Back
/ 50
Chapter 16

[දහ හතරවන කොටස]

දේදුනු හාදු [TK] On Hold

සුදුබෝලේ ගියාට පස්සෙ මං අම්මා දිහා හරි අසරණ විදිහට බැලුවේ අම්මා දැනටමත් හිනා වෙන නිසා.. යකෝහ් යාලුවෙන්න කලින් මෙහෙම නම් යාලු උනාට පස්සෙ මට දෙයියන්ගෙම පිහිටයි නේ.. ස්කෝලෙ ඉන්න උන් දැක්කනම් මට පුපෙන් හිනා වෙන්නෙ පුපෙන් පොඩි එකෙක්ගෙ කටට බය වෙනවයි කියලා.. නමුත් මට දැන් පෙනී යන ආකාරයට නොබෝ දිනකින් ***** ස්කෝලෙ හෙඩ් ප්‍රිෆෙක්ට් ආදිත්‍ය අයියා දොළහා වසරෙ ඉන්න මිහිනුට බයයි කියලා දැනගන්නවා.. මම ස්කෝලෙට 6.45/ 7.00 වෙද්දිම යන්න ඕනනිසා අම්මටත් වැඳලා පාරට ඇවිල්ලා ඇවිදගෙන එද්දි මං දැක්කා තිසුක අයියලගෙ ගෙදර දොර වහලා තියෙනවා ඒ කියන්නෙ එයාලා අනිවාර්යයෙන්ම ගිහින්.. මමත් භාගයක් දුවගෙන ඉතුරු ටික හයියෙන් ඇවිදගෙන කලර් ලයිට් එකෙන් පාරත් පැනලා බස් එක එනකම් හිටගෙන ඉන්න තුන්දෙනා ලගට ගියා.. ලගට එනකම්ම පොඩි උන් දෙන්නා නෙවෙයි මාව දැක්කේ උන් දෙන්නා ලෝකෙ අල්ලන්න වගේ විශාල කයියක්.. මං එතනට යනවත් එක්කම වගේ 120 බස් එකක් ආවා.. මුලින්ම පොඩී ඊටපස්සෙ තිසුක අයියා ඊටපස්සෙ මිහිනු ඊටපස්සෙ මම පිලිවෙලට බස් එකට නැග්ගා.. ඉදගෙන යන්න ඉඩ තිබුනෙ නෑ යන්න උනේ හිටගෙන බස් එක අද්දනකොට මිහිනුට බැලන්ස් නැතුව වැටෙන්න යද්දි මං එයාව එයාගෙ බෑග් එකෙන් ඇදලා අරගෙන හරියට හිටෙව්වා.. ඒ අස්සෙ තිසුක අයියා යන්න ඕනෙ බස් එක ටිකට් ගන්නෙ කොහේටද ඒවා ගැන කියනවා මං ඉතින් සුපුරුදු පරිදු සුදුබෝලේ දිහා බලාගෙන හිටියා..

මිහිනු අයියා එක්ක කතා කරලා ඉවර වෙලා ආයෙම එයා ඉස්සරහා බලාගනිද්දි මගෙ කටකොනට හිනාවක් ගියා.. එයා දැක්කා මං එයා දිහා බලන් ඉන්නෙ කියලා.. උදේම නිසා බස් එකේ ගොඩක්ම ඉන්නෙ ස්කෝලෙ යන ලමයි වෙද්දි සමහරක් අය නිදි සමහරක් අය පොත් බලනවා එහෙමත් නැති අය අහක බලාගෙන යනවා.. මෙච්චර වෙලාම මනෝපාරක හිටිය මාව ගැස්සිලා ගියෙ එකපාරටම ගහපු බ්‍රේක් එකක් නිසා.. මිහිනුව විසික් වෙලා යන්න හදද්දි එයාව ඇදලා අරගෙන මගෙ ඉස්සරහින් හිට්ටවගත්තෙ එයාව මගෙ ඇඟට හිරකරගෙන.. හරියටම ඒක බැක් හග් එකක් වගේ.. මගෙ නහර පිරුනු අත් ශීට් එක දෙපැත්තෙ යකඩ පොලු දෙකේ තදවෙද්දි එයා හිටියෙ හූනෙක් වගේ මගෙ ඇඟට ඇලිලා..

