Back
/ 50
Chapter 17

[පහළොස්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

Mihinu Pov:

පහුවදා උදේ නැගිටිද්දි දවල් වෙලා තිබුණා.. ඒ කියන්නෙ අයියා අද කැම්පස් ගිහින් නැද්ද දන්නෑ.. ටිකක් වෙලා එහෙමම ඇඳේ ඉදලා මම ෆෝන් එකේ ඩේටත් ඔන් කරලම නැගිට්ටා.. මූණ පොඩ්ඩක් හෝදගෙන කෙලින්ම ගියේ ඉස්සරහට උනත් ගෙදර දොරත් වහලා කවුරුත්ම හිටියෙ නෑ.. ඒ කියන්නෙ අයියා ගිහින්.. කුස්සිය පැත්තට යන්න හදද්දිම කාමරෙන් ඇහුනෙ මගෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙ.. ගිහින් ෆෝන් එක අරගෙන බලද්දි කෝල් එක අයියගෙන්..

" හෙලෝ අයියා ඔයා කැම්පස් ආවද.. "

" ඔව් බබා මම ආවා අද අසයිමන්ට් එක දෙන්න ඕනනෙ කම්ප්ලීට් කරපු.. ඔයා දැන්ද

නැගිට්ටේ.. "

" ආහ් හරි.. ඔව් අයියෙ දැන් විනාඩි පහක් වගේ.. "

" හරි මං කෑම හදලා තියෙන්නෙ හරිද.. ෆ්‍රිජ් එකේ ඇති දොඩම් වගේකුයි යෝගටුයි, දෙකම එලියෙන් තියලා කූල් ගියාට පස්සෙ කන්නෙ හරිද කූල් පිටින්නම් කන්න එපා බබා සෙම හදාගන්න.. "

" හරි හරි මං එහෙම කරන්නම්කො.. අයියා කාලද ආවේ.. "

" නෑ නෑ මම දැන් මේ කන ගමන් ඉන්නෙ.. එහෙනම් මං තියනවා හොදේ කෑම කාලා උනුවතුර බොන්න.. පරිස්සමෙන් ඉන්න කොහෙවත් යන්න එපා කවුරු ආවත් දොර එහෙම අරින්න යන්න එපා.. ශේනුගෙ අම්මා එයි දවල්ට.. "

" හරි හරි තාත්තෙ මං පරිස්සමෙන් ඉන්නම්.. අයියත් පරිස්සමෙන් ගෙදර එන්න.. මං තියනවා.. "

" හරි බුදුසරනයි.. "

කෝල් එක කට් කරලා ෆෝන් එකත් අරගෙනම මම කුස්සියට ගියෙ බත් ටිකක් කන්න.. සුදු බත් එකට පරිප්පු, මාළු මිරිසට හදලා කොළ මැල්ලුම් එක්ක පපඩම්.. දෙයියනේ දෙයියනේ මේවනෙ අනේ කෑම.. මං කන්න බැරි උනත් අමාරුවෙන් හරි කනවා කියලා හිතාගෙන බත් බෙදාගෙන සෝෆා එකෙන් වාඩි වෙලා ටීවි එක දාගෙන කන්න ගත්තා.. වැඩක් නෑ අනේ ටීවි එකේ සූටිං මාටිං බලලම මට දැන් අප්පිරියයි.. කරන්න දෙයක් නැති කමට ඒකත් බලන ගමන් බෙදාගත්තු බත් පිඟාන කාලා ඉවර කරලා අතත් හෝදගෙන ෆ්‍රිජ් එක ඇරලා දොඩම් බෑග් එක අරගෙන එලියෙන් තියලා මං කාමරේට ගිහින් මූණ හෝදගෙන ආවා..

හරි හරි ඉතින් කට හේදුවනෙ අනේ කන්න කලින්, අනික කන්න ඉස්සෙල්ලා මූණ හෝදන්න ඕන කියලා කව්ත කියන්නෙ පිස්සුනෙ.. කාලා හේදුවත් බඩට, හෝදලා කෑවත් බඩට.. කළු පාට කොට ශෝට් එකකට දුඹුරු පාට ටී ශර්ට් එකකුත් ඇඳගෙන කුස්සියට ගිහින් එලියෙන් තිබ්බ දොඩම් මල්ලෙන් දොඩම් ගෙඩියකුත් අරගෙන මං ආයෙම සෝෆා එකට ඇවිල්ලා ටීවී බැලුවා.. මේ ටීවි වලත් දැන් බලන්න මෙලෝත්තක් නෑ අප්පා සැක්..

