Back
/ 50
Chapter 26

[විසි හතරවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

~ දින හතරකට පසු ~

අද අපෙ ස්කෝලෙ ස්පෝට්මීට් එක.. මාස දෙකක් තිස්සෙ නැහිලා නැහිලා අන්තිමේදි ඒකත් අද තියෙනවා.. මේ අව්ව නිසා මැයි වලට කල් යනවා කියලා ස්ථිරවම කිව්වත් මොකද අපිට බදාදා රෑ 9ට ගෲප් එකට මැසේජ් එකක් දාලා කිව්වා සුපුරුදු වෙලාවට, දිනේට ස්පෝට්මීට් එක තියනවයි කියලා.. වැඩ සේරම නවත්තලා තිබ්බ නිසා අපෙ සෙට් එකගෙ ඉහ මොළ රත් වෙලා හිටියෙ.. හවුස් බැජ් 150 විතරයි හදලා ඉවර.. බ්‍රහස්පතින්දා ස්කෝලේ ගිහින් දවසම නිවාසෙ කෑලි හැදුවා.. කන්නවත් වෙලාවක් තිබුනෙ නෑ.. ඒ මදිවට එදාම හවස 2ට ග්‍රවුන්ඩ් එකේ රියසල්.. ස්කොඩ් එකට, ඉවෙන්ට් මොකටවත් නැති අයවයි 13 ආමන් අයියයි, ජයෝධ අයියවයි වැඩ ටික බලන්න කියලා අපි ග්‍රවුන්ඩ් එකට ආවා..

කොහොමහරි එදා රියස්ල් ඉවර වෙද්දි රෑ 7යි ඒකත් නැවැත්තුවෙ හොදටම වැස්ස නිසා.. පස්සෙ හවුස් කැප්ටන් අයියලගෙ ගෙදර ගිහින් අපි සෙට් එක ඉතුරුවා කරන්න දාගත්තා.. ඒ අයියගෙත් ලොකු අයියා ඇවිල්ලා හිටියෙ අපිව එක්කන් යන්න.. හත්තික්කෙ කිලෝමීටර් 3කට කිට්ටු වෙන්න පයින් ගියා.. කට්ට කරුවලේ ඒ අස්සෙ අපෙ ශේනු, දිලුම්, විග්නේශ් තුන්දෙනා පාක් එකේ ඔන්චිලාවක ඉදගෙන පැද්දි පැද්දි ඉන්න කෙල්ලෙක් දැකලා.. සුදු දිග ගවුමකුත් ඇදගෙන උන් තුන්දෙනා දිහා බලන් ඉදියලු.. ඒක කියව කියව මාවත් බය කරා..

පස්සෙ ඉතින් අපි එහෙ අවිල්ලා යුනිෆෝම් පිටින්ම ඉදගෙන වැඩ පටන් ගත්තා.. අපෙ හවුස් කැපා විනූශ අයියගෙ ලොකු අයියා දේවක රෑට කන්න හදලා දුන්නෙ සෝයමීට් පරිප්පු එක්ක කහබත්.. යකෝ දවසෙම බඩගින්නෙ ඉදලා අපි කෑවේ සාගින්නට අහු උන් වගේ.. කාලා ආයෙ එනවයි කිව්ව එශානයටත් කෝල් කරලා බීම එහෙකුත් ගේන්න කියලා ඌ ආවට පස්සෙ චිත්‍ර ඇදලා පාට කරලා භාගෙට වැඩේ ඉවර කරගත්තා.. 12ටත් කිට්ටු කරලා අපෙ අයියයි ආදි අයියයි දෙන්නම විනූශ අයියලෑ දිහා ආවා.. කොහොමහරි අපි එහෙන් යද්දි පාන්දර 1යි වෙලාව.. වාහනේ අපෙ අයියා ඩ්‍රයිව් කරද්දි ශේනුත් ඉස්සරහා ශීට් එකෙ හිටියා මමයි ආදි අයියයි එක ශීට් එහෙක හිටියෙ..

මගෙම කකුල් වලින් මම කකුල් දෙක පාගගනිද්දි ආදි අයියා මගෙ දිහා බලලා කකුල් රිදෙනවද අහලා මං ඔව් කිව්වට පස්සෙ මගෙ කකුල් දෙක එයාගෙ ඔඩොක්කුවට අරගෙන සෙරප්පු දෙක ගලවලා යටිපතුල් දෙක අතගාන්න ගත්තා.. පුදුමවෙලා එයා දිහා බලන් හිටිය මං කොච්චර එපා කිව්වත් මොට්ටයා මගෙ කම්මුලට හාද්දක් දීලා දිගටම කකුල් අත ගෑවා...

එයා කකුල් දෙක අතගාද්දි මට නින්ද ගියා උනත් අඩ නින්දෙ හිටිය මට එයා අපෙ ගෙවල් ලගින් වාහනේ නවත්තද්දි තේරුනා.. අපෙ අයියට ශේනුව ගෙදරට ගිහින් දාන්නයි කියලා එයාව යවලා භාගෙට නින්දෙ හිටිය මාව එයාගෙ අත් දෙකට අරගනිද්දි මං එයාගෙ පපුවට තුරුල් වෙලා ඇදගෙන හිටිය ටී ශර්ට් එක අත් වලට පොඩි කරගත්තා..

දොරත් ඇරගෙන මගෙ කාමරේට ගිහින් මාව එහෙමම ඇඳෙන් තිබ්බ ආදි අයියා ඔලුවත් අතගාලා ටිකක් වෙලා මගෙ මූණ දිහා බලන් ඉන්නව මට දැනුන නිසාම මං ඇස් දෙක ඇරලා එයාගෙ කම්මුලකට හාදුවක් තිබ්බෙ එයා පුදුම වෙලා ඇස් දෙකත් ලොකු කරන් මගෙ දිහා බලන් ඉදලා කාමරෙන් එලියට යන්න යද්දි..

ඇඳෙන් නැගිටලා වොශ් දාගෙන මං එහෙමම නිදාගන්න ඇඳට පැන්නා.. පොල්ලකින් ගහලා වගේ නින්ද ගිහින් හිටිය මං ඇහැරුනේ එලාම් එකේ සද්දෙට.. හතරහමාරයි.. ඇඳෙන් බැහැලෑ ඇඳත් හදලා එකින් එක ගෙනියන්න ඕන බඩු සේරම පිළිවෙලට බෑග් එකට දාගත්තා.. යුනිෆෝම් එක අයින් කරලා බ්ලේසර්ස් දාන කවරෙකට දාලා පැත්තකින් තියලා ටීශර්ට් එකයි, ශෝට් එකයි වතුර බෝතලයක් තුවායක් ඔය ඔක්කොම දාගෙන බෑග් දෙක අරගෙන මං ගියෙ සාලෙට.. අයියා කෑම හදනවා.. එයාටත් උදව් කරලා, කෑම දාගෙන ඉවර වෙද්දි පහමාරයි..

අයියට කොහොමත් කැම්පස් නිසා එයා ලෑස්ති වෙන්න ගියා.. මමත් කාමරේට ගිහින් නාලා බොටම් එකයි ටී ශර්ට් එකයි ඇඳගෙන සපත්තු දාලා ලෑස්ති වෙලා එද්දි අයියත් ආවා.. අයියත් එක්කම පාරට බහිද්දි ආදිත්‍ය අයියයි ශේනුයි ආවා..

" ආදිත්‍ය මං එහෙනම් යනවා කට්ටිය පරිස්සමින් වැඩ ටික කරගන්න.. මං හවසට එන්නම්.. මිහිනු පරිස්සමින් හරිද ඔන්න මං කිව්වා.. "

" හරි හරි අයියේ හුම් මං පරිස්සමින් ඉන්නම්.. "

" හ්ම්ම්.. එහෙනම් මං ගියා.. "

අයියා ගියාට පස්සෙ අපි Uber එකක් දාගෙන දිලුම් වත් අරගෙන ග්‍රවුන්ඩ් එකට ගියා.. යද්දි ටෙන්ට් ගහනවා ආදිත්‍ය අයියා එයාගෙ නිවාසෙ තියෙන තැනට යද්දි අපිත් අපෙ නිවාසෙ තියෙන තැනට ගියා.. අඤේ ඉතින් මගෙ රජතුමත් ඉන්නවා..

