Back
/ 50
Chapter 19

[දාහත් වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

අදත් ගෙදර ඉන්න කියලා මරණ තර්ජණ ආව නිසාම අදත් මම ගෙදර හිටියා.. ඒක නිසා ඉතින් උදෙන්ම ඇහැරුනෙ නෑ ටිකක් දවල් වෙන්න තමයි මං නැගිට්ටෙ.. සුපුරුදු පරිදි ඇදෙන් බහින්නත් කලින් අතට අරගෙන මුලින්ම ගියෙ වට්සැප් එකට ඒකේ තියෙන මැසේජ් දෙකතුන බලලා වට්පෑඩ් එකට ගිහින් අප්ඩේට් දාලා තියෙන්නෙ මොනාද කියලා බලලා ඒ ටිකත් ඔක්කොම කියවලා ඇඳෙන් බහිද්දි 11.30යි.. ඇඳ හදලා කාමරෙත් අතුගාලා දාලා මං නාගත්තා..

නාගෙන කුස්සියට ගිහින් කන්න මොනාද හදලා තියෙන්නෙ බලලා කෑම එකකුත් බෙදාගෙන ටීවි එක බල බල බත් එක කෑවා.. කාලා ඉවර වෙලා ඊයේ ගෲප් එකට දාලා තිබ්බ නෝට්ස් ටික ලියන්න කියලා හිතාගෙන පොත් ටිකයි, පර්ස් එකයි, ෆෝන් එකයි අරගෙන මම මිදුලෙ තියෙන සුදු අරලියා ගහ යටට වෙන්න හදලා තියෙන බංකුව ලගට ගියා.. අද ලොකූවට අව්වක් පායලා නැති සනීප හිතෙන දවසක්.. ලාවට වැහි අදුරකුත් තියෙනවා.. මං මුලින්ම ගත්තෙ මීඩියා නෝට් එක ලියන්න.. මොන පොත නැතත් මීඩියා පොත කම්ප්ලීට් එකේ තියාගන්න ඕනේ.. මීඩියා තමයි වැඩිපුරම ලිව්වෙ අපි.. ස්කෝලේ පටන් ගත්ත ගමන් වගේ 13 අයට විභාගෙ තිබ්බ නිසා අපිට ඉගැන්නුවෙ ඉතින් පොත පුරවන්න දුන්නා අපිට..

ඔය අතරෙ තමයි උදේ රැස්වීමක් අරගෙන අපිට වාර්ශික සැලසුම් ගැන මැඩම් දේසනාවක් තිබ්බෙ.. ඒකේ උඩින්ම තියෙන්නේ ස්පෝට්මීට් එක.. එන සතියෙ ඉදන් ඒවගෙ වැඩ පටන් ගන්නවා.. මීඩියා නෝට් එක ලියලා ඉවර වෙලා ස්කෝලෙ සෞඛ්‍ය මිස් දුන්න පේපර් වගයක් තිබ්බා පොඩි උන්ගෙ ඒ ටික බලන්න ගත්තා.. මුං ලියලා තියෙන්නෙ අමු කුනුහරුප.. සාමාන්‍ය දැනීම ප්‍රශ්න මෙව්වා එහෙව් එකකටවත් උත්තර ලියාගන්න මේ යක්කුන්ට බෑ.. ඒ ටිකත් ඉක්මනට ඉක්මනට බලලා ඉවර වෙලා ෆෝන් එක අරගෙන වෙලාව බලද්දි දවල් 2ටත් ලං වෙලා තිබ්බා.. තව ටිකකින් අයියලා ගෙදර ඒවි..

මේ දවස් වල උහුලන්න බැරි තරම් රස්නයක් තියෙන්නෙ.. ඒක නිසා මම ගෙට ගිහින් නාගන්න ගියා.. නෑවත් වැඩක් නෑ වතුර පවා රස්නෙයි.. ඉක්මනට නාලා ඇදුමක් දාගෙන ඉස්සරහට යද්දි අයියා ඇවිල්ලා හිටියා..

" කොහෙද ළමයෝ හිටියෙ මේ දොරවලුත් ඇරලා දාලා.. "

" මං මෙච්චර වෙලාම එලියෙ ඉදන් පාඩම් වැඩ කර කර ඉදියෙ ඊටපස්සෙ නාගන්න ආවා.. "

" ආහ් හරි හරි.. මාත් නාගෙන එන්නම් දෙන්නම එකට කමු.. හවසට ශේනු එනවයි කිව්වා.. "

" හරි අයියෙ ගිහින් එන්න.. ආහ් හා.. "

අයියා ගියාට පස්සෙ මම කුස්සියට ගිහින් කෑම ටික රත් කරලා අයියටයි මටයි බත් බෙදාගත්තා.. දෙන්නත් එක්කම කාලා ඉවර වෙලා අයියා නිදාගන්න යනවා කියලා එයාගෙ කාමරේට ගියපු නිසා මමත් ඉතුරු වැඩ ටික ඉවරයක් කරගන්න කියලා හිතාගෙන අරලියා ගහ යටට ගියා.. උදේ තිබ්බ වැහි අඳුර කොහෙ ගිහින්ද දන්නෑ.. අරලිය ගහට පිං සිද්ද වෙන්න ලොකු රස්නයක් දැනෙන්නෙත් නෑ..

.

.

.

.

.

.

.

.

.

වෙලාව යනවා දැනුනෙවත් නෑ.. මෙච්චර වෙලාම පොතට මූණ ඔබාගෙන හිටිය මම පියවි සිහියට ආවේ මගෙ උරහිසට වැදුණ පාරක් එක්ක වෙද්දි පොතෙන් ඔලුව අරගෙන බලද්දි ඇවිල්ලා හිටියෙ ශේනුයි ආදිත්‍ය අයියයි..

" ඈ බොල මීමෝ උබ කීයෙ ඉදන්ම මෙතන් ඉන්නෙ.. යකෝ මේ බලහන් තෝව ආක්‍රමණය කරලා පගෝ මදුරුවෝ.. "

" මතකත් නෑ ශේනු.. මට ගානක් උනේ නෑ එච්චර.. "

ඇත්තටම මදුරුවෙක් විදිනවවත් මට ගානක් උනේ නෑ.. අපි දිහා බලාගෙන ඉදිය ආදි අයියා මුකුත්ම නොකියා ගෙට ගියා..

" උබට මෙලෝ සිහියක් නෑ පොතක් පතක් හම්බුනහම.. "

අවසානෙට ඌම කියවලා කියවලා කොන්ක්‍රීට් මේසේ උඩ තිබුන මගෙ පොත් ටිකක් අතට ගනිද්දි ඉතුරු පොත් ටිකයි ෆෝන් එකයි අරගෙන අපි දෙන්නම ගෙට ආවා.. මගෙ කකුල් දෙකත් දැන් තමයි දැවිල්ල ගන්නෙ මදුරුවො විදලා.. ගේ ඇතුළට යද්දි අපෙ අයියා අවදිවෙලා.. සමහරවිට ගේට්ටුව අරින සද්දෙට ඇහැරෙන්න ඇති..

" බබා කොයි වෙලාවෙ ඉදන්ද ඔය එලියට වෙලා ඉන්නෙ.. "

" මං දන්නෑ අයියෙ අපි දෙන්නා එනකොටත් මේකා සිහියක් පතක් නැතුව පොත්වල වැඩ.. "

" දෙයියනේ මොකෙක් හරි ඇවිල්ලා උස්සගෙන ගියානම් ඈ යකෝ.. "

" හරි හරි අප්පා ඉතින් මට එච්චර ගානක් උනේ නෑ.. "

" ඔය කකුල් දෙකේ ක්‍රීම් ටිකක් ගාගන්නවා ලමයො ගිහින් බලනවා මදුරුවො විදලා රතු වෙලා.. ආදිත්‍ය පොඩ්ඩක් වරෙන්කො.. "

අපෙ අයියා ආදිත්‍ය අයියවත් කුදලගෙන කුස්සියට යද්දි මං ශේනුවත් එක්කගෙන මගෙ කාමරේට ආවා..

" අද ආදිත්‍ය අයියා ස්කෝලෙ ගියාද ශේනු.. මොකද උනේ ස්කෝලෙ.. "

" ඔව් ඒකා ආවේ ඔය ඇවිල්ලා නිකම් දාහට අරන් සීයට දීලා වගේ හිටියා.. අහපන්කො මං මේ ආවේ ලොකූ දෙයක් කියන්න.. "

" ඒ මොකද්ද හලෝ ඒ.. "

" ස්පෝට්මීට් මීට් එකේ වොලිබෝල්, ක්‍රිකට්/එල්ලෙ, නෙට්බෝල්, බාස්කට්බෝල්, චෙස්, කැරම් මැචස් පටන් ගන්නවා සදුදා ඉදන්.. හොද වෙලේට උබව වැටුනෙත් අපෙ හවුස් එකටමනෙ.. අද හවුස් කැප්ටන්ලා තේරුවා.. අපෙ හවුස් එකේ හවුස් කැප්ටන් දිලුම්, වයිස් කැප්ටන් මම උබ භාණ්ඩාගාරික, ගේම්ස් කැප්ටන් ට ඉන්නෙ ඉඳුවර අයියා, ගේම්ස් වයිස්ට ඉන්නෙ ශානක්‍ය අයියා.. "

" මොකක් අනේ හලෝ මට බෑ යකෝ භාණ්ඩාගාරික වෙන්න.. මගෙන් අහන්න තිබුණනෙ.. "

" දැන් ඒවා වැඩක් නෑ කොල්ලො.. ආ උබවයි මාවයි ක්‍රිකට්/එල්ලෙ ක්‍රීඩා රාජකාරි දාලා.. ඒවගෙ මැචස් තියෙන්නෙ මාර්තු 2.. සඳුදා ගිහින් ඒජ් ගෲප් වලට ලමයි ගන්න ඕන.. "

" හනේ යකෝ එච්චර දේවල් උනාද බං.. දැන් පලයන්කො ඉතින් සල්ලි එක්කහු කරන්න.. මොනාද ඉගැන්නුවෙ ඒයි.. "

" මමත් ඉන්නවනෙ හලෝ.. ඉගැන්නුවෙ නෑ බං දවසම පහළ හිටියෙ.. "

" ආඅහ්.. "

මං ආසම නැති වැඩේ අප්පා ඔය සල්ලි එක්තු කරන වැඩ.. ඒත් දැන් මොකක් කරන්නද හුම්.. ආදි අයියගෙ හවුස් එක මොකද්ද දන්නෙ නෑ.. අපෙ හවුස් එකේ නෙවෙයිනෙ එහෙනම් එයාට තමයි ගේම්ස් කැප්ටන් එන්නෙ..

" ආදි අයියගෙ හවුස් එක මොකද්ද ශේනු.."

" එයා උපේක්ෂා එකේ බං ගේම්ස් කැප්ටන්, විහස්න අයියා ගේම්ස් වයිස්, හවුස් කැප්ටන් 12 බයෝ එකේ තේනුවර, හවුස් වයිස් විදේශ්.. අපිට මෙදාපාර ලේසි වෙන එකක් නෑ හරිද අපෙ එක තමයි හැම අවුරුද්දෙම ෆස්ට්.. ඒ උනාට මෙදාපාර උපේක්ෂා එකේ අපෙ අයියා ඇතුළු වැඩ්ඩො ටිකක් ඉන්න නිසා එයාලා ෆස්ට් ප්ලේස් එන්න තියෙන ඉඩ වැඩී.. "

" ආහ් එහෙම කොහොමද යකූ.. මෙදාපාරත් මොන ගේමක් හරි දීලා අපි තමයි ෆස්ට් වෙන්නෙ එච්චරයි.. මාව හවුස් කැපාවත් කරානම් මං ගානට තිතට වැඩේ දෙනවා.. "

" උබ මේ අපෙ එකේ උන්ට කෑගහන්න එහෙම යන්න එපා හරකා වගේ.. අපි ගේමක් ගහමු අනිවා.. කෝ නෝට් ටික ලිව්වද ඔක්කොම.. "

" ඒක එවලෙට බලමුකො.. තව ඇබිත්තක් තියෙනවා ඒයි.. අපි තේ බොන්න යමු අයියා තේ හදලා ඇති.. "

එහෙම පුලුවන්ද මිනියගෙ හවුස් එකට ෆස්ට් ප්ලේස් ගන්න දෙන්න.. මොකක් මිනිහා එයා කවද්ද අනේ මගෙ මිනිහා උනේ මටත් පිස්සුද මන්දා.. මොකක් හරි මෙදාපාරත් අපෙ හවුස් එක තමයි එක වෙන්න ඕනේ.. ශේනුවගෙන් ඕපදූප ටික ඔක්කොම අහගෙන කරගෙන මූණත් පොඩ්ඩක් හෝදගෙන අපි දෙන්නා ගියා කුස්සිය පැත්තට..

.

.

.

.

.

.

.

.

.

.

.

.

" මිහිනු මං ඔයාට රෑට කියන්නම් හෙට අපි යන්න ඕනෙද නැද්ද කියලා.. කෝකටත් බොටම් එකයි ටී ශර්ට් එකයි කැප් එකයි ලෑස්ති කරගෙන ඉන්න.. අපි ප්ලේ කරන්නෙ නැති නිසා කළු ටීශට් එකක් අඳින්න.. "

" හරි ශේනු මතක් කරලා මට මැසේජ් එක තියන්න.. "

" හරි එහෙනම් අපි ගියා.. ගුඩ් නයිට්.. ඒ ලොකූ කතා කරනවනම් කතා කරලා ඉක්මනට එනවා.. "

ශේනු, මම, ආදිත්‍ය අයියා අපි තුන්දෙනාම හිටියෙ අපෙ ගෙදර ගේට්ටුවෙන් එලියට ගිහින් පාර අයිනෙ වෙද්දි මෙච්චර වෙලාම කියව කියව හිටිය ශේනුට ගෙදර මතක් වෙලා ගෙදර යන්න ඕන උනා.. හෙට ප්‍රැක්ටිස් වලට යනවද නැද්ද කියලා මැසේජ් එකක් දාන්නම් කිව්ව ශේනු ආදිත්‍ය අයියට මොකක් හරි කියලා ටිකක් එහාට ගිහින් එයාගෙ ෆෝන් එකට කොටන්න ගත්තා..

" දැන් කොහොමද අමාරුවක් නෑනේ චූටි.."

" දැන් ප්‍රශ්නයක් නෑ අයියෙ.. කන්ග්‍රැජුලේශන් ගේම්ස් කැප්ටන් කියලා ශේනු කිව්වා.. "

" තෑන්ක් යූ.. ස්පෝට්ස් වලට යනවනම් කැප් එකක් අනිවාර්යයෙන් අරගෙන යන්න මිහිනු මං නොකිව්වයි කියන්න එපා.. "

" සැර කරන්නෙ ඉතින් හරි හරි අරගෙන යන්නම්.. "

" ම්ම් මං යනවා සඳුදට ස්කෝලෙ එන්න.. ඔය කකුල් දෙකේ හොදට ක්‍රීම් ටිකක් ගාගන්න.. මෙලෝ සිහියක් නෑ බලනවා කකුල් දෙක රතු වෙලා.. "

" යාහ් බනින්න එපානේ අනේ.. මං යන්නම් අයියෙ.. ගුඩ් නයිට්.. "

" බයින්නෙ නෑ ඒක මම පස්සෙ කියන්නම්.. දැන් ගෙට යන්න ගුඩ් නයිට්.. "

එයා කියන්න ගියපු එක එයාගෙ කට ඇතුලෙම ආයෙ හිර කරගනිද්දි මාව ගේ පැත්තට හරවලා ගෙට යන්න කිව්වා.. ඒ නිසාම මං ගෙට ගිහින් දොරවහගන්නකම්ම ආදිත්‍ය අයියා ගේ පැත්ත බලාගෙන හිටියා.. පස්සෙ මට ඇහුනා ගේට්ටුවෙ උඩ ලොක් එක වැටෙන සද්දෙ.. ඇගහෝදගෙන මදුරුවො විදලා රතු වෙලා තිබ්බ කකුල් වලට කීම් චුට්ටකුත් ගාගෙන අයියට උයන්න උදව් කලා..

දෙන්නත් එක්කම උයලා ඉවර උනහම අයියා ඇග හෝදගෙන එනකම් මම කෑම ටික බෙදුවා.. පැය භාගෙකට විතර පස්සෙ අයියා ඇගහෝදගෙන ආව නිසා අපි දෙන්නම කාලා ටිකක් රෑ වෙනකම් ටීවි එකත් බලලා දෙන්නම නිදාගන්න ආවා..

.

.

.

.

.

.

.

.

.

.

වෙලාව රෑ 10.30ත් පහුවෙලා තිබ්බත් වෙනදට මට මැසේජ් දාන අන්කෝන් නම්බර් එකෙන් අද මැසේජ් තිබ්බෙ නෑ.. අඩුම එයාගෙ ලාස්ට් සීන්වත් පෙන්නුවෙ නෑ.. කවදාවත් දැකලා නැති කෙනෙක් දන්නෙ නැති කෙනෙක් වෙනුවෙන් දුක් වෙන්න ඕන නැති උනත් මට එක දෙයක් දැනිලා තිබ්බා.. ඒ, අදුරන්නෙ නැති නන්නාදුනන පිරිමි ළමයා, ඔව් පිරිමි ළමයා මට හුඟක්ම සමීප මං හොදින්ම දන්න කෙනෙක් කියලා මං හොදටම දැනගෙන හිටියා.. ඉතින් තවත් බලාගෙන හිටියට තේරුමක් නැති තැන ෆෝන් එකේ ඩේටා ඕෆ් කරලම මං නිදාගන්න ඇදට වැටුන සැනින් මට නින්ද ගියා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________________

Hello Lamai

ලාස්ට් අප්ඩේට් එකට වෝට්ස් 37යි.. ඒත් රීඩ්ස් තියෙනවා 124ක්.... !!!!!!!! වෙලාවක් හොයාගෙන මෙහෙම හරි අප්ඩේට් එකක් දෙන්නෙ ඔය වෝට් 37 දාන අයටයි අහිතක් නැතුවම කමේන්ට් ටික දාන අයටයි.. 🙂❤️

ඊළග අප්ඩේට් එක කවදද කියලා මට දිනයක් කියන්න බෑ ඒත් ඉක්මනට දෙනවා අනිවාර්යයෙන්ම.. මං වෙනුවෙන් බලන් ඉන්න ඔයාලට ගොඩක් ආදරෙයි මම..❤️

Good Night 💜️

Lvyyy❤️

DarkBunny ❤️✍️

Share This Chapter