාජීර්ණ වෙලා තිබ්බ පොලවෙ අත් දෙක ගැටගහලා බිමට වැටිලා උන්නු රධීන් ලගට ලං වුණු ආශව රධීන්ව බිත්තියකට හේත්තු කරවලා අත් දෙක ලෙහලා දැම්මා.

"ආහ්.....ඔලුව"

"හරි සිහියට වරෙං රධීන්.....උඹට තෑග්ගක් දෙන්න තියෙනවා"

"ආශව!!!"

"නෑ....උඹගෙ මාරයා!"

තමන් දිහා බය වෙලා වගේ බලාගෙන හිටිය රධීන්ගෙ කම්මුලකට තට්ටුවක් දැම්ම ආශව කාමරේ කොණක තිබ්බ පොඩි ලී පෙට්ටියක් අරං ඇවිත් රධීන්ගෙ ඉස්සරහින් තියලා ඉදගෙන රධීන් දිහා එක එල්ලෙ බලන් හිටියා.තත්පර ගාණක් රධීන් දිහා බලන් උන්නු ආශව එකපාරටම අත දිගෑරලා රධීන්ගෙ කම්මුලට ගැහුව පාරට රධීන්ගෙ ඇස් නිලංකාර වෙලා ගියා.

"ආහ්....."

"රිදෙනවා නේද? නේත්‍රට මීට වඩා රිදෙන්න ඇති"

රධීන් දිහා බලලා වියරුවෙන් වගේ කිව්ව ආශව රධීන්ගෙ කම්මුල් වලට ගහගෙන ගහගෙන යද්දි තත්පර ගාණක් ඇතුලත රධීන්ගෙ කට දෙපැත්ත තුවාල වෙලා ලේ ගලාගෙන යන්න ගත්තා.නේත්‍රගෙ ඉදිමුණු සිනිදු කම්මුල් මතක් වෙද්දි ආශව පිස්සෙක් වගේ රධීන්ගෙ කම්මුල් වලට පහරපිට පහර එල්ල කලා.කෙදිරියක් ගාගන්නවත් පණක් නැති උනු රධීන් බිත්තියට වාරු වෙලාම ඉදගෙන ඉද්දි ආශව රධීන්ට ගහන එක නවත්තලා ආයෙමත් රධීන්ගෙ මූණට එබුණා.

"නේත්‍ර මොනා කලාටද එච්චර දෙයක් කලේ? උඹට තිබ්බා මම එක්ක තිබ්බ ප්‍රශ්න මම එක්ක විසදගන්න....අර අහිංසකයාව ඇයි ඒක මැද්දට ඇදලා ගත්තෙ?"

"ඌ....ඌත් මට ලොකු සීන් දැම්මා.....ඌට තිබ්බා මම එක්ක...ස්....ශේප් එකේ ඉන්න"

"මගෙ පොඩි එකා හැම එකෙක් එක්කම හුරතල් වෙනවා කියලා තෝ හිතුවද? ඈ බල්ලො!!!! තෝ වගේ සක්කිලියෙක් කියලා හිතුවද මගෙ අහිංසකයා!!!"

ආශව ආයෙමත් රධීන්ට පහර පිට පහර එල්ල කරද්දි රධීන් පොලවට ඇලවෙන්න ගියත් ආශව රධීන්ව අල්ලලා කෙලින් කරවලා ඉන්දවලා තිබ්බා.ඒත් එක්ක එහා කාමරෙන් ඇහුණු කෙදිරිල්ල එක්ක රධීන්ගෙ අවධානෙ ඒ පැත්තට එල්ල වෙද්දි ආශවගෙ අවධානෙ ගියේ රධීන්ගෙ තොල් වලට.

"රිදෙනවා නේද මහීල්? උඹට මෙව්වා හිතන්න තිබ්බෙ යුගාන්ට....අත....තියන්න....කලින්"

"ආහ්!!! මගෙ අත! මම ආයෙ එහෙම කරන්නෑ තෙවින් අයියෙ....සොරි!!! ආහ්හ්හ්!!!"

මහීල්ගෙ අත තෙවින් අනික් පැත්තට කරකවද්දි මහීල් යටිගිරියෙන් කෑ ගැහුවා.මහීල් නිසා දිවාෂලා බේරුනත් මහීලුත් මේ කුමන්ත්‍රණයේ කොටස්කාරයෙක් නිසා තෙවින්ට මහීල්ට පාඩමක් උගන්නන්නෙ නැතුව අතාරින්න හිතුනෙම නෑ.මහීල් කෑ ගහද්දි මහීල්ගෙ අත අනික් පැත්තටම ඇඹරුව තෙවින් මහීල්ගෙ අත අතෑරියේ තෙල් පත්තු බදින තැනට ඒ අත පත් කරලා!

"එහෙට ඇහුම්කන් දුන්නා ඇති රධීන් දැන් මේ පැත්ත බලන්න....තාම මගෙ වැඩේ ඉවර නෑ!"

ආශවගෙ ගැඹුරු කටහඩට රධීන්ව වෙවුලලා යද්දි අමාරුවෙන් උනත් රධීන් ආශව දිහා ඔලුව උස්සලා බැලුවා.මූණ මහ දරුණු හිනාවකින් සරසගෙන හිටිය ආශව අතට අරං තිබ්බෙ ලයිටරයක්! ආශව මේ ගමන ඇවිත් තිබ්බෙ කලින්ම ලෑස්ති වෙලා බව තේරුම් ගත්තු රධීන්ගෙ හිත මහ බයකින් වෙලාගන්න පටන් ගත්තා.

"රධීන් දන්නවද? නේත්‍රගෙ තොල් මාරම සොෆ්ට්....මම ඒවා විහිලුවකටවත් රිද්දලා නැහැ....මොන ආවේගයක් ආවත්.හැබැයි රධීන් ඒ තොල් ඇදලා,ගහලා විනාස කරලනෙ....මම මොකද්ද රධීන්ට ඒ වෙනුවෙන් කරන්න ඕනි ම්ම්ම්ම්?"

"ම්....මට යන්න දීපං ආශව!"

"මගෙ පොඩි එකත් ඊයෙ ඔය වගේම කෑ ගහලා තිබ්බා බල්ලෝ!!!"

"ආහ්හ්හ්හ්!!!"

රධීන්ගෙ මූණටම කෑ ගැහුව ආශව රධීන්ගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා තොල් ඉස්සරහට නෙරලා එන විදියට අල්ලගෙන රධීන්ට හිතන්නවත් කාලයක් නොතියා ලයිටරේ පත්තු කරලා ඒක රධීන්ගෙ තොල් වලට අල්ලගද්දි රධීන් මහ හයියෙන් කෙදිරිගෑවා.ආශව කට අල්ලන් තිබ්බ විදියට කෑගහන්න පුලුවන්කමක් නොතිබෙද්දි රධීන්ගෙ ඇස් වලින් එක දිගටම කදුළු ගලන්න ගත්තෙ ශරීරෙ සියුම්ම් තැනක් වුණු තොල් පිලිස්සෙන වේදනාවට.

"ආආආආආ!!!!! මගෙ ක...කට්.....ආඅහ්හ්හ්හ්හ්හ්!!!!"

ඇති වෙන්න රධීන්ගෙ තොල් දෙක පිලිස්සුව ආශව වියරුවෙන් හිනාවෙන ගමන් රධීන්ගෙ කට අතාරිද්දි රධීන් වේදනාවෙන් කෑ ගැහුවෙ බිම පෙරලෙන ගමන්.අතින් අල්ලන්නවත් බැරි විදියට රධීන්ගෙ තොල් පිලිස්සිලා තිබ්බා.ඒත් එක්කම ඉදන් හිටිය පෙට්ටිය කකුලෙන් පස්සට කරපු ආශව රධීන්ගෙ ඉස්සරහින් ඉදගත්තා.

"මගෙ පොඩි එකා විදවනවා රධීන්! ඇග අතුල්ල අතුල්ල කෑ ගහනවා! යකෝ ඒකගෙ කොල්ලා උනු මමවත් ඒ පුංචි එකාගෙ අකමැත්තකින් ඒකාව අල්ලලා නෑ! අඩුම...අඩුම කිස් එකකින් එහාට සම්බන්ධෙ දුර දිග අරං ගිහින් නෑ....එහෙව් පොඩි එකාට උඹ මොකද්ද කරන්න ගියේ! යකෝ සහගහන අපරාධයක් බල්ලො ඒක!!! ඒ පොඩි එකා ඒකාව අපිරිසිදු වෙලා ඇති කිය කිය ඇඬුවා!!! උබම....උබම කියපං රධීන් මම උඹට මොකක් කලාමද ඒක පියවෙන්නෙ? ආහ්??? කතා කරපං!"

"ම්...මාව මරන්න එපා ආශව"

"යකෝ මැරුවත් ඒක පියවෙන්නෙ නෑ! හැමදාම මම පසුතැවෙයි මගෙ නේත්‍ර ලග එවෙලෙ නොහිටපු එක! නේත්‍රගෙ හිත යට උනත් මේ උනු දේ කැලලක් වගේ හරි තියෙයි!!! උඹව මරන්න බෑ රධීන්....මරන්න බෑ.....ඊට වඩා දෙයක්.....ඊට වඩා...."

වටපිට බැලුව ආශව දැක්කෙ කාමරේ කොණකට වෙන්න ගොඩ ගහලා තිබුනු පෙට්ටි වල පියන් උඩ තිබ්බ සාමාන්‍ය ප්‍රමාණෙ කළුගල් කිහිපයක්.ඉස්සර ඒ පෙට්ටි වල පියන් අස්සෙන් සතෙක්ටවත් රිංගගන්න බැරි වෙන්න තියන්න ඇති කියලා හිතෙන ඒ කළු ගල් දැක්කම ආශවගෙ ඇස් දෙක දිලිසුණා.කාමරේ දොර පැත්ත බැලුව ආශව කවුරුත් නේන බව තේරුම් අරං රධීන්ගෙ මූණ මැද්දට පාරක් එල්ල කලා.

"ඒ මගෙ පණ ටික ‍රධීන්! මගෙ පණ ටික....මම ජීවත් වෙන්න හේතුව....උඹ අත තිබ්බෙ මගෙ හුස්ම ටිකට! උඹ වරද්දගත්තා රධීන් උබ හොදටම වරදගත්තා!"

රධීන්ව බිම වැතිරෙන්නම ආයෙමත් මූණට පාරක් ගැහුව් ආශව පෙට්ටියක් උඩ තිබ්බ සෑහෙන්න ලොකු ප්‍රමාණයෙ කළුගලක් අතට අරගෙන රධීන් ලගට ආවා.ආශව කිව්වෙ ඇත්ත.රධීන් හොදටම වරද්දගත්තා.තෙවිනුත් වරද්දගත්තා.දිවාෂගෙ හිතළුව,සැකය හරි ගියා.නේත්‍ර සම්බන්ධ ආශව නොසෑහෙන්නම වෙනස් කෙනෙක්.නේත්‍රට යහපතක් වෙන් දේවල් වලදි ආශව දෙවි කෙනෙක් වෙද්දි නේත්‍රට අයහපතක් වෙන දේවල් වලදි ආශව රාක්ෂයෙක් වෙනවා.ආශවගෙ ඇස් දෙක දිලිසෙන්න අරං තිබ්බෙ දැඩි වෛරයකින්.

"මම උප්පත්තියෙන්ම රාක්ෂ ගති එක්ක ඉපදුණු කෙනෙක් රධීන්! නේත්‍රගෙ ආදරේ එක්ක ඒ අමනුස්සයා නිදාගත්තා...හැබැයි මැරුණෙ නෑ....ඕනි වෙලාවකදි එලියට එන්න හිතාගෙනයි එ අමනුස්සයා නිදාගත්තෙ රධීන්! නේත්‍ර නිසා නිදාගත්තු ඒ අමනුස්සයව උඹ ඇහරවගත්තා!"

