Back
Chapter 88

87 කොටස🤍✨️

නිවාලන්න මා...

"නේත්‍ර....."

"ම්ම්ම්ම් සුදුබේබි?"

"එ....එයාපෝට් එකට එන්න බැරිද මැණිකෙ?"

"ම්..මට සමාවෙන්න සුදුබේබි....නේත්‍ර සමහරවෙලාවට හරි අසරණයි....නේත්‍රට සමාවෙන්න"

"ක්....කමක් නෑ මැණිකෙ.මගෙ නේත්‍ර මොනා කරන්නද? අප්පච්චි නේත්‍රව දැක්කොත් ප්‍රශ්න දායි"

"මට පුළුවන් උනොත් මම එනවා සුදුබේබි....මම කොහොමහරි එනවා"

"කෝ මෙහෙ එන්න.....අඩන්න එපා දැන්...සුදුබේබිටත් දුකයිනෙ"

"අඩන්නෑ සුදුබේබි මම...අඬන්නෑ.....සුදුබේබිත් අඩන්න එපා....ඇස් වල කදුළු"

"මගෙ මැණික නැතුව සෑහෙන දවසක් ඉන්න වෙනවා....හිතුනු වෙලාවට දුවං ඇවිත් බලල යන්නවත් පුළුවන්යෑ...හ්ම්ම්ම්.....ඔයාවත් එක්කගෙන යන්න තිබ්බනම්"

නේත්‍රගෙ කන් පෙත්තක් සිනිදුවට අතගෑව ආශව මුමුනද්දි ආශවගෙ උකුල උඩ උන්නු නේත්‍ර එහෙම්මම නැවිලා ආශවගෙ උරහිසෙන් තමන්ගෙ ඔලුව ගහගත්තා.නේත්‍රව උකුල උඩ තියන්ම ඉස්සරහට පස්සට පැද්දුනු ආශව පුංචි එකාව තුරුල් කරගෙනම ඉද්දි නේත්‍රත් ඒ තාලෙට නැලවෙන ගමන් හිටියා.ඒත් එක්කම මොකක් හරි මතක් උනා වගේ ආශවගෙ උරහිසෙන් ඔලුව ගත්තු නේත්‍ර ආශවහෙ මූණ තමන්ගෙ පුංචි අත් අතරට මැදිකරගත්තා.

"සුදුබේබි!"

"ඇයි නේත්‍ර?"

"ෆ්ලයිට් එක කීයටද?"

"රෑ එකොලහට....හෙට උදේට ඒත් යන්න ඕනි ක්‍රිකට් බෝඩ් එකට....එහෙම්මම ඉදලා එයාපෝට්"

"එහෙනම් දැන් ලෑස්ති වෙන්නකො සුදුබේබි"

"කොහෙ යන්නද නේත්‍ර? ඔයා ලගට වෙලා ඉන්න දෙන්නකො"

"පන්සල් ගිහින් එමු සුදුබේබි....රෑට මම ඉන්නම් සුදුබේබි ලගට වෙලා"

"හ්ම්ම්ම්.....මල්?"

"ලෑස්ති වෙලා එන්නකො සුදුබේබි.....මම ගෙදෙට්ට ගිහින් ඇඳුමක් දාගෙන එන්නම්....පාරෙ යමින් ගමන් හරි මල් ටිකක් කඩාගන්න පුලුවන්නෙ"

"මගෙ ඇඳුමක් ඇඳන් යං නේත්‍ර.....ඔයාට මගෙ කලිසම්නෙ ලොකු? ඔයා දවසක් මෙහෙදි මාරු කෙරුව කොට කලිසමක් ඔයාට අමතක වෙලා දාලා ගිහින් තිබ්බා.ඒක ඇති අල්මාරියෙ"

"ස්....සුදුබේබි ඒක....ඒක...."

"ගොත ගහන්න එපා නේත්‍ර....ඔව් මම ඒක හේදුවා...ඉතින්? ඔයත් මගෙ ඇඳුම් හෝදන්නෙ? මම ඔයාගෙ කලිසමක් හේදුවා කියලා මොනා වෙනවද? ඉන්නකො..මම ෆිට් එකට අදින්න ගත්තු ටී ෂර්ට් එකක් තිබ්බා.....ම්ම්ම්....ඒක ඔයාට ටිකක් ලොකු උනාට එච්චර අවුලක් නැති වෙයි.මම ඇඳුම හොයන් දෙන්නම්.නේත්‍ර ගිහින් මූණ කට හෝදගන්නකො"

"හා සුදුබේබි....සුදුබේබි තුවායක්?"

"මගෙ එක අර තියෙන්නෙ නේත්‍ර....අරං යන්න ඒක"

"හා සුදුබේබි....හරි මම ඉක්කන්ට එන්නාම්"

නානකාමරේට වැදුනු නේත්‍ර ටිකකින් ඔලුව විතරක් එලියට දාද්දි ආශව ඇදුම නේත්‍රට දුන්නා.ඇඟපත සෝදගෙනම වලව්වට ගොඩ වෙලා තිබ්බ නේත්‍ර මෙවෙලෙ මූණ අතපය සෝදගෙන ඇඳුම ඇදගත්තා.ආශවගෙ ටීෂර්ටය ඇඟට ටිකක් ලොකු උනත් ඒක ගානට එහෙට මෙහෙට කරල ඇඳගත්තු නේත්‍ර නානකාමරෙන් එලියට බහිද්දි නේත්‍රගෙ නාහෙ උඩින් හාද්දක් තිබ්බ ආශව නේත්‍රගෙ අතේ තිබ්බ තුවායත් අරගෙනම නානකාමරේට වැදුනා.

"යං නේත්‍ර"

"හා සුදුබේබි....සුදුබේබි පොල්තෙල් ඩිංගක් අරං එන්නද මම?"

"අපේ මෙහෙන් ගන්න නේත්‍ර....කුස්සියෙ ඇති සුපිපි...එයාට කියන්න දාලා දෙන්න කියලා පොඩි බෝතලේකට"

"හා සුදුබේබි....මම ගිහින් අරං එන්නම්"

පුංචි එකා කුස්සියට දුවගෙන යද්දි ආශව ඉස්තෝප්පුවට ගියේ සෙරෙප්පු දෙක දාගෙන වලව් ගේට්ටුවෙන් එලියට බහින්න.නේත්‍ර කොහොම කිව්වත් එන්නෙ වත්ත පිටිපස්ස පාරෙන් බව දැනන් උන්නු ආශව එලියට බැස්සත් හදුන්කූරු තියෙන තැන නේත්‍රට නොකිව්ව නිසා ආයෙමත් ගේ ඇතුලට ඇවිදන් ගියා.

"අක්කෙ,මට පොඩි කුප්පියක් දෙනවද? මම තියෙන තැන් දන්නෙ නෑනෙ"

"මගෙ කෙල්ලගෙන් ඉල්ලන්නෙ? ඇයි උඹේ අතපය නැද්ද?"

කුසුමාවතීගෙ කටහඩ උස්ව ඇහෙද්දි ආශව මුළුතැන්ගෙයි පැත්තට කිට්ටු උනා.

"අම්මෙ ඔයා කෑගහන්න එපා....නේත්‍ර මල්ලි,මොකටද කුප්පියක්?"

"තෙල් අරං යන්න අක්කෙ පන්සල්"

"ඉන්න මම හොයල දෙන්නම්කො....මේ කොහෙ හරි තිබ්බා පිරිසිදු කරපු පොඩි වීදුරු බෝතල් වගයක්"

"උඹ ඉදපං සුපිපි....ඇයි මූ වලව්වෙ මහතැන්ද? අපෙන් වැඩ ගන්නෙ? උබත් වැඩකාරයෙක්නෙ කොල්ලො!!! මෙතන ලොකු මහත්තයා වෙන්න ආවට"

"අ...අම්මෙ....එපා...මේ ලමයා වරදක් කරල නෑනෙ"

"නෑ නෑ...මූ අහිංසකයා වගේ හිටියට පුදුම මාන්නයක් තියෙන්නෙ මුගෙ! ලොකු ඉස්කෝලෙකට ගියා කියලා උඹ ලොකු මිනිගෙක් වෙන්නෙ නෑ! වැඩකාරයා වැඩකාරයම තමා!!! උඹ මෙතන...."

"මොකද්ද කුසුමාවතී කියන්නෙ!!! ආ!!! "

"ස්....සුදුබේබි"

ආශව මුළුතැන්ගෙට කඩාගෙන පනිද්දි කුසුමාවතී පවා ගැස්සිලා ගියා.ආශවගෙ ඇස් දෙකේ රතු පාට දැක්ක නේත්‍ර ඉක්මනටම ආශව ලගට ගිහින් මේසෙට වැහිලා තියෙන ආශවගෙ අතින් අල්ලගෙන ඒ අත සිනිදුවට පිරිමදිද්දි ආශව ටිකෙන් ටික සන්සුන් වුණා.විනාඩි ගාණක් තිස්සෙ නිහඩව උන්නු ආශව තමන්ගෙ ගැඹුරු හඬ අවධි කලා.

"කුසුමාවතී ඒ විදියට කතා කලේ මගෙ හොදම හිතවතාට!"

"ස්...සමාවෙන්න සුදුබේබි....මූ අපිට බැනගෙන...."

"නේත්‍ර? කෙනෙක්ට බයින්න? හහ්! වැරදි කලා මදිවට තව කියවගෙනත් එනවද? මම ඔක්කොම අහගෙන හිටියෙ"

".................."

"කුසුමාවතීට හෙට ඉදන් වෙන තැනක වැඩක් හොයාගන්න පුළුවන්!!!! ආයෙ වලව්වෙ රස්සා නෑ කුසුමාවතීට"

"සුදුබේබි!!! අනේ එහෙම කරන්න එපා සුදුබේබි.....නාකි මගෙ කට එච්චර හොද නෑ තමා....නොහිතා කිව්ව දේවල් වලට සමාවෙන්න සුදුබේබි"

"සුපිපිට කැමතිනම් දිගටම වැඩ කරන්න පුළුවන්....කුසුමාවතී එන්න ඕනි නැහැ.එච්චරයි!"

තමන්ගෙ අන්තිම තීරනේ කිව්ව ආශව හඬා වැටෙන කුසුමාවතී දිහා හිස් විදියට බලලා තමන් ලග හිටන් ඉන්න පුංචි නේත්‍ර දිහා බැලුවා.

"යං නේත්‍ර"

"ය්....යං සුදුබේබි"

සුපිපි ඉක්මනටම හොයලා දුන්නු පොඩි වීදුරු බෝතලේට පොල්තෙල් වත්කරගත්තු නේත්‍ර,හඳුන්කූරු පෙට්ටියක් අරං එලියට යන ආශවගෙ පිටිපස්සෙන් යන්න ගිහින් ආයෙ අඩිය පස්සට අරං පිලිකන්න පැත්තෙන් එලියට බැහැලා වලව්ව ලග තියෙන අඩිපාර දිගේ පාරට දිව්වා.නේත්‍ර ගුරුපාරට ගොඩ වෙලා පාර දිගේ හෙමීට ඉස්සරහට ඇවිදන් යන ආශව ලගට ගිහින් නැවතිලා ආශවගෙ වේගෙටම ඇවිදන් යන්න ගනිද්දි ආශව නේත්‍ර දිහා බලලා ලා හිනාවක් පෑවා.

"මල්?"

"ඉන්න සුදුබේබි....මම පාලිත මාමලෑ කඩේ ලග ටැප් එකෙන් මේ කැන්ද කොලේ සෝදන් එන්නම්"

පාර අයිනෙ සරුවට වැවිලා තිබ්බ කැන්ද ගහකින් කොලයක් කඩාගත්තු නේත්‍ර ඒක කඩේ ලග ජල කරාමෙන් හෝදගෙන කඩේ මනුස්සයාටත් සුහදව හිනා වෙලාම ආශව ලගට දුවං එද්දි ආශව සාක්කුවට අතක් දාන් නේත්‍ර දිහා බලාගෙනම හිටියා.ආශවට මෙවෙලෙ ඉන්නෙ කේන්ති ගිහින් බව දැනන් උන්නු නේත්‍ර එක දිගට කතා කර කර ආශවව තවත් අපහසුතාවයට පත් කරන්න උත්සාහ කලේ නැහැ.ටික වෙලාවක් ගියාට පස්සෙ ආශව එක්ක කතා කරන්න නේත්‍ර තීරනේ කරලා තිබ්බා.ආශවට ඔලුවෙන් මල් ගහක් පෙන්නුව නේත්‍ර කැන්ද කොල ගොට්ටට මලින් මල කඩල දාද්දි ආශවත් නේත්‍රට එකතු උනා.

"ආ....පුංචි මුදියන්සෙ පන්සල් යන්න වගේ"

"ඔව්!"

ගැමියෙක් දෙකට නැවිලා ආශවගෙන් අහද්දි ආශව කෙටි උත්තරයක් දීලා ඉස්සරහ බලාගත්තත් නේත්‍ර ගැමියා දිහා බැලුවෙ හොදට හිනාවීගෙන.නේත්‍රගෙ හිනාව එක්ක හිතට සන්තෝසයක් ඇති කරගත්තු ගමේ මනුස්සයා නේත්‍ර එක්ක ආපිට හිනාවෙලා නේත්‍රට කතා කලා.

"නේත්‍ර පුතාත් යනවද පන්සල්?"

"ඔව් මාමෙ....මමත් යනවා"

"පුංචි මුදියන්සෙ එක්ක පරිස්සමින් යන්න එහෙනම්....මම ගිහින් එන්නම් පුතේ....ගිහින් එන්නම් පුංචි මුදියන්සෙ"

"හරි මාමෙ....බුදු සරණයි"

නේත්‍ර හිනාවෙලාම උත්තර දෙද්දි ආශව ඒ මනුස්සයා දිහා බලලා ඔලුව වනලා ඉස්සරහ බලාගත්තා.ගොට්ට පිරෙන්නම පාර අයිනෙ තියෙන ගස් වලින් මල් කඩාගත්තු ආශවයි නේත්‍රයි ගුරුපාර දිගේ ඉස්සරහට ඇදෙද්දි පුංචි එකා තැඹිලිපාට වීගෙන එන අහස ආශවට පෙන්නුවා.

"අර සුදුබේබි......"

"ම්ම්ම්ම්?"

"අර! අර අර!!!! තැඹිලි පාට මනුස්සයෙක් අර!!"

"කොහෙද?"

"අර අතන වලාකුල සුදුබේබි.....මනුස්සයෙක් වගේ නේද?"

"හ්ම්ම්ම්...."

"මම හරි ආසයි නුවර අහස තැඹිලි පාට වෙනවට සුදුබේබි.....සුදුබේබිත් ආසයි නේද?"

"හ්ම්ම්ම්....."

"ස්....සුදුබේබි?"

"ම්ම්ම්ම්?"

"ම්හ් ම්හ්.....මුකුත් නෑ....යංකො"

"ම්.....මට ඔයාව දාලා යන්න බෑ නේත්‍ර....දුරයි.....සති දෙකක්....මට බෑ නේත්‍ර"

"ස්....සුදුබේබි.....අ...අපි පන්සල් ගිහින් ඇවිත් කතා කරමු....සුදුබේබි හිත නිදහස් කරගන්න බලන්නකො දැනට...පාර මැද්දෙ උනත් සුදුබේබිව තුරුල් කරං සනසන්න පුළුවන් මට...ඒත් ඒක සුදුබේබිටම භයානක විදියට බලපාන්න පුලුවන්නෙ මගෙ සුදුබේබි....අපි පන්සල් යංකො ම්ම්ම්ම්?"

