Back
/ 40
Chapter 10

09 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"නිවේන්!........"

"මන්දිල්!........"

දෙයියනේ දෙයියනේ මගෙ කන...ඒ සද්දෙට තව පොඩ්ඩෙන් මගෙ හාට් එක හොස් ගාලා යනවා...හෑ ඕහොම පොඩ්ඩක් හිටහන්..මේ අර තාප්පයයි තාප්පයගෙ යාළුවයි නේද..මුන් දෙන්නා මෙතන මොනවා කරනවද..ආ ආ අර යකා ඒ මන්දිල් කියලද කීවේ...යසයි පොඩි පගයට....ඇයි යකෝ මාත් මුගෙ නමේ ඔය කෑල්ල දන්නෙ සෑහෙන්න පස්සෙ එතකොට මේ මූ කොහොමද ඒක දන්නෙ..මේකනම් උසාවි දාන්නම වෙන ප්‍රශ්නයක්...කෝකටත් කියලා සෙසඳුවා දිහා බලද්දි ඌත් ඉන්නවා කට ඇරගෙන...නොද්දකින් ඌරු පුකක් වගේ...වහගනින් වහගනින් යකෝ මැස්සො රිංගයි...හේ හේ පැංචයි හිච්චයි දෙන්නම wrong side ගිය ටිකට පොඩි විපර්යාසයක් උනානේ...නෑ නෑ මේකයි හරිද අර දේශාන් කාරයා මගෙ අතින් අල්ලගනිද්දි අර අනිත් කෑදැත්තා සෙසඳු කොම්ලගෙ අතින් අල්ලගෙන..හනේ පැංචට ගානක් ගියෙ නෑ ඒයිලා...මිහුක්...

"නිවේන්!....."

"මන්දිල්!......"

ආයිශ් මුන් දෙන්නා අපි දෙන්නගෙ නම් පාඩම් කරනවද...කන් ඇහෙනවා බං කෑගහන්න එපා....මුන් දෙන්නා බීලද මන්ද..බලපල්ලකො ඇස්වල රතු...හනේ දැන්නම් ඔන්න පැංචට හොදටෝම බය හිතෙනවා...එහෙන් සෙසඳුවා ඒ පාර මගෙ දිහා බලාගෙන..මේ හුත්තට පිස්සුද මන්ද...යකෝ ඔය අත ගලවගනින්...හනේ ගහපන්කො මුට එකක්..

"චූටියෝ!......"

"ආව්...මගෙ කන..මොන හුත්තක්.....හේ හේ අයියා මේ මේ...."

අර යකා මහසෝනා ආවේශ වෙලා වගේ කන උඩ කෑගහද්දි මටත් ඉතින් චූට්ටිත්තක් කට පැටලුනා...හී හී...හැබැයි දේශාන් කාරයා බලන් ඉන්න දිහා දැක්කම තමයි හැමදාන ලෝඩ් වෙන සූ බර දෙගුණ තෙගුණ වෙලා ලෝඩ් උනේ..කොහෙද අහන්න එපා පැංචා කියන්නෙ නෑ...නෑ කීවොත් නෑ නෑමයි...ආවා මෙතන ඕපදූප හොයන්න...ඔයැයිලා හරි නරකයි අනේ...පැංචට හිනාවෙන්නමයි බලන් ඉන්නෙ..

"කවුද තොගෙ බෙල්ල කාපු එකා....ආ...කතා කරපන් මොන බල්ලද තොගෙ බෙල්ල කෑවෙ ආ.."

ආආආ මම කියන්නෙ නෑ කීවට මේ පගයා කීවනෙ...දැන් දීපන්කො උත්තර...

"මේ මේ...."

"බල්ලෙක් නෙවෙයි මිනිහෙක්...."

හනේ බලපන්කො මූ කියපු කතාව..ඔව් ඔව් තාප්පයා තමයි..මේකා නිකන් කුලප්පු වෙච්ච කුලු මී හරකෙක් වගේ..හුස්ම ගන්න සද්දෙ මටත් ඇහෙනවා...තරහ ගිහින්ද මන්ද...මන්ද නෙවෙයි තරහා ගිහින් තමයි..ඒ අහවල් එකකටද මෙයා තරහ ගන්නෙ...එහෙන් අත කැක්කුමයි..හනේ පැංචට රිදෙනවනෙ..

"හහ්...මම තමුන්ගෙන් ඇහුවෙ නෑ...අදාල නැති දේවල්වලට අත නොදා පැත්තකට වෙනවා අයිසෙ..."

"ඒ දේ කරපු මට මේක කොහොමත් අදාල නැතිවෙන්න බෑ...."

දෙයියනේ සාන්ත මුට අමු කැවිලද..වෙලාවට සෙසඳුවට ඇහුනෙ නැත්තෙ..ඌප්ස් අමතක උනානේ ඒයිලා කියන්න..සෙසඳුවා නිකන් ගිරේට අහුවුන පුවක් ගෙඩිය වගේ..හරේ හරේ මමත් එහෙම තමයි..ඒත් සෙසඳුවට එහෙම වෙද්දි හෙන ආතල් ඈ....ඔන්න අහගන්නලකො..

"අතඅරිනවා මගෙ අත...තමුසෙට පිස්සුද අයිසෙ.."

යා යා සෙසඳු කොම්ලගෙ කට තමයි...තාම හොදම හරිය pending..හිටින්ටකො ටිකක්..

"එහෙම අතඅරින්න පුළුවන්ද මේ මූණ බලන් ම්ම්..."

හනේ මාව පොඩ්ඩක් අත ඇරපන්කො ගිහින් අරූට දෙකක් ඇනලා එන්න..ඇයි යකෝ මගෙ අහිංසකයට කියන කතාද ඕවා...එහෙම කියපු දේශාන් කාරයාගෙ යාලුවා හැදුවෙ සෙසඳුගෙ මූණ අල්ලන්න උනත් උනේ නම් වෙන දෙයක්..

"පාහරයා...."

ඌප්ස් ගැහුවා නේද...තාප්පයාගෙ යාළුවා අරූට දුන්නා ආයෙ නෑ කදුලු පනින්නම..ඔන්න ඔහෙ ඕපයක් හොයමුද ඒයිලා...

"තෝ කවුද යකෝ මට අත උස්සන්න.."

"තොට මොකද යකෝ මම කවුරු උනත්..හැබැයි එකක් මතක තියාගනින් තොගෙ ඔය ජරා අත්වලින් තව එක පාරක් හරි මේ කොල්ලව ඇල්ලුවොත්...."

"ඇල්ලුවොත්....."

"මරන එක මරනවා..."

"අහ්...."

"අහ්...."

මම හිතන්නෙ මමයි සෙසඳුවයි දෙන්නම ශොක් උනා..මම දැකලා නෑ මනුස්සයෙක් ඔය තරම් තරහෙන් කෑගහනවා..ඒ සද්දෙට අර මිනිහා අඩි හත අටක්ම පස්සට විසික් උනා..සෙසඳුවා නම් පොඩි එකෙක් වගේ තාප්ප යාළුවගෙ පිටිපස්සට වෙලා බලන් ඉන්නවා..මූ බලපන්කො යකෝ...ගෙදට හීරෝ එලියට නීරෝ තමයි..ලැජ්ජයි යකෝ ලැජ්ජයි...

ඒකෙන් වැඩක් නෑ ඌ එහෙම හරි බේරුනා හනේ ඒත් මම...මගෙ අත තාම අරූ අල්ලගෙන..තාප්පයා කියපු දේ අහලද මන්ද දේශාන් කාරයා යකෙක් දැකලා වගේ බලන් ඉන්නවා...අනේ මාව අත ඇරලා තොපි දෙන්නා මරා ගනින්කො...ඇස්වලින් මරාගන්නවා දැකලා නැද්ද...දැකලා නැත්තන් මෙන්න බලාගන්න...

"ආව්...අනේහ්...."

"කට...කට වහගන්නවා නිවේන්.."

