Back
/ 40
Chapter 16

15 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

දැන් වෙලාව.....ඌප්ස් ඉන්න අනේ බලන්න.. පැංචටත් වෙලාව ගානක් නැතුව නොවැ මේ මහ පාන්දර නැගිටගෙන නටන්නෙ...පේන්නෙත් නෑ අනේ කලුවරේ...මම මේ ඇදේ හැම තැනම අතගාලා බැලුවෙ කෝ මගෙ phone එක කියලා...මිහුක්...අනේ ඒක නෑනේ ඒයිලා...අනේ හොයාපල්ලා දෙයියනේ මගෙ රන් කඳව....අනේ උබ කොහෙද මගෙ මැණිකේ...මේ අප්පච්චිට උබ නැතුව බැරි වග උබ දන්නෙ නැද්ද....ශික්..ශික්ම ශික්..මේ සෙසඳුවා හින්දා තමා ඔක්කොම..හැයි අනේ නිදාගන්න කලින් හැත්තෑව දශකෙ film බලලා මටත් දැන් ඒ වචන කියවෙන්න අරන්...අනේ ගහපන්කො මුට එකක්...පෙනේද ගෝරිල්ලෙක් වගේ ගොරවන කැත විතරක්...හෑයියා ගෝරිල්ලො ගොරවනවද අනේ...පැංචා දන්නෙ නැති නිසා අහන්නෙ...හරි හරි ඒකෙන් වැඩක් නෑ මම දැන් මොකක්ද කර කර හිටියෙ....ආ හරිනෙ මගෙ phone එක...ඔව් ඒක තමයි කෝ ඒක....මම අතගාලා අතගාලා phone එකත් හොයාගෙන වෙලාව බැලුවෙ තාම පාන්දර කියන්න ලාවට වගේ හිතුන නිසා....දෙයියනේ සාන්ත...නෑ නෑ වැරදුනා නිශාන්ත....අපේ සෙසඳුවගෙ තාත්තගෙ නම අනේ හී හී...මම ඉතින් මේ වගේ වෙලාවකවත් එයැයිව මතක් කරොත් තමයි...පැංචට ඉහටත් උඩින් වැඩනෙ අනේ..ඉතින් කොහෙද ඕවා මතක් වෙන්නෙ..හරි හරි දැන් වෙලාව පාන්දර දෙක පසු වී විනාඩි හතයි තප්පර විසි එකයි...විසි දෙකයි....විසි.....ආයිශ් තප්පර ගාන වැඩක් නෑ..දෙකයි හතයි එච්චරයි...ඈවරයි දෑවරයි තුන් ඈවරයි...හුහ්...

මම මේ පාන්දර නැගිටගෙන මොකද බැලුවද...මේකයි අනේ මේ අපේ සෝමයට පොඩි බඩගින්නක් ආවනෙ...මිනිහට කන්න ටිකක් දෙන්න ඕනෙ දැන්...හේ හේ සෝමයට කීවට පැංචටත් බඩගිනියි තමයි...ඒ උනාට මම ඕවා තැන තැන කියවන්න යන්නෙ නෑනේ...ඔයාලට කීවොත් තමයි ඉතින්...මම ඉතින් කරේ සෙසඳුවටත් හොරෙන් සෝමයවත් කිහිල්ලෙ ගහන් කුස්සියට රිංගපු එක...සෙසඳු කොම්ලවත් මේ වැඩේට සම්බන්ධ කරගන්න තිබුණා ඌ බඩජාරියෙක් නොවෙන්න...හනේ ඔයැයිලට කියන්න ඕකගෙ බඩේ හිගන්නෙක් ඉන්නවා...මේන් මෙච්චරක් ලොකුයි...

"හනේ සුමනයෝ..."

අරූගේ බඩේ හිගන්නගෙ තරම පෙන්නන්න ගිහින් මගෙ සෝමෙ කොල්ලා බිම වැටුනා දෙයියනේ...රිදුනද දන්නෙත් නෑ...අර මෝඩ මූසල සෙවල හිපාටුවා තමයි මේ ඔක්කොටම මුල...ඌව මතක් කරන්න ගිහින්නෙ මගෙ අහිංසකයා වැටුනෙ...ආයෙ ගිහාම පස්ස රත්වෙන්න දෙකක් ගහන්න ඕනෙ...හැයි අනේ...

මම කරේ phone එකේ ලයිට් එකත් ගහගෙනම fridge එක ඇරපු එක..ම්ම් පොඩි බඩගින්නට මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් කියනවා වගේ මට හම්බුනා ලීටර් බාගෙ චොකලට් අයිස්ක්‍රීම් එකක්...හනේ බලපල්ලකො දිලිසි දිලිසි තියෙන සස්සන...පැංචටම ගෙනත් තියලා වගේ...කන්න කන්න කියනවා වගෙත් ඇහෙනවා...මිහුක්...අයිස්ක්‍රීම් කෑවා වගේ නෙවෙයි අනේ හොල්මන් එහෙම ඉන්නවද දන්නෙ නෑ නේද....එක්කොත් මේ වගේ ගේක මොන හොල්මන්ද අනේ...මම ඉතින් හොද හයේ හතරෙ හැන්දකුත් අරන් සෝමයවත් කිහිලි ගහගෙනම fridge එක ලගින් වාඩිවුණේ අයිස්ක්‍රීම් එකට වැඩේ දෙන්න බලන්.....මෙහෙම මෙහෙම පැද්දෙනකොට කන්න හිතෙනවා......අයි අයියෝ ඒ ජෙලිනෙ.. අයිස්ක්‍රීම් කොහෙද අනේ පැද්දෙන්නෙ මටත් පිස්සුනෙ...

"මේ සුමනයෝ...තාත්තියා අයිස් කෑවා කියලා කාටවත් කියනවා එහෙම නෙවෙයි හරිද.."

අනේ මේකා හරි හොදයි අප්පා..මම කියන දේ අහන් ඉන්නෙ මූ විතරයි....මමත් ඉතින් පාන්දර කියලා බැලුවෙ නෑ සුමනයත් එක්ක කියව කියව අයිස්ක්‍රීම් එකම කාලා දැම්මා...මම කෑවා කියන්නෙ ඉතින් සුමනයා කෑවා වගේ තමයි..හා නැද්ද...කාලා ඉවරවෙලා හිස් පෙට්ටියත් ආයෙම fridge එකට දාපු මම කරේ කාමරේට රිංගගත්ත එක...අනේ ඔන්න මම නම් අයිස්ක්‍රීම් කෑවෙත් නෑ දන්නෙත් නෑ...නෑ කීවොත් නෑ නෑමයි.....ඇදට ගිය මම කරේ සෙසඳුවත් අඩු හතරම දාලා තුරුල් කරගෙන නිදාගත්ත එක...මූ ලග හෙන සැපයි අප්පාවේ..කුෂන් එකක් වගේ...කාටද ඉතින් ආඩම්බර...මේ මට තමයි වෙන කාටද ඉතින්...ඒවා වැඩක් නෑ මට නිදිමතයි මම නිදි...

"නිවේන්...."

"ම්හ්ම්... "

"නිවේන් නැගිටපන්..."

"ම්හ්ම්..."

"හුරතල් වෙන්නෙ නැතුව නැගිටපන් යකෝ වැඩට යන්නෙ නැද්ද..."

මට හීනෙන් වගේ ඇහුනා සෙසඳු මාව ඇහැරවන්න හදනවා...අනේ ඒත් මට නැගිටින්න බෑනේ...ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි...ආයිශ්...අනේ මට රිදෙනවනෙ...ඇගත් එක්ක වෙවුලනවා ඒයිලා..කවදාවත් නැතුව මට අද හොදටෝම සීතලයි...අමාරු පිටම මම කරේ සෙසඳුට ගුලිවුණ එක...

"දෙයියනේ නිවේන් ඔයාට හොදටම උණනෙ..."

"අනේහ්...ම..මගෙ ඔලුව කැක්කුමයි සෙසඳු..."

"මොකද ලමයෝ එකපාරම උනේ ඊයේ රෑත් හොදට හිටියනෙ..."

