Back
/ 40
Chapter 13

12 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"දෙයියනේ සෙසඳු...."

මගෙ අතින් තේ එකත් අත ඇරුනා දෙයියනේ... මාව නිකන් ගැහෙනවා වගේ..එහෙන් වීදුරු කටු හැමතැනම...නිදහසේ ඉන්න කියලා බැල්කනි එකට ආපු මම දැක්කෙ හෙන හයේ හතරෙ මනුස්සයෝ පස් දෙනෙක්...හරි හරි උබලා දැන් අහන්න එපා මිනිස්සු පස් දෙනෙක් දැකලා මෙච්චර නටන්නෙ මොකද කියලා...අනේ යකෝව් උන් හිටියෙ සෙසඳුලගෙ වත්ත ඇතුලෙ...වත්ත ඇතුලෙ කියන්නෙ උන් මොනවද මන්ද හොයනවා..කලු පාටම ඇදගෙන මුන් නිකන් මැරයො වගේනෙ...ඒ අස්සෙන් දැකලා පුරුදු මිනිහෙකුත් ඉන්නවා වගේ පේනවනෙ....හනේ මං දන්නෙ නෑ යකුනේ...

"සෙසඳු...."

"මොකද යකෝ බෙරිහන් දෙන්නෙ...."

අනේප් හුත්ත ගහපන්කො මුට එකක්...යකෝ මූ film බලමු කියලා තාම අර මගුල් අල්මාරියක් බදාගෙනනෙ...බලපන්කො ශෝටක් විතරක් ගහගෙන කටු බොඩියත් එලියෙ දාගෙන ඉන්න ලස්සන...යකෝ මම මේ මෙච්චර කෑගහනවා මුට ගානක් නෑනේ...මට මූව මරන්න තරම් කේන්තියි....ආයිශ්....

"ඔය හුත්ත පැත්තකට දාලා වරෙන්කො යකෝ..."

"මොන මගුලක්ද නිවේන්...."

"ඇවිත් බලපන් යකෝ...."

"නි...නිවේන්....."

දැනුයි පගයට මාව මතක්වෙලා තියෙන්නෙ..

නෑ නෑ අනේ මම ගිහින් මූව ඇදන් ආවා..හැයි යකෝ මේ යකාට කිසි ගානක් නෑනෙ..දැන් බලකො අර යක්කු ටික දැක්කා විතරයි ගොත ගහපු ලස්සන...දෙන්න ඕනෙ පිට පුපුරන්න ඩෝං ගාලා පාරක්...ආ මෙන්න යකෝ මුට දාඩිය දාලා..ඊයෙට හපන් අද..අනේව් අර යක්කුත් මොනවා හොයනවද මන්ද..අන්න අන්න garage එක පැත්තට ගියා...සිරාවටම කවුද මුන්...සෙසඳුව දන්නවද දන්නෙ නෑ..හැබැයි පොරගෙ මූණ දැක්කම නොදන්නවා කියන්නත් බෑ..හිටහන්කො මේ ප්‍රශ්නෙ නිරාකරණය කර ගන්නකන්...ඊව් මේ අස්සෙ දාර්ශනික වදනුත් ඔලුවට එනවනෙ..නෙද්දකින් ඒස මොලේ..

"උබ මුන්ව දන්නවද..."

"මාව දාගෙන යන්න හැදුවෙ මුන් යකෝ..."

"හු#නවා දාලා...කෝ කලු වෑන් එක එතකොට.."

"නිවේන් නිවේන්..ඔය වක්කඩේ ටිකකට වහගනින්කො..."

ඉතින් ඇත්තනෙ අනේ මේ මූව දාගෙන යන්න හදපු එවුන් නම් කෝ කලු වෑන් එක...පැංචා වැරදි දෙයක් ඇහුවද ඒයිලා..මිහුක්..දැක්කනෙ පැංචගෙ කටට මූ වක්කඩේ කියපු ලස්සන..මම තරහයි ඔන්න..මට මූව ඕනෙම නෑ..නෑ කීවොත් නෑ නෑමයි..පැංචට දැන් හරීයට වෙනස්කම්...

"ආව්වා.....ඇයි අනේ ගහන්නෙ..."

මේ බූරුවට අත පය තියන් ඉන්න බැරිද මන්ද මගෙ ඔලුවට ගහන්නෙ..දෙන්න තියෙන්නෙ ඇට දෙක ලෙප්ට් වෙන්න..

"යකෝ මෙච්චර හරියක් වෙලා තියෙනවා තෝ වෙන වෙන මනෝ ලෝකවල..."

ඌප්ස් සොරි සොරි පැංචා පොඩ්ඩක් විතර wrong side ගියා...හනේ ඇත්තට මූ කියද්දිනෙ මතක් උනේ දැන් මොකද කරන්න ඕනෙ...මොන මාරාලයක් කඩා පාත්වෙන්න යනවද මන්ද...ඒත් ඉතින් උන් ඉන්නෙ එලියෙනෙ..ගේ ඇතුලෙ ඉන්න අපි මොකටද බයවෙන්නෙ...හා නැද්ද මම අහන්නෙ මොකද උන් දොර කඩන් එන්නද...දෙයියනේ දොර කියද්දිනෙ මතක් උනේ මම තේ හදන්න ගිය පාර දොර ඇරලා දාලා ආවා කියලා...හනේ පැංචා දැන් ගිහින් වහලා එන්නද...

"උබ කොහෙද ඔය දුවන්නෙ...."

"දොර වහන්න..."

"ඒක වහලනෙ..."

"මේ මේ මේකයි...."

"උබ...උබ මට කියන්න එපා............"

"තේ හදන්න ගිය වෙලාවෙ වැරදිලා දොර ඇරලා ආවනෙ...."

"නිවේන්!....."

කෑගහන්න එපා අප්පාවේ මගෙ කන..උදේ අර තාප්පයා දැන් මූ..ඇයි අප්පා මුන් ඔක්කොගෙම කටවල් මෙච්චර සද්දෙ..වැරැද්දක් උනා තමයි ඒකට ඉතින් ඔච්චර කෑගහන්න ඕනෙ නෑනෙ..මට බැන බැනම සෙසඳුවා කරේ ගිහින් කාමරේ දොර ලොක් කරපු එක...එතකොටම වගේ...

"එලියෙ මොකෙක්වත් නෑ බොස්..."

"යමන් ඇතුලට.."

ඒ..ඒ අර මිනිස්සුන්ගෙ සද්දෙ නේද..එතකොට!

එතකොට එලියෙ මොකෙක්වත් නෑ කීවේ මුන් ඇවිත් තියෙන්නෙ සෙසඳුව හොයාගෙනද..

අනේ එහෙම වෙන්න එපානේ..මමයි මූයි විතරයි ගෙදරටම ඉන්නෙ...මට බයයි දෙයියනේ..හැමදාම වගේ මම අදත් කරේ සෙසඳුවගෙ අතක් අල්ලන් අඩන්න පටන් ගත්ත එක...

"සෙ....සෙසඳු එ...එයාලා...ඔයාවද..ඒ හොය..හොයන්නෙ..."

"ම..මම දන්නෙ නෑ දෙයියනේ..."

මම බලාගෙන මම වගේම සෙසඳුවා උන්නෙත් බයවෙලා..ඌ අඩන්න බැරිකමට ඉන්නවා මිසක් නැත්තන් උගෙ ඇස්වලත් කදුලු පිරිලා..ඇත්ත..එහෙම නොවී කොහොමද මූම කියනවා නම් ඒ මූව දාගෙන යන්න හදපු එවුන් කියලා දැන් ඇවිත් තියෙන්නෙත් හොදකට වෙන්න බෑනේ..ආන්ටි සති දෙකකට ගෙදර නෑ..එයා එහෙම තමයි රට වටේම එක එක events...කොච්චර කොහොම උනත් එයාට සෙසඳු ගැන ගානක් නෑ...එයා හිතන්නෙ ජීවිතේම සල්ලි විතරයි කියලා..මේ ගිය දවස් ටිකට සෙසඳුවට එක කෝල් එකක්වත් ගත්තෙ නැති තරම්...නැති තරම් කියන්නෙ නෑ තමයි...අන්කල් නම් පුලුවන් හැමවෙලාවකම ගන්නවා..ඒ අතින් මනුස්සයා දාහෙන් සම්පතක්...කල්පනා කර කරම කිටි කිටියෙ අල්ලන් හිටිය සෙසඳුගෙ අත මට අතඇරිලා ගියෙ ඊලගට උන දේත් එක්ක..

"උබ ඇතුලෙ ඉන්නවා කියන්න මම දන්නවා..ඒ නිසා මැරුම් නොකා ඇරපිය දොර..."