"හ්ම්ම්......යංකො....පාරෙ අයිනට එන්න නේත්‍ර....කෝ"

"හරි සුදුබේබි....."

"මම නැති දවස් ටිකෙත් පරිස්සම් වෙන්න ඕනි තේරුනාද? ඔයාව හිර කරනවා කියලා හිතන්න එපා මැණිකෙ...එ...ඒත් ආයෙ මම නැතුව එලියෙ තියෙන පාටීස් අනන් මනන් වලට යන්න එපා....තේරුනාද?"

"ඔව් සුදුබේබි....නේත්‍ර යන්නෑ....නේත්‍රට යන්න ඕනිත් නෑ....නේත්‍ර සුදුබේබි එනකං බලන් ඉන්නවා ගෙදෙට්ට වෙලා"

"ඉස්කෝලෙ යන්න ඕනි ම්ම්ම්ම්? ඉස්කෝලෙ යන්න එන්න ඕනි මගෙ මැණික පරිස්සමින්....සුදුබේබිට බයයි නේත්‍ර....මගෙ නේත්‍රගෙන් ඈත් වෙන්න බයයි"

"අ....ආයෙ එහෙම දෙයක් වෙන්නෑ සුදුබේබි....බයවෙන්න එපා"

තත්පර ගාණක් ඇතුලත නේත්‍ර ආශවගෙ බය තේරුම් ගත්තා.කාලෙකට කලින් තමන්ට රධීන්ගෙන් වෙන්න ගිය භයානක දේ තවම ආශවගෙ හිතෙන් පහ වෙලා නැති බව නේත්‍රට තේරුම් ගියා.ඒත් බබෙක් වෙලා ආශවව නවත්තගන්න නේත්‍රට ඕනිවුණේ නැහැ.නේත්‍රට ඕනි උනේ ආශවට හයියක් වෙන්න.ආශවගෙ හීනෙට යන්න උදව් වෙන ඉණිමග වෙන්න.දෙන්නා එක්ක නිහඬවම පන්සලට ඇතුළ් වුනාට පස්සෙ නේත්‍ර ආශවව එක්කගෙන ගියේ මල් හදන තැනට.

"සුදුබේබි දන්නවද මල් හදලා පූජා කරන එකේ තේරුම?"

"නේත්‍ර දවසක් කිව්වා...ඒත් ආයෙ කියන්න....මම ආසයි අහගෙන ඉන්න"

"මේ මල් වලින් පිලිඹිබු වෙන්නෙ අපේ ජීවිතේ සුදුබේබි....මල් කඩාගනිද්දි ලස්සනට පිපිලා තියෙනවා...අපි මල් ලස්සනට හදලා පැන් ඉහලා පූජා කරනවා....ටිකෙන් ටික මල් මැලවෙන්න ගන්නවා...පාට වෙනස් වෙනවා...අන්තිමට පර වෙලා යනවා...අපේ ජීවිතත් ඒ වගේනෙ....

අපි ඉපදෙනවා....ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරනවා...ඉගෙනීම,ආදරේ තව තව හුගක් දේවල් වලින් අපේ ජීවිත ලස්සන කරගන්නවා....අපි ටික ටික වයසට යනවා....අපේ පාට වෙනස් වෙනවා,හම රැලි වැටෙන්න ගන්නවා,කෙස් ඉදෙනවා....අපි වැහැරෙන්න ගන්නවනෙ සුදුබේබි.....අන්තිමට අර මල් වගේම අපිත් පර වෙලා යනවා....මැරෙනවා....අපේ ඇගත් අර මල් වගේම දිරලා යනවා"

"හ්ම්ම්ම්.....හැබැයි අපේ ආදරේ පර වෙන එකක් නෑ.....ඔයාගෙයි මගෙයි අන්තිම හුස්ම වෙනකං අපේ ආදරේ වෙනස් වෙන්නෙ නැතුව තියෙයි නේත්‍ර....මට විශ්වාසයි"

"මම නැති උනොත් සුදුබේබිට කලින් සුදුබේබි සතුටින් ජීවත් වෙන්න ඕනි"

"හහ්! ඔයා නැතුව? විහිලු කරනවද නේත්‍ර....හරි,මම ඔයාට කලින් මැරුනොත් මොකද?"

"ස්....සුදුබේබි ඕනිනැති කතා කියන්න එපා....එහෙම වෙන්නෙ නෑ"

"ඔය....ඔයා කැමතිවත් නෑ එහෙම දෙයක් ගැන හිතන්නවත්....අහන්න නේත්‍ර"

නේත්‍ර අත තිබ්බ මල උඩින්ම අත තිබ්බ ආශව තමන්ගෙ ඇගිලි වල ගැටුණු නේත්‍රගෙ ඇඟිලි කැන්ද කොල ගොට්ට අස්සෙන්ම ග්‍රහණය කරගෙන පුංචි එකාගෙ බෝල ඇස් වලට එබුණා.

"ඔයා නැති දවසක මම ජීවත් වෙන්නෙ නෑ තේරුනාද? හැමදේම එකටම වෙනව වගේ....ඒ දේත් අපි දෙන්නගෙ එකටම වෙයි"

"ස්....සුදුබේබි......"

"මම ආදරෙයි නේත්‍ර....ඔයාගෙ හුස්ම එක්ක මම බැඳිලා ඉන්නෙ"

"නේත්‍ර ආදරෙයි....නේත්‍රගෙ පණට වඩා සුදුබේබිට ආදරෙයි මම"

නේත්‍රගෙ ඇස් දෙක දිහා බලල ආදරෙන් ඔලුව වැනුව ආශව පුංචි එකා එක්ක එකතු වෙලා එක මල් වට්ටියක් හදලා ගියේ පහන් පත්තු කරන්න.පහන් පත්තු කරල මල් පූජා කරලා හඳුන්කූරුත් පත්තු කරලා පූජා කෙරුව ආශව හඳුන්කූරු පත්තු කරලා එකින් එක වැලි ගොඩේ ගහන නේත්‍ර දිහා බලන් උන්නෙ හිනා වෙවී.

"ඇයි සුදුබේබි?"

"ඔයා එකපාරක් පොඩි කාලෙ....ම්ම්ම්....ඔයා හය වසරෙ ඉද්දි වගේ තමා මතක...මෙහෙ පිංකමක් තිබ්බා.ඔයා කොහොමහරි ඔක්කොමල්ලගෙන් හඳුන්කූරු ඉල්ලන් ලොකූ මිටියක් බැඳන් උන්නෙ"

"ඈ? මම? මතක නෑ සුදුබේබි"

"ඔය තමා....ඔයා පොඩි කාලෙ දඟයිනෙ....කොහොමහරි ඔය පොඩි අත් දෙක පිරෙන්නම මිටියක් ගහන් හිටියෙ...කාටහරි කියලා පත්තුත් කරවගෙන ඔයා....ඒ කෙනා පත්තුත් කරලා නිවලත් දීලා....දැන් ඉතින් ඔයා හඳුන්කූරු මිටිය අරං හරි සතුටින් පූජා කරන්න යමින් ගමන් හිටියෙ....ඒත් අර දුම ගොඩක් ගහනවනෙ...ඒක තව වැඩි කරගන්න හරි මොකක් හරි හිතලා නේත්‍ර පන්සල් වත්ත වටේ දුවන්න ගත්තා"

"ඊට පස්සෙ?"

"හුලං ගහලා ආයෙමත් හඳුන්කූරු මිටිය ඇවිලුණා....නේත්‍රගෙ අතේ තියෙද්දි අරක ඇවිලෙන්න ගත්තා.ඔයා තව හයියෙන් දුවන්න ගත්තා බයටම....නිර්මලාලා කෑ ගැහුවත් ඔයා දිව්වා නතරනොවී....අප්පච්චිත් එදා මම එක්ක උන්නා...මම ඒකයි ඉවසගෙන බලන් හිටියෙ...ඒත් ඔයා අඬ අඬ දුවන්න ගනිද්දි මට බලන් ඉන්න බැරි උනා....මම දුවගෙන ඇවිල්ලා ඔයාව අල්ලගෙන හදුන්කූරු මිටියම අරං බිමට දැම්මා...ඔයාගෙ අත් ලාවට පිච්චිලා තිබ්බෙ"

"සුදුබේබිවත් පිච්චුනාද?"

"ඒ තරමට නෑ.....ටිකක් වගේ පිච්චුනා....ඔයා ඇඬුවා පැය බාගයක් වගේ එක දිගට....මම ඔයා එක්ක පන්සලේ පැත්තකට වෙලා හිටියා එදා....මට අමතක උනා අප්පච්චි හිටියා කියන එකත්"

"ස්....සුදුබේබි.....මට මතකයි ඔහොම කියද්දි"

"හ්ම්ම්ම්......ඔයා ඇඬුවා....මගෙ අත් පිච්චුනු එකට තමා ඇඬුවෙ එච්චරටම....අන්තිමට ගෙදර ගියාමත් උනේ ඔයාට අසාධාර්ණේ"

"............."

"ඔයා නිසා ලැජ්ජා උනා කියලා අප්පච්චි ඔයාට ගැහුවෙ නේත්‍ර.....මට ගහද්දි ඔයා මැද්දට පැන්න එකේ කේන්තියට අප්පච්චි ඔයාගෙ පිට හරහා පාරවල් තුන හතරක්ම දුන්නා එදා වැඩිපුරත් එක්ක....."

"අම්මාත් අඩ අඩ පැත්තකට වෙලා ඉද්දි සුදුබේබි මහ මුදියන්සෙගෙ අත හපලා මාව උදුරන් ගියා මට මතකයි....ලොකු මැණිකෙ නිසා තමා ප්‍රශ්නෙ නැවතුනේ....ඒ කාලෙ අපි පොඩි නිසා එච්චර දේවල් හිතුවෙ නැතුව ඇති මහ මුදියන්සෙ"

"හ්ම්ම්ම්.....පොඩි කාලෙම ඉන්න තිබ්නනම් කියලා හිතෙනවා මට....එහෙමනම් ඔයා වෙනුවෙන් මීට වඩා පෙනී ඉන්න තිබ්බා මට....ඒත් දැන්....හුගක් පැති වලින් හිර වෙලා මම....හැමදේම මම විසඳන්නම් නේත්‍ර....සුදුබේබිට කාලයක් දෙන්න"

"ඕනිතරන් කල් සුදුබේබි....අනික සුදුබේබි තනියම නෙවෙනෙ ඉන්නෙ....සුදුබේබිට මම ඉන්නවා ඕනිම දේකට....අපි දෙන්නම ප්‍රශ්න විසඳගමු සුදුබේබි"

"මම දන්නව ඒක....ඒකනෙ බය නැතුව ඉන්නෙ මම"

නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව පුංචි එකා එක්ක ගිහින් බෝමළුවෙ ඉදගෙන ගාතා කිව්වා.අන්තිමට බෝධියත් පැන් වලින් නෑව්ව නේත්‍ර ආශවවත් ඇදගෙන ගියේ ලොකු හාමුදුරුවන්ගෙ කුටියට.නේත්‍රගෙ හඬ ඇහුනු ගමන් ලොකු හිනාවක් මූණෙ තියං එලියට ආව ලොකු හාමුදුරුවෝ දෙන්නටම ආශිර්වාද කරලා ඇදි පුටුවෙ අසුන් ගනිද්දි ආශවයි නේත්‍රයි එතනම බිම එරමිණියා තියාන ඉදගත්තා.

"පුංචි මුදියන්සෙ එක්ක තකහනියක් මොකෝ නේත්‍ර දරුවා?"

"අවසරයි ලොකු හාමුදුරුවනේ.....සුදුබේබි හෙට රට යනවා මැච් එකකට....ලොකු හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ගන්න හිතාගෙන ආවෙ"

"පුංචි මුදියන්සෙට අපූරු යාලුවෙක් නෙව ලැබිලා ඉන්නෙ? පුංචි මුදියන්සෙගෙ ගෙදර කෙනෙක්වත් නාව ගමනක් යාලුවා එක්ක ඇවිත්"

"හැමදෙයින්ම නේත්‍ර තමා මම එක්ක ඉන්නෙ ලොකු හාමුදුරුවනේ....ගෙදර අය හැමෝටම වඩා මම ගැන හොයල බලන්නෙ නේත්‍ර....හැමදේම ගැන"

"පුදුමයක් නෑ පුංචි මුදියන්සෙ.....ඔය දරු දෙන්නගෙ කේන්දර එකිනෙකා එක්කම බැඳිලා තියෙනවා...එහෙම වෙන්නෙ නෑ ලේසියකින්...ඒත් කොහොමහරි ඔය දරු දෙන්නගෙ වේලපත්කඩ වලින් ඒක පෙන්නුම් කලා....ඒ නිසා වෙන්න ඇති මේ තරම් බැඳීම"

"එහෙමයි අපේ හාමුදුරුවනේ....හාමුදුරුවනේ,සුදුබේබිට ආශිර්වාද නූලකුයි....පැන් ටිකකුයි ගන්න පුළුවන් වේවිද?"

"ඉන්න දරුවො.....පොඩි නම.....පොඩි නම.....ගිහින් අර ඊයෙ පිරිත් කරපු නූල් ටිකකුයි,පැන් ටිකකුයි අරං එන්න"

ලොකු හාමුදුරුවොන්ට ඔලුව නවලා ආචාර කරලා ගිය පොඩි හාමුදුරුවො ටික වෙලාවකින් ආවෙ ලොකු හාමුදුරුවො කිව්ව ද්‍රව්‍යත් අරගෙන.ඉලන්දාරි දෙන්නටම ආශිර්වාද කල ලොකු හාමුදුරුවො පිරිත් නූල් බැඳලා පිරිත් පැනුත් පානයට දීලා ටික වෙලාවක් සුහදව දෙන්නා එක්ක කතාබහේ නිරත වෙලා හිටියා.ගොම්මන වැටීගෙන එනවත් එක්කම පන්සලෙන් පිටත් වුණු ඉලන්දාරි දෙන්නා ගම්මානෙ පාර දිගේ ඇවිදගෙන ආයෙමත් වලව්වට පිටත් වෙලා ගියා.පිලිකන්න පැත්තෙන් එන්නම් කියලා පැනල දිව්ව නේත්‍ර දිහා බලලා හිනා වුණු ආශව වලව්වට ගොඩ වෙද්දිම ඇහුනෙ ලොකු මැණිකෙගෙ කටහඩ.

"ආ....සුදුපුතා....කොහෙද ගියේ?"

"පන්සල්"

"හ්ම්ම්ම්....අප්පච්චි කතා කලා....හෙට සුදුපුතාව එක්කන් යන්න අප්පච්චිත් එනවලු....නිශ්ශංකගෙ  මහත්තයත් එනවා කිව්වා අර දරුවො දෙන්නා එක්ක....සුදුපුතා ලෑස්ති වෙන්න එහෙනම්"

"හරි පුංචි අම්මෙ"

ලොකු මැණිකෙට ඔලුව වැනුව ආශව කාමරේට යන පඩිපෙල දිගේ උඩට නැග්ගෙ ලොකු දෙයක් කල්පනා කරන ගමන්.ආශව නේත්‍රව දෙවින්ලා එක්ක හරි ගුවන් තොටුපොලට ගෙන්නගන්න හිතන් උන්නු උත්සාහෙත් නිශ්ශංකගෙ පැමිනීම එක්ක ව්‍යර්ත වෙන ලකුණු ආශවට දැනුනා.කරන්න දෙයක් හිතාගන්න බැරි උනු ආශව කාමරේට ගොඩ උනේ නේත්‍රගෙ පැමිනීම බලාපොරොත්තුවෙන්.

