Back
/ 40
Chapter 11

10 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

කම්මුලට දැනුන සීතල මොකක්ද කියලා බලන්නවත් මම ඇස් ඇරියෙ නෑ..මට කේන්තියි..ඇයි යකෝ මොන මගුලකටද අර මිනිහා මාව මේ කාමරයක් අස්සට දාලා අත් දෙක බැන්දෙ...බදින්නම ඕනෙ උනා කියමුකෝ මුට බැරි උනාද ඉස්සරහට කරලා බදින්න..ඇයි යකෝ මගෙ මූණත් කසනවා...හරි හරි මේ ලමයා පොඩි නින්දක් දාලා මේ නැගිට්ටා විතරයි...හනේ මූ තාම මාව ලිහලා නෑනේ..දැන් පැය කීයක්ද...අර බලපල්ලකො දැන් වෙලාව දොලහත් පහුවෙලා...දෙයියනේ දැන් පැය තුනකටත් වැඩී...මෙහෙම ඉදලා හරියන්නෙ නෑ පොඩි try එකක් දීලා බලන්න ඕනෙ..හේ හේ අත් දෙක ලිහාගන්න අනේ අත් දෙක ලිහා ගන්න වෙන මොකටවත් නෙවෙයි...විනාඩි විස්සක් විතර එහෙට මෙහෙට ඇබරිලා කොහොම හරි අත් දෙක ලිහාගෙන එලියට යන්න හදපු පාර තමයි මට හික් ගෑවුනේ..අනේ අර තාප්පයා කාමරේ ලොක් කරලා ඒයිලා...මේ මනුස්සයා මොනවා බලාපොරොත්තුවෙන් මේවා කරනවද මන්ද..නෑ ඉතින් මේ අහිංසක මාව කාමරයක් ඇතුලෙ හිරකරලා ඔය මිනිහට මොනවා ලැබෙනවා කියලද..

දොර ලොක් කරලා කියලා දැන දැනත් බටු ඇට පන්තියේ මම කරේ දොර අරින්න හදපු එක..මොලේ තරම කියන්නෙ එලියට ඇරෙන දොර ඇතුලට අරින්න හදපු එකනෙ...මේ ලමයා පෝඩ්ඩක් විතරයි මෝඩයි තමයි ඉතින්..අනේ මම දන්නෙ නෑ සෙසඳු කොම්ලා තමා කියන්නෙ...ඔහෙ ඕන මගුලක් කියලා දොරටත් හේත්තුවක් දාගෙන හිටිය මම කරේ කාමරේ පුරාවට ඇස් යවපු එක..ඇත්තටම පුදුමයි එච්චර නපුරු මනුස්සයෙක් මේ වගේ තැනක් හදාගෙන ඉන්නවා කියන එක...වටේටම බලාගෙන යද්දි තමයි මම දැක්කෙ කෙලවරකට වෙන්න තිබුණ මේසයක් උඩ තිබුණ 4to ටික...ඔහෙ ඕන එකක් කියලා මමත් ඒ ලගට ගියෙ මොනවද කියලා බලන්න..ඇයි අනේ මේ කාමරේ අස්සට වෙලා කරන්න වැඩක් තියෙන්නත් එපැයි...

ඒ හිටියෙ තාප්පයා...ඔව් ඒ 4to වල හිටියෙ එයා...දැන් ඉන්නවට වඩා පොඩි පෙනුමයි හැබැයි...වෙනසක් නෑ මනුස්සයා ඒ දවස්වලත් නලුවා වගේ තමයි...හිනාවෙන්න එපා යකුනේ ඇත්ත කීවේ...මගෙ ඔය දිව දෙකේ කතා නෑනෙ ලස්සන දේට ලස්සනයි කියනවා...මට නපුරුකම් කරපු පලියට මම බොරු කියන්නෙ නෑ හරිද...මිහුක්...පැංචගෙ හිත හරී හොදයි...නේද...නේද කියන්නකො අනේ...නෑ ඉන්න පොඩි වෙනසක් තියෙනවා...දෙයියනේ ඒ හිනාව...මම ජීවිතේට ඒ දරදඩු මනුස්සයා අස්සෙන් එහෙම හිනාවක් දැකලා තිබුණෙ නෑ..

