Back
/ 40
Chapter 22

20 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

අතීතයේ දවසක් (අවුරුදු 3කට පෙර)

"හුත්තො....."

"මොකද බං...."

"උබ තාම ලෑස්ති උනේ නැද්ද...."

"විනාඩියක් හිටපන් ඈ...."

"මම දන්නෙ නැද්ද බං උබේ විනාඩිය..."

"හරි හරි පගෝ කෑගහන්න එපා....බලපිය උබේ කට..."

"මගෙ කටෙන් උබට වැඩක් නෑනේ..."

වෙන මුකුත් නෙවෙයි ඔය ඇහෙන්නෙ ශෙනුල්ගෙයි වස්සානගෙයි හැමදාම වගේ අදත් පටන්ගත්ත සුපුරුදු රණ්ඩුව....දෙන්නා කොහෙහරි යන්න ගියොත් මරාගන්නවා...අද දෙන්නට නිවාඩු දවසක්....කොල්ලො දෙන්නා තාම කැම්පස් යනවා....කැම්පස් කීවට ඒක private එකක්....උපතින්ම සල්ලි ආකර දෙකක් උන කොල්ලො දෙන්නා ගියෙ කොළඹ තිබුණ ප්‍රධාන පෙලේ private university එකකට...buisness mangamet degree එකක් තමයි දෙන්නම කරේ...මෙහෙම මරාගත්තට මොකද අනාගතේ දවසක company දෙකක අයිතිකාරයෝ දෙන්නෙක්....ඒ උනාට ඩබලට තාම අවුරුදු 25යි....පොඩි කොල්ලො දෙන්නෙක්...

ඉතින් අද ඉරිදා දවසක්.....ඉදලා හිටලා ලැබෙන නිවාඩු දවස කියන්නෙම නිදහසක් වෙද්දි කොල්ලො දෙන්නා හැමදාම කරන්නෙ හිතෙන හිතෙන තැන්වල ඇවිදින්න යන එක...යන යෑම කොහොමද කියනවනම් සමහරදාට දෙන්නම මතුවෙන්නෙ නුවරඑළිය දිහාවෙන්....ඒ තරමට ඩබල...අදත් වස්සාන  මේ උදේම ශෙනුල්ලගෙ ගෙදරට කඩන් පැනලා ඌව ලෑස්ති කරගන්න දගලනවා....ඒකට මොකද ශෙනුල් තාම towel එක පිටින් කණ්ණාඩිය ඉස්සරහට වෙලා දාහක් ජාති මූණෙ උලනවා...බොහොම ඉවසීමෙන් විනාඩි පහලවක් විතර මේ දිහා බලන් හිටපු වස්සාන කරේ දෙපාරක් නොහිතම ශෙනුල්ගෙ towel එක කඩපු එක...

"හුත්තෝ....."

"දැන්වත් ලෑස්ති වෙයන්කො බං...."

"වෙලාවට ජොකා ඇදලා හිටියෙ...."

"නැතත් ඕක මම දැකලා තියෙනවා...."

කටත් ඇද කරලා වස්සාන එහෙම කීවේ ශෙනුල් දඩිබිඩි ගාලා ලෑස්ති වෙද්දි...ශෙනුල් උනත් දැනන් හිටියා තවත් පරක්කු උනොත් ඇදන් ඉන්න යට කලිසමත් උට නැතිවෙනවා කියලා....

දෙන්නත් එක්කම ලෑස්තිවෙලා එලියට බැස්සෙ වස්සානගෙ කාර් එකේ යන තැනක යන්න හිතාගෙන...ගිය පාර නිවාඩුවට ශෙනුල් උගෙ කාර් එකේ යන්න හිත හදාගත්තෙ ඊලග පාර වස්සාන එයාගෙ කාර් එක දෙනවා කියලා පොරොන්දු උන නිසා වෙද්දි වස්සාන අද ඇවිත් හිටියෙ එයාගෙ කාර් එකේ...මොනවා උනත් වස්සාන කියන්නෙ පොරොන්දු රකින මිනිහෙක්....උගෙ නෑනෙ ඔය හිතේ එකයි කටේ එකයි...ඒකට අනිකා අද කීවොත් දෙයක් හෙට මතක නෑ....පුදුම අපතයෙක් තමයි ඌ නම්....

"අඩෝ මම drive කරන්නම්...."

"ගනින්..."

පැන පැන දෙන්න ශෙනුල් කවදත් රුසියා....දැනුත් පේනවනෙ නිදහසේ ඉදගෙන යන්න තියන එකට කෙලවගත්ත ලස්සන...වස්සානටත් ඉතින් ඊට වඩා දෙයක් නෑ...ඕකා ඔහොම හිටියට පුදුම කම්මැලියි... අරූ කාර් එක drive කරන්නම් කීවට පස්සෙ වස්සානට නිකන් රජ මගුල් වගේ....ආයෙ නෑ කෙලින්ම පැසෙන්ජර් සීට් එකේ....අනිත් මෝඩයත් ගිහින් ඩ්‍රයිවින් ශීට් එකට නැග්ගෙ කරගත්ත මෝඩකම ගැන කිසිම ගානක් නැතුව....මුන් දෙන්නා යන ගමන්වල දුර හැටියට නම් ශෙනුල්ට මෝඩයා කියලත් මදි...දැන් ඉතින් පැය ගානක් එක දිගට ඩ්‍රයිව් කරපන්කො....ආයෙ මලාට වස්සාන ඔය වැඩේ බාරගන්නෙ නෑ.....ඉර හඳ වගේ විශ්වාසයි...

මුන් දෙන්නට කවදාවත් ගමනක් යද්දි කටවල් වහගෙන ගිහින් පුරුද්දක් නෑ...පුදුම කියවිල්ලක් තමයි ඒක....ආයෙ මුකුත් නෑ කාර් එකට නැග්ග ගමන් ගිරා පෝතකයො දෙන්නෙක් වගේ...ඔහේ වල්පල් දොඩවනවා...ඒකත් වැඩකට ඇති දෙයක් කතා කරානම් කමක් නෑ....එහෙමත් නෑනෙ...කියවන්නෙම අනුන්ගෙ කුණු...ගෑණු දෙන්නෙක් වගේ....

ඔන්න අදත් පටන් අරන්....දැන් ඉතින් පැය ගානකට නවත්තන්නෙ නෑ...

"අඩෝ වස්සා මේ...."

"ආයිශ්....මම උබට කියලා තියෙනවා නේද වස්සා වස්සා ගාන්න එපා කියලා...බලපිය නිකන් හරකෙක්ට කතාකරනවා වගේ..."

"උබ කොහොමත් හරකෙක් තමයි බං...."

"මට කියලා ඇට දෙක තලාගන්න එපා උබ..."

"කට වහපන්කො හුත්තො...."

"මේ ඒක නෙවෙයි අර කෙල්ල කවුද බං..."

මම කීවේ මුන් දෙන්නා කවදාවත් වැදගත් දෙයක් කතාකරන්නෙ නෑ කියලා.....දැන් ඉතින් අහපල්ලකො කන්දොස්කිරියාව....

"මොන කෙල්ලද...."

"අර යුනිවර්සිටි එකට අලුතින් බැහැපු කෑල්ල බං...."

"කවුද බං...."

"අර උබට බැල්මට් එක දාන්නෙ...."

"අනේ මන්ද හුත්ත ඒකිට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ...."

"ඕකි හෙන නඩුවක්ලු බං...පල්ලෙහා බැජ් එකේ කොල්ලො දෙන්නෙක් එක්ක එකපාර සෙට් වෙලා ඉදලා....මටත් අපේ එකෙක් කීවේ..."

"මම ඒකනෙ කෙල්ලො කියන ජාතියට කැමති නැත්තෙ...."

ඔය කීවේ...වෙන කවුද ඉතින් වස්සාන මිසක්...උගෙ පස්සෙන් කෙල්ලො කොච්චර ආවත් ඌ ඉන්නෙ ඒ දේවල් ඇහෙන්නෙත් නෑ පේන්නෙත් නෑ වගේ...එක්කො මිනිහා කෙල්ලොන්ට කැමති නෑ....එහෙම නැත්තන් ඉතින් ඔච්චර අරහං වෙන්න හේතුවක් නෑනේ...ඒකට අනිකා...මිනිහා බොක්කෙන්ම ලව් කරන්න ගිහින් ඊයෙ පෙරේදා දඩාර බූට් එකක් කාලා ඉන්නෙ....හිතේ දුකටත් එක්කනෙ අද මේ රෝන්දෙ ගහන්න එලි බැහැලා තියෙන්නෙ....ඇත්තම කීවොත් ශෙනුල්ට මොලයක් නෑ....නෑ කියන්නෙ මෙහෙමනෙ මිනිහා මීට මාස ගානකට කලිනුත් ඔය කෙල්ලගෙන්ම බූට් එකක් කාලා ආයෙම ඒකිව බාර අරන් තමයි ඔය මේ පාර හොදම එකෙන් කෙලෝගෙන තියෙන්නෙ....මෝඩකමට බෙහෙත් නෑ කියන්න වගේ වස්සානත් කරේ කටවහන් වෙන දෙයක් දිහා බලන් ඉන්න තිරණය කරපු එක....ශෙනුල්ම හිතිලා හැදුනොත් මිසක් තමන් මෙතන ඌව පොළොවෙ ගහලා හැදියන් කීවත් හැදෙන්නෙ නෑ කියන්න කවුරු නැතත් වස්සාන තේරුම් අරන් හිටියා....

කෙල්ලොන්ගෙන් ඉවර උන කතාව ආයෙම පටන් ගත්තෙ යන තැනක් හොයාගන්න බැරුව...මුන් දෙන්නා කවදත් ඔහොමයි යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ....දැන් ඉතින් පැයක්වත් ඕකට රණ්ඩු වෙනවා...ඇයි ඉතින් අරූ කැමති එකට මූ කැමති නෑ මූ කැමති එකට අරූ කැමති නෑ....හැබැයි ඒකට මොකද දණගාන කාලේ ඉදන් හොදම යාළුවෝ දෙන්නා...දෙන්නගෙ හැටියට නම් කලිසමේ චූ කරගන්න කාලේ ඉදන් කියලනෙ කියන්නෙ...හනේ වාසනාව කියන්නෙ මුන් දෙන්නගෙ කිසිම ගැලපීමක් නෑ....හරියට නිකන් අහසයි පොලොවයි වගේ....

කියනකොටම ඔන්න පටන් අරගෙන....තනිකරම වලි කාපර්ලා දෙන්නෙක්...උන් දෙන්නට අනුව ඒක තරුණකම....

"කොහෙද යන්නෙ...."

"නුවර පැත්තට යමන්ද..."

"ලගදිත් ගියානෙ....ගාල්ලෙ යමන්..."

"උබට ඕන්නම් පලයන් මට බෑ එහෙ යන්න..."

"ඒ මොකද..."

"හේතුවක් නෑ...."

"යකෝ ඒක හරි මගුලක්නෙ හේතුවක් නෑ කියන්නෙ කොහොමද....."

"උබට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනේ...බෑ කීවාම බෑ...."

"හරි එහෙනම් කොහෙද යන්නෙ කියපන්කො..."

"අනේ මන්ද...."

"අනේ උබ හු#හන් ශෙනුල්...ඇයි හුත්ත කියන තැන්වල යන්නත් බෑ යන්න ඕනෙ තැනක් අහපුවාම කියන්නෙත් නෑ.....බත් කන හරකෙක් උනාම ඔහොම තමයි...."

"කවුද යකෝ බත් කන හරකා..."

ඔන්න කෙලගන්නවා....ලගින් ගියොත් ඇහැක් නෑ වගේ තමයි....යස ඩබල...

"වෙන කවුද තෝ මිසක්....හනේ මමත් මෙහෙම එකෙක්ව මගෙ යාලුවා කරගත්තනෙ..."

"තිරිසන් කතා කියන්න එපා යකෝ...."

"හුත්තො ඔය පාර දිහා බලන් එලවපන්...තෝ හදන්නෙ මාවත් මරන්නද...."

ඒ පාර ආයෙ මගුලක්....

"හරි හරි කෑගහන්න එපා...."

බලාපල්ලකො යන්න තැනක් කතා කරගන්න හදපු ඩබල ගියපු දුරක්...ආපු කාරණෙත් අමතකයි....

"ඒවා වැඩක් නෑ කියපන්කො දැන් කොහෙද ඇත්තටම යන්නෙ...."

"වෙනසකටත් එක්ක බීච් එක පැත්තට යමුද...මොකද කියන්නෙ..."

"අඩ්ඩේහ් ඒක මරු අදහස...."

මුන් දෙන්නා ඔය එකම දේකට කැමති උනාමද කොහෙද...ඇයි ඉතින් හැමදාම කරන්නෙ මරාගන්න එකනෙ...දෙයියනේ කියලා යන්න තැනකුත් හොයාගත්ත ඩබල කෙලින්ම ගියෙ බීච් එකට....අපරාදේ කියන්න බෑ ඩෙනිම් ඇදලා බීච් යන ඩබලක් දැක්කමද කොහෙද..එක අතකට වරදක් කියන්නත් බෑ..ඇයි ඉතින් කිසිම ඉවක් බවක් නැතුවනෙ ගෙදරින් එලියට බැස්සෙ...ඒ මදිවට සපත්තුත් දාලා....තනිකරම වටේ පිටේ මිනිස්සුන්ට අනුව මුන් දෙන්නම දැන් ජෝකර්ලා දෙන්නෙක්...පුදූම විහිලුවක් තමයි ඒක....

ඩබලත් එක්කම බීච් එකේ කවුරුත් නැති හරියක් බලලා වාඩිවුණේ කලිසමේ වැලි ගෑවෙයි කියන බයට සපත්තු දෙකත් පස්සට තියාගෙනමයි...පොෂ් පීපල්ස්ලා උනාම ඔහොම තමයි..

මුන් දෙන්නා අහවල් එකකට බීච් එකට ආවද මන්ද...ඇයි යකෝ එකෙක් ආපු වෙලාවෙ ඉදන් phone එක කනවා...අනිකා මුහුද දිහා බලන් කල්පනා කරනවා.....මුහුද දිහා බලන් කල්පනා කරන්නෙ වෙන කවුරුත් නෙවෙයි අපේ ප්‍රේම කුරුල්ලා....මිනිහට ලව් සික් එක ඔලුවට ගහන්නෙ මේ වගේ තැනකට ආවාම තමයි...ගෙදර හිටියනම් ලව් කෙසේ වෙතත් හොදට ගොරෝ ගොරෝ නිදි....ඒ උනාට මොකද හදවත පතුලෙන්මලු ලව් කරේ....ඕවා අහද්දි හිනත් යනවා...

"මොනවා උනත් සදු මට එහෙම කරපු එක වැරදියි නේද බං...."

"මොකක්ද...මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද..."

Phone එක කකා හිටපු මිනිහත් හරි සිහියට ඇවිත් තියෙන්නෙ තමන්ගෙ යාලුවගෙ මෝඩ ප්‍රශ්නෙ ඇහිලද කොහෙද....දැන් ඉතින් අහපන්කො අඩෝ වැඩියාව....එක අතකට වස්සානට ඕක අලුත් දේකුත් නෙවෙයි...හැමදාම කියන්නෙ එකම කතා ටිකනෙ....

"මම ඒකිට බොක්කෙන්ම ලව් කරා...."

"බොක්කෙන් නෙවෙයි වකුගඩුවෙන් අනේ මේ නවත්ත ගනින්....."

"ඒ උනාට මගෙ මෙතන රිදෙනවා හරිද මචං..."

"වරෙන්කො අතගාලා දෙන්න..."

"අනේ හුත්තො පොඩ්ඩක් සීරියස් වෙන්න දියන්කො...."

"වෙයන් ඉතින් මොකෝ මම අල්ලන් හිටියද..."

මම කීවේ...මුන් දෙන්නා කොතනද රණ්ඩු එතන...ඔය බලපන්කො ආයෙ කෙලගන්නවා...ඒකත් කොහෙවත් යන කෙල්ලෙක්ට....

"එක්කො මම ආයෙ කෙල්ලොන්ට ලව් කරන්නෙ නෑ බං...."

හැබැයි පොර ඒකනම් කීවේ සීරියස් පිට...වස්සාන උනත් තමන්ගෙ යාළුවා ඒ කියපු විදිහට ඒ දිහාවට ඔලුව හැරෙව්වෙ උබ දැන් කීවේ මට ඇහුන දේමද අහන්න වගේ...ඇත්තම කීවොත් ශෙනුල් දැන් ඒ කීවේ වස්සානගෙ හිතෙත් කාලෙක ඉදන් වැඩ කරපු අදහසක් උන එක හොදට ගියා....

"අඩේ සිරාවට බං මොකද කියන්නෙ කොල්ලො දෙන්නෙක් සෙට් කරගමුද...."

"ඒක මරු අදහස...."

"උබ ඔය විහුලුවට නෙවෙයිනෙ කියන්නෙ..."

"ලොවෙත් නෑ.....මට කෙල්ලො එපාම උනා..."

නිදහස සමරන්න ආපු දෙන්නා නැවතුනේ කිසිම විදිහකින් හිතපු නැති කතාවක් ලග වෙද්දි ටික වෙලාවක් මුහුද දිහා බලන් හිටපු ඩබල නැගිට්ටෙ ගෙදර යන්න බලන්...

නැගිට්ට එක කෙසේ වෙතත් නැගිට්ට පමාවට ශෙනුල්ට උනේ ආයෙම වස්සානවත් පෙරලන් වැලි ගොඩේම බිම වැටෙන්න...ආයෙ නෑ හනිමූන් 4to shoot එකක් වගේ...ඒ තරම් ලස්සනයි ඒ වැටුණ විදිහ....

"නැගිටපන් හුත්තො...."

"හිටපන්...."

"වටේ පිටේ මිනිස්සු හිතයි බැදලා ලමයි හදන්න බීච් එකට ඇවිත් කියලා...."

"හිතපු දෙන්...."

"කෝ අයින් වෙයන්..."

වැලිත් නාගෙන නැගිටපු ඩබල දැක්කෙ බයෙන් බයෙන් වගේ තමන් දිහා බලන් ඉන්න පොඩි කොල්ලො දෙන්නෙක්ව....පොඩි ශෝටවල් දෙකකුත් ගහගෙන එයාලටත් වඩා ලොකු ටී-ෂර්ට් දෙකකුත් ගහගෙන ඇසුත් බෝල කරන් තමුන්ලා දෙන්නා දිහා බලන් ඉන්න කොල්ලො දෙන්නව දැක්ක අනිත් ඩබලට කතා කරන්නත් අමතකයි....දෙන්නට හිතුනෙම ටිකකට කලින් කතාවුන දේ ඇස් පනාපිටම ඉෂ්ට උනා වගේ හැගීමක්....

"සො....සොරි....හිතලා කරේ නෑ...."

"It's ok...."

එතන හිටපු එක කොල්ලෙක් ගොත ගගහා එහෙම කීවේ අනිත් කොල්ලටත් අතින් අනින ගමන්මයි...

"අනේ ඒයි උගුඩුවෙක් වගේ බලන් ඉන්නෙ සොරි කියනවකෝ...."

ටිකකට කලින් සොරි කියපු කොල්ලා කටත් උල්කරන් අනිත් කොල්ලට එහෙම කීවේ වස්සාන කටත් ඇරන් ඒ දිහා බලන් ඉද්දි...ශෙනුල් නම් දැනටමත් කට වහගෙන සොරි කියාගන්න බැරුව දගලන කොල්ලා දිහා බලන් භාවනා කරනවා....මුන් දෙන්නා කන්න වගේනෙ අර අහිංසකයො දෙන්නා දිහා බලන් ඉන්නෙ....

"සො....සොරි....."

වචන අමුණලා අනිත් කොල්ලත් සොරි කීවා වෙද්දි විනාඩියක්වත් නොයිද කොල්ලො දෙන්නා කරේ එතනින් දුවපු එක....ශෙනුලුයි වස්සානයි තාම උන දේ හිතාගන්න බැරුවද මන්ද කටත් ඇරගෙනම බලන් ඉන්නවා...

"මොකක්ද බං ඒ උනේ..."

"මම හිතන්නෙ හොයපු දෙන්නා හම්බුනා..."

"සිරාවට මටත් ඕක හිතුනා...."

"මොකද කියන්නෙ දාගමුද...."

ඒ වෙන කවුරුත් නෙවෙයි කවදත් හදිස්සිකාර ශෙනුල්.....හැබැයි ඒකටත් හරියන්න වස්සාන කීවේ වෙනම කතාවක්....

"දැම්ම නෙවෙයි...."

"ඒ කීවේ...."

"හොදට බලපන් උන් දෙන්නා තවම පොඩියි...ඒ නිසා ටික කාලයක් ඉවසමු....දැනට දුරින් ඉදන් බලන් ඉමු...."

"එකගයි....."

ඒ තමයි ශෙනුල් තමන්ගෙ දඟකාරකම පැත්තකින් තියලා ඉවසන්න තීරණය කරපු පලවෙනි වතාව......දැකපු පලවෙනි තප්පරේම හිත හොරකන් කරපු ඒ පොඩි කොල්ලා වෙනුවෙන්ම.....වස්සාන උනත් මෙච්චර කාලයක් අගුලු දාගෙන හිටපු තමන්ගෙ හදවත එක පොඩි කොල්ලෙක් වෙනුවෙන් දැකපු තප්පරෙන්ම ඇරලා දීලා තිබුණා.....

අහම්බෙන් උනත් මුණගැහුණ පුංචි කොල්ලො දෙන්නා....එක තප්පරෙන් දඟකාර හිත් දෙකක් තමන්ගෙ යටතට ගත්ත ඒ හුරතල් කොල්ලො දෙන්නා.....ඒ වෙන කවුරුත් නෙවෙයි අවුරුදු 22 ක පුංචි කොල්ලො දෙන්නෙක් උන අපේ සෙසඳු නිවේන් ඩබල.....මීට අවුරුදු 3කට කලින් නොදැනුවත්ව උනත් හිත් දෙකක් ලස්සනට පාට කරපු අපේ පුංච් දඟකාරයෝ දෙන්නා....

තිබුණු කලබලේට ඒ අහිංසකයො දෙන්නට එදා තමන්ගෙ ඇගේ හැප්පුන ආඩම්බරකාරයෝ දෙන්නව අමතක වෙන්න ඇති....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

එදා දැකපු කොල්ලො දෙන්නව ගෙදරට යනකන්ම follow කරන්නත් ඩබල අමතක කරේ නෑ....එදා ඉදන් අවුරුදු 3ක්ම යන යන තැන හොරාට පස්සෙන් ගිහින් පරිස්සම් කරන්න...තනියම උනත් හිත පුරවලා ආදරේ කරන්න.....පුංචි අහිංසකයො දෙන්නගෙ දුකේදි එයාලටත් හොරෙන් කදුලු හලන්න....එයාලගෙ සතුටෙදි එයාලටත් වඩා සතුටු වෙන්න....ශෙනුල් වගේම වස්සානත් එක තප්පරයක්වත් අමතක කරේ නෑ.....එදා ඉවසමු කියපු වස්සානම අවුරුදු 3කට පස්සෙ ශෙනුල්ට කීවේ,

"දැන් ඉවසුවා ඇති...."

කියලා වෙද්දි ශෙනුලුත් කරේ කොල්ලො දෙන්නව ලගට ගන්න පුලුවන් තරම් plan ගහපු එක...ඔය හොය හොය ඉද්දි තමයි දෙන්නට ආරංචි උනේ නිවේන් ජොබ් එකක් හොයනවා කියලා....ඒ වගේම නිවේන්ට මොන තරම් සුදුසුකම් තිබ්බත් වස්සාන කරේ නිවේන් කලින් ගියපු හැම ජොබ් interview එකකින්ම කොල්ලව fail කරන්න වැඩ සිද්ධ කරපු එක...දැන දැනම තමන්ගෙ company එකේ interview එන්න කියලා නිවේන්ට ලියුමක් යැව්වෙත් වස්සාන වෙද්දි හිතේ තිබ්බ නොඉවසිල්ලටම වස්සාන කරේ ආපු පලවෙනි දවසෙම කොල්ලගෙ පාර හරස් කරපු එක...අන්තිමට interview එකට ඇතුලට ආපු නිවේන්ව සෙසඳු ගැන කියලා බයකරේ කොල්ලව තමන් ලගින් තියාගන්න වෙන විදිහක් මතක් නොවුන නිසාමයි....ශෙනුලුත් කරේ සෙසඳුව තමන් ලගට ගන්න පුලුවන් උපරිමෙන් වස්සානට උදව් කරපු එක....

කොල්ලො දෙන්නව කොහොම හරි ලගට ගත්තට පස්සෙ වස්සාන කරේම නිවේන්ට දරුණු උන එක....නිවේන්ගෙ හුරතල්කම....ලාමක ගතිය ඕනවටත් වඩා වැඩි වෙද්දි වස්සාන බයවුනේ ඒකෙන් කොල්ලට කරදරයක් වෙයි කියලා....ඉතින් වස්සාන කරේ අකමැත්තෙන් උනත් නිවේන්ව හදාගන්න නේවේන්ට දරුණු උන එක විතරමයි....මොන තරම් සැර කරත්,නිවේන් නොදැන උනත් තමන් ලග ඇස් පියාගන්න තප්පරෙන් වස්සාන කරේ ඒ අහිංසකයගෙ නලලෙන් තොල් තද කරපු එක....සමහරවිට නිවේන්ට ඒ හැගීම දැනිලත් ඇති....

අවුරුදු 3ක ඉදන් මේ වෙනකන්ම වස්සානයි ශෙනුලුයි කරේ ඇස් දෙක වගේ තමන්ගෙ කොල්ලො දෙන්නව පරිස්සම් කරපු එක....සමහරවිට ඉස්සරහට ඊටත් වැඩිය පරිස්සම් කරයි.....

ඉතින් විශ්වාස කරන්න මුලදි මොන තරම් රිද්දුවත් නිවේන්ට මේ කතාව අවසානයේ ලෝකෙ ලස්සනම ආදරය හිමිවේවි.....

_______________________________

උමතු ඇස් හෙට උදේට දෙන්නම් හරිද....අනේ දැන් ලියන්න බෑ ලමයි හොදටම අමාරුයි😫😫🤧🤧

හෙට ආයෙ එන්නම් හරිද....පරිස්සමින් ඉන්න..ආදරෙයි 😚❤❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter