Back
/ 50
Chapter 24

[විසි දෙවනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

මං ගෙදරට යද්දි අයියා හිටියේ කෝල් එහෙක නිසා එයාට කතාවත් නොකර මං කෙලින්ම කාමරේට ආවා.. සපත්තු දෙක ගලවලා දාලා රැක් එකෙන් තියලා යුනිෆෝම් එකත් ගලවලා තුවාය ඇදගෙන ආයෙම සාලෙට ගියේ අයියා කෝල් එක ඉවර කරලා ඇති කියලා හිතුන නිසා.. මං ගිහින් අයියට කතා කරහම අයියා බයවෙලා වගේ මගෙ දිහා බැලුවේ එයාට පේන්නෙ නැතුව හරියට ගෙට ආවා වගේ..

" අයියේ.. "

" ඕහ්හ්.. පොඩ්..ඩො.. ඔයා ආවද.. මම දැක්කෙ නෑනේ ළමයෝ.. "

" මේ මාව දැක්කෙ නෑ ඔයාගෙ ඉස්සරහින් ගියපු.. "

" ඒකනේ අනේ ඉතින් මං හිටියේ කෝල් එහෙකනෙ.. "

" හුම්ම්.. ඇයි අයියේ බය වෙලා වගේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද.. "

සෝෆා එකේ ඉදගෙන හිටිය අයියගෙ මූණෙන් පෙනුනෙ හුගක් මහන්සි පාටක් වගේම එයා හිටියේ වෙන ලෝකෙක කියන්න මට හොදට තේරුන නිසාම මං එයාගෙන් ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා..

" ඔයාගෙ අප්පච්චි කතා කලේ පොඩී.. එයා කියනවා ඔයාට ඉක්මනට ගමේ එන්න කියලා.. "

" මොකක්.. ඒ ඇයි ඒ එකපාරටම.. "

" මන්දා මටත් හිතාගන්න බෑ.. "

" අනේ අයියේ අප්පච්චිට ආරංචි වෙලාවත්ද මං ක්‍රිකට් ප්ලේ කරනවයි කියලා ආයෙම.. "

" මං නම් හිතන්නෙ නෑ පොඩී මොකද ඒක ගැන දන්නෙ අපි පස් දෙනා විතරයි නේ.. "

" ඒත් එයාට කොහෙන්ම හරි පොඩියට හරි ආරංචි වෙලා නම්.. අනේ අයියේ මට බයයි.. "

" ශ්.. බය නොවී ඉන්නකො හොදේ.. මමත් එනවනෙ ගමේ යන්න.. අපි ගිහින්ම බලමුකො.. "

" හ්ම්ම්.. "

කොහොමත් ගමේ යන්න වෙන්නෙ ස්පෝට්මීට් එක ඉවර උනහම.. මට ඒ වැඩ අතරමග දාලා ගමේ යන්න බෑ එහෙම උනොත් අපේ හවුස් එකේ උන් අනාත වෙනවා.. බස් එහෙක යන මගදි හරි ආදිත්‍ය අයියත් එක්ක යන ඒවා ආරංචි වෙලාද දන්නෙ නෑ කියලා හිතෙනකොට නම් මට ඇඩුනා.. අයියා මාව තුරුල් කරගෙන ඔලුව අතගෑවා උනත් මගෙ පපුවෙ මහ ගින්දරක් පත්තු උනා..

" පොඩ්ඩො ගිහින් වොශ් එකක් දාගෙන එන්නකො මං කෑම බෙදන්නම්.. මහන්සිත් ඇතිනේ.. "

" මට කන්න බෑනේ අයියේ.. "

" එහෙම කියලා බෑනෙ මැණික කෝ නැගිටින්නකො මං අදිටයි විදූටත් එන්න කිව්වා.. බය වෙන්න එපා මේ අයියා ඉන්නවා ඕනම දේකට.. "

" හ්ම්ම් මං ඉක්මනින් එන්නම්.. "

අයියා මාව බලෙන්ම ඇග හෝදවන්න යවද්දි මං බෑ කියලා කිව්වත් මොකද ඊටපස්සෙ කිව්වනෙ ආදි අයියයි විදූ කිව්වෙ ශේනුටනෙ ඒ දෙන්නා එනවයි කියලා.. අනේ මන්දා අපෙ අයියා ශේනුට අමුතු අමුතු නම් වලින් කතා කරන්නෙ ඇයි කියලා.. මුං දෙන්නා අපිට හොරෙන් අනියම් පෙමක්වත් පටන් අරගෙනදෝ මන්දා..

ඔය ඔක්කෝම කෙහෙල් ඇවරි ටික හිතන ගමන් මං ගිහින් හොදට නාගත්තා.. නාගෙන දුඹුරු පාට ශෝටකට සුදු පාට ටී ශර්ට් එකක් දාගෙන බේබි පෞඩර් චුට්ටයි බේබි ක්ලෝන් චුට්ටකුයි දාගෙන බේබි ක්‍රීන් ටිහිකකුත් ගාගෙන ෆෝන් එකත් සාක්කුවට ඔබාගෙන කාමරෙන් එලියට එද්දි අර දෙන්නා ඇවිල්ලා වගේම අයියා මේ වෙද්දි විස්තරෙත් කියලා තිබ්බා..

" සුදූ කෝ එන්න මං කවන්නම්.. උබට දුන්නොත් ඕක අත ගගා ඉන්නවා.. "

" අනේ අයියේහ්හ්හ්.. "

" හා හා මෙහෙන් ඇවිත් ඉදගනින්.. පැ.. නෑමේ ශේනුක මල්ලි තව බිස්කට් ගන්න.."

ආන්න දැක්කද ආන්න දැක්කද පැටියෝ, විදූ ම්ම්ම් කියන්න ගිහින් නැවැත්තුවා.. ඔහොම ඉදපන්කො දෙන්නම මං අල්ලගන්නම් බේසික අයියයි බේසික කොට පගයවයි.. මං අයියා දිහා බලලා ආදි අයියා දිහත් බලලා අයියා කවන කවන කට බඩට දාගත්තා.. අලි පත බත් පිගානක් කවලා මදි පාඩුවට කෙසෙල් ගෙඩියකුත් කන්න කියලා අතට දුන්නට මොකද මගෙ එහා පැත්තෙ හිටිය වල් වනචර කුපාඩි යාලුවා කිව්ව එකට මට කෙසෙල් ගෙඩිත් එපා උනා..

" මේහ් කෙසෙල් ගෙඩිය තව ලොකු උනානම් අනාගතේ කෙසෙල් කන්න දැන් ඉදන්ම පුරුදු වෙන්න තිබ්බා.. "

කොනක ඉදන් මගෙ මුලු මූණම රත් වෙද්දි ඇත්තමයි මට බැලුනේ ආදි අයියා දිහා වගේම ඒ වෙද්දිත් එයා මාව පෙන්නලා ඇයි කියලා ශේනුගෙන් ඇහුවා වෙද්දි ශේනු ඇහැක් ගහලා මගෙ අතේ තිබ්බ කෙසෙල් ගෙඩිය පෙන්නුවහම එයා නක්කලේට මහ කැත විදිහට හිනා උනා..

" තමුසෙගෙ ඔය කෙසෙල් ගෙඩි භාගෙ මට කියලා කෑලි කෑලි වලට කපා ගන්නැතුව ඔය අමන කට වහන් හිටපන් කොටෝ.. "

" යාඅහ්හ් යකෝ කියනවයි කියලා ඔහොමත් කියනවද කියපන්.. ඇගත් එක්ක හිරි වැටුනා.. "

මං දෙන්නටම ඇහෙන්න එහෙම කියල කාමරේට එන්න හදද්දි මං බලාගෙන මගෙ වෙන්න මෝඩ මිනිහා ඇස් දෙක ලොකු කරන් මගෙ දිහා බලාගෙන ඉන්නවා.. එව්ව් හරිම ඒසයි..

කාමරේට ඇවිල්ලා ජනේලෙ ලගට ගිහින් මං පාරෙන් එහා පැත්තෙ තියෙන වෙල දිහා බලාගෙන කල්පනා කරේ ඇත්තටම අප්පච්චි කතා කලේ ඇයි කියලා හිතාගන්න බැරුව.. ගැඹුරටම කල්පනාවෙ ගිලිලා හිටිය මම ආපහු හරි සිහියට ආවේ කවුරු හරි මගෙ උරහිස උඩින් අතක් තිබ්බ නිසා වගේම මං ඉස්සරහ පැත්ත හැරෙද්දි ඒ ඇවිල්ලා හිටියේ ආදිත්‍ය අයියා උනා..

" මොනාද ඔච්චර අහස පොළොව ගැටගහන්න වගේ කල්පනා කරන්නේ ම්ම්.. "

" අයියට අපෙ අයියා කියන්න ඇති නේද හේතුව.. ඒක ගැන කල්පනා කලේ.. "

" හ්ම්ම් කිව්වා නම් තමයි.. බය වෙන්න දෙයක් නෑනේ මිහිනු සාමාන්‍ය විදිහට ගෙදර ගිහින් එන්න.. "

" ඒ උනාට අයියා දන්නෙ නෑ අපෙ අප්පච්චිගෙ හැටි.. එයා ඔහොම හිටියට හරි නපුරුයි.. "

" අපි බලමුකො.. තිසුක අයියත් ගමේ යනවනෙ.. "

" හුම්ම් ඔව් එයත් යනවා.. "

" මේ අහන්න මගෙ අරලිය මල.. ජීවිතේ අපි කාටහරි බය වෙන්න ඕන අපි වැරැද්දක් කරලා නම් විතරයි.. ඉතින් මගෙ ළමයා වැරැද්දක් නොකර කාටවත්ම බය වෙන්නවත් කාටවත් ඔලුව නවන්නවත් ඕන නෑ.. තමන් වැරදි නැත්නම් මං වැරදි නෑ කියලා, අනික් කෙනාගෙ ඇස් දිහා බලලා එක පාරින්ම කියන්න හිත හයිය වෙන්න ඕනේ.. ඉස්සරහට මීට වඩා ප්‍රශ්න එයි.. කොයි විදිහෙ ප්‍රශ්න ආවත් මම ඔයාගෙ ලගින් ඉන්නවා.. ශේනු, දිලුම් තිසුක අයියා විහස්න අයියා අනිවාර්යයෙන් ඔයා එක්ක ඉන්නවා.. ප්‍රශ්න වලට බයේ පැනලා යන්න නෙවෙයි සුදු බෝලේ ඕනේ ප්‍රශ්න වලට මූණ දෙන්න.. එතකොට අපි ශක්තිමත් වෙනවා.. ස්පෝට්මීට් එකෙන් පස්සෙ ගමේ ගිහින් එන්න.. බය වෙන්න එපා කිසිම දේකට ම්ම්.. "

" අයියේ.. "

" ඔය ඉතින් උබට මුකුත් කියන්න බෑනේ ඇස් වල කදුලු පුරෝගන්නවනෙ.. "

" ම්හ්ක්.. ඉතින් අනේ.. "

" හරි හරි දැන් ඇති.. මං යන්න ඕනේ.. කාලා බීලා නිදාගන්න.. හෙට උදේ ස්කෝලෙනෙ.. "

" හුම්ම් හරි.. ගුඩ් නයිට් පරිස්සමින් යන්න.. "

" ගුඩ් නයිට් සුදුබෝලේ.. "

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

අනේ මට ලස්සන තෑගි දෙකක් හම්බුනා ඒක වීඩීයෝස් දෙකක්.. කොහොමද අයියෝ ඔයාලට පෙන්නන්නෙ.. 🥹😩

අද කොටස පොඩි එකක් හොදේ.. වෙලාවක් තිබ්බෙ නෑ ටයිප් කරගන්න.. දිග එකක් දෙන්නම්කො ඉක්මනට..

කමේන්ට් ටිකක් හලාගෙන යන්න..

Good night

Lvyuuuuu❤

Share This Chapter