ඒ අර මිනිස්සු..කාමරේ දොරට ගගහා කෑගහනවා දොර අරින්නලු..මම දන්නෙ නෑ..මම දන්නෙ නෑ...මගෙයි වැරැද්ද මට තිබුණා දොර වහලා එන්න..ඊයෙ මගෙ පස්සෙනුත් ආවේ ගේ හොයාගන්නද කියලා දැනුයි මටත් තේරෙන්නෙ...අනේ මම දැන් මොකද කරන්නෙ..මෙතනින් වෙන යන්න තැනකුත් නෑ..උන්ගෙ සයිස් එකේ හැටියට දොර කඩන්න බැරි කමකුත් නෑ....

"සෙ...සෙසඳු අනේ මොකද කරන්නෙ..."

"මට තේරෙන්නෙත් නෑ යකෝ..."

"මගෙයි වැරැද්ද මට..මට තිබුණා දොර වහලා එන්න...එහෙනම්...එහෙනම් මෙහෙම වෙන්නෙ නෑනේ..."

"ශ්ශ්ශ්...අඩන්නෙ නැතුව ඉන්නකො...මොන දේ උනත් උබට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ  මම ඉන්නකන්...."

එහෙම කොහොමද...මම විතරක් පරිස්සම් වෙලා මොනවා කරන්නද මූ පරිස්සම් නොවී...

අදත් ආවේ සෙසඳුව අරන් යන්නද දන්නෙ නෑ..අනේ.....අඩ අඩ හිටපු මට එතකොටම මතක් උනේ තාප්පයව...මොන හේතුවකට මතක් උනාද කියලා නොදන්නවා උනත් මගෙ ඔලුවට ආපු එකම මනුස්සයා එයා..මම දන්නෙ නෑ...හැබැයි මම එක දෙයක් කියන්න ඕනෙ.. ඒ තමයි එයා මට මොන තරම් රිද්දෙව්වා උනත් පිට මිනිස්සු ඉස්සරහදි එයා ලගින් පුදුම ආරක්ෂාවක් මට දැනුනා...හරි හරි බං හිනාවෙන්න එපා ඇත්ත කීවේ...මේ ඉන්න තත්වෙත් එක්ක මට හුරතල් වෙන්න බෑ...ඉතින් මම කරේ උදේ එයා මට කෝල් කරපු nmb එකට කෝල් එකක් ගත්ත එක..එයා ආන්ස්වර් කරයිද..සමහරවිට නැති වෙයි...හැමවෙලේම මාව මරන් කන්න බලන් ඉන්න එයා මගෙ කෝල් එක ආන්.....නෑ ඉන්න..දෙයියනේ එයා ආන්ස්වර් කරලා...

"හෙලෝ...."

වෙනදට ඇහුනත් එපා වෙන කටහඬ අද මට නිකන් බෙහෙතක් වගේ...

"මම ආයෙ කියන්නෙ නෑ...ඇරපන් බල්ලො මේ දොර..."

ඒ අස්සෙ අරුන් දොර කඩන්න හදනවා...

"හෙලෝ..හෙලෝ නිවේන්...."

"හෙ..හෙලෝ...ම..මට..."

"නිවේන් මොකද උනේ තමුසෙ ඔය අඩනවද..."

"උ...උදව් කරන්න...අ..අපිට...උ............"

"ඩෝං......"

"නිවේන්....."

ඒත් එක්කම වගේ දොර ගැලවිලා ගියෙ සෙසඳුව ඒ සද්දෙටම බිම වැටෙද්දී...තාප්පයගෙන් උදව් ඉල්ලන්න ගිය මම කරේ බයටම කෝල් එක කට් කරපු එක..මට අන්තිමට ඇහුනෙ කලබල කටහඬින් එයා නිවේන් කියනවා විතරයි...බයටම මට වචන පිට උනෙත් නැති තරම්...

"මම උබට සැරයක් හොදින් කීවා....ඔහ් හෝ මේ අපේ චූටියත් ඉන්නෙ..."

ආයෙත් අර ජරා නම..වෙනසකට තිබුණෙ වෙනදට දේශාන්ගෙ කටින් ඇහෙන නම අද උගෙ යාලුවගෙ කටින් ඇහුන එක..හ්ම්..ඒ හිටියෙ එයා...දොර කඩන් ඇතුලට ආවේ වෙන කවුරුත් නෙවෙයි දේශාන් කාරයගෙ යාළුවා..දෙයියනේ එතකොට සෙසඳුව අරන් යන්න හැදුවේ ඒ මූද ඒත් ඇයි...ඌත් එක්කම ඇතුලට ආපු අනිත් හතර දෙනා බලන් හිටියෙ නිකන් වදකයො හතර දෙනෙක් වගේ....මූට වඩා බයයි උන් දැක්කම..ගැමුණු යෝධයත් කඩල ඇටයක් වෙනවා මුන් ඉස්සරහ...ඒ අස්සෙ සෙසඳුවා බිම වැටීගෙනම කියවනවා..

"උට අතක් හරි තිබ්බොත් මම උබව මෙතනම බාවනවා..."

හනේ කටවහන් හිටපන්කො..ඇයි යකෝ මෙතනින් පැනලා යන්න විදිහක් හිතන්නෙ නැතුව එකට එක කියන්න යනවා...

හැප්පෙන්න පුලුවන් එකෙක් එක්ක නම් එල්ලුනත් කමක් නෑ...හැබැයි එතනින් එහාට අරූ කියපු කිසි දෙයක් සෙසඳුට තියා මටවත් විශ්වාස කරන්න බෑ...

"මිසිස් නයෝමි පෙරේරගෙ එකම පුතා සෙසඳු මන්දිල් සමරදිවාකර...එතකොට මම මිස්ටර් ගජනායක ඇමතිතුමාගේ බාල පුතා ශෙවෝන්.."

"මො...මොකක්..."

"පුදුමයි නේද...."

දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ එතකොට මූ ඇමති පුතෙක්ද...හනේ බලපල්ලකො අපිටත් ඉදලා ඉදලා කැරකෙන නඩු..යකෝ ඇමති පුතෙක්නම් අර අහවල් එකකටද මේක අස්සෙ රිංගන්න ආවේ...ඌ ඇමති පුතෙක්ය කියපු ඌ තනි අතින් සෙසඳුවව උස්සලා ගත්තෙ ඌ පරඩැල වගේ ඉස්සිලා යද්දි...මොනවා උනත් සෙසඳුවගෙ කටනම් විසි හතර පැයම වැඩ..

"උබ මොකා උනාම මට මොකද යකෝ අත ඇරපන් මාව...."

"හහ්...උබ හිතුවද මම එහෙම ලේසියෙන් උබව අතඅරී කයලා...එහෙමනම් උබට වැරදිලා.."

"උබ හින්දා එදා මම කොහෙවත් යන එකෙක්ගෙන් ගුටි කෑවා...ඊයෙත් ඌම ගෙන්නලා මට සද්දෙ දැම්මා....ශිට්...ඌ නොහිටින්න මම ඊයෙම මට ඕන දේ අරගෙන.."

"මොනවද උබට ඕනෙ ආ...මොනවද උබට මගෙන් ඕනෙ..."

"උබව..."

"හහ්..."

"හහ්..."

මටයි සෙසඳුවටයි දෙන්නටම එකපාර කෑගැස්සුනේ ඌ කියපු දේ අහලා..එදා වගේමයි උගෙ මූණෙ තිබුනෙම පෙරේතකම.. ඌ සෙසඳුවා දිහා බලන් හිටියෙ හරියට නිකන් කෑමක් දිහා බලනවා වගේ...

"උබ හිතුවද යකෝ උබට ඕන ඕන විදිහට නටනකන් මම බලන් ඉදී කියලා..."

"අනිවාරෙන්...අල්ල ගනින් අරූව..."

"ආ අත..අත..අරිනවා මාව..."

එහෙම කියපු පමාවට අර මිනිස්සුන්ගෙන් දෙන්නෙක් ඇවිත් මාව අල්ලගත්තෙ ඒ සැරට මට ඉබේටම දණගැස්සෙද්දි...එපානේ මෙහෙම කරන්න එපානේ...ඌ වැරැද්දක් කරලා නෑ දෙයියනේ...මම බලාගෙන මුන් දෙන්නා මාව අල්ලගනිද්දි සෙසඳුවගෙ ඇස් ගැස්සෙනවා.. ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ මුන් තිබ්බෙ නැතැයි මගෙ ඔලුවට පිස්ටල් එකක්...හනේ දෙයියනේ කොකා ගස්සන්න නම් එපා...පැංචට දැම්ම මැරෙන්න බැරියෝ.. ආයිශ් ඒ අස්සෙ සිගිති අදහසුත් ඔලුවට එනවනෙ...කලින් කීවත් වගේ මේවා මහ ඒස මොලවල්...

"ඌව අත..ඇරපන් යකෝ..."

"එහෙනම් මට ඕනෙ විදිහට වැඩ කරපන්... නැතතන්..."

"නෑ නෑ ම..මම ඕනෙ දෙයක් කරන්නම්..."

"ගුඩ් බෝයි..."

මට කෑගහලා කියන්න ඕනෙ අපිට යන්න දෙන්න කියලා....ඒ උනාට මේ මිනිස්සු මොකක්දෝ මන්ද රෙදි කෑල්ලකින් මගෙ කට බැන්දනෙ...මෙච්චර වෙලා අඩන්නෙ නැතුව හිටපු සෙසඳුගෙ කම්මුල් දිගේ කදුලු වැක්කෙරෙනවා...අනේ ඌ පවු දෙයියනේ..උට මෙහෙම කරන්න එපා...තමන්ගෙම ගෙදරට ඇවිත් මෙහෙම කරන්න...මනුස්සයන්ට එහෙමත් පුලුවන්ද...හහ් මට අමතක උනානේ මේ ඇමති පුතෙක් කියලා..එතකොටම වගේ මම ගාවට ආපු අර මිනිහා කියපු දේට මාව සීතල වෙලා ගියෙ ඉබේටමයි...

"දැන් බලන් හිටපන් උබේ ඇස් ඉස්සරහම උබේ යාළුවා මගෙ අතින් විනාශවෙන හැටි..."

"ම්හ්ම්...ම්හ්ම්...."

එහෙම කියලා මගෙ මූණටත් තට්ටුවක් දාපු අර මිනිහා සෙසඳු ලගට ගියෙ මම මට පුළුවන් උපරිම සද්දෙන් කෑගහද්දි...කට බැදලා තිබ්බත්

පුළුවන් විදිහට මම ඒක කරා...හැබැයි වැඩක් උනේ නෑ...සෙසඳුවව මගෙ ඇස් ඉස්සරහම ඇදට තල්ලු කරපු ඒ මිනිහා උගෙ ඇග උඩට නැගගත්තෙ තප්පර ගානකට මගෙ අහිංසකයා ඒ අත්වලින් ගැලවෙන්න දගලද්දි..බේරෙන්න පුළුවන් කම තියෙද්දිත් මම නිසාම ඌ අර පාහරයට යටවෙන්න හිත හදාගන්න ඇති...මොකද...

"උබ දැගලුවොත් වන්දි ගෙවන්න වෙන්නෙ උබේ යාළුවට...."

"අනේහ්...උ..උට මු...කුත් කරන්න එපා..."

දෙයියනේ මගෙ කොල්ලා..කවදාවත් නැතුව ඌ ඉකිගහනවා...අනේ එපානෙ මම නිසා උබ ඔහොම විනාශවෙන්න එපානෙ...මට පුළුවන් උනේ ඌව බේරලා දෙන්න කියලා  දෙවියන්ගෙන් ඉල්ලන එක විතරයි..මම කියලා වෙන මොනවා කරන්නද...

අර පාහරයා මගෙ ඇස් ඉස්සරහම උගෙ ඇදුම් එකින් එක ගලවලා දාන්න පටන්ගත්තෙ මම මලමිනියක් වගේ ඒ දිහා බලන් ඉද්දි...මම නිසාද උට එහෙම උනේ...බේරෙන්න පුළුවන් කම තියෙද්දිත් මම නිසාද මගෙ අහිංසකයට මෙහෙම උනේ...සෙසඳුගෙ ඇගටම ඉතුරුවෙලා තිබුණෙ මාත් එක්කත් රණ්ඩුවෙලා ඊයේ රෑ ඇදගත්ත යට කලිසම විතරයි...ඌ ඔහේ බලන් ඉන්නවා...මම මෙතන ඉදන් කරගන්න දෙයක් නැතිකම නිසාම ඌ දිහා බලන් ඉන්නවා.....සෙසඳුවා දිහා ටික වෙලාවක් බලන් හිටපු අරූ සෙසඳුවගෙ තොල් වලට පාත්වෙනවත් එක්කම.......

"පාහරයා...මම එදා උබට මොකක්ද කීවේ ආ..."

දෙයියනේ ඒ තාප්පයගෙ යාළුවා...කොහොමද

එයා මේ වෙලාවේ මෙතනට ආවේ...එයා තනිකරම යකෙක් වගේ...ආපු ගමන් සෙසඳුවගෙ ඇග උඩ හිටපු අරූව ඇදලා ගත්තෙ මොන තරම් වේගෙකින්ද කියන්න මටවත් හිතාගන්න බෑ...අර මිනිහගෙ කටින් ලේ විසික් වෙනකන්ම එයා අරූට ගැහුවා..ඒත් එක්කම වගේ කාමරේට ආව තව මිනිස්සු වගයක් මාව අල්ලන් හිටිය මිනිස්සු දෙන්නටයි අනිත් උන් දෙන්නටයි ගැහුවෙ බයටම උන් වැටි වැටි දුවද්දි...

"මම මේක ලේසියෙන් අතඅරින්නෙ නෑ...මටත්

දවසක් එයිනෙ අන්න එදාට අනිවාරෙන් මෙන්න මූ මේ මගේ..."

ගුටි කෑවා මදිවට තව පඩි ටෝක් දීපු ඇමති පුතත් ක්ෂණිකවම අතුරුදහන්...සෙසඳුවා තාම බලාගත්ත අත බලාගෙන ඉන්නවා...ඒ දිහා බලාගෙන නැගිටින්න ගිය මාව පස්සට විසික් උනේ කවුරු නමුත් හෙන දරදඬු අත් දෙකකට මාව මැදිවෙද්දි...

"දෙයියනේ මම බයවුනා නිවේන්...තමුසෙට කරදරයක් නෑ නේද..."

"ඔ...ඔයා...."

ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි තාප්පයා..එයා උන්නෙ මාව හරි තදේට එයාට තුරුලු කරගෙන....ඒත් ඇයි...එයා බයවෙලාද..මම එයා දිහා බලපු ගමන් එයා කරේ වෙනද වගේම මට බැනලා මාව ඈත් කරපු එක...මේ මිනිහගෙ වෙස් පෙරලෙනවද මන්ද....එයා මාව අත ඇරපු ගමන් මම දීවේ සෙසඳු ලගට...අනේ මම යනකොටත් තාප්පයගෙ යාළුවා ඌව බෙඩ් ශීට් එකෙන් ඔතලා එයාට තුරුලු කරගෙන...සෙසඳුවත් පොඩි එකා වගේ එයා අස්සට වෙලා ගුලිවෙලා...අනේ මේකා ගැහෙනවා දෙයියනේ...

"සෙසඳු....අනේ සෙසඳු..."

"නි...නිවේන්..."

"අනේ මට සමාවෙයන් බං මම නිසයි උබට මෙහෙම උනේ...අනේහ්..."

"ශ්ශ්ශ්....දැන් ඒක ඉවරයි හරිද...කෝ කදුලු පිහදගන්න..."

මම කරේ සෙසඳුව බදාගෙන ඇති තරම් අඩපු එක...ඇත්තමයි අර දෙන්නා ආවේ නැත්තන් මුට මොනවා වෙයිද...හැබැයි අරූ මේක ලේසියෙන් අතඅරින එකක් නෑ මට ඒක හොදටම ශුවර්...ඇමති පුතෙක් කියන්නෙ ඉතින් ලේසි නෑනේ....මට මූව නැති කරගන්න බෑ දෙයියනේ...

"තමුසෙලා දෙන්නම ලෑස්ති වෙනවා අපිත් එක්ක යන්න........"

***ලමයි ඉස්සරහට තව ටිකක් දරුණුවට දෙන්නම් හරිද...දැන්ම ඒකට හිත හදාගන්න බෑ අප්පා කොල්ලො දෙන්නා තාම සූටිනේ.🤧😫

හේ හේ ලමයි ආයෙ හෙට එන්නම් හරිද..බායි බායි පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤

අනේ ලමයි මට අද ගෝල් දෙන්න වෙන එකක් නෑ...රෑ වෙලා හදිස්සි ගමනක් යන්න වෙලා...ඒ නිසා තරහ වෙන්න එපා හෙට උදේ වරුවේ දෙන්නම් හරිද🤧..

@Diyana_45 🖊mention a user

Share This Chapter