.

.

.

.

.

"ඔයත් යං අපි එක්ක"

"මට එන්න පුලාම්.....ඒත් චූචියා?"

"මටත් හරි අවුල් දිවාෂ මල්ලි....අපි එක්ක යන්න වෙන්නෙ නෑ නේත්‍ර මල්ලිට....දන්නවනෙ අප්පච්චි ගැන"

"අපෙත් අප්පච්චි ගෙදර නෑ දෙවින් පණ....එයා හිටියනම් මම එයා එක්ක වාහනේ එනවා...අම්මට එච්චර දුර ඩ්‍රයිව් කරන්න බෑ....හුරු නෑ"

"පික් මී එකක් දාගෙන යන්නත් බයයි නේද? එකක් මල පාන්දර.....අනික ඔච්චර දුර"

"ඔව්.....අපේ අම්මගෙන් ඇහුවම අම්මත් කිව්වෙ ඕක....චූචියා නැතුව මම ගියාට ඇති වැඩකුත් නෑ"

"හ්ම්ම්ම්"

"ආ....මූ දැන් එන්නෙ....ඈ දෙවින් පණ....මූ මල් කඩනවා වගේ නේද ලගකදි ඉදන්"

"එ වගේ ඒ වගේ"

දෙවින්ගෙ කාමරේ ඇඳ උඩට කඩා පැන්න තෙවින් ඇඳේ උඩුබැලි අතට වැතිරෙද්දි දිවාෂ තෙවින්ට පාරක් ගැහුවා.දිවාෂව ඇදලා අරං තුරුල් කරගත්තු තෙවින් හිනා වෙන්න ගනිද්දි දිවාෂගෙ හිත රිදෙන්න ගත්තේ මෙ හිනාව වෙන කෙනෙක් නිසා මතු වෙන එකක් බවට සාධාරණ සැකයක් මතු වෙලා තියෙද්දි.

"අයියයි යුගානුයි දන්නවද? මම හරි සතුටින්"

"උබ සතුටින් නෙවේද හිටියෙ?"

"එහෙම නෙවෙයි....දැන් මට හිතෙනවා මම ආයෙමත් ජීවත් වෙනවා කියල"

"ම්ම්ම්ම්"

"උඹට මොකද්ද මල්ලි වෙලා තියෙන්නෙ?"

දිවාෂ මුමුණලා නිහඩ උනත් දෙවින් තෙවින්ගෙන් ප්‍රශ්න කලේ තෙවින් මේ පාර ඇගේ දාගෙන ඉන්නෙ මොන වගේ ප්‍රශ්නයක්ද කියලා දන්නෙ නැති නිසා.දෙවින් ඇහුව ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න කටඇරිය තෙවින් දිහා බලන් උන්නු දිවාෂගෙ පපුව හීනියට රිදෙන්න පටන් අරං තිබ්බා.

"අපිටම කියලා ආදරේ කරන කෙනෙ....."

තෙවින්ගෙ කතාවට බාධා කරන ගමන් ආයෙ දුරකතනෙ නාද වෙන්න ගනිද්දි තෙවින් ලගින්ම ඇඳේ ඇලවෙලා උන්නු දිවාෂගෙ ඇස් දෙක තෙවින්ගෙ දුරකථනෙට යොමු උනා.ඒත් එක්කම ඇමතුමක් ආව දෙවින් කාමරෙන් එලියට යද්දි දිවාෂ තෙවින්ගෙ දුරකථනෙ තමන්ගෙ අතට ගත්තා.දුරකථන තිරයේ 'ඕෂිණී' කියලා සටහන් වෙලා තියෙද්දි දෙපාරක් නොහිතුව දිවාෂ ඒ දුරකථන ඇමතුම විසන්ධි කරලා දැම්මා.

"යුගාන්!!!"

"යුගාන් තමා ඇයි?"

"ඇයි ඒක කට් කලේ?"

"ඒකි මොකටද උඹට කතා කරන්නෙ?"

"ඒක උඹට මොකටද යුගාන් ආ??? උඹට මොකද්ද ඒකෙන් තියෙන වැඩේ?"

තෙවින්ගෙ වචන එක්ක තත්පර ගාණක් ඇතුලත දිවාෂගෙ ඇස් වල කදුළු පිරෙද්දි දිවාෂ එහෙම්මම හැරිලා තෙවින්ගෙ ටී ෂර්ටයෙන් ඇඳලා තමන්ගෙ පැත්තට හරවගත්තා.ඇඳ උඩ වැතිරිලා හිටිය තෙවිනුයි දිවාෂයි අතරෙ නූල් ගහකවත් පරතරයක් නොතිබෙද්දි තෙවින් දිවාෂගෙ කදුළු පිරුණු ඇස් දිහා එක එල්ලෙ බලාගෙන හිටියා.

"ම්.....මට වැඩක් තියෙනවා තෙවින්! ඒකයි අහන්නෙ"

"හහ්! වැඩක්? යුගාන්ට?"

දිවාෂගෙ කදුළු පිරුණු ඇස් දෙක දිහා බලලා සමච්ච්ලේට හිනා වුණු තෙවින් ඇඳෙන් නැගිටිද්දි දිවාෂත් තෙවින් එක්කම නැගිට්ටා.එහෙම්මම දිවාෂව ඇදලා අරගෙන බිත්තියට තද කරගත්තු තෙවින් දිවාෂගෙ උරහිස් වලින් රිදෙන්න අල්ලගෙන ඒ හීනි ඇස් වලට එබෙද්දි දිවාෂ තමන්ගෙ කදුළු පාලනේ කරගන්න ලොකු උත්සාහයක් දරමින් හිටියා.

"මොකද්ද උඹට තියෙන වැඩේ යුගාන්?"

"ම්....මම කැමති නෑ උඹ විනාස වෙනවට"

"සීමාවෙ ඉදපං යුගාන්!!! උඹ කවුද මට උපදෙස් දෙන්න? යාලුවෙක් කියලා ලං කරගත්තම උඹ ආවද මගෙ ජීවිතේට ඇඟිලි ගහන්න ආ??? උබ උබේ මට්ටමේ ඉදපං යුගාන්!"

"ම්....ම....ට්ටම?"

"ඔව්! උඹ යාලුවෙක්නම් ඒ විදියට ඉදපං! මෙතන පවුලෙ උන්ටවත් නැති අමාරුවක්නෙ යකෝ උඹට තියෙන්නෙ! ඕෂිණී එක්ක මම පවුල් කෑවත් ඒකෙන් උඹට වැඩක් නෑ යුගාන්! ඉවසනවා කියලා මට මෙහෙමත් ඉවසන්න බෑ! මගෙ ජීවිතේ මගෙ තීරණ! මතක තියාගනින්!"

දිවාෂගෙ කන ලගින්ම බිත්තියෙ තෙවින්ගෙ මිට මෙලවුණු අත වැදෙද්දි දිවාෂ තෙවින්ගෙ ඇස් දෙක දිහා එක එල්ලෙ බලන් ඉදලා ලාවට හිනා වුණා.ලා හිනාව එක්ක දිවාෂගෙ ඇස් දෙකෙන් කදුළු කැට ගලාගෙන යද්දි දිවාෂ තෙවින්ගෙ මූණ ලගට ලං වුණා.තෙවින්ට හිතන්නවත් වෙලාවක් නොදී දිවාෂගෙ තොල් තෙවින්ගෙ නලලින් තද වෙද්දි තෙවින් දත්මිටි කාගෙන තමන්ගෙ හැඟීම් ඉවසගෙන හිටියා.

"මට සමාවෙන්න අයියෙ.....මම ආයෙ ඔයාගෙ ජීවිතේට ඇඟිලි ගහන්නෑ"

ඇස් වල කදුළු පිහගත්ත දිවාෂ හිනා වෙලා ඔලුව වනලා කාමරෙන් එලියට දුවගෙන යද්දි තෙවින් එහෙම්මම දුරකථනෙ අතට අරගෙන බැල්කනියට ඇවිදගෙන ගියා.

.

.

.

.

.

"එතකොට විරාගයේ දී ඇයි අරවින්ද සරෝජනීව අතෑරියෙ?"

"අරවින්ද බය උනා.සමාජයට කලංකයක් වෙන්න වෙයි කියලා.පැනලා යන එක ලොකු වරදක්,පවක් විදිහට අරවින්ද දැක්කේ.ඒත් සුදු බේබි මට හිතාගන්න බැරි දේ තමයි බතී අරවින්දට අච්චර ලංවෙද්දීත් ඇයි අරවින්ද බතීව පිළිනොගත්තෙ කියලා?"

"මොකද අරවින්ද ආදරේ කලේ සරෝජනීට විතරයි නේත්‍ර"

"ම්ම්ම්ම්ම්.....ඉතින් අරවින්ද තමන්ගෙ බය නැති කරගෙන සරෝජනී එක්ක එකතු උනානම් ඒ දෙන්නම සතුටින්නේ සුදුබේබි"

"ඔව්....බය කියන දෙයිත් ලිමිට් එකක් තියෙන්න ඕනි....අරවින්ද නොසෑහෙන්න බයගුලු මිනිහෙක් උනු එක තමා ප්‍රශ්නෙ වුණේ....එයා නැති දේවල් පවා මවාගෙන බය උනේ...."

"නේත්‍රනම් බය නෑ"

"මම දන්නවා....මගෙ චණ්ඩි පැටියා"

ආශවගෙ උකුල උඩ ඉදගෙන නස්නාරං බිකක් කටට දාගෙන හපන නේත්‍රගෙ නාහෙ උඩින් හාද්දක් තිබ්බ ආශව මුමුණද්දි පුංචි එකා නාහෙත් හකුලගෙන හිනා වුණා.නේත්‍රගෙ කිහිලි යටින් අත දාලා නේත්‍රව ටිකක් උස්සලා ආයෙමත් තමන්ගෙ ඔඩොක්කෙ ඉන්දෝගත්තු ආශව ඇසුත් බෝල කරං තමන් දිහා බලලා ඇයි අහන නේත්‍රව තුරුල් කරං තුන් හතරපාරක්ම ඒ පිරුණු කම්මුල් ඉම්බා.

"ඔයා හෙන චූට්ටං නේද අනේ"

"ම්හ්.....එච්චර චූටි නෑ සුදුබේබි මම"

"අපරාදෙ....මට ඔයාට බටූ කියන්න තිබ්බෙ ආදරේට"

"හෑයියා සුදුබේබි"

"අපේ චූටිම බබාට එහෙම කියන්නෙ මම....ඉන්නකෝ"

"බබෙක්!"

"ඔව්.....ඔයා වගේම චූටි බබෙක්"

"හි හී...."

ආශවගෙ බෙල්ල වටේ අත දාගත්තු නේත්‍ර ආශවගෙ පපුව අස්සෙ මූණ හංගන් හිනා වෙන්න ගනිද්දි ආශව පුංචි එකාව තද කරලා තුරුල් කරගෙනම පුටුවෙ ඉස්සරහට පස්සට ටිකක් පැද්දෙන්න ගත්තා.නේත්‍රව ඉබලා ඉබලම රතු කරලා දැම්ම ආශව ටිකකට කලින් සුපිපි ගෙනත් තිබ්බ කිරි කෝපි කෝප්ප දෙකෙන් එකක් නේත්‍රට දීලා අනික තමන්ගෙ අතට ගත්තා.

"උදේ කීයටද යන්නෙ සුදුබේබි?"

"ම්ම්ම්ම්.....බෝඩ් එකට එන්න කිව්වා නවය වෙද්දි....මෙහෙන් හතටවත් යන්න ඕනි"

"හ්ම්ම්ම්......නේත්‍රත් ලොකු මනුස්සයෙක් උනානම් සුදුබේබිව බලන්න එන්න තිබ්බා"

"ඔයා ලොකු මනුස්සයෙක් තමා මැණිකෙ....ම්ම්ම්....මගෙ නේත්‍ර ආදරෙන් පිරිලා ඉන්න ලොකුම ලොකු මනුස්සයෙක්....නේත්‍රට හෙට එන්න බැරි උනා කියලා සුදුබේබි තරහ වෙන්නෙ නෑනෙ"

"ඒත් මට දුකයි සුදුබේබි"

"හ්ම්ම්ම්....මටත් නේත්‍ර.....මම ඔයාව දෙවින්ලා එක්ක හරි ගෙන්නගන්න බැලුවෙ....නිශ්ශංක අන්කල් එනවලු එයාලා එක්ක....ශිට්"

"හිතන්න එපා සුදුබේබි.....ම්ම්ම්ම්.....මගෙ සුදුබේබි පරිස්සමින් ගිහින් එන්නකො.....සුදුබේබි හොදට ප්ලේ කරන්න ඕනි හරිද?"

"අනේ මංදා නේත්‍ර......ක්‍රිකට් වලට ආසයි තමා....ඒක මගෙ හීනෙ බවත් ඇත්ත....ඒත් ඔයාගෙන් ඈත් වෙන්න වෙන එක හරි අවුල් මට.ඇත්තටම"

"එහෙම හිතන්න එපා සුදුබේබි.....දෙයක් ලබාගන්නනම් කැපකිරීම් කරන්නම වෙනවා....සුදුබේබිට හීනෙට යන්න ඕනිනම් මෙහෙම කැපකිරීම් කරන්න වෙනවනෙ සුදුබේබි....තේරුනාද? නේත්‍ර පරිස්සම් වෙලා ඉන්නම්...මගෙ සුදුබේබි හොදට ප්ලේ කරලා පරිස්සමින් එන්නකො"

"හ්ම්ම්ම්......"

"සුදුබේබිගෙ ඇඳුම් බෑග් එකට ඔක්කොම දාගත්තා නේද?"

"ඔව් නේත්‍ර.....එව්වා හරි"

"ම්ම්ම්ම්.....ඒනම් හරි"

"න්....නේත්‍ර බය වෙන්න එපා....දුවන්නත් එපා....ලැජ්ජා වෙන්නත් එපා...මම ඉල්ලන දෙයක් තියේ.දෙන්න පුලුවන්ද?"

"මොකද්ද සුදුබේබි? කියන්න.....සුදුබේබිට මම ලග දෙන්න බැරි දෙයක් නෑනෙ"

"ම්ම්.....න්...නේත්‍ර දැන් මේ ඇඳන් ඉන්න කමිසෙ දෙන්න පුලුවන්ද මට අරං යන්න?"

"මේක? මේක අදින්න බෑ සුදුබේබි....මේක එච්චර හොද එකක් නෙවේනෙ....සුදුබේබි අරං දුන්නු හොද ඇඳුම් තියේ මම ලග.....ඒකක් දූවලා ගිහින් අරං එන්නද මම?"

