Back
/ 40
Chapter 6

05 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"එ...එපා...අත...අ...අරිනවා එයාව..අනේහ් එයාට යන්න දෙන්න...මුකුත් ක...කරන්න එපා...අනේහ්...."

ඒ හිටියෙ සෙසඳු...අනේ ඌ බිම වැටිලා..උගෙ ඇස්වලින් කදුලු ගලනවා..මට ඌ ලගට යන්න ඕනෙ..ගිහින් මගෙ අහිංසකයව නැගිට්ටවන්න ඕනෙ..ඒත් මට අඩියක්වත් හොල්ලන්න බෑ..මොනවා හරි දේකට මගෙ අත් හරි තදේට තදවෙලා ගිහින්..ඒ ඇයි කියලා බලන්න ඔලුව උස්සපු මම දැක්කෙ රතුම රතුපාට ගිනි පුලිගු වගේ ඇස් දෙකක්...දෙයියනේ ඒ ඇස්...ඒවා ගිනි කන්දක් වගේ මගෙ දිහා බලාගෙන ඇවිලෙනවා..ඒ කවුද...මාව මෙහෙම හිරකරන් ඉන්නෙ...ඇත්තටම ඒ කවුද...මට තේරෙන්නෙ නෑ..අනේ මට යන්න ඕනෙ..මාව අත අරින්නකො...

"ආහ්...ගහන්න එ..එපා..."

"සෙසඳු..."

කවුද ඒ...ඇයි මට මේ මිනිස්සුන්ගෙ මූණවල් පේන්නෙ නැත්ත...කදුලු පිරුණු ඇස්වලින් මට ගහන්න එපා කිය කිය මගෙ අහිංසකයා නොසෑහෙන්න අඩනවා...එයාට තුවාල වෙලා..සෙසඳුගෙ ඇගෙන් ලේ ගලනවා..අනේ

ඌ මැරෙයි දෙයියනේ..උට ගහන්න එපා..ඌ මම වගේ තැලිලා පොඩි වෙලා නෑ...එතනින් එහාට මොනවා කියන්න හැදුවත් මගෙ කටින් එක වචනයක්වත් පිටවුනේ නෑ..මගෙ උගුර කට වේලිලා ගිහින්..මම කොච්චර ඌ ලගට යන්න හැදුවත් මට උනේ එකම තැන හිරවෙන්න..හරි අසරණ විදිහට කෑගහන මගෙ එකම හයිය දිහා බලන් ඉන්න...

"නිවේන්....උ...උබ පලයන්...උ...උබ මුන්ගෙන් බේරිලා පලයන්...කීවාම අහලා පලයන් යකෝ.."

කාගෙන්ද...කාගෙන්ද මට බේරෙන්න කියන්නෙ..නහයෙන් කටෙන් ලේ පෙරාගෙන ඉන්න සෙසඳු මට කියනවා බේරිලා යන්නලු..යන්න කීවත් මට යන්න බෑ..ගිනි ගහන ඇස් තාමත් මගෙ දිහා බලන් මාවත් අවුලවනවා...ඒ එයාගෙ අත්..මාව හිරවෙලා තියෙන්නෙ ඒ අත්වලට...ඒවා යකඩ අඩු වගේ..

අනේ මට රිදෙනවා..මගෙ අත් දෙක ගැලවිලා යන්න තරම් කැක්කුමයි..මට මෙහෙම රිදෙනවනම් සෙසඳුට කොහොම රිදෙනවා ඇතිද..මම ආයෙම ඔලුව උස්සලා බලද්දි සෙසඳු එතන හිටියෙ නෑ...ඒ වෙනුවට එතන තිබුණෙ සෙසඳුගෙ ඇගෙන් නිරපරාදේ ගලන් ගියපු ලේ...පොළොව රතු ගැහිලා..මගෙ එකාගෙ ලේ වලින් මුලු සීතල පොළවම පෙගිලා ගිහින්...කෝ..කෝ දෙයියනේ මගෙ

අහිංසකයා...උට මොනවද කරේ...කවුද මේ මිනිස්සු...නෑ මට වැරදුනා ඒ මිනිස්සු නෙවෙයි තිරිසන්නු...උන්ට ඒ නමත් හොද වැඩී..කොහොම හරි වචන අමුණලා මම ඇහුවෙ එක දෙයයි...

"කෝ..කෝ මගෙ අහිංසකයා...උ..උට මොනවද තමුසෙලා කරේ..."

"උබේ යාළුවාව ඕනෙ මට නෙවෙයි මෙන්න මුට...."

"හහ්..හහ්....උබේ යාළුවාව ඕනෙ මේ මට යකෝ මේ මට..."

ආ ආ ආ මගෙ ඔලුව...එපා..අනේ එපා ඔය වචන මට ඇහෙන්න කියන්න එපා...අර ගිනි ගහන ඇස් 'උබේ යාළුවාව ඕනෙ මට නෙවෙයි මෙන්න මුට ' කියද්දි...මගෙ කන ලගට පාත්වුන තවත් කෙනෙක් හයියෙන් හිනාවෙලා 'උබේ යාළුවා ඕනෙ මට' කියලා කීවා..ඒ එයාලා..අනේ දෙයියනේ...ඒ අර තාප්පයයි උගෙ යාළුවයි...අද උදේ මට කියපු ඒ වචන ඒ විදිහමයි...අනේ එපානෙ උට මොනවත් කරන්න එපානෙ..මේ හැමදේම පටන්ගත්තෙ මමනම් ඇයි ඒකට ඌව ගාව ගන්නෙ...ඒ කටහඬවල් මගෙ ඔලුව ඇතුලෙ දෝංකාර දෙන්න ගත්තා...මට ඉවසන්න බෑ...ම..මට..අනේ..

"එපා!............."

දෙයියනේ ඒක හීනයක්...මම ඒ දැකලා තියෙන්නෙ හීනයක්..මාව තාම ගැහෙනවා..මගෙ ඇග දාඩියෙන් තෙමිලා ගිහින්..ඇදන් හිටිය ඇදුම ඇගටම ඇලිලා ගිහින්..ඒත් ඒක නිකන්ම නිකන් හීනයක් වෙන්න බෑ..ඒ වචන නිකන්ම නිකන් වචන වෙන්න බෑ..සෙසඳු...සෙසඳු..කෝ මගෙ phone එක..කලුවරේම අතගාලා phone එක හොයාගත්ත මම වෙලාවවත් නොබලා කතාකරේ නෙතුකට..දෙපාරක් තුන්පාරක් රින් වෙලා කට්වෙලා ගියා..අනේ ආන්ස්වර් කරපන්කො බං..මට බයයි දෙයියනේ...උබට මුකුත් කරදරයක් නෑ නේද...මම දෙවියන්ගෙන් පවා ඉල්ලුවේ උට මුකුත් වෙන්න එපා කියලා..ආයෙම කෝල් දෙක තුනක් ගත්ත පාර දෙයියනේ කියලා ආන්ස්වර් කරා..

"හෙලෝ..හෙලෝ...සෙසඳු..."

"ම්හ්ම්...."

"සෙසඳු..."

"ම්හ්ම්..."

අනේ මූ මාව බය කරනවා...මම කොච්චර කතා කරත් එහා පැත්තෙන් ඇහුනෙ කෙදිරිලි සද්දයක් විතරයි..දැන්නම් හොදටම බය හිතෙනවා..තව පාරක් කතා කරලා බලමු..

"සෙසඳු!....."

"ආව්...මොන හුත්තද යකෝ උදේ පාන්දර බෙරිහන් දෙන්නෙ..."

"අනේ සෙසඳු..."

උගෙ කටහඬ ඇහෙද්දි මට ඉකිගැහුනෙ ඉබේටමයි...මම බයවුනා දෙයියනේ...උබට කරදරයක් වෙලා කියලා මම බයවුනා..

"නිවේන්...නිවේන් උබ ඔය අඩනවද.."

"සෙ...සෙසඳු...ඉහික්...ඉහික්..."

මම තව හයියෙන් ඇඩුවා..

"අනේ ඇයි මැණික මේ..මොකක්ද උනේ..ඇයි මේ අඩන්නෙ.."

ඉතින් ඒ තමයි මගෙ හොදම යාලුවගෙ වචන..මම කලිනුත් කීවනෙ හම්බුන දා ඉදලා මූ ඔහොමයි..මට හරි ආදරෙයි...අනේව් වැරදියට හිතන්න එපා ඒයිලා...ඔයාලා හරීම නරකයි..මිහුක්...ඌ හැමවෙලේම කියන්නෙ මම උගෙ මල්ලි කියලා..ඉතින් ඌ මගෙ අයියා...එච්චරයි..ඇත්ත කියන්න බැරිකමට මම බොරුවක් නොවෙන ඇත්තක් කියන්න හිත හදාගත්තා...මම ඇත්ත කීවොත් කීයටවත් සෙසඳු මට ආයෙ එතනට යන්න දෙන්නෙ නෑ...එහෙම උනොත් ඒකෙනුත් කරදර වෙන්නෙ මුට...දැන දැනම මට බෑ එහෙම කරන්න...

"මම හීනයක් දැක්කා..ඔ...ඔයා...ඔයාට කරදරයක් වෙනවා දැක්කා...මට බය හිතුනනෙ..."

"ඒකද මේ පාන්දරම මාව මතක් උනේ.."

"ඔව්නෙ...."

"මේ අහන්නකො ඒක හීනයක් විතරයි තේරුනාද..."

"මිහුක්..."

අනේ මට මූ ලග හුරතල් වෙන එක පුරුද්දට ගිහින්..

"කෝ හොද ලමයා වගේ නිදාගන්න..මම නින්ද යනකන් කෝල් එකේ ඉන්නම්..."

"අනේ හා ඒයි...."

"හීන ඇත්ත වෙන්නෙ නෑ හරිද..."

"හා...."

සෙසඳු කියපු වචන නිසාම හිත හදාගත්ත මම නිදාගත්තෙ සෙසඳු කෝල් එකේ ඉද්දිමයි..ඉස්සර ඉදන් පොඩි දේටත් බයවෙන එක මගෙ පුරුද්දක් වෙද්දි මහ රෑකට උනත් මම වෙනුවෙන් ඇහැරගෙන ඉන්න එක සෙසඳුගෙ පුරුද්දක් උනා...මම නම් කියන්නෙ හැමෝගෙම ජීවිතේට ලැබෙන්න ඕනෙ සෙසඳු වගේ යාළුවෙක්...ආ ආ ඇයි ඇයි...මම දන්නවා ඔයැයිලා හිතපු එක...ඕවටනම් එන්න එපා හරිද සෙසඳු මගෙ විතරයි දෙන්නෙ නෑ කාටවත්ම..මිහුක්...චුප් චුප්...ඔයාලා මහ නරකයෝ අනේ...ආවා මෙතන මගෙ අහිංසකයා ගන්න...වැඩිය ආවොත් අර තාප්පයාගෙ බොම්බයි මොටයි යාළුවටත් ඩිෂුම් ඩිෂුම් ගාලා දෙනවා...ඇයි අනේ හීනෙනුත් පැංචව හොදටෝම බයකරා...

නින්ද යාගෙන ආපු මට හොදට මතකයි සෙසඳු අන්තිමට කියපු වචන ටික...

"පරිස්සමින් නිවේන්....උබේ ඕන දේකට මේ මම ඉන්නවා..ඒ නිසා හීනෙන්වත් බයවෙන්න එපා..."

මම අදටත් හරි ආදරෙයි සෙසඳුව මුණගස්වපු ඒ අතීතෙට...ආපස්සට හැරිලා බලද්දි මට සතුටු වෙන්න තියෙන්නෙම එච්චරයි...

හීනෙනුත් බයවෙලා නිදාගත්ත පාර මම නැගිට්ටෙ උදේ හතට...උදේම අර ගැමුණු යෝධයා කතා කරානෙ අනේ..මේ ලමයා ඇහැරුණෙත් ඒ සද්දෙට තමයි ඉතින් ඒක වෙනම කතාවක්..මම ඒ මිනිහගෙන් ඇහුවා මගෙ නම්බර් එක කොහෙන්ද කියලා එතකොට ඒ මිනිහා කියපි 'ඒවා රහස් මිස්ටර් නිවේන්' කියලා..අනේහ් පව්...මට මොකද අනේ මොනවා උනත්...උදේ අට වෙද්දි ගේ ලගට එනවා ලෑස්තිවෙලා ඉන්න කියලා තිබ්බා..කොහොමද අනේ එයා පැංචගෙ ගෙදර දන්නෙ...මේ ලමයට දැන් හරීයට ප්‍රශ්න අප්පා..

වැඩට යනවා කියද්දිත් බයයි වගේ..අර යකා අදත් ගහයිද දන්නෙ නෑ....ඊයෙ ගහපු පාර තාම මූණ රතුවෙලා..හැමදාම කියනවා වගේ ඕන පුපක් ප්‍රීති වෙසක් කියලා මම කරේ ලෑස්ති උන එක...මොකද ඉතින් බයවුනා කියලා පැනලා යන්නද..බෑනෙ බෑනෙ....හේ හේ අද මේ ලමයා ඇන්දෙ සෝස පාට ඇදුමක්...මේක මට සෙසඳු දුන්නෙ මේ පාර උපන්දිනේට..මිනිහා මට දෙන්නෙම රෝස පාට දේවල්..රෝස පාට මට ලස්සනයිලු..හී හී..එහෙම තමයි අනේ දිව්‍යලෝකෙ ඉපදෙන්න ඕනෙ අය මෙහෙ ඉපදුනාම...කොහෙද ඉතින් අර මෝඩයට ඒවා තේරෙන්නෙ නෑනෙ...

අදනම් බාප්පයි පුංචි ගෙදර නෑ...උදෙන්ම කොහෙහරි ගිහින්..අනේ ඒත් ගෙදරින් එලියට බහිනකොටම අර දේශාන් කාරයා..මූ ඊයෙ ගෙදර හිටියෙ නෑනෙ..එකපාරටම කොහෙන්ද පාත්වුනේ...එලියට ආපු මාව දැකලා මූ ආවෙ නැතැයි මගෙ ලගට...ඒ ඇස් රතුවෙලා..මූ බීලවත්ද...ආයිශ් මාවමයි අහුවෙන්නෙ...

"චූටියෝ...."

මම කීවේ මම කීවේ මූ බීලා කියලා...අරක්කු ගදේ බෑ...ඊයා මට නිකන් වමනෙ යන්න වගේ..ඒ අස්සෙ අදත් අර මගුල් නම කියනවා..අනේ ඇත්තමයි මට මුගෙ හොම්බට දෙකක් ඇනගන්න විදිහක් නෑනෙ..පෙන්නනවා එහෙනම් මම චූටියාව...

"උබ රෝස පාටට හරි ලස්සනයිනෙ බං..."

අනේ ඒක තෝ කියන්න ඕනෙ නෑ යකෝ..මම දන්නවා...මේ මොකද මේ...අනේ අහකට පලයන්කො..මගෙ උරහිස් දෙක හරි තදේට අල්ලගත්ත අයියා මගෙ මූණ දිහාවට පාත්වුනේ මට කරගන්න දෙයක් නැති වෙද්දි...හැබැයි එතකොටම වගේ..

පීප් ...පීප්... පීප්...

හනේ ගැමුණු යෝධයා නේද...ඒ දැකපු ගමන් අයියවත් තල්ලු කරපු මම දුවන් ගිහින් වාහනේට නැග්ගෙ කිසිම දෙයක් අහන්නෙ බලන්නෙ නැතුව...මගෙ පපුව හොදටෝම ගැහෙනවා...ඒ ගැහෙන වේගෙට ගැලවිලා විසික් උනත් මම පුදුම වෙන්නෙ නෑ...මොකක්ද දෙයියනේ අයියා ඒ කරන්න ගියෙ...ඇයි දෙයියනේ මටම මෙහෙම කරන්නෙ...මම කොහොමද දැන් ඒ වහලෙ යට නිදහසේ ඉන්නෙ...නෑ නෑ අයියා බීලනෙ හිටියෙ ඒක නිසා වෙන්න ඇති...මගෙම වෙලාවට ගැමුණු යෝධයත් office එකට යනකන් මුකුත් ඇහුවෙ නෑ.....ඒ අතින් මිනිහා හරි හොදයි..

අදත් ඊයෙ වගේමයි කැබින් එක ඇතුලට යනකොටම අර බොස් කාරයා...අනේ ඕකා බොස් නෙවෙයි ජබොස්...මගෙ කටට හොද හොද ඒවා එනවා මම කියන්නෙ නෑ..කැබින් එකේම පැත්තකට වෙන්න තිබ්බ පොඩි මේසෙන් බෑග් එකත් තියපු මම හැදුවෙ ඉදගන්න...ඒත්...

"තමුන්....මෙහාට එනවා..."

පුදනකොටම කාපි යකා කියලා ඒ කතාකරේ වෙන කවුරුත් නෙවෙයි තාප්පයා...අනේ අදත් ගහයිද දන්නෙ නෑ...හැබැයි ඊයෙ තරම් සැරෙන් නෙවෙයි කතාකරේ...මාත් ඉතින් ලගට ගියෙ වෙන ඕන දේකට මූණ දෙන්න බලන්..හැබැයි මිනිහා මට දුන්නෙ හෙන file මිටියක්....අනේ මීට වඩා හොදයි හැබැයි ගැහුවනම්..

"තමුන් මේ හැම එකකම accounts එකින් එක චෙක් කරන්න ඕනෙ තේරුනාද..."

"ඔ...ඔව් බොස්..."

අන්තිමට මට මේ යකාට බොස් කින්නත් උනා එහෙනම්...කවදා කාපු කටුද මේවා...

"හැබැයි එක්ක හරි වැරදුනොත්...."

"වැරදුනොත්?...."

මටත් කට පුප වහන් ඉන්න බෑනෙ...

"මම දෙන ඕන දඩුවමක් බාරගන්න ඕනෙ....තමුන් ඒකට අකමැති උනත් මම කැමතිනම් වෙන්න ඕනෙ මේ මට ඕනෙ විදිහට...එච්චරයි....."

"අහ්........."

හේ හේ යාළුවෙ මං ආවා...ආයෙ ගියා..මම යනෝ...බායි බායි..ගුම් නයිට් පැටව්නේ..ආයෙම හෙට එන්නම්..පරිස්සමින් ඉන්න හරිද  😚❤

@Diyana_45 🖊mention a user

Share This Chapter