Back
/ 40
Chapter 12

11 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

කලු වෑන් සිද්ධියෙන් පස්සෙන් සෙසඳුවා කවදාවත් නැතුව කාමරේ දොරත් ලොක් කරන් නිදාගත්තෙ...ඉදකින් යකෝ මෙහෙමත් බයක්..ලැජ්ජයි...හරේ හරේ මමත් බයයි තමයි ඒ උනාට ඉතින් ඔච්චර බයවෙන්න ඕනෙ නෑනෙ...සිරාවටම මම මේ කල්පනා කරන්නෙ මොන ලෝකෙද කලු වෑන්වලින් මිනිස්සු උස්සන්න එන්නෙ...නෑ ඉතින් පොතේ හැටියට සුදු වෑන් එකක් නෙවෙයිද එන්න තිබ්බෙ...අනේ මේ අපතයව උස්සන් ගියා කියලා ලැබෙන දෙයක් නම් නෑ...මොකද ඉතින් මූ යනකොට සත පහක්වත් අරන් යනවා කියලද...කොච්චර සල්ලි තිබ්බත් මුගෙ පර්ස් එකේ රුපියල් දාහකට වඩා නම් නෑ නෑමයි...

"සීතලයි නිවේන්...."

"කෝ එන්න..."

මේකා නින්දෙන්ම සීතලයි කිය කිය මගෙ අස්සට ගුලි වෙනවා...එක අතකට පව්..මොනවා උනත් මට ඉන්නෙ මෙච්චරයි..විහිලුවට කීවා වගේ නෙවෙයි එතන හිතන්න ලොකු දෙයක් තියෙනවා..මොකද වැරදිලා මිනිස්සුන්ව එහෙම දාගෙන යන්න හදන්නෙ නෑනෙ...මම දන්නෙ මෙච්චරයි අදින් පස්සෙ මුටයි මටයි නොසෑහෙන්න පරිස්සම් වෙන්න වෙයි...ආයෙ හම්බුනාම තාප්පයගෙ යාළුවට තෑන්ක් කරන්න ඕනෙ...මොනවා උනත් මගෙ අහිංසකයව බේරගත්තනෙ..හරි හරි දැන් කියෙව්වා ඇති පැංචටත් දොයි මතයි... ඔයැයිලත් සූ දාලා ගිහින් නිදාගන්නලා මිහුක්..

"නිවේන්...නිවේන්...."

"ම්හ්ම්...."

"අනේ නිවේන්...."

ආආආ මොන මගුලක්ද නිදාගන්නත් නෑ කන අස්සෙ ඉදන් බෙරිහන් දෙනවා...මොකාද අප්පා මේ...ඕන එකක් කියලා අත දිග ඇරලම හොද පාරක් දුන්නා...ඇයි අනේ පැංචගෙ නින්දටනෙ මේ බාධා කරන්නෙ....

"මොන හුත්තක්ද ඕයි ගහන්නෙ..."

"අප්පද බොල උබද..."

හනේ හනේ සෙසඳු කොම්ලනෙ මේ...හේ හේ සමාවෙන්න ඕනෙ පැංචා හිතලා ගැහුවා නෙවෙයිනෙ...ඒත් මූ මොකටද මේ මහ පාන්දර බෙරිහන් දෙන්නෙ..හීනයක් දැකලා වෙන්න බෑත...හැබැයි ඉතින් ඒ කෑගහපු විදිහට නම් එසේ මෙසේ හීනයක් වෙන්න බෑ අඩුම හොල්මනක්වත් වෙන්න ඕනෙ...හිටහන්කො අහලා බලන්න...හනේ මූ බලපල්ලකො මූණත් කජු ලෙල්ල වගේ හදාගෙන ඉන්න ලස්සන..ඔලුවත් කස කසම ඇදේ ඉදගන නිදිකිරා වැටෙනවා...පොඩි එකෙක් වගේ අප්පා..චප්ප කරලා කන්නමයි හිතෙන්නෙ...ඔන්න ඔහෙ චුට්ටක් මිරිකමු නේද ඒයිලා....

"අනේ නිකන් හිටපන්කො නිවේන්..."

මම කීවේ මූණම් පොඩි එකෙක්ම තමයි...මම කම්මුල් දෙක මිරිකපු පාර ආයෙ කට ඇද කරන් කියවනවා...ආ ඇයි ඇයි උබලා මූණ ඇද කරගත්තෙ...ඊව් ඊව් මිරිකනවා කියද්දි මොකක් හරි කුණුහරපයක් මවාගන්න ඇති..මම දන්නෙ නැද්ද ඔයැයිලා ගැන...හරේ හරේ ඒක වැඩක් නෑ මූ මොකද මේ මහ පාන්දර අඩව් අල්ලන්නෙ කියලා අහනකන් හිටහල්ලකෝ...නැත්තන් විසුමක් වෙන්නෙ නෑ..

"උබ මොකද මේ මහ පාන්දර නැගිටලා..."

"මට චූ බරයි..."

අනේ දෙයියනේ ගහපන්කො මුට එකක්...මෙච්චර මේ මාව නැගිට්ටෙව්වෙ මේ අත ලග තියන ලැට් එකට යාගන්න බැරුවද...ඌප්ස් සොරි සොරි wash room එක..දන්නෙ නැද්ද ඉතින් පැංචගෙ ඔලුව මේ දවස්වල සූට්ටක් විතර wrong side..හේ හේ හිතන්න එපා හරිද...

"ඉතින් පලයන්...."

"අනේ උබ හොද එකානේ දොර ලගට වරෙන්කො..."

"මොන මගුලක්ද සෙසඳු...අර බලපන් අන්න තියෙනවා wash room එක..මෙතන ඉදන් ඔතනට යන්න තව එවුන් මොකටද..."

"අනේ වරෙන්කො බං..."

"හරි හරි යමන් ඉතින්...."

මුට මොන යකෙක් වැහිලද මන්ද...ඇයි යකෝ දොරවත් වහගෙන නෙවෙයිනෙ ඇතුලට ගියෙ..හනේ කාලේ වනේ වාසේ කීවලු...උටත් චූ දම්මලා ආයෙම නිදාගෙන නැගිටිද්දි වෙලාව හතට ඔන්න මෙන්න....දැන් ඉතින් පලයන්කො අර යකා ඉස්සරහට...ඊයෙ උන දේත් එක්ක මිනිහා මාව පන පිටින් ඩෙවල් දායි....එතකොටම වගේ මගෙ phone එකට කෝල් එකක් ආවේ නිදාගෙන හිටිය සෙසඳුවත් ගැස්සිලා ඇහැරෙද්දි....

"ඕක අහකට ගනින්කෝ නිවේන්..."

"කෑගහන්න එපා ඒයි පැංචට කෝල් එකක්නෙ.."

"මම කියන්නෙ නෑ පැංචා......"

මේ යකා නින්දෙනුත් මට බනිනවා...පේනවා නේද මේ මෝඩයා..මිහුක්...මට මූව එපා එපාමයි...මහ නරකයෙක්...

"ඕක ආන්ස්වර් කරපන් යකෝ....ආයිශ් මගෙ කන..."

"සොරි සොරි..."

හේ හේ ඒකෙන් මේකෙන් පැංචට කෝල් එකත් අමතක උනා...අන්න අරූ කොට්ටෙනුත් කන් දෙක වහගෙන...පුහ් පුදුම නාඩගමක් උනානේ මේක...කවුද කතා කරන්නෙ බලන්න phone එක අතට ගනිද්දි තමා දැක්කෙ ඒක unknown nmb එකක් කියලා...කෝකටත් ආන්ස්වර් කරලා බලමු නේද....

"හෙලෝ...."

"නිවේන්...."

"තාප්පයා...."

"මොකා...."

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ මොකක්ද නිවේන් තෝ ඒ කරේ...හනේ කතා කරලා තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි තාප්පයා දෙයියනේ...කියවුනා නේද තාප්පයා කියලා...දැන් ඉතින් කාලා වරෙන්කො....

"නිවේන් මම තමුසෙගෙන් ප්‍රශ්නයක් ඇහුවා.."

හනේ කෑගහන්න එපා අප්පාවේ පැංචා බයවෙනවනෙ...මේ මිනිස්සු ඔක්කොම ගිය ආත්මෙ ඝණ්ඨාර පූජා කරලද මන්ද...ඇයි අනේ phone එකෙනුත් මගෙ කන කීං ගෑවා...දැන් ඉතින් පචයක්වත් අත අරිමු වෙන මොනවා කරන්නද...

"ආ මේ මේ බොස්...නෑ නෑ අනේ මේ බල්ලට කීවේ...ඔව්නෙ බල්ලට තමයි..."

"ම්ම්ම්...."

පුහ්...මදැයි ඔයින් ගියා...හෑ ඔහොම හිටහන්..මේ යකාට කොහෙන්ද මගෙ nmb එක...සමහරවිට ගැමුණු යෝධයගෙන් ඉල්ලගන්න ඇති...ඒත් ඉතින් මේ උදේ මොකටද මට කතාකරේ...වැදගත් වැඩක්ද දන්නෙ නෑ....

"බොස් කතාකරේ...."

ශිට් විතරක් මේ යකාට බොස් කියන්නත් උනානේ...මේක මගෙ ආත්ම ගරුත්වය ගැන ප්‍රශ්නයක් යකෝව්...

"තමුසෙ අද වැඩට එන්න ඕනෙ නෑ...හැබැයි ගෙදරින් එලියට එක අඩියක් තියන්න බෑ..."

"හෑ....ඇයි ඒ..."

"කීවාම කියපු දේ කරපන් නිවේන්...හැබැයි උබ මම කියන දේ ඇහුවෙ නැත්තන්....බලපන් මම කරන දේ...."

"හෙලෝ...හෙලෝ...."

ආයිශ් තිබ්බා නේද මේ යකා...මොකක්ද යකෝ ඒ කියපු කුණුහරපෙ...ඔහෙ ඕනෙ එකක් අනේ ඒ යකා කීවත් නැතත් මට යන්න තැනකුත් නෑනෙ...හැබැයි වැඩට එන්න එපා කියපු එකට නම් පැංචා මනාපයි ඔන්න...තව ටිකක් නිදාගන්න පුළුවන්...හේ හේ දොයියමු අපි දොයියමු...මිහුක්....

මම කරේ සෙසඳුවගෙ අස්සට වෙලාම තව ටිකක් නිදාගත්ත එක...මූ ලග හරි සනීපයි අප්ප..ශෝක් එකට නින්ද යනවා..යන යන තැන මූව අරන් ගියානම් හරි හැබැයි...පාඩුවක් වෙන්නෙත් නෑ මූ කන්න එහෙමත් අරන් දෙනවනෙ...හී හී...

"නිවේන්!......."

දෙයියනේ නින්ද යාගෙන ආවා විතරයි මේ යකා කෑගැහුවනෙ...අම්මපා මූ මට නිදාගන්න දෙන්නෙම නෑනෙ...මහ රෑ මැද්දෙත් මුගෙ අහවල් බර නිදහස් කරගන්නකන් තනි රැක්කා...දැන් ආයෙ නින්දට කෙලියා..මේවට තමයි පෙර කල පව් කියන්නෙ...කරුමයක් ගෙවෙන්න තියෙනවා නම් හොදම යාළුවා වෙලා හරි පස්සෙන් එනවා එනවමයි...ඔන්න ආයෙ...

"නිවේන්.....නිවේන්...."

"මොකද මොකද...."

"අද...අද දිනේ කවද්ද....."

"අද 12 ඇයි....."

"අනේහ්....."

අද දොලහා කීවා විතරයි සෙසඳුවට දාඩියත් දාලා...ඒ මදිවට මූ ගොත්ත ගහනවා...ආ ඒ පාර මූ මොකද මේ phone එක දිහා බලන් නියපොතු කන්නෙ..බඩගිනි වෙලාද මන්ද..වෙන්න බෑ පෙනුමෙ හැටියට නම් පොර බයවෙලා...ඒත් මොකටද....

"මොකද බං ඔය...."

"මේ...."

මොකද බං කියලා අහන පමාවට මේකා මගෙ දිහාවට දික් කරේ නැතැයි phone එක..මූ මෙච්චර මොකටද බයවුනේ බලන්න phone එක අතට ගත්ත පාර තමයි මටත් දෙයියො බුදුන් සිහිවුනේ....ඒක msg එකක්..නොදන්න nmb එකකින් සෙසඳුවගෙ phone එකට ආපු msg එකක්...හරි ඒත් කමක් නෑ කියමුකො ඒකෙ තිබ්බ එක...

01.12

පරිස්සමින් 😈

එච්චරයි..ඒ msg එකේ තිබ්බෙම එච්චරයි..ඒත් මොකක්ද ඒකෙ තේරුම...මොකක් උනත් ඒක දැක්ක පාර මමත් බයවුනා යකෝව්... පරිස්සමින් කියන්න තරම් ඒකත් අදම....

"මොකක්ද බං ඒ...."

"මම දන්නවා නම් උබට කියනවද හුත්තො...."

"ඒකත් ඇත්ත නේද ඒයි..."

"විහිලු නෙවෙයි නිවේන් උබයි මමයි අද ගෙදරින් එලියට එක අඩියක් තියන්නෙ නෑ...එච්චරයි..."

"ඇයි මට තේරෙන්නෙ ලොකු කරදරයක් අත ලග කියලා..."

මට තේරෙන්නෙත් නෑ මොනවා වෙනවද කියලා...මගෙ චූටි මොලේට කොහෙද අනේ ඕවා තේරෙන්නෙ මිහුක්...දැන් ඉතින් ඕක හිත හිත ඉදලා හරියන්නෙ නෑනෙ...මම මූණත් හෝදගෙන ගිහින් කිරි දෙකකුත් හදාගෙන උඩට එද්දි අරූ දාගෙන අල්මාරිය අදිනවා..මුට නම් හොදම එකෙන් පිස්සු...හැයි අනේ මූ ගෙදරටත් අදින්නෙ ඉස්තරම්ම රෙදි...රිච් පීපල්ස්ලනෙ ඒකයි ඔය...මම ඉතින් උගෙ තේ එකත් මේසෙ උඩින් තියලා phone එක අතට ගත්තෙ fb පැත්තට පොඩ්ඩක් ඔලුව දාන්න....

"නිවේන්..."

"ඕ...."

"Film එකක් බලමු..."

"අනේ හා ඒයි..."

සෙසඳු කොම්ලා කියනකන්ම මට ඒක ගානක් ගියෙ නෑනෙ...ඒ උනාට මූ එක්ක film බලන්න බෑ ඒයිලා...මේ යකා ඔක්කොම කලින් බලලා කට කියවන්න එනවනෙ...ඕක වෙන්නෙ මෙහෙම,අරක වෙන්නෙ මෙහෙම,මෙයා මැරෙන්නෙ නෑ....ඕකගෙ කටේ තියෙන්නෙම ඕවා.....මට නිදහසේ බලන්නත් නෑ....ආආ පොඩ්ඩක් හිටහන් තව පොඩ්ඩෙන් පැංචට අමතක වෙනවා....

"සෙසඳු....කෝ උබේ කාර් එක..."

ඇත්තටම කෝ මුගෙ කාර් එක...තටු ඇවිල්ලා පියෑඹුවා වෙන්න බැරිද...නැත්තන් ඉතින් අයිතිකාරයා ඉදලා කාර් එක නැතිවෙන්න බෑනෙ...කාටවත් දුන්නා කියන්නත් බෑ...මොකද මූ ඕක මට ඇරෙන්න කාටවත් දෙන්නෙ නෑ...පනත් හරි මුගෙ ඔය ලදරමත් හරි...හරි හරි ඉතින් ලදරමත් කීවට ඒක හෙන වටින කාර් එකක් තමයි...ඒ උනාට පැංචට අනුව නම් ඒක ලදරමක්...

"ආ ඒකද..ඒක මම එහෙමම දාලා ආවා බං ඊයෙ...අර යකත් එක්ක උගෙ කාර් එකේ ආවේ...කොහෙද ඒ මිනිහා කෑගහන්න ගත්තනෙ...මගෙ කාර් එක අද ගෙනත් දාන්නම් කීවේ...ඔන්න ඔහෙ නිකන් හම්බෙන chance එකනෙ...."

"අප්පටසිරි එහෙමත් එකක්ද..."

"ම්ම්...."

බලන් ගියාම හිතන තරම් යකා කලුත් නෑ වගේ...වෙන කවුරුත් නෙවෙයි අනේ තාප්පයගෙ යාළුවා මිසක්...හේ හේ ඕනෙ එකක් අනේ...අරූට Film එකක් තෝරගන්න දීලා මම බැල්කනි එකට ගියෙ ටිකක් නිදහසේ ඉන්න බලන්...නිදහස කෙසේ වෙතත් ඊලගට දැක්ක දේත් එක්ක මට උන්හිටි තැන් පවා අමතක උනා....

"දෙයියනේ සෙසඳු........"

Good night පැංචනේ මම ගියා එහෙනම්...පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter