Back
/ 50
Chapter 22

[විසිවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

හවස මැච් ඉවර වෙලා ස්කෝලෙට ගිහින් එහෙ වැඩත් ඉවර කරලා දැන් මේ ගෙදර යන ගමන්.. මම ශේනු, දිලුම්, ආදිත්‍ය අයියා එක්ක විහස්න අයියත් හිටියා.. බස් එකේ පිටිම පස්සෙ ශීට් එකේ හිටියෙ අපි තුන්දෙනා.. අත් කකුල් හතර අතේ දාගෙන මම හිටියෙ ශේනුගෙ උරිස්සෙන් ඔලුව තියාගෙන.. පට්ටම ඔලුව කැක්කුමක් අල්ලලා පුදුම අමාරුවෙන් ඉන්නෙ.. අව්වෙ හිටියනෙ.. මට මිග්‍රේන් තියෙනවා.. ඉතින් හිතාගන්න පුළුවන් නේ.. බස් එකෙ වැඩිය සෙනඟ නෑ කොහොමත් මගක් යද්දි තමයි සෙනඟ සෙට් වෙන්නේ..

ශේනුට සල්ලි දීලා ටිකට් ගන්න කියලා මං කැප් එකෙන් මූනත් වහගෙන පොඩ්ඩක් නිදාගන්න කියලා හැදුවේ උනත් අපේ උන් දෙන්නා එක්ක ඒවා කරන්න බෑ.. ඇරත් බස් එකේ මිනිස්සුත් අපි දිහා හෙන අමුතුවට බලනවා.. පස් දෙනාම ටී ශර්ට් මාරු කරගෙන හිටියේ.. කළු බොටමයි කළු ටීශට් එකයි කළු කැප් එකයි ඩෙග් දෙක විතරයි සුදු වලින් තියෙන්නේ.. කකුල් දෙකත් අම්බානකට රිදෙනවා ෆුහ්හ්.. ඒ වේදනවා උබලත් හොදටම අත් විඳලා ඇති..

විනාඩි 15කින් විතර හෝල්ට් එකෙන් බැහැලා පිළියන්දලට යන බස් එකට නැග ගත්තා.. විහස්න අයියා ඉන්නෙ මහරගමනෙ එයා බැහැලා 119ක යන්න ඕනේ.. අපි හතරදෙනා 139ක නැගලා ඉඳගන්න සෙට් උන නිසා ඉඳගත්තා.. මඟක් දුර යද්දි යකෝ කට කපලා සෙනඟ ඒ මදිවට මේ වුට්ට යන්නෙත් කොට කොට වෙන වෙලාවකනම් අව්ලක් නෑ ඒත් බං මේ වෙලාවේ එපාම කරපු වැඩක්..

කොහොමහරි පැය භාගෙකට පස්සෙ පන්සල පහු කරගෙන යද්දි මායි ශේනුයි දිලුමයි නැගිටින්න හැදුවෙ කලර් ලයිට් එකෙන් බැහැගන්න උනත් ඉඳිය සෙනඟ නිසා ඒක කරගන්න බැරි උනා.. ඉතින් කරුමෙක මහත අපිට ප්‍රධාන බස් හෝල්ට් එකෙන්ම තමයි බැහැගන්න පුළුවන් උනේ.. දැන් පලයන්කො කිලෝමීටර් දෙකක්..

" අනේ මට බෑ හුත්තො ඇවිදින්න.. කකුල් දෙක කැක්කුමයි.. "

" සල්ලිත් ඉවරයිනෙ බං ත්‍රීවිල් එහෙකවත් යන්න තිබ්බා නැත්නම්.. "

සැක් ඕකනේ බැරි.. අනේ මට නම් බෑ යන්න.. උන්ට ඕන රෙද්දක් කරගන්න කියලා මං ඉඳගත්තා එතන තිබ්බ බංකුවකින්.. එතකොටම වගේ අපි ඉස්සරහින් නැවැත්තුවෙ නිල් පාට ත්‍රීවිල් එකක්.. ආහ් සුද්දා අයියගෙ අයියා.. අපෙ අල්ලපු ගෙදර ඉන්නේ කොල්ලො දෙන්නෙක් එක්කෙනෙක් මගෙ වයසෙ අනික් එක්කෙනාට නම් 24ක් වගේ ඇති..

" මල්ලිලා මොකෝ මෙතන.. යමු මං ගිහින් දාන්නම්.. "

" අයියට කරදරයක් නැත්නම් විතරක් ගෙනිහින් දාන්න පුළුවන්ද.. "

" පිස්සුද බං මං කොහොමත් යන්නෙ ගෙදර තමයි.. "

" අහ් එහෙනම් යමු.. "

මං නගින්නත් කලින් පැනගෙන ගිහින් ශේනු නැග්ගා ඊටපස්සෙ දිලුම් ඊටපස්සෙ ගල් බස්සා ආදි අයියා එතකොට ශීට් එකේ ඉඩ නෑනේ.. යකෝ මුං.. මහ බල්ලොනෙ..

" මොකෝ මල්ලි ඉඩ නැති උනාට කමක් නෑ ආදියගෙ ඔඩොක්කෙන් ඉදගන්න.. "

" ඒක තමයි මිහිනු ඉක්මනට වරෙන් බං මහන්සි.. "

කවීන් අයියත් මරු කියෝනවා.. අරුන් දෙන්නත් ඒ අස්සෙ ඉඳගෙන ඒකට පොහොර දානවා.. යකෝ මමයි කිව්වෙ ත්‍රීවිල් එකේ යමුයි කියලා රෙද්ද.. කරගන්න දේකුත් නැති නිසා ඔන්න ඔහේ මං ගල් බස්සගෙ ඔඩොක්කෙන් ඉඳගත්තා.. හුම්ම් එයාගෙ මූණෙ නම් තිබුණෙ මහම මහා නොසන්ඩාල හිනාවක්.. එව්ව්ව් එව්ව් අසහනකාරයා..

මාත් හොදට හරිබරි ගැහිලා ඉඳගත්තා.. මොකක් හරි ඇනෙනවා වගෙත් දැනෙනවා මේකා කයිසම අස්සෙ මොනාහරි දාගෙනවත් ඉන්නවද මන්දා.. එක දිගට එහෙම ඉඳගෙන ඉන්න අමාරු නිසා මං පොඩ්ඩක් එහෙට මෙහෙට උනහම ආආආර්ග්ග්ග් ආදි අයියා මගෙ ඉණ මිරිකලා කණ ළගට පහත් වෙලා කිව්ව කතාවට නම් මුගෙ ඔලුවට ටෝර් ටෝර් ගාලා ගහන්න හිතුනා..

" චූටිහ්..ම්හ්.. දගලන්න එපා බං එක විදිහකට ඉදපන්.. නිදාගෙන ඉන්න සත්තු ඇහැරන්නෙ නැතුව.. "

ඉඳපන්කො උබර්ට මං කියන්නෙම නෑ ආදරෙයි කියලා පගයා.. අවුරුදු වලට ගෙදර ගිහින් ආවහම තමයි කියන්නෙ..

කොහොමහරි විනාඩි 10කින් විතර කවීන් අයියා අපේ ගෙදර ඉස්සරහින් ත්‍රීවිල් එක නැවැත්තුවා.. ඉක්මනට මං බැහැලා මගෙ බෑග් එකත් අරගෙන අපේ ගෙදරට දුවගෙන ගියේ සිරාවටම මගෙ කම්මුල් රත් වෙලා දුම් පිටවෙනවා වගේ හැඟීමක් දැනෙන කොට..

ඇඳ උඩට බෑග් එක විසික් කරලා ඇඳගෙන හිටිය එක පිටින්ම බාතෲම් එකට ගිහින් ශවර් එක ඇරගෙන ඇල්ලුවා ඔලුව.. අනේහ්හ් එයා මගෙ ඉණෙන් අල්ලපු පාර තාමත් දැනෙනවා දැනෙනවා වගේ.. ඊටත් එයා මගෙ කනේ තොලුත් ගෑව්වා... අම්මාඅහ්හ්හ් මට පිස්සු වගේ අනේ.. හුඟක් හවස් වෙලා තිබ්බ නිසා මනෝලෝකෙන් එලියට පා තියලා මං ඉක්මනට නාගෙන එලියට එනකොට මෙන්න බොලේ ශේනුයි අපෙ අයියයි මගෙ ඇඳෙ ඉඳගෙන කතා කර කර ඉන්නවා..

" ආ මේ එන්නෙ.. මොකක්ද පොඩී උනේ.. කතා කලෙත් නෑ පිස්සට හැතැම්ම නෑ වගේ කාමරේට ආවේ.. "

" ඒක තමයි අයියේ අපි දෙන්නත් කන්ෆියුස් උනා මේකා එකපාරටම ගෙදරට පැන්නම.. "

" ආහ්.. මේ..මේහ්.. මං චූ බරේනේ හිටියේ.. ඒකයි.. කෙලින්ම කාමරේට ආවේ.. හි හි.. "

" අනේ යකෝ උබට නම් පිස්සු හොදටම.. "

" කියලා වැඩක් නෑ පැටියෝ.. ඔහොම ඉන්නකො මං දෙන්නටම තේ හදන්නම්.. සුදුමහත්තයා ගිහින් ඇඳුමක් ඇඳගන්න නැත්නම් සීතල අල්ලයි.. "

" හරි අයියේ.. "

අපේ අයියා සේනුට කිව්වෙ පැටියෝ කියලනෙ.. එතකොට ඇයි උගෙ ඇස් බෝල වෙලා කම්මුල් රෝස පාට උනේ.. හරිම අමුතුයි.. කුමක් නමුත් යමක් මට වැටහීගෙන යන හැඩයි.. අපි බලමුකෝ.. මං ආයෙම බාතෲම් එකටම ගිහින් කළු ශෝටකට සුදු පාට ටීශට් එකක් දාගෙන ඕඩික්ලෝන් එකෙන් පොඩ්ඩකුත් දාගෙන එලියට එද්දි අරූ ෆෝන් එකට කොටනවා..

මං ඌට නොදැනෙන්න පිටිපස්සෙන් ගිහින් එබිලා බලාගෙන හිටියේ මූ කාත් එක්කද ඇමිනෙන්නෙ කියලා..

- ඒ ලොකූ උබට බේබි ප්‍රඩක්ට්ස් එහෙම දෙක දෙක ගේන්න වෙයි හොදේ..

- ඒ මොකද බං ඒ.. උබ කොහෙද ඉන්න කියපන්..

- උබේ අරලිය මලට ලොකූ.. ඒකා තනිකරම ගාන්නෙ බේබි ප්‍රඩක්ට්ස්.. ඒක තමයි ඌ ළග එච්චර පොඩි බබාලගෙ සුවඳ..

- උබ ඉඳපන්කො.. මං ඒක බලාගන්නම්.. ඌට බේබි නෙවෙයි මට දෙන්න පුළුවන් හැමදේම දෙනවා.. ඉක්මනට ගෙදර වරෙන්..

මූ.. මූ.. මට වැරදුනා අම්මේ.. මේ ඉන්නෙ අයියගෙම මල්ලි කියලා.. සැක් යකෝ මේකා ඔක්කොම අරූගෙ කනේ තියනවනේ.. අනේ ඇයි අයියෝ මටම මෙහෙම වෙන්නෙ.. මං ශේනුගෙ පිටිපස්සෙම ඉඳගෙන උගේ පිටට තට්ටු කරහම උගෙ අතින් ෆෝන් එකත් අතෑරුනා..

" ඈ බොල බේසික කුපාඩි බල්ලෝ.. තෝ පුළුවන් නම් මගෙ නෙකඩ් ෆොටෝ එහෙකුත් යවයිනෙ ලොකූට.. "

" ඉතින් ඒ උබේ මිනිහනෙ.. මිනිහට යවන්නෙ නැතුව අර ඩෙවෝන් කාරයට යවන්නද.. අනේ නහින්නැතුව ඉදපන් කිරි පුතේ.. "

" ම්හුක් ශේනූ.. ඒ උනාට ඉතින් සුදු පුතාට ලැජ්ජයිනෙ අප්පා.."

" ඉකේ පලයන්කො අහකට හුරතල් වෙන්න එන්නෙ නැතුව.. "

" උබ හුරතල් කරන්න ඕනේ නෑ මං අදාළ කෙනා එක්ක හුරතල් වෙන්නම්.. වරෙන් යන්න තේ බොන්න.. "

" යමන් ඉතින්.. "

ඇත්තනෙ අනේ ලැජ්ජයිනෙ අප්පා.. හුම් ඒ උනාට එයා කිව්වනේ මට බේබි ප්‍රඩක්ට්ස් නෙවෙයි දෙන්න පුළුවන් හැමදේම දෙනවයි කියලා.. හුම්ම් ශේනුවත් එක්කගෙන මං සාලෙට යද්දි අයියා තේ ගෙනාවා.. අපි තුන්දෙනා තේ බීලා ඉවර උනාට පස්සෙ ශේනු රෑ වෙලා නිසා ගෙදර ගියා.. අයියා රෑටත් එක්කම උයලා තිබුන නිසා 8ට විතර කාලා ටීවි එකත් පොඩ්ඩක් බලලා මං කාමරේට ගිහින් පොත් ටික ගත්තෙ වැඩ කරන්න හිතාගෙන..

ස්පෝට්මීට් එකේ වැඩ තිබ්බත් සමහර පීරියඩ් උගන්නන නිසා ස්කෝලෙදි නෝට් ලියවුනේ අඩුවෙන් ඒත් ඒ අදාළ නෝට් එක ගෲප් එකට දාන නිසා ඒවා ලියාගන්න ඕනේ.. ක්ලාස් එකේ වැඩ ටික මුලින්ම කරලා ස්කෝලේ නෝට්ස් ටිකකුත් ලියලා ශෝට් නෝට් එහෙකුත් ගැහුවා.. ඔය ඔක්කොම කරලා මං මේසෙන් නැගිටිද්දි වෙලාව 11.30යි..

ටේබල් ලෑම්ප් එක ඕෆ් කරලා ජනෙල් දෙක වහන්න යනකොට දැක්කෙ පාරට ඉස්සරහින් තියෙන ළිඳේ පඩිය උඩ කවුරු හරි කෙනෙක් ඉඳගෙන ඉන්නවා.. එයාගෙ අතේ ගිටාර් එකකුත් තිබුනා.. එයා ගිටාර් එක ප්ලේ කර කර ඉදලා කියන්න පටන් ගත්තෙ සිංදුවක් වෙද්දි සත්තයි ඒ කටහඩ නම් භාවනාවක් උනා වගේම ඒ කටහඬේ අයිතියකාරයා මට අයිතිවාසිකම් කියන එකම කෙනත් උනා..

" හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම් උහුලන්නද මං තවත්..

මගෙ ලොව යලි නොනිමෙන සේ නුඹේ හිත ළඟ තනිවෙනකන්..

එක බැල්මෙන් නැළවෙමි නුඹ ගාවින් ඉඩ ගන්නද මං තවත්..

නුඹ ළඟ මා සැනසෙන සේ නුඹේ නෙතු දැක හිනහෙනකන්.... "

එයා ඒ සිංදුවෙ හැම පදයක්ම කිව්වෙ මට වෙනකොට මට හිතුනා මං වෙන්න ඇති ඒ වගේ කෙනෙක්ගෙ ආදරේ ලබන වාසනාවන්තම කොල්ලා කියලා.. ඉතින් පොත් මේසෙ උඩ තිබුන ෆෝන් එක අරගෙන එයා පිටිපස්ස හැරිලා ඉන්නවා ෆොටෝ එකක් ගත්තු මම වට්සැප් එකේ ස්ටේටස් වලට ගිහින් ශේනු, දිලුම්, අපේ අයියා එයාලට පේන්න විතරක් ප්‍රයිවසි හදලා අනික් උන් ඔක්කොම හයිඩ් කරලා ඒ ගහගත්තු ෆොටෝ එකට කැප්ශන් එකක්, තවත් විදිහකට ගත්තොත් එයාගෙ පද පේළි වලට උත්තරයක් විදිහට මං ඒක ටයිප් කරලා ස්ටේටස් අප්ඩේට් කලා..

ස්ටේටස් එක දාපු සැනින් ශේනු, දිලුම් බලලා ඒකට රිප්ලයි කරලා තියෙද්දි මම ඒ දෙන්නට හාට් රියැක්ට් දෙකක් දාලා ජනෙල් දෙක වහලා දැම්මා.. ෆෝන් එක සයිලන්ට් දාලා චාජරේට ගහලා නිදාගන්න ඇඳට වැටුන මං ඔලුව යටින් අත් දෙක තියාගෙන ලොකු හුස්මක් පිට කරේ ආදිත්‍ය අයියව මතක් වෙන වාරයක් පාසා මගෙ හිතේ අමුතු හිරියක් යද්දි..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

දුකයි හොදේ..

😒😒 මට කියන්න මුකුත් නෑහ්.. වෝට් කමේන්ට් අඩු වෙලා මෙහෙම අප්ඩේට් දීලා වැඩක් ඤෑනේ 🫡

Lvyuuuuu❤

Share This Chapter