Back
/ 50
Chapter 15

[දහතුන්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

Adithya pov:

ආදිත්‍ය අභිශේක් වික්‍රමසිංහ, ඕලෙවල් වලට 9A අරගෙන අයිලන්ඩ් ෆස්ට් උන මම ඒ ලෙවල් වලට මැත්ස් කරන්න තෝරගත්තා.. මගෙ පවුලෙ ඉන්න මමයි, අම්මයි, තාත්තයි, මල්ලි විතරයි.. අද ඉරිදා දවසක් වෙද්දි මම හිටියෙ ගෙදර නැවතිලා තාත්තා එක්ක එයාගෙ කාර් එක හෝදන්න උදව් කරන ගමන්.. තාත්තගෙ පොඩි කාලෙ ඉදන්ම හොදම යාලුවෙක් අද කොළඹ එනවා කියලා කිව්වා.. ඒ අංකල්ගෙ පුතාව අපෙ ස්කෝලෙටලු දාන්න ඉන්නෙ.. මායි තාත්තයි කාර් එක හෝදලා ඉවර වෙලා ඉද්දි දවල් 2ට විතර කාර් එකක් අපෙ පාරට එන සද්දයක් ඇහුනා.. මං හිතන්නෙ ඒ කට්ටිය වෙන්න ඕනෙ.. මට ඕන උනත් ඒ ගෙදරට ආව අයව බලාගන්න එකපාරටම එහෙම ගෙදරකට යන එක හරි නැති නිසා පාඩුවෙ හිටියා.. පහුවදා උදේ ස්කෝලෙ යන්න පොත් ලෑස්ති කරලා ඇදුම් හදලා මං නිදාගන්න ඇදට පැන්නා..

පාන්දර 4.00ට වැදුන එලාම් එකට ඇහැරුන මම බාතෲම් එකට ගිහින් ඇග හෝදන් යුනිෆෝම් එක ඇදගෙන 5.30 වෙනකම් පාඩම් කරන්න හිතාගෙන පොත් මේසෙන් ඉදගත්තා.. හරියටම 5.45 වෙනකම් පේපර් එකක් කර කර හිටිය මං එලියට ගියේ අම්මා කතා කරනවා ඇහුන නිසා වෙද්දි සාලෙට යනකොට මං දැක්කෙ දැකලා නැති මනුස්සයෙක් අපෙ තාත්තා එක්ක කතා කර කර ඉන්නවා.. මං හිතන්නෙ ඒ තාත්තගෙ යාලුවා වෙන්න ඕනෙ..

" ගුඩ් මෝනින් ලොකූ, මේ ඉන්නෙ මං කිව්ව මගෙ ස්කෝලෙ කාලෙ ඉදන්ම හොදම යාලුවා චන්දුල අංකල්.. "

" ගුඩ් මෝනින් අංකල්.. "

" ගුඩ් මෝනින් පුතා.. දැන් කොල්ලා හුඟක් ලොකුයි නේ ශාක්‍ය.. "

" නැත්නම් නැත්නම් මේ අවුරුද්දෙ විභාගෙ ලියන කොල්ලෙක්නෙ.. "

" ඒක තමයි අපෙ එක්කෙනාගෙත් විසේ විතරයි වැඩක් කරන්නෙ නෑ.. "

" ඒ ගැන මොකට කතා කරනවද චන්දු මෙහෙත් එහෙම තමයි.. නිරෝ කව්ද ඇවිල්ලා නේද පොඩ්ඩක් බලන්න.. "

තාත්තා චන්දුල අංකල් එක්ක කතා කර කර ඉද්දි ඩෝ බෙල් එක වදිනවා ඇහුන නිසා ඒ ගමන්ම අම්මටත් කතා කරලා කව්ද ඇවිල්ලා ඉන්නෙ බලන්න කිව්වා.. අම්මා අත් දෙකේ තියෙන වතුර ටික ඇඳගෙන ඉන්න සායෙ පිහගන්න ගමන් දොර ඇරලා ඇතුළට කතා කලේ අපෙ ගෙදෙට්ට ගෙවල් හතරක් වගේ මෙහායින් තියෙන ගෙදර ඉන්න තිසුක අයියගෙ නම කියලා.. ඊටපස්සෙ එකපාරටම දෙයියනේ කියලා හයියෙන් කියද්දි මාවත් ගැස්සිලා ගියා.. මං තවමත් හිටිය තැනම ඉද්දි අම්මා කතා කලේ අපෙ මල්ලිට වෙද්දි මල්ලිත් දුවගෙන ඉස්සරහට ගිහින් අම්මියෙහ් මේ බෝනික්කා කව්ද කියලා අහපු පාර මට හිතුනෙම අංකල්ගෙ ලමයා කෙල්ලෙක් කියලා උනත් අම්මා ඇතුළට ඇවිල්ලා තාත්තටයි චන්දුල අංකල්ටයි ඉස්සරහට එන්න කියද්දි මාත් සුදු ශර්ට් එකේ අත් දෙක වැලමිට හරියට නවන ගමන් තාත්තගෙ පිටිපස්සෙන් ගිහින් බැලුවේ ඇවිල්ලා ඉන්නේ කව්ද කියලා..

මුලින්ම දැක්කේ ඈතට උනත් ලේසියෙන්ම කියන්න පුලුවන් ඒ කොණ්ඩෙ හුඟක් සිනිඳුයි කියලා, ඊළඟට සුදුම සුදු රවුම් මූණ, මූණටම හරියන දිලිසෙන බෝල ඇස්, ලා රෝස පාට තොල්, ඇහිබැම දෙවියො පුදුම නිදහසකින් මවපු රූපයක් කියලා කියන්න පුලුවන් ඕනම කෙනෙකුට.. මං දැක්කා බෝනික්කගෙ ඇස් මගෙ පැත්තට හැරෙනවා ඕහ් එයා ගැස්සුනා තප්පරේකට එයාගෙ කළු පාට ඇස් එක්ක මගෙ කෝපි පාට ඇස් යා වෙද්දි මගෙ හිත මටත් නොදැනිමද මන්දා එයා වෙනුවෙන් හරි හයියෙන් ගැහුනා.. ඒ තමයි එයාව දැකපු පළවෙනි දවස වෙලත් මෙතුවක් කාලෙකට මගෙ පපුව මෙච්චර හයියෙන් ගැහුන පළවෙනි වතාව..

පොඩී ඒ කියන්නෙ මගෙ මල්ලි අර හුරතල් කොල්ලගෙ කම්මුල් දෙකත් මිරිකලා එයාගෙන් නම අහද්දි එයා කිව්වෙ මිහිනු අභිසෙස් කියලා.. ඉතින් ඒ නම ඕනවටත් වඩා එයාට ගැලපෙන කොට මං නම් ඒ මොහොතෙම එයාට නමක් දැම්මා ඒ සුදු බෝලෙ, කියලා වෙද්දි මටත් නොදැනිම මගෙ කට කොනෙන් හිනාවක් මතු උනා.. සුදු බෝලෙ මං දන්නවා උබ මගෙ හිතට රිංගලා ඉවරයි කියලා..

එයා ඇවිල්ලා තියෙන්නෙ තාත්තව එක්කගෙන යන්න නිසා චන්දුල අංකල්වත් එක්කගෙන තිසුක අයියයි සුදු බෝලෙයි ආයෙම එයාලගෙ ගෙදරට යද්දි මං ගියේ කෙලින්ම අපෙ අම්මව හොයාගෙන කුස්සියට.. මොකද මට දැනගන්න ඕන උනා ඒ මටම අයිති පුංචි හුරතලේ ගැන.. හහ් ඔව් මටම විතරක් ලියවුණ සුදු බෝලෙ ගැන..

" අම්මා කව්ද ඒ ළමයා I meant he is also Chandula Uncle's son.. "

" ඔව් පුතා ඒ බෝනික්කා තමයි චන්දු අංකල්ගෙගෙ එකම පුතා.. ඔහ්හ් ඒ ළමයා මට තියාගන්න හිතුනා දෙයියනේ.. "

" ම්ම් අපි එයාව තියාගමුකො i mean a one day එයා එතකොට අපෙ ස්කෝලෙටනෙ එන්නෙ.. "

" ඔව් පුතා එයා පොඩීගෙ වයසෙ.. "

" ආහ් ඕකේ.. එතකොට එයාගෙ අම්මා තාත්තා මෙහෙ ඉන්නවද.. "

" නෑ පුතා එයාලා නුවරනෙ පොඩි එකාව තිසුක පුතා එක්ක නවත්තලා ඒ දෙන්නා අද දවල් යනවා.. "

" ආහ් හා හරි අම්මා මං යනවා කෑම පෙට්ටිය දෙන්නකො.. "

" මෙන්න මල්ලිගෙ එකත් අරගෙන ගිහින් එයාට දෙන්න තාත්තට ඉක්මනට ලෑස්ති වෙන්න කියන්න.. "

ම්ම් එතකොට එහෙනම් ඔයා හෙට ඉදන් තිසුක අයියා එක්කනෙ ඉන්නෙ හොදයි එහෙනම් තිසුක අයියා එක්ක කතා කරන්න වෙයිනේ මට.. පොඩීගෙ කෑම එකත් අරගෙන ඒක එයාට දීලා මගෙ කෑම එක බෑග් එකට දාගෙන ෆෝන් එකත් පොකට් එකට දාගෙන අපි දෙන්නම හිටියෙ තාත්තා එනකම්, මොකද මගෙ තාත්තා තමයි ස්කෝලෙ විදුහල්පති.. විනාඩි පහලවක් වගේ යද්දි තාත්තා ලෑස්ති වෙලා ආව නිසා අපි දෙන්නත් බෑග් අරගෙන ගිහින් වාහනේට නැගලා ස්කෝලෙට එන්න පිටත් උනා.. අපි පාරෙන් යද්දි එයාලගෙ වාහනෙ තාමත් ගෙදර මිදුලෙ නවත්තලා තිබුනා.. විනාඩි හතලිස්පහක් යද්දි තාත්තා පාකින් එකෙන් වාහනෙ දාලා එයා ඔෆිස් එකට යද්දි පොඩී එයාගෙ ක්ලාස් එකට ගියා මම ගියෙ කෙලින්ම ප්‍රිෆෙක්ට් රූම් එකට මොකද අපි ඒ කියන්න ප්‍රිෆෙක්ට් හෙඩ් බෝඩ් එක වැඩි හරියක්ම හිටියෙ පන්තියෙ නෙවෙයි නිසා.. මං යද්දි විහස්න ඇවිල්ලා හිටිය නිසා අපි දෙන්නා පහන ලෑස්ති කරලා ස්කෝලෙ රවුන්ඩ්ස් යන්න ලෑස්ති උනා.. විහස්න කියන්නෙ මගෙ එක වසරෙ ඉදන්ම යාලුවා.. වෙලාව හරියටම 7.30 යි, 7.25 බෙල් එක වදිනකොට ළමයි ඔක්කොම වගේ පන්තිවලට ගිහින් හිටියා.. 7.30 බෙල් එක ගහද්දි අපි හය වසරෙ ඉදන් ක්ලාස් රවුන්ඩ්ස් ගිහින් අන්තිමට ආවේ ඒ ලෙවල් සෙක්ශන් එකට.. ස්කූල් රවුන්ඩ්ස් ගිහින් ඉවර වෙලා වොශෲම්, ලයිබ්‍රි, ලැබ් ටික චෙක් කරලා ආයෙම ප්‍රිෆෙක්ට් රූම් එකට ආව.. අද අලුතෙන් එන ලමයිව ග්‍රවුන්ඩ් එකට ගන්නවා මොකද මේ අලුත් 12 වසර නිසා මට පොඩි ස්පීච් එකකුත් කරන්න තිබුනා..

හරියටම 8.00 වෙද්දි ගාථා කියලා ඉවර උනාට පස්සෙ මීඩියා එකෙන් අනවුස්මන්ට් එකක් දුන්නා 12 වසර සෙක්ශන් එකම ග්‍රවුන්ඩ් එකට එන්න කියලා.. මුලින්ම තාත්තා, වයිස් ප්‍රින්සිපල් කතා කරලා ඉවර උනහම අනවුස්මන්ට් එකේ හිටිය ජූනියර් බෝඩ් එකේ කොල්ලා කතා කලේ මට වෙද්දි මටම ආවේනික ආඩම්බර පෙනුමකින් ස්ටේජ් එකට නැගලා මයික් එක අතට ගත්තා.. ස්කෝලෙ නීති රීති ගැන සාමාන්‍ය තරමට අලුත් 12 වසර දැනුවත් කරපු මම කතාව අවසන් කරලා ග්‍රවුන්ඩ් එක පුරාම බලද්දි මම දැක්කෙ අපෙ පොඩීගෙ අස්සට වෙලා ඉන්න සුදු බෝලෙව.. හිනාවක් වත් නොදීම මයික් එක අර කොල්ලට දීලා මම ස්ටේජ් එකෙන් බැහැලා ආවේ විහස්න එක්ක පන්තියට..

ඉන්ටවල් එකට කලින් පීරියඩ් හතරම උගන්නපු නිසා මායි විහස්නයි කෑම කාලා පහලට ගියේ දැන් ඉන්ටවල් ඉවර වෙන්න ලග නිසා.. අපි දෙන්නා පහලට යද්දිම 11ට බෙල් කරපු නිසා කැන්ටිම ලග හිටිය උන් ටික පන්ති වලට යවලා ඊලගට ආවේ වොශෲම් පැත්තට.. වොශෲම් හරියෙන් දෙතුන්දෙනෙක් කතා කරනවා ඇහෙද්දි මම ටිකක් ඉස්සරහට ගිහින් බලද්දි දැක්කෙ පොඩී, දිලුම්වයි මිහිනුවයි.. තුන්දෙනාගෙ පිටිපස්සෙන් මං හිටගෙන එකපාරටම මේ තුන්දෙනා මෙතන මොකද්ද කරන්නෙ කියලා අහද්දි මං බලාගෙන එයා හොදටම බයවුනා.. පොඩී ගොත ගගහා අත හෝදන්න ආව ගමන් වොශෲම් ගිහින්ම යනවා කියලා කියද්දි එයා හිටියෙ බිම බලාගෙන.. මං පරක්කු නොවී පන්තියට යන්න කියලා කිව්වත් ක්ශනිකව ආව අදහසකට මට ආස හිතුනා මං වෙනුවෙන්ම එයාගෙ කටහඬ අහන්න ඉතින් අරුන් දෙන්නට මිහිනු එක්ක මට කතා කරන්න ඕන පොඩ්ඩක් අරහෙට වෙලා ඉන්න කිව්වත් මටත් කට කැඩිච්ච කතාවක් කියලා එයාවත් ඇදගෙන දුවලා ගියා.. හැමදාම බේරිලා යන්න බෑනේ..

ආයෙම මං පන්තියට යන්න පිටිපස්ස හැරෙද්දි මගේකා ඉන්නවා ඉනට අත් දෙකත් තියාගෙන මගෙ මූණ දිහා බලන්.. ඌවත් ඇදගෙන කෙලින්ම ප්‍රිෆෙක්ට් රූම් එකට ඇවිල්ලා ෆෑන් එක දාගෙන මං පුටුවෙන් වාඩිවෙලා ෆෝන් එක ගත්තා..

" අභී මට පොඩ්ඩක් පැහැදිලි කරපන්කො අර අලුතෙන් ආව ලමයා එක්ක උබට තියෙන සම්බන්ධෙ.. "

" උබ දන්නවනෙ මං කෙලින් කතා කරන එකා කියලා.. තිසුක අයියව දන්නවනෙ අන්න එයාගෙ මාමගෙ පුතා මිහිනු අභිසෙස් සූරිබණ්ඩාර, නුවර පදිංචිය, ඕලෙවල් 9A එයාගෙ තාත්තගෙ කීමට අපෙ ස්කෝලෙට ආවේ.. මොකද එයාගෙ තාත්තයි අපෙ තාත්තයි හොදම යාලුවො.. "

" ම්ම් නයිස් උබ කොහොමද ඔච්චර දේවල් දන්නෙ ඌ ගැන.. "

" තාත්තගෙන් අහගත්තා.. මං ඌට ආදරෙයි කේශ්.. "

" ම්ම් මොක් මොකද්ද උබ කිව්වෙ.. "

" මං ඌට ආදරෙයි කියලා බං කිව්වෙ.. හැබැයි දන්නෙ උබ විතරයි මං අද තිසුක අයියට කියනවා.. මගෙ කටින් මිහිනුට ඒ ගැන කියනකම් උබලා කවුරුත් කටක් හොලවන්න එපා හරිනෙ.. "

" හම්මට බොසා යකෝ උබ මාර යකෙක් නෙ යකෝ එහෙම දැක්ක ගමන් ආදරේ හිතෙනවද බං.. "

" උබ අහලා තියේද කේශ් තප්පර තුනෙන් ආදරෙන් බැඳෙන මිනිස්සු ගැන මමත් එහෙම කෙනෙක්.. ඉතින් මං ඌට ආදරෙයි, පැලෙන්නම ආදරෙයි එච්චරයි.. මං උබේ අවුරුදු හයේ ඉදන් යාලුවනේ උබ මං ගැන දන්නවනෙ.. "

" උබ මාරයි බං අභී මට සතුටුයි.. යමුද උන්ගෙ පන්ති පැත්තෙ ගිහින් එන්න.. "

" ම්ම් යමන් මට සෙටිෆිකේට්ස් වගයක් ගන්නත් ඕන.. "

මගෙ හිතේ තියෙන දේ දැනගත්ත පළවෙනි කෙනා.. ඔයාලා බලනවා ඇති එහෙම ආදර කතා තියෙනවද කියලා.. තියෙනවා, යුමී සං ලූකා එනකම් බලන් හිටියා වගේ හම රැලි වැටෙනකම්ම සහකාරයා එනකම් බලන් ඉන්න ආදර කතා තියෙනවා.. ඕල්යා වගේ තප්පර තුනෙන් ආදරෙන් බැඳෙන අයත් ඉන්නවා.. Forget Me Not කියවන්න ඒක මට ගැලපෙන කතාවක්.. විහස්න එක්ක 12B එක ලගට යද්දි මං දැක්කෙ අපෙ පොඩී සුදු බෝලෙගෙ කම්මුල් දෙක දාගෙන පොඩි කරනවා.. එයා මාව දැක්කා ඊටපස්සෙ ශේනුට කිව්වද කොහෙද මම ඉන්නවා කියල.. දෙන්නම කොරිඩෝ එක දිහා බලන් ඉද්දි මම කෙලින්ම ආවේ එයාලගෙ පන්තියෙ එයාලා තුන්දෙනා ඉදගෙන හිටිය තැනට.. මං පොඩීගෙන් ඇහුව දේට මේකා කිව්වෙ මිහිනුගෙ හැමදේම එයාගෙයි කියලා යකෝ මේක මාර මගුලක් උනානෙ.. උගෙ වෙන්නෙ කොහොමද සින්නක්කරවම සුදු බෝලේ මගෙ.. පොඩීට හොදවැයින් දෙකක් රවපු මම මිහිනුගෙන් මොනාද කරන ස්පෝට්ස් කියලා අහද්දි මේකා යකෙක් දැකලා වගේ ගොත ගහන්න ගත්තත් ආයෙම පොඩී මට දෙයක් තියෙනවා කියන්න හවසට ඒක කියන්නම් කියලා කිව්ව නිසා මං ලෑස්ති උනේ ආයෙම යන්න.. තුන්දෙනාටම විකාර නොකර පොතක් බලාගන්න කියලා මිහිනුට මං යකෙක් නෙවෙයි ගොත ගහන්නෙ නැතුව කතා කරන්න කියලා කිව්වම පස්සෙ එයා හරි අයියෙ කියලා කිව්වා..

ඔය විදිහට ඉතුරු වෙලාවත් ගෙවිලා ගිහින් ස්කෝලෙ 1.30 බෙල් එක ගහලා ගාථා කියලා ඉවර වෙද්දි මං හිටියෙ ප්‍රිෆෙක්ට් ඩියුටි ගිහින්.. මං දැක්කා කොල්ලො තුන්දෙනා පෝළිමේ ඉන්නවා කොහොමත් තිසුක අයියා එනකම් ඉන්න වෙන නිසා ගේට්ටුව ලගදි හම්බෙනවා කියලා හිතාගෙන මම ඩියුටි කලා.. ඒත් හවස ස්කෝලෙ චෙස් ප්‍රැක්ටිස් ඉන්න කොල්ලො දෙන්නෙක් ගේට්ටුව ඉස්සරහා ඩෙවෝන් කියන බල්ලා අලුතෙන් ආව කොල්ලව අල්ලගෙන කියවනවා කියලා කතා වෙවී යද්දි මට යක්සයා ආවේස උනා.. ඩෙවෝන් කියන්නෙ මගෙ පන්තියෙම ඉන්න මුළු ස්කෝලෙටම එපා කරපු එකෙක්.. විහස්නයි, පැතුම් වයි ඇදගෙන ගේට්ටුව ලගට යන්න මං ඈත තියාම දැක්කෙ පොඩී, සුදු බෝලෙව සයිඩ් හග් එකකින් හග් කරගෙන ඉන්නවා.. කොල්ලගෙ උරහිසුත් ලාවට ගැස්සෙද්දි අනිවාර්යයෙන්ම ඒ කියන්නෙ එයා අඩනවා හෝ ඉකිගහනවා.. ඉක්මනට ගේට්ටුව ලගට ගියපු මාව ඒ තුන්දෙනා දකිද්දි සුදු බෝලෙට පුදුම හිතුනත් පොඩී දිලුම් දෙන්නම හිටියෙ බයෙන්.. මං පොඩීගෙන් මොකද්ද මෙතන උනේ කියලා අහද්දි දෙන්නම ගොත ගගහා විස්තරේ කියද්දි මුහුදෙ මාළු මගෙ ඇගේ නටන්න ගත්තා එතන ඉදන්ම මම දත්මිටි කනගමන් විහස්නට අරූට ගහනවා කියද්දි විහස්න කලේ මාව සන්සුන් කරපු එක ඇත්ත ඌ විතරයි තාම දන්නෙ ඒක නිසා මට උනා කටවහගෙන ඉන්න..

