Back
/ 50
Chapter 28

[විසි හයවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

දවල් අප්පච්චි බලෙන්ම නිදාගන්න යැව්වට පස්සෙ මං ඇහැරුනේ අම්මා ඇවිල්ලා මට හවස තේ බොන්න කතා කරහම.. නින්ද යන එකනම් කොහෙත් නින්ද යනවා අප්පා මැරැනා වගේ.. ඇඳෙන් නැගිටලා මූණත් චුට්ටිත්තක් හෝදගෙන කාමරෙන් එළියට බහිද්දි,

මොකක්,

දෙයියනේ දෙයියනේ..

මං තාම නින්දෙන්ද ඉන්නෙ යකෝහ්හ්..

" ආදිත්‍ය අයියේ ඔයා.. මෙහෙ.. දැන්.. "

ඔව් මං කාමරෙන් එලියට එද්දි සාලෙ සෝෆා එකේ වාඩිවෙලා අප්පච්චි එක්ක හිනාවෙවී කතා කර කර හිටියේ වෙන කව්රුත් නෙවෙයි ආදිත්‍ය අයියා.. එයා එක්ක ශේනු, දිලුම්, විහස්න අයියා ඒ තුන්දෙනත් ඇවිල්ලා හිටියා.. අපෙ අයියත් හිටියා..

මං ගොනෙක් වගේ ඇස් දෙකත් ලොකු කරන් කොන්ඩෙත් පිස්සෙක් වගේ තියාගෙන අර හැමෝම ඉස්සරහ කෑගැහුවනෙ යකෝ.. සැක් අපෙ අයියා, ශේනු, දිලුම්, විහස්න අයියා හතරදෙනාම මට මහ බලු විදිහට හිනා උනා..

" ඒකනේ සුදුපුතේ මේ ශාක්‍යගෙ කොල්ලො දෙන්නත් ඇවිල්ලා.. මං ඒත් බැලුවා ඉලන්දාරියො ටික කව්ද කියලා.. "

" එදා කොළඹ ආවට මොකද මට මේ ළමයි දෙන්නව හරියට හම්බෙන්නවත් බැරි උනානේ.. ඔන්න දැන් ආව එකේ සුදුපුතා ලා එක්කම ඉදලා කොළඹ යන්න.."

" ඒක තමයි නැන්දේ.. ස්කෝලෙත් නිවාඩු එකේ අපෙ තාත්තත් කිව්වෙ ගිහින් එන්න කියලා.. "

" හොදයි හොදයි එහෙනම් මං ටිකක් ඇලවෙන්න යනවා.. නෝනේ මේ දරුවන්ට තේ ටිකක් එහෙම හදලා දෙන්නකො.. "

" හොදයි මහත්තයා.. "

" සුදූ මේ ආදිත්‍යව එහෙම කාමරේට එක්කගෙන යන්නකො.. "

" අනේ.. ඉතින්..මම.ම.. "

" ඔව් ඔව් යන්න ආදිත්‍ය චේන්ජ් එකක් දාගෙන එන්නකො.. "

අපෙ අයියා අඤේහ් මහ බූරුවෙක්.. මං තාමත් ඉන්නෙ අංඤ්ඤකොරොස් වෙලා.. ඒ අස්සෙ මට ආදිත්‍ය අයියව කාමරේට එක්කන් යන්නලු.. අම්නෙ අම්නෙ අයියා මට සුදූ කිව්වහම බලාපන්කො මෙයැයිගෙ මූණ.. අයියා දැක්කෙ නෑ ඉතින් ඌට රවනවා..

" එන්න.. අයියේ.. "

එයාගෙ ඇඳුම් බෑග් එකත් ගන්න ගමන් ඇස් යටින් මා දිහා බලලා මගෙ පස්සෙන් කාමරේට වෙනකම්ම ඇවිත් එකපාරටම මාව අනික් පැත්ත හරවලා දොරට හේත්තු කරේ දොරේ උඩ ලොක් එකත් දාන ගමන්.. ම්හ්ක් අනේ අප්පා..

" අයියේ.. හ්හ්.. "

" ම්ම්.. ඇයි මගෙ අරලිය මල.. "

" මං.. හිතුවෙ නෑනේ.. එයි කියලා.. "

" කොහොමද මගෙ කොල්ලව බලන්නෙ නැතුව දවසක් හරි ඉන්නෙ.. ඒකයි අදම ආවේ ම්ම්.. "

" අහක් වෙන්නකො අයියේහ්හ්.. අප්පච්චිලත් ඉන්නවනෙ.. "

එයාගෙ එක අතක් මගෙ ඔලුවට උඩින් දොරට තද වෙලා තියෙද්දි අනික් අත මගෙ ඉණවටේ එතිලා තිබුනා වගේම එයාගෙ මේ හිතුවක්කාර වැඩ නිසා මට ඇඬිලා ඉන්නේ.. ම්හ්ක් ඇයි වදේ ලාවට වැවිලා තියෙන රැවුල් කොට මගෙ බෙල්ලෙ අතුල්ලද්දි කිතිනෙ..

" මට අදාළ නෑ මීණු.. අනික මේ කොටම කොට ශෝටක් ඇඳගෙනද තමුසෙ ඉන්නෙ.. ආ.. "

" මං ගෙදරට අඳින්නෙ මේවා තමයිනෙ ඒයි.. "

" ඕවා මගෙ ඇස් දෙකට පෙනුනනම් හොඳටම ඇති මගෙ මල.. තේරුනාද.. "

" ම්හ්හ්.. ත්..තේරු..නා අයියේ.. "

මම ඇඳගෙන හිටිය ක්‍රීම් පාට ලොකු ටීශට් එකේ අතක් උරහිස ළගින් පාත් කරලා උරිස්ස ලඟින් පොඩි හැපුමක් තිබ්බ ආදිත්‍ය අයියා මාව ඇදලා අරගෙන එයාගෙ විසල් පපුවට තුරුල් කරගත්තෙ මගෙ අත් දෙක එයාගෙ පපුව මිරිකගෙන ඉද්දි..

" එක මොහොතක් වත් මගෙන් ඈත් වෙන්න මගෙ ඇස් මානෙන් අයින් වෙන්න හිතන්නවත් එපා මගෙ මල.. උබට මම ආදරේ තරම මමවත් හරියට දන්නෙ නැති කොට ඔය පපුවට මේ ආදරේ බර වැඩි වෙන එක අහන්නත් දෙයක්ද.. ඔය කටින් ඉක්මනට මගෙ අයියෙ මං ඔයාට ආදරෙයි කියලා කියපන් වස්තු.. මට උබව පරිස්සම් කරගන්න ඕන.. උබ තාම රෝස මලක්.. එක පෙත්තක්වත් දිග ඇරුනෙ නැති.. "

" අනේ.. අයියේ..හ්.. "

" ශ්.. අඬන්න එපා.. මං මගේ ආදරේ උබට පෙන්නන්න පුළුවන් මොන විදිහෙන්ද උබට විඳින්න දෙන්න පුළුවන් මොන විදිහෙන්ද ඒ හැම විදිහකින්ම මං උබට ඒ දේ දැනෙන්න දෙනවා.. "

අනේ මං මේ කොල්ලට එන්න එන්නම ලෝභ වෙනවනෙ.. ඇත්තටම මට බෑ එයාගෙ ආදරේ දරාගන්න ඒක අධි මාත්‍රාවක් වගේ.. පපුවට තුරුල් කරගෙන ලස්සන වචන සීයක් විතර මුමුණපු ආදිත්‍ය අයියගෙ පපුවට මම තවමත් තුරුල් වෙලා හිටියේ වෙලාවවත් යනවා නොදැනුන කොට වෙද්දි මම එයාගෙන් ඈත් උනේ දොර ලගින්ම ඇහෙන අපෙ අයියගෙයි විහස්න අයියගෙයි වචන වලට..

" මේ ආදිත්‍ය උබට පොඩි අවස්ථාවක් දුන්නෙ හොදේ.. දැන් ඕකෙන් එලියට වරෙන් ඔය පොඩි එකාවත් අරගෙන.. "

" මචන් මේ තව කල් තියෙනවා හරිත.. උබට තියෙන්නෙත් එසෙ මෙසෙ කුලප්පුවක් නෙවෙයිනෙ.. "

" කට වහන් දෙන්නම යනවද.. අපි දෙන්නා එන්නම්.. "

ඒ දෙන්නා ගියා කියලා හිතුන නිසා මම දොරත් ඇරගෙන එලියට එන්න හැදුවත් ආයෙම මගෙ ඉණ අහුවුනේ එයාගෙ අතකට වෙද්දි එහෙමම එයාගෙ පපුවට වදින්න මාව ඇදලා ගත්තු ආදි අයියා,

" යන දිහාවක ඔය රෙද්ද ගලවලා ශෝට් එකක් දාගෙන යනවා.. මගෙ සීමාවත් පන්නලා යකත් අවුස්සගන්න තමයි උබ හදන්නෙ.. "

" ම්හ්ක් අනේ කෑ ගහන්න එපා අප්පා.. ඇයි වදේ.. "

" හුකුන් බකුන් නෙවෙයි කිව්ව දේ කරපන්.. "

" හරි හරි අතාරින්නකො.. ගිහින් නාවනම් නාලා ඇඟ හෝදනවනම් හෝදලා එන්න තේ නිවෙයි නැත්නම්.. "

" හ්ම්ම්.. මේ සුදූ.. අපි දෙන්නට එකට නාන්න පුළුවන් දවසක් ඉක්මනට ඒවි නේද ආහ්.. "

" යනවා යන්න වනචර මිනිහා.. "

එයා හිකි හිකි ගාලා හිනාවෙද්දි මූණත් රතු කරගත්තු මම කාමරේ දොර ඇරන් එලියට ඇවිල්ලා එහෙමම මගෙ කාමරේට ගිහින් වෙන ශෝට් එකක් දාගෙන කුස්සියට ගියේ සැක නොහිතෙන විදිහට.. අම්මා අපිට කන්න පොල් බෝනික්කො හදලා අයියෝ..

" පුතේ.. මේ තේ ටික හදලා ගන්නකො මං මේ ටික හදනකම්.. "

" හරි අම්මේ ඉන්නකො.. "

අම්මා තේ හදන්න කිව්ව නිසා මම ලොකු ඇලුමිනියම් ජෝගුවට තේ කොළ දාලා ඒකට උතුරපු උණුවතුර දාලා ටිකක් වෙලා තේ කොළ ටික තැම්බුනාට පස්සෙ වෙන ජෝගුවකට තේ ටික පෙරලා සීනි දාලා තේ ටික වීදුරු කෝප්ප වලට පෙරලා තිබ්බහම අම්මා ටිකකින් පොල් බෝනික්කොත් හදලා ඉවර කරා..

" සුදු පුතේ.. මේ ටික පරිස්සමින් අයියලට ගිහින් අල්ලන්නකො.. මං අප්පච්චිව කතා කරගෙන එන්නම්.. "

" යෝහ්හ් අම්මේහ් ඇයි අනේ මමම.. "

" හුරතල් නොවී ඔන්න ඕක ගිහින් අල්ලපනකො පුතේ.. "

ට්‍රේ එක අතේ නිසා ගස්සන්න බෑනේ.. ඒක නිසා නලව නලව සාලෙට යද්දි වනසාරි මිනිහත් තුවායකින් ඔලුව පිහ පිහ තිසුක අයියා ගාවට ඇවිත් ඉඳගත්තා.. අනේ යකෝ මේ එක පගෙක්ට බෑනේ මගෙන් මේ ට්‍රේ එක ගන්න සැක්..

" රෝසා මල්ලි තේ ගෙනැල්ලා.. රෝසා නැතුව ගේ පාළුයි රෝසා.. "

" අනේ මේ දිලුම්ම්.. මගෙන් මුකුත් නාහා මෙන්න මේක ගන්නවා.. අත් දෙකත් රිදෙනවා.. "

" කේන්ති ගන්න එපා ආදිගෙ අරලිය මල ඉක්මනට වයසට යයි.. "

" කටවහගෙන ඕක බීපන්කො.. මේ අපේ ගෙවල් නෙවෙයි පගෝ.. "

" කටවහ්.. හරි හරි බොන්නම්.. "

රැව්වා මං බූරු දිලුමට ඇයි වදේ මගුලක් කියවන්නේ.. පිලිවෙලට අපෙ අයියට විහස්න අයියට ශේනුට දිලුම්ට තේ අල්ලපු මම අන්තිමට නැවතුනෙ එයා ළග වෙද්දි මෙච්චර වෙලාම අනික් අයට තේ දෙන දිහා බලාගෙන හිටිය එයා, එයාගෙ ලගට එද්දි මට හිනා උනේ පුදුම ආඩම්බරේකින්..

" අන්න ඒ වගේ කියන දේ ඇහුවනම් මටත් ලේසිනේ මීණු.. තේක හැදුවෙ තමුසෙද.. "

ශෝටට වැහිලා තියෙන මගෙ කකුල් දිහා බලන ගමන් තේ එකෙන් උගුරක් බීපු ආදිත්‍ය අයියා තේ හැදුවෙ මගෙන්ද අහද්දි ඉබේටම මගෙ ඔලුව වැනුනා.. "

" ම්ම් ගොඩක් රසයි.. "

වචන දෙකක්.. රසයි වෙනුවට ගොඩක් රසයි කියපු වචන දෙකට මගෙ හදවතට පුදුම තරම් සතුටක් දැනෙද්දි මං එයාට හිනාවෙලා කුස්සියට ඇවිල්ලා කෙසෙල් ඇවරියත් එක්ක කේක් පීරිසියත් එක්ක ගෙනල්ලා ටීපො එක උඩින් තිබ්බෙ අම්මා අප්පච්චිත් එක්ක අපි ඉන්න තැනට එද්දි..

" ඉලන්දාරියො ටික තේ බොනවා වගේ.. දවල් වරුවෙ ආවනම් හොඳ කෑම වේලක් කන්න තිබ්බනෙ.. "

" ඒකට මොකද මාමේ.. අපි ටික දවසක් ඉන්නවනෙ.. එතකොට කමුකො.. "

" ඒකනේ ඒකනේ විහස්න පුතා.. ඉතින් ආදිත්‍ය පුතා කොහොමද අධ්‍යාපන කටයුතු එහෙම.. "

" වරදක් නෑ මාමේ හොඳින් කෙරීගෙන යනවා.. මේ අවුරුද්දේ අන්තිම විභාගෙනෙ ඉතින් අපිට.. "

" අපෙ අප්පේ.. ඒකත් ඇත්තනෙ.. පුතා උසස්පෙළ කරන්නෙ ගණිත අංශෙන් කිව්වා.. "

" ඔව් මාමේ.. "

" හොදයි හොදයි.. එතකොට පුතාගෙ මල්ලි කරන්නෙ කලා විශයන්.. "

" ඔව් මාමේ අපේ මල්ලි, මිහිනු මල්ලි, එතකොට ඔය අනික් මල්ලි තුන්දෙනාම කරන්නෙ කලා විශයන්.. ඒ තුන්දෙනාම එකම පන්තියෙනෙ.. "

" ආහ් හා හා.. මට මතකයි අපෙ නෝනා කිව්වා.. තුන්දෙනත් එක්ක එකතු වෙලා නටන්නෙ නැතුව පාඩම් වැඩ කරන්න ඕනේ තේරුනාද.. "

" හහා.. ඒවා කොහෙද මාමේ.. මායි තිසුක අයියයි දෙන්නම ඉන්නවනෙ.. ඉතින් අපි පාඩම් කරන වෙලේට එහෙම ඒ තුන්දෙනාවත් ගෙන්නගෙන වැඩ කරනවා.. "

" අන්න ඒකනම් හුඟක් හොද වැඩක්.. මේ අපේ එක්කෙනාටනම් කියන දේ නෑහුවොත් දෙකක් ගැහුවත් කමක් නෑ පුතේ.. "

" අනේ අප්පච්චි.. මම දඟ නෑහ්.. "

" හරි හරි මාමේ මං බලාගන්නම්කො.. "

අපේ අප්පච්චිත් කරන්නෙ නරියට කුකුල්ලු භාරදෙනවා වගේ වැඩක්.. ම්හ්ක් ඒක කිව්ව වෙලේ එයාගෙ හිනාවා අඤේහ් අම්මේ සුදු පුතාට වෙනස්කම් කරනවා මෙයාලා.. ඒ මදිවට අපෙ අයියා ඇතුලු අනික් උන් තුන්දෙනත් හෙන බලු විදිහට හිනාවෙනවනෙ.. මෝඩ මූසලයො ටික.. ඔක්කොටම වඩා හපන්නෙ බොල මාමණ්ඩියට එයැයිගෙ බෑණා පොඩ්ඩව අල්ලලා ගිහින් තියෙන විදිහ.. යසෛ යසෛ අප්පච්චියේ..

" හොදයි එහෙනම් පුතාලා තේ බීලා ටිකක් විවේක ගන්නකො.. මං දැන් යන්න ඕනෙ හන්දියට.. "

" හරි මාමේ පරිස්සමින් ගිහින් එන්නකො.."

මගෙ ඉස්සර ඉඳන්ම පුරුද්දක් තිබුනා අප්පච්චි ටවුමට යනවා කිව්ව ගමන් ගිහින් එයාගෙ බඩ වටේ අත් යවලා තුරුල් වෙලා මට කඩචෝරු ගේන්න කියන.. ඉතින් ඒ පුරුද්ද තවමත් ඒ විදිහටම මේ දැනුත් සිද්ද උනා..

" අප්පච්චියෝ.. මට පැණි බූන්දි, වැව පාර අයිනෙ තියෙන කරත්තෙන් බෝල වඩෙයි, එතනම එහා පැත්තෙන් තියෙන කඩෙන් අච්චාරුයි අරන් එන්න හොදේ.. "

" දෙයියනේ චන්දු මේ ළමයගෙ කඩචෝරු පුරුද්ද නම් තවමත් මගෑරිලා නෑනේ.. "

" මට කියලා ඉන්නෙ මේ ඇට්ටර පැටියා විතරයිනෙ නෝනේ.. හා හා දැන් ඇඟෙන් බැස්සනම්.. මං අරගෙන එන්නම්.. "

" හොඳ අප්පච්චි.. ආදරෙයි මම.. "

අප්පච්චි ආදරෙන් මගෙ ඔලුව අතගාලා එයාලගෙ කාමරේට ගියාට පස්සෙ මං දැක්කෙ මං දිහා ගල් ගිලලා වගේ බලාන ඉන්න වඳුරු පැටව් ටිකක් වෙද්දි මම ගිහින් ටීපෝ එක උඩ තිබ්බ හිස් තේ කොප්ප ටික ට්‍රේ එකෙන් තියාගෙන කුස්සියට අරගෙන ගියා.. පම්කද දන්නෑ බලන්නෙ ම්හ්ක්..

ඔය විදිහට හවස් වරුව සතුටින් සාමෙන් ගෙවිලා යද්දි දැන් රෑ 8ටත් කිට්ටු වෙන්න ඇවිල්ලා තිබුනා වගේම මම හිටියේ කුස්සියෙ ඉඳන් අම්මට උයන්න උදව් කරන ගමන්.. ආදිත්‍ය අයියා හවස නිදාගන්න කියලා ගිය පාර තවමත් එලියට ආවේ නෑ.. අපේ අයියා නම් ගෙදර ගියේ ආයෙ රෑ වෙලා එන්නම් කියලා.. ශේනුයි, දිලුමයි, විහස්න අයියයි අපෙ අප්පච්චි එක්ක හෙන කදයක්..

" අර ශාක්‍ය මහත්තයගෙ ලොකු කොලුවා ආදිත්‍ය දරුව නම් හරිම හොඳ දරුවෙක් නේද.. "

" ආ..හ්..ඔව්..ඔව් අම්මේ.. "

" බලන්න එපැයි තියෙන සිරියාවන්ත කම.. ඇරත් මහ මිනිහෙක් වගේ අප්පච්චි එක්ක යස අගේට කතා කරාපු විදිහ.. "

" එයා කොහොමත් එහෙම තමයි අම්මේ.. අපේ ස්කෝලේ ප්‍රධාන ශිශ්‍ය නායකයනෙ ඒ අයියා.. "

" අනේ එහෙමත් එකක්ද.. බොහොම දක්ශ, ගුණ යහපත් ළමයා.. "

" ම්ම්.. මේ අම්මේ මං දෙයක් අහන්නද.. "

" අහපන්කො බලන්න මොකක්ද කියලා.. "

" මේ..ම්හේ.. අම්මා අහලා ඇතිනෙ ඔය සමලිංගික ආදර කතා ගැන.. ඉතින්.. මේ.. අම්මා ඒ ගැන මොකද හිතන්නේ.. "

" හ්ම්ම්.. මොකද පුතේ මං අහලා නැත්තෙ.. දැන් ඔය දේවල් සාමාන්‍යයිනෙ ලෝකේ.. ජීවත් වෙන්නෙ අපි එක්ක නෙවෙයිනම්, වියදම් වෙන්නෙ අපෙ සල්ලි නෙවෙයිනම්, කන්නෙ අඳින්නෙ අපෙන් නෙවෙයිනම්, අපි මොකටද පුතේ ඒවට විරුද්ධ වෙන්නෙ.. ඕනම මනුස්සයෙක්ට සතෙක්ට ආදරේ දැනෙන එක සාමාන්‍ය දෙයක්.. මේ අම්මා උබ හිතන ජාතියෙ කෙනෙක් නෙවෙයි සුදු පුතේ.. "

" අනේ.. අම්මේ.. ඔයා හරි හොදයිනෙ.. මේ.. එහෙනම් මං මේකත් අහලම ඉවර කරන්නම්කො.. "

" අහපන් බලන්න ඒකත්.. "

" අම්මගෙ සුදු පුතා ඒ කියන්නෙ මමත්.. ඒ වගේ.. කෙනෙක්.. උනොත්.. අම්මා මට ලැජ්ජ කරනවද අම්මේ..හ්හ්.. "

මං ඒක අහද්දි මගෙ ඇස්වල කඳුලු පිරිලා ගියේ අම්මා මගෙ ලගට ඇවිල්ලා එයාගෙ බඩට මාව හේත්තු කරගනිද්දි..

" මගෙ පුතේ.. උබ දැන් ඉන්නෙ හැමදේම හොද නරක තේරෙන වයසක.. මං කවදාවත් පුතාගෙ ආසාවල් වලට අකුල් හෙලපු අම්මෙක් නෙවෙයි.. උබ අම්මා ගැන තාම දන්නෙ නෑ පුතේ.. හැබැයි දැනට මතක තියාගන්නකො මේ අම්මා ඕනම දේකට හැමදාම මගෙ පුතා එක්ක ඉන්නවයි කියලා.. මගෙ කොල්ලගෙ සතුට විතරයි මට වටින්නෙ.. ඒකනෙ මං සුදුපුතාට මෙච්චර ආදරේ.. "

" අනේ අම්මේ..හ්හ්හ්.. ම්හ්ෆ්.. මං ආදරෙයි මගෙ අම්මට.. මාව තේරුම් ගන්නවට මං ණයයි අම්මේ..  "

" මමත් ආදරෙයි නෙ ඉතින්.. ඉකේ කෝ ලොකු කොල්ලෙක් නේද අඩනවා කෙල්ලෙක් වගේ.. අයින් වෙය කොල්ලෝ අර දරුවන්ට බඩගිනිත් ඇති.. "

" ම්හ්ක්.. මේ පරිප්පු හොද්දයි සලාදෙයි හදලා ඉවරයි අම්මේ.. "

" හා පුතේ එහෙනම් ඔයත් ගිහින් ඇඟ පත හෝදගෙන, කට්ටියට කතා කරගෙන එන්න.. මං මේසෙ ලෑස්ති කරන්නම්.. "

" හරි අම්මෙහ්හ්.. "

මගෙ අම්මා තමයි මාව හොදටම තේරුම් ගත්ත එකම මනුස්සයා.. මං හරි ආදරෙයි ඇත්තටම.. ලමේක්ට ලබන්න පුළුවන් ලොකුම සතුට එයාගෙ අම්මා හෝ අප්පච්චි එයාව තේරුම් ගන්නවා කියන එක වෙන්න ඇති.. උඩ පැන පැන ආව මම නැවතුනෙ ආදිත්‍ය අයියට දීලා තිබුන කාමරේ ලග වෙනකොට දොරට තුන්පාරක් තට්ටු කරත් සද්දයක් නැති තැන මං දොරත් ඇරගෙන ඇතුළට ගියා.. යද්දි එයා හොඳටම නිදි තවමත්..

දොරත් වහගෙන ගිහින් එයාගෙ ඔලුව තියෙන තැනින් මෙට්ටෙ මමත් ඉඳගෙන ඒ මූණ දිහා බලාගෙන හිටියා.. පියවිලා තියෙන ඇස්දෙක, ගොරෝසු ඇහිබැම, සන්සුන් මූණ, තොල්දෙක සීරුවෙන් කොට්ටෙකුත් බදාගෙන නිදාගෙන ඉන්න විදිහ ඇත්තටම වැදගත් පෙනුමයි.. ලෝභයි මට..

" මගෙ අයියේ.. මම ඔයාට ආදරෙයි කියන්නම ඕනද.. දැනෙන්නෙ නැද්ද.. තේරෙන්නෙ නැද්ද ඔයාගෙ අරලිය මලත් ඔයාට පුදුම තරම් ආදරෙයි කියලා.. මට හරි ලෝභයි අයියේ ඔය ආදරේට.. මට බයයි ඔය ආදරේ මට නැතිවෙයි කියලා.. මට ඔයාගෙ ඔය විසල් පපුව අස්සෙ හැංගිලා ඉන්න ඕන මගෙ අයියේ.. කවදහරි මොන ප්‍රශ්නෙ ආවත් මාව අතාරින්නෙ නෑ නේද අයියේ.. එහෙම උනොත් සත්තයි මම ජීවත් වෙයි හැබැයි මැරුණා හා සමානව.. මම ආදරෙයි මගෙ අයියේ.. මහ ගොඩක්.. මගෙ පපුව පිරෙන්නම.. පුදුම තරම් මම මගෙ නපුරු හිතුවක්කාරයට ආදරෙයි.. "

ඒ නළලින් හාදුවක් තියන්න එයාගෙ මූණට මම පහත් වෙද්දිම ක්ශනිකව මාව එයාගෙ ඇගට යට කරගත්තු ආදිත්‍ය අයියා මගේ ඇඟ දෙපැත්තෙන් අත් දෙක තියාගන්න ගමන් මගෙ මුළු මූණ පුරාම එයාගෙ ඇස් දෙක යැව්වෙ මගෙ කදුළු පිරුණ බෝල ඇසුත් එයාගෙ මූණ දිහා බලාගෙන ඉද්දි..

" ආයෙ කියපන් මගෙ පණ.. ආයෙ කියහන් මගෙ දෙයියෝ.. අයියට කියපන් ආදරෙයි කියලා.. දෙයියනේ මගෙ පණ ටික.. මාව සතුටට පැලෙයි බං.. "

එයාගෙ ඇග යට හිටිය මාව ඒ අත් දෙකෙන්ම කිටි කිටියෙ පපුවට තුරුල් කරගන්න ගමන් මගෙ පණ මගෙ දෙයියෝ කිය කිය ආයෙම ආදරෙයි කියන්න කියද්දි අනේ මට ඇඬුනා..

" අයියේ.. මම.. ආදරෙයි.. මහ ගොඩක්.. මං හරි ලෝභයි අයියේ උබට.. ඇත්තමයි මම ආදරෙයි.. "

" ම්වාහ්.. ම්ව්වාහ්.. මගෙ පුංචි මල.. මට හරි සතුටුයි වස්තූ.. මමත් උබට මහ හුඟක් ආදරෙයි.. කොහොමද දෙයියෝ හිතුවෙ මම උබව දාලා යයි කියලා.. එහෙම හිතන්නවත් එපා මීණු.. මට උබ නැතුව ජීවිතේ දැන් ගෙවන විදිහ තේරෙන්නෙ නෑ.. මම දන්නෙ මෙච්චර මම උබට මගෙ පපුව පැලෙන්නම ආදරෙයි එච්චරයි.. "

කියපු ආදිත්‍ය අයියා එයාගෙ පපුවෙන් මාව ඈත් කරලා මගෙ ඇස්වලින් කම්මුල් තෙමපු කඳුලු ටික එයාගෙ දිග ඇඟිලි වලින් පිහලා මගෙ වෙව්ලන තොල් පටවල් දෙක එයාගෙ දෙතොල් එක්ක පටලව ගත්තෙ මෙච්චර වෙලාම වහින්න මාන බලපු වැස්ස පොළොවට කඩාගෙන වැටෙනකොට..

මගෙ අත් දෙක ඒ ලොකූ පපුවට කිටි කිටියෙ මිරිකිලා තියෙද්දි ඒ ලොකු අත් මගෙ ඉණට අයිතිවාසිකම් කියද්දි එයාගෙ තොල් හරි හරියට මගෙ තොල් එක්ක සෙල්ලම් කරේ මමත් එයාට උපරිම සහයෝගය දෙනකොට.. පරිස්සමට උඩු තොල වගේම යටි තොලත් උරවපු ආදිත්‍ය අයියා අවසානෙට මගෙ තොල් දෙකම එයාගෙ කට ඇතුලට දාගෙන උරවලා අත ඇරියෙ ඒ අපි දෙන්නගෙ පළවෙනි හාදුව කියලා සනිටුහන් කරන ගමන් වෙද්දි එයාගෙ තොල් මගෙ නළලින් තිබ්බෙ ඒ දැනුන සනීපෙට මගෙ ඇස් දෙක පවා පියවෙනකොට..

විනාඩියක් විතර නළල සිපගෙන හිටිය ආදිත්‍ය අයියා මගෙන් ඈත් උනේ ආයෙම මාව තුරුල් කරගෙන ඔලුව මැද්දෙන් හාදුවක් තියෙන ගමන් වෙද්දි දොරට තට්ටු කරපු අපෙ අයියා නිසා අපි දෙන්නට ඈත් වෙන්න සිද්ද උනා..

" ඉක්මනට වරෙන් ආදිත්‍ය.. අප්පච්චි තාම ආවේ නෑ කෑමට.. "

" හරි අයියෙ විනාඩියෙන් එනවා.. "

" මීණු.. තොල් ඉදිමිලා වගේනේ.. "

" ම්හ්ක් අයියේ.. "

" ආයෙ අල්ලගෙන තොල් හපනවා හරිද සුදූ හුරතල් වෙන්න ආවොත්.. "

" ම්හ්ෆ් මාර එක්කෙනෙක් තමයි ඒයි ඔයා නම්.. "

" තොල් දෙක ඉදිමිලා මීණු මොකද කරන්නෙ.. "

" අව්ලක් නෑ අයියේ.. අම්මලා දන්නවා මම තොල් හපනවයි කියලා.. ඒක නිසා ශේප්.. මම ගියාට පස්සෙ අයියා එන්න.. "

" හරි එහෙනම්.. මූණ ටිකක් හෝදගෙනම යන්න.. "

එයාගෙ ලගින් අයින් වෙලා කාමරෙන් ශේප් එකේ එලියට ගිහින් මගෙ කාමරේට පැනගෙන මූනත් හෝදන් කෑම මේසෙට ගිහින් මම ඉඳගනිද්දිම වගේ ආදිත්‍ය අයියත් ආවා.. ඊට විනාඩි දෙහෙකට පස්සෙ අප්පච්චිත් ආව නිසා අපි කට්ටියම ඉඳගෙන කෑම කන්න පටන් ගත්තෙ අද කවදාවත් නැතුව මගෙ මුළු හිතම සතුටින් පිරිලා ඉතිරිලා තියෙනකොට..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

දෙයියනේ දෙයියනේ උන් දෙන්නා සෙට් උනා.. මට සතුටුයි දුකයි අයියෝහ්.. 😭😭

ඔන්න බොලව් ආසාවෙන් හිටියනෙ කට කෑවෙ නෑයි කියලා.. ඔන්න කෑවා හරිත.. 😌👍

ඔයාලා දන්නවත ළමයි මම හරි ආදරෙයි මේ ආදිත්‍ය කොලුවට.. ආහ්හ් එහෙම කොලුවෙක් හම්බුනොත් පීස් මාව දැනුවත් කරන්න.. 😩😩

අදනම් මේ කොටසට කමේන්ට් ගොඩක් ඕනේ.. කොන්දත් කඩාගෙන ලිව්වෙ.. ඔලුවත් කැක්කුමයි ම්හ්ක්.. 😒😩

2300ක් ලේසි නෑ.. දේදුනු හාදු එකේ දුන්න දිගම එපිය.. කොටස් 26ක් ඉවසීමෙන් දරාගෙන හිටිය ඔයැයිලට ඉච්තූතී..

Good Night

Lvyuuuuu❤

Share This Chapter