කල්පනා කර කර හිටපු මාව තාප්පයා ඇදලා ගත්තෙ මම ගිහින් එයාගෙ පපුවෙ වැදිලා නවතිද්දි...ගල්ද මන්ද වැදුන පාර ඔලුවත් රිදුනා...රිදුන නිසා ආව් කියන්න ගිහින් දැක්කනෙ කියපු අවලම් කතාව...දේශාන් කාරයා මගෙ දිහා බලන් ඉන්නෙ ගිනි පිටවෙන ඇස්වලින්...මේ දෙන්නත් එක්ක බේරෙන්න බෑ කියලා දන්න නිසාම උන් දෙන්නා යන්න ගියෙ සෙසඳුටයි මටයි දෙන්නටම හිතන්න දෙයක් දීලා...

"හැමදාම උබලා දෙන්නව පරිස්සම් කරන්න මුන් දෙන්නා නෑනෙ...බලාගමු..."

එච්චරයි....දේශාන් කාරයා යන්න කලින් කීවේ එච්චරයි...මම බලාගෙන අර අනිත් එකා සෙසඳුවා දිහා බලලා මහ වලත්ත විදිහට තොල හපනවා...ඊව් යකෝ පුදුම අසහනකාරෙක්නෙ ඌ...උන් දෙන්නා ගියා විතරයි තාප්පයා මාව මෙහෙන් ඇදන් යද්දි අරූ සෙසඳුවව එහෙන් ඇදන් එනවා...අනේ බුදු අයියේ ඕකනම් කරන්න එපා...

"ආව්..."

"ආව්..."

අනේ තල්ලුකරා නේද...හනේ මුන් දෙන්නා අපි දෙන්නව තල්ලු කරානේ...ඔලු දෙකත් එකට හැප්පුනා...වෙලාවට සෙසඳුවා මාව බදාගත්තෙ නැත්තන් දෙන්නම බිම..පිස්සු හැදිලද මන්ද...

"තොපි දෙන්නට කටක් නැද්ද ආ...."

හනේ තාප්ප අයියෙ ඔහොම එකපාරටම කෑගහන්න එපා පැංචා බයවෙනවනෙ...දැන් උත්තර දෙන්න ඕනෙද...හනේ ඔන්න මටනම් බෑ...

"කතා කරපන් යකෝ....අරුන් තමුසෙලා දෙන්නව අල්ලද්දි එපා කියන්න බැරිවුනාද..."

ඒ පාර තාප්පයගෙ අනිත් බාගේ...හනේ මුන් දෙන්නා මොන නැකතෙන් ඉපදිලාද මන්ද..කටවල් නම් නෙවෙයි...

"ඒක තමුන්ලා දෙන්නට වැඩක් නෑනෙ.."

ඔය කරේ ඔය කරේ වැඩක්..මෙච්චර වෙලා කටවහන් ඉදලා බලපන්කො මූ කියපු කතාව..මූ නම් මහ වස්සෙක්...මෝඩයෙක් කියලා ඔහොමත් ප්‍රදර්ශනය කරනවද..බේරලා දුන්න එකේ නම්බුවවත් දීපන්කො ඒත් නෑ..

"කට වහපන් මන්දිල්...."

අර බලපන්කො ඌ එහෙන් ආයෙ මන්දිල්ලු..මේවා රට පටලවන ප්‍රශ්න යකෝ.

"තමුසෙ කොහොමද මගෙ නම දන්නෙ.."

"ඒක මගෙ වැඩක්..."

"යකෝ ඒක හරි හුත්තක් උනානේ...

ම්හ්ම්..ම්හ්ම්..."

"මම සැරයක් උබට කීවා මන්දිල්...කට වහපන් කියන්නෙ වහපන් කියන එකට..."

"අනේහ්...එයාව...එයාව...අත...අතඅරින්නකො.

ඉහික්....ඉහික්....අනේහ් අතඅරින්න කියන්නකො...."

අරූ කියන හැමදේටම සෙසඳු එකට එක කියන් ගියා වෙද්දි අරූ පැනපු ගමන් අල්ලගත්තෙ සෙසඳුගෙ කම්මුල් දෙක..වේදනාවටද මන්ද සෙසඳුගෙ ඇස්වල කදුලු පිරිලා...එතකොටම වගේ මගෙ ඔලුවට ආවේ තාප්පයා එදා කීව දේ...

"උබේ යාළුවව ඕනෙ මට නෙවෙයි මෙන්න මුට.."

