Back
/ 50
Chapter 29

[විසි හත්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

අද අපි ගමේ ඇවිල්ලා ගෙවෙන තුන්වෙනි දවස.. අලුත් අවුරුද්දට තව දවස් හතරක් වගේනේ තියෙන්නෙ.. ඉතින් දැන් ඉඳන්ම මුළු ගමම ඒකට ලෑස්ති වෙනවා.. කැවිලි පෙවිලි එහෙම හදනවා, ගෙවල් අලුත් කරනවා, අලුත් ඇඳුම් ගන්න යනවා.. වැඩ බොහෝමයි.. කොච්චර වැඩ තිබුනත් අපි කට්ටියම අද මේ උදේම ලෑස්ති වෙන්නෙ පහළ තියෙන දොළට යන්න..

කට්ටියම ඉතින් උදේම දැනගත්තනෙ මම ආදිත්‍ය අයියට ආදරේ ප්‍රකාස කරාපු බව.. හුම් හුම් අපෙ අයියා පොඩි සැල් එහෙකුත් දැම්මා ආදිත්‍ය මලයට.. මට හරි සතුටුයි ඒයිලා ම්හ්ක්.. දැන් තියෙන්නෙ ගෙවල් දොරවල් වලින් අවසර ගන්න එක විතරයි නේත.. අපෙ අම්මා හරි අප්පච්චි ගැන මට කිසිම අදහසක් නෑ.. නිරෝශා නැන්දයි මාමයි ගැන මම කොහොමත් දන්නෙ නෑ.. එන විදිහකට මූණ දෙනවා ඉතින් එච්චරයි..

අපෙ අයියා ගෙදර ඉදන්ම එන්නම් කිව්ව නිසා මම මෙහෙ ඉන්න හරක් පැටව් ටික දක්කගෙන යන්න මේ දත කන්නෙ.. ඇයි වදේ දැන් උදේ 10ටත් කිට්ටුයි යමු කියලා කිව්වෙ උදේ 9ට පැයක්ම පරක්කුයි.. මම විතරයි ලෑස්ති වෙලා ඉවර.. ආදි අයියයි විහස්න අයියයි තාම අඳිනවා මිහිනු, දිලුම් දෙන්නා මූණ හෝදනවා..

කොහොමින් කොහොමහරි 10.30 වෙද්දි නළුවො හතර දෙනෙක් වගේ හතරදෙනා එළියට බැස්සා..

" දැන්වත් එනවද යන්න.. මං බලන් ඉන්නෙ 8.30 ඉඳන් රෙද්ද.. ශේනු, දිලුම් තෞසෙලා දෙන්නා තමයි පුපට එළිය වැටෙනකම් නිදාගත්තෙ.. "

" අප්පෝ ආදියා උබත් ඉඳලා ඉඳලා හොයාගෙන තියෙන්නෙ කොච්චි පැළයක්නෙ බං.. "

" කොච්චි උනත් මොකද බං මගෙ ළග සයිලන්ට් නම්.. මිහිනු බබා කෑ ගහන්නෙ නැතුව ඉස්සර වෙන්නකො.. "

" හුහ් ඔහෙත් යනවා යන්න.. ඔක්කොම එකයි.. "

" අපිට පේනවා සයිලන්ට් එක.. හා හා ඔහොම යමන්කො.. "

" විහා කන පලාගන්නෙ නැතුව වරෙන් යන්න.. "

අනේ පෞ අප්පා මගෙ මනුස්සයා.. මං ඉතින් තව මුකුත් නොකියා ඉස්සර වෙලා ගෙයින් එළියට බැස්සා.. ටික වෙලාවක් මං ඉස්සරහින් පාරෙ ඇවිදගෙන යද්දි ආදිත්‍ය අයියා මගෙ අත එයාගෙ අතක් එක්ක පටළව ගත්තෙ පිටිපස්සෙන් එන නයි ටික සූස් සූස් ගගා උඩට අදිද්දි..

" අනේ කිරිපුතේ තව දුරයිද බං.. "

" තව කිලෝමීටර් එකක් වගේ තියෙනවා.."