"ඇඳුම් නෙවේ නේත්‍ර.....ඕකෙ ඔයාගෙ සුවද හොදටම කාවැදිලා තියේනෙ....මට ඕක දෙන්නකො"

"ස්.....සුදුබේබි"

ආශවගෙ කදුළු පටලයක් බැඳිලා තියෙන ඇස් දෙක මත්තෙම තමන්ගෙ ඇස් දෙක අලවගත්තු නේත්‍ර ආශවගෙන් තව කමිසයක් ඉල්ලගෙන නානකාමරේට වැදිලා ඇඳුම මාරු කරං ඇවිත් ඇඳන් උන්නු කමිසෙ ආශවගෙ පැත්තට දික් කලා.කබඩය ඇරලා කවරයක් එලියට ගත්තු ආශව නේත්‍රගෙ කමිසෙ පරිස්සමට නවලා ඒකට දාලා පහලින් කඩං ආව ගැටපිච්ච මල් වගේකුත් කවරෙටම දැම්ම ආශව ඒක පරිස්සමින් තමන්ගෙ ඇඳුම් බෑගයේ පරිස්සමට තැන්පත් කරගත්තා.

"මම ලග දොයියනවද අද? ම්ම්ම්?"

"හා සුදුබේබි...."

"හ්ම්ම්.....අනිද්දා ඉස්කෝලෙ යන්න ඕනි....තේරුනාද?"

"හා සුදුබේබි...."

"ම්....මගෙ මැණික පරිස්සමින් ඉන්න ඕනි සුදුබේබි එනකං....ඔහොම ඉන්නකො"

නේත්‍රව ඇඳෙන් ඉන්දෙව්ව ආශව ගිහින් තමන්ගෙ කබඩය ඇරලා අරං ආවෙ ලස්සනට එතුව කවරයක්.ඒක නේත්‍රගෙ අතට දුන්නු ආශව නේත්‍ර ලගින්ම ඉදගත්තා.හිනාවීගෙන කවරෙ අතට ගත්තු නේත්‍ර කවරෙ ඔතලා තියෙන ලස්සන කොලේ ගලවද්දි ඒකෙන් මතු උනු පොත දැක්ක නේත්‍ර එහෙම්මම පැනලා ආශවව තුරුල් කරගත්තා.

"දෙයියෝ සුදුබේබි පොතක්!!!"

"ඔව්......කියවල බලන්නකො...ඒක ලස්සන ඇති"

"May December Romance.....කොළපාට ඇස්"

"සන්නස්ගල සර්ගෙ....එයාගෙ පොත්වල තියෙන්නෙ අමුතුම ලස්සනක්"

"ඔව් සුදුබේබි....මම මේකත් කියවන්නම්"

"මම එනකං කියවන්නකො ඕක....ම්ම්ම්?"

"නේත්‍රට පාලුයි සුදුබේබි"

"සුදුබේබිටත් පාළුයි"

ආශවගෙ උරහිසකින් ඔලුව ගහගත්තු නේත්‍ර පොත පෙරලලා බලද්දි නේත්‍රගෙ මූණ හිනාවකින් එලිය උනේ පුරුදු විදියටම ආශවගෙ අත් අකුරින් මුල් පිටුව සැරසිල තිබ්බ නිසා.

"ඉෂාට ප්‍රේමයේ මුල් අකුරු ඉගැන්වූ කසබා මෙන්,

මගේ දිවියේ ප්‍රේමයේ මුල් බීජ පැල කර,

ඒවාට සාත්තු කරමින්,

හීතලව ගිය හදවතක් උණුහුම්, පණ ගැහෙන ආදරණීය හදවතක් කල මගේම ආදරණීය නේත්‍රට....."

"මගෙ සුදුබේබි!"

ආශවගෙ බෙල්ල බදාගත්තු පුංචි එකා ආශවගෙ කම්මුලකින් තමන්ගෙ තොල් තද කරලා ලැජ්ජාවට ආශවගෙ පපුවටම ගුලි ගැහෙද්දි නේත්‍රව තුරුල් කරගත්තු ආශව එහෙමම ඇඳේ දිගා වෙලා ඇතිරිල්ලෙන් දෙන්නවම වහගත්තා.

..............................................................................................

"සුදුපුතා! ලෑස්තියි නම් පහලට එන්න! කොළඹට යන්නත් ඕනි"

"හා! එන්නම්! අප්පච්චි!"

කණාඩිය ඉස්සරහ හිටගෙන ලොකු හුස්මක් පහල දැම්ම ආශව තමන්ගෙ කමිසෙ ආයෙමත් හරි ගස්සගත්තා.දුරකථන තිරේ තිබ්බ නේත්‍රගෙ ඡායාරූපයක් දිහා බලන ගමන් ඒ උඩින් හාද්දක් තිබ්බ ආශව පහලට බැස්සෙ යන්න කලින් එක වතාවක් හරි නේත්‍රව බලන්න බැරි වෙන දුක හිතේ තැන්පත් කරගෙන.

"ඔය හැතිකරේ එකෙක්වත් සුදුපුතාගෙ ඇස් දෙකට මුලිච්චි වෙන්න ඕනි නෑ මැණිකෙ! මම එකෙක්ටවත් වලව්ව මානෙකට එන්න එපා කිව්වා අපි පිටත් වෙනකං"

ඔව්...මහ මුදියන්සෙගෙ හැම සේවකයෙක්ටම අද ආශවගෙ ඇස් ගැටෙන මානෙට එන එක තහනම් කරල තිබ්බා.කොටින්ම කිව්වොත් අද කෑම මේසෙට කෑම ටික ඇරියෙ පවා ලොකු මැණිකෙ.ඒ විදියටවත් සේවකයෙක්ව ආශවට නොපෙන්වා ඉන්න මහ මුදියන්සෙගෙ මාන්නක්කාරකම තීරණය කරලා තිබ්බා.ගෙයින් එලියට බහින ආශවගෙ ඉස්සරහට ලොකු මැණිකෙ මල් පිරුණු වතුර වීදුරුවක් අරං එද්දි ආයෙමත් බර හුස්මක් පහල දැම්ම ආශව වීදුරුව අතින් අල්ලන් ඒකෙන් වතුර උගුරක් බිව්වා.

"ම්හ්! න්...නේත්‍ර?"

හුලග එක්ක ආව තද ගැටපිච්ච සුවදක් තමන්ගෙ නාහෙට දැනෙද්දි හෙමින් කෙදිරුව ආශව බැලුවෙ මල් වීදුරුවෙ තියෙන්නෙ වතුසුදු මල් බව දැකලා ඉක්මනටම ඔලුව හරවලා වත්ත පිටිපස්ස බැලුවා.

"ද්....දෙයියනේ!"

වලව් වත්තට ගොඩ වෙන තැනින් මතුවෙලා තිබ්බ පුංචි ඔලු ගෙඩිය ආශවව දැක්කට පස්සෙ තව ටිකක් එලියට ආවා.මහ මුදියන්සෙ වාහනේට නගින්න යන බව දැක්ක ආශව පිටිපස්ස හැරිලා කදුළු පිරුණු ඇස් දෙකෙන් නේත්‍ර දිහා බලන් ඉදිද්දි නේත්‍ර ඇස් දෙකෙ හයිය පුරවගෙන ආශව දිහා බලලා ඔලුව උඩ පහල වැනුවා.කදුළු අතරින්ම නේත්‍ර දිහා බලල හිනා වෙලා ඔලුව උඩපහල වැනුව ආශව  නේත්‍ර දිහා තව වතාවක් බලලා වාහනේට ගොඩ වෙද්දි හිනාවක් මූණෙ රදවගත්තු ලොකු මැණිකෙත් වාහනේට ගොඩ වුණා.

වාහනේට ගොඩ වුණු ආශව ආයෙමත් ජනේලෙට ඔලුව ගහගනිද්දි මුකුත් දැක්කෙ නැති මහ මුදියන්සෙ හිනා වෙලා වාහනේ පණ ගන්වලා වලව්වත්තෙන් වාහනේ එලියට දැම්මා.සාමකාමී විදියට වාහනේ ඉස්සරහට ඇදිලා ගියත් ආශවගෙ හිත තිබ්බෙම නේත්‍ර ලග.පුංචි එකාගෙ මූණ යන්න කලින් එකපාරක් හරි ලගින් බලාගන්න තිබ්බනම් කියලා ආශවගෙ හිත හරියට බර වුණා.එකපාරටම මොකක් හරි දැනුනා වගේ වාහනේ පිටිපස්ස හැරිලා බැලුව ආශවගෙ ඇස් ලොකු උනේ ගුරු පාරට ගොඩ වෙන්න පුළුවන් අතුරුපාරකින් පාරට පැන්න පුංචි රූපෙ දැකලා.

"නේත්‍ර! දෙවියනේ!!!"

ආශවට හීල්ලුනේ මොකද්ද මංදා පුංචි කවරෙකුත් අතේ තියාගෙන දුවං එන නේත්‍රව දැකලා.පුංචි කාලෙ තමන් අප්පච්චිගෙ උත්සවේකට දවස් කීපෙකට කොළබ නතර වෙන්න යද්දි ටයරයක් කරකෝ කරකෝ මේ වගේම වාහනේ පිටිපස්සෙන් ටවුන් එක වෙනකල්ම දුවං ආව පුංචි නේත්‍රව මතක් වුණු ආශවට ඉකි ගැහීගෙන ආවා.ගුරු පාර නිසා වාහනේ අධික වේගෙකින් යන්න බැරි උනත් වාහනෙ යම්තාක් වේගෙකින් ගමන් කරන ගමන් තිබ්බා.ඒ වේගෙ එක්කෙ වාහනේ පිටිපස්සෙ හරි හරියට දුවං එන නේත්‍රගෙ කකුල් දෙක කොච්චර වේදනාවක් විදිනව ඇද්ද කියලා තෙරුනු ආශව තමන්ගෙ යටිතොල තදින් හපාගත්තෙ වේදනාව දරාගන්න.

"අපේ මහත්තයා! පොඩ්ඩක් වාහනෙ නවත්තන්නකො!"

"ඇයි මැණිකෙ?"

"අනේ මට අමතක වුණානෙ....මම සුදුපුතාට යමින් ගමන් බාරයක් ගැටගහන්න ඕනි පඩුරුයි රෙදි කෑල්ලයි නේත්‍ර කොල්ලට අරං එන්න කියලා එලියට බැස්සෙ...ඒකා එනකං ඉන්න අමතක උනානෙ....කොල්ලා අර පිටිපස්සෙන් දුවං එනවා"

"ආහ්! හරි!"

මහ මුදියන්සෙ වාහනේ නවත්තද්දි කකුල් දෙකට උපරිම වේගෙ දීලා දුවං ආව නේත්‍ර ආශවගෙ පැත්තෙ ජනේලෙ ලගින් නැවතෙද්දි ආශව වාහනේ දොරම ඇරියෙ ජනේලෙ ඇරියහම ඇති කියන එකත් අමතක වෙලා.

"ඔව් කොල්ලො?"

"ලොකු මැණිකෙ....බාරෙ ගැටගහන කලමනා ටික"

"ආ.....උඹ හොද වෙලාවට අරං ආවෙ....මට අමතක උනානෙ....හරි කොල්ලො"

"යන්නම් ලොකු මැණිකෙ.....යන්නම් මහ මුදියන්සෙ....යන්නම් සුදුබේබි.....පරිස්සමින් ගිහින් එන්න සුදුබේබි"

"හ්.....හා නේත්‍ර"

ආශවගෙ උකුල උඩින් පුංචි කවරෙ තියන ගමන් කවරෙට මුවාවෙලා ආශවගෙ අත තමන්ගෙ පුංචි අතින් තදින් ග්‍රහණය කරපු නේත්‍ර තත්පර ගාණක් ආශව දිහා බලන් ඉදලා හිනා වෙලා දොර වහලා දැම්මා.මහ මුදියන්සෙ ආයෙමත් වාහනේ පණ ගන්වගෙන යද්දි ආශව ඉස්සරහ කණ්නාඩියෙන් බලන් උන්නෙ නේත්‍ර දිහා.පුංචි එකා වාහනේ නොපෙනී යනකංම ගුරු පාර මැද්දෙ තනියෙන් හිටගෙන බලාගෙන උන්නා.

.

.

.

.

.

"හනේ සුදුබේබි නැතුව පාලුනෙ නේත්‍රට....හයියෝ"

පොත් මේසෙ ලගට වෙලා පොතක් දිගෑරගෙන උන්නු නේත්‍ර පොත උඩින්ම ඔලුව ගහගෙන ජනේලෙන් පේන එපිට ආකාහෙ දිහා බලන් හිටියා.හිනාවක් මූණට නගාගන්න හැදුවත් ඇහැකින් ගලන් ගිය කඳුලක් පොතේ අකුරු බොඳ කරද්දි නේත්‍ර කදුළු පිහිදන් අහස දිහාම බලන් හිටියා.සුදුබේබිගෙ හීනෙට යන්න ඕනිනම් මෙ වගේ කැපකිරීම් කරන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න ඕනි වග තේරුම් අරං උන්නු නේත්‍ර අහස දිහා බලන් හෙමීට මුමුණන්න ගත්තෙ නුවර අහස හැමදාම වගේ තමන්ට ඇහුම්කන් දෙන බව දැනන් හිටිය නිසා.එකපාරටම දුරකථනෙ වයිබ්‍රේට් වෙන සද්දෙත් එක්ක කදුළු පිහන් නැගිට්ට නේත්‍ර දුරකථනය අතට ගත්තා.

"මම ආවා නේත්‍ර.....මෙතන වැඩ වගයක් තියෙනවා කරගන්න.....වෙලා යයි ඒකට....මම ඉවර වෙලා මගෙ මැණිකට මැසේජ් එකක් දාන්නම් හොදද? බුදු සරණයි නේත්‍ර"

ආශවගෙ පණිවිඩේ කියෙව්ව නේත්‍ර මූණට ආව හිනාවක් එක්ක ආශවට උත්තර යැව්වා.

"හරි සුදුබේබි.....වැඩ ටික හරියට පරිස්සමට කරගන්නකො.බුදුසරණයි"

දුරකතනෙ පැත්තකින් තිබ්බ නේත්‍ර බර හුස්මක් පහල දාලා ජනේලෙ ලගට ගිහින් ජනෙල් කූරු වලට ඔලුව ගහන් ජනෙල් උළුවස්ස පහුරු ගාන්න ගත්තා.ආයෙමත් දුරකතනෙ නාද වෙද්දි කවුදවත් නොබලා නේත්‍ර ඒක කනේ තියාගනිද්දි නේත්‍රට ඇහුනෙ හුරුපුරුදු කටහඩක්.

"හෙලෝ මල්ලි බබා......"

"හෙලෝ....ඕහ්! සනුක අයියා"

"සනුක අයියා තමා අනේ....මොකෝ ඔයා එන්නෙ නැද්ද අද එයාපෝට් එකට? ආශව මූඩ් ගහන් ඉද්දි ඇහුවෙ මම.....ඌ කිව්වෙ එතකොට"

"එන්න වෙන්නෑ සනුක අයියෙ.....සුදුබේබිව පරිස්සමින් බලාගන්න හොදද?"

"හ්ම්ම්.....මම හිතුවා ඔයා එයි කියලා ඒත්....."

සනුකගෙ හඬ යම්තාක් දුරකට බිඳෙද්දි නේත්‍රට අමුත්තක් දැනුනත් නේත්‍ර ඒ ගැන වැඩියෙ නොහිතා හිටියේ මෙවෙලෙ නේත්‍රගෙ මානසික මට්ටමත් සෑහෙන්න දුරකට බිඳිලා තිබ්බ නිසා.

"සුදුබේබිට දුක ඇති සනුක අයියෙ....ඒත් මොනා කරන්නද?"

"ම්ම්ම්.....දුකයි තමා....අන්තිම පාරට ලාවට හරි දකින්න බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් නැති උනාම....හ්ම්ම්ම්ම්"

සනුක බර හුස්මක් පහලට දාද්දි නේත්‍ර සද්ද නැතුවම සනුකට සවන් දීගෙන හිටියා.ටික වෙලාවක් කතා නොකර හිටිය සනුක ආයෙම කතා කරන්න ගත්තෙ යම් උද්‍යෝගයකින්.

"ඔහෙ ඉදන් මෙහෙ එන්න කොච්චර වෙලා යනවද මල්ලි?"

"පැය එකහමාරක් වගේ කියලා සුදුබේබි කිව්වෙනම් සනුක අයියෙ"

"හ්ම්ම්ම්.....ඔයා ලෑස්ති වෙලා ඉන්න.....හවස් වෙද්දි හරිද? පහට විතර ඔහෙන් පිටත් වෙන්න බලන් ඉන්න...."

"ඈ?????"

"ඈ නෙවේ ඔව්....ආශවට කියන්න එපා....ඌව සප්‍රයිස් කරමු...ඔයාට මාව ශුවර්ම නෑ වගේනම් මම එක්ක යන්නෙ.....ම්ම්ම්ම්....මට එන්න බැරි වෙයි,අපේ ඩැඩා එන්නෙ කියලා ඔයාගෙ යාලුවෙක්ට කියන්න....ආශවයට එපා.ඌව සප්‍රයිස් කරමු"

"ම්ම්ම්.....මම....මම හිතලා බලල කියන්නම් අයියෙ"

"හා....මට උත්තරයක් දෙන්නකො එහෙනම් හවස් වෙන්න කලින්...හරිද?"

"හරි අයියෙ....බුදු සරණයි"

"ඕහ්හ්....ආ....බ්....බුදු සරණයි"

සනුක දුරකථනෙ විසන්ධි කලාට පස්සෙ නේත්‍ර කලේ කල්පනා කරල කරලා දිවාෂට ඇමතුමක් ගත්තු එක.සුදුබේබි නැත්තං ඊලගට තමන්ගෙ ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් කෙනා දිවාෂ කියලා නේත්‍ර දැනන් හිටියා.දිවාෂගෙ නිදිබර කටහඩ එක්ක දිවාෂ ඇමතුමට සම්බන්ධ වුනු බව තේරුණු නේත්‍ර කතා කරන්න පටන් ගත්තා.

"දිවාෂ අහන්නකො"

"කියන්න චූචි....මොකෝ?"

"මේ......මට එයාපෝට් යන්න චාන්ස් එකක් හම්බුනානේ"

"අඩේ මරුනෙ කොල්ලො...යමු කොහොමහරි....කා එක්කද යන්න පුළුවන්?"

"සනුක අයියලාගෙ අප්පච්චි එක්ක....එයා එන්නම් කිව්වා"

"සනුක? සිරාවටම? එයාලගෙ අප්පච්චි කැමතිද ඉතින් මෙච්චර දුර එන්න?"

"දන්නෙ නෑ දිවාෂ....කැමතිනම් එයාට කියන්න කිව්වා.එන්න පුළුවන් නිසානෙ අහන්න ඇත්තෙ නේද?"

"ඔව්.....එන්න පුළුවන් ඇති.....සනුකයා හොද එකා බලද්දි"

"ඒකනෙ.....මම ගියොත් සුදුබේබිට අවුලක් වෙයිද?"

"සනුක අයියා නිකං ආවට ගියාට ඕක කිව්ව වෙන්න බෑනෙ චූචියො....මම කියන්නද? ඔයා හූඩි එකක් අඳින්න...මාස්ක් එකකුත් ගන්න.හොයන්න අමාරුයිනෙ ඔයාව එතකොට....අනික ඔයාව අර දෙමව්පියො අස්සට එක්කං යන එකක් නෑ....සනුක අයියා වෙන කොහොමහරි ආසවයව මීට් කරවයි ඔයාට"

"දිවාෂ කියන්නෙ මම එයාලා එක්ක ගියාට කමක් නැද්ද?"

"තනියම නෙවේ.....මම එන්නම් ඔයා එක්ක යන්න"

"අනේ....අනේ තැන්කිව් දිවාෂ....මට ඔයාගෙන් අහන්න මොකද්ද වගේ නිසා වටින් ගොඩින් ඇහුවෙ"

"මට තේරුනා අනේ....මම ඔයාගෙ හොදම යාලුවා උනේ නිකං නෙවේනෙ අනේ....මම එන්නම්.ඔයා සනුක අයියට කියන්නකො අපි එන්නම් කියල"

"හා දිවාෂ....සුදුබේබිට සප්‍රයිස් එකක් හොදද?"

"මම කෝමත් ඔය ගස් ගඳයා එක්ක කතා කරන්න යන්නෑ....ඔයාව මගෙන් උදුරගෙන මෙතන"

"හි හී....මම තියනවා දිවාෂ එහෙනම් බුදුසරණයි....හැබැයි සුදුබේබි ලග ගස් ගඳ නෑ"

"අනේ උගෙ සුවද.....බුදුසරණයි නේත්‍ර චූචියෝ"

නේත්‍ර හිනාවෙවීම දුරකථනෙ විසන්ධි කරලා ගියේ ඇඳගෙන යන්න ඇඳුමක් හොයාගන්න.කාලෙකට කලින් අරගත්තු ලා නිල් පාට අත් දිග හූඩි එකක් එලියට ගත්තු නේත්‍ර ඒක අත උඩ තියන් හිනා වුණා.

"නේත්‍ර එනවා සුදුබේබි....."

*      *      *      *      *

"ඔයා ආවනම් නේත්‍ර......"

සෝෆාවක් උඩ ඉදන් උන්නු ආශව හෙමින් මිමිණුවෙ තමන්ගෙ අතේ තිබ්බ පුංචි කොල කෑල්ලක් දිහා බලන ගමන්.නේත්‍ර වාහනේ ලගට ඇවිත් දුන්නු පුංචි කවරෙ ලොකු මැණිකෙ ඇරලා බලලා ටිකකින් ආශවගෙ උකුල උඩින් තියලා තිබ්බා.ලොකු මැණිකෙ දිහා එකපාරටම බැලුව ආශව මුකුත් හිතාගන්න බැරි උනත් කවරෙ හෙමින් සැරේ ඇරලා බලද්දි ඒ ඇතුලෙ තිබ්බ පුංචි කඩදාසියක් ආශවගෙ ඇහැ ගැටුණා.මුකුත් නොකල වගේ ඉස්සරහ බලන් ඉන්න ලොකු මැණිකෙ දිහා බැලුව ආශව ආයෙමත් කවරෙ අස්සට අතදාලා කවරෙ ඇතුලෙම තියාගෙන අර පුංචි කොල කෑල්ල දිගෑරලා බැලුවා.

"මගෙ සුදුබේබිට පුළුවන්....මගෙ සුදුබේබි පරිස්සමින් ගිහින් එන්න....නේත්‍ර ආදරෙයි"

වාක්‍ය අයිනෙ පුංචි මලකුයි හදවතක හැඩේකුයි ඇඳලා තිබ්බ හැටි දැක්ක ආශව කදුළු පිටින්ම හිනා වෙලා කොල කෑල්ල හෙමින් සැරේ සාක්කුවට දාන් ඇස් දෙක පියාගත්තා.ඒ කඩදාසි කෑල්ල දිහා ක්‍රිකඩ් බෝඩ් එක ඇතුලෙ ඉද්දිත් බල බල හිටිය ආශව ඔලුව උස්සලා බැලුවෙ තමන් ලගින් ඉදගත්තු කෙනාගෙ අඩි සද්දෙ නිසා.

"හායි ආශව"

"හායි"

ආශව ලග ඉදගෙන හිටිය ආදිත්‍ය ආශව එක්ක කතා කරද්දි කෙටි උත්තරයක් දුන්නු ආශව නිහඬ වුණා.දෙමව්පියො හැමෝම වෙනමම කුටියක සංග්‍රහයකට එක් වෙලා හිටිය නිසා කොල්ලො ටික වෙනමම කල්ලි ගැහිලා හිටියා.විශේෂ සාකච්ඡාවකට සනුක සහභාගී වෙලා හිටිය නිසා වගේම ලියෝනුත් ටික වෙලාවකට මෙතනින් ගිහින් හිටිය නිසා ආශව පැත්තකට වෙලා පාඩුවෙ හිටියා.ආශව දිහා ටික වෙලාවක් බලන් උන්නු ආදිත්‍ය ආයෙමත් කතා කරන්න ගත්තා.

"ආශව දිගටම ක්‍රිකට් ප්ලේ කරන්න හිතාගෙනද ඉන්නෙ?"

"ඔව් ආදිත්‍ය"

"ම්ම්ම්.....හයිය අත්තකුත් හම්බෙලානෙ තියෙන්නෙ නේහ්?"

"හයිය අත්තක්? ඒ කවුද?"

"ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්?"

"ගර්ල්ෆ්‍රෙන්ඩ්? මගෙ? මගෙ ලවර්ව ඔයා දැනගන්න විදියක් නෑ"

"මොකෝ නැත්තෙ ආශව.....එයා එක්ක කලින් යාලු වෙලා හිටියෙ මමනෙ"

"නෑ.....ඔයා පටලං ඉන්නෙ ආදිත්‍ය....මම යාලු වෙලා ඉන්න කෙනාගෙ ෆස්ට් අෆෙයා එක මේක"

"හහ්? දිව්දේත්‍රාගෙ?"

"දිව්දේත්‍රාව මම දන්නවා.....ඒත් ඒ මම හරියකට කතාවත් කරල තියෙන කෙනෙක් නෙවේ ආදිත්‍ය.....මම යාලු වෙන කෙනෙක් එක්ක....ඒ කොහෙත්ම දිව්දේත්‍රා නෙවේ.....ඔයාට කවුරුහරි බොරුවක් කියලා වගේ"

"එයාමයි කිව්වෙ"

"එයාට ඔප්පු කරන්න නොකිව්වෙ ඇයි? මම එයා එක්ක යාලුත් නෑ,යාලුවෙන්න උවමනාවකුත් නෑ.....මම ආදිත්‍යට මෙව්වා මේ පැහැදිලි කලේ අපි එකටම ටීම් එකක් විදියට වැඩ කරන්න ඕනි නිසා.....නැත්තං ඇත්තටම දිව්දේත්‍රා වගේ කෙනෙක් ගැන කතා කරන්නවත් මම කැමති නෑ"

"ම්ම්ම්ම්.....ඒ කියන්නෙ එහෙනම් එයා මාව ගොනාට අන්දලා"

"වෙන්න ඇති.....ඒවා ඔයාගෙ පෞද්ගලික දේවල්නෙ ආදිත්‍ය"

ආශව කියාගෙනම නැගිටිද්දි එතනට ආව ලියෝන් කල්පනා කරන ආදිත්‍ය දිහායි එලියට යන්න හදන ආශව දිහයි බලන් ඉදලා කතා කලා.

"තිදස්වර අයියෙ....ලන්ච් එක ගන්න යං......ලන්ච් එකෙන් පස්සෙ මැනේජ්මන්ට් එක එක්ක කන්ෆරන්ස් එකක් තියේ....ආයෙ හවස් වෙනකං ෆ්‍රී අපි.....ඊලගට කෑලි ටික වගේ ඇඳගෙන යන්න ඕනි ප්‍රෙස් කන්ෆරන්ස් එකට"

"ඒක කීයටද?"

"හත හමාරට ටයිම් දීලා තියෙන්නෙ"

"ම්ම්ම්....."

"ඒක ඉවර වෙලා ඉතින් එයාපෝට් යන්නෝනි....දැන් යං අනේ කන්න.....ආදිත්‍ය අයියෙ....යං එන්න"

කට්ටියවම පිටත් කෙරුව ලියෝන් ආශවගෙ අතින් අල්ලන් අදිද්දි ආශව ඉක්මනටම තමන්ගෙ අත ඇදලා ගත්තා.ආශව ඒ දේ වැඩියෙ නොහිතා කලත් ලියෝන්ගෙ මූණ දුක් මුසු හිනාවකින් සැරසුනේ ලියෝන්ට ඒ දේ තදින්ම දැනුනු නිසා.ආශවටනම් ඒ ගැන ලොකු ගාණක් තිබුනෙ නැහැ.ආශව කොහොමත් පිට මිනිස්සු ගැන ඒ තරමට අවධාන්‍ර් නොදෙන කෙනෙක් නිසා ආශවට ලියෝන්ගෙ මූණෙ හැඟීම් මගෑරුණා.

"සනුක කෝ ලියෝන්?"

"ආහ්....සනුක අයියා මීට්න් එකක....තාම ඉවර නෑ....යං කන්න"

"යං යං"

"මූණ එල්ලන් මොකෝ? නේත්‍රව මතක් උනාද?"

"ම්ම්ම්ම්....එයාව මතක් නොවෙන වෙලාවක් නෑ ලියෝන්....යංකො අපි"

කාලෙ හෙමි හෙමින් ගෙවිලා යද්දි පිරිමි ලමයි ඔක්කොම කාර්‍යබහුල උනේ රෑට යන්න තියෙන ගමන එක්ක.විශේෂයෙන්ම අලුතින් සංචිතයට තේරී පත් වුණු ආශවට වෙනමම ක්‍රියාපටිපාටියකට මුහුණ දෙන්න වෙද්දි නේත්‍ර එක්ක හරියට වචනයක් කතා කරන්න බැරි තරමට ආශව කාර්‍යබහුල වෙලා හිටියා වගේම සනුක අතුරුදන් වෙලා හිටියා!

*     *     *     *     *

"දිවාෂ....අර එන්නෙ එයාලද දන්නෑ?"

"දන්නෑ....මම දෙවින් පණවත් දැනුවත් කලා අපි එන්නෙ සනුක අයියලාගෙ අප්පච්චි එක්ක කියල.....අපි දෙන්නා අතුරුදන් උනොත් එහෙම එකෙක් හරි දන්නවනෙ අපිව අරං ගියේවත් කවුද කියල"

"ඔව් නේද දිවාෂ.....ආහ්! සනුක අයියත් එනවා!!!"

නුවර අහසම තැඹිලි පාට වුණු හවස් ජාමෙ දිවාෂලාගෙ ගෙදර ඉස්සරහ පිට නැවැත්තුව වාහනෙන් එලියට බැස්ස සනුක තත්පර ගාණක් නේත්‍ර දිහා බලන් හිටියා.වාහනේ රියදුරු අසුනෙන් බැස්ස සනුකගෙ තාත්තගෙ සද්දෙ එක්ක සනුක පියවි සිහියට ඇවිත් නේත්‍රලා එක්ක හිනා වෙද්දි නේත්‍රයි දිවාෂයිත් සනුක එක්ක හිනා වුණා.

"මාමෙ එන්න ඇතුලට....එන්න අයියෙ"

"දැන් බෑ පුතාලා.....මෙයාලට හත හමාරට ප්‍රෙස් කන්ෆරන්ස් එක....ඊට කලින් යන්න ඕනිනෙ එතනට.මේකා මේ මෙහෙ දුවං ආවට මෙයා එතන ඉන්නම ඕනිනෙ"

"ඔව් නේද....අපි යමු එහෙනම්....අම්මේ!!!!"

දිවාෂ ජානකී නෝනට ඇහෙන්න කෑ ගහලා කතා කරද්දි ගේට්ටුව ලගට ආව ජානකී නෝනා උපදෙස් මාලාවක් දීලා කට්ටියවම පිටත් කලේ සනුකගෙ තාත්තාට සම්පූර්ණ වගකීම භාරදීලා.

"හලෝ කියප.....හුටා කෝච්! කියන්න සර්"

"....................."

"නෑ සර්.....ඩැඩාගෙ බඩේ අවුලක්....බේත් ගන්න ආවා"

".................."

"බඩ ගසාගෙන යනවා කෝච්....පවු ඩැඩා.....අම්මිත් නෑනෙ  ලංකාවෙ....නැත්තං එයාට භාරදීලා එනවා"

"................"

"තව ටිකකින් එන්න පුළුවන් කෝච්.....සොරි නොකියම ආවට....එකපාරටම ඩැඩාට යන්න පටන් ගත්තෙ"

".................."

"ඕකේ කෝච්.....යස් යස්.....මීඩියාස් වලට දුන්නු ටයිම් එකට මම එතන"

"................"

"ඩැඩා එක්ක ඉන්නෙ කෝච්....මම පරිස්සම්.....මම එන්නම්කො පරිස්සමින්....ඕකේ....බායි කෝච්"

සනුක දුරකථනෙ ක්‍රියාවිරහිත කරලා ඒක කකුල් දෙක අස්සෙන් ගහගනිද්දි සනුකගෙ තාත්තා සනුක දිහා බැලුවෙ ඇසුත් හීනි කරං.තාත්තට බයාදු හිනාවක් පෑව සනුක අහක බලාගනිද්දි සනුකගෙ තාත්තා එක අතකින් සුක්කානම කරකවන ගමන් අනික් අතින් සනුකට ටොක්කක් ඇන්නා.

"හරි ශෝක් ඩැඩාට කරන වැඩ පුතා ඔයා"

"මම ඔයාට කරන උදව් වල හැටියට ඕක මොකද්ද ඩැඩා"

කට්ටිය හිනාවෙවීම ගමන් කරද්දි නේත්‍රනම් හිටියෙ ජනේලෙන් එලියෙ පේන විදුළි ආලෝක දිහා බලන් තනියම හිනා වෙවී.තව ටිකකින් එයාගෙ සුදුබේබිව බලන්න පුළුවන් වෙන එක ගැන පුංචි එකාගෙ හිතේ තිබ්බෙ අසීමාන්තික සංතෝසයක්.ජනෙල් වීදුරුවෙන් එලිය බලන් ඉන්න පුංචි එකාගෙ මූණට විදුලි ආලෝක වැටෙද්දි ඒ මූණ කොයි තරම්නම් ලස්සනද කියන එක දැක්කෙ එකම එක්කෙනයි.නේත්‍රගෙ ලස්සන මූණු පොඩිත්ත දිහා ඉස්සරහ කණ්නාඩියෙන් බලන් උන්නු සනුක දුරින් ඉදගෙන ඒ සුන්දර බව හිතේ හැටියට විඳගත්තා.

"පුතාලා.....මොනාහරි කන්න අරගෙනම යමු නේද? ඔයාලා රෑ වෙනකං ඉන්න ඕනිනෙ"

"ඔව් ඩැඩා....අතනින් නවත්තන්නකො"

"පුතා ඉන්න......ඔයා දැන් එලියට බැස්සොත් ඔයා කිව්ව ඔක්කොම බොරු අහුවෙන්න පුළුවන්....කවුරුහරි ෆොටෝ එකක් ගහගත්තොත් ඉවරනෙ....පුතාලා දෙන්නගෙන් එක්කෙනෙක් යමුකො"

"ඔව් නේහ්? අම්ම්.....දිවාෂ මල්ලි යනවද?"

"හරී"

තෙවින්ගෙන් ඇති උනු පීඩනේ එක්ක දිවාෂ එවෙලෙ ඉදන්ම හිටියෙ හරි සිහියකින් නෙවෙයි.ඇග එක තැනක තිබ්බත් දිවාෂගෙ මනස ගමන් කලේම තෙවින්ගෙ වටේ.ආශව ගියාට පස්සෙ හැමදේම සන්සුන් කරගෙනම නේත්‍රට මේ දේවල් කියල හිත නිදහස් කරගන්න ඕනි කියලා තීරණේ කරලා තිබ්බ දිවාෂ තවමත් තනියම දුක් විදිමින් හිටියා.සනුකගෙ තාත්තා එක්කම වාහනෙන් බැස්ස දිවාෂ සුඛෝපභෝගී පන්නයේ අවන්හලට ඇතුල් වෙද්දි සනුකගෙ ඇස් ගියේ ඔඩොක්කුවෙ තියෙන ඇඟිලි එක්ක සෙල්ලම් කරමින් ඉන්න නේත්‍ර ලඟට.ආසනයේ කොනක තිබ්බ මොකක් හරි අතට ගත්තු සනුක දෙපාරක් නොහිතා දොර ඇරගෙන එලියට බැහැලා පිටිපස්සෙ ආසනේට ගොඩ වෙද්දි නේත්‍ර ඇස් දෙක ලොකු කරලා සනුක දිහා බැලුවා.

"ඕහ්! බය වෙන්න එපා.....මම මේක ඔයාට සෙට්ද බලන්න ආවෙ"

"ඕ.....ආ.....කණ්නාඩි දෙකක්?"

"ම්ම්ම්.....නේත්‍ර මල්ලි බය උනාම හා පැංචෙක් වගේ"

සනුක කියද්දි නේත්‍ර ලාවට හිනා වෙලා ඔලුව වැනුවා.තනියම කාරයක් ඇතුලෙ වෙන කෙනෙක් මෙහෙම ලගින් ඉදන් ඉන්න එක ලොකු අපහසුවක් උනත් මෙ ඉන්නෙ සුදුබේබිගෙ යාලුවෙක්,සුදුබේබි විශ්වාස කරන කෙනෙක් නිසා නේත්‍ර සනුක ගැන අහිතක් හිතුවෙ නැහැ.හුරු මිනිස්සුන්ට විතරක් කිට්ටු වෙලා උන්නු නේත්‍ර සනුකට තවම ඒ හැටි හුරු නැති නිසා මෙහෙම අපහසුවක් දැනෙනව ඇත්තෙ කියලා හිතලා සනුක දුන්නු කන්නාඩි දෙක අරගෙන බැලුවා.

"ඕහ්! ඒක ශේප් ගාණට.....ඔයා ඔය දෙකත් දාගෙනම මාස්ක් එක දාගන්න මල්ලි....හරිද? එතකොට කාටවත්ම ලේසියෙන් හොයාගන්න බෑ ඔයාව"

"හා සනුක අයියෙ...."

"ම්ම්ම්ම්.....සතුටුද ඔයාට?"

"ඔව්! සුදුබේබිව බලන්න පුලුවන්නෙ....මට සතුටුයි හුගාක්.....ඔයාට පිං සනුක අයියෙ මට මෙහෙ...."

"ශ් ශ්......එහෙම එපා....ඔයා සතුටින්නම් එච්චරයි"

නේත්‍රට වෙන මුකුත් කියන්න නුදුන්නු සනුක ගිහින් ආයෙමත් ඉස්සරහ ආසනෙන් ඉදගනිද්දි නේත්‍ර සනුක දිහා බලලා දුරකථන තිරයේ වෝල් පේපරයට දාගෙන උන්නු ආශවගෙ හා තමන්ගෙ අවුරුදු උත්සවේදු ගත්තු රූපෙ දිහා බලන් හිනා වුණා.නේත්‍රගෙ හිනාව දිහා බලන් හිටිය සනුකගෙ ඇස් වල බැදිලා තිබ්බ කදුළු නේත්‍රට මගෑරිලා තිබ්බා.

සනුක බලාගෙන හිටියෙ නේත්‍රගෙ ඇස් වල දිලිසීම...ඒ පුංචි තොල් අස්සෙන් නැගෙන හිනාව....ඒ පුංචි මූණට වැටිලා තියෙන සතුට....ඒ හැමදේම වෙන කෙනෙක් වෙනුවෙන් ඉපදෙන දේවල් කියලා දැනන් උන්නු සනුකගෙ පිරිමි හිත නොසෑහෙන්න පෑරෙමින් තිබ්බා.තව කල් යන්න යන්න මේ හැඟීම මෝරන්න ඉඩ දෙන එකෙන් වෙන්නෙ පපුව ඇතුලෙ කවදාවත් හොද කරන්න බැරි තුවාලයක් හැදෙන එක බව දැන දැනම සනුක නේත්‍ර ගැන තියෙන හැඟීමට තව තවත් පණ දුන්නා.දැනටමත් ඒ හැඟීම එක්ක තමන්ගෙ හිත දුර්වල වෙන බව දැන දැනම සනුක තමන්ව පණ පිටින් මැරුණත් කමක් නෑ කියන තීරණේ ඉදගෙන නේත්‍රට තව තවත් බැඳෙන්න ගත්තා.

ටික වෙලාවකින් වාහනේට ගොඩ වුණු සනුකගෙ තාත්තා වගේම දිවාෂ අරං ආව කෑම ටික පරිස්සමට තියාගෙනම වාහනේ ඉස්සරහට ගමන් කරද්දිත් සනුක නේත්‍ර ගැන හිතුවා.පිස්සෙක් වගේ නේත්‍රට තව තවත් බැඳෙන්න ගත්තා.ක්‍රිකට් බෝඩ් එකේ වාහන අංගනයට වාහනේ දැම්ම සනුකගෙ තාත්තා සනුක දිහා බලද්දි සනුක නේත්‍රලාගෙ පැත්තට හැරුණා.

"මම යනවා දැන්....ඔයාලා දන්න කෙනෙක් එයි මෙතනට....එයා එක්ක එයාගෙ රූම් එකට ගිහින් ඉන්න ම්ම්ම්? නේත්‍ර මල්ලි....ඔයාට ඕනි කරන කෙනා එයි ඔයාව හම්බෙන්න තත්පර ගාණකට හරි.ඒක මම ඔයාට දෙන පොරොන්දුවක්"

සනුකගෙ වචනත් එක්ක සතුටින් ඔලුව වැනුව නේත්‍ර දිවාෂ දිහා බලද්දි දිවාෂත් සනුක දිහා බලලා හිනා වුණා.කට්ටියම වාහනෙන් බැස්සට පස්සෙ දිවාෂගෙ පිටට තට්‍ටු කෙරුව සනුක ඊලගට හැරුණෙ නේත්‍රගෙ පැත්තට.

"මට හග් එකක් දෙන්නෙ නැද්ද? අඩුම තෑන්ක්ස් අයියෙ කියලවත් ම්ම්ම්?"

සනුකගෙ වචන වලට නේත්‍රගෙන් උත්තරයක් ලැබෙන්නත් කලින් සනුක නේත්‍රව තමන්ගෙ අත් දෙක අස්සට ගත්තා.ජීවිත කාලෙ පුරාවටම මේ පුංචි පැංචව තමන්ගෙ අත් අතරේ මේ වගේ තියාගන්න තිබ්බනම් කියන ආත්මාර්ථකාමී හැඟීම සනුකගෙ හිතට ආවත් ඒක යටපත් කරගත්තු සනුක නේත්‍රගෙන් ඈත් වුණේ නේත්‍ර සනුකව ආපිට වැලදනොගත්තු නිසා.

ඇත්තටම නේත්‍රට වෙන කෙනෙක්ගෙ උණුහුම කියන එක අපහසු කාරණයක් වුණා.ඒත් දිවාෂ දෙවින් දෙනෙත් ආර්ය වගේ අය තමන්ව මේ වගේ වැලදගැනීම් වලට නිතරම ලක් කරනව වගේ සනුකත් ඒ අයගෙ විදියෙම කෙනෙක් කියලා වර්ග කරලා හිත සන්සුන් කරගන්න නේත්‍ර උත්සාහ කලා.ඒත් නේත්‍රට ආපිට සනුකව වැලදගන්නනම් පුලුවන්කමක් තිබුනෙ නැහැ.සමහරවිට සනුක දෙවින්ලා මට්ටමට නේත්‍රට සමීප අයියෙක් වෙලා තිබ්බනම් නේත්‍ර සනුකව ආපිට වැලදගන්න ඉඩ තිබුනා.

"මට විශ් කරන්නකො මල්ලි බබා ඉතින්....මම දැන් යන්න හදන්නෙ.ආයෙ ඔයාව මීට් වෙන්න වෙන්නෙ නැහෑ"

"ග්....ගුඩ් ලක් අයියෙ.....හොදට ප්ලේ කරලා පරිස්සමින් ආපහු එන්න"

නේත්‍ර හිනා වෙලාම කියද්දි සනුක නේත්‍රගෙ කොන්ඩෙ අවුස්සලා සනුකගෙ තාත්තා ලගට යද්දි ඈතින් එන පිරිමි කෙනෙක්ව දැක්ක නේත්‍රයි දිවාෂයි ඇස් ලොකු කරගත්තා.

"විශාර මාමා!"

"විශාර බාප්පා!!!!"

ටික වෙලාවකින් නේත්‍රවයි දිවාෂවයි ඇතුලට එක්කන් යන විශාරගෙ පස්සෙන් යමින් උන්නු සනුකයි තාත්තයි දෙන්නා එක තැනකදි වෙන කොරිඩෝවකට හැරුණෙ සනුක යන්න ඕනි නේත්‍රලා ගිය පාරෙ නොවෙන නිසා.නොපෙනිලා ගිය නේත්‍රලා දිහා බලන් උන්නු සනුකගෙ තාත්තා සනුක දිහා බලල හෙමින් සැරේ තමන්ගෙ හඬ අවධි කරද්දි සනුක තාත්තා දිහා බැලුවා.

"ජීවිතේ පලවෙනි වතාවට පුතා ඔයා මෙහෙම දෙයක් කලේ....රටින් යන්න ඕනි දවස,මීඩියාස් වලට කතා කරන්න ඕනි,ටීම් එකේ සම්පූර්ණ වගකීම ඔයාගෙ කරේ....එහෙමත් තිබිලා ඔයා නුවර ගිහින් පොඩි එකෙක්ව එක්කන් ආවා යාලුවෙක්ට මුණ ගස්සවන්න.....ඇයි පුතා එහෙම කැපකිරීමක් කලේ? ආශව ඒ තරම් ඔයාට හිතවත්ද?"

"සමහරවිට.....එක මූණක හිනාවක් දකින්න මට ඕනිවෙන්න ඇති ඩෑඩ්"

සනුකගෙ මූණ ලා හිනාවකින් හැඩ වෙලා තිබ්බා.

.

.

.

.

.

"මේ ලෝක කුසලානයට කලින් ඔබට සහභාගී වීමට තියෙන අවසාන තරඟාවලිය.....මේ තරඟාවලි ජය ඔබට අභිප්‍රේරණාත්මකව බලපෑමක් එල්ල කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා....පරාජයක් ලැබුවොත් ඒකම අනික් පැත්තට වෙන්න පුළුවන්?"