චැනල් මාරු කර කර ටික වෙලාවක් ටීවි එකේ සිහියෙන් ඉද්දි දොරට තට්ටු කරන සද්දයක් ඇහුන නිසා මම දොර අරින්න කලින් ජනේලෙන් බලද්දි ඇවිල්ලා හිටියෙ නැන්දා නෙවෙයිනෙ.. ඒත් ඇවිල්ලා හිටියෙ එයා, ආදිත්‍ය අයියා.. ආයෙම දොරට ගහන සද්දෙත් එක්ක මං ගිහින් දොර ඇරියා.. එයාගෙ අතේ පිගානක් පත්තර පිටුවකින් වහලා තිබුනා..

" අයියෙ, එන්න ඇතුළට කෝ නැන්දා.. "

" මේක ඔයාට දෙන්න කිව්වා, අම්මා හවසට එයි.. "

" තෑන්ක් යූ.. අද ස්කෝලෙ ගියෙ නැද්ද ඔයා.. "

" නෑ.. කෑවද මිහිනු මොකද කලේ මෙච්චර වෙලා.. "

" ඔව් මං කෑවා.. ටීවි එක දිහා බලාගෙන හිටියා කම්මැලි කරන්න දෙයක් නෑනෙ ඉතින්.. "

" ම්ම් ඕකේ අම්මා හදපු ලැවරියා වගයක් ඇත්තෙ.. පස්සෙ කන්න.. "

" යෝහ්හ් මගෙ ආසම කෑමක්නේ.. ඉන්න මං ඔයාට තේ හදාගෙන එන්නම් සුදු අයියෙ.. "

" ම්ම්..මොකද්ද කිව්වෙ.. "

" ඇයි තේ හදාගෙන එන්නම් කියලා කිව්වෙ.. "

" න්..නෑ..ඊට පස්සෙ.. "

" සුදු අයියෙ.. "

" චූටි මං ගැන දැනෙන හැඟීමට නමක් දෙන්න හිමීට මට හදිස්සි නෑ වස්තුවේ.. මට පුලුවන් බලාගෙන ඉන්න.. ඒත් සුදු අයියෙ කියන ඒ නමට මං ආදරෙයි ඔයාට පුලුවන්ද මට දිගටම එහෙම කතා කරන්න ප්ලීස්.. "

" මං ඒ හැඟීමට, අපි දෙන්නගෙ බැඳීමට නමක් වගේම ඔයාගෙ තප්පර තුනේ ආදරේ ගැනත් ඉක්මනට හොයාගන්නවා.. ඔයා මගෙ සුදු අයියා විතරයි.. "

" මං බලන් ඉන්නවා චූටි.. "

" දැන්ම යන්නෙ නෑනේ ඉන්න මං තේ හදන් ඉක්මනට එන්නම්.. "

ආදි අයියව සාලේ තනිකරලා මම කුස්සියට ආවා.. ඇත්තටම එයාට පොරොන්දු උනා වගේ මට ඒ දේවල් වලට නමක් හොයාගන්න පුලුවන් වෙයිද.. මං දන්නවා මට තේරෙනවා.. නොතේරුනා වගේ ඉදියට මොකද මට හැමදේම තේරුනා.. ආදි අයියගෙ ඇස් මට එයාගෙ හිතේ තියෙන හැම දෙයක්ම අඩුවක් නැතුව කියද්දි මට ඒ හැම දෙයක්ම හොදට තේරුනා.. හැබැයි මට ඕන උනේ නෑ මගෙ හිතෙත් ඒ වගේ හැඟීමක් ඇති නොවෙනකම් ඒ හැඟීමට නමක් දෙන්න.. බොරු කියන්න ඕන නෑ එයාව දැක්ක මුල් දවසෙ මගෙ පපුව ගැහුනෙ මටවත් හිතාගන්න බැරි වේගෙකින් වෙද්දි එයාගෙ ඇස් මගෙ පස්සෙ හැම වෙලේම වැටුනා කියලත් මං දන්නවා.. සමාවෙන්න අයියෙ මට තව ටික කාලයක් දෙන්න මං දන්නවා මගෙ හිතේ ඔයා ගැන ලොකු ලෙන්ගතු කමක් තියෙනවා කියලා..

ගෑස් එකට ගහලා ලිප උඩින් කේතලේ තිබ්බ මම අනික් පැත්තට හැරිලා ඇලුමිනියම් කෝප්පෙ අරගෙන තේ කොළ හැඳි එකහමාරක් දැම්මා.. කේතලේ වතුර ටික උතුරද්දි මං ඒක අරගෙන තේ කොළ දාපු කෝප්පෙට දැම්මා.. ගෙදරට කවුරුහරි ආවහම තේ දෙන්න වෙන් කරලා තියෙන කෝප්පෙයි මගෙ හාවෙක් කැරට් අලයක් බදාගෙන ඉන්න පින්තූරෙ තියෙන කෝප්පෙයි හෝදලා අරගෙන විනාඩි දෙකක් විතර තේ කොළ ටික තැම්බෙන්න ඇරලා ගොට්ටෙන් කෝප්ප දෙකට තේ ටික පෙරලා ගානකට සීනි දාලා ඉගුරු කෑල්ලක් සුද්ද කරලා අරගෙන ඒක පෙති කපලා කෝප්ප දෙකටම දාලා ට්‍රේ එකෙන් තිබ්බා.. ෆ්‍රිජ් එකේ තිබ්බ බිස්කට් පැකට් එකත් කඩලා ට්‍රේ එකෙන් තියාගෙන මම ඉස්සරහට යද්දි ආදිත්‍ය අයියා කකුල් දෙකත් උඩට අරගෙන ෆිල්ම් එකක් බලනවා..

" අයියෙ මේ තේ බොන්න.. ඔයා කාලද ආවෙ.. "

" තෑන්ක් යූ.. කාලා ආවේ මිහිනු දවල්ට මං මෙහෙන් කන්නෙ හොදේ.. "

" හා හා හරි.. ඒත් ඇයි අද ස්කෝලෙ ගියෙ නැත්තෙ.. "

" මං ආසාවෙන් ස්කෝලෙ යන හේතුව ගෙදරනෙ ඒකයි.. ඔයාට දැන් කොහොමද චූටි අහන්නත් අමතක උනා.. "

" දැන් ප්‍රශ්නයක් නෑ අයියෙ හෙට ස්කෝලෙ යන්න පුලුවන්.. "

" ම්ම්.. "

එයා ස්කෝලෙට ආසාවෙන් යන හේතුව අද ගෙදරලු ඒ කියන්නෙ ඒ මමද.. ම්හ්ක් මේ මිනිහා නම් මොකෙද්ද මන්දා අනේ.. ඊටත් හපන් දෙයක් කිව්වම ම්ම් ම්ම් ගාන එක හරිම වේසයි අනේ.. එයාට ඕන එකක් බලාගෙන තේ එක බොන්න ඇරලා මමත් මගෙ පාඩුවෙ තේ එක බිව්වා.. රසයි කියලවත් කියාවිද ඉතින් හුහ්.. නැන්දා එනවා කිව්වට මොකද එයත් තාම නෑ දැන් දවල් 1ටත් ලගයිනෙ..

ආදිත්‍ය අයියා මෙලෝ වැඩකට නැති දෙරණ ටීවි එකේ යන ෆිල්ම් එකක් දිහා බලාගෙන තේ කෝප්පෙ අඩිය විතරක් ඉතුරු කරලා තිබ්බා.. මම එයාගෙයි මගෙයි කෝප්ප දෙක අරගෙන සෝෆා එකෙන් නැගිටලා කුස්සියට යන්න හදද්දිම ආයෙම පාරක් බෙල් එක වැදුනා.. මගෙ මූණට ඉබේම හිනාවක් ආවේ ඒ අනිවාර්යයෙන්ම නැන්දා කියන්න මම දන්න නිසා.. කෝප්ප දෙක ආයෙම ස්ටූල් එක උඩින් තියලා මම ගිහින් දොර ඇරියා.. මං කිව්වනෙ ඒ ඇවිල්ලා හිටියෙ නැන්දා වෙද්දි එයා ගේ ඇතුළට එන ගමන්ම මාව තුරුල් කරගත්තා..

" අනේ අප්පේ බෝලෙ වගේ ඉදිය කොල්ලා ඇදිලා ගිහිල්ලද මන්දා දවස් දෙකට.. මොකද මැණිකේ උනේ එකපාරටම.. "

" හි හී අනේ මන්දා.. සමහරවිට එදා වැස්සෙ තෙමුණ නිසා වෙන්න ඇති නැන්දේ.. "

" දැන් කොහොමද පුතේ උණ නෑනේද.. "

" නෑ නැන්දේ මං හොදින් ඉන්නවා.. එන්නකො ඇවිල්ලා ඉදගන්න.. "

" යමු යමු.. "

නැන්දා මාවත් එක්කගෙනම සාලෙට එද්දි දැක්කෙ දැහැනට සම වැදිලා වගේ ටීවි එක බලන එයාගෙ ලොකු පුතණ්ඩියව වෙද්දි නැන්දා එයාගෙ කටට ඇගිල්ල තියලා මටත් සද්ද කරන්න එපා කියන ගමන් සෝෆා එක ලගට ගිහින් ආදිත්‍ය අයියට පිටුපාලා පිටිපස්සෙන් හිටගත්තා.. ඊටපස්සෙ නැන්දා මගෙ දිහා බලලා ඇස් වලින් ඉස්සරහට එන්න කිව්වම මම ඉස්සරහට ගියා.. නැන්දා ටිකක් හයියෙන් උගුර පෑදුවත් ආදිත්‍ය අයියා නෙවෙයි ඇස් අහකට ගත්තෙ ටීවි එකෙන්..

" මිහිනු ඔයාගෙ උගුර රිදෙනවද.. බෙහෙත් ගන්න යමුද.. "

" උගුර රිදෙනවද.. ඈ බොල මීහරකො මං තමුන්ව එව්වෙ කකුල් උඩතියන් ටීවි එක ගිලින්ඩද.. "

පිටිපස්සෙන් ඉදන් හිටගෙන හිටිය නැන්දා උගුර පෑදුවහම ඒකට මහම මහා ගොන් ප්‍රශ්නයක් ඇහුව ආදිත්‍ය අයියා ඊළග පාර නැන්දගෙන් ඔලුව මැදටම පොල් සයිස් ටොක්කක් කෑවා වෙද්දි මං හිනාව කාගෙන හිටියා..

" අම්..මා..අම්මා..ක්ක්..කොයි වෙලේද ආවේ.. "

" අම්මා ම්මා නෙවෙයි අම්මා තමයි.. දැන් විනාඩි දහයකට කිට්ටු වෙන්න එනවා ගෙදරට ආවේ කව්ද කියලවත් මේ හරකට සිහියක් පතක් නෑ.. මරු එකාට පොඩි එකාව බලාගෙන ඉන්න කියලා එව්වෙ මම එනකම්.. "

" ආහ් හරි හරි ඉතින් කෑ ගහන්න ඕනෙ නෑනේ අනේ පොඩ්ඩක් ඉතින් දන්නෙ නැද්ද.. "

" උබ ඕකම බලාගෙන ඉදපන් එන්න සුදු මැණික යන්න නැන්දා ඔයාටම රස බත් එකක් හදාගෙන ආවා.. "

" යකෝ ඒක බලාපල්ලකො තමන්ගෙ පුතා මී හරකා, මේ ලගදි ආව ඇටයා සුදු මැණිකත් වෙලා.. "

" උබව හදාගත්තට වඩා හොදයි මේ ලමයව හදාගත්තනම්.. ගෙදර හිටියට මට කියපන් උබ පොතක් අතින් ඇල්ලුවද.. උදේම නැගිට්ටා දත කට මැදගෙන තේ බිව්වා උඩට ගිහින් දොරවහගත්තා මම ඇවිල්ලා බලද්දි සිහියක් නෑ අර ගඩොලට කොට කොට ඉන්නවා.. "

" අයියෝ අම්මා නිදහසේ ගෙදර ඉන්නෙ අද විතරයිනෙ අනේ.. අම්මලා පුතාලා ඕන එකක් කරගන්නකො එහෙනම් මං යනවා.. "

" කොහෙද යන්නෙ මෙහෙට වෙලා ඉදපන් මේ පොඩි එකා එක්ක කතා කර කර මං එන්නම් බත් බෙදාගෙන.. "

ගස්සලා පද්දලා ගෙදර යන්න ගියපු ආදි අයියගෙ ටීශර්ට් එකෙන් ඇදලා ගත්තු නැන්දා ගෙදර නොයා මා එක්ක කතා කර කර ඉන්න බත් බෙදාගෙන එන්නම් කියලා අපි දෙන්නව ඉස්සරහා තනි කරලා කුස්සියට යන්න යද්දි මගෙ දිහා ඇස් හීනි කරගෙන බලන් හිටිය ආදිත්‍ය අයියා මාවත් ඇදගෙන කෙලින්ම ආවේ මගෙ කාමරේට වෙද්දි ඒ සැනින්ම දොරත් වහලා දැම්මා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________________

Hello Lamai

සමාවෙන්න අප්ඩේට් පරක්කු එකට සහ පොඩි කොටසක් අද තියෙන්නෙ.. මගෙ හිතට හරි නෑ අනේ ඒක නිසා මට මේ කොටස හොදට ලියාගන්න බැරි උනා..

ඉරිදා වෙන්න කලින් තව අප්ඩේට් එකක් දෙන්නම්.. ඊයේ රෑම දෙන්න හිටියෙ ඒත් මගෙ ඩේටා ඉවර උනානේ..

Lvyyy❤️

Share This Chapter