"ආශව මට සමාවෙයං.....මාව අතෑපං ආශව...හැමදේටම සමාවෙ......"

"ඔය දේවල් හිතන්න තිබ්බෙ නේත්‍රට අත තියන්න කලින් රධීන්! උඹ මගෙ පොඩි එකාට රිද්දුවා!"

සාක්කුවෙන් ගත්තු සර්වියටයක්‍ රධීන්ගෙ කටට එබුව ආශව රධීන්ගෙ පිලිස්සිලා තියෙන තොල් දෙක ඇගිලි වලින් අදින්න ගත්තා.එතන හිටියෙ යකෙක් මිසක් ආශව කියන මනුස්සයා නෙවෙයි.කෑ ගහගන්න බැරි උනු රධීන්ගෙ ඇස් වලින් කදුළු ගලන් යද්දි ආශව තමන් ලගම තියාගෙන උන්නු ගල් ගෙඩිය උස්සලා අතට ගත්තා.

"උඹ මේ අත් වලින් නේත්‍ර මගෙ පොඩි එකාව ඇල්ලුවෙ!පොඩි එකාට රිද්දුවෙ! උඹට අමතක උනාද නේත්‍රට රිද්දද්දි නේත්‍රගෙ වේදනාව නේත්‍රට වගේම දැනෙන තව එකෙක් මේ ලෝකෙ ඉන්නවා කියලා!!!"

කෑගැහලා කිව්ව ආශව කළුගල උස්සලා රධීන්ගෙ අතක් උඩින් පතිත කරද්දි රධීන් උගුර යටින් කෑ ගැහුවා.සර්වියට් එක නිසා කෑගැහිල්ල නැවතිලා තිබ්බත් දැනෙන දරුණු වේදනාව එක්ක රධීන් උගුර යටින් කෑගැහුවා.ආශවගෙ වියරුවෙන් හිනා වෙන ගමන් ආයෙමත් කළුගල උඩට ඉස්සුවා.

"උඹ අමතක කලා රධීන්! උඹ හැමදේම අමතක කලා! නේත්‍රට පණ උනත් දෙන්න මම ඉන්නවා කියලා උඹ අමතක කලා! පොඩි එකාට කරදරයක් කරන්න හිතන ඕනිම එකෙක්ගෙ පණ උනත් ගන්න මම ඉන්නවා කියලත් උඹ අමතක කලා!"

ආශව ආයෙමත් කළුගල උස්සලා රධීන්ගෙ අනික් අත උඩින් කළුගල පතිත කලා.රධීන්ගෙ ඇස් දෙක ලොකුවෙලා ඒවගෙ රතු නහර පවා මතු වෙන්න ගත්තෙ වේදනාවට.

"යකෝ! මම අකමැති උනත් තව ඇත්තක් තියෙනවා! මගෙ ඇගේ දුවන්නෙ ඉරුගල්බණ්ඩාර ලේ!!!! මම ඉරුගල්බණ්ඩාර කෙනෙක් බල්ලො! මගෙ දේකට කරදර කරනකං බලන් ඉන්න මම පොන්නයෙක් නෙවෙයි කාලකන්නියො!!!"

ආශව වියරුවෙන් හිනාවෙවීම රධීන්ගෙ දකුණු අත කළි ගලෙන් තලන්න ගත්තා.රධීන්ගෙ කුඩුපට්ටම් වෙන අතින් විසික් වෙන ලේ ආශවගෙ මූණ පුරා විසිරෙද්දි ආශව එක දිගටම රධීන්ගෙ අත විනාස කරන ගමන් හිටියා.දකුණු අත විනාස කෙරුව ආශව මූණට විසික් වෙලා තිබ්බ ලේ පිහිදගෙන රධීන්ගෙ පියවීගෙන යන ඇස් දෙකට පිය වෙන්න නොදී රධීන්ගෙ කම්මුල් වලට ගහන්න ගත්තා.

"ඇස් ඇරං ඉදපං රධීන්....මගෙ පොඩි එකා වේදනා වින්දෙ සිහියෙන් ඉද්දි....උඹත් සිහියෙන් ඉදන් විදවපං......නේත්‍රට කලාට වඩා දහ ගුණයක් විතර මට උබව රිද්දන්න ඕනි...මලක් වගේ හැදුව පොඩි එකාව උඹ විනාස කරන්න හැදුවෙ රධීන්! වචනයක්වත් කියලා හිත නොරිද්දලා මගෙ තුරුලෙ හැදුව පුංචි එකා මානසිකව වැටුනා හොදටම!!!"

ආශවගෙ කදුළු වලට රධීන්ගෙ ලේ බින්දු විසික් වෙලා පහලට ගලාගෙන යද්දි ආශව රධීන්ගෙ වම් අත උඩත් කළු ගල පතිත කලා.නේත්‍රගෙ ඉදිමුණු කම්මුල්,තුවාල උනු තොල්,පිච්චුනු අත,අඩ අඩ නේත්‍ර ඇගම අතුල්ලගත්තු විදිය මතක් වෙද්දි ආශවගෙ ඇස් තවත් තද රතුපාට වුනා.ඒත් එක්කම රධීන් දිහා බලන්ම කළුගල ඉස්සුව ආශව ගල තියාගත්තෙ හරියටම රධීන්ගෙ ඔලුව උඩින්.

ආශව හුගක් දේවල් අමතක කලා.තමන් රධීන්ව මැරුවොත් තමන්ගෙ අනාගතේ විනාස වෙන බව,නේත්‍ර කාලෙකට හරි තනිවෙන බව,තමන්ට හිරගෙවල් වල ලගින්න වෙන වග,මිනීමරුවෙක් විදියට සමාජෙ ඉස්සරහ හංවඩු ගැහෙන්න වෙන වග ආශව අමතක කලා.පුංචි නේත්‍රගෙ වේදනාබර ඇස් දෙක විතරක් ආශවගෙ මනසෙ රැදිලා තිබ්බා.පුංචි කාලෙ නේත්‍රට කෝටුපාරක් දුන්නු සිංහවංශ මහ කුමාරිහාමිගෙන් පුංචි ආශව පලිගත්තු විදිය එක්ක බලද්දි වැඩිවියට පත් වෙලා ඉන්න ආශවගෙ මේ හැසිරීම සාධාරණ එකක් වුණා.

"උඹ දන්නවද? නේත්‍ර වෙනුවෙන් මේ ලෝකෙ මට කරන්න බැරි දෙයක් නෑ! උඹ විදවලා මැරෙන්න ඕනි"

"ආශවයා!!!!"

රධීන් දිහා බලලා හිනා වුණු ආශව රධීන්ගෙ ඔලුවටම කළුගල අතාරින්න හැදුවත් කොහෙන් හරි ඉදන් දුවං ආව තෙවින් ආශවව තල්ලු කරං බිම පෙරලුණා.ආශවගෙ අතින් ගිලිහුණු ගල් ගෙඩිය රධීන්ගෙ ඔලුව ලගින්ම වම්පැත්තට වැටුණෙ රධීන්ව මරණෙන් ගලවලා.ලේ ගලලා මස් වැදලි එලියට පවා පැනලා විනාස වෙලා තිබ්බ දකුණු අත වගේම ලේ වලින් වැහිලා තිබ්බ වම් අත එක්ක රධීන්ට සිහි නැති උනේ දරාගන්න බැරි වේදනාව නිසා.ආශවගෙ කනට පාරක් දීලා ආශවව හරි සිහියට ගත්තු තෙවින් ඒ ගමන්ම අලීශාට දුරකථන ඇමතුමක් ගත්තෙ නලල මිරිකගන්න ගමන්.

"හරි අක්කෙ"

තෙවින් දුරකථන ඇමතුම විසන්ධි කරලා විනාඩියක් යන්නත් කලින් කාමරේට දුවං ආව එලියෙ උන්නු මිනිස්සු ටික සිහි විසඥ වුණු රධීන්ව උස්සන් එලියට දුවං යද්දි තව කෙනෙක් අතක් ඇඹරිලා,කම්මුලක් ඉදිමිලා විතරක් තිබ්බ මහීල්වත් එලියට උස්සන් යනවා තෙවින් බලාගෙන හිටියා.

"ආශවයා උඹ මොකද්ද ඒ කරන්න හැදුවෙ! අඩුම....අඩුම නේත්‍ර මල්ලි තනි වෙනවා කියලවත් හිතපං උබ අරූව මැරුවනම්.....යකෝ....මම කනට දෙකක් දෙන්න විතරයි ඕනි කියලා උන් දෙන්නව මෙතනට ගෙන්නගත්තම උඹ එකෙක්ව මරන්න යනවා!"

"ඌ මගෙ නේත්‍රට රිද්දුවා"

තෙවින් කෑ ගැහුවත් ආශවගෙ ඇස් වල කිසිම පසුතැවිල්ලක් තිබුණෙ නැහැ.ආශවගෙ ඇස් වල යම් තෘප්තිමත් බවක් මතුවෙලා තිබ්බා.ඔලුවට අත ගහන් ඉදලා ටික වෙලාවකින් සන්සුන් වුණු තෙවින් ආශවවත් අල්ලන් එලියට ඇදගෙන ආවා.තමන් කරන්න ගිය වැඩේ දරුණු දෙයක් කියලා ආශවගෙ මනස මේ වෙද්දි ආශවට දන්වන්න අරං තිබ්බ නිසා ඒක යම්තාක් දුරකට ඇත්තක් කියලා තේරුම් ගත්තත් ආශවගෙ හිතට පසුතැවිල්ලක් දැනුනෙ නැහැ.ගොඩනැගිල්ලෙන් එලියට ආව ආශවගෙ කකුල් දෙක පණ නැතුව පොලවෙ දණ ගැස්සුනේ ටිකෙන් ටික ආශව පියවි සිහියට එමින් උන්නු නිසා.

තව ටිකක් එහෙ මෙහෙ වෙලා තමන් රධීන්ව මැරුවනම් එහෙම නේත්‍රට තනි වෙන්න වෙනවා නේද කියන එක මේ වෙද්දි ආශවගෙ ඔලුවට ඇවිත් තිබ්බ නිසා ආශවගෙ අත් වෙවුලන්න අරං තිබ්බා.වාහනේ ලගට ගිය තෙවින් කා එක්ක හරි දුරකථන ඇමතුමක ඉන්න ගමන් ආශව දිහා බලන් හිටියත් ආශවගෙ මනස තිබ්බෙ වෙනම තැනක.වෙවුලන අතක් තමන්ගෙ කලිසම් සාක්කුවට යැව්ව ආශව තමන්ගෙ සාක්කුවෙ තිබ්බ ගැටපිච්ච මල අතට ගත්තා.

"මම උඹව රකින්න මුළු ලෝකෙම විනාස කරන්න ඕනි උනොත් මම ලෝකෙම විනාස කරලා උඹ රැකගන්නවා නේත්‍ර!!!"

ලේ තැවරුණු ආශවගෙ අත් දෙක අතරෙ තිබ්බ සුදුපාට ගැටපිච්ච මලේ ලේ නොතැවරෙන විදියට ආශව ඒ මල අත් දෙක අතරෙ දරාගෙන හිටියා.ආශවගෙ ආදරණීය හදවත තේරුම් ගත්තු නිසාමද කොහෙද නුවර අහස හදිසි වැස්සක් කඩා වට්ටන්න ගත්තෙ ආශවගෙ අත් වල තැවරුණු ලේ හෝදලා දාන්න උපකාර කරන ගමන්.නුවර අහසින් වැහෙන වැහි බිංදු වල පහස ආශවගෙ මූණට දැනෙද්දි ගැටපිච්ච මලට ලේ නොවැදෙන විදියට වැහි වතුරෙන් ආශවගෙ අත් පිරිසුදු වෙන්න ගත්තා.ඒ හැමදෙයක්ම අවසානයේදි සුපිරිසුදු ගැටපිච්ච මල ආශවගෙ අත් අතරෙ හරි ආරක්ශාකාරී විදියට රැදිලා හිටියා.

...................................................................................................

වචන 6700+🙈❤️

ආ දැන් කියන්න බලන්න,

ඇත්තටම දරුණු,

තෙවින්ද?

නැත්තං ආශවද? 😏❤️

මම ඒකයි කිව්වෙ කෙනෙක්ගෙ නොහිතුව පැත්තක් එලියට එයි කියලා.අපේ ගැටපිච්ච බබාලා ඉන්න ගෲප් එකේ පවා අන්තිම මොහොතෙත් මම දැක්කෙ කතා වෙනවා තෙවින් යකෙක් වගේ හැසිරෙයි කියලා 🤭 ඒත් ඇත්තටම දරුණු ආශව❤️‍🔥 එයාට නේත්‍ර නිසා මනුස්සයෙක් වගේම රාක්සයෙක් වෙන්න පුළුවන් 🥺❤️

මම ඔය නේත්‍ර ඇග අතුල්ල අතුල්ල අඩන කෑල්ලනම් ලිව්වෙ මූවි එකකින් දැක්ක කෑල්ලක් නිසා.ශ්‍රී දේවි රගපාන්නෙ ඒකෙ...මාම් හරි මමා හරි කතාවෙ නම.ඒකෙ ශ්‍රී දේවිගෙ හස්බන්ඩ්ගෙ පලවෙනි කසාදෙන් තරුණ දුවක් ඉන්නවා.එතකොට ශ්‍රී දේවි එයාගෙ කුඩම්මනෙ.එයා ශ්‍රී දේවිට කැමති නෑ....ඒ දුව හිතුවක්කාරයි ඉතින් හරියට.එක දවසක් පාටි එකකට ගියාම කොල්ලො වගයක් කෙල්ලව උස්සනවා.උස්සලා සාමූහිකව ඒ ගෑනු ලමයව රේප් කරනවා.ඒ දුවව රේප් කරපු උන්ගෙන් පලිය ගන්නෙ කුඩම්මා❤️ මාරම ලස්සන කතාවක්.ඔයාලත් බලලා නැත්තං බලන්න❤️

අන්න ඒකෙ එක තැනකදි දුව රේප් උනාට පස්සෙ බාත්ටබ් එකට වෙලා අඩ අඩ ඇඟ අතුල්ලනවා🥺💔 රේප් උනු අයගෙන් සමහරු එහෙම ඇග අප්පිරියා කරනවා කියලා මම් දැනගත්තෙ ඒකෙන්.අවුරුදු ගාණකට කලින් මූවි එක බැලුවෙ.ඒත් ඒක මගෙ හිතට මාරෙටම වැදුනා.මෙතන නේත්‍රව රේප් නොවුනත් නේත්‍රට සිහිය නැති උනාම රධීන්ගෙන් තමන්ට කරදරයක් වෙන්න ඇති කියලයි නේත්‍ර හිතන්නෙ.මොකද රධීන් කිය කිය උන්නු දේවල් වගේම සිහිය නැති වෙනකං සුදුබේබි ආවෙ නෑනෙ එතනට.ඒ නිසා නේත්‍ර හිතන්නෙ කරදරයක් වෙන්න ඇති කියලා.ඔයාලට ඒක තේරෙන්න ඇති❤️

එහෙනම් බබාලා අදත් වචනයක් හරි කියාගෙන යන්න අමතක කරන්න එපා❤️

එහෙනම් බබාලා කැමීලියා ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා

Share This Chapter