" දෙවියනෙ මගෙ බිරින්දෑගෙ ලස්සන.. මොනාද ප්‍රියාදරියෙ උබ මූණට උලන්නෙ ඔය හැටි ලක්සන වෙන්න.. "

" හා හා ලක්ශාන් උබ ඕවා ඇහෙන්න කාටත් කියන්න එපා.. කන්න වෙයි පුතෝ හරිත.. "

" ඇයි ඇයි මටෝන්නම් මං කියනවා.. මේ ඉන්නෙ මගෙ රජ බිසව.. "

" සුපිරි හෝටලේකින් කන්න ආසනම් හැමෝ එක්කම කියහන් බේසිකයා.. "

" යකුනේ නවත්තපල්ලකෝ.. වැඩ කරපියව් කතාව නවත්තලා.. "

විනූශ අයියා කෑ ගැහුවට පස්සෙ ඔන්න ඔක්කොම සයිලන්ට්.. ඔය බිසව සීන් එක උනේ, අපෙ නිවාසෙට හම්බෙලා තිබ්බෙ පරාක්‍රමබාහු රජ තීම් එක.. ඉතින් රජතුමා තමයි ලක්ශාන් අයියා පුම්චි මම්ම තමයි රජ බිසව.. ඕක දන්නෙ ශේනුයි දිලුමයි විතරයි ම්හ්ක් අරයා දන්නෑ.. නැත්නම් ඉතින් රැවිලි ගෙරවිලි පිප්පිලි ඉවරයි.. ඒත් ඉතින් දැන් මට බයයි ඕක එයා දැන ගනීත කියලා මොකද මූ දකින දකින තැන බෙරිහන් දෙනවනෙ.. ඔන්න ඕකයි විස්තරේ..

දැන් දවල් දොලහටත් කිට්ටුයි අපි මේ ගෝනි හොයන්න යන ගමන්.. දෙන්නෙක්ව යවලා මායි අනිකයි ආයෙම ග්‍රවුන්ඩ් එකට ගියා.. උන්දෙන්නා ගෝනි හොයන් ආවට පස්සෙ මම නැගලා මැදක් හරියට වෙනකම් ගෝනි එල්ලුවා.. ඉතුරු ටික එල්ලන්න උස ඤෑ යාලුවෙ.. අපේ මීට් එක පටන් ගන්නෙ 3.00ට අව්ව නිසාලු ඒ වෙලේට දැම්මේ..

නිවාසෙ හදලා ඉවර වෙලා ලග යාලුවෙක්ගෙ ගෙදරට ගියා ඇඳගෙන එන්න.. එතන තිබ්බ කඩෙන් මික්ස් රයිස් එහෙකුත් අරගෙන ගෙදරට ගිහින් කාලා ඇගහෝදන් ඇදගත්තා.. ම්හ්ක් අයියෝ මට ලැජ්ජයි දෙවියනේ.. ඉසුර ගෙ ෆෝන් එකෙන් uber එකක් දාගෙන ග්‍රවුන්ඩ් එකට යද්දි අම්මට සිරි වෙන්න වැස්සක් පටන් ගත්තා කියහන්කො.. ග්‍රවුන්ඩ් එකට දූගෙන දූගෙන අපෙ නිවාසෙ අස්සට ගියා.. රජතුමත් ඉන්නවා..

" හත්තික්කේ මුගෙ ලස්සන.. අනේ යකෝ මගෙ කොල්ලා වෙයකො උබ.. "

" උබට පිස්සුද ලක්ශාන් අයියේ.. මං කලිනුත් කිව්වා හොදේ.. "

" ඇයි ශේනුක මල්ලි මිහිනුට අයිතිකාරයෙක් ඉන්නවද.. "

" අනිවාර්යයෙන්.. ඒ අයිතිකාරයා මිහිනුගෙ අයිතිකාරයෙක් ගෙන් මිහිනුව සින්නක්කරවම පවරගෙන ඉවරයි.. "

" ටසිරි සිරාවටම.. ම්ම් ම්ම් නෛස් නෛස්.. "

ලක්ශාන් අයියගෙ මූණ අමුතු උනත් එයා ඒක නොපෙන්වා ඉන්න ලොකු ට්‍රයි එකක් දුන්නා.. අපිට වැඩි වෙලාවක් කතා කරන්න හම්බුනේ නෑ නිවාස බලන්න ආරාධිත අමුත්තො, ප්‍රින්සිපල් ඇතුලු හෙඩ් බෝ.. දෙයියනේ ආදි අයියා එයත් ඉන්නවනෙ යකෝ එයා හෙඩ් ප්‍රිෆෙක්ට් කියලා අමතක උනේ කොහොමද මට..

ආරාධිත අමුත්තොන්ගෙන් පස්සෙ ප්‍රින්සිපල් ආවට පස්සෙ ආවේ ආදිත්‍ය අයියා වෙද්දි මට නම් ඇඩෙන්න ආවා.. අනේ එයා මං දිහා පුදුම වෙලා බලන් ඉන්නවා.. ලැජ්ජාවටම මගෙ කම්මුල් රත් වෙලා.. ටික වෙලාවක් මා දිහා බලන් ඉදිය එයා ඊළඟට ඇහි බැමක් උස්සලා මහ නපුරු විදිහට බැලුවෙ මගෙ අත පැටලිලා තියන ලක්ශාන් අයියගෙ අත දිහා..

අම්මෙ අම්මගෙ සුජු පුචා අද ලෙප්ට් මයෙ අප්පච්චේ..

නිවාසෙ බලන්න ආව ආරාධිත අමුත්තෙක්ට හිටිය කලාපෙ මැඩම් කෙනෙක් මගෙ කම්මුලකුත් මිරිකලා සීදේවි කොලු පැටියෙක් කියලා කිව්වා.. මං බලාගෙන ආදිත්‍ය අයියා ඩ්‍රැමටික් විදිහට ඇස් දෙක රෝල් කරනවා.. මූට තියෙන්නේ මාර රුසියාවක්නෙ යකෝ.. නිවාසෙ බලලා අපෙන් හම්බුන සංග්‍රහයත් රස බලලා එයාලා ගියේ ආදිත්‍ය අයියලගෙ නිවාසෙට..

" මිහිනු පුතේ පොඩ්ඩක් ඔය ඇඳුම ඇඳගෙන ඉන්න හොදේ.. ෆොටෝ ටිකක් එහෙම ගන්න එපැයි.. "

අනේ අප්පා.. මට බෑ අයියෝ මොන ලැජ්ජාවක්ත මේ.. අයියටවත් කිව්වෙ නෑ මං නැත්නම් ඕකා මේක අස්සට ඇවිල්ලත් මට කින්ඩි දාවි.. ටීචර් කිව්වම බෑ කියන්න බැරි නිසා මූණත් ඤාලු කරගෙන මං උඩ පඩියෙන් ඉදගෙන නිවාසෙන් දුන්න කිරිපැකට් එක කටේ ගහගෙන හිටියා.. එකපාරටම හෙන පත අකුණක් ගහලා ධාරාණිපාත වැස්සක් කඩන් වැටුනෙ ග්‍රවුන්ඩ් එකෙ තිබ්බ අයිටම් එක ළමයි වැස්ස නොබලම කරගෙන යද්දි..

හයියෙන් හමන හුළඟ කන් අඩි පුපුරන අකුණු පාරවල් එක්ක වැස්ස මුලු ග්‍රවුන්ඩ් එකම හෝදන්න පටන් අරගෙන තිබුනා.. මං ෆෝන් එක අරගෙන අපෙ අයියට මැසේජ් එකක් දැම්මම එයා රිප්ලයි කරලා තිබුනා එන ගමන් කියලා.. මං ඒත් ආයෙම කිව්වා එන්න ඕනෙ නෑ ඉවර වෙන්න කිට්ටු වෙලා කෝල් එකක් දෙන්න කියලා.. එයා හා කියලා කිව්වට පස්සෙ අපි සෙට් බලන් හිටියේ ඉදලා ඉදලා මිට් එක තිබ්බම උන නස්පැත්තිය ගැන..

දැනටමත් නිවාස දෙකක් කඩන් වැටිලා ආදිත්‍ය අයියලගෙ එකත් ඒගොල්ලොන්ගෙ නිවාසෙ අය අල්ලගෙන ඉන්නෙ.. අපේ එක විතරයි කෙලින් තියෙන්නේ.. කොහොමහරි පැය එකහමාරක් වගේ වැස්ස තිබ්බා.. හිමින් හිමින් වැස්ස නැවතෙද්දි අර අගන්න ඕන කිව්ව ෆොටෝස් කට්ටියත් එක්ක  අරගෙන ශේනුයි දිලුමයි එක්ක ඇඳුම් මාරුකරගන්න ගියා..

ඉස්සරහට යද්දි ඒ හරියෙ වැඩිය කව්රුත් හිටියෙත් නෑ ඇරත් කළුවරයි.. මගෙ අතින් කවුරු හරි අල්ලගෙන එතනම එහා පැත්තෙ තිබ්බ බිත්තියට හේත්තු කෙරුවෙ එයාගෙ එක අතක් මගෙ ඉන ලගින් ගිහින් බිත්තිය අල්ල ගනිද්දි.. ලාවට වැටුන එලියකින් මාව ඇදලා ගත්තෙ වෙන කව්රුත් නෙවෙයි මගෙ හිතුවක්කාර අයිතිකාරයා කියලා මං දැනගත්තා.. ම්හ්ක් කොණ්ඩෙත් තෙමිලා ශර්ට් එකත් තෙමිලා.. සෙස්සි බෝයිපෙන් මගෙයි

" මගෙ පුංචි රජ බිසව.. ඇත්ත රජතුමා ඉද්දි වෙන එකෙකුට මේ අත අල්ලගන්න දෙන එක හරිද ම්ම්..  "

" අයියේ.. කැමැ..ත්තෙන් නෙවෙයිනෙ.. එවලෙ පොඩි.. රඟපෑමක්.. විතරයි.. ක්.. "

" රඟපෑමක් උනත් මගේ නම් මගේ විතරයි මීණු.. එක එක පකයොන්ට උබව අල්ලන්න දීලා උන්ගෙ අත පය තියෙන අන්තිම දවස කරගන්න එපා.. "

" ම්හ්..ක්.. බයිනවම විතරයි.. මං කැමැත්තෙන් එල්ලිලා හිටියවැයි.. අහකට යන්න ඒයි දුශ්ට කමනම් තියෙනවා මොනා නැතත්.. ම්හ්ක්.. "

" උබ මට තාම ආදරෙයි කියලා නැති නිසා බේරුනා කියලා හිතාගනින්.. මට්ටු කරන්නම් මං ඉක්මනට.. මීට් එක ඉවර වෙලා මේන් ගේට් එක ලගට ඇවිල්ලා ඉන්නවා අනික් උන් දෙන්නත් එක්ක.. "

" හුම්ම්.. අතාරින්නකො මාව.. "

" අතාරින්න බෑ වගේනෙ මොකද කරන්නෙ.. "

" එහෙනම් අල්ලගෙන ඉන්න.. ඔයාගෙ කියලා කිව්වනෙ හුම්.. "

" කෝළම.. ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්න.. "

ආදිත්‍ය අයියා ඊළඟට කරපු වැඩේටනම් මට හික් ගෑවුනා.. ලක්ශාන් අයියා මගෙ අත අල්ලගෙන හිටිය තැන අරගෙන ආදිත්‍ය එයාගෙ දත් වලින් හැපුවෙ විනාඩියක් විතර දත්වලින් අල්ලගෙන හිටිය අතෙ ගානට එයාගෙ දත්සැට් එකේ පාර රතු පාටින් හිටලා තියෙද්දි.. කටකොණෙන් මට හිනාවක් දීපු එයා යන්න යද්දි අර ගෝත පැටව් දෙන්නා මගෙ අත හරව හරව බලන්න ගත්තෙ මගෙ ඇස් දෙකෙ කදුළුත් පිරිලා තියෙනකොට.. ඒක රිදුනා එච්චරයි..

ඇඳුම් මාරු කරන අතරතුර තිබ්බෙ ගෑණු ස්කෝලෙන් ආව නැටිච්චියොන්ගෙ මොණර නැටුමක්.. ඒක ඉවර උනහම සහෝදර පාසල් වල බාලදක්ශයන්ගෙ ගිණිකෙළි සංදර්ශනයක්.. ඒ අතරතුර අපි නිවාසෙට ගිහින් ස්කොඩ් එකට ළමයින්ව පේළි ගැස්සුවා.. ඉදකින් මේ බේසික පුතාලා එක විදිහකට ඉන්නෑනේ පස්සෙ ටීචර් ඇවිල්ලා බැන්නහම එක විදියකට හිටියා..

ඒ සංදර්ශනේ ඉවර උනහම පටන් ගත්තෙ ස්කොඩ් එක.. මුලින්ම වෙස්ටන් බෑන්ඩ් එක ඊටපස්සෙ නිවාස හතරෙ කොඩි හතර ගත්තු හෙඩ් බෝඩ් එකේ ප්‍රිෆෙක්ට්ලා හතර දෙනයි, ක්‍රීඩා ධජයයි, ස්කෝලෙ ෆ්ලැග් එකයි ගත්තු හෙඩ් බෝඩ් එකේ අනික් දෙන්නා.. ඊටපස්සෙ ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ සීනියර්, ජූනියර් මෙම්බර්ස්ලා ඊටපස්සෙ ගිය අවුරුද්දේ ෆස්ට් ප්ලේස් ගත්තු හවුස් එක විදිහට අපෙ හවුස් එක දෙවනියට ආදිත්‍ය අයියලගෙ එක.. ඔය විදිහට පටන් ගත්තු ස්කොඩ් එක ප්‍රධාන ආරාධිත අමුත්තා, අපෙ ස්කෝලෙ ප්‍රින්සිපල් ඉන්න වේදිකාව ළඟදි එයාලට අපි සමාචාර කලා.. මුළු ග්‍රවුන්ඩ් එකෙම වටයක් ගිහින් පිලිවෙලට හිටගත්තු ලමයි බෑන්ඩ් එක ප්ලේ කරලා ඉවර වෙනකම්ම මාච් කලා.. හරියටම විනාඩියකට පස්සෙ මාච් එක නැවැත්තුවෙ බෑන්ඩ් එකත් ප්ලේ කරන එක නවත්තද්දි..

ආරාධිත අමුත්තගෙ කතාව, මැඩම්ගෙ ස්තූති කතාව, සහකාර විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පතිගෙ ස්තූති කතාව ඉවර උනාට පස්සෙ තිබ්බෙ දක්ශතම ක්‍රීඩකයා, කලාපයේ වැඩිම ලකුණු ලාභියා, දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලාභියා.. ඔන්න ඕවට සහතික කුසලාන දෙන එක.. කියන්න සතුටුයි අපිට ප්ලේසස් ගොඩක්ම හම්බුනා.. ඉතින් අපි සැට් එක සතුටින්.. ඊටපස්සෙ තමයි බලාගෙන හිටිය මොහොත.. නිවාස වල ලකුණු සහ ස්ථාන.. ඒවා කියන්නෙ අපේ ක්‍රීඩා භාර ධනූජා මිස්..

" 2023(2024) නිවාසාන්තර ක්‍රීඩා උළලේ ලකුණු 350ක් ලබාගෙන හතරවන ස්ථානය මුදිතා නිවාසයද, ලකුණු 400ක් ලබාගෙන තුන්වෙනි ස්ථානය කරුණා නිවාසයද, ඒ අනුව නිවාසාන්තර ක්‍රීඩා උළලේ අනුශූරතාවය......

ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ්..

අපෙ උන් වැඳගෙන අහසට යදිනවා මං ශේනුවගෙ අත අල්ලගෙන මිරිකගෙන හිටියේ.. අනේ දෙයියනේ එක වෙයන්..

" අනුශූරතාවය ලකුණු 500ක් ලබාගනිමින් උපේක්ශා නිවාසය ලබාගන්නා අතර නිවාසාන්තර ක්‍රීඩා උලලේ ශූරතාවය ලකුණු 600ක් ලබාගනිමින් මෙත්තා නිවාසය හිමි කරගන්නවා.. "

ඉතින් සතුටට තව මොකටද හේතු.. මිරිකගෙන හිටිය ශේනුගෙ අත අතෑරලා ඌව තද කරලම බදාගත්තෙ විනූශ අයියා, ක්‍රිශ් අයියා, දිලුම්, ශේනුක, ඉසුර අයියා අපි සෙට් එක කිටි කිටියෙ බදාගෙන බිම පෙරලෙද්දි.. කුසලානෙ ගන්න විනූශ අයියයි ආදිත්‍ය අයියයි යද්දි නිවාස දෙකෙන්ම හයියෙන් කෑ ගහලා අප්පුඩි ගැහුවෙ මටනම් සතුටට ඇඬෙනකොට..

ඊටපස්සෙ ඉතින් සතුට සැමරුවා.. ඕල්ඩ් බෝයිස්ලා පවා ඇවිල්ලා හිටියා.. මීඩියා එකෙන් අපිට නටන්න ඩීජේ දැම්මා.. අපි තුන්දෙනා හිටියේ පුක කැඩිච්ච පනුවො වගේ නටන ගමන් වෙද්දි කවුරුහරි පිටිපස්සෙන් ඇවිල්ලා මගේ ඉණවටේ අත යවලා එයාගෙ පැත්ත හරවගත්තා.. ඔව් ඔව් ම්හ්ක් සෙස්සි බෝයිපෙන් තමයි..

සෙල්ලමටම හිත ඔබගෙ මෙල්ල කරන්න..

මට පුළුවනි මගෙ nowty එපා රණ්ඩු කරන්න..

ගැස්සෙන මගෙ ඉග අතර ඩිස්කො නටන්න..

ඔබ එනවද මගෙ පාළු කතරෙ තනිය මකන්න..

වෙලාවටම හරියන සිංදුව එක්ක එයාගෙ හැසිරීම මාව රත් කරලා තිබ්බේ.. එයාගෙ අතට කිටි කිටියෙ මිරිකෙන මගෙ ඉණ.. අපි දෙන්නගෙ ඇස් ගැටිලා තියෙන විදිහ.. ලාවට වහින වැස්ස.. රත්වෙලා තියෙන ඇඟවල්.. එයාගෙ පපුවෙ ගෑවෙන මගෙ පපුව..

" මලක් කියලා කිව්වට මං හිතුවෙ නෑ මට මෙච්චර පරිස්සම් කරන්න වෙයි කියලා.. "

" එහෙම තමයිනෙ.. ඔයාගෙනම් ඔයාගෙ විතරයි කියලනෙ කිව්වෙ.. ඉතින් පරිස්සම් කරන්න.. "

" පරිස්සම් කරනවා තමයි.. මගෙ බැල්ම විතරක්ම වැටෙන විදිහට.. "

මොට්ටයා.. හොද වෙලේට කළුවර නැත්නම් මෙතන ඉන්න උන්ට වෙන වැඩ නැති වෙනවා.. අවසානෙදි අපි නටලා නටලා ග්‍රවුන්ඩ් එකත් අස් කරලා මේන් ගේට් එක ලගට යද්දි ආදිත්‍ය අයියයි අපෙ අයියයි දෙන්නම ඇවිල්ලා හිටියා.. මං ගියේ අපෙ අයියගෙ කරේ එල්ලිලා.. එච්චරටම මහන්සි.. කකුල් දෙකේ කටු අයිනවා වගේ කැකුම..

ඉතින් ඔන්න ඔහොම තමයි අපෙ මීට් එක දාස ගෙවිලා ඉවර උනේ.. හුම් හුම් මං හෙට පාන්දරම ගමේ යන්න ඕනේ.. බයයි වගේ.. හිතට හරි බරයි..

~~~ඉදිරියට~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

ඕවා ඇත්ත සිදුවීම් හර්ත.. හෙන ගගහා ගංවතුර දාන්න වැස්සා එදා..

1930 යි වචන.. දිගයි හොදේ..

කමේන්ට් 25ක් දාන්න පීස් වැඩිය එපාහ්..

Good Night

Lvyuuuuu❤

Share This Chapter