Back
/ 50
Chapter 21

[දහනව වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

" කොහෙද මේ ගාල කඩාගත්ත හරක් පැටියා වගේ දුවන්නෙ.. "

" ආදි... අයියෙ ඔයා.. ඔයා මොකක්ද මෙතන කරන්නේ අතාරින්න මාව.. "

මං හිතුවා හරි මාව අල්ලගෙන තියෙන්නේ ආදිත්‍ය අයියා තමයි.. එයාගෙ අත් තවමත් තිබුනේ මගේ ඉනවටේ එතිලා.. ඒක නිසාම මං කිව්වා මාව අතාරින්න කියලා ආසයි එයාගෙ අස්සට වෙලා ඉන්න.. ඒත් මේක ස්කොලේ.. කොයි වෙලේ මෙතනින් ලමයෙක් ගුරුවරයෙක් යයිද දන්නෙ නෑ.. ඒත් මට තේරුනා මං එයාට මාව අතාරින්න කිව්වම කේන්ති යනවා.. මෙච්චර වෙලාම තදට එතිලා තිබ්බ එයාගෙ අත්දෙක අයින් උනා.. එහෙමම මාව බිත්තියට හේත්තු කරපු ආදිත්‍ය අයියා කෑ ගහන්න ගත්තෙ මගෙ බෙල්ල එයාගෙ එක අතකින් හිරකරගෙන වෙද්දි මං හිටියේ හොදටම කන්ෆියුස් වෙලා..

" ඇයි යකෝ.. ඇයි උබට තේරෙන්නෙ නැත්තෙ.. මං මෙච්චර උබ ලගින් ඉදලත් උබට ඉඟි දීලත් ඇයි උබ තේරෙන්නෙ නැ වගේ ඉන්නෙ.. උබට මාව විහිලුවක්ද කියපන් මිහිනු.. "

" අය්..යේ.. "

" නවත්තපන්.. කතා කරන්න එපා උබ.. තෝව දැක්ක දවසෙ ඉදන්ම මං තොගෙ පස්සෙන් වැටිලා හිටියේ.. "

" ලොකූ... උබ මොකක්ද යකෝ ඔය කරන්නෙ.. ගන්නවා අත අහකට.. දිලුම් මිහිනුව අල්ලගනින්.. "

එයා එයා.. මොනවද මේ කරන්නෙ.. ආදිත්‍ය අයියා කියන්නෙ මෙහෙම දරුණු කෙනෙක් කියලා මං කවදාවත් හිතුවෙ නෑනේ.. ආදි අයියගෙ නියපොතු වලට මගෙ බෙල්ල හීරෙද්දි එයාගෙ අතින් ගැලවෙන්න කොච්චර හැදුවත් ඒක හරි ගියෙ නැති තැන මට කරගන්න දෙයක් නැතුව එහෙට මෙහෙට දැගලුවා.. ඒත් අන්තිමේට ආදිත්‍ය අයියා කියන්න ගිය දේ නැවතුනේ අපි ඉන්න තැනට කෑ ගහගෙන ආව ශේනුයි, දිලුම් යි නිසා..

" තොට පිස්සුද ලොකූ.. යකෝ අපි දෙන්නා ආවේ නැත්නම් මෙතන මේ කොල්ලා මැරිලා.. යකෝ තෝ ආදරෙයි නම් ඒක කෙලින්ම කියපන්.. හුත්ත.. අහිංසකයව මරන් කන්නෙ නැතුව.. මෙහෙ වරෙන් උබත් යන්න.. "

ශේනු අයියටත් හොදටම බැනලා මාවත් එක්කගෙන ආයෙම පන්තියට ගියා.. මං ගිය ගමන් වතුර එක බීගෙන බීගෙන ගියේ සිරාවටම තව ටිකක් හිටියනම් මගෙ හුස්ම ටික යනවා නේද කියලා හිතනගමන් වෙද්දි දිලුම් මගෙ පිට අත ගගා මගෙ එහාපැත්තෙන් වාඩි උනා..

" මිහිනු.. උබට අමුතුවෙන් කියන්න ඕන නැනේ මෙතන වෙන්නෙ මොකක්ද කියලා.. "

" ම්ම්.. කටින් නොකිව්වට මට අයියගෙ හැසිරීමෙන් තේරුනා.. "

" එහෙනම් තෝ එක්කො කියපන් කැමති කියලා නැත්නම් ටික කාලයක් දෙන්න කියලා හරි කියපන්.. ඕකෙන් වෙන්නෙ දෙන්නම විඳවන එක රෙද්ද.. "

" ශේනු.. ඒත් මම අයියට කැමති නේ.. "

" යකෝ.. ඈ බං එහෙනම් මොන පකක්ද උබ කරන්නෙ ඕක කියන්නෙ නැතුව.. "

" ම්ම..මට එකපාරටම එහෙම දෙයක් කියන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑනේ ඉතින්.. ඇරත් දැන් මං එකපාරටම ගිහින් කිව්වොත් එයා හිතයි අනුකම්පා කරලා කිව්වයි කියලා.. "

" හ්ම්ම් ඒකෙත් ඇත්තක් තියෙනවා.. මං නම් කියන්නෙ උබ ඕක කියපන් හෙට දිහාට.. දැන් අයියා කොහොමත් අව්ලෙන් ඉන්නේ.. "

" බලමුකෝ ශේනු.. මට බයයි බං.. "

" අනේ හුත්තො බය නම් උබ නටහන් රෙද්දක් කියවන්න එපා ඉතින්.. හෙට බැරි නම් ගමේ ගිහින් ආවහම හරි පුළුවන් තරම් ඉක්මනට කියහන්.. "

" හුම්ම්.. කීයටද අපි යන්න ඕනේ.. "

" උබට ඒක කියන්න තමයි අපි හොයාගෙන ආවේ.. යමන් කිට් එක දාගන්න 8.45 වෙද්දි පහළට එන්න කිව්වා.. දැනටමත් 8.00යි.. "

" යමු එහෙනම් බෑග් ටික ගනින් මතක් කරලා.. "

අපි ආයෙම බෑග් ටික අරගෙන අපේ පන්තියට එහා පැත්තෙන් තියෙන Geography room එකට ගිහින් බොටම් එකයි දම්පාට ටී ශර්ට් එකයි ඇඳගෙන පහළට ගියා.. අපෙ හවුස් එකේ ලමයි ඉන්න තැනට ගිහින් උන්ගෙ නම් ටිකයි බස් එකේ යන්න සල්ලි අරගෙන ඒ වැඩ ටික බලද්දි ආදිත්‍ය අයියා ඇවිල්ලා,

" මුදිතා එකයි උපේක්ෂා එකයි එක බස් එකක යන්නෙ.. බස් එකට යන සම්පූර්ණ ගාන 2000යි.. ඒක ඉන්න ළමයි ගානෙන් බෙදලා එක ලමේක්ගෙන් අදාල සල්ලි ප්‍රමාණෙ ගන්න.. ඒ වගේම මැචස් ඉවර වෙද්දි හවස් වෙයි.. බස් එක ඇවිල්ලා තියෙන්නෙ සල්ලි එකතු කරගෙන ඉවර නම් කට්ටියටම ගිහින් නගින්න පුලුවන්.. "

හුස්මක්වත් නොගෙන එක දිගට කියාගෙන ගියපු ආදිත්‍ය අයියා මං දිහාට එක බැල්මක් වත් නොදී එයාලගෙ හවුස් එකේ ඉන්න ළමයි ලගට යද්දි මං හුස්මක් පිටකරලා අපේ හවුස් එකේ ළමයි ටිකව බස් එකට නැග්ගුවේ ශේනුයි දිලුමුයි මගෙ පිටට තට්ටුවක් දාද්දි..

පැයකට පස්සෙ අපි හිටියෙ ග්‍රවුන්ඩ් එකේ.. දැනටමත් මැච් ප්ලේ කරන්න පටන් අරගෙන තිබුනා වගේම අපේ හවුස් එකයි උපේක්ශා එකයි සමානව මැච් දෙක දෙක දිනලා තිබුනා.. මෙත්තා හවුස් එක තවමත් එක මැච් එකක්වත් දිනලා තිබුනෙ නැති කොට කරුණා හවුස් එක, එක මැච් එකක් දිනලා තිබුනා..

එන්ට්‍රි ෆෝම් වගයක් ෆිල් කර කර හිටියෙ මගෙ මූණ ඉස්සරහට දික් උනේ වතුර බෝතයලයක් වෙද්දි මං ඔලුව උස්සලා කව්ද කියලා බලනකොට දැක්කෙ අහක බලාගෙන වතුර බෝතලේ දික් කරගෙන ඉන්න ආදි අයියව.. ලාවට හිනාවෙලා වතුර බෝතලේ ගන්න ගමන් එයාගෙ අතේ ඇගිල්ලක ඔතලා තිබ්බ ප්ලාස්ටර් එක උඩින් මං කිස් එකක් තිබ්බෙ ආදි අයියා පුදුමෙන් මගෙ දිහා බලාගෙන ඉදලා මුකුත් නොකියම ආපහු යන්න යද්දි..

එයා ගියපු දිහා බලාගෙන හිටිය මම පියවි ලෝකෙට ආවේ පිටට වැදුන හොද පාරකුත් එක්ක.. වෙන කව්ද බේසික යාලුවෝ දෙන්නා මිස.. උන් දෙන්නා හෙනම හෙන කුප්ප හිනාවකුත් දාගෙන ඉන්නවා.. සැක් දැක්කවත් ද දන්නෙ නෑ..

" අපිට නෑනේ බං තුවාල උනහම කිස් දෙන්න කෞරුත්.. "

" ශීහ් ඒකනේ බං.. වරෙන් සංකුට්ටො මං උබට උම්මා එකක් දෙන්න.. "

" ඈක්කා පලයන් බල්ලෝ යන්න බලු කෙල ගාන්නෙ නැතුව.. "

" උබලා දෙන්නා ඕක නවත්තගන්නවද නැත්තම් දිගටම කරගෙන යනවද.. "

" ඇයි ඇයි කිරිපුතේ ලැජ්ජතේ.. "

" අනේ මේ ඉදපන්.. මට කියහන් ඊළඟට under 20 team 1, under 20 team 2 දෙකෙන් මුලින්ම ඉන්නෙ අපි නේද ඉන්නෙ කියලා.. "

" අහන්න බලන්න දෙයක් නෑ ඊළඟට ඉන්නෙ අපි තමයි.. උබ ලෑස්ති වෙයන්කො.. කෝ ඔය ෆෝම් ටික මට දීපන්.. උබ පලයන් ගිහින් වැඩේ දීපන් එලට.. "

" ම්ම් හරියට පුරවපන් හොදේ.. "

ශේනුට එන්ට්‍රි ෆෝම් ටික දීලා මායි දිලුමයි ලෑස්ති උනේ ඊළඟට අපේ ටීම් එකට තියෙන තරගෙට යන්න.. අපිට තිබ්බෙ ආදිත්‍ය අයියලත් එක්ක ප්ලේ කරන්න නිසා තරගෙ වැඩී මොකද ආදිත්‍ය අයියා කියන්නෙ ක්‍රිකට් ඇගේම තියෙන කෙනෙක්.. මුලින්ම බැට් කරන්න තිබ්බෙ මට නිසා මං පිච් එකට ගිහින් විකට් කවර් වෙන්නෙ නැති වෙන්න හිටගෙන හරියට ලයිනප් උනේ බෝලෙ දාන්න උන්න ආදිත්‍ය අයියා දුවගෙන ඇවිල්ලා බෝලෙ එවද්දි.. හරියටම ඒම් කරලා ගහපු පාර බෝලේ නැවතුනේ හතරෙ සීමාව ලග වෙද්දි මායි එහාපැත්තෙ විකට් එක ලග හිටිය කොල්ලයි මාරු උනා..

මේක ස්පෝට්මීට් වලට අදාළ මැච් එකක් නිසා ඕවර්ස් හයයි තිබ්බේ.. ඒ ඕවර්ස් හයට මම නොදැවී ලකුණු 40ක් ගැහුවා.. දැන් තියෙන්නෙ ආදිත්‍ය අයියලගෙ වාරේ.. අපේ ටීම් එක ඕවර්ස් හයට මුලු ලකුණු 60ක් ගහලා තියෙද්දි ආදිත්‍ය අයියලට දිනන්න ලකුණු 61ක් ඕන උනා.. මුලින්ම බැට් කරන්නෙ හිටියේ රාගේශ් කියලා ටැමිල් අයියා කෙනෙක්.. එයා අපේ දිලුම් දාපු පලවෙනි බෝලෙන්ම අවුට් වෙලා ගියා.. පස්වෙනි ඕවරේ වෙනකනුත් ආදිත්‍ය අයියලගෙ ටීම් එක ලකුණු 45යි ගහලා තිබුනේ.. ඒ වගේම ලාස්ට් විකට් එක.. මේ වෙද්දි ප්ලේ කර කර හිටියේ විහස්න අයියයි ආදිත්‍ය අයියයි.. බෝල් කරන්න හිටියේ දිලුම්, බෝලෙට පිඹලා දෙයියො සිහි කරලා දිලුම් බෝලෙ දැම්මා..

1

2

3

Out!!!!!!

අපි දින්නා.. දිලුම් දාපු බෝලේ ව්කට් පොලු තුන ගැලවිලා බිමට වැටෙද්දි ආදිත්‍ය අයියා බැට් එකත් පොලවෙ ගහලා යන්න ගියේ විහස්න අයියා එයාගෙ පිටට තට්ටු කරද්දි.. අපෙ උන් ඔක්කොම ගිහින් සතුට සමරලා පෙරලිලා දගලලා ෆයිනල් රිසාල්ට් එක බලන්න ගියා.. ක්‍රිකට් කෝච් ගෙ අතේ තිබ්බ රිසාල්ට් ශීට් එක..

" පළවෙනි ස්ථානේ උපේක්ෂා නිවාසෙ, දෙවනි ස්ථානේ මුදිතා නිවාසෙ, තුන්වෙනි ස්ථානෙ කරුණා නිවාසෙ සහ හතරවෙනි ස්ථාන්ව් මෙත්තා නිවාසෙ.. ඔයාලා හැමෝම හොදට ප්ලේ කරා ළමයි.. ස්පෙශලි අභිසෙස් පුතා.. ගුඩ් ජොබ් ළමයෝ.. එහෙනම් හැමෝම බෑග්ස් ලෑස්ති කරගන්න ස්කෝලෙට ගිහින් ගෙදර යන අයට අපිත් එක්කම යන්න පුළුවන් දෙමව්පියො මේ ස්කෝලෙ ලගට එනවනම් ඒ අයට මෙතනින්ම යන්න පුළුවන්.. "

" ඕකෙ සර්.. "

සර් ප්ලේසස් කියලා ගෙවල් වල යන්න ලෑස්ති වෙන්න කිව්වහම හැමෝම ගිහින් බෑග් ලෑස්ති කරගෙන පෝලිම් හැදිලා හිටියේ බස් එක එනකම්.. මායි ශේනුයි ගණන් ඉලව් වගයක් බේර බේර ඉද්දි අපි ළඟට ආවේ ආදි අයියා..

" congratulations for your great achievement mihinu.. "

" mm thnk you අයියේ.. "

මට විශ් කරපු එයා ආයෙම හැරිලා යන්න ගියේ මම දුකින් එයා යන දිහා බලාගෙන ඉද්දි..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

සෙට් නෑනේ.. මතක නෑ අප්පාවේ කතාව.. ආයෙම කියවලා ඔහොම හරි ලියාගත්තෙ.. 🥲

Comments ටිකක් දැම්මොත් මං සතුටින්.. 🫡

Lvyuuuuu❤

Share This Chapter