මගෙ නහයෙන් පිටවෙන හුස්ම එයාගෙ බෙල්ලෙ වැදෙද්දි එයා අපහසුතාවෙටද මන්දා දගලන්න ගත්තා.. ඒත් එයා ඒ කරන වැඩෙන් වෙන්නෙ මාව අපහසුතාවෙට පත් වෙන එක.. ඉතින් මං කිව්වා එයාට එයාගෙ කන ලගට පාත් වෙලා දගලන්න එපා චූටි නිදන් ඉන්න කොටි ඇහැරෙයි කියලා කිව්වා.. ඒත් එයාට ඒක තේරුනේ නැති කොට ඒ පිම්මෙන්ම මං ඒ බෝල කම්මුලකට හාද්දක් තිබ්බා.. එයාගෙ කම්මුල් වලට රෝස පාට ඩස්ට් එකක් ඉස්සා වගේ රෝස වෙද්දි කොල්ලගෙ කකුල් වලට පණ නැතුවද කොහෙද මගෙ ඇගටම තවත් තද උනා..

අවසානෙට බස් එක කැම්පස් හෝල්ට් එකට පස්සෙ හෝල්ට් එක ඒ කියන්නෙ තර්**** හංදියෙන් බැස්සා.. පටු පාර දිගේ, කහ රෝස මල් වැටිලා තියෙන දෙපැත්තෙ ගස් පේලි තියෙන පාර දිගේ ඇවිදගෙන ගිහින් අන්තිමට අපි නැවතුනේ ස්කෝලෙ ගේට්ටුව ලග.. තිසුක අයියා හවස ක්ලාස් නේද කියලා මතක් කරලා මට පොඩි උන් දෙන්නව පරිස්සමෙන් එක්කගෙන එන්න කියලා ආයෙම බස් එකේ නැගලා කැම්පස් එකට ගියා උනත් අනික් පැත්තට අයියා යනකම් හිටිය මිහිනු ශේනුවත් ඇදගෙන ස්කෝලෙට ගියා.. ඒකෙන් උනේ මගෙ හිත රිදුන එක සමහරවිට මං එයාගෙ කම්මුලට කිස් එකක් දීපු නිසාද දන්නෙ නෑ.. මටත් තිබුනා එහෙම නොකර ඉන්න.. දාහක් දේවල් හිත හිත මං පන්තියට ගිහින් එතන පොඩ්ඩක් බලලා ප්‍රිෆෙක්ට් රූම් එකට ආවා..

මං එද්දි කේශ් ඉන්නවා ෆෝන් එකට කොට කොට මේ උට්ටට කෑල්ලක්වත් සෙට් වෙලාද මන්දා.. මූ ඕක ඔබනවා දැක්කොත් මගෙ බෙල්ලත් ගහලා යනවා.. කරේ එල්ලිගෙන තිබ්බ බෑග් එක දඩස් ගාලා මේසෙ උඩට අතෑරියම අරූ බය වෙලා මැරෙන්බ ගියා..

" මොකද යකෝ තොට අන්දකයිප්පුද.. "

" මේහ් කෑල්ලක් සෙට් උනානේ උබට කොහෙද ඒකි ලස්සනයිද සුදුද කොහෙහ ස්කෝලෙ.. "

" නෙද්දකින් හුත්තො පිස්සුද බං උබට කෙල්ලෙක් නෙවෙයි බං.. "

" වට්ස් ද ෆක් උබ එතකොට ඔය ඔච්චර ඕකට එබීගෙන කොටන්නෙ කොල්ලෙක් එක්කද විහස්න.. "

" ම්ම්.. "

" ආහ් හරි හරි බං අඩො ගැම්මක් ඈහ් කෙල්ලො නම් නැති තරමට හොදයි මේහ් වරෙන් යන්න උඩ පන්ති වලට යන්න ඕනෙ.. උබව පස්සෙ අල්ලගන්නම්.. "

අන්තිමට එහෙනම් උටත් හරි ගියා කාටද සතුටු කාටද මේ මටම තමයි ලොකු දෙයක් මේ බේසිකයා අර වට බඩ්ඩව අමතක කල්ලා දාපු එක.. මංනෙ දන්නෙ ඒ ඒසික කෙල්ල මූට බූට තිබ්බම හිත හදන්න කාපු කට්ට.. දොරත් වහගෙන අපි එලියට බහිද්දි ගාථා කියන්න පටන් ගත්තා.. 13ට ගිහින් පන්ති ටික බලලා 12 වසරට ආවා.. එකෙක් දෙන්නෙක් ඇරෙන්න අනික් උන් ඔක්කොම ගාථා කියනවා.. සුදුබෝලෙගෙ පන්තියට එද්දි භාවනා කරන්න පටන් ගත්තා.. මං කේශ් ට කොරිඩෝ එකෙන් ඉන්න කියලා මිහිනු ලගට ගිහින් උදේ උන දේට සමාව ගත්තා..

මගෙ හැඟීම් ඔය හිතට තේරුන දාක ඔයාටම විතරක් අයිති ඒ හාදුව මං තියන්නම් සුදුබෝලේ.. එතකම් මං මගෙ සීමාවෙ ඉන්නම්..

අන්තිම පන්ති දෙකටත් හොම්බ දාලා අපි දෙන්නා ආයෙම ආවේ ප්‍රිෆෙක්ට් රූම් එකට.. කොහොමත් 13 වසර කියන්නෙ එච්චර උගන්නන වසරක් නෙවෙයි.. මන්දා අපෙ ස්කෝලෙ නම් එහෙමයි ලමයි ඒ ලෙවල් ගොඩ දාගත්තෙ පන්තිම ගිහින්.. ප්‍රිෆෙක්ට් රූම් එකට ගිහින් පාස්ට් පේපර්ස් පොතක් පෙරලගෙන ඒවගෙ ගනන් ටිකක් හදන්න ගත්තා.. හැමදේම බැලන්ස් කරගෙන යන එක හිතන තරම් ලේසි නෑ.. පැය භාගයක් විතර ගනන් ටික හද හද ඉද්දි තමයි මට මතක් උනේ ඊයේ රෑ මිහිනුට මං මගෙ අනිත් නම්බර් එකෙන් දැම්ම මැසේජ්.. ඕකා දැනටමත් අර පොඩි ඇටයො දෙන්නට ඕක කනේ තියලා ඇති.. මට ඒක මතක් වෙලා හිනා ගියාට මොකද මගෙ ඉස්සරහින් ඉන්න විහස්නයා ඒක දැක්කා..

" මොකද පගෝ උබ තනියම හිනා වෙන්නෙ මාන්දමද.. "

" නෑ බං මං ඊයෙ මගෙ අනික් නම්බර් එකෙන් සුදු බෝලෙට මැසේජ් එකක් දැම්මා ඒක මතක් වෙලා හිනා ගියෙ.. "

" අම්මොර් අම්මොර් යකෝ මුගෙ පැණිය බලපන්කො හොදයි හොදයි ඔහොම යමන්කො.. "

" අනේහ් මේ ඉතින් මට කියපන්කො උබේ හිත හොල්ලපු එකා ගැන පොඩ්ඩක්.. "

" එයා යුනිවසිටි එකේ අන්තිම අවුරුද්දෙ බදුල්ලෙ ඉන්නෙ.. යුනිවසිටි යන නිසා කොළඹ බෝඩිම් වෙලා ඉන්නෙ.. නම ආකේශ් හේසල්‍ය.."

" ටසිරි ඒ කියන්නෙ අයියා කෙනෙක් නේහ් එල එල කොල්ලා ලස්සනයිද.. "

" නැත්නම් ඒ මනුස්සයා ලස්සනයි කොරියන් කොල්ලෙක් වගේ.. "

" ම්ම් ම්ම් අපිට කවද්ද මුණ....... "

විහස්න එක්ක එයාගෙ කොල්ලා ගැන කතා කර කර ඉද්දි මං කියන්න ගිය දේ මග නැවතුනෙ රූම් එකේ දොර ඇරගෙන ඇතුළට ආව දිලුම් නිසා.. මේකා මොකද මේ ගම හරහා දුවලා වගේ..

" අයි..යේහ්හ් ඉක්..මනට..ඉක්..මනට.. "

" දෙව් මොකද්ද හුස්ම අල්ලලා කියපන් හිමීට කෝ හුස්ම ගනින් බං.. "

" ආහ්..හ්හ් ඩෙවෝන්.. කැෆටේරියා එකේ මිහිනු ඉක්මනට යන්න අයියේහ්හ්හ්.. "

මගෙ ලේ රත් උනා ඩෙවෝන් ඩෙවෝන්.. දිලුම් කිව්ව දේවල් තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ.. විහස්නට දිලුම් වත් එක්කගෙන එන්න කියාගෙනම මං ඉක්මනට කැෆටේරියා එකට දිව්වා.. ඔව් ඇවිදගෙන ගියා නෙවෙයි මං දිව්වා.. මොකද ඒ ඉන්නෙ මගෙ පණ.. මං දන්නවා හම්බෙලා කතා කරලා උපරිම දවස් දෙකක් උනත් ඒ ඉන්නෙ මගෙ පණ එච්චරයි මං දන්නෙ.. කැෆටේරියා එකට යද්දි මට ඇහුනෙ සුදුබෝලෙගෙ කටහඬ ඒත් එක්කම ඩෙවෝන් කියන නපුංසකයගෙ කටහඬත් ඇහුනා.. වනචර බල්ලා.. මං උගෙ පිටිපස්සෙන් හිටගෙන මුලු කැෆටේරියා එකටම ඇහෙන්න නම කියලා කතා කරහම මගෙ පුංචි එකාව අල්ලගෙන කරන්න හදන දේ මට තේරුනා..

" ඩෙවෝන්........ !!!!!!!!

ඩෙවෝන් ශෙහාර ද මෙල්.. උබ වැරදි එකාගෙ දේකට බල්ලො අත තිබ්බෙ.. මේ පලවෙනි පාර නෙවෙයි හරී මේ දෙවනි පාර උබ හිතන්න එපා මේ ස්කෝලෙ වෙන දේවල් මට ආරංචි වෙන්නෙ නෑ කියලා.. හැබැයි තුන්වෙනි පාරත් මෙහෙම දෙයක් උනොත් උබට කලින් කවදාවත් කාලා නැති සුපිරි කෑමක් මගෙන් කනවා ම්ම්.. මං මේ බොහෝම ඉවසීමෙන් කියන්නෙ.. මගෙ දේවල් මගෙ විතරයි ඒ දේවල් වලට එක පොන්න බල්ලෙක්ගෙ හරි ඇහැක් වැටුනොත් ආදිත්‍ය අභිශේක් කියන්නෙ ඒ ඇහැ ගලවලා උනත් දාන්න පුලුවන් එකෙක් කියලා ඩෙවෝන් උබ වැඩියෙන්ම මතක තියාගනින් හ්ම්ම්.. මං හිතනවා උබට මං කිව්ව දේවල් කන් දෙක හරහා මොලේටම වැදෙන්න ඇති කියලා.. දැන් පලයන් පන්තියට..

එතකොට උබේ යාලුවා රුවීන් උබ අල්ලගෙන හිටියෙ මං කියන්න ඕන නෑනේ.. උබෙ අත් වලට ආසාවක් තියෙනවනම් ඒ දේ ආයෙ නොකර හිටපන්.. අනික් එකා රශේන් උබටත් කියන්න තියෙන්නෙ එච්චරයි උබ අල්ලන් හිටියෙ මගෙ මල්ලි අත් වලින් බත් කන්න බැරි කරගන්න එපා හරී.. දැන් පලයන් තුන්දෙනාම.. "

එච්චරයි මට තිබුණා ඩෙවෝන්ට බිම දාගෙන මැරෙනකම්ම හරි ගහන්න ඒත් කුණු ගොඩවල් ඇගේ දාගන්න උවමනාවක් නැති නිසා අම්මා තාත්තට ලැජ්ජාවක් නොවෙන්න දෙන්න ඕන නිසා කම්මුල පුපුරන්න පාරක් ගහලා උන් ටිකව පන්තියට එලෙව්වා.. ඊටපස්සෙ කෙලින්ම ගියේ පොඩීගෙ උරහිසෙන් ඔලුව තියාගෙන මූණත් රතු කරගෙන අඩන මිහිනු ළගට.. බැන්නා හොදටම බැන්නා ඇයි මුන්ට තේරෙන්නෙ නැත්තෙ දිලුම් හිටියෙ නැත්නම් අද මොන හුත්තක් වෙයිද කියලා කව්ද දන්නෙ හැමදාම මෙහෙම බේරෙන්න පුලුවන්ද ගහන්න අත උස්සලත් මට බෑ ඒ මූණ දිහා බලාගෙන ගහන්නවත් බයින්නවත් ඒත් නොබැන ඉදලත් බැරි නිසා බැනලා උන් තුන්දෙනාවත් එලෙව්වා ක්ලාස් යවන්නෙත් නෑ ඕන්නෑ යන්න.. විහස්න මාවත් එක්කගෙන ආයෙම ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා..

" මේක එන්න එන්නම සීරියස් කේස් එකක් වෙනවා බං.. අපි මේ අවුරුද්දෙ විතරයි ඉන්නෙ ඕනම නම් ලබන අවුරුද්දෙන් භාගයක් ඉඳීවි ඊටපස්සෙ.. "

ඇත්ත ඌ කියන කතාව සහතික ඇත්ත.. ඒත් මොකද්ද කරන්නෙ.. "

" ම්ම් මොකක් හරි කරන්න බලමු කේශ් කැ#යා හිතාගෙන ඉන්නෙ මගෙ එකාව විනාස කරන්න.. මං ඉන්නකම් ඒවා ඌට හීන තමයි.. "

ඉන්ටවල් එකට බෙල් කරාට මට අඩුම කන්නවත් හිතක් නෑ කේශ්ගෙ බලකිරිල්ලට කිරිපැකට් එකක් විතරයි බිව්වේ.. කැන්ටිම ලග ඩියුටි ඉවර කරලා ආයෙම ප්‍රිෆෙක්ට් රූම් එකට නොගිහින් අපි දෙන්නා පන්තියට ගියා මොකද අද ෆිසික්ස් සර් විභාගෙට එන අමාරු දේවල් ටිකක් කියලා දෙනවා කිව්වා.. අනික ඩබල් පීරියඩ් අමාරුවෙන් උනත් ඉතින් අහගෙන ඉන්න වෙනවනෙ ඒක නිසා අපි දෙන්නා පොත් අරගෙන සැදී පැහැදී පාඩමට අවධානය දුන්නා..

" අඩො මට බෑ බං මේම ඉන්න නලියනවා වගේනේ ඉවර වෙන්නෙ නැද්ද බං මේක.. "

" පොඩ්ඩක් ඉදපන්කො බං තව විනාඩි පහලවයි නේ.. "

" ඒ ඒ අර දෙව් නේද ඇයි ඒකා අපෙ ක්ලාස් එකට එන්නෙ.. "

ඔව්මයි සර්ගෙන් මොනාහරි අහන දිලුම් ව විහස්න පෙන්නනකම් මං දැක්කෙ නෑ.. මොන හුත්තක් කරගෙනද දන්නෑ ඒ පාර මගුල මුං තුන්දෙනා එක්ක මට කේන්ති අප්පා..

" කොල්ලනෙ උබලගෙ පන්තියෙ පැනඩෝල්, පෙනඩින් මොනාහරි තියෙනවද.. "

අපෙ උන් ඔක්කොම ටික එකටම නෑ සර් කියලා කියද්දි දිලුම් ගෙන මූණත් අප්සට් ගියා.. කාටද මේකා පැනඩෝල් හොයන්නෙ පොඩීටද වෙන්න බෑ ඒකට ඉහෙන් බහින ලෙඩක් තිබ්බෙ නෑ ඒ කියන්නෙ සුදු බෝලෙටද..

" ඕයි ආදි මිහිනුට උණලු.. "

" මොකක් උබ කොහොමද දන්නෙ ආ කියපන්කො විහස්න.. "

" දිලුම් මෙතනින් යද්දි කියාගෙන ගියේ පගෝ උබ හිටියෙ වෙන සිහියකනෙ.. එයාටලු පැනඩෝල් හොයන්නෙ.. "

" මොන මගුලක්ද කේශ් මුං මොන රෙද්දක් කරනවද මන්දා වරෙන් යන්න මොකද බලන්න.. මගෙ ලේ ටික පුච්චනවා පොඩි පගයා.. "

විහස්නත් එක්කගෙන සර් ගෙන් පමිශන් අරගෙන මං කෙලින්ම ආවේ පොඩීගෙ පන්තියට.. මිහිනු ඩෙක්ස් එකට ඔලුව තියාගෙන ඉද්දි පොඩී එයාගෙ ඔලුව අතගානවා.. මං ලගට ගිහින් පොඩීගෙන් අහද්දි ඒකා මට පාට් එකක් දාලා මිහිනුට උන කිව්වා.. ඇත්තටම මට තරහා ගියා උනනම් මොන ලබ්බක්ද මෙතන කරන්නෙ මං ඇහුවා ඒක පොඩීගෙන් පස්සෙ විහස්න පිටට තට්ටු කරලා කියද්දි මීටර් උනේ අපි මේ ඉන්නෙ මුංගෙ පන්තියෙ කියලා.. මිහිනුව නැගිට්ටලා බෙල්ලට අත තියලා බලද්දි කොල්ලගෙ ඇස් දෙක බෝල උනා.. එයා පුදුම වෙන්න ඇති.. ඒත් ඒ ඇඟ ගිනි ගොඩක් වගේ රස්නෙයි උණ නිසාම මූණ රෝස පාට වෙලා ඇස් දෙකවත් ඇරගන්න බෑ.. මං පොඩීට මිහිනුව එක්කගෙන එන්න කියලා ආයෙම විහස්න එක්ක පන්තියට ගිහින් සර්ගෙන් පමිශන් අරගෙන තාත්තා ලගට ගිහින් එයාටත් කතා කරලා අපෙ සෙක්ශන් එක ලගට බෑග් එකත් අරගෙන එද්දි අනුරාධි මිසුත් හිටියා.. පස්සෙ මිස්ටත් කියලා පොඩීටයි දිලුම්ටයි තිසුක අයියා එක්ක පරිස්සමෙන් ගෙදර එන්න කියලා මං මිහිනුවත් අරගෙන පාරට ගිහින් ත්‍රීවිල් එකක් නවත්තගෙන එයාව මුලින්ම නග්ගලා මාත් නැගලා පිලියන්දලට යමු කිව්වා..

බෙල්ලන්විල හරියෙ යද්දි කොල්ලා සීතලටද කොහෙද ගුලි වෙනවා.. මං බෑග් දෙකම ඔඩොක්කුවෙන් තියාගෙන එයාගෙ ඉණ වටේ අතදාලා මගෙ ලගට අරගෙන පපුවට තුරුල් කරගත්තා.. එයාගෙ ඇග හොදටම රස්නෙයි.. විනාඩි හතලිස්පහක් යනකම්ම එයා හිටියෙ කෙඳිරි ගගා.. ත්‍රීවිල් එක ගේ ලග නවත්තලා මං සල්ලිත් දීලා සුදුබෝලෙව අරගෙන ගෙට ගිහින් එයාව ඇඳෙන් තිබ්බා.. ගොඩක් අමාරුයි කියලා දැන දැනත් මං ඒක එයාගෙන් ඇහුවම එයා මට සුදු අයියෙ කිව්වා.. ඉතින් තනියම ආදරේ කරන මට ඒ වචනෙම ඇති දෙයියෝ.. පස්සෙ එයාගෙ සපත්තු මේස් ගලවලා ඇඳගෙන හිටිය ශර්ට් එකත් ගලවලා ෆෑන් එක අඩු කරලා දාලා රෙද්දකුත් පෙරවලා මං බත් එකක් බෙදාගෙන එන්න ගියා.. බත් චුට්ටක් වෙන්න බෙදාගෙන වතුර එකකුත් අරගෙන එද්දි අනේ මට පව් කියලා හිතුනා මී පැටියෙක් වගේ ගුලිවෙලා ඉන්නවා දැකලා.. නොකා ඉන්න බැරි නිසා එයාව ඇදෙන් හෙඩ්බෝඩ් එකට හේත්තු කරලා බත් කැව්වා.. ඒත් කටවල් දෙකක් කද්දිම කට තිත්ත නිසා එයා එපා කිව්වට මං බලෙන්ම තුන්වෙනි කටත් කවලා වතුර එක්ක පැනඩෝල් දෙකකුත් දුන්නා..

ආයෙම ඇඳෙන් ඇල කරලා ලගින් ඉදගෙන එයාගෙ ඔලුවට බේබි ක්ලෝන් ටිකක් දාලා අතගාන ගමන් මං කිව්වෙ එයාට සුදුරෝස මල කියලා.. සුදු බෝලේ ඇත්තටම සුදු රෝස මලක් තවමත් හරියට නොපිපුණු සුදු රෝස මලක්..

එයාට නින්ද ගිහින් පැයකට කිට්ටු වෙද්දි පොඩීවත් එක්කගෙන තිසුක අයියා ආවා.. මම හවසට එන්නම් කියලා පොඩීවත් එක්කගෙන ගෙදර ඇවිල්ලා ඇඟ හෝදගෙන විහස්නටත් කතා කරලා කාලා ගණන් ටිකක් හැදුවා.. වෙලාම බලද්දි හවස 5ටත් කිට්ටු වෙලා.. අම්මට පොඩී ආව ගමන් ඔක්කොම කනේ තිබ්බ නිසා මං එයාට ආයෙ නොකියා සුදු බෝලෙගෙ ගෙදර ආවා.. තිසුක අයියා සුප් එකක් හදනවා..

" ආදිත්‍ය මං රෑට කන්න හදනකම් මෙන්න මේක ගිහින් පොඩි එකාට දෙන්නකො.. "

" හරි අයියෙ උදව්වක් දෙන්න මං එන්නම්.. "

සුප් කප් එකත් අරගෙන කාමරේට එද්දි සුදුබෝලේ ඉන්නවා කකුල් දෙකත් වන වන මං එනවා දැකලද කොහෙද බෙඩ්ශීට් එකත් කර මුලටම ඇදගෙන ඇස් දෙක වහගත්තා..

" මං දන්නවා බොරුවට නිදාගෙන ඉන්නෙ කියලා.. ඒක නිසා නැගිටලා මේ සුප් එක බොන්න.. "

ඒත් මං කිව්ව එක නෙවෙයි මේකා කනකටවත් ගත්තෙ..

" එකම දේ දෙපාරක් කියන්න තියන්න එපා මිහිනු.. මුරණ්ඩු වෙයන් උබෙ අයියා එක්ක මාත් එක්ක ඒවා එපා.. "

" ම්හ්ක් මට බොන්න බෑ අනේ.. අහන්නකො කියන දේ.. "

" හරි මං අන්තිම පාරටත් අහන්නම් නැගිටලා මේක බොනවද නැත්නම් මං පොවන්නද.. "

" මමත් කියන්නෙ අන්තිම පාරට මට බොන්න බෑ අප්පිරියයි.. "

" හරි එහෙනම් එහෙමයි නෙ ඉදපන්.. "

තුන් පාරක්ම එයාගෙන් සුප් එක බොනවද ඇහුවත් එයාගෙ අන්තිම උත්තරෙත් බෑ කියන එක වෙද්දි මම ඉදගෙන හිටිය තැනෙන් නැගිටලා මිහිනුගෙ මූණට එබිලා එයාගෙ කට දෙපැත්තෙන් මිරිකලා අල්ලගෙන සුප් එකෙන් හැන්දක් අරගෙන කටට දැම්මා.. කෑ ගහන්නවත් බෑ කටත් මිරිකගෙන දැගලුවට වැඩකුත් නෑ මගෙ මුළු ඇගම එයාගෙ ඇග උඩ..

" දගලන්නැතුව හිටපන් මගෙ යකා අවුස්සගන්නෙ නැතුව.. "

" ම්ම්හ් ක්ක් කැහ් කැහ්.. "

" බීපන් දැන් තොට හොදින් කිව්වම දෙයක් කරන්න බැරිනම් මගෙ විදිහට හුරු වෙයන්.. "

කියන දෙයක් අහන්නෙම නැති මුරණ්ඩු කමට මටත් යකා නගින නිසා මුලු සුප් කප් එකම පොවලා එයාගෙ ඇග උඩින් බිමට බැහැලා මං  ඇහැකුත් ගහගෙන සුප් කප් එකත් අරගෙන එලියට ඇවිල්ලා තිසුක අයියට උදව් කරන්න ගියා..

මම ගෙදර යනවා කියන්න ආයෙම එයාගෙ කාමරේට යද්දි මේකා කන්නාඩිය ඉස්සරහට ගිහින් මූණ හරව හරව බලනවා.. මං පිටිපස්සෙන් ගිහින් ඇහුවෙ මොකෝ කට රිදෙනවද කියලා වෙද්දි එයාගෙ වචන හුඟක් සැර උනා..

" තමුසෙ, තමුසෙ නම් මහ සතෙක් ඕයි බූරුවා බොන්න... බෑ කියලා කියද්දි...හික්... තමුසෙට ඕන නෑනේ බලෙන්... ඉහික්.. පොවන්න යන්න රෙද්ද.. මගෙ කට රිදෙනවා මනුස්සයෝ.. ඕන්නෑනේ ඉහික්... එහෙම කරන්න.. "

කොහොම උනත් මං හිතුවෙ නෑ එච්චර දෙයක්.. මටත් තියෙන්නෙ හිතක් මුරණ්ඩු කම් කලාට මොකද මට ඕන උනේ එයාව ඉක්මනට සනිප කරගන්න නැත්නම් මං එච්චර අමානුශික වෙන්න තරම් සතෙක් නෙවෙයි.. ඒක කියන්න මට ඕන උනත් තවමත් අයිතියක් නැති තැන මං අසරණයි මගෙ මල..

" ච්..චූටි.. "

" මං.. එච්චර හිතුවේ නෑ සොරි මං යන්නම්.. පැනඩෝල් බීලා පරිස්සමෙන් ඉන්න ඉක්මනට හොද වෙන්න.. ආද.. නැහ් ඕන නෑ.. "

මට ඕන දෙයක් වෙද්දෙන් කියලා එයාට ඒක දැන්ම කියන්න ඕන උනත් මං පාලනය කරගත්තා.. මං තිසුක අයියටත් කියලා ගෙදර යද්දි පොඩී දිලුම් දෙන්නා මල්ලකුත් අතේ තියාගෙන මටත් කියලා එයාලගෙ ගෙදරට ගියා.. මම ගෙදර ගිහින් විහස්නයට උන දේ කියලා බැල්කනි එකට ගිහින් බිමින් ඉදගත්තා.. වෙලාව 7.30 ත් පහුවෙලා..

හඳත් ලස්සනට පායලා තියෙද්දි ඒ මූණමයි මට මතක් වෙන්නෙ.. උබ හරි ලස්සනයි මගෙ මල.. හඳකට සමාන කරන්න පුලුවන් උබ ඇත්තටම හඳක්.. මගෙ හිතෙ තියෙන දේ උබ දැනගත්ත දවසට මං දන්නෙ නෑ උබ මොනවගේ හැසිරෙයිද කියලා.. සමහරවිට උබ මටත් ආදරේ කරයි හැබැයි උබ මට ආදරේ කරොත් මං උබට දෙන්නෙ මගෙ මුලු හදවතම මිහිනු.. මොකද දැනටමත් උබ මගෙ හදවතම අයිති කරගෙන ඉවරයි.. සින්නක්කරවම මං මගෙ සුදු රෝස මලට එදාට මගෙ හදවතෙ අයිතිය පවරනවා..

දන්නෙම නැතුව රෑට කන වෙලාවත් ඇවිල්ලා ඒත් මට කන්න හිතක් නෑ ඇරත් මගෙ හිත හොදින් නෑ අද..  ඉතින් ඊයෙ වගේම මගෙන් එයාට මැසේජ් දෙකක් තිබ්බා එයා ඒක සීන් කරලා හැබැයි රිප්ලයි කලේ නෑ.. කමක් නෑ එයා දන්නෙ නෑනේ ඒ මම කියලා.. පහුවදා ස්කෝලෙ යන්න එලාම් එකත් තියලා මන් නිදාගන්න ඇඳට වැටුනා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

________________________________________________

Hello Lamai

ආවෝ ආවෝ මම ආවෝ.. පිලිගන්න ඒයිලා මාව.. ඔන්න ආදිත්‍ය අයියගෙ pov එකක් ඉල්ලුවනෙ ඒ මනුස්සයත් ඇවිල්ලා කතාකරා.. ආයෙ ඉතින් සුපුරුදු පරිදි එන්නෙ මිහිනු පුතා තමයි ඒ අතරමැදදි ඔයැයිලගෙ ආදි අයියත් එනවා..

දෙමියනෙ දෙමියනෙ මගෙ ස්ටබන් බෝයිෆ්‍රෙන්ඩ් කතාව ඒක 10K වෙලා ළමයිනේ.. ඔයාලට ස්තූති ගොඩාක්................... මං ආදරෙයි පැලෙන්න.. 🥺❤️

දේදුනු හාදු 2.06K

My private secretary 1K වෙලා 🥺❤️

ම්හ්ක් ස්ටබන් එකේ එපිසෝඩ් එක මේ සතියෙ දෙනෝ 😁😌

Good Night 💜️

Lvyyy❤️

DarkBunny ❤️✍️

Share This Chapter