"ඔව්....ඉතින් අපි තරඟාවලි ජයක් ලබන්න තමා ටාගට් කරන්නෙ......හොද ටීම් එකක් ඉන්නවා...පහුගිය සමහර වතාවල් වල අපි අතින් උනු වැරදි අඩුපාඩු හදාගෙන මේ පාර ප්ලේ කරන්න අපි හිතන් ඉන්නෙ...මම හිතන්නෑ දිනන එක අපිට කරන්න බැරි දෙයක් කියලා"

"අලුතින් සංචිතයට තේරී පත් වුණු ක්‍රීඩක ආශව තිදස්වර ඉරුගල්බණ්ඩාර ගැන මොකද්ද නායකයා වශයෙන් ඔබට කියන්න තියෙන්නෙ?"

"ඔව්.....ඇත්තටම ආශව කියන්නෙ පාසල් ක්‍රිකට් වලට නුහුරු නමක් නෙවෙයි.ආශව නැගී එන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා විදියට ගියපාර අවෝඩ් එක පවා ගත්තු කෙනෙක්.ආශව ඇත්තටම හුගක් දක්ෂ ප්ලේයර් කෙනෙක්...මම හිතනවා ආශව ඉන්න එක ටීම් එකට ලොකු හයියක් කියලා,මොකද ආශව තුන් ඉරියව් ක්‍රීඩකයෙක්.ඉතින් අපි බලමු"

"ආශව ඔච්චර දක්ෂ කෙනෙක් වෙලත් මේ තරම් කල් සංචිතයට තේරී පත් වුණේ නැහැ...ඒ ඇයි ඇහුවොත්?"

"ඒක මගෙන් නෙවෙයි....ඒක අහන්න ඕනි මැනේජ්මන්ට් එකෙන්.මට අදාල ටීම් එකට එන අයව මෙහෙයවලා ඉස්සරහට අරං යන එක විතරයි.එතනින් එපිට දෙයක් මට කරන්න නැහැ"

"ආශව තිදස්වරගෙ ක්‍රිකට් ආගමනය දැනටම ආන්දෝලනාත්මක එකක් වෙලා තියෙනවා.....සමාජ මාධ්‍ය වල අරහෙ මෙහෙ සංසරණය වෙනවා වගේ ඇත්තටම ආශව ඔබේ නායකත්වයට පවා අභියෝගයක් වෙයිද?"

"මෙතන වෙන්නෙ රජකමකට පොර කෑමක් නෙවෙනේ....මේක ටීම් වර්ක් එකක්.කවුරු කොහොම කැප්ටන්සි එක කලත් ඒක කාටවත් අභියෝගයක් නෙවෙයි.මගෙන් ආශවට කැප්ටන්සි එක ගියොත් ඒක ඇත්තටම ආශවගෙ හැකියාව මත වෙන දෙයක්.එහෙම දෙයක් වුනොත් මම මගෙ සපෝට් එක ආශවට දෙන ගමන් රට වෙනුවෙන් ප්ලේ කරනවා"

සනුකගෙ ඍජු ප්‍රතිඋත්තර දිහා බලන් උන්නු නේත්‍රගෙයි දිවාෂගෙයි කටවල් ඇරිලා තියෙන විදිය දැක්ක විශාර හිනා වෙලා දෙන්නගෙ දිහා බලලා ආයෙමත් කාමරේ ඇතුලෙ තිබ්බ රූපවාහිනිය දිහා බැලුවා.ක්‍රිකට් මණ්ඩලය ඇතුලෙ ප්‍රධානීන්ගෙ කුටිවල තියෙන රූපවාහිනී වලට මාධ්‍ය සාකච්ඡාව සජීවීව ලබා දීලා තිබ්බා.

"සනුක ගැන පුදුමද? යාලුවො එක්ක පිස්සු කෙල කෙල හිටියට සනුක කියන්නෙ හොද වගකීමක් පෞරුෂයක් තියෙන මනුස්සයෙක්"

විශාර කිව්වෙ මාධ්‍ය සාකච්ඡාව අවසන් වෙලා කට කොනකින් හිනා වෙලා නැගිටලා යන සනුක දිහා බලන ගමන්.විශාර දිහා බැලුව නේත්‍රයි දිවාෂයි හිනා වෙලා ඔලුව වනද්දි විශාර ආයෙම කතා කරන්න ගත්තා.

"සනුක කැප්ටන් වෙද්දි සනුකට අවුරුදු පහලවයි....දැන් අවුරුදු හතරක් සනුක කැප්ටන් වුනා එක දිගටම...ඒ කාලෙත් සනුකට වඩා වැඩිමල් අය හිටියා.හැබැයි සනුකගෙන් ලොකු වගකීම් සහගත බවක් දැකල තිබ්බා මැනේජ්මන්ට් එක....මම ඒ කාලෙ නම් හිටියෙ නෑ බෝඩ් එකේ.සනුක කියන්නෙ හැකියාව වගේම නායකත්ව ගුනාංග තියෙන කෙනෙක්.මම මේ නිකමට කියන්නෙ,මම කිව්ව දෙයක් වැරදිලා නැහැ.ආශව වයිස් කැප්ටන් වෙයි ලගදිම....ආශව සනුක කියන්නෙ හොද එකතුවක් වෙයි"

"ආසවට කැප්ටන් වෙන්න බෑද අනේ?"

"පුලුවන්....හැබැයි සනුක එක්ක බලද්දි ආශවගෙ නායකත්ව හැකියාව ටිකක් පහල තියෙන්නෙ.....මිනිහාට කේන්ති එහෙම යනවා නේද නොසෑහෙන්න? එහෙම කෙනෙක්ව කැප්ටන් කරලා බැහැනෙ....හැබැයි ආශවගෙ කොලිටීස් අනික් ඔක්කොම තියෙනවා හොදට.කේන්ති ගැනිල්ල ඇරෙන්න.ඒ නිසයි මම කිව්වෙ ආශවට වයිස් කැප්ටන් වෙන්න පුළුවන් කියලා"

"සුදුබේබිට පුළුවන් අනිවාර්යයෙන්ම මහත්තයා"

"ආහ්! ආශව මට මාමෙ කියද්දි,ඔයා මට මහත්තයා කියන එක එච්චර හරි නෑ පොඩ්ඩො....අනික මම අයියලාගෙ මගුල් ඔලුවට අරං ඉන්න කෙනෙකුත් නෙවෙයිනෙ...ඒ නිසා ඔයත් මට මාමෙ කියන්න"

"මට මතකයි.....ඉස්සරහ මහත්.....ම්ම්ම්.....මාමා මට තෑගි පවා දීලා තියෙනවා....ආදරෙන් කතා කරනවා"

"ඔයා වගේ චූට්ටං බබෙක්ට ආදරෙන් කතා නොකර කොහොමද? ඇත්තටම නේත්‍ර පුතා ඒ වගේමයි තවම..උස ගිහින් විතරයි.මූණ නම් බබෙක්ගෙ වගේමයි"

විශාරගෙ කතාවට හිනා වුණු නේත්‍ර බිම බලාගනිද්දි ආයෙමත් කට්ටිය සුහද කතාබහක් පටන් ගත්තා.මේ අතරෙ මාධ්‍ය සාකච්ඡාව අවසන් කෙරුව සනුක ඇතුලු පිරිස තමන්ට අදාල කුටි වලට ගිහින් ඇඳුම් ආයෙමත් හදාගෙන කොණ්ඩ පීරගෙන එහෙම ලෑස්ති වුනේ ගුවන්තොටුපලට යන්න.තව සුළුවෙලාවකින් ගුවන්තොටුපලට යන්න ඕනි වග දැනන් හිටිය සනුක,පුටුවක් උඩට වෙලා මොනාහරි කොල කෑල්ලක් බලලා ලොකු හුස්මක් පහල දැම්ම ආශව ලගට ගිහින් කතා කලා.

"මේ...ආශවයා"

"ඕ....කියපං"

"විශාර සර්ගෙ රූම් එකට ටිකක් ගිහින් වරෙං....."

"ඕහ් .....ඔව් නේද? එයාට කියලා එන්නම් මම"

"ඔව්.....ඉක්මනටම ගිහින් වරෙං ඈ.....අපි තව විනාඩි විස්සකින් මෙතනින් එලියට යන්න ඕනි"

"හරි බං....විනාඩි විස්සක් මම අන්කල් එක්ක බිත්තර තම්බන්නද? මම ගිහින් එන්නම්"

"යැයියැයි චමා"

ආශවට විරිත්තුව සනුකට පාරක් ගැහුව ආශව කාමරෙන් එලියට යද්දි සනුක ආශව දිහා බලල ලොකු හුස්මක් පහල දැම්මා.ඒත් එක්කම කාමරේට කඩං පැන්න ලියෝන් සනුකගෙ ඇඟේ එල්ලෙද්දි ලියෝන්ට පාරක් දුන්නු සනුක ඇඟේ එල්ලුනු වඳුරු පැටියව බස්සලා ඒ මූණට එබුනා.

"මොකෝ?"

"අනේ අරූ ඇවිල්ලා අයියෝ අදත්"

"කොරූද?"

"බිවේෂ්!"

"අහා! ඇමති පුතා...."

"අනේ හු#තක් කතා නොකර ඌව යවපංකො සනුක අයියෙ"

"අනේ ඒ කොල්ලා උඹට අතවර කරන්නෑනෙ ලියෝන්....අදත් මල් බොකේ එකක් දීලා විශ් කරලා පැත්තකට වෙයි"

"පැත්තකට? හහ්! අපේ ෆ්ලයිට් එකේම මිනිහත් ශීට් එකක් බුක් කරලා ඇත්තෙ.හැමපාරම එහෙමනෙ"

"ලියෝන්,මේ අහන්න මල්ලි"

ලියෝන්ගෙ උරහිස් වලින් අල්ලගත්තු සනුක ලියෝන්ගෙ ඇස් වලට එබුණා.

"මල්ලි,ඒ කොල්ලට තියෙන බලය එක්ක ඌට ඕන්නම් උඹව උස්සන්න උනත් පුලුවන්කම තිබ්බා...උඹෙන් පලිගන්න පුලුවන්කම තිබ්බා.උඹ ඒ කොල්ලගෙ කනට ගැහුව වෙලෙත් ඌ මොකද්ද කිව්වෙ? උබ කැමැත්ත දෙන දවස වෙනකල් බලන් ඉන්න පුළුවන් කියලා නේහ්? අදටත් ඌ උඹට කරදර කරන්නෑ.මැච් ඔක්කොම බලන්න ආවත් විශ් කරලා පැත්තකට වෙනවා ඇරෙන්න උබේ රූම් එක අස්සටවත් රිංගන්න එනවද ඌ? නෑනෙ?

ලියෝන් මේ අහපං,දෙයක් අපි ලග තියෙද්දි අපිට ඒකෙ වටිනාකමක් දැනෙන්නෙ නැහැ.අනික දෙයක් ඔහේ තියෙද්දි කවදාහරි අපිට ගන්න පුළුවන් වගේ හැඟීමක් එක්ක අපි ඒක පස්සට කල් දානවා.හැබැයි ඒක කෙනෙක් අරගත්තොත්? අන්න එදාට අපිට අර දේ අගේ තේරෙන්නෙ.....බිවෙෂ් කියන්නෙත් උඹට එහෙම කෙනෙක්.දවසක ඌ උඹෙන් ඈත් වුණොත් උගෙ අගේ තේරෙයි උබට"

"බිවේෂ් පැත්තක....ඔයාගෙ ඇස් වල කදුළු ඇයි සනුක අයියෙ? ඔයාටත් එහෙම දෙයක් උනාද?"

"හ්ම්ම්.....මගෙන් කතාව අහන්න එපා.....මම පුළුවන් වෙලාවක කියන්නම් ඔයාට"

"නෑ හරි.....ඒත් එයාට ඔයා ලගදි ආදරේ කරන්න ගත්‍තා වෙන්න බෑ?"

"පස්සෙ කියන්නම් මල්ලි.....ඒක දිග කතාවක්"

"හරි....ඒ තමුසෙ අවුල් ගන්න එපා අයියෙ...මටත් අවුල්නෙ....කෝ තිදස්වර අයියා?"

"මිනිහා ගියා නේත්‍රව බලන්න"

"නේත්‍රව!!!! එයා කොහෙද මෙහෙ?"

"ම්ම්ම්.....පස්සෙ කියන්නම්.දැන් ලෑස්ති වෙන්නකො....මේ මගෙ ලැප් එකෙන් පොඩ්ඩක් ලොග් වෙන්නකො මගෙ ක්‍රිකට් ක්ලබ් එකේ ප්‍රොෆයිල් එකට...යන්න කලින් ඒකෙ......"

සනුක දිහා ටික වෙලාවක් බලන් උන්නු ලියෝන් ලැප් එක දිග ඇරගනිද්දි සනුක විශාරට දුරකථන ඇමතුමක් අරගෙන ආශව එන බව කිව්වා.කුටියෙ හිටිය විශාර දිවාෂවත් එක්කගෙන එලියට යද්දි ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ආව ආශව ටික වෙලාවකින් විශාරගෙ කුටියෙ දොරට තට්ටු කලා.

"එක්ස්කියුස් මී සර්.....අම්ම්....විශාර අන්කල්...."

".................."

"ඕහ් අන්කල්ව බ.......ම්.....මැණිකෙ!!!! නේත්‍ර!!!! මගෙ නේත්‍ර!!!!"

විශාරගෙ කාමරේ දොර ඇරුනට පස්සෙ දොර ලග හිටන් උන්නු නේත්‍රව දැක්ක ආශව කෑ ගහගෙනම කාමරේ ඇතුලට ඇවිල්ලා දොර වහල දැම්මා.නේත්‍රව පුළුවන් උපරිම හයියෙන් තද කරගත්තු ආශව පුංචි එකාගෙ ඕඩික්ලෝන් සුවද හමන හිස් මුදුන කීපපාරක්ම ඉම්බා.නේත්‍රගෙ කදුළු වලින් තමන්ගෙ පපුව ලාවට තෙත් වෙනවා දැනුනු ආශව අතේ තිබ්බ බ්ලේසරය සෝෆාව උඩින් දාලා නේත්‍රවත් අල්ලගෙනම ඒකෙන් ඉදගත්තා.

"අඬන්නෙ ඇයි දැන් ම්ම්ම්?"

"ස්.....සතුටට....සුදුබේබි යන්න කලින් හම්බුනු සතුටට"

"යන්න කලින් මාව බලන්න ආවද මගෙ නේත්‍ර?"

"සනුක අයියා එක්කන් ආවෙ සුදුබේබි....සුදුබේබිට සතුටුයි නේද?"

"ඔව් වස්තුවෙ ඔව්.....ඔයා නැතුව කිසිම දෙයක් සම්පූර්ණ නෑ මගෙ"

"සුදුබේබි,නේත්‍ර ආදරෙයි"

"මමත්.....මෙහෙ එන්න දැන්"

නේත්‍රගෙ ඉණෙන් අල්ලලා ලගට ගත්තු ආශව එහෙම්මම නේත්‍රගෙ තොල් වලට බර උනා.ඉන්න තැන ගැනවත් නොහිතුව නේත්‍ර හෙමීට තමන්ගෙ ඇස් පියාගනිද්දි ආශව නේත්‍රගෙ තොල් පරිස්සමින් තමන්ගෙ තොල් අතරට අරගෙන තෙත් කරන්න ගත්තා.නේත්‍රගෙ ඉණ මත තිබ්බ අතින් පුළුවන් තරම් නේත්‍රව තමන්ගෙ ඇඟට තද කරගත්තු ආශව නේත්‍රගෙ තොල් ආදරෙන් සිපගනිද්දි නේත්‍රත් පුළුවන් විදියට ආපිට ඒ හාදුවට ප්‍රතිචාර දැක්වූවා.විශාරගෙ කාමරේ වායුසමන යන්ත්‍රයෙන් එන හීතල එක්ක නේත්‍රගෙන් හමන ගැටපිච්ච සුවඳින් තව තවත් ඇවිස්සුනු ආශව නේත්‍රව පුළුවන් තරම් සිපගත්තෙ කාලෙකට මේ උණුහුම තමන්ට නොලැබෙන බව දැනන් උන්නු නිසා.

"ම්හ්හ්.....ස්....සුදුබේබි"

"හ්ම්ම්ම්.....ඔයාගෙ සුදුබේබි"

නේත්‍රගෙ රහට ඇබ්බැහි වෙලා උන්නු ආශවයි ආශවගෙ උණුහුමට ඇබ්බැහි උනු නේත්‍රයි හරි සිහියට ආවෙ ආශවගෙ දුරකථනෙ නාද වෙන සද්දේ එක්ක.ආශව දුරකථනෙ අතට ගද්දිම සනුකගෙන් ලැබුනු ඇමතුම විසන්ධි උනත් ඒත් එක්කම සනුකගෙන් කෙටි පණිවිඩයක් ලැබුනා.

'ඉක්මනට වරෙං ආශව.....අපි තව ටිකකින් පිටත් වෙනවා'

දුරකතනෙ සාක්කුවට දාගත්තු ආශව ආයෙමත් නේත්‍ර දිහා බලද්දි ආශවට පෙනුනෙ නේත්‍රගෙ චුට්ටං ඔලුගෙඩිය විතරයි.පුංචි එකා පුරුදු විදියටම ආශවගෙ පපුව අස්සෙ හැංගිලා හිටියා.නේත්‍රගෙ ඔලුව ආයෙමත් ඉම්බ ආශව පුංචි එකාගෙ උරහිස් වලින් අල්ලන් ඒ රතු වුණු මූණට එබුණා.

"සුදුබේබ් දැන් යනවා මැණික"

"ග්....ගිහින් එනවා කියලයි කියන්නෝනි සුදුබේබි"

"අනේ අම්මේ.....මම කොහොමද මේ හුරතලේ දකින්නෙ නැතුව එච්චර දවසක් ඉන්නෙ"

ආශව ඇහුවෙ තමන් හැපුව නහය හකුලෝගෙන ඉන්න නේත්‍රගෙ මූණ තමන්ගෙ අත් අතරට ගන්න ගමන්.ඒ බෝල ඇස් කදුළු පිරිලා දිලිසෙද්දි,කම්මුල් නාහෙ තද රතු වෙලා තියෙද්දි,මූණම කදුළු වලින් තෙත් වෙලා තියෙද්දි තවත් බලන් ඉන්න බැරි වුණු ආශව නේත්‍රගෙ නලල මත තොල් තද කලා.විනාඩියක් විතර එක දිගටම නේත්‍රගෙ නලල මත තියං උන්නු තමන්ගෙ තොල් අහකට ගත්තු ආශව පුංචි එකාගෙ අතින් අල්ලලා නැගිට්ටවන ගමන් සෝෆාවෙන් නැගිට්ටා.

"සුදුබේබි ගිහින් එන්නම් නේත්‍ර"

"ම්....මගෙ සුදුබේබි පරිස්සමින්"

"සුදුබේබි පරිස්සම් වෙන්නම්"

"සුදුබේබි හොදට ප්ලේ කරන්න ඕනි"

"සුදුබේබි හොදට ප්ලේ කරන්නම්"

"සුදුබේබිට මම ආදරෙයි"

"සුදුබේබිත් නේත්‍රට ආදරෙයි.....මගෙ නේත්‍රත් පරිස්සමින්....හොදද?"

"හා සුදුබේබි....මම සුදුබේබි කිව්ව විදියටම ඉන්නම්"

"සුදුබේබි ඉක්මනටම එන්නම්"

"හරි සුදුබේබි.....කෝ එන්නකො බ්ලෙසර් එක දාන්න"

ආශවව ලගට ගත්තු නේත්‍ර ආශවගෙ පිටිපස්සට ඇවිත් තද නිල් පැහැ බ්ලෙසරය දාලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ක්‍රීඩකයන්ට අදාල නිල් පැහැ ටයි පටියත් හරියට සකස් කරල ආශව දිහා බැලුවා.ආශවගෙ නලලින් හාදුවක් තිබ්බ නේත්‍ර එහෙම්මම බිම දණ ගහලා ආශවගෙ කකුල් දෙක අල්ලලා වැන්දා.

"නැගිටින්න මැණිකෙ.....බුදු සරණයි මගෙ නේත්‍රට"

නේත්‍රව උස්සලා ගත්තු ආශව ආයෙමත් නේත්‍රගෙ නලල උඩින් හාද්දක් තියලා නේත්‍රගෙ ඇස් වලට එබුනා.

"න්....නේත්‍ර,ඔයා හොදටම දන්නවා මගෙ අම්මා,අප්පච්චි දෙන්නම විදියට මම හිතන්නෙ ඔයාව කියලා"

"ඔව් සුදුබේබි"

"ඉතින් මගෙ මැණිකට පුලුවන්ද සුදුබේබිට ආශිර්වාද කරන්න?"

"පුලුවන් සුදුබේබි....සුදුබේබිට බුදු......දෙයියෝ සුදුබේබි ඇයි මේ!!!! මට පවු පුරවන්න එපා සුදුබේබි"

ආශව ඇහුව දේට උත්තර දුන්නු නේත්‍ර ආශවට ආශිර්වාද කරන්න හැදුවත් නේත්‍රට කෑ ගැස්සවිලා ආයෙමත් ඒ බෝල ඇස් තෙත් වෙන්න ගත්තෙ ආශව බිම දණගහලා නේත්‍රගෙ කකුල් දෙක අල්ලලා වැන්ද නිසා.ආශවට ආශිර්වාද කරගන්න තියා මුකුත් කරගන්න බැරි වුනු නේත්‍ර තමන්ගෙ අතින් කට වහගෙන ඉකිය නවත්තගනිද්දි නේත්‍රගෙ පය පාමුල ඉදලම නේත්‍ර දිහා බැලුව ආශව කතා කලා.

"මගෙ ලෝකෙ පලවෙනි තැන මම ඔයාට දීලා තියෙන්නෙ නේත්‍ර.....ඔයා නිසයි මම ජීවත් වෙන්නෙ,මම මනුස්සයෙක් වුණේ....ඔයා මට දණ ගහල වදින්නෙ? ඉතින් මම වෙනුවෙන් මෙච්චර දේවල් කරන,මට මෙච්චර ආදරයක් දෙන ඔයාට වදින එක පවක් වෙන්නෙ කොහෙද නේත්‍ර? මෙව්වට හුරු වෙන්න ඔයා.....මට බුදුසරණයි කියන්නෙ නැද්ද?"

"ම්.....මගෙ සුදුබේබිට බුදු සරණයි.....මගෙ සුදුබේබිගෙ ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවා සුදුබේබි.....හීනෙට යන මූලිකම අඩිය ගහන්න සුදුබේබි....සුදුබේබිගෙ නේත්‍ර සුදුබේබි එක්කම ඉන්නවා"

ඒත් එක්කම විශාරගෙ කටහඩ එලියෙන් ඇහෙද්දි නේත්‍රගෙ නලල අන්තිම වතාවට ඉම්බ ආශව නේත්‍ර දිහා බලද්දි පුංචි එකත් ආශවගෙ බෙල්ලෙ එල්ලිලා ආශවගෙ නලලින් හාදුවක් තිබ්බා.නේත්‍රගෙ ඔලුව අතගෑව ආශව දොර ඇරගෙන එතන උන්නු විශාරවයි දිවාෂවයි වැලදගෙන එතනින් පිටත් වෙලා යද්දි නේත්‍ර ආශව දිහා ආඩම්බරෙන් බලාගෙන හිටියා.

"අපි යමු පුතා එයාපෝට් එකට.....ඔයා මාස්ක් එකයි,ග්ලාසසුයි දාගන්නකො.....ඔයත් දාගන්න දිවාෂ පුතා මාස්ක් එකක්"

ක්‍රිකට් ක්‍රීඩකයන්ව නිල බස් රථයට නැංගුවට පස්සෙ පිටත් වුණු බස් රථය පිටිපස්සෙන් දෙමව්පියන්ගෙ වාහන කීපයක් වගේම විශාරගේ වාහනේත් ඇඳුනා.ගුවන්තොටුපලට ඇතුල් වුණු විශාර නේත්‍රලා එක්කම ඇතුලට ගියේ හැඳුනුම්පතක් පෙන්වන ගමන්.ටිකකින් ආශවලා මගී අංගනයට ඇතුල් වෙනවත් ගමන් මලු තල්ලු කරගෙන අරගෙන ඒ අංගනය දිගේ ඉදිරියට ඇදෙනවත් එක්කම මාධ්‍යවේදීන් ආශවලව වට කරගෙන ප්‍රශ්න කරන බව නේත්‍රලා දැක්කා.නේත්‍ර දිවාෂ විශාර තුන් දෙනාම ටිකක් ඈතට වෙන්න හිටියෙ නිශ්ශංක මහත්තයා හරි සාගර මහත්තයා හරි තමන්ව දකියි කියන සැකේට.

"ප්....පරිස්සමින් ගිහින් එන්න මගෙ සුදුබේබි"

කණ්ඩායම නොපෙනී යන්න කලින් ආශව එකපාරටම පිටිපස්ස් හැරිලා මොනාහරි හෙව්වා.තත්පර ගාණක් ඇතුලත නේත්‍ර ඉන්න තැන හොයාගත්තු ආශවගෙ ඇස් දෙක ලස්සනට රවුම් වෙනවත් ඒ ඇස් වල සතුට පිරෙනවත් එක්ක හිනා වෙලා ඔලුව උඩ පහල කල ආශව දොරක් අස්සෙන් නොපෙනී ගිය හැටි බලන් උන්නු නේත්‍ර එහෙම්මම දිවාෂගෙ ඇඟට බර වුණා.පුංචි උන් දෙන්නවම පරිස්සමින් ඉස්සර කරගත්තු විශාර තුන්දෙනා එක්කම වාහනේට ගොඩ වුණේ අවුරුදු ගාණකට පස්සෙ නුවරට පය ගහන්න හිතාගෙන.

..............................................................................................

"ම්හ්.....සුදුබේබි නැතුව කාමරේම පාළුවට ගිහින්"

ආශව රටින් පිට වෙලා දවස් දෙකක් ගත වෙලා තිබ්බ තැන නේත්‍ර පුරුදු විදියටම ආශවගෙ කාමරේට රිංගුවෙ කාමරේ අස් කරලා දාන්න තිබ්බ වුවමනාවට.ආශව නොහිටියත් නේත්‍ර ආශවගෙ කාමරේ හැමදාම අතුපතු ගාලා පිරිසිදු කලා.පුරුදු විදියටම ආශවගෙ කාමරේ අස් කරං ගිය නේත්‍ර එකපාරටම ආශවගෙ අල්මාරිය අස්සෙ දැක්ක මොකක් හරි අතදාලා එලියට ඇදලා ගත්තා.

"සුදුබේබිගෙ කමිසයක්.....අයියෝ දූවිලිත් බැඳිලා.....ඇන්දට පස්සෙ හෝදන්නෙත් නැතුව විසික් කරලද කොහෙද?"

තනියම හිනාවෙවී කියෙව්ව නේත්‍ර ආශවගෙ කමිසෙ ගසලා දූවිල්ල අඩු කරගෙන හෙමින් සැරේ ඒක නාහෙට ලං කරගත්තෙ ආශවගෙ සුවද තවම ඒකෙ රැඳිලා තිබුනු නිසා.හිතට ආව අහිංසක හිතුවිල්ලක් එක්ක පුංචි එකා ආශවගෙ කමිසෙ තමන් ඇඳන් උන්නු ටී ෂර්ටය උඩින්ම දාගත්තු නේත්‍ර දැනන් හිටියෙ නෑ එවෙලෙ නපුරු මාන්නක්කාර ඇස් දෙකක ග්‍රහණෙට තමන් අහු වෙලා උන්නු වග.

"උඹ මොකද්ද සුදුපුතාගෙ ඇඳුම් ඇඳන් කරන්නෙ!!!!"

මහ මුදියන්සෙගෙ භයානක හඬ ඉරුගල්බණ්ඩාර වලව්වෙ උඩු මහලම සසල කරවද්දි නේත්‍රගෙ ඇස් වලට පිරුණු කදුළු වල බර,පුංචි එකාගෙ හිතට ආව බය දරාගන්න බැරි උනු නුවර ආකාහෙ අදුරු වෙලා විදුලි එලි කොටන්න පටන් ගත්තා.දං ගෙඩියක් වගේ අදුරු උනු නුවර ආකාහෙ හෙණ ගෙඩි පුපුරවලා පීඩනෙ පිටකරද්දි ආශවගෙ කාමරේ ඇතුලෙ උන්නු පුංචි ගැටපිච්ච මල මහ මුදියන්සෙගෙ රුදුරු ඇස් වල කෝපාගින්නෙන් පිලිස්සෙන ගමන් හිටියා.

...................................................................................................

වචන 8000+🙂❤️

පරක්කු උනාට කැමීලියා දිග එව්වා දෙනවා හර්තේ😾❤️

බබාලා,මෙතන ඉන්න කීප දෙනෙක් හරි දන්නවා ඇති ක්‍රිශ් ව.....ඉස්සර ලස්සනට අකුරු ගොතලා ඔයාලා ලගට ගෙනාව ක්‍රිශ්ව...එයා එයාගෙ රීඩර් බබාලට ආදරේට කියලා තිබ්බෙ සරුව පිත්තල කෑලි කියලා ❤️ එයා එකපාරටම අතුරුදන් උනත්,ආයෙම ඇවිත් එයා මගින් අතෑරපු චරිත ටිකට පණ දෙන්න🥺❤️ ඉතින් ක්‍රිශ් මගෙ ආදරණීය පාඨකයෙක්....එයාගෙන් පුංචි පණිවිඩයක් තියෙනවා එයාගෙ ආදරණිය සරුව පිත්තල කෑල්ලකට❤️

Unique_Unknown_II ❤️ ඉතින් ක්‍රිශ්,මම හිතනවා ඒ බබා මේක දකීවි කියලා 🥺❤️

කියන්න දේවල් නෑ බබාලා,කැමතියිනම් පුංචි අදහසක් හරි දීගෙන යන්න❤️

එහෙනම් බබාලා මම ගිහින් එන්නාම්🌝❤

කැමීලියා ආදරෙයි ඔයාලට ගැටපිච්ච මලක් තරමටම🥺❤️

මම කැමීලියා🏵️❤️

Share This Chapter