" ටහුකන්න අනේ මේ පගෝ උබ පලයන් තනියම මං එන්නෑ.. "

" නෑ නෑ බං ඔය ඉස්සරහින් පේන පල්ලමෙන් බැහැලා ගියහම දොළ හම්බෙනවා.. "

" හම්මේ එහෙනම් එච්චරයි.. අපිට නාන්න බැරි වෙයිද.. "

" ඇයි ගෙදර වතුර තියෙන්නේ.. "

" අනේ ආදිත්‍ය ලොකු අයියේ මෙන්න මේ මෝඩ පැටියව පොඩ්ඩක් මොලේ දීපන්.. "

දිලුම් කිව්ව එකට මුකුත් නොකියපු ආදිත්‍ය අයියා හිනා වෙලා ඉස්සරහ බලාගෙනම මාත් එක්ක ගියේ අරුන් ටිකත් අපි එක්කම පල්ලම බැහැලා දොළ ළගට එනකොට.. මේ දවස් වල වහින නිසා දොළේ වතුර සැලකිය යුතු මට්ටමකට පිරිලා තියෙන්නේ.. පොඩි කිව්වට පොඩිමත් නැති කැළයක් මැද්දෙන් ගලාගෙන යන දොළ, ඒ ළගම තියෙන ගල් තැනිතලාව.. වාහ් මාරම කම්ෆටබල් වයිබ් එකක් ඒක..

" යකුනේ මම උදේ 8.30 ඉඳන් මෙතන හිටගෙන.. මොන මගුලක්ද කලේ මෙච්චර වෙලා.. "

" ඇයි අයියෙ මෙන්න මෙවුන් දෙන්නා නැගිට්ටෙත් 9.45ට.. විහස්න අයියයි සුදු අයියයි ලෑස්ති වෙන්නම හැට පැයක් ගියා.. ඉතින් පරක්කු වෙන එක අහන්නත් දෙයක්ද.. "

" සැක්.. ඒකත් එහෙමද.. මරු සෙට් එක.. මට කලින් එන්න කියලා මුං එකෙක්වත් නෑ.. තව ටිකක් බලලා මං ගෙදර එන්න හිටියේ.. "

" හරි හරි දැන් අපි ආවනෙ.. ඉතින් නානවද කට්ටියම.. "

" මේ සීතලේ අනෙ අයියේ තෞසෙ මට කියලා කුනාරප අහගන්න ලෑස්ති වෙන්න එපා.. "

" අනේ මීණු බබා හැමදාම නෑනේ ඉතින් නාන්නම් ඈහ්.. "

" හා ඒයි ඔයා නාන්නකො හොදේ.. "

ඉදපන්කො මූට කරන්න වැඩක්.. හවස් වෙලා ගෙදර යද්දි සීතලේ තේරෙයි.. කිඹුහුම් අරින කොට අනේ මං නම් මගෙ පුපටවත් ගනන් ගන්නෙ නෑ.. අපරාදේ යකොව් මං ආදරෙයි කිව්වෙ සැක් කව්ද දන්නෙ මේ මනුස්සයා නිදි නෑයි කියලා ම්හ්ක්..

මම හිතාගෙන ආවෙත් නාන්නෙ නෑ කියලා.. ඒ උනාට ඉතින් දැන් මිනිහත් නානවනෙ ඒක නිසා මමත් ඇඳගෙන හිටිය ටීශර්ට් එක ගලවන්න කියලා හිතාගෙන ටී ශර්ට් එක උඩට උස්සද්දිම ආදිත්‍ය කියන බලවේගේ ඇවිල්ලා රිදෙන්නම මගෙ ඉණ මිරිකුවා දෙයියනේ..

" මීණූ ඔය වැඩේ නම් කරන්න හිතන්නවත් එපා හරිද.. මගෙ යකා අවුස්සගන්න තමයි උබ හදන්නේ.. "

" රිදෙනවනෙ අයියේ අත ගන්නකො.. "

" රිදෙන්න තමයි යකෝ කරන්නේ.. ඔය මගෙ වත්කම මට විතරයි අයිති ගලවපන් බලන්න උස්සගෙන යනවා ගෙදර.. "

" ම්හ්ක් ආදරෙන් කතා කරපියකො පොඩ්ඩක්.. කොයිවෙලෙත් බයිනවා.. "

" කටවහගෙන නානවනම් ඔය ඇඳුම පිටින්ම නාන්න එච්චරයි.. මං කිව්වනෙ උබට, මං උබට ආදරේ තරම ගැන මගෙන් අහන්න එපා කියලා..  "

" ම්හ්ක්.. හරි හරි ඉතින් මෙහෙමම නාන්නම්.. "

ඔන්න එතකොට නම් නපුරු හිනාවක් දාලා ආයෙම ඉණත් මිරිකලා ගිහින් දොළට බැස්සා.. මමත් මුලින්ම ඇඟිලි ටික ඊටපස්සෙ කකුළෙ ඇඟිලි ටික එහෙම දාලා තමයි ඉතුරු කොටස් ටික දොළට දාගත්තේ.. ෆූහ්හ්හ් සීතලයි යකොව්..

" අඩෝ වුට්ටෝ වතුර සීතලයි යකුනේ.. අවයව ගල් වෙලා තියෙයිද මන්දා.. "

" ආආ කමක් නෑ බං.. ගල් උනත් නැතත් වැඩක් නෑ උබ බොටම්නෙ.. "

" අනේ මේ මිහිනුවෝ මගෙන් කුනාරප අහගන්න එපා හර්ත.. මට කියන්නෙ උබත් බොටමක්නෙ.. "

" එව්ව් ඒකෙ යම් කිසි සත්‍ය තාවයක් තියෙනවා තමයි සේනු ඒ උනාට අපි තුනම බොටම් තමයි යකොව් එච්චරයි.. "

" අනෙ මේ තොපි දෙන්නා කොහොමද කියන්නෙ මමත් බොටම් කියලා.. "

" අපි බලමුකෝ ඉතින් හර්ත දිලුම් දෙළුම් කොල්ලෝ.. "

" අඩෝ වහිනවනෙ බං.. පොදයක් වැටෙනවා.."

" ළමයී... ගොඩට යමු කට්ටියම වහින්න එන්නෙ හොදටම.. "

" යමන් යමන් නැත්නම් ස්වාමිපුරුෂයො දෙන්නා පරල වෙයි.. "

" දෙන්නා.. හූ ස් දෙන්නා.. මිහිනුගෙ නම් ආදිත්‍ය අයියා කියමුකො එතකොට අනිකා කෞද.. "

" ම්ම්ම් ඔය එන්නේ බළලා මල්ලෙන් එලියට.. යමන්කො කොට පගයො ගෙදර.."

" හම්මට.. ශේනු සිරාවටම.. "

" මේහ්.. මං.. නික..ම්.. ඉතින් කිව්වෙ.. වැරදිලා.. "

" අනේ පලයන් වුත්තො යන්න.. "

" කියන සිංහල තේරෙන්නෙ නැද්ද ආ තුන්දෙනාට.. විදූ එන්න ගොඩට.. සුදූ, දිලුම්.. "

" මේ එනවා අයියේ.. මේ එනවා.. "

අපි තුන්දෙනත් එක්කම ශේනුවත් බයිට් කර කර දොළෙන් ගොඩට ආවා.. ආදිත්‍ය අයියගෙ ඇඳගෙන හිටිය ටී ශර්ට් එක ඇඟටම ඇලිලා.. ම්හ්ක් අනේ එයාගෙ කුක්කු දෙකත් පේනෝනේ..

" අයියා මුන් ටිකවත් එක්කගෙන යන්නකො මමයි මිහිනුයි ටිකකින් එන්නම්.. "

" හා හා.. වැස්ස වැඩි කරන්න කලින් දෙන්නම එන්න ඕනේ හරිද.. අද අප්පච්චි ගෙදර නැති නිසා හොදයි.. ඒත් ඉක්මනට වරෙන් ආදිත්‍ය.. "

අපෙ අයියා ආදිත්‍ය අයියටයි මටයි ඉක්මනට ගෙදර එන්න කියලා කියාගෙනම ඒ හතරදෙනා ගියාට පස්සෙ ඒ දිහා බලාගෙන හිටිය මගෙ පිටිපස්සෙන් ඇවිල්ලා මාව බැක් හග් කරේ ආදිත්‍ය අයියා වෙද්දි එයාගෙ රස්නෙ තොල් මගෙ බෙල්ලෙ ඉදන් උරහිසට වෙනකම්ම හාදු තිබ්බා..

" ම්හ්ම්.. අයිය්..යේ.. "

" මීණූ.. මේ සීතලේ වහින වෙලේ අයියට ඔයාගෙන් දෙයක් ඕනේ.. "

" ම්හ්.. මොනා..ද.. "

" වැස්සටයි, දොළේ වතුරටයි තෙමිලා තියෙන මේ ටී ශර්ට් එකෙන් ඉලිප්පිලා පේන සුදූගෙ නිපල්ස් අයියට දැන් ඕනේ.. "

" අනෙහ්.. අයියේ.. "

" ම්ම්.. දෙන්න පුළුවන්ද.. "

" මෙතන්..ම.. "

" නෑ.. අපි ගෙදර යමු.. ම්ම්.. අද අප්පච්චිත් නෑනේ.. අනික මගෙ නැන්දම්මත් තිසුක අයියලගෙ අම්මලගෙ දිහා යනවා කිව්වනෙ.. "

" තෞසෙ නම් මහ කපටියෙක් සුදු අයියේ.. හිමිච්චා වගේ ඉඳගෙන ඔක්කොම අහගෙන ඉඳලනෙ.. "

" හහ් එහෙම තමයි ඉතින් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න එපැයි.. "

" ම්හ්ක්.. අපි යමුද අයියේ.. සීතලයිනෙ.. "

" සීතල නැති කරමු.. "

මාව එයාගෙ පැත්තට හරවගත්තු ආදිත්‍ය අයියා මට හිතන්නවත් වෙලාවක් නොතියම මහ වැස්සෙ මගෙ තොල් දෙක එයාගෙ තොල් එක්ක පටලව ගත්තෙ සීතලේ උනත් මාව රත් කරලා වෙද්දි එයාගෙ ලොකු අතක් මගේ ඉණ ළග නැවතෙද්දි අනික් අත මගෙ පිට පුරාම දඟ කෙරුවේ දරාගන්න බැරිම තැන මම එයාගෙ බෙල්ල වටේ අත දාලා ආදිත්‍ය අයියගෙ පපුවටම ඇලෙද්දි..

විනාඩි පහකින් විතර කිස් එක බ්‍රේක් කරපු ආදි අයියා එයාගෙ ඇඟිල්ලකින් ඉදිමිලා රතුවෙලා තියෙන මගෙ තොල් දෙක අතගාලා කට කොණින් හිනා උනේ හෙන ආඩම්බරේකින් වෙද්දි මම එහෙමම එයාගෙ පපුවට තුරුල් වෙලා එයාව බදාගත්තෙ ආපිට ආදිත්‍ය අයියත් මාව බදාගනිද්දි..

දොළේ ඉඳන් අපි දෙන්නා ගෙදර එනකොටත් අම්මා නැන්දලගෙ දිහා යන්න ලෑස්ති වෙලා හිටියේ.. වැස්සට හොදටම තෙමිලා ඉන්න අපි දෙන්නා දිහා බලපු අම්මා මගෙ ඔලුවටයි අයියගෙ ඔලුවටයි ටොකු ඇන්නා.. ඔලුවටමයි අප්පා මේ මිනිස්සු ගහන්නෙ..

" හරිම අගෙයි දෙන්නත් එක්ක වැස්සෙ තෙමිලා කුකුල්ලු දෙන්නෙක් වගේ ගෙට ගොඩ වෙන විදිහ.. "

" හෙ හෙ.. අම්මේ.. "

" සුදු පුතා උබට ගහනවා ඇත්තමයි මම.. අනේ මන්දා මේ ළමයා නම්.. ගිහින් පිහගන්නවා ඔළුව.. හචිං ඇරපන්කො මට ඇහෙන්න.. "

" නැන්දා දැන් යන්නකො.. මං මෙයාගෙ ඔළුව පිහලා තේ ටිකක් හදලා දෙන්නම්.."

" අනේ පුතේ තේ ඩිංගක් නෙවෙයි අර බෙහෙත් පැකට් එකක් ඇති පස්පංගුව අනික් දරුවො ටිකටත් දීලා මේන් මේ හරකටත් දීලා ඔය දරුවත් බොන්න.. "

" හරි නැන්දේ.. නැන්දා වැස්ස පායපු වෙලේ ඉක්මනට යන්නකො.. මම මෙයාලට ඒක හදලා දෙන්නම්.. "

" හොදයි පුතේ.. කට්ටියත් එක්කම පරිස්සමින් ඉන්න.. මං රෑට උයලා තියෙන්නෙ.. බෙදාගෙන කන්න.. මං එහෙනම් යනවා.. "

" හරි අම්මේ පරිස්සමින් ගිහින් එන්න හොදේ.. "

අම්මත් ගියාට පස්සෙ මං ගිහින් නාගත්තා.. අම්මොහ් සීතල වැස්සෙත් තෙමිලා හිටිය නිසා ඉතින් නාගත්තේ.. නාගෙන එලියට එද්දි ආදිත්‍ය අයියා අපෙ අයියත් එක්ක එක්කහු වෙලා පස්පංගුව තම්බලා තිබුණ නිසා අපි කට්ටියම ඒ ටික බීලා කියව කියව හිටියා.. පස්සෙ ඉතින් රෑට කාලා ටීවි එකත් බලලා අනික් අය නිදාගන්න ගියාට පස්සෙ මමත් මගෙ කාමරේට ගියේ නිදාගන්න කියලා හිතාගෙන..

දොර ‍රෙද්ද දාලා දොරත් අඩවල් කරගෙන ඇඳට පැන්නෙ ශීට් එක අස්සට ගුලි වෙන්න ගමන් වෙද්දි විනාඩි දහයකට විතර පස්සෙ කාමරෙ භාගෙට වහලා තිබුණ දොරත් ඇරගෙන ඇතුළට ආවේ ආදිත්‍ය අයියා.. ඇරපු දොරත් වහලා ලොක් එක දාලා ඇඳගෙන හිටිය ටී ශර්ට් එක ගලවන ගමන් දාලා තිබුන පොඩි එලියක් එන ලයිට් එකත් ඕෆ් කරගෙන මගෙ ලගට ආව අයියා මගෙ මූණ දිහා බලාගෙන හිටියේ ඒ බැල්ම දරාගන්න බැරුව මම අහක බලාගනිද්දි..

ඇඳේ දිගාවෙලා හිටිය මගෙ ඇඟ දෙපැත්තෙන් ඇඳට අත් දෙක බර කරපු ආදි අයියා මගෙ බෙල්ලට පාත් වෙලා බෙල්ලෙ ඉදන් පපුව ළඟටම වෙනකම් පුංචි පුංචි හැපුම් තිබ්බෙ ප්ලෙශර් එක දරාගන්න බැරි තැන මම මගෙ අත් වලට ඇඳ රෙදි මිරිකගනිද්දි..

" අයියට මේවගෙ රස බලන්න දෙනවද මැණිකේ ~... "

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

සමාවෙන්න පරක්කු උනාට.. 🥲

මේ දැරිවි ස්කෝලේ ට්‍රිප් එක ගියානේ.. 🌝

පාඩම් කරන්න ගත්තට මොකද විභාගෙත් කල් ගියා ඉතින්.. 🥲👍

දේදුනු හාදු එකට වැඩිම කමේන්ට්ස් ආවේ 26 වෙනි කොටසටනෙ.. සතුටුයි හරිද.. ඒ වගේම තෑන්ක් යූ.. 😗❤️

මිහිනුගෙ අම්මා ගැන ඔයාලා මොකද හිතන්නේ ළමයි.. 😌

එතකොට BTS Feasta එක අපෙ WWH Jin අයියණ්ඩිත් ආයෙම එනවනෙ.. 😩💜️

යෝහ් සතුටින් ඉන්නෙ දෙමියනෙ.. 🥹🍻

Lvyuuuuu❤

Share This Chapter