Back
/ 40
Chapter 7

06 වන පරිච්ඡේදය 🍂

වස්සාන ඍතු 🍂❤

"මම දෙන ඕන දඩුවමක් බාරගන්න ඕනෙ....තමුන් ඒකට අකමැති උනත් මම කැමතිනම් වෙන්න ඕනෙ මේ මට ඕනෙ විදිහට...එච්චරයි....."

"අහ්........."

"දැන් ගිහින් ඔය ටික චෙක් කරනවා...මෙතන මගෙ මූණ දිහා බලන් හිටියට ඕක චෙක් වෙන්නෙ නෑ ඕයි..."

ඒව්...මේක මහ පුදුම නපුරු කමක්නෙ...නපුරුකම නෙවෙයි ඕකට කියන්නෙ මූසලකම..හුහ්..අනේ අපිනම් බයවෙයි කාඩ්බෝඩ් වීරයන්ට..ඒත් පැටියට ලැජ්ජයි අනේ..මේ තාප්පයා කෑගහපු සද්දෙ එලියටත් ඇහුනද දන්නෙ නෑ...ඝණ්ඨාරයක් වගේ අනේ...බොරු නෙවෙයි ඇත්තමයි..ගිය

ආත්මෙ මේ යකා ඝණ්ඨාර පූජා කරලද කොහෙද..බලපල්ලකො ඒක කියපු හැටි 'මෙතන මගෙ මූණ දිහා බලන් හිටියට ඕක චෙක් වෙන්නෙ නෑ ඕයි...' යැයි යැයි තමයි..

බලන් ඉන්නම මිනිහා..අර ගැමුණු යෝධයවත් හිටියනම් බලන් ඉන්නවා..හරේ හරේ එයා මෙයා තරම් ලස්සන නෑ තමයි...ඒ උනාට එයා පැංචට සැර කරන්නෙ නෑනෙ අනේ ඒකයි..හී හී...

දැන් ඉතින් මේ ටික චෙක් කරහන්කො..අනේ මෙතන file පහක්ම තියෙයිනෙ..හනේ මට බෑ

ඒයිලා...මොනවද දන්නෙ නෑ වැරදුනොත් දෙනවා කියපු දඩුවම්...ජොබ් එකෙන් පන්නයි වත්ද දන්නෙ නෑ...හැබැයි එහෙම උනොත් නම් මම කැමතියි ඔන්න..මේ යකාගෙ රැස් බලනවට වඩා ඒක හොදයි..දෙයියනේ කියලා පලවෙනි file එක පෙරල ගත්ත පාර නැති වතුර තිබහකුත් ආවා යකෝ..අනේ මම හිතුවෙ මේවා මේ පොඩි ගණන් කියලා..ඒ උනාට ලක්ෂ ගනන්වලින්නෙ තියෙන්නෙ..මට දැන් සූ බරයි...හේ හේ මම දැන් Mk ඒයිලා..අර පොඩි කාලෙ වගේ සුලැගිල්ල පෙන්නලා යන්නත් හිතයි..මේ ලමයට ලැජ්ජයි අනේ..කමක් නෑ කමක් නෑ ඉවසන් ඉන්නවා..

File ටික චෙක් කර කර හිටපු මම ආයෙම හරි සිහියට ආවේ තාප්පයාගෙ කටහඬට...කන ලග තියලා හූ කීවා වගේ..මොකනම් මහ ඒස

කටක් අප්පා...මෙව්වා මේ සෙසඳුගෙ වචන..ඔන්න මම නම් දන්නෙ නෑ..

"මේ අයිසෙ.."

"කියන්න බොස්..."

මේ මිනිහනම් කතා කරන්න දන්නෙම නෑ..ලොකු ලොකු මිනිස්සු උනාට වැඩක් තියේද අනේ ඔහොම..මමත් ඉතින් බොස් කියලම කතාකරේ ආයෙම කතා අහගන්න බැරි නිසා..එකපාරක් ගහන්න අත උස්සපු මිනිහෙක් දෙවෙනි පාර ගහන්න හිත හිත ඉන්නෙ නෑනෙ..ඒක නිසා බොරුවට අවධානමක් ගන්නෙ මොකටද..නැතුව මේ බයකට එහෙම නෙවෙයි හරිද..

"මේ ටික පිහලා දානවා...ඉක්මනට.."

මේ මිනිහා හිතුවද දන්නෙ නෑ මම වැඩකාරයෙක් කියලා..මේසෙ ලග දූවිලි වගයක්..ඒවා පිහින්න කියලා ඔය බෙරිහන් දෙන්නෙ..මුටනම් හොදම එකෙන් පිස්සු..ඇයි අනේ ඒකෙ පිහින්න ඇති දේකුත් නෑ..ඔහෙ ඕනෙ එකක් කියලා මම ලග තිබ්බ ලේන්සුවෙන්ම පිහදැම්මා...අනේව් මම මේකට පවුඩර් සුට්ටකුත් දාලා ගෙනාවෙ..මිහුක්..

බලන්නකො ඒයිලා මෙයා හරීම නපුරුයි..

ඔයාලා ජොබ්වලට යනවනම් කලින් පොඩ්ඩක් හොයලා බලලා යන්න හරිද..මේ පේනවනෙ මේ ලමයා විදින දුකක්..මං පව් අනේ..

ඒකත් පිහිදලා ආයෙම ගිහින් file ටික චෙක් කරන්න ගත්තෙ ඉක්මනට ඉවර කරන්න බලන්..හම්මෝ ඉවරයි..ඒ ටිකත් ඉවර කරපු මම කෙලින්ම ගියෙ තාප්පයා ලගට..

"බොස් මේ ටික...."

"තමුසෙට හොදටම ෂුවර්ද මේවගෙ මුකුත් වැරැද්දක් නෑ කියලා..."

"ඔව් ඔක්කොම ටික හරි..."

"ම්ම්..."

ඕ යෑස්...mission complete...ඔක්කොම හරි කියද්දි බලන්න එපැයි මිනිහගෙ මූණ..කුණු වෙච්ච තක්කාලි ගෙඩියක් වගේ..හිනායන්න ආවත් මම කරේ හිනාව තදකරන් හිටපු එක..

පව්නෙ පව්නෙ විපතක්නෙ වෙලා තියෙන්නෙ..ඒක නිසා හිනාවෙන්න නරකයි..file ටික බලපු එයා ඒ ටික පැත්තකින් තියද්දිම කැබින් එක ඇතුලට ආවෙ කෙල්ලෙක්..අප්පද බොල මේකිගෙ ගනන්..යකෝ මේකි මේ මට රවන්නෙ අහවල් එකකටද..කොටට කොටේ සායකුත් ගහගෙන..තොල් දෙක රතුම රතු පාටයි..ලේ බීලද මන්ද...ඊව් අනේ නරලොව හොල්මන් වගේ...

"වස්සාන...මම ඔයාට coffee එකක් ගෙනාවා.."

"ඔතනින් තියලා යන්න ඉලීෂා..."

"අයියෝ වස්සාන මම ඩැඩීගෙ වැඩකට ආපු ගමන් ඔයාව බලන්න ආවෙ...ඔයා හරි නරකයි ආපු ගමන් මට යන්න කියන්නෙ..."

"එහෙනම් ඔතනින් ඉදගන්න..."

අඤ්ණේ පව්...වස්සාන...හහ් ඒක බලපල්ලකො..මම හිතන්නෙ මිනිහගෙ කෙල්ලද කොහෙද..හැබැයි ඉතින් මේ වගේ තොරොම්බල් කරත්තතක් බැද ගත්තොත් මේ

යකාට බුදුසරණයි තමා..වෙසක් එකටවත් නෑ මෙච්චර කැටයම්..ඇම්බැක්කේ ලී කැටයම් වගේ..ඉදගත්ත කැත විතරක්..රෙදි කැලේ.කිසිම චාරයක් නෑ අනේ...

"මේ ඔයාගෙ අලුත් secretaryද වස්සාන.."

"ම්ම්ම්...."

"ඕ....මෙයා හරි කිවුට්නෙ අනේ..."

"හායි මම ඉලීෂා...ඔයාගෙ බොස්ගෙ හොදම යාළුවා..."

හෑයියා..මෙයා මේ හොදම යාළුවා කියන්නෙ..

කීව එක හොදයි..නැත්තන් මගෙ මොලේ ඇතුලෙ ඉන්න වල් සතා ලමයිනුත් හදලා ඉවරයි..හිනාවෙන්න එපා අනේ...මිහුක්..මම

තරහ වෙනවා හරිද..හැබැයි අර කිවුට් කියපු එකටනම් මගෙ හද පිරි මෙව්වා එක ඈ...මොනවා උනත් ඒවා හොද වැඩ..මෙන්න මෙයා මගෙ දිහාවට අත දික්කරන්...මමත් ඔන්න ඔහෙ අත දුන්නා ඉතින්...නිකන් තියන එකනෙ..

"Thank you...මම නිවේන්...නිවේන් සහස්‍රක බණ්ඩාර..."

"ලස්සන නමක්...නම වගේම ඔයත් ලස්සනයි."

හනේ දෙයියනේ...දැන්නම් මම රතු වෙලා ඇති..කවුරු හරි ඔහොම කීවම මාව නිකන්ම රතු වෙනවා...හේ හේ..සෝස මල් එහෙම තමයි අනේ..

"කැහැහ්...කැහැහ්..."

"Oh God වස්සාන ...are you okay?..."

මම ලස්සනයි කියපු පාරද මන්ද අර යකාට කෝපි එකත් හිරවෙලා..මෙව්වට තමයි කියන්නෙ පැහැදිලි ඊරිසියාව කියලා..බලන්නකො ඒයිලා මේ මිනිහා මුලු ඇදුමෙම කෝපි හලන් හොද වැඩේ..අර ආපු කෙල්ල එයා ලගට ගියත් එයා කරේ ඒ කෙල්ලව පන්නගත්ත එක...නෑ නෑ අනේ බැන්නෙ නෑ...මට බනින්න විතරයි මේ යකාගෙ කට වැඩ කරන්නෙ...අර කෙල්ල ගියත් එක්කම මේ මිනිහා බැලුවෙ නැතැයි මගෙ දිහා.

යකෙක් වගේ මම දිහා බලන් ඉන්නවා..මම

මොනවා කරාටද අනේ එහෙම බලන්නෙ..බයෙත් බෑ අයියෝ...

"තමුන්.....එනවා යන්න මාත් එක්ක..."

එහෙම කියපු තාප්පයා එදා වගේම මගෙ අතින් ඇදගෙන ගියෙ කැබින් එක ඇතුලෙම තිබුණ පොඩි කාමරේකට...එදා වගේ රිදුනත් කෑගහන්න ගියෙ නැත්තෙ කෑගහලා වැඩක් නෑ කියලා දන්න නිසා..කොහොමත් මම කෑගැහුවට අත අරින ජාතියේ මිනිහෙක් නෙවෙයි මේ...

ශා ඒ කාමරේ ලස්සනයි...කහ පාට පුංචි පුංචි බල්බ් වැල් හැමතැනම...ඒකෙ හැමදේම වගේ තියෙනවා...පොඩි ඇදක්,ඇදුම් අල්මාරියක්,sofa එකක්,පොඩි බාත්රූම් එකක් පවා ඒකෙ තිතෙනවා..ඒක ඇතුලට ආපු මට ඔක්කොම අමතකයි...හනේ මටත් කවුරුහරි මෙහෙම එකක් හදලා දෙන්නකො..මම හරි

ආසයි අප්පා...ඒ උනාට මේ මිනිහා මොකටද මාව මේක අස්සට ඇදන් ආවේ..මරන්නද දන්නෙ නෑ...

හැබැයි ඊලගට උනේ නම් මං හීනෙන්වත් හිතපු නැති දෙයක්...තාප්පයා එක පාරටම ඇදලා අලන් මාව බිත්තියට තියලා තද කරේ කලින් හීනියට තිබුණ සූ බර දෙගුණ තෙගුණ වෙද්දි..අනේ සෙසඳුවෝ ඇවිත් මාව බේරගනින්කො..උබේ යාළුවා මේ යස්සයට බිලිවෙන්න යන්නෙ...මෙච්චර මේ AC එක අස්සෙත් මට දාඩියයි...මාව එකසිය ගැහෙනවා ගැහෙනවා බයට....අනේ එපානෙ පැංචට මුකුත් කරන්න එපානෙ...මම තාම පොඩීනෙ...ඇයි ඇයි මේ මිනිස්සුන්ට තේරෙන්නෙ නැත්තෙ...උදේ අර දේශාන් කාරයා දැන් මේ යකා...

මාව බිත්තියට තද කරන් මගෙ මූණ පැත්තට පාත්වුණ උගෙ අත්වලින් බේරෙන්න මම කොච්චර දැගලුවත් මට ඒක කරගන්න බැරි වුණා...ඒවා යකඩ අඩු වගේ..මට එකපාරටම මතක් උනේ ඊයෙ රෑ දැකපු හීනෙ...ඒ හීනෙ වගේමයි...ඒ අත් ඒ තරම් හයියි...මට දැන්මම ඇඩිලා...

"අනේහ්...අත...අත...අරින්නකො..ම..මට.

යන්න ඕනෙ..."

ඒත් නෑ..මේ මිනිහා ඇහුනෙ නෑ වගේ මගෙ බෙල්ල අස්සට මූණ ගහගත්තා..එයා මගෙ බෙල්ල ඉව කරනවා...මම කොච්චර දැගලුවත් එයා මාව අතඇරියෙ නෑ...දගලලා දගලලා බැරිම තැන මම නිකන් හිටියෙ දගලලා වැඩක් නෑ කියලා දන්න නිසාමයි..විනාඩි දහයක් විතර මගෙ බෙල්ල කිස් කරපු එයා දැන් හරි සිහියට ආවා වගේ මාව තල්ලු කරලා දැම්මෙ මම ගිහින් දොරේ වැදෙද්දි...මගෙ ඇස්වලින් කදුලු වැක්කෙරෙනවා...අනේ ඇයි මට මෙහෙම කරන්නෙ..මම එයාට වැරැද්දක් කරලා නෑනෙ...එහෙන් බෙල්ල දනවා ඉන්න බෑ..මේ මිනිහා බල්ලෙක්ද මන්ද..මට බනින්න ඕනෙ..කෑගහලා බනින්න ඕනෙ..ඒත් සෙසඳුව මතක් වෙද්දි මාව එක තැන හිරවෙනවා..අනේ

මම අසරණයි දෙයියනේ මට මෙහෙම කරන්න එපා..

එයා මගෙ දිහා බලන් ඉන්නවා...ඒ ඇස් ඒවා රතු පාටයි..ඊයෙ රෑ හීනෙන් දැකපු ගිනි ගහන ඇස්...ඔව් ඒ ඒවමයි...අනේ ඒක නිකන්ම නිකන් හීනයක් නෙවෙයි...මට මොනවා උනත් කමක් නෑ සෙසඳුව බේරලා..

"තමුසෙ වැරැද්දක් කරා මම ඒකට දඩුවමක් දුන්නා....දැන් යනවා මෙතනින්..."

යකෝ මම මොකක්ද කරපු වැරැද්ද..හරි කරාමයි කියමුකො මුගෙ අප්පගෙ කාලෙ දඩුවමක්ද එතකොට ඒ දුන්නෙ..මම දන්නෙ එක දෙයයි මුගෙන් මට බේරුමක් නෑ එච්චරයි..

යන්න කියපු නිසා එලියට ආපු මම කරේ සෙහෙන්න වෙලා අඩපු එක..මට මෙහෙම දෙයක් උන පලවෙනි පාර..ඒකත් මගෙ කිසි කැමැත්තක් නැතුව..එයා ආයෙම එලියට ආවත් මම ගෙදර යනකන්ම මගෙ දිහා බැලුවෙ නෑ..එක අතකට ඒක සැනසීමයි..වැඩ ඉවර වෙලා ගෙදර යන්න බෑ කියලා හිතපු මම ගැමුණු යෝධයට කියලා කෙලින්ම ගිහින් දම්ම ගත්තෙ සෙසඳුලගෙ ගෙදරට...මම නිතරම යන එන නිසා මගෙ රෙදි එහෙම එහෙ තියනවා ඒක නිසා අවුලක් නෑ..ගෙදර ගියෙ නැත්තෙ දේශාන් කාරයා මතක්වෙලා...මට බය හිතුනා..තාප්පයා කරපු දේ එක්ක ඇත්තටම මට බයයි...

මට නිදි මතයි...මම ගියා එහෙනම්..ගුම් නයිට් පැටව්නෙ..පරිස්සමින් ඉන්න ආදරෙයි  😚❤❤

@Diyana_45 🖊mention a user

Share This Chapter