Back
/ 50
Chapter 23

[විසි එක්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

සුපුරුදු විදිහට උදේ නැගිටලා ෆෝන් එක අරගෙන බලද්දි ඊයේ දාපු ස්ටේටස් එකට එයාගෙන් හාට් ඉමෝජි එකක් විතරක් මට හම්බෙලා තිබ්බා.. සීන් කරලා විතරක් හිටිය මං ඩේටා ඕෆ් කරලා දාලා තුවායත් අරගෙන ගිහින් මූණ හෝදගෙන අයන් කරලා තිබ්බ යුනිෆෝම් එක ඇඳගත්තා.. පොත් ටිකයි, බොටම් එකයි ටී ශර්ට් එකයිත් දාගෙන බෑග් එක ලෑස්ති කරලා සපත්තු දෙකත් දාගෙන, කොන්ඩෙත් පීරගෙන බෑග් එකත් අරගෙන මං ඉස්සරහට ගියා..

" ගුඩ් මෝනින් අයියේ.. උයලා ඉවරද.. "

" ඔව් බබා.. තව ටිකයි තියෙන්නෙ.. ඔයාට අද මල් ගෙනියන්න ඕන කිව්වනෙ ගිහින් මල් ටිකක් කඩාගන්නකො.. "

" ඔව් අයියේ.. මං මල් කඩාගෙන එහෙමම ශේනුලගෙ දිහාටත් ගිහින් එන්නද.. "

" හා හා එහෙනම් එයාලවත් එක්කගෙනම එන්නකො.. "

අයියා ගිහින් එන්න කිව්වට පස්සෙ මං මලුත් කඩාගන්න මල් වට්ටියත් අරගෙන මල් ටිහිකුත් කඩාගෙන ශේනුලගෙ ගෙදරට ගියා.. මට හුඟක්ම උවමනාව තිබ්බෙ ආදිත්‍ය අයියගෙ මූණ බලාගන්න.. ගේට්ටුව ඇරගෙන ඇතුළට ගියා හොද වෙලේට දොර ඇරලා.. මං බෙල් කරන්න යන්න හදලත් මඟින් නැවතුනෙ හුරුපුරුදු රූපයක් හිටිය නිසා වෙද්දි ඒ මම හොයාගෙන ආව ආදිත්‍ය අයියා උනා..

එයා හිටියේ අත්දෙක පිටිපස්සෙන් බැඳගෙන මිදුලෙ තිබ්බ සුදු අරලියා ගහයටට වෙලා.. එයාගෙන් පෙනුනෙ වලව්වක හාමු කෙනෙක්ගෙ පෙනුමක්.. එච්චරටම ගාම්භීර පාටයි වගේම ආඩම්බර මූණක්.. මං එයාට කතා නොකරම ගෙට යන්න ඉස්සරහට අඩියක් තියද්දිම එයා මට කතා කලා.. ඒකත් මං දිහා නොබලම..

" පුංචි මහත්තයා ඉතින් කතා නොකරම යන්නේ.. බයයිද ඔය හිතේ තියෙන ඒවා දැනගනී කියලා ම්ම්.. "

පුංචි මහත්තයා.. පුංචි තමයි හුහ්.. බය නැත්තෙ මොකෝ අනේ එයැයි මහා අසහනකාර හාමු මහත්තයෙක් නෙ.. මං මල් වට්ටියත් අත් දෙකට මිරිකගෙන එයා ඉන්න තැනට ලං උනා.. ඉකේ යකෝ මේකගේ පපුවට පොඩ්ඩක් පහලින් නෙ මං ඉන්නෙ.. එච්චරටම කොටයිද අප්පාවේ.. මොන තරම් නම් නව නිංගිරාවක්ත දෙයියනේ..

" අයියා.. අද ස්කෝලේ යන්නෙ නැද්ද.. "

මං ඇහුවේ කිසිම අදාලත්වයක් තියෙන ප්‍රශ්නයක් නොවෙද්දි එයා අත් දෙක බුරුල් කරලා මගෙ පැත්තට හැරුනේ ටිකෙන් ටික මගෙ පැත්තට ලං වෙන ගමන්.. අන්තිමට පස්සෙන් පස්සට ගිහින් මං නැවතුනේ අරලියා ගහ යටම හදලා තියෙන සිමෙන්ති මේසෙ උඩින් ඉන්දවෙලා වෙද්දි එයා මගෙ දෙපැත්තෙන් අත්දෙක තියලා මූණට බර උනේ ආදිත්‍ය අයියගෙ උණුසුම් හුස්ම වලට මගෙ ඇස් දෙකත් ඉබේටම පියවිලා යද්දි..

" ම්ම්ම් දැන්ම ඔය රෝස තොල් මගේ කරගන්නෙ නෑ පුංචි මහත්තයෝ.. ඔය හිතේ තියෙන දේ මේ ලොකු මහත්තයට කිව්ව දවසට අපි අඩියක් ඉස්සරහට තියමු.. "

" අ..යි..යේ.. "

" ඉතින් මගෙ අරලිය මල ඔය හිතේ තියෙන දේ ඉක්මනට මට කියයි කියලා මං බලාපොරොත්තුවක් තියාගෙන හිටියට කමක් නෑ නේද.. "

" මං.. මං.. නෑ.. බලාපොරොත්තුවක් නෙවෙයි අනිවාර්යයෙන්ම.. ඔය ලොකු මහත්තයගෙ හිත මට වෙන් කරලා තියාගන්න.. "

" ම්ම්.. එහෙනම් දැන් කරන්න ආව වැඩේ කරගන්නකො.. "

" කරගන්න තිබ්බා මහත්තයා අයින් උනානම්.. "

" අයින් වෙන්න හිතෙන්නෑනේ හ්ම්ම්.. මොකද කරන්නේ ඒකට.. "

ආදිත්‍ය අයියා මහා මරුමුස් හිනාවක් දාගෙන තවත් මගෙ මූණට ළං උනේ ඊළඟට වෙන්න යනදේ හොදටම මං දැනගෙන උනත් එයාව නවත්තන්න මට උවමනාවකුත් තිබ්බෙ නෑ.. හැබැයි අපි දෙන්නගෙ අතර තොල් වල පරතරය බිංදුවක් වෙන්න කලින් එතනට ආව ශේනු නිසා ආදිත්‍ය අයියා ක්ශනිකව මගෙන් ඈත් උනා..

" ලොකූ.. යකෝ තෝ නම් හැදෙන එකෙක් නෙවෙයි බං.. මට උබට කියලම එපා වෙලා.. "

ශේනු කියනකොට ඔලුවත් කහ කහ අහක බලන් හිටිය ආදිත්‍ය අයියා මගෙ දිහා බලලා ඇහැකුත් ගහලා ගෙට ගියේ මං තවමත් හිටිය විදිහටම මේසේ උඩ ඉද්දි..

" තෝ මොකද නිකන් උණහපුලු පැටියා වගේ.. මෙන්න මෙහෙ වරෙන් යන්න තිසූ අයියා කෝල් කරා ඉක්මනට එන්නයි කියලා.. "

" ආහ්.. නෑ ඉතින් මුකුත් නෑ හුම්ම්.. "

" අනේ පානිය නොදා හිටහන්.. ලොකූ.. ලොකූ.. ලොකුවෝ ඉක්මනට වරෙන්න් පරක්කු වෙලා.. "

මේ මෝඩ ශේනුවා මගෙ කන ලගම ඉදන් ඇතුලෙ ඉන්න මහ එකාට බෙරිහන් දුන්නෙ මගෙ කන් බෙරෙත් අඩු වයසින්ම පරලව යවලා වෙද්දි ශේනුගෙ බෑග් එකයි එයාගෙ බෑග් එකයි දෙකම අරගෙන ආව ආදිත්‍ය අයියා ශේනුගෙ බෑග් එක උගෙ අතට විසික් කරන ගමන් එයාගෙ බෑග් කරට දාගෙන ඉස්සර වෙලා ගියා.. මායි ශේනුයි දෙන්නට දෙන්නගෙ මූණවල් බලාහෙන උරහිස් ඇකිලුවේ ඒකට මොන යකා වැහුනද කියලා හිතාගන්න බැරිව..

පස්සෙ ඉක්මනට අපි දෙන්නත් අපේ ගෙවල් පැත්තට ගියේ අයියා ගේට්ටුවත් වහලා මගෙ බෑග් එකත් එල්ලන් ඉනට අත් දෙකත් තියාගෙන නැලවි නැලවි එන අපි දෙන්නා දිහා බලාගෙන ඉද්දි.. අයියට සුපිරිවිකි දාලා මැදපු දත් තිස් දෙකම සේල් දාන ගමන් මගෙ බෑග් එක අතට අරගෙන කරේ එල්ල ගන්න ගමන් හතරදෙනා ඊටපස්සෙ පස්දෙනත් එක්කම බස් හෝල්ට් එකට ගියා..

(පස්දෙනා බස් එකට නගින තැන..)

ස්කෝලෙ ලගින් බැහැලා ඇතුලට ආව අපි හතරදෙනා ගෙන් ආදිත්‍ය අයියා ප්‍රිෆෙක්ට් රූම් එක පැත්තට යද්දි අපි තුන්දෙනා පන්තියට ආවා.. ගෙනාව මල් ටික හදලා පහනත් ලෑස්ති කෙරුව මම අරුන් දෙන්නා පහලට යන් කිව්ව නිසාම උන් දෙන්නත් එක්ක පහලට ආවා.. අද අපේ උදේ රැස්වීම නිසා කොහොමත් පහලට එන්න ඕනේ.. ඉතින් අපි කලින්ම ආවා..

ග්‍රවුන්ඩ් එකෙ කට්ටියම සෙට් වෙලා කයිය ගගහ ඉන්නකොට අනවුස්මන්ට් එක දුන්නා හැමෝටම පහලට ඇවිල්ලා පෝලිම් හැදෙන්න කියලා.. ඉතින් ඊටපස්සෙ ගාථා කියලා ඉවර උනාට පස්සෙ ස්පෝට්මීට් එක ගැන කිව්වා.. පිනාගෙ කතාවනෙ අහන් ඉන්න බැරි සැක්..

කොහොමහරි ඉතින් අන්තිමට උන්දැගෙ කතාවත් ඉවර උනාට පස්සෙ අපෙ ස්කෝලේ හෙඩ් පිපෙට් ලුකු අයියට කතාවක් තිබ්බනෙ.. ඒ මනුස්සයත් කිව්වෙ ඉතින් ස්පෝට්මීට් එකේ වැඩ කටයුතුවලට උදව් කරන්න අරකයි මේකයි කියලා.. ඔහොම ඔහොම කතාව ඉවර වෙලා අන්තිමට පාසල් ගීයයි ජාතික ගීයයි කියලා ඉවර වෙලා අපි පන්ති වලට ගියා..

පළවෙනි පීරියඩ් හතරම ෆ්‍රී.. අපෙ වාසනාව කොච්චරද කියන්න ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේ.. ඉතින් පන්තියෙ හිටියට වැඩක් නැති නිසා අපි තුන්දෙනා හවුස් ඩෙකරේශන් වලට ගියා.. එතනනෙ යකූ නියම ආතල් එක තියෙන්නේ.. බැජ් එක ඩිසයින් කරලා ඒක හදන්න ගත්තා මුලින්ම.. හැබැයි ඒක ලස්සනයි හොදේ..

" අඩෝ මේ අර මුස්ලිම් කොල්ලා ආමන් කෝ බං.. "

" කව්ද උබ කියන්නෙ අර දහතුන කොමස් එකේ එකාද.. මං හිතන්නෙ උන්ට උගන්නනවා බං.. "

" ආහ් දවසම උගන්නන එකක් නෑනේ බං පණිවිඩයක් යවහන් එන්නෙයි කියලා.. එයාට මේ ආට් සයිඩ් එකේ වැඩ පුළුවන්.."

" හා මචන්.. මේ අනික අර නවය දහය පොඩි පගයොන්ට බැනපන් බං ගිහින් උන් මෙලෝ මගුලකට එන්නෙ නෑ උදව්වක් වත් කරන්න.. "

" ඒ ඔව් ඈ ඒකනම් ඇත්ත නිකිඳු.. ඉදපන්කො මං කියන්නම් මිස්ට.. "

කොහොමින් කොහොමහරි කට්ටියම එකතු වෙලා බැජ් එකෙන් භාගෙට භාගයක්ම වැඩ ඉවර කලා.. අන්තිම පීරියඩ් හතරෙත් අපිට ඉගැන්නුවෙ නැති නිසා ආමන් අයියවත් ගෙන්න ගෙන එයාට කියලා ඔය ආට් සයිඩ් එකේ වැඩ ටික කරවගත්තා.. 1.45 වෙනකම්ම අපි හිටියේ අපිට ඩෙකරේශන් කරන්න දීලා තිබුන පන්තියෙ වෙද්දි කවුරුහරි දොරට තට්ටු කලා වගේම ඒ මොහොතෙම දොර ඇරගෙන ඇතුළට ආවේ හෙඩ් පිපෙට්.. එයාට එක හවුස් එහෙකටයි කියලා උදව් කරන්න බෑ.. හවුස් හතරම ගැන බලන්න ඕනේ..

" මිහිනු, ශේනුක, දිලුම් තමුන්ලා දෙන්නා අද ගෙවල් වලට යන්නෙ නැද්ද.. "

" මේ එන්න තමයි හැදුවෙ ලොකූ ඔයා පහලට යන්නකො අපි දෙන්නා බෑග් අරගෙන එන්නම්.. "

" ඉක්මනට එනවා දෙන්නම 2 වෙනකම් බැලුවා මං ගියා හරී.. "

අපි තුන්දෙනාටත් කෑ ගැහුව එයා වට පිටාවටත් ඇහැ යවලා පහලට ගියේ දොරත් හයියෙන් වහගෙන වෙද්දි තව පරක්කු උනොත් ගෙදර යන්න වෙන්නෙ තනියම නිසා අපි තුන්දෙනා බෑග් අරගෙන අනික් අයටත් යනවයි කියලා ඉක්මනට පහලට ආවා.. හතරදෙනත් එක්කම බස් එකට නැගලා ඉදගන්න සෙට් උන්නෑ අද කට කපලා සෙනග ඉතින් හිටගෙන හිරවෙලා තමයි යන්න උනේ..

මගෙ දෙපැත්තෙම හිටියේ කොල්ලො දෙන්නෙක් අසවල් ස්කෝල වල.. මගෙ පිටිපස්සෙන් හිටියේ ලොකු මහත්තයා කියන එකා.. ශේනුවයි දිලුමයි නම් ඉස්සරහට ගිහින්ද කොහෙද.. බස් එක බ්‍රේක් කරපු පාර ආදිත්‍ය අයියගෙ අත එතුනෙ මගෙ ඉණ වටේ.. දගලලා දගලලා ගැලවෙන්න හැදුවත් ම්හූ.. එයා මට වඩා ශක්තිමත් යාලුවනේ.. ඇරත් මේ බස් එක යනවා නෙවෙයි ඉගිල්ලෙනවා කොහොමහරි බස් එක අපේ බයිපාස් හන්දියෙ කලර් ලයිට් එකෙන් නවත්තද්දි ආදිත්‍ය අයියා හිටියේ එයාගෙ පපුවට මගේ පිට හේත්තු කරගෙන.. මං හිටියේ අන්ත අසරන ලොන්ත පූස් වෙලා.. එයාගෙ හාට් බීට් එක මට හොදට දැනෙනවා..

බස් හෝල්ට් එකෙන් බස් එක නැවැත්තුවට පස්සෙ අපි හතරදෙනා බැහැලා පයින්ම ගෙදරට ගාටන්න ගත්තා.. සල්ලි ඤෑ තිබුනත් අපි ආස මෙහෙම පයින් යන්න.. කොච්චර අමාරු උනත් මොකද ඒක හරි ශෝක්..

(බස් එක නවත්තන බස් ස්ටෑන්ඩ් එක..)

වෙල මැද්දෙන් යද්දි දැනෙන සනීප හුලග.. අහල පහල තියෙන කාමරංකා, මී අඹ, නාරං, ජෑම් ගස් ටික.. ගෙදර යද්දි ඕවගෙන් භාගයක්ම බඩේ ඉතින්.. කන්ද උඩට වෙන්න තියෙන කඩෙන් ගන්න බීම පැකට් එක.. අදත් ඉතින් ඒ විදිහටම අපි හතරදෙනා ගෙදර ආවා.. ආදිත්‍ය අයියා නම් ෆෝන් එකට කොට කොට මගෙ පිටිපස්සෙන් ආවා..

දිලුම් එයාගෙ ගෙවල් පාරට හැරෙද්දි අපි තුන්දෙනාගෙන් මමත් අපෙ ගෙදරට යද්දි අපෙ ගෙදර පාස් කරගෙන ආදිත්‍ය අයියයි ශේනුයි එයාලගෙ ගෙදරට ගියා.. අපෙ ගෙදර දොර ඇරලා.. යෝහ් ඒ කියන්නෙ අයියා ගෙදර ඇවිල්ලෝ...

~~~ඉදිරියට~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamai

හෙ හෙ ඔය ඉතින් ඇත්තම සිද්ධි තමයි.. ඔය දාලා තියෙන්නෙ මං ගහගත්තු ෆොටෝස් වගයක්..

හොද හොද සෙල්ලම් ඉස්සරහටලුනෙ.. ලොකු මහත්තයගෙ හිතේ චූටි මහත්තයට ඉඩ තියාගන්නලු..

ඉක්මනට අප්ඩේට් දෙන්න කමේන්ට් ගොඩක් ඕනේ එච්චරයි..

Good Night

Lvyuuuuu❤

Share This Chapter