Back
/ 40
Chapter 5

04 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

Cabin එක ඇතුලට යන්න ගියපු මාව ආයෙම අහුවුණේ අර ගැමුණු යෝධයට..අහුවුනා කියන්නෙ ඒ මිනිහා මම යන පාර හරස් කරානෙ...අර තාප්පයාටම හරියනවා මේ මිනිහත්...ඇයි අනේ පැංචගෙ ඔලුවටමයි මේ මිනිස්සු රිද්දන්නෙ..මිහුක් එදාට වඩානම් රිදුනා හැබැයි..මම අත මිටිමොලවලා අර යකාගෙ අතට ගැහුවට රිදුනෙ මටමනෙ...

"ආව්වා....මේ ඒයි ඔයා ඉබි මස්ද කන්නෙ..."

මේකා මොනවා හරි ගිලලද මන්ද..ඇයි අනේ මම මෙච්චර කතාකරා ඇහුනෙ නැද්ද..එක්කො මට ඇතුලට යන්න දීපන් නැත්තන් තෝ අහකට පලයන්...අනේ අනේ යනවකො ඒයි එහාට...

"මිස්ටර් නිවේන්! එන්න ඇතුලට..."

හහ්..යකෝ මමත් ඇතුලට යන්න තමා ආවෙ උබනෙ මේ පාර හරස් කරේ...මේ මිනිහා බලන්නකො ඒයිලා..පිස්සුනෙ නේද...දෙයියනේ කියලා ඇතුලට ගියාමනෙ මට හීනියට සූ බරක් ලෝඩ් උනේ..මේසෙටත් අත් දෙක තියාගෙන කැබින් එකේ දොර දිහා බලන් හිටියෙ වෙන කවුරුත් නෙවෙයි අනේ තාප්පයා..හනේ මේ යකා අද මාස්ක් එක දාලා නෑ දෙයියනේ...මේ මම බඩ්ඩක් කියන්නද...හැබැයි පැංචට හිනාවෙන්න එපා හරිද..තාප්පයා තාප්පයා කීවට මූ නිකන් නලුවෙක් වගේ..මොනවා උනත් ලස්සන දේට ලස්සනයි කියන්න එපැයි..කොණ්ඩෙත් මූණට වැටෙන්න දාලා ඒ මදිවට කණ්ණාඩි දෙකකුත් දාලා..සිරාවටම නලුවෙක්ද දන්නෙ නෑ නේද.....නෑ ඉතින් කියන්න බෑනේ හී හී..ඒ උනාට කිසිම සිරියාවක් නෑ...ලස්සන තිබ්බට වැඩක් තියේද අනේ මූණෙ හිනාවක් නැතුව..අර දැක්කනෙ ඇස් දෙකත් රතු කරන් බලන් ඉන්න හැටි...බයයිත් එක්ක අනේ..දන්නෙ නැති නිසා අහන්නෙ secretary කෙනෙක් උනාම මොනවද කරන්න ඕනෙ..හරි හරි අනේ පැංචා දන්නෙ නැති නිසානෙ ඇහුවෙ..

"දේව්..."

"බොස්..."

ඈ....මේ මොකද මේ..ඊයෙ ඔහොම නෙවෙයිනෙ කතාකරේ..නෑ නෑ මම කියන්නෙ ඊයෙ මෙයා මෙච්චර තරහින් කතාකරේ නෑ ඒකයි..අනේ කවුරුහරි ඇවිත් මාව අරන් යන්නකො..

"තමුන්ට දැන් යන්න පුළුවන්..."

"Ok බොස්.."

අනේ යන්න එපානෙ...පැංචව මේ නපුරා එක්ක දාලා යන්න එපානෙ..ගියා නේද...හරි නරකයි.හැබැයි ඉතින් ජොබ් එකට ආවනම් මම ගිහිනුත් බෑනෙ නේද..මේ ලමයටත් දැන්

හොදටෝම පිස්සු හැදිලා..

"තමුසෙ..."

ගැමුණු යෝධයා ගියත් එක්කම අර හාදයා තමුසෙ කියාගෙන ආවෙ නැතැයි මම ලගට..ඒ ඇවිත් කියන්න තියන දෙයක් කියන්නෙත් නෑ..මරන් කන්න වගේ මගෙ දිහා බලන් ඉන්නවා..අර.......

"ආව්හ්....අ...අනේහ්...අ..අත...අරින්නකො...

මොනවද ඔයා ඔය කර...කරන්නෙ..ම...මට රිදෙනවා..."

ටික වෙලාවක් මගෙ දිහා කන්න වගේ හිටපු එයා ඊලගට අල්ලගත්තෙ මගෙ අත..ඊට වඩා හොදයි අත ගලවලම ගත්තනම්...අනේ මට රිදෙනවනෙ..ඇයි මේ මිනිස්සු අහිංසක මටම මෙහෙම රිද්දන්නෙ..මම මොනව කරාටද..ම..මට මෙතනින් යන්න ඕනෙ..ඒත් එයා මාව ඇදන් ගියෙ කැබින් එක කෙලවරේ තිබ්බ ජනේලයක් ලගට...ඒ ගිහිනුත් එයා අහපු කිසිදෙයක් මට තේරුනේ නෑ..

"මොනවද තමුන්ට පේන්නෙ..."

මොකක්! මොකක්ද ඒ ඇහුවෙ..මට මොනවා පේන්නද පාර මිසක්..මම නෙවෙයි කටක්වත් හෙල්ලුවේ..ඇයි දෙයියනේ මේ මනුස්සයට පිස්සුද අර අච්චර හොදට පේන පාර පෙන්නලා මොනවද පේන්නෙ අහන්නෙ..එහෙන් ඉන්න බෑ අත කැක්කුමයි...

"මම උබෙන් දෙයක් ඇහුවා නිවේන්.."

"ආව්හ්.....ඉහික්...ඉහික්...."

මගෙන් මොනවා ගන්නද මට මේ තරම් රිද්දන්නෙ..මම කතාකරපු නැති නිසා එයා මගෙ කම්මුලට ගැහුවෙ වැදුන පාරට මට ඉකි ගැහිලම ඇඩෙද්දි...ජොබ්වලට යන හැමෝටම බොස් සලකන්නෙ මෙහෙමද...මෙහෙම ගුටි කන්නද මම ජොබ් එකට ආවෙ..දෙයියන්පා දැන්නම් මැරුවත් මම යනවා යන්න..මේක මොන කරුමයක්ද යකෝ...ඊයෙම හම්බුන මනුස්සයෙක්ගෙන් මෙහෙම ගුටිකන්න..මමත් කොල්ලෙක් ඇයි මම මෙහෙම අඩන්නෙ..'නිවේන් කදුලු පිහදගෙන කතාකරපන් යකෝ..කතාකරපන්...'

"මම තමුසෙගෙන් ගුටිකන්න නෙවෙයිනෙ ජොබ් එකට ආවෙ...මට තමුන්ගෙ ජොබ්වලින් වැඩක් නෑ යකෝ...තමුසෙ මේක මතක තියාගන්නවා මම තව විනාඩියක්වත් මෙතන ඉන්නෙ නෑ..."

හිතේ තියන ආවේගෙට මම කරේ පුළුවන් තරම් හයියෙන් අර මිනිහට බැනපු එක...පුදුමයි මේ මිනිහා එක වචනයක්වත් කීවේ නෑනෙ...එතකොටම වගේ කැබින් එකේ දොර ඇරන් ඇතුලට ආවෙ මූ වගේම තව හාදයෙක්...ඒ පාර මොන මරාලයක්ද...ඒ අස්සෙන් මේ යකා තාම මගෙ අත අල්ලගෙන..

"මචං රුහිරයා...අඩේහ් මූද උබ කීව අර කොල්ලා...."

"ම්ම්ම්....අර වැඩේ හරිද...."

ඒ කතාකරපු විදිහට නම් යාළුවෙක් වෙන්න ඕනෙ..එයා ඒ මම ගැනද ඇහුවෙ..එතකොට! එතකොට මම ගැන මෙයාටත් කියලද...ඒත් ඇයි...මොකක්ද දැන් අර කියපු වැඩේ..ආආ මගෙ ඔලුවත් කැක්කුමයි...

"මෙයානෙ කොල්ලා.."

දෙයියනේ නෑ නෑ...එහෙම වෙන්නෙ කොහොමද..ඒ ඒ හිටියෙ සෙසඳු...සෙසඳුගෙ 4to එකක් ඇයි මෙයාලා ලග..ඒක ඊයෙ ගත්තු එකක්..ඔව් ඒක එයා ඊයෙ ගිය party එකේදි ගත්ත 4to එකක්...උට මුකුත් කරදරයක් කරන්න එපා දෙයියනේ...මට තවත් කටවහන් බලන් ඉන්න බෑ..

"මේ මේ සෙසඳු....ඇ...ඇයි ඒ එයාගෙ 4to එකක් ඔයාට..."

මට වචනත් ගොත ගැහෙනවා..අනේ මට මොනවා කරත් කමක් නෑ මගෙ අහිංසකයව බේරලා...එතනින් එහාට එයා කියපු දේවල් මම අහන් හිටියෙ හීනෙන් වගේ...

"එකක්...තමුසෙ මට ඕනෙ විදිහට වැඩ කරේ නැත්තන් විදවන්න වෙන්නෙ තමුසෙගෙ යාළුවට..."

"අනික මින් පස්සෙ තමුසෙ මේ office එකට එන්නෙ වගේම යන්නෙත් මම කියන වෙලාවට මම එක්ක..."

"අන්තිම එක...උබේ යාළුවව ඕනෙ මට නෙවෙයි මෙන්න මුට..ඒ නිසා තමුසෙ ඒකට මැදින් පනින්න බෑ..."

"තේරුනාද......තේරුනාද කියපන් යකෝ..."

අඩ අඩම හැමදේම අහගෙන හිටපු මට එයා අන්තිමට කියපු දේට එයා ඉස්සරහ දණගැස්සුනේ බයටමයි...සෙසඳු අහිංසකයි..ඌ මං තරම්වත් තැලිලා පොඩි වෙලා නෑ...මමයි මේක පටන්ගත්තෙ..මමයි එක අපායකින් බේරෙන්න හිතන් තවත් අපායකට අඩිය තිබ්බෙ...ඒකට මගෙ අහිංසකයා පලි නෑ දෙයියනේ...මොකටද! මොකටද මේ මිනිහට සෙසඳුව ඕනෙ...අනේහ් මට තේරෙන්නෙ නෑ..මම අත් දෙක එකතු වැදලා කීවේ උට මුකුත් කරන්න එපා කියලා..

"අනේහ් එයාට මුකුත් කරන්න එපා...ම..මං...මට..මට ඕනෙ දෙයක් කරන්න..අනේ සෙසඳුව අත අරින්න..."

"ඒකනම් කොහොමත් කරන්න බෑ කොල්ලො..."

මේ පාර තාප්පයා වෙනුවට කතාකරේ එයාගෙ යාළුවා...මම මොනවද කරන්න ඕනෙ..මම මොනවද කරන්න ඕනෙ..අනේ මට තේරෙන්නෙ නෑ..එක දවසක් දැක්ක මට ඇයි මෙහෙම කරන්නෙ..මම මොන වරදක් කරාටද...

"ශෙනුල්!...මොනවා කරත් කමක් නෑ උබ උබේ සීමාව දැනගෙන වැඩ කරපන්..."

"හරි හරි යකෝ..."

මගෙ ඔලුවට දාහක් ප්‍රශ්න දාලා ගිය ලස්සන විතරක්..ජොබ් එකක් හොයන් ආව මට උනේ මේ මනුස්සයා ලග වැද වැටිලා අඩන්න..කවදාවත් කිසිම මනුස්සයෙකුට මෙහෙම වෙන්න එපා...නොදන්න මනුස්සයෙක් ලග අසරණ වෙන්න..ඒකත් හේතුවක් නැතුවම..දන්නවද ඒක හරි අමාරුයි..මට දැනගන්න ඕනෙ ඇයි මෙයා මට මෙහෙම කරන්නෙ කියලා...බලෙන්ම ජොබ් එකට අරන් ඇයි මට මෙහෙම කරන්නෙ...මෙහෙම නපුරු වෙන්න තරම් මං මොකක්ද එයාට කරපු වරද..

"ඇයි මට මෙහෙම කරන්නෙ...ම..මම ඔයාට වැරැද්දක් කරලා නෑනෙ..."

බිම වැටිලා හිටිය මාව කොලර් එකෙන් උස්සලා එයාගෙ ලගට ඇදලා ගත්ත එයා කීවේ එක දෙයයි...

"මගෙ හිත අස්සට රිංගලා උබ කරේ කරන්න පුළුවන් ලොකුම වැරැද්ද....ලෑස්ති වෙයන් වන්දි ගෙවන්න..."

මං හරි බයයි...ජීවිතේ අසීමාන්තිකව තනිකමක්,දුකක්,වේදනාවක් දැනුන හැමතැනකදිම මං මහ බයගුල්ලෙක් වෙලා

තිබුණා..මටවත් නොදැනිම..ඒක දැන් මට පුරුද්දක් වෙලා...ඒ බය මටම විරුද්ධව හිටගන්න පටන් අරන්..අර වචන ඉස්සරහදි මගෙ අත් පවා වෙවුලන්න ඇත්තෙ ඒකයි..බය කියන එක අහිංසක මගෙ ජීවිතේ කොටසක් වෙලා..ඉතින් එයා ඉස්සරහත් අද මං බයගුල්ලෙක් ගානට වැටිලා ඉවරයි..මං වෙනුවෙන්වත් දෙයක් කරගන්න බැරි මං කොහොමද දෙයියනේ මගෙ අහිංසකයව බේරගන්නෙ...ඌවත් මේ වලට ඇදලා දැම්මෙ මම..උට හීරීමක් හරි උනොත් මට මගෙ ජීවිත කාලෙටම සැනසීමක් නැතිවෙයි...මට තේරෙනවා මෙයාටත් ඕනෙ මාව...ඒ කියපු වචනවලින් එයා කීවේ ඒක..ඇයි ඇයි අම්මටයි තාත්තටයි බැරි උනේ මාවත් එයාලා එක්ක අරන් යන්න...

අම්මට පේනවද අම්මෙ ඔයා පොඩි කාලෙ ඉදන් පන වගේ රැකපු ඔයාගෙ පුතා අද නොදන්න මනුස්සයෙක් ලග අසරණ වෙලා ඉන්න විදිහ..එහෙන් දේශාන් අයියා එහෙන් මේ මනුස්සයා...දේශාන් අයියා අද මාව ඇල්ලුවා විතරයි...ඒත් හෙට...එයා එතනින් නතරවෙන එකක් නෑ..මට උගෙන් කොහොම හරි බේරෙන්න පුළුවන්..ඒත් මේ මනුස්සයා...කොහොමද මම සෙසඳුව ඇපේට තියෙන්නෙ..මට බෑ...

අද දවසම මම හිටියෙ මැරුණ මිනිහෙක් ගානට..ජොබ් එකකට ආවා උනාට මේ මනුස්සයා මට කිසි වැඩක් දුන්නෙ නෑ..දවසම නිකන් ඉදලා අදට විතරක් මට කැමති විදිහට යන්න කියපු නිසා බස් එකේම ගෙදර ආවෙ සෙසඳුට කතා කරන්න හිතන්...වෙලාවට අයියා ගෙදර නෑ...හිටියනම් එතනත් මට නිදහසක් නෑ..සෙසඳු ගෙදර කියපු නිසා හිත හදාගෙන නිදාගත්තෙ උට කරදරයක් නෑනෙ කියලා හිතන්...

"එ...එපා...අත...අ...අරිනවා එයාව..අනේහ් එයාට යන්න දෙන්න...මුකුත් ක...කරන්න එපා...අනේහ්...."

ලමයි ලමයි රෑ වෙලා ගෝල් දෙන්නම් හරිද.මේ කතාව හොදයිනම් comment එකක් දාගෙන යන්ඩෝ.❤

අද පෝයනෙ මම යනවා පන්සල්..ඔය ලමයිනුත් ගිහින් පිනක් දහමක් කරගන්ඩලා 🤭.රෑ වෙලා හම්බවෙමු බායි බායි..❤

@Diyana_45 🖊mention a user

Share This Chapter