Back
/ 50
Chapter 18

[දාසය වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

කාමරේ ඇතුළට ඇවිල්ලා දොරත් වහපු ආදිත්‍ය අයියා මගෙ පැත්තට හැරිලා ටික ටික ඉස්සරහට එන්න ගත්තා.. මේ මොකද්ද මේ වෙන්න යන්නෙ දෙයියනේ දෙයියනේ කුළුදුල් හාදුවවත් මේකා මගෙන් හොරකම් කරන්නත හදන්නෙ.. එයා ඉස්සරහට එද්දි මම පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් අන්තිමට මගෙ ඇඳෙන්ම මාව ඉන්ද උනා.. මගෙ දෙපැත්තෙන් අත් දෙක තියලා මගෙ මූණ දිහාට බර උන ආදි අයියා එයාගෙ ඇස් දෙකෙන් මාව කන ගමන් උන්නා..

" ආයෙම ක්‍රිකට් ගහන්න ආසයිද.. "

" ආ..හ්හ්..ම්..ක්ක්..මොකද්ද.. "

" මං ඇහුවෙ ආයෙත් ක්‍රිකට් පටන් ගන්න කැමතිද කියලා.. "

නෙද්දකින් නේද ඒයිලා නෙද්දකින් නෙදමකින්.. සැක් යකෝ මොකද්ද ඒ අහපු එලොවටත් නැති මෙලොවටත් නැති පස්නෙ.. මූට නම් ලාදුරුද කොහෙද ගොං මිනිහා.. බැරි වෙලා හරි මං මූට ආදරෙයි කියලා අපි කසාද බැඳලා හනිමූන් යන දවසකත් මේකා අහයිද දන්නෑ ක්‍රිකට් ප්‍රැක්ටිස් නේද හෙට කියලා.. වට් ද පක් අනේ මොනාද මං මේ හිතන විලි සංගයක් නැති දේවල්.. යසෛ යසෛ අම්මගෙ සුදු පුතා හිතන දේවල්..

" මිහිනු තමුසෙ මොන ලෝකෙද ඉන්නෙ ආ.. ඉක්මනට කියනවා ඔව්ද නැද්ද.. "

" ආහ්..හ්හ්..සොරි සොරි.. ක්‍රිකට් ගහන්න මම කැමති අයියෙ ඒත් අප්පච්චි.. "

" ම්ම් එච්චරයි.. හෙට ඉදන් ප්‍රැක්ටිස් ඉන්න බොටම් එකයි ටී ශර්ට් එකකුයි අරගෙන එන්න.. දවල් 2 ඉදන් හවස 5 වෙනකම්.. මම අයියට කියන්නම්.. "

" ආහ්..එත..කොට..අප්පච්.. "

" අප්පච්චි ගැනත් මම බලාගන්නම්.. එයාට දැනගන්න විදිහක් කොහෙත්ම නෑ දැනගත්ත දවසට මං ඒකට මොකද්ද කරන්නෙ කියලත් දන්නවා.. හෙට එන්න.. මං යනවා.. පරිස්සමෙන්.. "

" තෑන්ක් යූ.. කාලා යන්නෙ නැද්ද.. "

" බඩගිනි නෑ චූටි මං යනවා.. "

" ම්ම්.. "

අනේ මන්දා මට එයා කොච්චර කිව්වත් හැමදේම බලාගන්නම් කියලා බයයි.. අප්පච්චිට කොහෙන්ම හරි ආරංචි උනොත් දෙයියනේ මාව මෙහෙන් අයින් කරගෙන ආයෙම නුවර එක්කගෙන ගිහින් එහෙ ස්කෝලෙට දායි.. එහෙම වෙන්න දෙන්න බෑ මට තවමත් ඇවිල්ලා සතියකට කිට්ටු වෙන්න ආවට මොකද දැන් මට මෙහෙ දාලා යන්න ලෝභයි.. ඒකට හේතුවත් ඉතින් ඔය දැන් ගියපු නහරකාරයම තමයි..

බර හුස්මක් පිට කරලා මම කාමරෙන් එළියට යන්න හදද්දිම ඇතුළට ආවේ නැන්දා වෙද්දි එයාගෙ අතේ බත් පිගානකුත් තිබ්බා.. ඒකේ තිබුණ ඔක්කොම ව්‍යංජන පසෙකලා මගෙ නෙත මුලින්ම ගැටුනේ කට කෙල උනන පොළොස් මාළුව දැක්කම ම්හ්ක් ආදිගෙ චූචී ආසම පොළොස් වලටනෙ..

" කෝ පුතෙ අර මී හරකා.. "

" එයාට මොකද්දෝ වැඩක් තියෙනවයි කියලා ආයෙම හවසට එන්නම් කියලා ඔන්න ගියා නැන්දේ.. "

" මේකා නම් එන පොට හොද නෑ.. මං බලාගෙන දැන් දවස් තුන හතරක ඉදන් ඇඹලයා වගේ හිනා වෙවී ඉන්නවා.. "

" ඒක තමයි නැන්දේ හොයලා බැලුවනම් නරකද.. මේ විභාගෙ ලග තියන් කොහෙවත් යන තේ උඩිච්චියකට කර ගැහුවොත්.. "

" මං ඕකගෙ කකුල් කඩනවා බෝංචි කඩනවා වගේ.. එක එක උඩැක්කි නෙවෙයි දැනටමත් මගෙ හිතේ ඉන්න කෙනා තමයි එයා බඳින්න ඕන කවදහරි.. හොයාගන්නම්කො මම.. "

" ම්ම්..මොක්..කද්ද..නැන්දේ.. නැන්දා දැනටමත් අයියට කෙනෙක්ව හොයලද තියෙන්නෙ.. "

මගෙ ඇස්වලට කදුළු පිරුණා.. මං ඒම දෙයක් බලාපොරොත්තු උනේ නෑනේ.. අනේ අම්මි..

" ඔව් පුතේ මං දන්නවා ඒ ළමයා තමයි අපෙ පුතාට හොදටම ගැලපෙන්නෙ කියලා.. පුතා දන්නෙ නෑනේ ඒ ළමයා හරිම ලස්සනයි හුරතල් බෝලයක්.. අලුත ඉපදුන පුංචි එකෙක් වගේ.. බෝල ඇස් තියෙන්නෙ.. මං හරි ආදරෙයි ඒ ළමයට.. "

" ආහ්.. එහ්..හෙමද.. හොදයිනෙ, එයාගෙ ස්කෝලෙ මොකද්ද නැන්දෙ.. "

" ආහ් මොකද්ද මේහ් මට හරියට මතක නෑ පුතේ නමක් කිව්වා.. පුතාලගෙ වයසෙ ඒ ළමයා.. ආට්ස් කිව්වා කරන්නේ.. "

" එහෙමද ම්ම් හොදයි.. "

" ආ ගන්න පුතේ හොදට කාලා සනීප වෙන්න ඉක්මනට.. "

" තෑන්ක් යූ නැන්දේ මාව බලන්න ආවට.. "

" අනේ ඕක මොකද්ද ළමයෝ මං ඉතින් මගෙ පුතාලා දෙන්නටම වගේ ඔයාටත් ආදරෙයිනෙ මැණික.. "

හ්ම්ම් එයා මගෙ වයසෙලු, ආට්ස්ලු කරන්නෙ එතකොට මං පරක්කු වැඩීද අයියෙ.. මං මොකද්ද කරන්නෝනේ.. නැන්දා බෙදාගෙන ආව බත් එකෙන් කටවල් හතරක් පහක් කද්දිම මට ඇති උනා.. වෙන මොකක් නිසාවත් නෙවෙයි අයියට නැන්දා දැනටමත් කෙනෙක්ව හොයලා නිසා.. පැන්ඩෝල් දෙකකුත් අතට දීලා මට ඒක බොන්න කියලා අත හෝදගෙන නැන්දා ආයෙම කාමරේට ඇවිල්ලා මට යනවා කියලා පරිස්සමෙන් ඉන්නයි කියලා එයා ගෙදර ගියා.. තව ටිකකින් අයියලා ඒවි..

හරියටම 3.00 වෙද්දි අයියා ගෙදර ආවේ ශේනු වගේම දිලුම්,ත් එක්කමයි.. උන් දෙන්නා ආව ගමන් පැන්නෙ මගෙ ඇගට.. යසෛ ලෙඩෙක්ට මුං සලකන අපූරුව..

" කිරියො කොහොමද දැන් සැපදුක් එහෙම.. "

" දැන් හොදයි හෙට එනවා මං ස්කෝලෙ.. මට බෑ අනේ ගෙදරට වෙලා ඉන්න.. අද මොනාද ඉගැන්නුවෙ.. "

" ආ ආ හොද උනාට කමක් නෑ අඩියක් තියන්නෙ නෑ ගෙදරින් එලියට ලබන සදුදම වරෙන් ස්කෝලෙ මං අයියට කියන්නම්.. අද ඔක්කොම ඉගැන්නුවා බං.. "

" අනේ බං හෙට එන්නම් මම දැන් අව්ලක් නෑනෙ.. මට පොත් ටික දීලා යනවද හෝම්වර්ක් දුන්නද.. "

" නෑ නෑ ගෙදර ඉන්නවා උබ එච්චරයි.. අර අපෙ පන්තියෙ උන් හැදුව ගෲප් එකට නෝට් එක දායි ඒකෙන් ගනින්.. "

" හා හා එහෙනම් මං ඒකනේ ගන්නම්.. "

" එහෙනම් අපි දෙන්නා යන්නම් උබ දෙයියනේ කියලා හොදටම හොද වෙනකම් ඇදට වෙලා හිටපන් නැත්නම් මෙතන ශේනුට තමයි ඉන්න වෙන්නෙ නැත්තෙ. "

" ම්හ්ක් ශේනු මොකක් කරන්නද මං අසනීප උන එකට.. "

" හා හා බොට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනෙ.. අපි දෙන්නා යනවා පරිස්සමෙන් හිටපන්.. "

" ම්හ්ක්.. හා ඔය දෙන්නත් පරිස්සමෙන් යන්න.. ශේනු නැන්දට කියන්න ලැවරියා රහයි කියලා.. අර මී හරකට කියන්න හෙට ස්කෝලෙ යන්නයි කියලා.. "

" ආහ් නැන්දටත් කියන්නම්.. මී හරකා අලුත් මිනිස් හරකෙක් වෙන්න ඇති නේ බං හා හා අපි ගියා.. "

" පලයන්කො යන්න.. "

උන් දෙන්නා මට කන්න ගෙනාව ඇපල් වගේකුත් කපාගෙන කාලා තේත් බීලා තියෙන ඕපදූප ටිකත් මගෙ කනේ තියලා හවස් වෙලා නිසා ගෙවල් වලට යන්න පිටත් උනා.. ඒත් මට හෙටත් ස්කෝලෙ එන්න තහනම් කරානෙ අධමයො දෙන්නා.. සැක් අනේ මගුල මොන එකෙකට උනක් ගත්තද මන්දා දැන් ඉතින් ඉදපන්කො දවස් තුනක් ගෙදර.. මං මූණ හෝදගෙන සාලෙට යද්දි අයියා එයාගෙ කාමරේට ගිහින් වොශ් දානවද කොහෙද.. මං වතුර ලිපේ තියලා තේ හැදුවා.. අයියත් ආවහම තේ බීලා එයා උයනකම් ටීවි බලලා ටිකකින් ගෲප් එකට දාලා තිබ්බ නෝට්ස් ටික ලියන්න ගත්තා.. මම සබ්ජෙක්ට් ටික මාරු කලා අනේ.. දැන් කරන්නෙ මීඩියා, දේශපාලන විද්‍යාව, මියුසික් ලොජික් කරන්න බෑ මට සෙට් උන්නෑ ඉතින්.. දේශපාලන විද්‍යාව අමාරු නෑ 9/10/11 ඉතිහාසය ටිකයි 10/11 පුරවැසි ටිකයි තමයි තියන්නෙ.. 10/11 පුරවැසි කරපු අයනම් දන්නවා.. මට නම් ඉතින් පුරවැසි තමයි හොදටම පුලුවන් ඒක නිසා දේශපාලන විද්‍යාවත් ශේප් එකේ කරගෙන යන්න පුලුවන්..

12 වසර පටන් ගත්ත අලුත නිසා මුල් දවස් දෙක ඉගැන්නුවෙ නෑ.. බදාදා ඉදන් නෝට්ස් දෙන්න පටන් ගත්තා.. මීඩියා තමයි වැඩිපුරම ලිව්වෙ.. පොලිටිකල් වලනම් විශය ක්ශේත්‍රය විතරයි ලිව්වෙ.. අපෙ පන්තිභාර ටීච තමයි පොලිටිකල් කරන්නෙ.. වැඩිය ලමයිනුත් නැති නිසා හොදයි.. මං සබ්ජෙක්ට් මාරු කරපු නිසා අර මෝඩ ශේනුවත් සබ්ජෙක්ට් මාරු කලා.. ඒකත් කරන්නෙ ඒ ටිකම තමයි.. ජැපනීස් කරන්නෙ නැති නිසා අපි වෙනම ජැපනීස් ක්ලාස් එකකට යනවා.. අද දුන්න මීඩියා නෝට් එක ලිය ලිය ඉද්දි අයියා ඇවිල්ලා කන්න කතා කරපු නිසා මං ගිහින් අයියත් එක්කම කෑවා..

කාලා ඉස්සරහට වෙලා ඉදගෙන අයියත් එක්ක ටීවි එකත් පොඩ්ඩක් බලලා මං කාමරේට ආවා.. නවත්තපු තැන ඉදන් ඉතුරු ටිකත් ලියලා මං ලයිට් එහෙම ඕෆ් කරලා නිදාගන්න ඇදට ආවා.. අර නන්නාදුනන මනුස්සයගෙන් අදත් ඉතින් මැසේජ් දෙකක් තිබ්බා..

Unknown Number

" මුරණ්ඩු නොවී හෙටත් ගෙදර ඉදලා සදුදම ස්කෝලෙ යන්න සුදු මැණික.. "

" ඉක්මනට සනීප වෙන්න ඔහොම ඉන්නකොට මගෙ හිත රිදෙනවා.. පරිස්සමෙන්.. බුදුසරනයි.."

අනේ මන්දා ඉතින් මොනා කියන්නද කියලා මටත් හිතාගන්න බැරි නිසා හ්ම්ම් කියලා මැසේජ් එකක් දාලා මම වට්පෑඩ් එකට ලොග් උනා.. ශේනුවයි දිලුමයි දෙන්නම ඒකෙන් මට ඉන්බොක්ස් මැසේජ් දාලා මුං දෙන්නට නම් පිස්සු.. මේ දවස්වල මං ආසම එකක් තියෙනවා " අවාරෙක මෙහි ඇවිත් " කියලා ඒකේ හේශ්, නෙතූ අනේ මන්දා මං ඒ චරිත දෙකෙන් හේශ් කියන චරිතෙට හුගක් ආදරෙයි.. ගොඩගැහිලා තිබ්බ නිසා ඒකේ අලුත් කොටස් දෙකක්ම දාලා තිබ්බා ඒ දෙකත් කියවලා අනික් ඇවිල්ලා තිබ්බ කතාවල අප්ඩේට් බලලා කියවලා කොහොමහරි මගෙ ඇහැ පියවෙද්දි වෙලාව පාන්දර 4 පහුවෙලා තිබුණා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________________

Hello Lamai

දැන් ඉතින් පරක්කු වෙනවා තමයි..😪 ස්කෝලෙ පටන් ගත්තනෙ මේ දැරිවිටත්.. ඔය අද චැප්ටර් එකේ තියෙන ඔක්කොම ඇත්ත හරිද..😅 මම සබ්ජෙක්ට් මාරු කලා මීඩියා, පොලිටිකල්, ඩ්‍රාමා වලට එතකොට අපෙ පන්තිභාර මිස් කෙනෙක් එයා තමයි පොලිටිකල් කරන්නෙ.. තව පොලිටිකල් ගැන කියලා තියෙන ඒවත් ඇත්ත.. 😂

Lvyyy❤

Share This Chapter