ඒ මොහොතෙම වගේ අපි ඉන්න තැනට ආවේ තිසුක අයියා, තුන්දෙනාගෙන්ම පරක්කු වෙලා නේද කියලා අහලා මටත් කතා කරලා ගෙදර යන්න යද්දි මං මූණ පිහදදා යන්න අනික් පැත්ත හැරුන සුදු බෝලෙගෙ අතින් අල්ලගත්තා.. එයා කව්ද කියලා බලන්න පිටිපස්ස හැරුනම හිටියෙ මං වෙද්දි එයාගෙ ඇස් දෙක බෝල වෙලා කටත් චුට්ටක් ඕ ශේප් එකට ඇරුනා අලුත ඉපදුන ලමේක් වගේ ඉතින් කොහොමද බං පරිස්සම් කරන්නෙ.. තවත් පරක්කු නොකර එයාට යන්න දෙන්න ඕන නිසා මං ඒ අත අතාරින්නෙ නැතුවම කිව්වෙ පරිස්සමෙන් යන්න චූටි උන දේවල් ගැන හිතන්න එපා කියලා විතරක් වෙද්දි කොල්ලගෙ බෝල වෙලා තිබ්බ ඇස් තවත් බෝල වෙලා කම්මුල් වලට රෝස පාට ඩස්ට් එකක් ඉහලා වගේ කම්මුල් රෝස පාට උනා.. තිසුක අයියා ත්‍රීවිල් එකක් නවත්තගෙන යන්න හදද්දි මං එයාගෙ අත අතෑරියම කොල්ලා දුවගෙන ගිහින් ත්‍රීවිල් එකට නැග්ගා එයාලා යනකම්ම එතනට වෙලා හිටිය අපි තුන්දෙනත් ආයෙ ස්කෝලෙ ඇතුළට ගියේ ක්‍රිකට් ටීම් එකට තියෙන පොඩි රැස්වීමකට..

2.45 වෙද්දි රැස්වීම ඉවර උන නිසා අපි තුන්දෙනා 120 බස් එකක නැගලා ගෙදර ආවා.. විහස්න ඉන්නෙ මොරටුවෙ පැතුම් ඉන්නෙ බෝකුන්දර.. මං බයිපාස් පාරෙන් බැහැලා පාර පැනලා මීටර් 500ක් වගේ ඇවිදගෙන එද්දි හම්බුනෙ වෙල, ඊටපස්සෙ තියෙන පොඩි කඩවල් දෙකත් පහු කරගෙන මං අපෙ ගෙදරට යද්දි තිසුක අයියගෙ ගෙදර දොර භාගෙට වහලා තිබ්බා.. ඒ දිහාත් බලාගෙන මං අපෙ ගෙදරට ගොඩ වෙද්දිම මග පගයා වගේ ඉස්සරහට ආවේ ශේනු..

" මොකද උබ අරහෙට පලයන් බං මට මහන්සි.."

" මහන්සි උනාට කමක් නෑ මිහිනු බබා එක්ක ඔයාට ඔච්චරට තියෙන සම්බන්ධෙ මොකද්ද කියලා කියනවද මට.. "

" ආශ් ආශ් හිමින් කියපන් යකෝ හිමින් මෙහෙ වරෙන් යන්න කාමරේට උබෙ කටේ සද්දෙ බලහන්කො පොඩී.. "

" අනේ මේ යනවා ඕයි.. "

මූට කිව්වම මොන වගේ රියැක්ශන් එකක් හම්බෙයිද කියලා බයක් තිබ්බත් මං කරන්නෙ මට ඕනෙ දේ නිසා කාගෙන්වත් මට වැඩක් උනේ නෑ.. පොඩීව කාමරේට එක්කන් ඇවිල්ලා ඇදෙන් ඉන්දලා මං ගිහින් දොර ලොක් කරා.. මං උගෙ ලගට මගෙ පොත් මේසෙට තියලා තියෙන පුටුව අරගෙන ගිහින් ඉදගත්තම මේකා හෙන සීරියස් මූඩ් එකක් හදාගෙන මගෙ දිහා බලන් ඉන්නවා මූටම හරියන අනික් උන් දෙන්නා..

" මේක කිව්වට පස්සෙ තමුසෙගෙ රියැක්ශන් එක නම් මට අදාළම නෑ පොඩී හරිද.. "

" කියපන්කො අයියෙ මගුල.. "

" මං මිහිනුට ආදරෙයි.. "

මගෙ කටින් ඒ වචන පිටවෙනවත් එක්කම පොඩීගෙ ඇස් දෙකත් ලොකු වෙලා අතින් කටත් වහගත්තා යකො මේකට ඒක එච්චර ලොකු පුදුමයක්ද.. විනාඩි දෙකක් විතර මේකගෙ අතිශයෝක්තිය මං බලාගෙන හිටියා..

" අ..අයි..යේ.. උබ.. ඔය ඇත්තමද කියන්නෙ.. "

" මං මොකටද බං බොරු කරන්නෙ ඇත්තටම තමයි මං මේ කියන්නෙ.. "

" දෙයියනේ දෙයියනේ අයියේහ්හ්හ්.. අඩෙ අඩෙ මරුනෙ ඕයි යාහ් මිහිනු බබා මගෙ මස්සිනා වෙනවාහ්හ්.. "

" ප්..පොඩී...උබට මේක ප්‍රශ්නයක් නැද්ද බං උබේ අයියා කොල්ලන්ට කැමති එක උබට ප්‍රශ්නයක් නැද්ද.. "

" පිස්සුද අයියෙ තමුසෙට මං මොකටද අකමැති වෙන්නෙ.. මං නෙවෙයි නෙ මිහිනුත් එක්ක ජීවත් වෙන්නෙ ඔයා.. සමාජෙ මොන තරම් දේවල් කිව්වත් ඒක අපිට අදාළ කරගන්න එපා.. ඔය දෙන්නට දෙන්නා තේරුම් අරගෙන ලස්සනට ජීවත් වෙන්න.. මිහිනු කියන්නෙ තාම පෙති ටිකවත් දිග ඇරුණෙ නැති මලක් අයියෙ එයාව පරිස්සම් කරගන්න.. මං සපෝට් ඔයාට.."

" පොඩී.. මගෙ මල්ලි දැන් හුඟක් ලොකු වෙලානෙ බං.. "

" අපොයි උබ අඩනවද අයියෙ සැක් මේ දැන් ඒක හරි මං කියන්න හිටියෙ මොකද්ද දන්නවද.. "

" අහ් ඔව් ඒක කියන්නකො මටත් අමතක උනා.."

" මේකයි දැන් මිහිනු ස්පෝට් දෙකක් කරන්න ඕනනෙ.. එයා ක්‍රිකට් ගහන්නලු ගොඩක්ම ආස එයා කලින් ස්කෝලෙදි ටීම් එකෙත් ඉදලා තියෙනවා.. ඒත් තාත්තා එයාට 10 වසරෙදි ක්‍රිකට් ගහන එක තහනම් කරලා.. තාත්තා දැනගත්තොත් එයාව ආයෙ එක්කන් යයි කියලා කොල්ලා ක්‍රිකට් ගහන්න බෑ කියලා කියනවා ඒකයි ප්‍රශ්නෙ.. "

" ම්ම් එහෙමත් එකක්ද එයාව නිවාඩුවෙන් පස්සෙ ටීම් එකට ගමු පොඩී මං අපෙ තාත්තා එක්ක කතා කරලා මේක පිටට යන්නෙ නැති වෙන්න වැඩේ හදලා දෙන්නම් දැන්ම මිහිනුට කියන්න එපා.. "

" ම්ම් හරි අයියෙ පව් එයා මොකක් හරි කරන්න බලන්න.. "

" හ්ම්ම් මං යනවා වොශ් එකක් දාගන්න තිසුක අයියලා හවස් වෙලා මෙහෙ එනවා කිව්වා.. "

" ආහ් එහෙමද එහෙනම් මාත් යනවා.. "

පොඩී දොර ඇරගෙන කාමරෙන් ගියාට පස්සෙ මං තුවායත් අරගෙන නාන කාමරේට ගිහින් ශවර් එක ඇරලා ඔලුව ඇල්ලුවා.. ඇත්තටම මං හිතුවෙ ශේනු අමුතුවට මගෙ දිහා බලයි තමන්ගෙ අයියා කොලුකාරයෙක් කියලා හිතයි කියලා උනත් ඒක එහෙම නොවුන එක ගැන මට හරි පුදුමයි.. මං දන්නවා විදුහල්පති කෙනෙක් උන අප්පච්චි වගේම අම්මත් මේ සම්බන්ධෙට අකමැති නම් වෙන්නෙ නෑ කියලා..  හොදට නාගෙන මං ඇදුමක් දාගෙන ආවේ බත් කන්න.. අම්මා බෙදලා දුන්න බත් ටිකත් කාලා අතහෝදන්න කුස්සියට යද්දි අම්මා පෑන්කේක් හදනවා..

" ඇයි අම්මා අද මේ වෙලාවෙ පෑන්කේක් හදන්නෙ.. "

" ආහ් මගෙ බෝනික්කා එනවනෙ එයාට මේ හදන්නෙ.. "

" ඒ ටිකට එයා ඔයාගෙත් උනාද.. "

" නැත්නම් ඒ දරුවා මගෙ තමයි උබලා දෙන්නට වඩා ඒ දරුවා ශෝක්.. "

" ම්ම් අම්මෙ අම්මා අහලා තියේද සමලිංගක විවාහා එහෙමත් නැත්නම් සම්බන්ධ ගැන.. "

" මොකද නැත්තෙ මං අහලා තියෙනවා දැනුවත්ව උබලගෙ ස්කෝලෙත් එහෙම අය ඉන්නවා කියලා මට තාත්තා කිව්වා.. දැන් මොකටද උබ ඔය ගැන අහන්නෙ.. "

" නෑ මේ නිකම් අනේ, ඉතින් අම්මට ඒක ප්‍රශ්නයක් නෙවෙයිද ඒ කියන්නෙ පිලිකුලක් නැද්ද.. "

" පුතේ කෙල්ලො x කෙල්ලො, කොල්ලො x කොල්ලො, කෙල්ලො x කොල්ලො, සතෙක් තව සතෙක්ට ඒ හැම කෙනාගෙම හිත් වල තියෙන්නෙ ආදරේ.. ඒකට ලිංගයක් මුල් කරගෙන සමහර මිනිස්සු අමුතුවට බැලුවට මටවත් උබලගෙ තාත්තටවත් ඒක අමුත්තක් නෑ.. මං දැකලා තියෙන අහලා තියෙන විදිහට boy and boy අය හරි සංවරයි ඒ කියන්නෙ පාර තොටක අසභ්‍ය විදිහට හැසිරෙන්නෙ නෑ අනික ආදරේ කරන එක උනත් පිලිවෙලයි girl and boy උන් වගේ නෙවෙයි.. අර ගොල්ලො ලග ආදරේ වැඩියි මන්දා මට එහෙම තේරුනා.. උබලා දෙන්නත් gay වෙනවනම් මං කැමති එතකොට උබට මට බෝනික්කව බන්දලා පොඩීට තිසුක පුතාව දෙන්න තිබ්බා.. "

" අම්මාහ්.... "

අම්මා කිව්ව කතාවට සිරාවටම මාව උඩ ගියා කව්ද දෙයියනේ මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ.. මිහිනු බබා ඒ කියන්නෙ නැන්දම්මයි මාමන්ඩියි දෙන්නම කැමති.. දැන් තියෙන්නෙ ඔයාලගෙ අම්මා තාත්තගෙ කැමැත්ත විතරයි තිසුක අයියගෙනුත් අහන්න ඕන.. මං වතුර බීලා පෑන්කේක් එකක් උස්සලා අම්මගෙන් පාරකුත් කාලා ෆෝන් එක අරගෙන ඇඳට වැටුනා..

පැය භාගයක් විතර ෆෝන් එක ඔබ ඔබ ඉදලා මම මිදුලට ගියා ඒ වෙලාවෙම වගේ ගේට්ටුවත් ඇරගෙන පොඩී මිහිනුවත් එක්කගෙන අපේ ගෙදර ආවා.. පොඩි පගයා මාව දැකලා මිහිනුව ඇස් දෙකෙන් පෙන්නලා කින්ඩියට හිනා උනා දෙන්න තියෙන්නෙ මූට.. මං අහද්දි මෙච්චර වෙලා මොකද්ද කලේ කියලා නිදිකුම්බර පැටියව ඇහැරගන්න වෙලා ගියා කියලා කිව්ව.. ඇත්ත ඇත්ත එයා නින්දෙන් ඇහැරලා ඇවිල්ලා වගේ හිටියෙ තිසුක අයියා එනවා නේද කියලා අහද්දි ඒකටත් ඔව් දැන් එයි කියලා කියාගෙනම පොඩී මිහිනුවත් අරගෙන ඇතුළට ගියා.. විනාඩි දහයක් විතර යද්දි ගේට්ටුවෙන් ඇතුළට ආවේ තිසුක අයියා..

" මල්ලි මාව හම්බෙන්න ඕනෙ කියලා තිබ්බා.. මොකෝ සීන් එක.. "

" ඉදගන්නකො අයියෙ.. "

අපෙ ගෙදර අරලිය ගහ යටට වෙන්න තියෙන ගල් බංකුව පෙන්නලා තිසුක අයියට ඉදගන්න කියපු මමත් එයාගෙ ඉස්සරහින්ම ඉදගත්තා..

" මේකයි අයියෙ මං කෙලින්ම කියන්නම් ඔයාගෙ මල්ලි ඒ කියන්නෙ මිහිනුට මං ආදරේ කරනවා.. එයාගෙ අම්මා තාත්තා මෙහෙ හිටියනම් මං කෙලින්ම එයාලගෙන් අහනවා ඒත් එයාලා නැති නිසා ඔයාගෙන් අහන එක තමයි හොද කියලා හිතුනා.. "

" ම්ම් එතකොට ආදිත්‍ය ඔයා මිහිනුට ආදරේ කරන්නෙ එයාගෙ රූපෙ නිසා නෙවෙයි නේද.. ඔයා එයාට ආදරෙයි කියලා හොදටම විශ්වාසයිද.. මොකද බං මං උබට කියන්න ඕනෙ නෑ උබටම පේනවා ඇතිනේ මිහිනු කියන්නෙ තාම මලක් එයා හරිනම් මේ කොළඹට ආපු එකත් වැරදි.. ඒ මල පොඩි නොවෙන්න උබට බලාගන්න ආරක්ෂා කරන්න නියම වයස එනකම් පුලුවන් නම් මගෙ මල්ලිව උබට දෙන්න මං දෙපාරක් හිතන්නෙ නෑ ආදිත්‍ය.. "

" මං දන්නවා අයියෙ අපෙ පොඩීත් මට ඔය ටිකම කිව්වා.. ඔයාට පොරොන්දු වෙන්න පුලුවන් හැම විදිහෙන්ම මං පොරොන්දු වෙන්නම් මිහිනුව මං මට පුලුවන් උපරිමෙන්ම රකිනවා කියලා.. ඒ කියන්නෙ අයියා අකමැති නෑනේ.. "

" මං උබව විශ්වාස කරලා මගෙ පොඩි එකාව දෙන්නෙ.. පිස්සුද බං මොන එකකට අකමැති වෙන්නද මං බලාගෙන හිටියෙ ඊයෙ උදේ උබ පොඩි එකා දිහා බලන් හිටිය විදිහ.. "

ඒ සතුට සල්ලි දීලවත් ගන්න බැරි වෙද්දි නියම කාලෙදි මං එයාට මගෙ හිතේ තියෙන දේ කියනවා කියලා මේ මොහොතෙම හිතාගත්තා.. දිලුම්,ත් ඇවිල්ලා ගෙට ගිහින් ඊළග මොහොතෙම තුන් කට්ටුවම ආවේ අපි ඉදගෙන හිටිය තැනට.. තිසුක අයියගෙන් අහනවා මිහිනුව ක්ලාස් යවනවද කියලා.. තිසුක අයියත් ඉතින් කැමති උනා.. මොකද ඒ ලෙවල් වලට ක්ලාස් නොයා වැඩ කරගන්න අමාරුයි.. ඉතින් අවසානෙට මිහිනුගෙ සියලුම වගකීම් මට පැවරුනා පොඩී නම් හිනාව තදකරගෙන ඉන්නෙ සැක් මුන්ට කිව්වෙ අපරාදෙ.. ටිකකින් අම්මා ඇවිල්ලා කිරි වීදුරු ටිකයි හදපු පෑන් කේක් ටිකයි තියලා අපිට බොන්න කියලා එයා ගියා.. අනික් තුන්දෙනාම කිරි බීලා පෑන්කේක් කාලා වීදුරුත් අරගෙනම ගෙට යද්දි බංකුවෙ ඉතුරු උනේ අපි දෙන්නා විතරයි.. කොල්ලා කලබල වෙලා වටපිට බලද්දි මං එයාගෙන් ඇහුවා අනික් අයවද හොයන්නෙ කියලා..

" අහ්ම් අනික් අයවද හොයන්නෙ.. "

" ආහ් හ්හ් ඔව් අයියෙ එයාලා කොහෙටද ගියේ මෙතන හිටියනෙ.. "

" එයාලා ගියා ගේ ඇතුලට.. පූසෙක් වගේ කිරි එකට මූණ ඔබාගෙන බොද්දි මෙලෝ සිහියක් තිබ්බෙ නෑනේ.. "

" ආහ් හි හි මාත් එහෙනම් යන්නම්.. "

එයා නැගිටලා කිරි වීදුරුවත් අරගෙන ගෙට යන්න හදද්දි මං ආයෙම කතා කරපු නිසා එයා නැවතුනා..

" පොඩ්ඩක් ඉන්න මිහිනු.. "

" කියන්න අයියෙ.. "

මිහිනු කියන්න අයියෙ කියලා කතා කරද්දි මගෙ අතේ තිබුන වීදුරුව මේසෙන් තියලා සාක්කු දෙකට අත් දෙකත් දාගෙන මං එයාගෙ ඉස්සරහින් හිටගත්තා.. මං එයාගෙන් ඇහුවේ ඔයාට ගෑණු ලමයෙක් ඉන්නවද කියන දේ වෙද්දි එයා ඒකට දුන්න උත්තරෙ දුන්නෙ නෑ කියලා.. මගෙ හිතට දැනුන සතුට කියාගන්න බැරි තරම් උනා.. එයා ආයෙම යන්නද කියලා අහද්දි අඩියක් එයාට ඉස්සරහට තියන්න දුන්න මම මගෙ සාක්කුවෙ තිබුන අතක් අරගෙන එයාගෙ අතේ මැණික් කටුව ලගින් අල්ලගත්තා..

" චූටි ඔයා හිතනවද ආදරේ කියන දේ ඒ කෙනාව දැකලා තප්පර තුනකින් හදවතේ ඇතිවෙන්න පුලුවන් කියලා.. "

" අයි-- "

" ශ් මම අහපු දේට උත්තර දෙන්න හදිසි වෙන්න එපා ඒ දේ ඔයාටම තේරුනහම මට උත්තරක් දෙන්න.. දැන් යන්න ගෙට පොද ගහනවා.. "

එයාට මුකුත්ම කියන්න ඉඩ නොතියපු මම ගෙට යන්න කියලා මගෙ අතේ තිබ්බ සුදු අරලියා මල එයාගෙ අතින් තිබ්බා.. මං දන්නවා පොඩි එකාට කිසිම දෙයක් හිතාගන්න බැරි උනා කමක් නෑ ඔයා තේරුම් ගන්නකම් මට පුලුවන් බලන් ඉන්න.. ආයෙම එයාට ගෙට යන්න කියලා මං ගේට්ටුවත් ඇරගෙනම පොද ගහන වැස්සෙ වෙල පැත්තට ගියා..

මම නියර දිගේ වෙල මැදක් හරියට ගිහින් එතන පැලේ තිබුන ලී කොටේකින් ඉදගෙන අහස දිහා බලාගෙන හිටියා.. පැය භාගයක් විතර බලාගෙන ඉද්දි මගෙ ඉස්සරහට ආවේ සුදු බෝලේ.. මොකක් මේ ලමයා මොකද්ද මෙතන කරන්නෙ..

" මිහිනු.. මොකද්ද ඔයා මෙතන කරන්නෙ.. තනියමද ආවෙ මේ වැස්සෙ මොකද්ද කරන්නෙ ආහ්.. "

හොර වැඩක් කරපු එකෙක් වගේ එයාගෙන් මෙතන මොකද්ද කරන්නෙ අහන ගමන් එයාගෙ අතින් අල්ලගෙනම ලී කොටෙන් මම නැගිට්ටා..

" මම මේහ්.. මේ අයියා වැස්සෙම ආව නිසා කොහෙද කියලා බලන්න ආවේ.. "

" මිහිනු..!! මාව හොයාගෙන එන්න කලින් කියනව මට තමුසෙ මේ පාරවල් දන්නවද ආහ් තනියම කොහෙවත් යන්න එපා කියන්නෙ එපා නිසා.. පොඩී එක්ක හරි එන්න තිබුනනෙ ආ.. "

" එයා..ලා..කවුරුත්.. හිටියෙ.. නෑ.. ඒකයි මං තනියම..ආවේ... "

" දැන් මොකද අඩන්නෙ අඩන්න තරම් දෙයක් මං කිව්වද ම්ම්.. "

මං එයාගෙ හිතුවක්කාරකමට සැර කරද්දි එයාගෙ බෝල ඇස්වල කදුලු පිරුනා.. අඩන්න තරම් දෙයක් කිව්වෙ නෑනෙ කියලා මං කියද්දි එයා කිව්වෙ ගෙදර ගියහම තිසුක අයියට කියනවා කියලා ඒකට උත්තරයක් විදිහට අයියා මම ගැන දන්නවා කියලා කියද්දි කොල්ලා ගස්සලා අහක බලාගත්තා.. එයාගෙ අතේ තිබ්බ කුඩේ මම මගෙ අතට ගත්තෙ එයාගෙ අතත් අල්ලගෙනමයි..

" මිහිනු එනවා ඉතින් යන්න මොකක්ද බං මේ අරගෙන ඇවිල්ලා තියෙන කුඩේ.. සෙරප්පු දෙක දාගෙන එන්න.. "

පැලෙන් එලියට ගිහින් කුඩේ ඉහලගෙන එයාට  සෙරප්පු දෙක දාගන්න කියලා මම අත දික් කලා.. සෙරප්පු දෙකත් දාගෙන අත දිහා බලන් ඉද්දි මම ඇස් වලින් කිව්වෙ මගෙ අත අල්ලගන්න කියලා.. මිහිනු මගෙ මූණ දිහා බලාගෙනම මගෙ අත අල්ලගෙන පැලෙන් උඩට එද්දි මම මගෙ අතින් එයාව ඇදලා අරගෙන පපුවට තුරුල් කරගත්තා..

මිහිනුගෙ අත් දෙක මිට මෙලවිලා මගෙ පපුවට වැටෙද්දි මගෙ අත එයාගෙ ඉණ වටේට තදට හිරවෙලා තිබුනා.. මං නිදහසෙ එයාගෙ මුළු මූණම මගෙ ඇස් වලින් බලාගත්තා.. මගෙ ඇස් අන්තිමට නැවතුනේ එයාගෙ ඇස් දෙක ළග වෙද්දි පිනි වැටිලා එයාගෙ ඇහිපිහාටු බර වෙලා තිබුනෙ කියලා මට තේරුනා.. ඇහි පිල්ලම් ගහලා එයා මගෙ දිහා බලද්දි මම හරි ලස්සනට එයත් එක්ක හිනා උනා.. බලාපොරොත්තු නොවුනත් අනික් පැත්තට මිහිනුත් මාත් එක්ක ලස්සනට හිනා උනේ මගෙ මුලු හදවතම දිය කරලම දාලා..

මෙච්චර වෙලාවක් ඇස් වල අතරමන් වෙලා හිටිය අපි දෙන්නා ගැස්සිලා ගියේ මුලු පැත්තම එලිය කරගෙන අකුණක් ගහපු නිසා.. මගෙ පපුව උඩ තිබ්බ අත්දෙකන් ඉබේම එයා මාව බදාගනිද්දි මං ඒ පපුවට බර උන පාර එයාව පොඩ්ඩක් පස්සට ගියා.. විනාඩි ගානක් ඒ අත් අතර ඉද්දි එකපාරටම වැස්ස තද කරලා වහින්න ගත්තේ අපි දෙන්නවම නාවලා..

" චූටි අපි ගෙදර යන්න ඕනේ.. "

මම කිව්වෙ එච්චරයි.. මෙච්චර වෙලා බයටම මගෙ පපුව අස්සෙ හිටිය මිහිනු ඉක්මනට මගෙ පපුවෙන් ඈත් උනේ සුදු බෝලෙව රතු බෝලයක් කරලා.. ආයෙම මම එයාව ඇදලා අරගෙන එයාගෙ උරිස්ස වටෙන් අත යවලා මගෙ ඇගට හේත්තු කරගත්තෙ එයාව වැස්සට පොඩ්ඩක්වත් තෙමෙන්නෙ නැති වෙන්න..

" අයි..යේ..ඔයාව..තෙමෙනවනේ.. "

" කට පියාගෙන එන්න මිහිනු තමුසෙට ලෙඩ වෙන්නද ඕනෙ.. "

" ඉති... "

" මං දැන් මොකද්ද කිව්වෙ කට, කට පියාගෙන යමු අයියටවත් කියලද ආවේ ආ ඒ කොල්ලා බය වෙලත් ඇති මොන මගුලක් කරනවද මන්දා මිහිනු.. "

" ම්හ්ක්.. "

" ගැස්සිලි නම් තියාගන්න එපා හරී.. මං මෙහෙම කතා කරලා හිටියට හිතන්න එපා හෙන හොද එකා කියලා.. "

" යැයි යැයි චමයි.. "

පැය භාගෙකට කිට්ටු වෙන්න පාර දිගේ තෙමි තෙමි ආව අපි දෙන්නා අන්තිමට නැවතුනේ අපෙ ගෙදර ඉස්සරහ වෙද්දි පොඩී, දිලුම්, තිසුක අයියා, අපෙ අම්මා හතරදෙනාම ගේට්ටුව දිහා බලන් හිටියෙ අපි දෙන්නව බලාපොරොත්තුවෙන් වගේ.. මෙච්චර වෙලාවක් අපි එනකම් බලාගෙන හිටිය තිසුක අයියා කුඩේකුත් නැතුවම අපි ඉන්න දිහාවට දුවගෙන ආවෙ සුදු බෝලෙගේ නම කියලා කතාකරගෙනමයි..

" මිහිනු කොහෙද දෙයියනේ යන්නෙ.. යන මගුලක කියලා පලයන් මෙහෙට ඇවිල්ලා එක දවසයි අඩුම පාරක් තොටක් දන්නවද.. මේ වැස්සෙ ගිහින් අතරමං හරි උනානම් මං මොන දෙයියන්ට කියන්නද ළමයො.. "

" අයියෙ මිහිනුට බනින්න එපා එයාව මමයි එක්කගෙන ගියෙ.. මට ඔයාලට කියන්න අමතක උනා සොරි.. "

" උබත් මාර වැඩ තමයි කරන්නෙ ආදි හරි හරි ආදි ගිහින් ඇදුම් මාරු කරගන්න ලෙඩ වෙයි නැත්නම්.. "

" ම්ම්ම් මෙයාටත් මොනාහරි හදලා දෙන්න තෙමුනා වැස්සට.. "

මිහිනුට මොනාහරි හදලා දෙන්න කියලා කියාගෙනම මම ගෙට යද්දි එයාගෙ අතේ තිබුණ කුඩෙත් අරගෙන ආයෙමත් ඉස්තෝප්පු කෑල්ලට ගියපු එයයි අයියයි කුඩේ පැත්තකින් තියලා අම්මට කියලා යන්නයි ලෑස්ති උනේ..

" අනෙ අනෙ හුරතලේ ඔහොමත් බය කරනවද ළමයෝ අනේ මන්දා මේ ළමයි නම් කොච්චරවත් පපුවෙ අමාරු හදවන වැඩමයි කරන්නෙ.. "

" හී මං වීදුරු දෙක හෝදලා නැන්දට කියන්න එද්දි කවුරුත් පේන්න හිටියෙ නෑනේ ඒකයි ඉතින් හුම්ම්.. "

" නිදහසට කරුනුත් තියෙන්න එපැයි නේද තිසුක.. "

" අනේද කියන්නෙ නැන්දෙ.. කොහෙහරි ගිහින් හොයාගන්න බැරි උනානම් මට මාමගෙන් හොදට අහගන්න පුලුවන්.. නැන්දගෙ සුදු පුතාව හරියට බලාගත්තෙ නෑයි කියලා.. "

" ඒකනේ දෙයියනේ මේ චීස් බෝලෙට මොනාහරි උනෝතින් ඔන්න මේ නැන්දටත් පපුවෙ අමාරුව හැදේවි.. "

" සමාවෙන්න නැන්දේ මං එච්චර හිතුවෙ නෑනේ.. "

" අනේ හරි බබෝ ඒකට කමක් නෑ.. ආයෙ එහෙම නොකර ඉන්නකො හරිද.."

" හරි නැන්දේ.. "

" නැන්දෙ එහෙනම් අපි දෙන්නා යන්නම් නේද දැන් රෑත් වෙලානේ.. දැන් ඉතින් මෙයාලා දිගටම මෙහෙ එන්න පටන් ගනී.. ඔන්න නැන්දට රණ්ඩු බේරලා ඉවරයක් නැති වෙයි.. "

" ඔව් පුතේ එහෙනම් ගිහින් එන්නකෝ හොදේ.. මෙන්න මේ කොල්ලට පස්පංගුව පැකට් එකක්වත් හදලා දෙන්න ගෙදර තියෙනවද.. දිගටම නෙවෙයි මං පුලුවන් නම් නවත්ත ගන්නවා මෙයාව.. "

අපෙ අම්මගෙ ආසාව ඉක්මනට ඉශ්ට කලා නම් හරි වගේ.. සුදු බෝලේ තිසුක අයියගෙ අතේ එල්ලිලා ගේට්ටුවෙන් එලියට යනකම්ම මං මගේ කාමරේ ජනේලෙන් බලාගෙන හිටියා.. ඒත් ඉතින් සුදු බෝලේ මාව දැක්කෙ නෑ..

ඉතින් පහුවදා ස්කෝලෙ යන්න දේවල් ලෑස්ති කරලා එලාම් එක තියලා මං නිදාගත්තා.. සුපුරුදු විදිහට පාන්දර 4ට එලාම් එක වදිනකොට ඇහැරුන මම ඒක ඕෆ් කරලා තුවායත් අරගෙන ගිහින් මූණ හෝදගෙන ලෑස්ති වෙලා සාලෙට ආවා.. අද පාඩම් කරන්න හිතෙන්නෑ.. සෝෆා එකට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉද්දි වෙලාව යනවා දැනුනෙත් නැති කොට අපෙ තාත්තා කවුරු හරි එක්ක කතා කරනව අමට ඇහුනා කටහඩේ හැටියට නම් සුදු

බෝලේ වෙන්න ඕනේ ෆෝන් එක පැත්තකට දාලා මම දොර දිහාවට යන්න හදද්දිම එයාගෙ කරටත් අත දාගෙන ආව තාත්තා පොඩීට ඉක්මනට කතා කරන්න කියලා ලෑස්ති වෙන්න යද්දි මං මිහිනුට ගුඩ් මෝනින් කිව්වා.. ඒත් කොල්ලගෙන් ආයෙම රිප්ලයි එකක් ආවේ නැති කොට මං කිව්වා ඔය රෝස තොල් උල් කරලා මටත් ගුඩ් මෝනින් කියන්න කියලා.. විකාරයක් වගේ මගෙ දිහා බලපු මිහිනු ඉක්මනට ශේනුට කතා කරන්න කියලා කියද්දි මගෙ යකා ආවේස උනා.. පොඩීට කතා කරලා එන්න කියලා මං කුස්සියට ගිහින් කෑම පෙට්ටි දෙක අරගෙන එද්දි දෙන්නා එක්ක කයියක්.. ඔක්කොම ලෑස්ති කරගෙන බස් එකට යන්න ලෑස්ති වෙලා පොඩී මිහිනුයි දෙන්නම අපෙ අම්මට වඳිනකොට මං විතරක් උඩ බලාගෙන හිටියා.. අම්මට වැඳලා නැගිට්ට එයා රවලා මගෙ දිහා බලලා අම්මට වඳින්න කියද්දි මං පුදුමෙන් එයා දිහා බැලුවා.. ඊටපස්සෙ අම්මට නොවැඳ එයා එක්ක කතා කරන්න හිතන්නවත් එපා කිව්ව සුදුබෝලේ ශේනුවත් ඇදගෙන යන්න ගියා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

________________________________________________

Hello Lamai

වචන 4009 😌 ආදි අයියගෙ සම්පූර්ණ pov එක දුන්නොත් වචන 5000+ ඒක නිසා කොටස් දෙකකට දෙම්නම් හාද.. 😪

හි හි ඔයාලගෙ මේ ඕචරීට දැන් අවුරුදු 17ක් ම්හ්ක් දැන් මං නාකි හරිත.. මේ birthday special හොදේ.. 😌✋

එහෙනම් ආදිගෙ ඉතුරු ටිකත් අරගෙන ඉක්මනට එන්නම්.. සමාවෙන්න මේකේ අප්ඩේට් පරක්කු උනාට මට ඕන උනේ දිග එපිසෝඩ් එකක් දෙන්න මගෙ උපන්දිනේට.. මං ඊට කලින් හරි ආදිගෙ pov එක නැතුව දෙනවා ඒත් පන්ති වලයි, කෝස් එකේ වැඩයි එක්ක බැරි උනා.. 🥺

Lvyyy❤️

DarkBunny ❤️✍️

Share This Chapter