එහෙම අහපු සෙසඳු කරේ මාව එයාට තුරුලු කරගත්ත එක...ඒ ටිකට මූ මාව බෙඩ් ශීට් දෙකකින්ම ඔතලා...ඕකනෙ මම මුට ආදරේ..මම කියන්නත් කලින් මූ මාව තේරුම් ගන්නවා...එතකොටයි මට මතක් උනේ ඊයෙ මහ පාන්දර තනියම ගිලපු අයිස් එක..හනේ මේ යකාට ඕක කීවොත් උණ කියලා බලන එකක් නෑ අනිවාරෙන් මාව මරනවා...ආයෙ නෑ ඒකාන්තයි...ටිකක් සෙසඳු අස්සට වෙලා හිටපු මට ආයෙම ඇහුනෙ කවුරු හරි කතාකරන සද්දයක්...

"නිවේන්....කෝ හොද ලමයා වගේ නැගිටින්නකො...අපි මූණ සෝදන් බෙහෙත් ටිකක් ගන්න යමු හරිද..."

අනේ මේ සෙසඳුනෙ...මේ ගේ ඇතුලෙ ඉතින් සෙසඳු ඇරෙන්න මෙහෙම මම ගැන හොයන්න වෙන කවුද ඉන්නෙ...මටත් පිස්සුනෙ...සෙසඳු කියපු නිසාම මම කරේ බැරි බැරි ගාතෙම ගිහින් මූණ හෝදගත්ත එක...ඒ ගිය ටිකට තුන් පාරක්ම වැටෙන්න ගියා...දැන් තමයි තේරෙන්නෙ පෙරේතකමට අයිස්ක්‍රීම් කාපු එකේ විපාක...පන තියනකන් ආයෙනම් අයිස්ක්‍රීම් කන්නෙ නෑ...නෑ කීවොත් නෑ නෑමයි...හැයි අනේ ඕවා කෑවා වගේද විදවන්න උනාම...මේ පේනවනෙ...පැංචා පව්....

අපි දෙන්නා ලෑස්ති වෙලා ඉවර වෙද්දිත් තාප්ප ඩබල වැඩට ගිහින්...සෙසඳු කීවලු මට ටිකක් සනීප මදි කියලා...තාප්පයා තමයි ඕන් පැංචට ගෙදර නවතින්න කියලා තියෙන්නෙ...හනේ ඕකා කීවත් නැතත් මම යන්නෙත් නෑ බොල...උණ පිටින් වැඩට යන්න ඒකත් මේ මම..හහ් පිස්සු හැදෙයි සද බැබලෙයි...ඔයාලට පුදුම වෙන්න බඩ්ඩක් කියන්නද...මේකනෙ මට සනීප නෑ කියපු පාර අපේ තාප්පයා........ඌප්ස් නෑ නෑ ඔයාලගෙ තාප්පයා...අන්න හරි එයා තමයි...මේ පැංචට හොදටෝම උණ විකාරෙ ඒකයි මේ....හරි හරි ඉතින් අහන්නලාකො එයා පැංචට බෙහෙත් ගන්න සල්ලිත් දීලා අනේ...බලන්න නේද අනේ පිස්සු කොම්ලා...ඩ්‍රයිවර් කෙනෙකුත් තියලා ගියාලුනෙ..හනේ ඉතින් පැංචා නිසානෙ මේ ඔක්කොම.....වෙලාවකට මේ මනුස්සයට ආදරෙත් හිතෙනවා ඒයිලා...මනුස්සකමට අනේ මනුස්සකමට...මිහුක්...

"නිවේන්...."

"ඇයි...."

"හොද ලමයා වගේ මේ බත් චුට්ට කාලා යමු හරිද...එතනදි බොන්නත් බෙහෙත් දුන්නොත් එහෙම හිස් බඩනෙ..."

මූ ඔහොම තමයි...මට අසනීපයක් උනාම ආදරෙන් මාව බලාගන්නෙම මූ..මට මතක ඇති කාලෙක ඉදන් ලෙඩ උනාම මම අතින් කාලා නෑ...මම ආස හැමදේම මොන ලෝකෙන් හරි හොයාගෙන ඇවිත් මට කවන්නෙ සෙසඳු...ඒ උනාට මට දැන් කන්න බෑ...කට තිත්තයි අනේ..එක පාරක් උන හැදිලා ඉද්දි මූ මට සොසේජස් කවලා එදා ඉදන් මම කන්න අකමැතිම කෑම සොසේජස් කරා...ඊව් පුදුම අප්පිරියාවක් එදානම් දැනුනෙ....හනේ දැනුත් බලපල්ලකො චිකන් උස්සන් ඇවිල්ලා...මේ පැංචා වෙජිටේරියන් හරිත...ඒ උනාට චිකන් කනවා ඉතින් හේ හේ...මූ මේ හදන්නෙ මට ඒකත් එපා කරවන්නනෙ...අනේ ගහපියකො මෙන්න මුට එකක්...හැයි යකෝ...පැංචා කන්නෙ නෑ කීවොත් කන්නෙම නෑ....

"මට එපා..."

"එපා කියලා හරියනවද නිවේන්.....කෝ හොද ලමයා වගේ කට අරින්න..."

අනේ මූ එක්ක බෑ අප්පා...දැන් ඕක කෑවොත් මේ ලමයට චිකනුත් එපා වෙනවනෙ...

"ගිහින් ඇවිත් කන්නම් ඒයි..."

"මට ඔයා එක්ක ආපහු එන්න වෙන්නෙ නෑ නිවේන්..."

ඇයි ඇයි මෙයා මාව මේ මාව දාලා කොහෙ යන්නද...'මට ඔයා එක්ක එන්න වෙන්නෙ නෑ නිවේන් ' තමයි...හදපානේ පැනලා යන්නවත් හදනවද දන්නෙ නෑ...නෑනේ දැන් කොහෙද හද...මටත් පිස්සු අප්පා...හිටහන්කො මුට දෙකක් ගහලා හරි මම මේක දැනගන්න..

"ඇයි ඇයි ඔයා කොහෙ යන්නද...."

"ඔයාගෙ බොස්ගෙ යාළුවගෙ office එකට...මම නිකන් ඉන්නවා කියලා උගෙ වැඩවලට උදව් කරන්න කීවේ...."

"හෑ..."

යකෝ මූ බලහල්ලකො....ඒවා කියන්නෙ එහෙම නෑ...හරි හරි දැන් කීවා තමයි..ඒත් මුට ඕක කලින් කියන්න බැරිකමක් තිබ්බෙ නෑනේ....ගෙවල පිසාචයා...මූ මගෙ ලෙඩ වැඩි කරනවා අප්පා...කමක් නෑ කමක් නෑ අපතයා වගේ ඉන්න එකේ ඔහොම වැඩක් හරි කරන එක හොදයි.....

මම ඉතින් සෙසඳුවා එක්කම ගිහින් බෙහෙතුත් අරන් එතන දෙවනත් වෙන්න අඩලා බෙහෙත් වගේකුයි බීලම ගෙදර ආවා...තාප්ප බොසාගේ ඩ්‍රයිවර් අන්කල් එක්ක තමයි ඉතින් ගියෙ...මුටයි මටයි තනියම ගමන් බිමන් තහනම්නෙ අනේ....මේවා මේ තාප්ප නීති...හනේ ඉතින් පැංචට ගිය කලක් කීවලු...ආ අමතක උනානේ කියන්න සෙසඳු කොම්ලවත් අර යකාට බාරදීලමයි අපි ආපහු ආවේ...අපි කීවේ ඉතින් ඩ්‍රයිවර් අන්කලුයි මායි.....මම ඉතින් මගෙ puppy mood එක ඔන් කරලා ඩ්‍රයිවර් අන්කල්ට කියලා bubble tea එකකුත් ගන්නව ගත්තා....ඉට්ස් මයි favourite හරිත....උණ කියලා ඒක අමතක කරන්න බෑනේ අනේ...

Bubble tea එකත් බීලා මම පොඩ්ඩක් sofa එකේ ඇලවුනේ කාමරේට යන්න තරම් පනක් නැති නිසාමයි...ගෙදර ඇවිත් කන්නම් කීවට නැගිටගන්නවත් පනක් නෑ මට....අනේ මන්ද උදේට වඩා දැන් අමාරුයි....අයිස් එකක් කරපු හරියක් කීවලු...අයිස්ක්‍රීම් එකටත් පුලුවන් තරම් බැන බැන මම කරේ තවත් හොදට ගුලිවුණ එක..එහෙන් සීතලයි ඉන්න බෑ...ඇස් දෙක දනවා අප්පා....මිරිස් කුඩු ගහලා වගේ...ඇස් දෙක යාන්තමට පියවීගෙන ආවා විතරයි මොකෙක් හරි යකෙක් දොරට තට්ටු කරානේ....තාප්පයද දන්නෙත් නෑ...අද කලින් එනවා කියලා සෙසඳුට කියලලුනෙ ගියෙ...තාප්පයා කියලා හිතපු මම කරේ බැරි බැරි ගාතෙම ගිහින් දොර ඇරපු එක...

"ඉතින් කොහොමද ම්ම්ම්ම්....."

"තමු....තමුසෙ...."

ඒ හිටියෙ වෙන කවුරුත් නෙවෙයි අර මිනිහා..ඊයෙ මාව අල්ලගත්තෙ අනේ...අර අපේ ටිංකිරි අක්කා වගේ කීවේ අන්න ඌ..මූ මොකද මේ වෙලාවේ....ඊයා අනේ මේ මිනිහා ලග අරක්කු ගදයිනෙ...මට නිකන් කැරකිල්ල වගේ...මේ ලෙඩ අස්සෙ ආයෙ මගුලක්...ඇස් දෙකත් එක්ක රතු වෙලා....කුම්භාණ්ඩයෙක් වගේ අප්පා...මම කරේ ඒ මිනිහව දැක්කෙ නෑ වගේ දොර වහන්න හදපු එක....හැබැයි....

"මොකද බේබි මේ හදිස්සිය..."

මේකා මේ මටද බේබි බේබි ගාන්නෙ...ඉදකින් විතරක්...උණ හැදිලා හිටියෙ නැත්තන් මම මේකට පෙන්නනවා බේබිව.....

"මො...මොකක්ද ඔය කරන්නෙ...."

"ඇයි අපි ටිකක් ඇල්ලුවොත් නරකද ම්ම්..."

වහන්න හදපු දොරත් ආයෙම ඇරගෙන ගෙට ආපු මේ මිනිහා කරේ මාව බදාගත්ත එක...අනේ මට අප්පිරියයි...මේ මිනිහා ලග ඉන්න බෑ අරක්කු ගදයිනෙ...මම කොච්චර ගැලවෙන්න හැදුවත් මේ මිනිහා නෙවෙයි මාව අතඇරියෙ....ඒ වෙනුවට ඒ මිනිහා කරේ ඒකගෙ ජරා අත්වලින් මාව අතගාන්න ගත්ත එක....අනේ එහාට පලයන්කො....මට මෙයත් එක්ක ඔට්ටුවෙන්න පනක් නෑ දෙයියනේ...අනේ සෙසඳු ඉන්න තැනකින් වරෙන්කො...අඩන්න ඕනෙ උනත් අද මට ඒකටවත් පනක් නෑ.....උදේ ඉදන් කාලවත් නැති මට කොහෙන්ද ඉතින් පනක්...

"උබ ලග සුවදයිනෙ බං...."

"ම්හ්ම්..."

"ආසාවේ බෑ..."

අනේ එපානෙ මට මෙහෙම කරන්න එපානෙ...ඇයි මටම මෙහෙම වෙන්නෙ..මට කොහෙන්වත් සැනසීමක් නැද්ද දෙයියනේ...මාව sofa එකට පෙරලගත්ත ඒ මිනිහා කරේ මගෙ බෙල්ල අස්සෙ මූණ ගහන් පිස්සුවෙන් වගේ කියවන්න ගත්ත එක...මේ මිනිහා මගෙ ඇග උඩට වෙලා එහාට දගලනවා මෙහාට දගලනවා...මට හුස්මගන්නත් බෑ දෙයියනේ...මට නිකමට හිතුනා සෙසඳුත් එදා මම වගේම බයවෙන්න ඇති නේද කියලා..ඒත් මට බයවෙන්නවත් පනක් ඉතුරුවෙලා නෑ.....මට කලන්තෙ වගේනෙ...අනේ එහෙම නම් වෙන්න එපා මේ මිනිහා මාව මරලා දායි දෙයියනේ....මගෙ දිහා මහ කෑදර විදිහට බලන් හිටපු ඒ මිනිහා කරේ මගෙ ටී-ෂර්ට් එකේ බොත්තම් එකින් එක ගලවන්න පටන්ගත්ත එක...මට කෑගහලා අඩන්න ඕනෙ මට මෙහෙම කරන්න එපා කියලා කියන්න ඕනෙ...ඒත් කෝ ඒකට පනක්...මගෙ ටී-ෂර්ට් එකේ අන්තිම බොත්තමත් ඒ මිනිහා අතින් ගැලවිලා යන්න ඇති....හැබැයි එතනින් එහාට ඒ මිනිහට මගෙ ඇගට එක අතක්වත් තියන්න පුලුවන් උනේ නෑ....

"පාහරයා...තෝ කොහොමද යකෝ මගෙ ගෙදරටම ඇවිත් මගෙ පොඩි එකාට අත තියන්න හිතුවෙ.......මම අද උබව මරනවා..."

අනේ ඒ එයා....තාප්පයා...ඔව් ඒ එයාමයි..එයා කියපු වචන මට හරියට පැහැදිලි නෑ..ඒත් එයා කරේ මගෙ ඇග උඩ හිටපු මිනිහව ඇදලා අරන් ගහන්න ගත්ත එක...මගෙ ඇස් පියවීගෙන එනවා...ඇගට දැනෙන අමාරුවටම වෙන්න ඇති....වැදෙන වැදෙන පාරක් ගානෙම අර මිනිහගෙ කෑගැහිල්ල විතරක්ම මට ඇහෙද්දි...එයාගෙ පාරවල්වල සැර මට ඕනවටත් වැඩිය තේරුනා...එයාට මම නිසාද එච්චර කේන්ති ගියෙ....ඒත් ඇයි?...මම දන්නෙ නෑ...මට ඕවට උත්තර හොයන්න වෙලාවක් නෑ...මට...මට අමාරුයි....මට හොදටම සීතලයි....අර මිනිහා මාව යටකරගත්තෙ තප්පර ගානකට උනත් මට ඒක මතක් වෙන ගානෙම තවත් ඔලුව කැක්කුමයි....එයා තාම අර මිනිහට ගහනවා...

"උබ තව එකපාරක් හරි ඌ දිහා බැලුවොත් මම අනිවාරෙන් උබව මරනවා...මරන එක මරනවා...."

වචනයක්වත් නොකියා අර මිනිහත් ඔහේ ගුටි කනවා....අමාරුව දරාගන්න බැරිම තැන වෙන්න ඇති කවදාවත් කියන්න නොහිතපු නමක් මම ඒ විදිහට කියන්න ඇත්තෙ...

"වස්සාන....."

මට තේරුමක් නෑ...මම ඇයි එහෙම කීවේ..අනේ මම දන්නෙ නෑ...මම උන්නෙ අවසිහියෙන්...උණ විකාරෙ නිසාම මම උන්නෙ අවසිහියෙන්....සිහියෙන් අවසිහියට යන්න කලින් මට ඇහුනෙ....මට දැනුනෙ එක දෙයයි..

"මම ඉන්නවා නිවේන්...මම ඉන්නවා..."

හරි උණුසුම් තුරුලක බලාපොරොත්තු නොවුන වචන ටිකක්....කවදාවත් නොහිතපු තරම් නිවුන කටහඬක්......තිබුණ අමාරුවටම මට සිහි නැති වෙන්න ඇති....කාගෙ නමුත් ඒ උණුසුම් තුරුලෙම.....හැබැයි තව දෙයක්...එක දවසක් cabin එකේදි දැනුන ඒ සීතල හැගීම අදත් ඒ විදිහටම මගෙ නලලට දැනුනා......

හායි හායි ලමයි ඔන්න මම ආවා....හෙට ආයෙ එනකන් පරිස්සමින් ඉන්න...ආදරෙයි 😚❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter