Back
/ 50
Chapter 27

[ විසි පස්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

ගමේ යන්න තියෙනවා නේද කියලා මතක් වෙද්දිම අප්පච්චි ගමේ එන්න කියලා හදිසි කරපු විදිහ මතක් වෙනවා.. පාන්දරම නැගිටලා සති දෙකකට හරියන්න ඇඳුම් බෑග් එකට දාගෙන කුස්සියට ගිහින් අයියට උයන්නත් උදව් කරලා දෙන්නත් එක්කම ලෑස්ති වෙලා පාරට බැස්සෙ ශේනුකලට කියලා යන්න අයියටත් වඩා මට ඕන උන නිසා.. මොකෝ සති දෙකක් යනකම් එයාව දකින්න වෙන්නෙ නෑනේ..

මේ මල පාන්දර නම් නැගිටලත් නැතුව ඇති.. ඒත් මං ඊයේම ශේනුට කිව්වනෙ එනවයි කියලා.. අපි ගේට්ටුවත් ඇරගෙන ඇතුලට යද්දි ගෙදර ලයිට් නම් දාලා තිබුනා.. බෙල් කරලා විනාඩි දෙක තුනක් යද්දි නිරෝශා නැන්දා ඇවිල්ලා දොර ඇරියා..

" ගුඩ් මෝනින් ළමයිනෙ.. පුතාලා දෙන්නා යන්නද.. මං ඒත් හිතුවා ටිකක් උදේ වෙලා යයි කියලා.. "

" ගුඩ් මෝනින් නැන්දේ.. ඔව් නැන්දේ.. තව උදේ උනොත් බස් වල සෙනගනෙ.. ඒකනිසා නැන්දලට කියලා යන්නයි ආවේ.."

" ඒකනම් ඇත්ත තමයි.. කෝ එන්නකො ගෙට.. පොඩී නම් තාම නිදි මං ඇහැරවන් එන්නම්.. "

" හරි නැන්දේ.. "

අයියයි මායි ගෙට ගිහින් පුටුවෙන් ඉදගෙන ටික වෙලාවක් යද්දි නිදිගැටත් කඩන ගමන් පහලට ආවේ ශේනු වෙද්දි නැන්දා අපි තුන්දෙනාටම කිරිකෝපි අරගෙන ආවා.. හැබැයි ඉතින් ඒ ට්‍රේ එකේ කෝප්ප හතරක් තිබ්බ එකට හේතුව පැහැදිලි උනේ උඩ ඉදන් බොටම් එකක් විතරක් ඇඳගෙන.. ම්හ්ක් ඔව් ඔව් අනේ බොටම් එක විතරක් ඇඳගෙන බනිස් ගෙඩි හයත් එලියෙ දාගෙන එන මගෙ බෝයිපෙන් නිසා..

" ලොකූ ඇඳුමක් දාගෙන එනවා ළමයෝ ගිහින් ලැජ්ජාවක් නෑ මුන්ගෙ.. "

නැන්දා කිව්ව එකට කට කොනින් හිනා උන නොසන්ඩාල මිනිහා බැලුවෙ මගෙ දිහා.. මොනාත දන්නෑ බලන්නෙ.. අනේ ඔය පාන් කුට්ටි හය මටෝන්නෑ..

" අයියලා දැන්ම යන්නද.. තාත්තා නැගිටලා නෑනේ නැත්නම් බස් ස්ටෑන්ඩ් එකට දාන්න තිබ්බා.. "

" ඔව් ආදිත්‍ය නැත්නම් දවල් වෙනවනේ.. ඒකට කමක් නෑ නුවර බස් එකේ යන්න පුලුවන් ඉක්මනට.. "

අයියයි මායි ඉක්මනින් කිරි කෝපි එක බීලා ඉවර වෙලා නැන්දටත් වැදලා එලියට බැස්සෙ යන්න හිතාගෙන..

" එහෙනම් අපි ගිහින් එන්නම් නැන්දේ.. "

" හරි දෙන්නම පරිස්සමින් ගිහින් පරිස්සමින් එන්න ඕනේ හරිද.. "

" හරී.. ශේනුවො එහෙනම් මං යනෝ.. ආදිත්‍ය අයියෙ මං යනවා.. "

" හ්ම්ම් පරිස්සමින්.. තිසුක අයියෙ මට ලොකේශන් දාන්න හොදේ මතක් කරලා.."

" හරි මල්ලි.. මං දන්නම්කො.. "

ලොකේශන්.. අර මොකටද ලොකේසන් එකක් ඉල්ලන්නෙ මූ.. යන්න කලින් අන්තිමට ඒ මූණ දිහා බලලා ශේනුටත් බායි කියලා අපි දෙන්නා ත්‍රීවිල් එකක් අරගෙන බස් ස්ටෑන්ඩ් එකට යද්දි නුවර බස් එක නවත්තලා තිබුන නිසා වීල් එකට සල්ලිත් ගෙවලා දෙන්නම බස් එකට නැග්ගා.. නුවර බස් එක ශීට් 3,2 එකක්.. ඒක නිසා අපි දෙන්නා ශීට් දෙකක් තියෙන එකක ඉදගෙන බෑග් දෙක උඩට දාලා අනික් බෑග්ස් දෙක ඔඩොක්කෙන් තියාගත්තා..

කොච්චර වෙලා නිදාගෙන උන්නද කියන්න දන්නෙ නැති මම ඇහැරුනේ අයියා මගේ නම කිය කිය උරහිසට තට්ටු කරද්දි.. ඇස් ඇරලා වටපිට බලද්දී දැක්කෙ අපි නුවර බස්ටෑන්ඩ් එකටම ඇවිල්ලා කියලා.. අද බස් එක ඉක්මනට ඇවිල්ලා ඒ කියන්නෙ..

" මෙතන ඉදන් ත්‍රීවිල් එකක යමු මල්ලි.. ආයෙ අපේ පාරෙ බස් එක එන්න වෙලා යයි.. "

" හරි අයියේ එහෙම කරමු.. "

බස් එක නැවැත්තුවම බස් එකෙන් බැහැලා අපි දෙන්නා ඊට ඉස්සරහින්ම තිබුන ත්‍රීවිල් ස්ටෑන්ඩ් එකෙන් ත්‍රීවිල් එකක් අරන් අපෙ ගෙදරට යන්න පිටත් උනා.. පුංචි කාලේ ඉදන්ම මෙහෙ ඉදලා ඉදලා කොළඹට ගියාට මොකද මං නම් මේ පරිසරේට පුදුම ආසයි.. අපෙ ගෙවල් තියෙන්නෙත් ටවුන් එකෙන් හුගක් ඇතුලට වෙන්න.. ඉතින් සම්පූර්ණ කොළ පාට ලෝකයක්..

කොළඹ පරිසරේට ආස නොවුනට ඉතින් මං කොළඹට ආදරේ කරන්න හේතුවක් දැන් තියෙනවනේ.. ඒක කියද්දි මතක් උනේ නිකන්වත් මේ මිනිහා මැසේජ් එකක් වත් දැම්මෙ නෑනේ.. ඒ අස්සෙ ඔයාලට කියන්න අපේ අයියා එයැයි එක්ක කෝල් එකක්.. යැව් යැව් මාලොකු ආජිච්‍ය එක්ක චමයි..

" ඔව් ඔව් බං තාම යන ගමන්.. ගෙවල් පාරෙ ඉන්නෙ.. "

" ත්‍රීවිල් එකේ යන්නෙ.. අනේ උබ කියන්න ඕන්නෑ මං කොහොමත් පරිස්සම් කරනවා ඌව.. "

" හ්ම් හ්ම්.. කීයටද පිටත් වෙන්නෙ හෙට.. අපි සති දෙකක් වගේ ඉන්නවා.. ඔව් ඔව් වැඩිපුර ගනින්.. "

" හරි ඇවිල්ලා මිස් එකක් දීපන් මං ගන්නම්.. දෙන්නා එක්ක පරිස්සමින් පලයව්.. "

ඇඳුම් අරන් යන්න, දෙන්නා එක්ක පරිස්සමින් යන්න නෙවෙයි හරියනම් එන්නනෙ වෙන්න ඕනේ මොකද අපෙ අයියා කිව්වෙ එයා ගන්න එන්නම් කියලනෙ.. මොකත්ත මට හොරෙන් වෙන්නෙ.. දැනුවත් කරාපන්කො කාරුහරි පොඩ්ඩක් මාව..

" අයියේ.. කවුරු ආදිත්‍ය අයියා නේද කතා කලේ.. "

" ඔව් ඔව් ඒ අයියා තමයි.. "

" එයාලා කොහෙහරි යනවද අයියේ.. ඔයා කොහෙද ගන්න එන්නම් කිව්වෙ.. "

" යකෝ.. පොඩි එකෝ.. උබ ඔක්කොම අහන්ද හිටියේ.. පුදුම චීත්තයක්නෙ මේකා.."

" අඤේ මේ ඉන්නවකො කට වහන්.. "

" මාමේ ඔය අරලිය මාවත ළඟින් නවත්තන්න.. ගාණ කීයද.. "

" රුපියල් 250යි පුතේ.. "

ත්‍රීවිල් එකේ මාමට සල්ලිත් දීලා අපි දෙන්නා බෑග් ටිකත් අරගෙන හිමින් හිමින් පාර දිගේ එන්න ගත්තා.. ලෝභයි අනේ මෙහෙ පරිසරේ දැක්කම.. පාර දෙපැත්තෙම ගස් දිගටම තැනින් තැන වගේ තමයි ගෙවල් තියෙන්නෙ.. ඒවත් ටිකක් පාරෙන් ඇතුළට වෙන්න.. ඊට පහළින් වෙල් යාය.. සීතල හුළඟ වෝහ්හ් මෙහෙ ඉදන්නම් මැරුනත් සැපයි..

අරලිය මාවතේ මීටර් 200ක් වගේ යද්දි හම්බෙන ලොකූ වත්තක් ඇතුලෙ ගස් වලින් වට උන පරණ තාලේ ගෙදර ඉස්සරහින් අපි දෙන්නා නැවතුනා.. මගෙ අප්පච්චිගෙත් අප්පච්චි ඒ කියන්නෙ මගේ සීයා අප්පච්චිගෙ ගෙදර තමයි මේ දැන් අම්මයි අප්පච්චි ඉන්න ගෙදර..

පාරෙන් ටිකක් ඇතුළට වෙන්න තිබුන ගෙදර බැලූ බැල්මට පරණ පාටට පෙනුනට මොකද මං නම් හරිම ආසයි මෙහෙ ඉන්න.. පාරෙන් උඩට තියෙන පඩි හතර පහ නැගලා මිදුලට ගියපු මමයි අයියයි දාගෙන ආව සපත්තු දෙක ගලවලා ඉස්තෝප්පු කෑල්ලට ගොඩ උනා..

" අම්මේ.. අම්මේ.. ඔයාගෙ සුදු පුතා ගෙදර ආවෝ.. "

බෙරිහන් දීලම කෑ ගහපු මම ඉස්තෝප්පුවෙ තිබ්බ පුටුවකින් වාඩි වෙද්දි සායට උඩින් චීත්තයක් ඇඳගෙන ඒකෙ අත් පිහ පිහ ආව අම්මට මාව දැකලා ඉහිලුම් නැතුව ගියා..

" දෙයියනේ මගෙ කොල්ලා ඇවිල්ලත් එක්කනෙ.. කෝල් එකක්වත් නොදුන්නෙ ඇයි පුතේ.. ඇදිලා ගිහින් කලුත් වෙලාද මන්දා.. තිසුක පුතත් ඉන්නවනෙ.. "

" හා හා අම්මෙ කෝල් එකක් දිදී ඉදියෙ නෑ ඉතින් ඉක්මනට ආවා.. ඊයේ අපෙ ක්‍රීඩා උත්සවේනේ.. මට හරි මහන්සි ම්හ්ක්.. අනික ඇදිලා ගිහින්නම් කියන්න එපා හරිද අයියා මට හොදට කන්න දෙනවා.. "

" අපෙ අප්පේ මේකගෙ කට නම් ඩිංගක්වත් අඩු වෙලා.. යමු යමු දෙන්නම ගෙට තෙහෙට්ටුත් ඇතිනෙ.. "

අම්මා මගෙයි අයියගෙයි බෑග් දෙකත් උස්සගෙන අපි දෙන්නත් එක්කම ගෙට යද්දි කුස්සියෙ ළිපෙ පැහෙන පොළොස් මාළුවෙ සුවඳ මට සාලෙටම දැනුනා.. දෙමියනේ ඉතින් අද බත් මරතෑකි..

" අම්මේ කෝ අප්පච්චි.. "

" අප්පච්චි නැන්දලගෙ ගෙදරට ගියා පුතේ.."

" ආහ් එහෙමද හරි අම්මේ.. පොළොස් මාළුවක් නේත හැදුවේ.. බඩගිනි අයියෝ.."

" අනෙ අනෙ මේ ළමයට පොළොස් සුවඳනම් කොහෙන් හරි එනවා.. "

" එහෙම තමයි ඉතින්.. "

" හා හා දෙන්නම ගිහින් ඇඟපත සෝදන් එන්නකො.. මං කෑම මේසෙට බෙදන්නම්.."

" හරි නැන්දේ.. යමු සුදු මල්ලි.. "

අයියත් මගේම කාමරේට එද්දි මමත් ඇඳුම් ටික ගලවලා මූණ හෝදගෙන ඇවිල්ලා ශෝටකට ටී ශර්ට් එකක් දාගත්තා.. ඇඟ හෝදන්න බෑ අයියෝ සීතලයි.. ඇඳ උඩින් ඉඳගෙන ෆෝන් එක අරගෙන ඩේටා ඔන් කරද්දි වට්සැප් එකෙන් මැසේජ් තුනක් පොපවුට් උනා.. ඕපන් කරලා බලද්දි වෙන්න බෝයිපි ආදි අයියා..

' මිහිනු ගෙදරට ආවද.. '

' පරිස්සමින් ගියාද.. '

' ගියපු ගමන් මට මැසේජ් එකක් තියන්න.. පරිස්සමින්.. බුදුසරනයි.. '

එයාටත් මැසේජ් වලට රිප්ලයි කරලා අයියත් ඇඟ හෝදන් ආව නිසා අපි දෙන්නම ආයෙ සාලෙට යද්දි අප්පච්චිත් ඇවිල්ලා හිටියා..

" සුදු පුතා.. ඇයි නොකියම ආවේ.. "

" අප්ප..ච්චි.. වෙලාවක් තිබ්බෙ නැ.. ඊයේ රෑ උනා ගෙදර එන්න.. ස්පෝට්මීට් තිබ්බනෙ.. මහන්සියට නින්ද ගියා උදේම ලෑස්ති වෙලා තමයි ආවේ.. ඒකයි.. "

" හ්ම්ම් හ්ම්ම්.. අනික් දවසෙ එද්දි කියලා ආවනම් තමයි හොද තේරුනාද.. "

" තේරුනා අප්පච්චි.. "

" ස්කෝලේ වැඩ කටයුතු එහෙම කොහොමද.. ආරංචි ක්‍රීඩා කරන එක අත්‍යාවශ්‍යයි කියලා.. "

" කරගෙන යනවා අප්පච්චි ප්‍රශ්නයක් නෑ.. අමතර පන්තිත් යනවනෙ.. ඔව් අප්පච්චි දෙකක් කරන්න ඕනෙ මං එකක් විතරයි තෝර ගත්තෙ.. "

" ම්ම්.. මොනාද තෝරගත්තෙ.. "

" ව්..වොලිබෝල් අප්පච්චි.. "

" ඒක හොදයි.. ඔය මගුල් ක්‍රිකට් අවශ්‍ය නෑ.. එහෙනම් යමු කන්න.. බඩගිනිත් ඇතිනෙ.. "

" යමු අප්පච්චි.. "

" ලොකු පුතත් එන්න.. හවස් ජාමේ ගෙදර යන්ට බැරියෑ.. "

" යමු ලොකු මාමෙ.. හවස් වෙනකම් ඉන්න බෑ මාමේ.. අම්මා මේ දැන් ටිහිකට කලිනුත් කතා කලා.. මං අද ගිහින් හෙට උදෙන් එන්නම්කො.. "

" හා හා එහෙනම්.. නංගිටත් ඉතින් පුතණ්ඩියා නැතුව පාළු ඇතිනෙ.. "

අප්පච්චිගෙ ඉස්සරහ මගෙ වචන ගොළු වෙන විදිහෙන්ම තේරෙනවනෙ මම අප්පච්චිට තියෙන බය.. මට තවමත් හිතාගන්න බැරි ඇයි අප්පච්චි මම ක්‍රිකට් ගහනවට මෙච්චරම අකමැති කියලා.. ඒකත් ටික කාලෙක ඉඳන්.. මොකද පොඩි කාලේ එයා තමයි හුඟක්ම ආස උනේ මං ක්‍රිකට් වලින් ලොකු තැනකට යනවට.. අම්මා තවමත් ආස උනත් අප්පච්චිගෙ වචනෙට පිටින් යන්න බැරි නිසා ඉවසනවා මිසක් එයත් හරි ආසයි මං ක්‍රිකට් ගහනවට.. ඒත් කව්රුත් දන්නෙ නෑනේ මම දැනටමත් අප්පච්චිගෙ නීතිය කැඩුවයි කියලා.. සමාවෙන්න අප්පච්චි ඒක මගෙ හීනෙ..

අපි කෑම කාමරේට එද්දිත් අම්මා කෑම මේසෙට යවලා තිබ්බා.. සුපුරුදු විදිහට අප්පච්චි මුලසුන දරද්දි අප්පච්චිගෙ එහා පැත්තෙන් මමත් මට ඉස්සරහින් අයියත් වාඩි උනා.. සුදු සම්බා හාලට, පොළොස් මාළුව, පරිප්පු තෙම්පරාදුව, මාළු මිරිසට හින්දලා, කොළ මැල්ලුමක් එක්ක මිරිස් කරල් එක්ක අම්මා කෑම ලෑස්ති කරලා තිබුනා.. මුලින්ම අප්පච්චිට බත් බෙදලා දුන්නට පස්සෙ අපි දෙන්නත් බෙදා ගත්තෙ අම්මත් අප්පච්චිගෙ ඉස්සරහින් වාඩි වෙලා කෑම කන්න පටන් ගනිද්දි..

විනාඩි හතලිස්පහකින් විතර හතරදෙනාම කෑම කාලා ඉවර උනහම ඇඹුල් කෙසෙල් ගෙඩියකුත් අතුරුපස විදිහට කාපු මායි අයියයි සාලෙට ආවා.. අයියා නැන්දලා දිහා යන්න එපැයි..

" සුදු මල්ලි.. මං එහෙනම් යනවා හෙට උදේ එන්නම්කො.. අප්පච්චි එක්ක කට ගහන් යන්න එපා.. දැක්කනෙ දැන් කන්න කලිනුත් ඇහුව දේවල්.. "

" ම්ම් හරි අයියේ.. තෞසෙ මට කිව්වෙ නෑ හරිත ආදිත්‍ය අයියා කොහෙත යන්නෙ කියලා.. "

" අනේ මේ සුදු මල්ලි මගෙන් මුකුත් අහගන්නැතුව පලයන් ඇතුළට.. ඔය ශෝට් කෑලි ඇඳගෙන හෙම එලියට බහිනවා නෙවෙයි.. "

" ම්හ්ක්.. හරි හරි ඉතින් කෑ ගහන්නෙ ඔක්කොම දන්නෙ මේ නොදරුවට බයින්න කරන්න තමයි.. "

" පලයන් බං දොන්ත මගුලක් වගේ.. උබ හුරතල් වෙයන් අරූ එක්ක.. මං යනවා.. "

" වෙනවා තමයි කොයිද ඒ මිනියට උවමනාවක් තිබ්බෙ නෑනේ නැන්දම්මවයි මාමණ්ඩියවයි බලන්න එන්න.. "

" ම්ම් ම්ම් අපි බලමුකෝ.. "

මගෙ දිහා බලලා හිනා උන අයියා අපෙ අම්මටයි අප්පච්චිටයි යන්නම් කියලා නැන්නදලගෙ ගෙදර යද්දි මම කවිච්චියෙන් ඉඳගෙන හිටියා..

" සුදු පුතා මහන්සිත් ඇතිනෙ ගිහින් ටිකක් නිදාගන්න.. "

" එහෙමට මහන්සියකුත් නෑ අප්පච්චි.. "

" කමක් නෑ කමක් නෑ ඊයෙත් රෑ උනා කිව්වනෙ.. ටිකක් ඇලවෙලා ඉන්න ගිහින් යන්න.. "

" හොදයි අප්පච්චි.. "

අප්පච්චි කිව්ව නිසාම මං කාමරේට ඇවිල්ලා දොරත් අඩවල් කරගෙන ඇඳට පැන්නෙ ශීට් එක අස්සට ගුලි වෙන ගමන්.. කොළඹ රස්නෙ උනාට මෙහෙට හද්ද සීතලයි.. හරියමන් නින්දක් නැති දවස් නිසා මට ඇඳට වැටුන ගමන් නින්දගියේ ආදිත්‍ය අයියවත් පෙනෙද්දි ම්හ්ක්..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

ආදි මිහිනු සීන් ලොකූ එකක් නෑ අද..

අපෙ සුදු පුතා ඔන්න ගමේ ගියාලු ඉතින්..

අප්පච්චි ගැන ඔයාලට දැනෙන දේ කියන්න බලන්න.. පොඩි දෙයක්..

ඇයි අප්පච්චි මිහිනු ක්‍රිකට් ගහනවට දැන් අකමැති ඉස්සර කැමති වෙලා ඉඳලා..

එතකොට ආදිත්‍ය මොකටද කොහෙ යන්නද තිසුක ගෙන් ලොකේශන් එකක් ඉල්ලුවෙ..

ප්‍රශ්න ගොඩයි උත්තරත් දෙන්න.. ඔයාලට guessing එකක් තියෙනවා නම් කතාව ගැන කතාවෙ ඉදිරිය ගැන ඒකත් කියන්න..

නොකියා යන්ට එපා හර්ත.. 😒😒

ආදිත්‍ය එදා රෑ ඉඳගෙන හිටිය බැම්ම..

මිහිනු උදේට මල් කඩන වතුසුද්ද ගහ

මිහිනුගෙ ගෙදරට එන පාර

මිහිනුගෙ ගෙවල් පහු කරගෙන ආදිත්‍යලගෙ ගෙදරට යන පාර.. (උඩට)

Lvyuuuuu❤

Share This Chapter