ඒක මතක්වුන මට ඉකිගැහුනෙ ඉබේටමයි..මම තාප්පයව හොලව හොලව සෙසඳුව අතඅරින්න කියලා ඇඩුවෙ ඒකමයි..හැබැයි මම දැක්කා සෙසඳුගෙ කදුලු පිරුණු ඇස් දැකලා තාප්පයගෙ යාලුවාව ගැස්සිලා යනවා...ඒත් ඇයි ඒ...අනේ මම දන්නෙ නෑ...කොහොම හරි ඌම හිතලා සෙසඳුව අත ඇරපු එක හොදට ගියා...

"ආහ්...."

"තව එකපාරක් හරි මෙහෙම දෙයක් උනොත් දැනගනින් මම කරන දේ...."

"එයාට බනින්න එපානෙ...ඉහික්...ඉහික්..."

ආයෙම සෙසඳුට බනින්න ගත්ත නිසා මමත් කරේ ආයෙම අඩන්න ගත්ත එක..හැබැයි පොරනම් අරහෙම කියලා එතනින් යන්න ගියා ..අම්මෝ දැනුයි ඇගට ලේ ටිකක් ඉනුවෙ..නැත්තන් පැංචා හොදටෝම බයවෙලා හිටියෙ මගෙ සෙසඳු කොම්ලට අරූ කරදර කරයි කියලා...සෙසඳුවටත් උන දේ හිතාගන්න බැරුවද මන්ද ඌත් උඩබිම බලනවා...

"නිවේන්...අයියෝ ඒක ඉවරයිනෙ...කෝ කෝ කදුලු පිහදන්න..."

"ඔයාට රිදුනද ඒයි..."

"නැහැ නැහැ මට පොඩ්ඩක්වත් රිදුනෙ නෑ...කෝ කදුලු පිහදගන්න ඉතින්.."

"මිහුක්..."

"හුරතල් නොවී යන්න නිවේන් පරක්කු වෙනවා නේද..."

මේ ලමයා පෝඩ්ඩක් හුරතල් උනා ඉතින්...ඒත් පොඩ්ඩක් ඉන්න මට මුගෙන් දැනගන්න දෙයක් තියෙනවා..

"මේ ඒයි..."

"ඒ පාර මොකද..."

"ඔයා අරයව දන්නවද..."

"කවුද බං දන්නෙ පිස්සු හුත්තෙක්..."

කතාවෙන් කතාව සෙසඳුත් ගියාට පස්සෙ තමයි මතක් උනේ තාප්පයා තාම මෙතන කියලා...හී හී පැංචට අමතක උනානෙ අනේ...

"ඔය මොකද කරන්නෙ අත අරිනවා මාව..."

"කට වහපන් නිවේන්..."

මුගෙ යාලුවයි මූයි දෙන්නම එකයි...අච්චර lift එකක් තියෙද්දි මාව පඩිපෙල දිගේ ඇදන් ගියානේ...කකුලත් වැදුණා දෙයියනේ...මුන්ට මොන යක්කු වැහිලද මන්ද...office එකේ මිනිස්සුත් බලන් ඉද්දිනෙ මේ යකා මේ මාව ඇදන් ගියෙ...මම නිකන් මරන්න ගෙනියන හරකෙක් වගේ...ගියපු වේගෙට අන්තිමට නැවතුනේ.........කැබින් එක ඇතුලෙ කියයි කියලා නේද හිතුවෙ නෑ බං නෑ අර එදා මගෙ බෙල්ල කාපු පොඩි කාමරේ ඇතුලෙ...අදත් මාව මේක අස්සට ඇදන් ආවේ බෙල්ල කන්නද දන්නෙ නෑ...අනේ එපානෙ ආයෙ එහෙම කරන්න එපානේ....මට බයයි දෙයියනේ..මේ මනුස්සයා අද නිකන් යකෙක් වගේ...අනේ ඇයි  මේ....

"අනේහ්...මට....මට මුකුත් කරන්න එපා...මම..මම වැරැද්දක් කරේ නෑනෙ..."

අඩ අඩම මම එහෙම කීවේ දැනුන බයටමයි....මම මෙච්චර අඩද්දිත් හිතක් පපුවක් නැති ගානට මාව ඇදට තල්ලු කරපු ඒ මිනිහා මගෙ අතින් අල්ලගත්තෙ මම බයටම ඇස් පියාගද්දි...අනේ මට මෙහෙම කරන්න එපා...

"මම තමුසෙගෙන් එක ප්‍රශ්නයයි අහන්නෙ.."

"අහ්....."

ඒ පාර මොකක්ද ඒ කියන්නෙ...මට නිකන් විකාරෙ වගේ...

"අරූ අල්ලපු මේ අත් තමුසෙට කොච්චර වටිනවද..."

"මම දන්නෙ කොහොමද..."

මොන විකාර ප්‍රශ්නයක්ද ඒක...මට තේරෙන්නෙ නෑ...

"එතකොට මම අල්ලපු මේ අත් තමුසෙට කොච්චර වටිනවද...."

"සත පහක්වත් නෑ...."

ඒකනම් හිතලමයි කීවේ...අහපු දේ නොතේරුනාට මේ යකා අල්ලපු දේවල් නම් සත පහක්වත් මට වටින්නෙ නෑ නෑමයි...අනේ මේ මොකද කරන්නෙ...අනේ අතඅරින්නකො..ආආ මට හුස්මගන්න බෑ...අනේහ් අනේහ්....

"අනේහ්...හුස්මගන්න බෑ...මට..මට හුස්මගන්න බෑ...."

ඇදේ හිටපු මාව අනිත් පැත්ත හරවපු එයා මගෙ අත් දෙක පිටිපස්සට කරලා අල්ලගත්තෙ මම පුළුවන් තරම් ඒ අත්වලින් ගැලවෙන්න දගලද්දි...ඒත් ඒ වෙනුවට එයා කරේ එයාගෙ බෙල්ලෙ තිබුණ ටයි එක ගලවලා මගෙ අත් දෙක බැදපු එක...කොච්චර ගලවගන්න හැදුවත් ඒ ගැටේ හරි තදයි...

"දැන් උබට තේරෙයි...."

"මො...මොනවද..."

"මම අල්ලපු උබේ අත් දෙක උබට කොච්චර වටිනවද කියන එක...."

"අනේහ් ලිහන්නකො...මට...රිදෙනවනෙ...

ඉහික්.....ඉහික්...."

"හැමදේටම කදුලු ඉස්සර කරගන්න එක නවත්තපන් නිවේන්....අනික උබ කෑගැහුවට මෙතනින් එලියට කිසිම දෙයක් ඇහෙන්නේ නෑ...මතක තියාගන්නවා...."

එහෙම කියපු එයා කාමරේ දොරත් ලොක් කරන් යන්න ගියෙ මම පුළුවන් තරම් හයියෙන් අඩද්දි...අනේ ඇයි මට මෙහෙම කරන්නෙ...මම එයාට වැරැද්දක් කරලා නෑනෙ...එහෙනම් ඇයි මේ...මම කරේ ඔහේ ඇදට වෙලා ඇති තරම් අඩපු එක...හැබැයි එයා කියපු එක දෙයක් මට තේරෙනවා ඒ මගෙ අත් ඒවා මට ගොඩක් වටිනවා...ඒත් මොකක් එයා අල්ලපු අත් කියන්නෙ...මම දන්නෙ නෑ....අනේ මට මෙතනින් යන්න ඕනෙනෙ...මම ආවේ ජොබ් එකට මිසක් මෙහෙම කාමරයක් ඇතුලෙ හිරවෙන්න නෙවෙයිනෙ...මම නම් මහ පව්කාරයෙක්....හිත හිතම මට නින්ද යාගෙන ආවා වෙද්දි මට මතක තිබුණෙම හීනෙන් වගේ කදුලු වලින් පෙගුන මගෙ කම්මුල් වලට සීතල මොනවා හරි තදවෙනවා විතරයි...හරි සනීපයි...ඒත් මොකක්ද ඒ.......................

හේ හේ මම යනෝ ලමයි බායි බායි..රෑ වෙලා ගෝල් දෙන්නම්..පරිස්සමින් ඉන්න..ආදරෙයි

🤭😚❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter