Back
/ 40
Chapter 24

22 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"නිවේන්!......"

"කියන්න බොස්...."

"මේ file ටික චෙක් කරලා මිස්ටර් දේවින්දට ගිහින් දෙන්න...."

"හරි...."

"පැයක් ඇතුලත වැඩේ වෙන්න ඕනෙ තේරුනානෙ..."

"තේරුනා...."

"ම්ම්ම්...දැන් යනවා මෙතනින්...."

හුහ්....බලාපල්ලකො යකෝ උගෙ ඝණකම...වෙන කවුද ඉතින් බොලාලගෙ තාප්පයා මිසක්...office එක නිසා ඉවසනවා මිසක් නැත්තන් මම ඕකව මෙතනම මරලා දාලා...හා හරී හරී පැංචට ඒ තරම් හයියක් නෑ තමයි....ඒ උනාට ඉතින් කටින් හරි සද්දයක් දාන්න බැරියැයි...හා නැද්ද කියන්නකො ඒයිලා...ඔක්කොමත් හරි මේ පොල් කාවයියට බොස් කියන්න වෙන එකනෙ ඉවසන්නම බැරි වැඩේ...කලකම් පල දෙනවා කියන්නෙ මේකට වෙන්න ඇති...මේකා මේ උදේ ආපු වෙලාවෙ ඉදන් බෙරිහන් දෙනවා....නිවේන් අරක කරපන් නිවේන් මේක කරපන්....ආ ආ අනේ මට බෑ අප්පාවේ....මූත් හරියට නිකන් අපේ සෙසඳුවා වගේ..ඇයි අප්පා කටේ තියෙන්නෙම නිවේන් නිවේන් නිවේන්....නිවේන් නෙවෙයි බොල සහස්‍රක කියාපිය....අලුගුත්තේරු පොල් කාවයියා....මේකා ගෙදර හිටපු සතියෙ කරන්න තිබ්බ ඔක්කොම වැඩ මම ලව්වා කරගන්නවද මන්ද....හැයි අනේ එපා වෙනවනෙ....දැනුත් දුන්නෙ නැතැයි file මිටියක්ම....තව කියනවා පැයකින් ඉවර කරන්න ඕනෙලු....මුට මාව මැෂින් එකක් වගේ පේනවද දන්නෙ නෑ....හනේ ගහපන්කො මෙන්න මුට එකක්....

"තමුසෙ මගෙ මූණ දිහා බලන් භාවනා කරනවද..."

"අහ්....."

හරිනෙ...ඔය කරේ වැඩක්...මම මෙච්චර වෙලා කල්පනා කරලා තියෙන්නෙ මේ යකාගෙ මූණ දිහා බලාගෙනනෙ...පැංචටත් දැන් හොදටෝම පිස්සු....මිහුක්....සැජ්ජයිත් එක්ක අප්පා....මම කරේ හෙන මෝඩ පහේ හිනාවක් දාලා file එකක් පෙරලගත්ත එක.....හේ හේ දන්නෙ නැද්ද ඉතින් පැංචා පෝඩ්ඩක් විතර wrong side ගියා...හරි හරි ඒකෙන් වැඩක් නෑ හිටහන්කො මම මේ වැඩේ ඉවරයක් කරනකන්....නැත්තන් ආයෙ මගුලක්...කීව වෙලාවට ඉවර කරගන්න බැරි උනොත් මේ යකා මොනවයින් මොනවා කරයිද කවුද දන්නෙ...හිත හිතම මම කරේ file ටික චෙක් කරන්න පටන්ගත්ත එක...ඌප්ස් වැඩි දෙයක් කරන්නත් නෑ හැබැයි...accounts ටික චෙක් කරන්න තියෙන්නෙ....ඒත් මෙතන file හෙන තොගයක් තියනවනෙ...හනේ මට බෑ දෙයියනේ....බොරුවට කලන්තෙ දැම්මොත් බැරිවෙයිද දන්නෙ නෑ නේද....නෑ නෑ අනේ කම්මැලි කමකට නෙවෙයි ඉතින්....පැංචට පෝඩ්ඩක් විතර stresse ඒකයි....හරීයට වැඩනෙ අනේ....

එතකොටම වගේ මට ඇහුණෙ කවුරු කැබින් එකේ දොරට තට්ටු කරන සද්දයක්...කවුද අප්පා මේ අවේලාවෙ මේක අස්සට රිංගන්න එන පෙරේතයා....

"Coming...."

අප්පද බොල මෙන්න බලාපල්ලකො මූ....කමින් නෙවෙයි ඉන්කමින්....මේකා මට තමයි සද්ද දාන්නෙ...හුහ්...අනේ අපිනම් බයවෙයි ඕවට...ගෙවල පිසාචයා...

"Thank you...."

අනේ අනේ මෙයානෙ මේ....හේ හේ ඔයාලා දන්නෙ නෑ අනේ මෙයැයිව...මේ මගෙ නෙතු අක්කනෙ....හේ හේ...ඔයාලා බැලුවද ඒ කවුද කියලා....එයත් වැඩ කරන්නෙ අපේ staff එකේම තමයි....එයා පැංචට හරි ආදරෙයි අනේ...අක්කටත් ඉන්නෙ මගෙ වයසම මල්ලි කෙනෙක්ලු....මට දවසක් 4to එකකුත් පෙන්නුවා....ඒ උනාට පැංචට දැන් මතක නෑ අප්පාවේ...මිහුක්....නෙතු අක්කා coffee අරන් ඇවිල්ලා.....හේ හේ coffee කීවට තාප්පයට විතරයි coffee...පැංචට bubble tea...අක්කා දන්නවා bubble tea කීවොත් මම පන උනත් දෙනවා කියන්න...බලන්න ඉතින් ඒ ආදරේ...

"සර් මේ coffee එක..."

"ඔතනින් තියන්න..."

මේවනම් දෙයියොම බලාගන්න ඕනෙ...හැයි අනේ මූ නිකන් හැසිරෙන්නෙ හෙන නිවිච්ච මිනිහෙක් ගානටනෙ...ඒකට මොකද මම කතාකරොත් තමයි බලන්න ඕනෙ...අහකට පලයන්,මෙතනින් පලයන්,නිවේන් ඕක කරපන්,නිවේන් අරක කරපන්....ආආආ පැංචට නිකන් කැරකිල්ල වගේ...

තාප්පයට coffee එක දීපු නෙතු අක්කා ඊලගට ආවෙ මම ලගට...හේ හේ නෙතු නෙතු කීවට එයාගෙ නම නෙතුශි අනේ...පැංචා ආදරේට කියන්නෙ නෙතු කියලා...හී හී...

"පොඩ්ඩා වැඩ වගේ...."

"ඔව්නෙ..."

"දැන් සනීපද..."

නෙතු අක්කා මගෙ කොණ්ඩෙත් අවුස්සලා එහෙම අහද්දි මම බලාගෙන තාප්පයා කන්න වගේ අපි දෙන්නා දිහා බලන් ඉන්නවා...ඒ ඇයි අනේ එහෙම බලන්නෙ...අර බලන්නකො ඒයිලා දත්මිටිත් කනවා...බැරිවෙලාවත්....බැරිවෙලාවත් එයා නෙතු අක්කට කැමතීවත්ද....ඒත් බෑනෙ...එහෙම වෙන්න බෑනෙ...එයා රවන්නෙත් අක්කටනෙ....හනේ උට පිස්සුද කොහෙද...මමත් කරේ තාප්පයව නොදැක්ක ගානට නෙතු අක්කා එක්ක කතා කරන්න පටන්ගත්ත එක...

"දැන් හොදයි..."

"ආ මෙන්න..."

"හී හී ඔයා හරී හොදයි අප්පාවේ..."

"Cool නෙවෙයි හැබැයි කමක් නෑනෙ..."

"කමක් නෑ අනේ පැංචා ආදරෙයිනෙ...."

"අනේ ඔයාගෙ බොරු ආදරේ මම දන්නෙ නැද්ද..."

"බොරු නෙවෙයි අප්........."

"නෙතුශි!....."

"ස...සර්....."

"ආපු වැඩේ ඉවරනම් යන්න පුලුවන්...."

"හරි සර්...."

හනේ මේ යකාට නම් හෙනම ගහන්න ඕනෙ..මම නෙතු අක්කා එක්ක කතාකරේ දවස් ගානකට පස්සෙ...මේකා නිකන් යකෙක් වගේනෙ නෙතු අක්කට කෑගහුවෙ...එයා මොනවා කරාටද එහෙම කෑගැහුවෙ...පැංචත් බයවුණා ඒ සද්දෙට....නෙතු අක්කත් අඩියට දෙකට කැබින් එකෙන් එලියෙ...පව් අප්පා බයවුණාද දන්නෙ නෑ....පස්සෙ ගිහින් කතා කරන්න ඕනෙ....මම හිටියෙ නෙතු අක්කා ගිය දිහා බලන් කල්පනා කර කර...කල්පනාවෙ තරම කොච්චරද කියනවනම් තාප්පයා ලගට එනකන් දන්නෙත් නෑ....

"නිවේන්!....."

"ඇ...ඇයි....."

"ඇයි මම ඒකිට කෑගැහුවට තමුසෙට දුකද..."

"නෑ...නෑ..."

"එහෙනම් ඒකි ගිය දිහා බලන් ඉන්නෙ..."

"ආ මේ මේ...."

"මම උබට ආයෙ කියන්නෙ නෑ නිවේන්...මම මේ කියන පලවෙනි වතාව වගේම අන්තිම වතාව...ඒ නිසා හොදට අහගන්නවා...තමුසෙ මගෙ secratary ඒ වගේම තමුසෙ මේ office එකට එන්නෙ වැඩ කරන්න...එහෙම නැතුව එක එකා එක්ක මුකුලු කරන්න නෙවෙයිනෙ...හැබැයි උබ තව එකපාරක් හරි ඒකි එක්ක කතා කරනවා මම දැක්කොත්..."

"දැක්කොත්...."

හනේ ගහපන්කො මට එකක්....ඇයි දෙයියනේ මේ ඒස කටට බැරි පාඩුවේ ඉන්න....මූ මෙහෙ යකෙක් ආවේස වෙලා වගේ බනිනවා මෙහෙන් මගෙ කට....ආආආආ අනේ මට බෑ අප්පාවේ..අනිත් එක මෙයාට මෙච්චර තරහා යන්න තරම් දෙයක් මම කරේ නෑනෙ...අනේ ඔයාලවත් කියන්නකො ඒයිලා...පැංචා මුකුත් කරේ නෑනේ නේද....මම එකට එක කියපු නිසාද මන්ද එයා කරේ මගෙ කට තදකරලා අල්ලගත්ත එක...හැමදාම වගේ ඉතින් අඩන්න තමයි තියෙන්නෙ.....හනේ නෑ නෑ අප්පා අඩන්නෙ නෑ මට ඇඩෙනවා....

"අත...අත..අතඅරින්නකො...රි..රිදෙනවා...."

"මාත් එක්ක එකට එක කියන් එන්න ලෑස්ති වෙන්න එපා....."

"ඉහික්.....ඉහික්....."

"හැමදේටම අඩන එක නවත්තපන් නිවේන්...අනික උබ ආයෙ එක එකා දෙන ඒවා බීලා අහුවුනොත් මම උබව මකවනවා දැනගනින්...."

"එයා....එයා හොදයිනෙ...."

"හැම මිනිහම පිටින් මනින්න බෑ යකෝ...."

මම කරේ ඔහේ එයා කියන දේවල් අහන් හිටපු එක....හැබැයි එක දෙයක් කියන්න ඕනෙ...ඒ තමයි වෙනදට මගෙ හකු රිදෙන්නම තදකරන එයා අද පොඩ්ඩක්වත් මට රිද්දුවේ නෑ....මම දන්නෙ නෑ ඒ ඇයි කියන්න....හැබැයි ඒක තමයි ඇත්ත....අනිත් එක මෙයා ඇයි පිටින් මිනිස්සු මනින්න එපා කියන්නෙ....නෙතු අක්කා කියන්නෙ නරක කෙනෙක් නෙවෙයිනෙ අනේ...හනේ මම දන්නෙ නෑ අප්පාවේ...පැංචට දැන් නිකන් පිස්සු වගේ...

"දැන් යනවා...."

"අහ්....."

"ගිහින් මේ file ටික දීලා එනවා..."

එහෙම කියපු එයා කරේ file ටිකත් මගෙ අතට දීලා දොර දිහාවට මාව තල්ලු කරපු එක...මම බලාගෙන...එයා නෙතු අක්කා ගෙනත් දීපු bubble tea එකටත් රවලා ඒක dustbin දානවා...අනේ මන්ද මට වෙලාවකට මෙයාව තේරුම්ගන්න බෑ....හරි වෙනස්....හැබැයි අනිත් අය ඉස්සරහ ඒ වෙනස නෑ....කවුද දන්නෙ අනේ...ඕනෙ දෙයක්.....

හිත හිතම මම කරේ දේවින්ද සර්ගෙ කැබින් එක දිහාවට යන්න ගියපු එක...එයා තමයි තාප්පයට පස්සෙ ඉන්න ලොකුම කෙනා...තනතුර නම් මොකක්ද කියන්න මම දන්නෙත් නෑ...හේ හේ පැංචට ඕවා මතක තියාගන්න වෙලාවක් නෑ අප්පා....මේ ලමයට හරීයට වැඩ....

දේවින්ද සර්ගෙ කැබින් එක ගාවට ගිය මම කරේ කෝකටත් කියලා දොරට තට්ටු කරපු එක....පැංචා හොද ලමෙක් හරිත...

"එන්න...."

අරයා coming මෙයා එන්න...මරු බොස්ලා දෙන්නා....බොස් නෙවෙයි ජබොස්....මම මේ යකාව මීට කලින් දැකලා නෑ....දැකලා නෑ කියන්නෙ කලින් හිටියෙ මෙයා නෙවෙයි වයසක සර් කෙනෙක්....එයා retire උනාලුනෙ මම ආපු නැති සතියෙ...ඉතින් ඒකට හරියන්න තමයි මෙයා ඇවිත් තියෙන්නෙ....පැංචා ආපු නැති ටික කාලෙට සෑහෙන්න දේවල් වෙනස් වෙලා අප්පා....

ඒවා වැඩක් නෑ මම දැන් ඇතුලට යන්න ඕනෙ...ඔයාලත් එනවද....ඉක්මනට දුන්නා ඉක්මනට ආවා....හේ හේ යමු යමු අනේ එන්න....මිහුක්....

"Take a sit...."

"Thank you sir..."

වැදගත් විදිහට කතා කරන්න එපැයි අනේ ඒකයි thank you කීවේ...

"Files ටික ඔක්කොම හරිද...."

"ඔව් සර්...."

"බොහොම හොදයි...කෝ දෙන්න බලන්න...."

මම කරේ files ටික සර් දිහාවට දික් කරපු එක...ආ මේ මොකත මේ....මේ යකා file ටික ගන්න කියලා මගෙ අතින් ඇල්ලුවනෙ...මම කරේ ගැස්සුන පාරට අත ඇදලා මගෙ ලගට ගත්ත එක....

"බය වුනාද ම්ම්...."

"ස...සර්...."

මේ මිනිහව නම් මට අල්ලන්නෙ නෑ....මහ අමුතු විදිහටනෙ මෙයා මගෙ දිහා බලන් ඉන්නෙ...බයත් හිතෙනවා....

"මම දැනන් හිටියෙ නෑනෙ රුහිර ලග මෙච්චර ලස්සන අයත් ඉන්නවා කියලා...."

"ස...සර්...සර් කරුණාකරලා මාව අතඅරින්න..."

එහෙම කියාගෙන මම ලගට ආපු දේවින්ද සර් කරේ මගෙ අතකින් අල්ලගත්ත එක...මේ මිනිහා මට නැගිටගන්නවත් වෙලාවක් දුන්නෙ නෑනෙ....මම තාම හිටියෙ හිටපු විදිහටම පුටුවෙ ඉදගෙන....අනේ මට යන්න ඕනෙනෙ...මට මෙතනින් යන්න ඕනෙනෙ...file ටික දෙන්න ආපු මට උනේ හීනෙන්වත් හිතපු නැති දෙයක් වෙද්දි මට මතක් උනේම තාප්පයව.....නිකමට වගේ මට හිතුනා එයා හිටියනම් මාව බේරගනී කියලා....

"ලස්සනයි...."

"ස...සර්...."

"තමුසෙ මාරම ලස්සනයි....."

"සර්...අනේ මාව අත අරින්නකො...."

මම ඇස්වල කදුලුත් පුරවන් මාව අතඅරින්න කීවත් එයා කරේ මගෙ කලවා උඩින් එයාගෙ එක අතක් නතර කරගත්ත එක...මට මතක් උනේම එදා දේශාන් කාරයා කාර් එක ඇතුලෙදි මාව මෙහෙම අල්ලපු හැටි වෙද්දි කොහෙන්දෝ ආපු හයියකට මම කරේ දේවින්ද සර්ව තල්ලු කරලා දාලා එතනින් එලියට පැනගත්ත එක....

ඒ එනකොට මට ඇහුනා දේවින්ද සර් කියනවා..

"හොදින් හරි නරකින් හරි මම තමුසෙව මගෙ ලගට ගන්නවා කොල්ලො...."

කියලා....

මටමයි මෙහෙම දේවල් වෙන්නෙ....ඕනවට වඩා ලස්සන වෙන එකත් වෙලාවකට මහ ශාපයක්...හරියට මට වගේම....ආයෙනම් කවදාවත් මම ඔය කැබින් එක අස්සට යන්නෙ නෑ....මැරුවත් නෑ නෑමයි....බයවුණ පාර මම කරේ කෙලින්ම තාප්පයගෙ කැබින් එකට ගිය එක....මට බයයි...හොදටෝම බයයි...මාව නිකන් වෙවුලනවා වගේ....පපුව ගැහෙනවා ආයෙ නෑ හැටට හැටේ....ඇතුලට යනකොටම මම දැක්කෙ එයාව....වෙන කවුරුත් නෙවෙයි තාප්පයාව....එයා හිටියෙ ජනේලෙ ලගට වෙලා coffee එක බොන ගමන්...මම දන්නෙ නෑ මට මොනවා උනාද කියලා....මම කරේ අඩියට දෙකට එයා ලගට ගිහින් එයාව බදාගෙන ඒ පපුව අස්සට මූණ ගහගත්ත එක....මම එක දෙයක් හොදටම දන්නවා....ඒ මගෙ හිත....මොන තරම් තාප්පයට අකමැතියි කියලා පිටට පෙන්නන්න හැදුවත් හිත ඇතුලෙන් මම එයාට කැමතියි...ඒක මොන විදිහෙ කැමැත්තක්ද කියන්න මම දන්නෙ නෑ...හැබැයි එයා මට මොන තරම් රිද්දුවත්...මොන තරම් බැන්නත්....මට ආරක්ෂාව දැනුන එකම තැනත් එයා ලග උනා...සෙසඳුගෙන් පස්සෙ මට දැනුන එකම ආරක්ෂාව තිබුණෙ එතන...මම දන්නෙ නෑ ඒ ඇයි කියන්න...මට තේරෙන්නෙත් නෑ....

ඉතින් දැනුන බයට පැංචා එයාට තුරුලු උන එක වැරදිද ඒයිලා....ආ කියන්නකො මම එහෙම කරපු එක වැරදිද...මට බය හිතුනනෙ....පැංචට හරියට බය හිතුනනෙ ඒයිලා.....

"නිවේන්...."

මෙච්චර වෙලා සද්ද නැතුව හිටිය එයා කතා කරද්දි මට බය හිතුනා එයා මට බනියි කියලා...

"මට පොඩ්ඩක් මෙහෙම ඉන්න දෙන්න ඊට පස්සෙ ඇති තරම් බනින්න...."

මම එහෙම කියපු පාර කිසිම හේතුවක් නොහාපු එයා කරේ මට එහෙමම ඉන්න දීලා ජනේලෙන් එලිය බලාගත්ත එක....සත්තයි...මගෙ හිතේ තිබ්බ බය එක තප්පරෙන් නැති වෙලා ගියා....හ්ම්ම්....

හැබැයි මට දැනුනා.....කවදාවත් අහපු නැති තරම් සද්දෙකින් එයාගෙ පපුව ගැහෙනවා....

ඒත් ඇයි ඒ?.......

_______________________________

අනේ ලමයි සොරි හොදද පරක්කු උනාට...පොඩි වැඩ වගයක් වැටුණා...ඒකයි 😓

ආයෙම හෙට එන්නම් හරිද....පරිස්සමින් ඉන්න ආදරෙයි 😚❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter