Back
/ 50
Chapter 25

[විසි තුන්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

හරියටම දවස් තුනකට පස්සෙ අද ඉරිදා දවසක්..මේ එන සතියෙ සිකුරාදනෙ ස්පෝට්මීට් එක තියන්න හිටියේ.. ඉතින් මේ දවස් වල තියෙන කට්ට අව්ව නිසා ස්පෝට්මීට් මැයි මාසෙට කල් යනවයි කියලා කියනවා.. එහෙම උනොත් නම් මං ආයෙම ඕවට මහන්සි වෙන්නේ නෑ.. ඒ ලෙවල් ක්ලාසුත් කට් කරගෙන හවස් වෙනකම්ම ස්කෝලේ ඉදලා නිවාස හදන්න උදව් කලා.. එක්කො මුලින්ම කියන්න ඕන කල් දැම්මයි කියලා..

මං ඉන්නෙ මේ පන්සල් යන්න ලෑස්ති වෙන ගමන්.. මට හිතුනා හිත නිදහස් වෙන්නත් එක්ක පන්සලට යන්න.. ශේනු කිව්වනෙ මෙහෙ ලස්සන පන්සලක් තියෙනවා කියලා.. ස්කෝලේ ඇරිලා බස් එකේ එනකොට දැකලා තිබ්බට මෙහෙ ආවත් හරි පන්සලට ගියෙ නෑනේ.. ඉතින් අපි කට්ටිය කතා උනා ගිහින් එන්න.. මමයි ශේනුයි දිලුමයි.. අපෙ අයියට නම් මොකක්ද assignment එකක් කරන්න තියනවයි කිව්වා.. ආදිත්‍ය අයියා නිදිලු..

" පොඩී ඔක්කොම බඩු ටික ගත්තද.. පොල්තෙල් ටිකක් නම් මගින් යන ගමන් ගන්න හොදේ.. "

" ඔව් අයියේ ඔක්කොම ගත්තා.. හා මට සල්ලි දෙන්නකො.. පොල්තෙල් කාලයි, අයිස්ක්‍රීම් එකක් කන්නයි.. "

" හවස් ජාමෙ සීතල කාලා හදාගනින්කො සෙම.. ආ මෙන්න වැඩියෙනුත් එක්ක තියෙනවා කන ඒවා කාලා ඉතුරුව එකතු කරගන්න.. "

" තෑන්ක් යූ ආදරෙයි උම්මාහ්.. එහෙනම් මං යනවා හොදේ.. "

" හරි පොඩ්ඩො පරිස්සමින් ගිහින් එන්න.. ශේනුත් යනවනෙ.. "

" හරී.. ඇයි ඇයි විදූ කියන්න අනේ විදූ යනවා නේද කියලා අහන්න.. "

" හා හා පලයන් දැන් ආවා මෙතන.. "

අයියගෙන් කොසු මිටි පාරක් කන්න බැරි නිසා මම දුවලා දුවලා ගේට්ටුවත් ඇරගෙන කෙලින්ම ආවේ පාරට.. ඊටපස්සෙ ශේනුලගෙ ගෙදරට ගිහින් එයාට කතා කරද්දි එලියට ආවේ නැන්දා.. නැන්දට ඉතින් මාව දැකලා හුස්ම ගන්නත් අමතක වෙලාලු ඔන්න..

" අනේ දෙවියනෙ මේ දරුවගෙ ලස්සන.. ලෝභ හිතෙනවා ළමයෝ.. "

" අනේ ඉතින් නැන්දෙ.. කෝ ශේනුක තාම ලෑස්ති වෙනවද.. "

" මං හිතන්නෙ ඉවරයිද කොහෙද.. පොඩී.. පොඩී.. මේ එන්න ඉක්මනට.. මිහිනු පුතා ඇවිල්ලා.. "

" මේ එනෝ අම්මා.. "

එහෙම කියාගෙන ශේනු උඩ ඉදන් පහලට ආවා.. එයත් අළු පාට කලිසමට සුදු ටීශර්ට් එකක් ඇදලා.. මං තනිකරම සුදු ඇඳුමක්.. ලාම ලා නිල් ඩෙනිමකට සුදු ශර්ට් එකක්..

ශේනුත් අම්මගෙන් සල්ලි ඉල්ලගෙන එයාලගෙ වත්තෙන් කඩාගත්තු අරලියා මල් බෑග් එකයි හඳුන්කූරු, පහන්තිර ටිකයි ඉටි බෑග් එකක දාගෙන අපි දෙන්නත් එක්කම දිලුම් ලගෙ දිහාට යන්න ගියා.. දිලුම් නම් වෙලාවට කලාවට හොද ළමේක් වගේ පාර අයිනට ඇවිල්ලා හිටියා.. ඉතින් තුන්දෙනත් එක්කම පන්සලට යන්න ගත්තෙ හොද කයියකුත් ගහන ගමන්..

අපෙ ගෙවල් වල ඉදන් පන්සලට කිලෝමීටර් දෙකක් තියෙනවා.. ඒ උනාට මහන්සියක් දැනෙන්නෙ නැති තරම්.. පිළියන්දල කියන්නෙ තාම අර්ධ නාගරීකරණය උන නගරයක්.. ඉතින් තනිකරම ගමක් වගේ තමයි.. තුන්දෙනත් එක්කම පන්සලට ඇවිල්ලා සෙරප්පු ගලවලා තියලා මුලින්ම ගියේ පහන් පත්තු කරන්න..

පහන් ටික පත්තු කරන්න තෙල් දාලා තිරත් දාලා ඉවර වෙලා පහන පත්තු කරන්න ගිනිකූර ලං කරද්දිම ආව හළඟක් නිසා පහන නිවෙන්න හැදුවත් එකපාරටම මගෙ අත් දෙකත් එක්ක එකතු වෙලා පහන වහගත්තෙ තවත් අත් දෙකක් වෙද්දි මං පිටිපස්ස හැරිලා බලනකොට ඒ හිටියේ ආදිත්‍ය අයියා..

මම එයාගෙ ඇස් දිහා බලාගෙනම හිටියේ පහනත් අමතක කරලා වෙද්දි පහනෙ දැල්ලට මගෙ අත පිච්චුනහම තමයි මම පියවි සිහියට ආවේ..

" කල්පනාවෙන් වැඩ කරන්න මිහිනු.. "

" ඔයා කොහොමද අයියේ මෙතනට ආවේ.. අපි එද්දිත් ඔයා නිදිනේ.. "

" මං කොහොමහරි ආවනේ.. "

" හ්ම්ම්.. "

" මීණු.. "

" මං හරි ආසාවෙන් හිටියා කවදහරි මං ආදරේ කරන කෙනත් එක්ක පන්සලට ඇවිල්ලා මලක් පූජ කරලා පහනක් පත්තු කරලා පුංචි ප්‍රාර්ථනාවක් කරන්න.. මට අද හරි සතුටුයි මගෙ අරලිය මල.. මොකද මගෙ ආසාව ඉශ්ට උනා.. ඉතින් මං හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා මීණු ඔයාගෙ හිතේ තියෙන දේ මට කිව්ව දවසට දළදාවට ගිහින් ඔයාගෙත් එක්කම පහනක් පත්තු කරන්න.. "

" අයියේ.. මගෙ පපුවට ඔයාගෙ වචන බර වැඩී අභී.. "

" බර වැඩි උනත් දරාගනින් මීණු.. මං ළග තියෙන මුළු ආදරේම අයිති උබට විතරයි.."

ආදිත්‍ය අයියා මගෙ නළලට වැටිලා තිබ්බ කොණ්ඩ කෑල්ලක් අරගෙන කන පිටිපස්සෙන් රැඳෙව්වෙ,

" උබ හරි පිං පාටයි මගෙ රත්තරන්.. මට ලෝභ හිතෙනවා.. "

කියලා හිමින් මුමුණන ගමන්.. මටත් ඔයාට හරි ලෝභයි දෙයියනේ.. මගෙ ලගින් ඈත් උන එයා සාක්කු දෙකට අත්දෙක දාගන්න ගමන් අපෙ අයියත් එක්ක ඉස්සරහට ඇවිදගෙන ගියෙ අපෙ අයියා අපිට ඉතුරු මල් පූජ කරලා ගාථා එහෙම කියලා එන්න කියන ගමන්..

අපි තුන්දෙනා පහන් පත්තු කරලා ඉවර වෙලා ඊළඟට බෝධීන් වහන්සෙට ගිහින් මල් පූජ කරා..

ඊටපස්සෙ බුදු මැදුරට ගිහින් මල් පූජ කරලා එතන ඇතුලෙ ඉඳන්ම ගාථත් කියලා තුන්දෙනාම එළියට ආවා.. බෝධීන් වහන්සෙට හදලා තියෙන වැලු මලුවෙන් එලියට ආවහම තියෙන්නෙ අසූමහා ශ්‍රාවකයන්ගෙ පිළිම පේළියක්.. ඊට ටිකක් ඉස්සරහින් තමයි බුදු මැදුර තියෙන්නෙ..

(බුද්ධ මන්දිරයයි අසූමහා ශ්‍රාවකයන්ගෙ පිළිමයි.. )

බුදු මැදුරට වෙලා ඉදලා එලියට ආවහම තියෙන්නෙ ගහක් යටට වෙන්න හදලා තියෙන බැම්මක්.. එතන වෙනම සිමෙන්ති මේසෙ කීපෙකුයි ඒ වටේට බංකුයි දාලා තියෙනවා..

(උණ පඳුර වටකරලා හදලා තියෙන සිමෙන්ති බැම්ම.. )

ඒක තියෙන්නෙ වෙනමම මලුවක් වගේ.. මැද උණ පදුරක් වට කරලා බැම්මකුයි ඒ හතර කොණ් වලින් බුදු පිළිමයි හදලා තියෙනවා..

(ඉඳගෙන ඉන්න හදලා තියෙන බැම්ම වගේ කොටසට උඩින් තියෙන බුදු පිළිම.)

අපි තුන්දෙනත් එතනින් ඉදගෙන කතා කර කර හිටියා වගේම ෆොටෝස් ටිකකුත් ගත්තා.. පැය භාගයක් විතර එතනට වෙලා හිටිය අපි කට්ටියම චෛත්‍යයට ආවා..

චෛත්‍යය මළුවට ගිහින් මල් පූජ කරලා එතනත් පැය භාගයක් විතර ඉදලා අපි පස් දෙනා ආවේ පන්සලේ ලොකු හාමුදුරුවන්ව මුනගැහෙන්න..

" මේ දරුවා මං හිතන්නෙ අලුතෙන් ගමට ආව කෙනෙක් වෙන්න ඕනෙ.. "

"එහෙමයි හාමුදුරුවනෙ මම නුවරඑළියේ ඉදන් උසස්පෙළ වලට මෙහෙ ස්කෝලෙට ආවේ.. "

" බොහොම හොදයි බොහොම හොදයි.. හරිම පින්පාට දරුවෙක් මේ දරුවා.. හොදින් ඉගෙන ගන්න ඕන තේරුනාද.. "

" එහෙමයි හාමුදුරුවනෙ.. "

හාමුදුරුවොත් එක්ක කතා කරලා පිරිත් නූලුත් බැඳගෙන අපි පස්දෙනා හාමුදුරුවන්ගෙ ආවාස ගෙයින් එලියට ආවා.. එතන ඉදන් මගෙ අත ආදිත්‍ය අයියගෙ අතත් එක්ක පැටලිලා තිබුනේ අපි දෙන්නගෙම අත් දෙකට මැදිව බෝ කොලේකුත් තියෙද්දි..

පන්සලෙන් රෑ හතට විතර එලියට ආව අපි කට්ටිය මග තිබුන අයිස්ක්‍රීම් වාහනෙන් අයිස්ක්‍රීමුත් අරගෙන කන ගමන් ගෙදර එන්න ආවා.. වෙල මැද්දෙන් යනකොට දැනෙන සීතල හුලඟට ඇගේ හිරිගඩුත් පිපෙන කොට සත්තයි එයාගෙ අතේ උනුහුම මට ඕනවටත් වඩා දැනුනා..

දිලුම් ගෙ ගේ ලගින් එයාව දාලා මායි අයියයි අපෙ ගෙදෙට්ට යද්දි ආදිත්‍ය අයියයි ශේනුයි අපෙ ගෙදර පහුකරගෙන උඩහට ගියේ ආදිත්‍ය අයියා මගේ දිහා බලලා ලස්සන හිනාවක් දෙද්දි..

මං කෙලින්ම කාමරේට ඇවිල්ලා දොරත් වහලා දාලා ෆෝන් එක අතට අරගෙන ආදිත්‍ය අයියා මගෙ දිහා බලන් ඉන්න ෆොටෝ එකක් අරගෙන ස්ටේටස් එකක් දාන්න ගත්තා..

අනේ මම මේ දැනෙන හැඟීමට හරි ලෝභයි දෙයියනේ.. ඔක්කොම දමලා ගහලා මට ආදරෙයි කියන්න හිතෙනවා ඒත් මට ඕනේ ගමේ යනකම්ම ඉන්න.. ඉක්මනට දවස් ගෙවෙනවනම්..

ස්ටේටස් එක දාලා රෑට අඳින ඇඳුමත් අරගෙන බාතෲම් එකට ගිහින් නාගෙන එලියට ඇවිල්ලා රෑට කාලා ටිකක් වෙලා ටීවි එකත් බලලා මං කාමරේට ඇවිල්ලා පොත් ලෑස්ති කරලා, ඇඳුම් මැදලා, සපත්තු පොලිශ් කරලා ඇඳට වැටුනේ වැටුන පමාවට මට නින්ද යද්දි..

~~~ඉදිරියට~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

හුම් හුම් හෙට ස්කෝලේ හර්ත.. අප්ඩේට් පරක්කු වෙයි ඒ නිසා.. 😒

වෙලේ ෆොටෝ එකක් දාන්න බෑ අනේ ඒ හැම ෆොටෝ එහෙකම හොල්මන වගේ මම ඉන්නවා.. ඔය අපෙ පන්සල මං කිව්වනෙ මේ කතාවෙ ඔක්කොම සම්පූර්ණයෙන්ම ඇත්ත සිදුවීම්..

චුන්චි චුන්චි වෙනස්වීම් විතරයි තියෙන්නේ.. 🥲👍

කමේන්ට් ගොඩයි වෝට් ගොඩයි ආවොත් පරක්කු වෙලා හරි ඊළඟ එපිසෝඩ් එකට වචන 2000ක් දෙනවා සත්තයි.. 😌👊

Lvyuuuuu❤

Share This Chapter