Back
/ 50
Chapter 20

[දහ අටවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

සුපුරුදු පරිදි සෙනසුරාදා ඉරිදා ගෙවිලා ගියා.. විශේශ දේකට කියලා උන එකම දේ අර මට රෑට රෑට මැසේජ් දාන පිටසක්වල ජීවියා දැන් මට නිතරම මැසේජ් කරන එක.. අම්මයි අප්පචී දෙන්නත් කතා කරා.. අවුරුදු නිවාඩුවට කලින් එහෙ ඇවිල්ලා යන්න එන්නලු.. කොහොමත් මං හිතාගෙන හිටියෙ එහෙම ස්පෝට්මීට් එක ඉවර වෙලා සෙනසුරාදා දවල්ට මෙහෙන් බස් එක තියෙනවනෙ ඒකේ නැග්ගම හවස් වෙද්දි යාගන්න පුලුවන් ඉරිදා පාන්දර එනවා එහෙමම ස්කෝලෙ යන්න බලාගෙන.. 22 ස්පෝට්මීට් ඉවර වෙලා රෑ බස් එකේ නගිනවා නැත්නම්.. අවුරුදු කටේ ගමේ යනවා කියන එක විකාරයක් පුදුම සෙනගක්නෙ ඉන්නේ ඒක නිසා කලින්ම ගිහින් එන එක හොදයි.. ඉරිදා පොලිටිකල් ක්ලාස් තිබ්බා මායි ශේනුයි දිලුම් තුන්දෙනාම ඒකට ගියා අව්ලක් නෑ ශේප්.. සදුදා ඉදන් දිගටම ස්පෝට්මීට් එකේ වැඩ ක්‍රිකට් ප්‍රැක්ටිසුත් තියෙනවලු.. ටීම් ගේම්ස් ටික මුලින්ම තියෙන නිසා ක්‍රිකට් වැටෙන්නෙ අගහරුවාදට ඉතින් සදුදා දවසම ප්‍රැක්ටිස් 18න් පහල ටීම් එකට මාවත් දාලා අපෙ ගේම්ස් කැපා මගුල..

උදේම ඇහැරිලා අයියටත් උයන්න උදව් කරලා ස්පෝට් බෑග් එකට කිට් එකත් දාගෙන ශූස් දෙකත් දාගත්තා.. උදේට යුනිෆෝම් ගිහින් ස්කෝලෙදි චේන්ජ් කරගන්න ඕනේ.. අද කලින් යන නිසා අයියටත් කිව්වා කලින්ම ලෑස්ති වෙන්න කියලා.. ඔක්කොම කරගෙන කාමරේ වහලා මං සාලෙට එද්දි අයියත් ලෑස්ති වෙලා ඇවිල්ලා කෑම එකයි වතුර එකයි මගෙ අතට දුන්නම ඒකත් මං බෑග් එකට දාගෙන දෙන්නත් එක්කම එලියට බැස්සා.. පාරට ඇවිල්ලා ගේට්ටුව වහනකොට ශේනුයි ආදි අයියයි දෙන්නත් අපි ඉන්න තැනට ආවා..

පස්සෙ හතර දෙනත් එක්කම කියව කියව කුකුලත් අතේ අරගෙන මහපාරට ආවා.. කලර් ලයිට් එකේ රතු වැටිලා තියෙන නිසා අපි පාර පයින්න හිටගෙන හිටියා.. අන්තිමට කොළ ලයිට් එක පත්තු උනහම ආදි අයියා මගෙ අත එයාගෙ ලොකු අතකට පටලවගෙන පාරෙන් එහා පැත්තට මාරු උනා.. පොඩි කාලේ අප්පච්චිගෙ අත අල්ලගෙන පාර මාරු උනාට පස්සෙ ආයෙම මං ආදරේ කරන කෙනාගෙ අත අල්ලගෙන පාරමාරු උනා.. හොද වෙලාවට අපි දෙන්නා පිටිපස්සෙන් ගියේ අයියයි ශේනුයි ඉස්සරහින් ගියා.. නැත්නම් ශේනුගෙ කට කැඩිච්ච කතා වල නිමක් නැති වෙනවා..

පාර මාරු වෙලා බස් විනාඩි පහක් යන්නත් කලින් 120 බස් එකක් ආවා.. 139 බස් එකක යන්න බෑ ඒක යන්නෙ හරිම හිමීට 120ක ගියොත් විනාඩි දහයෙන් හෝල්ට් එකෙන් බහින්න පුළුවන්.. සෙනගත් හිටියේ නැති නිසා අපිට තැන් තැන් වලින් ඉදගන්න සෙට් උනා.. මට විරුද්ධ පැත්තෙ ශීට් එකේ හිටියේ ආදි අයියා..

කොහොමින් කොහොම හරි අපි හතරම හරියටම 6.45 වෙද්දි ස්කෝලේ.. පන්තියට ගිහින් ඇඳුම් මාරු කරගෙන පහලට ආවා.. ඇවිල්ලා කැන්ටිමට ගිහින් බනිස් අරගෙන ආයෙමත් උඩට ඇවිල්ලා පන්තියෙන් අද ක්‍රිකට්/එල්ලෙ වලට යන ලමයින්ගෙ නම් ටික ලියලා ගුරු මේසේ උඩින් තිබ්බා.. නැත්නම් ඉන්න හම්බෙන්නෙ නෑනේ..

" මිහිනුවෝ උබ අයියට කියලා නේද ආවේ අද හවස ඉන්නවයි කියලා.. "

" හත්තික්කේ ශේනු.. ඒ මට ඒක කියන්න අමතක උනා බං.. මොකද කරන්නෙ දැන්.."

" සැක් ඕයි උබ නම් යමන් ප්‍රිෆෙක්ට් රූම් එකට ගිහින් අපෙ අයියට කියමු උබලෑ අයියට කෝල් එකක් දාලා කියන්නයි කියලා.. "

" හා හා ඉක්මනට යමන් එහෙනම්.. "

සිරාවටම මට උදේ අයියට ඒක කියන්න අමතක උනා.. එයාට බයක් නෑ මම පරක්කු උනාට මොකද ආදිත්‍ය අයියා ඉන්න නිසා.. ඒත් එහෙම බෑනේ බැරි වෙලා හරි අප්පච්චි කෝල් කරලා ඇහුවොත් එහෙම.. ඒක නිසා කෝකටත් හොදයි කියලා හිතලා අපි දෙන්නා ප්‍රිෆෙක්ට් රූම් එකට ගියා..

ආආආඅ ෆක් යකෝ ෆක් අපි දෙන්නා හරක් දෙන්නා වගේ තට්ටු කරන්නෙ නැතුවනෙ ගියේ.. යද්දි ආදිත්‍ය අයියා හිටියේ වෙස්ට් එක පිටින් එයත් ක්‍රිකට් ටීම් එකේ ඉන්නවනෙ.. ආඅ සීබල් දැන් මාව රතු වෙලා ඇති.. අම්මෝ එයාගෙ ඇග මී පැණි පාටයි ඒක අමුතු සුදක් සික්ස් පැක්ස් තිබ්බත් එක්ක.. වෙරි නයිස් සුදු පුතේ හරිම අගෙයි නේද..

ඒ අස්සෙ විහස්න අයියත් හිටියා අපි දෙන්නා ඉතින් ගොං පහේ හිනාවක් දැම්මා.. අයියලා දෙන්නම කන්ෆියුස් උන්ගා බුන්ගා වෙලා..

" තමුසෙලා දෙන්නා මොනවද මෙහෙ කරන්නේ ආ.. තැනකට එනකොට දොරට තට්ටු කරලා එන්න දන්නෙ නැද්ද.. "

" සොරි අයියෙ.. වෙනදටත් එකපාරටම එන නිසා ගානක් උනේ නෑ.. "

" ඩිසිප්ලීන් ඇතුව හැදෙනවා කොළඹ තියෙන හොදම ස්කෝලෙට ඇවිල්ලත් ඒකෙන් එලියට යන්න හිතාගෙන ඉන්නෙත් ඔහොමද ආ පොඩී.. "

" සොරි සොරි අයියේ.. සිරාවටම ඒක ගානක් උනේ නෑ අපිට.. "

" ඉදපන්කො අම්මටයි තාත්තටයි කියන්න.. එතකොට ඔය පුංචි මහත්තයා ගැන මං වෙනම බලාගන්නම්.. "

" අනේ මොකක්ද ලොකූ තාත්තට නම් කියන්න එපා හොදේ.. හොද අයියනෙ මගේ.. "

" අහකට වෙනවා පොඩී.. දැන් කියනවා තමුසෙලා දෙන්නා ගාල කඩාගත්ත හරක් දෙන්නා වගේ ආවේ ඇයි කියලා.. "

" ආහ් බලනවකො කියන්න ආව එකත් අමතක වෙනවා තෞසෙ මෙතන මගුලක් කියවන්න ආවනේ.. "

" උබ මගෙන් කන්න ආසන්නයි ශේනුක.."

" හරි හරි මේ අපි ආවේ තිසුක අයියට කෝල් එකක් අරගන්න පණිවිඩයක් කියන්න.. "

" ඉතින් ඇයි උබ ආවේ.. උබේ අයියා මමනෙ තිසුකගෙ මල්ලිනෙ ඒකට එන්න ඕනේ.. "

" ඌව කොහොමද තනියම එවන්නෙ හරි සෝක් ලොකූ උබත් කියන කතා.. හා පැටියව නරියගෙ වාස භවනට එව්වා වගේ තමයි මිහිනු බබා මේකට තනියම එව්වයි කියන්නෙ නේද විහා අයියේහ්.. "

" ආහ්.. ඕ.. එහෙම තමයි ඒක ඇත්ත.. "

" කේශ් උබත් දැන් මුගෙ පැත්තෙද.. "

" ඉතින් ඇත්තනෙ බං පොඩි එකා කිව්වෙ.."

" ආආශ්.. උබලා දෙන්නා නම් මොක්කුද මන්දා.. දැන් මොකක්ද අයියට කියන්න ඕනේ මිහිනු.. "

" අපි උබලා එයාට මිහිනු පුහ්.. "

" ඉක්මනට කියනවා චූටි මට තව වැඩ තියෙනවා.. "

" යකෝ මෙහෙමත් ගෑස් බලන්න උනානේ.. අපෙ අයියට කියනවා මං ගෙදර එන්න පරක්කු වෙනවයි කියලා හුහ්.. මෙහෙ එන්න ශේනු යන්න.. "

" ඒ.. ඒ.. ඒයි.. "

ඇයි වදේ මං ආවා එන්න ශේනුවත් ඇදගෙන.. යකෝ මිනිහගෙන් උනත් ඔච්චර පාච්චල් වෙන්න පුලුවන්ද කියන්නකො.. මේ මනුස්සයගෙ පුදුම හැදියාවක්නෙ තියෙන්නේ.. ඩිසිප්ලීන් දන්නෑ ඤැයි ඤැයි.. තාත්තට කියනවා ඤැයි ඤැයි.. පිස්සු හුත්තා.. මූට මූලග්ගාය.. කොහිල අල කටු පිටින් පුපෙන් බස්සලා කොහිල කොල මැල්ලුම් හදලා කොහිල අල කටු පිටින් උයලා කොහිල යායක් මැද්දෙන් ඉන්දවන්න ඕනේ..

ස්‍රී දේහය කියලද දන්නෑ හිතාගෙන ඉන්නෙ ඇයි අනේ ඕක පොඩ්ඩක් දැක්කම මොකෝ පලු දානවා කියලද අනේ යකෝ මාත් සුදුයි තමයි.. මටත් තියෙන්නේ ඒකගෙ ඇගේ තියෙන ඒවම තමයි.. හැබැයි ඒයි එයාගෙ අර රෝස දුබුරු මික්ස් නිපල්ස් දෙකනම් ආආආඅහ්හ්.. අම්මගෙ සුදු පුතා හොදටෝම නරක් වෙලා දෙයියනේ.. ඒත් ඒවා හරි සෝයිනේ.. නවත්තපන් මිහිනුවෝ උබ නම් මහ කුක්කු පෙරේතයෙක්.. තාම ඒකා දන්නෙත් නෑ මං ඌට ආදරෙයි කියලා.. උබ මෙහෙ කිරි බොන්න මනෝ ගහනවා.. යසෛ යසෛ..

" මිහිනු මොකද යකෝ තෝ පොකිරිස්සා වගේ රතු වෙලා.. තෝ මොකක්ද කල්පනා කරන්නෙ ඔච්චර.. "

" ආහ්..හාහ්.. මුකුත් නෑ.. මුකුත් නෑ බං.. මේ රස්නෙට වෙන්න ඇති.. යමන් බලන්න දිලුම් ඇවිල්ලා ඇති දැන්.. "

ශේනුට මුකුත් කියන්න ඉඩ නොතියම මං ඒකවත් ඇදගෙන උඩට ආවා.. එතකොට දෙවසඳ ඉන්නවා පුප්ප පුප්ප ඌව දාලනෙ අපි දෙන්නා ආවේ.. හිකිස්.. ඉතින් ඊටපස්සෙ ඒකවත් නලවලා කියව කියව හිටියා.. ගාථා කියලා ඉවර වෙලා රෙජිස්ටර් එක මාක් කරනකම් ඉදලා අපි යන්න පහලට බහින්න හදනකොට අපෙ පන්ති භාර ටීචර් මට කතා කරා.. ඉතින් අරුන් දෙන්නව යවලා මං ටීච ලගට ගියහම නෙදකින් නෙදෝමකින් කතා කරලා තියෙන්නේ රෙජිස්ටර් එක ගිහින් තියන්න කියලා කියන්න..

ඉතින් මං ඒකත් අරගෙන බෑග් එකත් එල්ලගෙන ඔෆිස් එකට යන්න අටවසර පැත්තෙ ශෝට් කට් එකෙන් යද්දි කවුරුහරි කෙනෙක් මාව ඇදලා ගත්තා.. අරගෙන ඒ සැනින්ම මගෙ කටත් වැහුවා.. මං කලබලෙන් ආව නිසා ඒ කෙනාව දැක්කෙ නෑ.. දගලලා දගලලා උගෙන් ගැලවෙන්න හැදුවත් ඒකා මාව තදට අල්ලගෙන හිටියා.. හැබැයි එක දෙයක් මට නෝට් උනා.. එයාගෙ ටී ශර්ට් එකෙන් ආව පර්ෆියුම් සුවඳ ඒක හරියට.. ආදිත්‍ය අයියා.. ආදිත්‍ය අයියගෙ පර්ෆියුම් එකේ සුවඳ වගේමයි..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

________________________________________

Hello Lamayi

මුලින්ම,

ඔයාලා හැමෝටම " හිතන පතන දේ ඒ විදිහට වෙන, නීරෝගි සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ❤️🙏 "

මාසෙකින් වගේද මන්දා අප්ඩේට් එකක් දෙන්නේ.. සමාවෙන්න ඉතින් පරක්කු උනාට.. 🫠

අනේ ඇයි මේ කතාවලට කමේන්ට්ස් වෝට්ස් අඩු.. රීඩ්ස් 100ක් තිබ්බත් වෝට් 20ක් වගේ කමේන්ට් ඊටත් වඩා අඩුයි.. මේකට නෙවෙයි Stubborn Boyfriend කතාවට.. කම්මැලිද, ෆීල් වෙන්නෙ නැද්ද, එකම තැන වගේද එහෙනම් කියන්න මං ඒක අතෑරලා දාන්න.. මගෙ කාලෙ අපරාදෙනේ නැත්නම්..

ගෝල් එකක් දුන්නොත් කම්ප්ලීට් කරනවද.. 🙂

Veiws 100+

Votes 40+

Comments 30

අඩුම ඔය ගානවත්.. ඒ බලලා මං ඊලග අප්ඩේට් එක දෙන්නම්.. 🙂🙂🙂

Bye

Lvyuuuuu❤

Share This Chapter