Back
/ 40
Chapter 14

13 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"බලන් ඉන්නෙ නැතුව ඔය රෙදි ටික දාගනින්කො නිවේන්...."

"මම දැන් සැරයක් කීවනේ මට බෑ කියලා..බෑ කීවොත් බෑ බෑමයි..."

"අනේ තෝ නටපන්.."

"මම දන්න නැටුමක් නෑ..හැබැයි මම ඔය භූත බංගලාවට එන්නෙත් නෑ.."

"මගෙන් කුණුහරහ නාහා ඔය කඩමලු ටික දාගන්නවද නැද්ද..."

"තමුසෙ ඔය කඩමලු කීවේ මගෙ රෙදි වලටද ඈ...කියනවා මගෙ රෙදිවලටද කීවේ..."

"නිවේන්!..නිවේන්!....ඔය මකර කට එක විනාඩියකට වහගනින්කො යකෝ.."

ආ ආ පේනවා නේද මේ ගස් බල්ලා කියපු අවලම් කතාව...මගෙ කටටනෙ මේකා මේ මකර කට කීවේ....ඒ අස්සෙ මගෙ සස්සන රෙදි ටිකට කඩමලු කියලත් කීවා..අනේ මේ අපතයට වැහි නැති හෙන ගහනවා මට මේ කරන අපහාස වලට....මූ මේ උදේ නැගිට්ට වෙලේ ඉදන් එකම බෙරේ ගහනවා ගහනවා ඉවරයක් නෑ...නැගිට්ටෙත් රෙදි කියාගෙන..මොන කරුමයක්ද මන්ද...පෙනේද සෙවල ගඩාපියා රෙදිත් ඔලුවෙ ඉදන් පොරෝගෙන ඉන්න ලස්සන...ආයිශ් මට නිකන් ඩිට්ටේසන් වගේ බොලව්...

හේ හේ ඔයැයිලව නිකන් කරකවලා අතඇරියා වගේද...ඌප්ස් සොරි සොරි අනේ පැංචට රවන්න එපානෙ ඉතින්..මේකගෙ බහුරූ කෝලම් නිසා මට ඒක කියන්නත් අමතක උනා...මේකයි හරිද ඊයෙ අර ඇමති පුතා මුට නැතත් මටනම් හොදම එකෙන් ඇරලා ගියෙ...මතක් වෙද්දිත් කේන්තියි අනේ...අනේ යකෝව් එහෙම ඇරිල්ලක් ගැන නෙවෙයි කීවේ...මුට අරින්න ආපු එකා මට අරින්න උබලා හිතුවද උට මොලේ කොලොප්පම් කියලා...හරි හරි අහගන්නලාකෝ එහෙනම්...ඊයෙ අර මුස්පේන්තුවො දෙන්නා ආවනේ...ඔව් ඔව් තාප්පයයි උගෙ සුකුරුත්තන් යාලුවයි තමයි...ඔක්කොටම කලින් අපිව බේරගත්ත එකට මගෙ හදපිරි මෙව්වා එක..මොනවා උනත් ඒවා අමතක කරන්න නරකයි...උන් දෙන්නා නොහිටින්න මයෙ සෙසඳු කොම්ලා අර උරුලෑවා අතින් බඩ වෙලානේ....දෙයියනේ දෙයියනේ මෙව්වනේ යකෝ ජෝක්ස්...පැංචගෙ මොලෙත් දැන් එන්න එන්නම නරක් වෙනවා...මිහුක්....

හරි හරි ඒවා වැඩක් නෑ ඒයිලා අහගන්නකො...මුන් දෙන්නා අපිවත් බේරගෙන අරුන්වත් පන්නලා කීවේ නැතැයි "තමුසෙලා දෙන්නම ලෑස්ති වෙනවා අපිත් එක්ක යන්න........" යන්න කියලා...හනේ මම ඒක එවෙලෙ වැඩිය හිතුවෙ නැති උනාට දැන්නම් හිතන්නෙ නැතුව බෑ ඒයිලා...වෙන මුකුත් නෙවෙයි ඒ කියලා තියෙන්නෙ මාසයක් යනකන් සෙසඳු කොම්ලයි මායි ඒ නරියො දෙන්නගෙ apartment එකේ ඉන්නෙ කියලා....safe තැනක් හොයාගන්නකන් අද ඉදන් අපි එහෙ....මේ බූරුවා උදේ ඉදන් රෙදි පැක් කරනවා...පුදූම පුකේ අමාරුවක් මුට තියෙන්නෙ අර භූත බංගලාවෙ ලගින්න යන්න...අනේ ඔන්න මටනම් බෑ...බෑ කීවොත් බෑ බෑමයි....හරි මෙහෙ ඉන්න බෑමයි කියමුකො ඇයි ඇයි මුට බැරි වෙන තැනක් හොයාගන්න....හනේ මගෙ ඔලුවත් කැක්කුමයි යකුනේ...

"නිවේන්!....."

"ඇයි ඇයි අනේ ඇයි..."

"මම දැන් කීපාරක් උබට කීවද ආ...කීපාරක් කීවද...කීවාම අහලා මේ ටික දාගනින් යකෝ..."

"අනේ මට එහෙ යන්න බෑ ඒයි..."

මෙයාට ඕවා තේරෙන එකක්ද අනේ...නිකමට හිතන්නකො office එකේ ඉන්න පැය ගානට අර යකා අච්චර මාව මරන් කන්න හදනවා නම් ගෙදරටම ගියොත් මට මොනවා නොකරයිද...මුට මේවා කියන්නද..බෑනෙ බෑනෙ...කෝකටත් puppy mood ඔන් කරලා බලමුද...බැරිවෙලාවත් හිත උණු උනොත් එහෙම කියන්න බෑනේ හී හී...එහෙම හිතපු මම කරේ හැමදාම වගේ අඩන්න ගත්ත එක..

"නිවේන්...නිවේන් ඇයි මේ...අනේ මම අඩන්න තරම් දෙයක් කීවේ නෑනේ ලමයෝ..."

හේ හේ ආවා ආවා කොම්ලා ආවා...තව සූට්ටක් සද්දෙ වැඩි කරානම් හරි...

"ඉහික් ඉහික්..."

"ඇයි දැන් මේ අඩන්නෙ..."

"මට...මට එහෙ යන්න බෑනේ..."

"බෑ කියලා බෑනේ නිවේන්...ම්ම්ම්.."

"අනේ ඒයි...."

එහෙම කියපු පාර සෙසඳු කරේ මාව උගෙ උකුලට අරන් උට තුරුලු කරගත්ත එක..අනේ මේකා ලග හරි සනීපයි දෙයියනේ...මම මෙහෙම ඉන්න පුදුම ආසයි...මම අඩන ගොඩක් දවසට සෙසඳු මෙහෙමයි...මම අඩලා ඉවර වෙනකන්ම මාව උගෙ ලගට අරන් ඔලුව අතගානවා...වෙලාවකට යාලුවෙක් වෙන ඌම තවත් වෙලාවකට මට මගෙ තාත්තා වගේ..කවුරුහරි මගෙන් ඇහුවොත් උබ මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කාටද කියලා දෙපාරක් නොහිතා මම පෙන්නන්නෙ සෙසඳුව..මට දැන් ඌ තරම් වෙන කවුරුත් නෑ....මම ඉතින් හොරාට උගෙම කමිසෙන් හොටු ටිකත් පිහිදගෙන හිමීට ඌ දිහා බැලුවා....මම බලනකොට ඌ බැල්කනි එකෙන් එලිය බලන් මොනවදෝ කල්පනා කරනවා...

"සෙසඳු..."

"ම්ම්ම්...."

"අනේ මෙහෙ බලන්නකො ඒයි..."

"කියන්න නිවේන්..."

"ඔයැයි මොනවද ඔච්චර කල්පනා කරන්නෙ..."

මම එහෙම අහපු පාර කවදාවත් නැති තරම් තදට ඌ කරේ මාව උට තුරුලු කරගත්ත එක...හරියට නිකන් එක තප්පරේකට හරි අතඇරියොත් මාව උට නැති වෙයි වගේ...හැබැයි තාමත් සෙසඳු හිටියෙ කොහෙදෝ මන්ද ඈතක් බලාගෙන..දැන් ටිකකට කලින් මාත් එක්ක රණ්ඩු උන කොල්ලමද කියලා හිතෙන තරම් ඒ මූණ වෙනස්වෙලා...දුකකටද නැත්තන් ඒ වෙන මොකක් හරි දේකටද කියලා මටවත් හිතාගන්න බෑ..

"නිවේන්..."

"ඇයි ඒයි...."

මොනවා නැතත් ලොකු කතාවක් කියන්න වගේ සෙසඳු කරේ මගෙ මූණට එබුන එක..පොරගෙ පෙනුම නම් හෙනම සීරියස් පාටයි....මූ කලාතුරකින් දවසක ඔහොම සීරියස් උනොත් තමයි...නැත්තන් ඉතින් මට වගේම මුටත් නට් ලූස් තමයි...කිසි වෙනසක් නෑ...

"නිවේන් මේ අහපන්...මම දන්නවා උබ කැමති නැතුව ඇති පිට තැනකට යන්න ඒත් මටත් මේ වෙලාවේ වෙන කරන්න දෙයක් නෑ බං...උබම හිතපන් උන් ලේසි පහසු මිනිස්සු නෙවෙයි..අපි පොලීසි ගියත් වැඩක් වෙන එකක් නෑ...අපි දෙන්නා තනියම හිටියොත් උන් ආයෙ අපිව අල්ලගනී...මට මොනවා උනත් කමක් නෑ ඒත් උබට හිරීමක්වත් වෙන්න දෙන්න මට බෑ..උබ හුරතලේට හැදිච්ච එකෙක්...මේ බලපන් දැනුත් පොඩි එකෙක් වගේ මට ගුලිවෙලා ඉන්න ලස්සන...එහෙව් උබට ඒ පාහරයන්ගෙන් කරදරයක් වෙන්න දෙන්න මට බෑ...උබ මගෙ මල්ලිනෙ නිවේන්...අයියෙකුට පුළුවන්ද තමන්ගෙ එකම මල්ලිව නැති කරගන්න...කීයටවත් බෑ නිවේන් කීයටවත් බෑ...ඒ නිසා හොද එකා වගේ මාත් එක්ක යමු...ම්ම්ම්...."

"අනේහ්...."

කලින් බොරුවට අඩපු මට දැන්නම් ඇත්තටම ඇඩුනා...සෙසඳු කියපු වචනවලට අඩන්නෙ නැතුව ඉන්න තරම් මගෙ හිත හයිය නෑ..මම දන්නෙ නෑ තාප්පයයි එයාගෙ යාළුවයි ඇයි අපි දෙන්නව මේ තරම් පරිස්සම් කරන්න හදන්නෙ කියලා...ඊයෙත් ඒ දෙන්නා ආපහු ගියෙ එයාලගෙ මිනිස්සු පස් දෙනෙක්ම අපි එක්ක තියලා....පතාලෙද මන්ද අනේ...ඔහෙ ඕනෙ එකක්..දැන් ඉතින් පැංචත් ලෑස්ති වෙන්න එපැයිනෙ...සෙසඳුට ආයෙ කරදරයක් වෙනවට අකමැති නිසා යනවා මිසක් නැත්තන් මගෙ බල්ලවත් යන්නෙ නෑ ඔය මුස්පේන්තුවෝ ලගට...ඇයි අනේ ඒ මිනිස්සු දෙන්නා ආසාවටවත් හිනාවෙන්නෙ නෑනෙ....

"කෝ දැන් නැගිටලා රෙදි ටික දාගන්න නිවේන්..."

"මිහුක්...."

"ඒ පාර මොකද..."

එහෙම නිකන්ම යටත් වෙන්න බෑනෙ... මොනවම හරි ඉල්ලගන්නම වෙනවා..හේ හේ චුච්චු චුට්ටක් තිබ්බොත් නම් පැංචා සතුටින්...අනේ මේවගෙන් එන චුච්චුවක් නම් නෑ ඒ උනාට මම ආසයිනෙ...හේ හේ...මම කරේ සෙසඳුවගෙ උකුලෙ ඉදන්ම උගෙ ටී-ෂර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගලවපු එක...පැංචට ඕනෙ උනොත් ඕනෙම තමයි..හොදින් හරි නරකින් හරි...

"නිවේන්!......පොඩ්ඩක් හුරතල් කරාම එනවද මගෙ කරේ නගින්න ආ...."

"අනේ ඒයි පොඩ්ඩක් දෙනවකො..."

"නෑ නෑ අද ඕනෙ නෑ....මගෙන් පස්ස රත්වෙන්න දෙකක් කනවද ලෑස්ති වෙනවද..."

"මහ නරකයෙක්...."

මේකා නම් මහ පුදුම නරකයෙක් තමයි..ඇයි අනේ පැංචට චුට්ටක් දුන්නා කියලා ගෙවෙනවද..නෑනෙ නෑනෙ...හනේ මටත් ඕනෙ නෑ මුගෙ මහලොකු චුච්චු..ලොකුකම විතරක් තියෙන..මම ගිහින් තාප්පයගෙන් ඉල්ල ගන්නවා..හැයි අනේ....හෑ ඔහෝම හිටහන් මොකක්ද යකෝ මම ඒ හිතපු කුණුහරපේ...ඊව් නිවේන් තෝ නම් මහ ඒසයි යකෝ...අර පොල්පිති නාම්බගෙන් කිරි බොන්න...යසට තියෙයි...අනේ වැරදියට හිතන්න එපා හරිද පැංචගෙ කටට බ්‍රේක් නෑනෙ ඒකයි මේ...නැතුව ඕනවට කීවා නෙවෙයි හරිද...මේ සෙසඳුගෙ ඇට දෙක පල්ලා පැංචා මේ ඇත්තමයි කියන්නෙ...

බේරෙන්නම බැරි තැන මමත් ඉතින් ඇදුම් ටිකත් දාගෙන ලෑස්ති උනේ තාප්ප මන්දිරේ බලා පිටත්වෙන්න....රාහු කාලේ ඇරලා එලි බහින්න බැරිවෙයිද දන්නෙ නෑ....නෑ ඉතින් වෙන්න තියන අතුරු ආබාධ ටිකක් හරි අඩු වෙන්නෙ නැතැයි...

"නිවේන්..."

"මොකද මොකද අනේ මගෙ නම පාඩම් කරනවද..."

ඇයි අප්පා කොයි වෙලෙත් නිවේන් නිවේන්..නිවේන් නෙවෙයි බොල සහස්‍රක කියාපිය....සෙවල ගඩාපියා...

"තෝ ඕක කොහෙ අරන් යන්නද ඔය කිහිල්ලෙ ගහන් ඉන්නෙ..."

"ආ ආ ඇයි ඇයි සුමනෙ නැතුව මම කොහෙවත් යන්නෙ නෑ හරිත..."

"ඉදකින් බලපිය ඒ නමේ කැත..."

"අනේ මේ ඒයි තමුසෙට ඒකෙන් වැඩක් නෑනෙ මායි සුමනෙයි ඒක බලාගන්නම්...නේද සුමනයෝ..."

"සුමනෙත් එක්ක එකතු වෙලා කොරයි උබ මට.."

ගහපියකො මෙන්න මුට එකක්...ඇයි අනේ සූකිරි කැටේ වගේ ඉන්න මගෙ සුමනයට වචන කියනවා...හේ හේ සුමනයා කියන්නෙ කවුද බැලුවද...ඒ තමයි මගෙ සුකුරුබුකුටු ටෙඩී කොල්ලා...හනේව් මගෙ සන් කඳ...මෙයැයි නැතුව මට නින්ද යන්නෙ නෑ ඒයිලා... මිහුක්..සුමනයා කීවට කොල්ලා හැන්ඩියා හරිත...මම මෙයාව වැඩිය ජනතාව අතරට එවන්නෙ නෑ අනේ මෙයාව කන්න හදනවනෙ...චොකලට් මාරි වගේද අනේ මගෙ සුමනයා...ඊව් ඊව් උම්මා කැටේ මගේ...දැනුන කිචියට මම ඉතින් කට පුරවලම සුමනයට හාච්චියක් දුන්නා...ඒ අස්සෙ සෙසඳු පගා ආයෙම විස්සෝප වෙලානෙ...

"ඕක පස්සෙ ඉබ ගනින් දැන් යමන් පරක්කු වෙනවා නැත්තන්..."

"ඔයාට ඉරිසියයි නේද මම ඔයාට වඩා සුමනයට ආදරේ නිසා..."

"අනේ පකක් කතා නොකර වරෙන් යන්න..."

හනේව් මේ යකා මාව ඇදන් ගියානේ ඒයිලා..මමත් ඉතින් මරන්න ගෙනියන හරකා වගේ උගෙ පස්සෙන් ඇදිලා ගියා...අපි ගියෙ සෙසඳුවගෙ කාර් එකේ...ඒ උනාට අපේ bodyguardලා පස් දෙනත් අපි පිටි පස්සෙන්ම ආවා හරිත....මට නිකන් ජනාධිපති feeling එකකුත් එනවා එනවා වගේ...හනේ පැංචට නිකන් කිචි කිචි වගේ...මිහුක්...

"මොකද යකෝ ඇබරෙන්නෙ කිරිපණු ගායද..."

"කීවා කියලා හිතාගනින්කො..."

නිදහසේ මනෝ පාරක්වත් ගහන්න දෙන්නෙ නෑනෙ මේ සෙවල පඩස්තරයා...මම ඉතින් වටපිට බල බලම ආවා...එනකන් දන්නෙ නෑ අනේ...මේක මහ විශාල flat එකක්නෙ දෙයියනේ...තාප්පයා ඉන්නෙ කෝකෙද දන්නෙ නෑ....හේ හේ දැන්නම් පැංචට ආසයිත් වගේ..මේක මාර ලස්සනයිනෙ හලෝව්....

"කීවෙනි එක කියලද ඒයි කීවේ..."

මම ඉතින් කෝකටත් කියලා සෙසඳුවගෙන් ඇහුවෙ දැන ගැනීම පිණිස...නැතුව වෙන දේකට එහෙම නෙවෙයි හරිද...

"අටවෙනි තට්ටුවේ 351 වෙනි එක කියලා තමයි කීවේ..."

"උබට ශුවර්ද...."

"මතක විදිහට ඔව්..."

මම ඉතින් සෙසඳුත් එක්කම ගිහිල්ලා අදාල ගේ ලගින් හිටගත්තෙ මගෙ පපුව අසූහාරදාහට ගැහෙද්දි...හනේ පැංචට බයයි යකුනේ...ඔහෙ ඕනෙ එකක් කියලා බෙල් කරලා බලමු නේද..මොකද ඉතින් ආපහු යන්න කියලද...බෑනේ බෑනේ...මම ඉතින් සෙසඳුවටත් ගස්සගෙන දොරටත් හේත්තුවක් දාගෙනම බෙල් කරේ හෙනම ගැම්මට...හැබැයි ඉතින් ගැම්ම දෙපිටින් යන්න මහලොකු වෙලාවක් ගියෙ නෑ...

"ඕහ් හෝ කවුද මේ කියුට් බෝයි ම්ම්ම්...."

සුමනයා කියන්නෙ අපේ අයියගෙ බලු තඩියගෙ අන්වර්ථ නාමය හරිද..මම ඒ නම පැංචගෙ ටෙඩියට තිබ්බා සරලයි සුන්දරයි..හේ හේ 👀🤭😂❤

හරේ හරේ මම ගියා එහෙනම්..පරිස්සමින් ඉන්න බුදුසරණයි...ආදරෙයි හැමෝටම😚❤

Good night ❤

@Diyana_45 🖊mention a user

Share This Chapter