ඒ 4to වල මූණ වැහෙන්න තරම් ලස්සන හිනාවක් තිබුණා...ඒත් මේ මනුස්සයා දැන් ඇයි හිනාවෙන්නෙ නැත්තෙ...එතකොටයි මම දැක්කෙ මෙසේ කෙලවරටම වෙන්න තිබුණ සුදු මල් මාලෙකින් සැරසිලා තිබ්බ ඒ පින්තූරේ..ඇරපු අතක් නෑ තාප්පයමයි..

වෙනසකට තිබ්බෙ ඒ හිටියෙ ගෑණු කෙනෙක්..මම කියනවට තාප්පයගෙ මූණට කොණ්ඩයක් දාලා හිනාවක් මවා ගනිල්ලකො..අන්න හරි ඒ විදිහමයි..කෝකටත් කියලා අතට අරන් බලපු පාර තමයි මම දැක්කෙ පිටිපස්සෙ පොඩියට ලියලා තිබුණ ඒ අකුරු තුන...'අම්මා' ඔව් ඒකෙ ලියලා තිබුණෙ එහෙම...දෙයියනේ එතකොට!...එතකොට තාප්පයගෙ අම්මා නැති වෙලාද...මගෙ හිත ගැස්සිලා ගියෙ ඉබේටමයි..එතකොටම වගේ කාමරේ දොර ඇරුනෙ මගෙ අතේ තිබුණ 4to එක බිම වැටෙද්දි....මල හුට්ටප්පරයයි ගහෙන් වැටුණ මිනහට ගොනා ඇන්නා වගේ වැඩක්නෙ මට උනේ...මේ මේ මේකයි වැටුණ පාර වීදුරුව කුඩු...හේ හේ හිතලා කරේ නෑ දෙයියනේ....පැංචා මේ ඇත්තමයි කියන්නෙ...

"උබ!......"

දෙයියනේ තාප්පයා...දොර ඇරගෙන ඇතුලට ඇවිත් තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි තාප්පයා..මගෙ දිහයි 4to එක දිහයි මාරුවෙන් මාරුවට බලපු එයා අඩියට දෙකට මම ලග..ආපු ගමන් උබ කියලා ඇබරුවේ නැතැයි මගෙ අත...මේ යකාට මාත් එක්ක මොන තරහක් තියෙනවද මන්ද...ඌප්ස් දැන්නෙ මතක් උනේ මගෙ අතින් සුලු අත්වැරැද්දක් උනා කියලා....අර කෙල්ලො කියනවනම් වගේ සුලු අත්වැරැද්දක් නෙවෙයි හරිද....ඊව් ඊව් උබලා මහ ඒසයි බං...හේ හේ මේවා මේ සෙසඳුවගෙ වචන හරිත පැංචට බනිනවා එහෙම නෙවෙයි...

"උබ මොකක්ද යකෝ මේ කරේ..."

"ම..මම හිතලා කරේ නෑ...."

අනේ මේකනම් මහ කරුමයක් අප්පා...මොකා සැර කරත් මට ඇඩෙනවනෙ...ඔයැයිලා ලග ඒකට බෙහෙතක් එහෙම නැද්ද...මිහුක්...ආව් ආව් අනේ අතඅරින්නකො රිදෙනවනෙ...එක අතකින් මගෙ අත් දෙක අල්ලගත්ත එයා අනිත්  මගෙ කට තදකරලා අල්ලගත්තෙ හැමදාමත් වගේ මම කදුලු ඉස්සර කරගනිද්දි...මම දන්නෙ නෑ පොඩි කාලෙ ඉදන් ඒ මගෙ හැටි...අදටත් ඒ පුරුද්ද එහෙමම තමයි...

"අනේහ් මට රිදෙනවනෙ...අත...අරින්නකො...

ඉහික්...ඉහික්....අනේහ්..."

"මම උබට එක පාරකුත් කීවා නිවේන්....හැමදේටම අඩන එක නවත්තපන්.."

එයාට මම මොනවා කරත් වැරදි...එහෙම කීව පලියට කොහොමද අනේ අඩන එක නවත්තන්නෙ...මම කරේ තවත් හයියෙන් අඩපු එක...එයා අල්ලන් ඉන්න විදිහට මට ගොඩක් රිදෙනවා...ඔයාලම හිතන්නකො මම වගේ දෙකක් තුනක් ලොකු මනුස්සයෙක්ගෙ අත්වලට අහුවුනාම කොහොම තියෙයිද කියලා...

"මම තොට දැන් සැරයක් කීවා...කීවම නවත්තපන් යකෝ..."

එදා වගේමයි කිසිම හිතක් පපුවක් නැතුව එයා කරේ මාව තල්ලු කරපු එක...වැටුණු පාරට විසිවෙලා ගිහින් තිබුණ වීදුරු කෑල්ලකට මගෙ අත කැපිලා ගියෙ මගෙ අතින් ඔහේ ලේ ගලද්දි...මම හිතුවා ඒ දැකලවත් මේ මිනිහා මේක නවත්තයි කියලා...ඒත් නෑ මම ලගට පාත් වුණු එයා කරේ ආයෙම වීදුරු කටුවක් අරන් මගෙ බෙල්ලට තද කරපු එක...මම මොන තරම් ඒ අත්වලින් ගැලවෙන්න හැදුවත් හැමදාමත් වගේ අදත් මම පරාදයි....මම පිලිගන්නවා මම වැරුද්දක් කරා...ඒත් හැම මනුස්සයෙක් අතින්ම වැරදි වෙනවනෙ...ඇයි මෙයා මෙහෙම මගෙන් පලිගන්නෙ...කොහෙන්දෝ මන්ද එකපාරම ආව කේන්තියකට මම කරේ එයාට බැනපු එක...

"මගෙන් මොනවා ඕනෙ වෙලාද තමුන් මට මෙහෙම කරන්නෙ ආ....මගෙන් මොනවා ඕනෙ වෙලාද....මම ආවේ ජොබ් එකකට මිසක් උබෙන් ගුටි කන්න නෙවෙයි..හැමදාම..හැමදාම තමුන් කරන්නෙ මට රිද්දන එක...මෙච්චර රිද්දලත් ඇති වීමක් නැද්ද ඕයි....."

"වහපිය කට...."

මම හිතන්නෙ මම ජීවිතේට කාපු සැරම කම්මුල් පාර කෑවේ දැන්...හිතට ආපු තරහට කෑගහපු මට ආපිට එයාගෙන් හම්බුනේ කම්මුල පුපුරු ගහන තරම් සැර කම්මුල් පාරක්....මම හැමදාම අහනවා වගේ අදත් අහන්නෙ ඇයි දෙයියනේ මට මෙහෙම කරේ..සෙසඳුව ඉස්සරහට දාලා මාව අසරණ නොකරන්න මම මෙතනින් අයින් වෙන්න දෙපාරක් හිතන්නෙ නෑ...ඒත් මම හිරවෙලා...මගෙ ජීවිතේ ඇතුලෙ මට ඉන්න වටිනම කෙනා නිසා මම අද මේ මිනිහා ලග හිරවෙලා...

"උබ අත තිබ්බෙ මට තිබුණ වටිනම දේට...උබ දන්නවද ඒක....ආ කතා කරපන් උබ දන්නවද ඒක..."

"මම දැනන් හිටියෙ නෑ....සමාවෙ...."

"උබ කොහොමත් අම්මා කෙනෙක්ගෙ අගේ දන්නෙ නෑ තමයි..."

"මො...මොකක්....."

"මම එකම දේ ආයෙ ආයෙ කියන එකෙක් නෙවෙයි...."

එයා ඒ කීවේ මම අම්මා කෙනෙක්ගෙ අගේ දන්නෙ නෑ කියලද....අනේ ඇයි එහෙම දෙයක් කීවේ...මම තරම් කවුද ඒක දන්නෙ..මට වටිනම දවසෙ ඒ දෙන්නවම මගෙන් උදුරගත්තා වෙද්දි මම තරම් කවුද ඒක ගැන දන්නෙ....එයාගෙ වචනවලට මගෙ පපුව රිදෙන්න ගත්තෙ හිතපු නැති විදිහට..එක මොහොතකට මට හිතුනා මම මොන තරම් පවුකාරයෙක්ද කියලා...කදුලු පෙර පෙරම එයාව තල්ලු කරපු මම එලියට දුවගෙන ආවේ කියන්න ඕනෙ ටිකත් එයාට කියලමයි...

"ඒ දෙන්නම නැති මම තරම් කවුද ඒ ගැන දන්නෙ...."

"නිවේන්....නිවේන් ඔහොම නවතිනවා..."

මම අහගෙන එයා මට නවතින්න කියලා කෑගහනවා....ඒත් මම කරේ එතනින් එන්න ආව එක...කදුලුත් පිහදගෙන එලියට ආපු මම half day එකක් දාලා කැබ් එකකුත් දාගෙන එන්න ආවේ සෙසඳුලගෙ ගෙදර යන්න..ඔයාලා එක්ක හැමවෙලේම විහිලුවෙන් කතා කරාට මම ඉන්නෙම ගිනි ගොඩක...එහෙන් ගෙදර යන්න විදිහක් නෑ දේශාන් කාරයා...අද උන දේත් එක්ක ඒ යකාට මාව අහුවුනොත් කීයටවත් පන පිටින් අත අරින එකක් නෑ..අනිත් පැත්තෙන් අර යකා...පණ්ඩිතයා වගේ කලින් ආවාට හෙට අනිවාරෙන් ඔය මිනිහා මගෙන් ඕකට පලිගනී....එක්කොත් අද වගේම කම්මුල් රත්වෙන පාරක්...එහෙමත් නැත්තන් අර කාමරේ ඇතුලෙ හිරවෙන්න වෙයි...මම කියලා මොනවා කරන්නද මේක මගෙ ලැබීම වෙන්න ඇති...

"සර් කොහෙටද යන්නෙ..."

"මම ලොකේෂන් දාලා ඇති...."

"Ok sir...."

එහෙන් කැබ් එකේ මිනිහත් මගුලක් අහනවා..ඇයි යකෝ ඔච්චර ඇස් පේන්නෙ නැද්ද ලොකේෂන් දාලා තියෙනවා...මුන් ඔක්කොම බලන් ඉන්නෙ මාව කන්න...ආයිශ්..මගෙ ඔලුවත් රිදෙනවා යකෝව්...එහෙන් තුවාලෙන් තාම ලේ එනවා..අරූට නම් වැහි නැති හෙන ගහනවා මට මේ කරන අපරාද වලට....හැයි යකෝ මේ මිනිහා නිකන් හිට්ලර් වගේනේ.....

"සර්..."

කෑවනෙ.... යන ටිකට පොඩි ඇලට් එකක් දාන්න හැදුවා විතරයි මේ මිනිහා මැදින් ඇඩ් එකක් දැම්මනෙ...

"ඇයි....."

"සර් දැන් සෑහෙන වෙලාවක ඉදන් අපි පස්සෙන් වෑන් එකක් එනවා..."

"අහ්....."

ඒ මිනිහා එහෙම කියපු පාර ඉබේටම වගේ මමත් කරේ පිටිපස්ස බලපු එක...දෙයියනේ ඔව්මයි කලු පාට වෑන් එකක්...දැන් ඕක ලොකුවට හිතලා බෑ...ඕවා හිතන්න ගිහින් මේ මිනිහා මේක කොහෙ හරි ඇනගත්තොත් එහෙම කාට කියන්නද...මගෙ අහිංසක ජීවිතේ යකෝව්...එහෙම නැතිවෙන්න දෙන්න පුලුවන්ද..බෑනේ බෑනේ...

"ඒක හිතන්න එපා..."

"ඒත් සර්...."

"කීවනේ සැරයක්..."

"සොරි සර්...."

හේ හේ මම ඉතින් මේ වගේ මිනිහෙක්ට සද්දයක් දැම්මොත් තමයි...හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ මේ මිනිහා කීවත් වගේ ගෙදරට යනකනුත් අර කලු වෑන් කාරයා පස්සෙන් ආව එක තමයි...මම කැබ් එකෙන් බැහැලා ගෙට එද්දිම වගේ ඒකත් යන්න ගියා...මොකක්ද යකෝ ඒ උනේ...කවුද අනේ දන්නෙ ඕනෙ මගුලක්...

මම එනකොට සෙසඳුවගෙ කාර් එක පේන්න නෑ...මූ කොහෙ ගිහින්ද...එතකොටම වගේ මගෙ ඇගේ එල්ලුනෙ සෙසඳුවගෙ බලු තඩියා..මමත් ඉතින් ඕන මගුලක් කියලා බිම ඉදගත්තෙ ඌව ටිකක් හුරතල් කරන්න බලන්..මූ එක්ක ඉද්දි හරි නිදහස්...

"කෝ චූටියෝ තාත්තියා...."

"බුහ්...බුහ්...."

"ඔව් ඔව් තාත්තියා තමයි...මගෙ පැටියගෙ තාත්තියා කෝද ගියෙ..."

"බුහ්.....බුහ්....."

මේකා ඉතින් දන්නෙ ඔච්චර තමයි...අහන හැමදේටම දිවත් එලියෙ දාගෙන බුහ් බුහ් ගානවා....සෙසඳුවා දැනගත්තොත් එහෙම මම ඌව බල්ලෙක්ගෙ තාත්තා කරා කියලා එහෙනම් ඕකා මට හිටුවා පස් ගහනවා..එහෙමට බඩ්ඩ...චූටි පැටියවත් හුරතල් කරලා ගෙට යද්දි තමයි දැක්කෙ දොර ඇරලා දාලා කියලා...මූ දොරවලුත් ඇරලා දාලා කොහෙ ගියාද....කෝකටත් කියලා කාමරේට ගිය පාර තමයි හතර ගාතේ දාලා ඇදේ නිදන් ඉන්න සෙසඳුවව දැක්කෙ....යකෝ මූ ගෙදරනම් කෝ මුගෙ කාර් එක...බොන්න ඕනෙ ප්‍රශ්නයක්....

ගෙදර දොරත් ඇරලා දාලා නිදන් ඉන්න ලස්සන බලපල්ලකො පුකත් උඩ දාගෙන...හොරු පැන්නත් මූ දන්නෙ නෑ..හිටපන්කො කරන්න වැඩක්....

"ආව් හුත්ත....නිවේන් උබ මොකද මේ කලින් ඇවිල්ලා...."

ඔන්න බලහන් මම මූව අවුස්සන හැටි...

"මට චුච්චු බඩගින්නක් ආවනේ..."

"ඉතින්...."

"ඉතින් කියන්නෙ චුච්චු ඕනෙ නිසානෙ කලින් ගෙදර ආවේ...දෑන් දීපන් ඉතින්...."

"අනේ ඇත්තමයි....ආආ අහකට පලයන් නිවේන්...අනේ අහකට පලයන්කො...උදෙත් කෑවා....මොන මගුලක්ද මේක..."

අනේ මට ඕන්නෑ මුගෙ චුච්චු...මහ නරකයෙක්...මේ අර වෑන් කතාව මම මුට කියන්නද...කියමු නේද...

"මේ ඒයි...."

"ඒ පාර මොකද...බලපන් මගෙ නින්දත් කෑවනෙ..."

"අහන්නකො අනේ..."

"කියහන්...."

"මම දැන් එද්දි මම ආපු කැබ් එක පිටිපස්සෙන් කලු පාට වෑන් එකක් ආවනෙ..."

"මොකක්...මො...මොකක්ද උබ කීවේ...උබට කරදරයක් නෑ නේද...කෝ පෙන්නපන් මට..."

හෑ යකෝ මුට එකපාරම වැහුන යකා මොකාද..මට නිකන් මැරිලා පන ආවා වගේනේ මූ හැසිරෙන්නෙ...එහෙට හරවනවා මෙහෙට හරවනවා...මම නිකන් රූකඩයක් වගේ....ආආ මගෙ ඔලුවත් කැරකෙනවා...අතඇරපන් යකෝ..

"පිස්සුද යකෝ...උබට මොන යකා වැහිලද..."

"පරිස්සම් වෙයන් නිවේන්..."

"ඒ මොකටද..."

ඉතින් ඇත්තනෙ මම මොකටද පරිස්සම් වෙන්නෙ...ඇරත් කාගෙන්ද...මුට මොනවා හරි කැවිලද මන්ද..මෙන්න ඒ පාර ගොත ගහනවා..

"මේ මේ..."

"මොකද..."

"මම අද උදේ එන ගමන්...."

"ඉතින්...."

"මම අද උදේ එන ගමන් පාර අයිනෙන් පොඩ්ඩක් කාර් එක නතරකරා මට කෝල් එකක් ආපු නිසා...නතර කරා කියන්නෙ එලියට බැස්සා...."

"ඉතින්...."

මේ යකා මොන මගුලක් කියන්න හදනවද මන්ද...

"මම දන්නෙ නෑ බං...කලු වෑන් එකකින් ආව මිනිස්සු වගයක් මාව අරන් යන්න හැදුවා. උදේ මාව අර මිනිහගෙන් බේරගත්ත පොර කොහෙද ඉදලා ඇවිල්ලා මාව අල්ලගත්තෙ නැත්තන් අරුන් මාව දාගෙන යනවා...අනේ ඒ නිසා උබ පරිස්සම් වෙයන් නිවේන්...කලු වෑන් එකක් පස්සෙන් ආවයි කියද්දි මම බයවුනා යකෝ..."

"මො...මොකක්...කවුද උන්..."

"මම දන්නෙ නෑ යකෝ..."

සෙසඳුවා කියපු කතාවට මාව සීතලවෙලා ගියා දෙයියනේ...සෙසඳුවව අරන් යන්න හදන්න තරම් කවුද උන්..මුට තරහා කාරයොත් නෑ...එතකොට...එතකොට මගෙ පස්සෙනුත් ආවේ උන්මද...තාප්පයගෙ යාලුවා කොහෙන්ද ආවේ...අනේ මට තේරෙන්නෙ නෑ..එකක් නැති වෙනකොට එකක්....මොනවා වෙන්න යනවද දන්නෙ නෑ.....

සෙසඳු කොම්ලව උස්සන්න හැදුවෙ කියලා ගෙස් කරන්න බලන්න 🤭

ආ තව දෙයක් ඔයාලට මට මෙහෙම කියන්න බැරි මොනවම හරි තිබ්බොත් 0764204154 මේකට msg එකක් දාන්න මගෙ කිසි අමනාපයක් නෑ...මම මේක ගෝල් කියවන අයට නම් කීවා❤..

එහෙනම් මම ගියා ගුම් නයිට් පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤

@Diyana_45 🖊

Share This Chapter