Back
/ 50
Chapter 31

[විසි නවවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

අපි දැන් මේ ඉන්නෙ ලොකූ ගහක් යට ඉඳගෙන වෙහෙස මහන්සිය නිවාගන්න ගමන්.. උදේ 9ට විතර ආව ගමන දැන් වෙලාව නම් දවල් 1ට විතර ඇති.. මොකෝ ගමේ ඇවිදින්න ඔරලෝසු බැඳගෙන එනවා කියලැයි.. අපේ ගමනාන්තය නම් ගමේ තියෙන පන්සල.. හැබැයි ඒක හුඟාක් කැලේට වෙන්න තියෙන එකක්.. මං ගමේ ඉන්න කාලේ නම් ඔතනට යන්නෙ බොහොම අමාරුවෙන් මොකද අම්මා කියන්නෙම තෝ කොයි වෙලේ හරි සර්පයෙක් දශ්ට කරගන තමයි පස්ස බලන්නෙ කියලා..

අඤේ එහෙම උන්නෑ ඉතින් මං බොදු දරුවනෙ.. සර්පයෙක්ට උනත් මං වගේ දරුවෙක්ට දශ්ට කරන්න හිතෙන්නෙ නැතුව ඇති කියලා අපි හිතමු.. ඒ කොහොම වෙතත් දැන්නම් මං ඉන්නෙ පට්ටම බඩගින්නේ.. ඇයි වදේ උදේට කාලා ආව ඉදිආප්ප පහ විතරයි බඩට.. මොකෝ අපි බත් මුල් බැදගෙන ආවා කියලද දවල්ට කන්න නෑනේ.. ඒත් අනේ මේ තිරිසන්නු වගේ මිනිස්සු ටිකට ගානක්වත් නෑනේ.. ඔහේ කියවනවා ඔහේ කියවනවා.. මං අහන්නෙ ඔච්චර කියවන්න තියෙන්නෙ මොනාද..

" අනේ ඒයි මට බඩගිනිනේ.. දැන් 2ටත් ලග ඇති අයියේ.. "

" කට.. කට වහගෙන හිටපිය මං කිව්වෙ නැද්ද ආ උදේ කද්දි වැඩිපුර කන්න කියලා.. 5ක් කාලා උබේ කොහෙට යන්නද.. බඩගිනි නම් කටවහන් හිටපිය.. උබේ මුරණ්ඩු කම වැඩී.. "

" ම්හ්ක් අනේහ්හ් උදේ පාන්දර කන්න බැරි නිසානේ කෑවේ නැත්තේ.. සැර කරන්න එපානේ ඒයි.. "

" ඔව් ඔව් උබට අනේ මැණිකේ මගෙන් මුකුත් නාහා ඉදපන්.. "

" පලයන් යන්න ඕන්නෑ ඔහේව මට.. මං යනවා ගෙදර.. ම්හ්ක් "

" ඔතනින් හෙල්ලෙන්නෙ නැ හරී.. කකුල් දෙක කඩනවා උබේ.. "

" කතා කරන්න එපා මා එක්ක.. "

එයාගෙ එහා පැත්තෙ හිටිය මම ඒ අත බදාගෙන කොනිති ගගහා බඩගිනී කිව්වත් අන්තිමට උනේ එයා පරල උන එක.. ඇත්ත ඉතින් මට කිව්වා උදේ වැඩියෙන් කන්න දවල්ට කන්න පරක්කු වෙයි කියලා.. ඒත් උදේට මං කන්නෙ පොඩ්ඩයි නිසා මං කිව්වා මේ ටික කෑවහම ඇතී කියලා.. ඒකට බයින්න ඕනේද මං අහන්නේ.. ම්හ්ක් මිනිහා ඉස්සරහා උනත් ඔහොම පච වෙන්න පුලුවන්ද.. අන්තිමට එයාගෙ අතත් ගසලා දාලා මං නැගිටින්න හැදුවා උනත් නැගිට්ටොත් කකුල් කඩනවා කිව්ව ආදි අයියට ඕන බම්බුවක් ගහගන්න කියලා මං එයාගෙ අත ආයෙම අයින් කරලා ගස්සගෙන එන්න ආවේ ගෙදරට..

කිලෝමීටර් දෙකකට වඩා දුරක් අපි සෙට් එක ඇවිල්ලා හිටියා වෙද්දි කාශ්ටක අව්වේ ඒ දෙක ආයෙම යනවයි කියද්දි මට තරු විසික් උනා.. ඒත් කමක් නෑ කාගෙන ඉක්මනින් ඉක්මනින් ඇවිදගෙන යද්දි දැන් කීප සැරයක්ම මගෙ බඩ පපුව පිච්චීගෙන උගුරට ආවා.. ගෑස්ට්‍රික් අනේ ගෑස්ට්‍රික් කරුම ලෙඩක් අප්පා.. තව මගක් යද්දි මගෙ ඉස්සරහින් නැවැත්තුවේ බයික් එකක්.. කව්ත මේ..

" අභිසෙස්.. හුග කාලෙකින්නෙ දැක්කෙ.. කොහෙද මේ හති දාගෙන යන්නේ.. "

" නෙලිත අයියා.. ඔව්නේ අයියේ මං දැන් කොළඹ ස්කෝලෙකටනෙ යන්නේ.. ගෙදර යනගමන්.. අයියා කොහෙද යන්නේ.. "

" මතකයි නේ.. ආරංචි ආරංචි.. එහෙමද මමත් යන්නෙ ඒ පැත්තට තමයි යමු මාත් එක්කම.. "

" ආහ්.. මේ..හ්.. තව ටික දුරයිනෙ.. කමක් නෑ අයියා යන්නකෝ.. "

" ලොකු ලොකු වාහන නම් නෑ අභිසෙස්.. නගින්න මං ගිහින් දාන්නම්.. ඇරත් මේ අව්වෙ යන්න අමාරුයිනේ.."

" මං ලොකු ලොකු වාහන හොයන කෙනෙක් නෙවෙයි අයියේ.. හා..හ්.. ආ.. එහෙනම් යමුකො.. "

නෙලිත රාදෙව් රණ්දෙනිගල.. අපෙ අම්මලගෙ පැත්තෙන් දුරින් නෑ වෙන කෙනෙක්.. මට වෙන්නෙ මස්සිනා.. මට වඩා අවුරුද්දක් වැඩිමල්.. ඒ කියන්නෙ සුද්දයියගෙ වයසෙ.. ගමෙන් කොළඹට මාරු උනත් හරි එයාලව මගෑරිලම ගියා.. නෙලිත අයියා කියන්නෙ එච්චර හොද චරිතෙකුත් නෙවෙයි.. අනේ මන්දා ඒ කියන්නෙ එයා මං ලගදි හරි අමුතුයි.. මට මතකයි පුංචි කාලේ නැන්දලගෙ, පුංචිලගෙ ලමයි ආවහම අපි කට්ටිය සෙල්ලම් කරනවා.. නෙලිත අයියා ඉස්සර මගෙ ලගින් හෙල්ලුනේ නෑ.. ඒ හයක් හතරක් නොතේරෙන කාලේ හැගීම් ගැන දන්නෙ නැති උනාට මට දැන් තේරෙනවා එයාගෙ හිතේ මං ගැන තියෙන්නේ සහෝදර බැදීමට එහා ගිය දෙයක් කියලා..

මේවගෙ නැගලා ආවා වගේ නෙවෙයි මගෙ ඔපීසියල් මිනිහට ආරංචි උනත් ආදරෙයි තෙරුවන් සරණයි, ගෞරවයෙන් බුදුසරණයි තමයි.. එක එක ලෝක වල සැරිසරපු මම ජීවත් වෙලා ඉන්න ලෝකෙට ආවේ හයියෙන් බ්‍රේක් කරලා නවත්තපු බයික් එක නිසා වෙද්දි බයික් එක අපේ ගෙදර මිදුලට ගොඩ වෙන තැන පඩිපෙළ ළග නතර කරලා කියන්න මම දැක්කා.. යකෝ මූ විනාඩි පහට මෙතනනේ.. දෙයියනේ දෙයියනේ ශෝට් කට් එකෙන් යම පල්ලා නම් ගෙදර ඇවිල්ලා ඉන්න එපා..

" මල්ලි ගෙදරට ආවා.. ඉන්න මං මේක ස්ටෑන්ඩ් කරලා එන්නම්.. මට නැන්දව මුණගැහෙන්න ඕනෙ.. "

" ආහ්.. හරි අයියේ මම යන්නම් අයියා එන්නකො.. තෑන්ක්යූ එක්කගෙන ආවට.."

" ආහ් ඕක මොකද්ද මල්ලි.. එහෙනම් යමුද.. "

" හ්ම්ම් යමුකෝ.. "

එව්ව් එව්ව් බේසාවා ඕකනේ බැරි පොඩ්ඩක් හොදින් කතා කරහම කරේ නගින්න එනවනේ.. කමක් නෑ මිහිනු ඔන්න ඔහෙ ඕකත් එක්කම පලයන් කියලා හිත කිව්වට මොකද අනේ මගේ මොලේ නම් කියන්නෙම උබ අද ඇටි හැලෙන්නම කනවයි කියලා වෙද්දි පඩි තුන නැගගෙන අපි දෙන්නම මිදුලට ගොඩ වෙලා සෙරප්පු ගලවලා ගෙට ගොඩ උනා විතරයි එහෙමම ඉස්සරහා බලපු මම දැක්කේ.. මගේ ජීවිතේ භයානකම දර්සනේ.. සෑ වෑව්ව්.. මිහිනු පුතා හරිම දස්සයි ඉල්ලගෙන කාලා..

මටත් කලින් ශෝට් කට් එකෙන් ගෙදර ඇවිල්ලා කාමරේ උලුවස්ස ලගට වෙලා අත් දෙක සාක්කු දෙකේ දාගෙන මගේ දිහා මරන් කන බැල්මෙන් බලාගෙන හිටියේ වෙන කවුරුත් නෙවෙයි ආදිත්‍ය අයියා වෙද්දි සත්තයි මට සාතන්ව මිහිපිට හැබහින් දැකගන්න පුලුවන් උනා වගේ හැගීමක් දැනුනා.. රවන්නේ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ... පන මාගේ තමයි ඒත් අද නම් පණ යයි වගේ.. ම්හ්ක් ඉද යෙන්නඩා කඩවුලේ මටම මෙහෙම වෙනවා..

" කෝ මල්ලි නැන්දා නැද්ද.. අනික මේ ඇවිල්ලා ඉන්න අලුත් මූණු ටික කව්ද.. මං මීට කලින් දැකලා නෑනේ.. "

මුගේ කිරි අත්තට කැකුලු හාල් ගරන්න.. පකයාආආආ අනේ කතා කරන්න එපා යකෝ මා එක්ක.. අර සාතන් මාව මරයි දෙයියනේ.. ඒ අස්සෙ මූ අහනවා මේ අලුත් අය කව්ද කියලා.. අනේ මෝඩ මූසලයා..

" අම්මා කුස්සියේ වෙන්න ඇති අයියේ.. මේ හතරදෙනා මගේ ස්කොලේ යාලුවෝ.. මං යනවා කාමරේට.. අයියා කුස්සියට ගිහින් අම්මව හම්බෙන්න.. ''

" ඇයි මල්ලි හදිස්සි.. අඩුම මේ යාලුවො වත් මට අදුන්වල දෙන්නෙ නැද්ද.. ඇයි අර අනික් කෙනා රවාගෙන ඉන්නේ.. "

" අනේ අයියේ වදයක් නොවී යනවද.. මට හරි මහන්සී.. එයාලව පස්සෙ අදුන්වල දෙන්නම්.. අප්පච්චි එන්න කලින් යන්න නැත්තනම් බැනුම් අහන්න වෙයි.. "

" ඉස්සර වගේමයි නේද.. එහෙනම් මං නැන්දව හම්බෙලා යන්නම් අභිසෙස්.. "

" හ්ම්ම්.. "

ඇත්තටම මගෙ ඔලුව රිදෙනවා සිරාවටම පුපුරන්න වගේ.. ගෑස්ට්‍රික් වැඩිවෙලා බඩ පපුව පිච්චිලා උගුරට එන වාරයක් ගානෙ මට කලන්තෙට ආව වෙද්දි මෙච්චර හරි කාගෙන හිටියේ අම්මව බය කරන්න ඕනෙ නැති නිසා වෙද්දි ඒ ඉවසීමේ සීමාවේ අන්තිමට මගේ ඇස්දෙක නිලංකාර වෙලා මාව පණ නැති කෙසෙක් කදක් ගානට බිමට කඩන් වැටුනේ මගෙ සුදු අයියා මගේ ලගට දුවගෙන එනවා බොද උන ඇස් වලට පෙනී නොපෙනී යද්දි..

තවමත් පුපුරු ගහන ඔලුව කාගෙ හරි උකුලක තියෙනවා දැනෙනකොට මං ඇස්දෙක ඇරියේ මූණට වැටෙන සීතල වතුර බිංදු නිසා වෙද්දි ඇස් දෙක ඇරිය ගමන් දැක්කේ මගෙ ආදිත්‍ය අයියව එයා හිටියේ මගෙ ඔලුව අතගාන ගමන්.. මගෙ අතකිනුත් අල්ලගෙන මූණට වතුර ඉහ ඉහ හිටියෙ මගෙ අම්මා වෙද්දි මට කට ඇරලා වචනයක් කතා කරගන්න බැරි තරමට මගේ උගුර කට වේලිලා තිබ්බා..

" මගේ කොල්ලෝ.. අනේ උබට මොකද පුතේ උනේ.. උදේටවත් හරියමන් විදිහකට කාලා නෑ.. දවල්ටත් නෑ.. ගෑස්ට්‍රික් අමාරුව තියෙනවා කියලා දැන දැනනේ පුතේ.. නැගිටහන්.. කෝ මේ බත් ටික කාලා ඉන්න.. "

" නැන්දේ මල්ලිට ගිහින් අයියා ගෙනාව යෝගට් ඇති ඒකක් ගේන්නකො.. මං බත් ටික මෙයාට කවන්නම්.. "

" අනෙ හා දරුවෝ.. ඉන්න මං අරගෙන එන්නම්.. වැඩිය හොදි දැම්මේ නෑ සැර නිසා පුතා කවන්නකො මං එන්නම්.. "

" මගෙ හොද කොල්ලා වගේ බත් ටික කන්නකෝ.. අම්මා එන්නම් හොදේ.. "

අම්මා මගේ ඔලුවත් අත ගාලා ආදිත්‍ය අයියගෙ අතට බත් පිගානක් දීලා කාමරෙන් එලියට ගියා.. බත් පිගාන මේසෙ උඩින් තිබ්බ ආදි අයියා මාව උස්සයලා ඇද වියලට කොට්ටයක් හේත්තු කරලා ඒකට මාව හේත්තු කරා..

" උබලත් ගිහින් කාපන් බඩගින්නෙනෙ හිටියේ.. අයියේ මට පුලුවන් නම් වතුර වීදුරුවක් අරගෙන එන්නකො.. "

" ඉදපන් මං අරගෙන එන්නම් මල්ලි.. "

තිසුක අයියත් එක්ක ශේනු, දිලුම්, විහස්න අයියා හැමෝම එලියට යද්දි මේසෙ උඩින් තිව්ව බත් පිගාන අතට ගත්තු ආදි අයියා හැම ව්‍යංජනෙන්ම චුට්ට චුට්ට දාල බත් කටක් ඇනුවා.. එයාගෙ දිහා බලාගෙන හිටිය මම එයාගෙ අතින් මගේ කට ලගටම ලං කරපු බත් කට මගෙ කටට අරගෙන හපලා ගිලිද්දි මගෙ උගුරෙ ඉදන් පහලට යන බත් ඇටයක් ගානෙම උගුර, පපුව, බඩ පිච්චිලා ගියා වෙද්දි ඒ වේදනාවට මගෙ ඇස් දෙකට කදුලු පවා ආවා.. ගෑස්ට්‍රික් කියන්නෙ මහම මහා සාප ලෙඩක්..

මුකුත්ම නොකියා අයියා ගෙනත් දුන්න වතුර වීදුරුව මට පොවන ගමන් මගෙ පපුව අත ගාපු සුදු අයියා හිමින් හිමින් ඉතුරු බත් ටිකත් මට කවද්දි මේ පිරිමි පරානේ ගැන මට සිය දාස් වෙනි වතාවටත් පුදුම තරම් ලෝභ හිතුනා..

පිගානෙ බත් ඇටයක් ඉතුරු නොවෙන්නම මට කවපු අයියා පිගානත් අරගෙන යන්න යද්දි මට තේරුනා එයා මං එක්ක ඉන්නෙ තරහින් කියලා.. ඒත් වෙලාවෙ හැටියට මට කරන්න දෙයක් තිබ්බෙ නෑනේ.. ඇරත් මං ඌ එක්ක මගුල් නැටුවේ නෑ.. යන්න ගිය අයියගෙ අතේ මැනික් කටුව ලගින් මං අල්ලගනිද්දි එයා නෙවෙයි නිකම්වත් මං දිහා හැරිලා බැලුවේ..

" මාව අතෑරපන් මිහිනු.. තමුසේ අසනීපෙන් ඉන්න නිසා මං දැන් කිසිම දෙයක් කතා කරන්න යන්නෙ නෑ.. ඒත් රැට, රෑට මට උත්තර දෙන්න ලෑස්ති වෙලා හිටපන් මීණූ.. "

" අයිය්..යේ..හ්.. "

" ශ්.. ශ්.. දැන්ම නෙවෙයි රැට, මං කිව්වෙ රෑට කියලා.. "

මගෙ අත ගසලා දාපු ආදිත්‍ය අයියා කාමරෙන් යන්න යද්දි රෑට මොන ජවුසමක් නටයිද කියලා පපුව ගැහුනා.. අනේහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.. ආයෙම කාමරේට එයා ආවේ නෑ.. ඒ වෙනුවට ශේනුයි, දිලුමයි විහස්න අයියයි ආවා..

" පිස්සු හුත්තා අපිවත් බය කරානේ මූ.. "

" හිතලා නෙවෙයිනේ බං ඉතින් අප්පා.. "

" උබට අද රෑට නම් සම්බුව හම්බෙයි කිරි පුතේ.. "

" අනේ හලෝ මට බයයිනේ දිලුමෝ.. "

" ඈ මල්ලි කව්ද බං ඒ ඇට පණුවා.. "

" ඔය අපේ අම්මගෙ පැත්තේ මට දුරින් නෑ වෙන අයියා කෙනෙක්.. නෑ කමට ඌ මට මස්සිනා.. අනේ බේසමා ඕකා මට ලයින් යකෝ.. "

" ටහුකනවනේ දාලා.. අරූ ඔය සීන් කෝන් එකක් දන්නෙ නෑනේ.. ඒත් තිසුකයියගෙන් අහගන්න ඇති ඕකා අනිවා ඩෙෆා.. "

" ආආආආආආආඅ ආඩවනේ මට බයයි මිතුරනි.. "

" උබට ඕවා හිතන්න තිබ්බෙ උගෙත් එක්ක ජෝඩු දාලා බයික් එකේ එන්න කලින්.. "

" හෑ...... උබලා ඒකත් දන්නවද.. "

" ඔව් ඔව් උබේ හුජු අයියත් දන්නවා.. "

ශේනුවගේ කතාවත් එක්ක මට මතක් උනේ අර වස්සැප් එකේ ගිනි ගන්න ලසංඤ්ඤා ස්ටිකරේ.. මමත් දැන් ඒ හා සමානයි.. අද රෑට මට ගෞරවයෙන් බුතුසරණයි දෙවි පිහිටයි.. ශේනු, දිලුම්, විහා අයියා මාත් එක්ක කදේ දාගෙන ඉදලා පැයක් විතර යද්දි තුන්දෙනාටම කරමත ගහපු හින්දා මටත් යනවා කියාගෙන් උන් තුන්දෙනා නිදාගන්න ගියා වෙද්දි මම ඕන එකක් වෙද්දෙන් කියලා කාමරෙන් එලියට බැහැලා කුස්සියට ගියා අනිද්දා අවුරුදු.. ඉතින් මුලු ගමම දැන්ම ඉදන් ඒකට ලෑස්ති වෙනවා.. අප්පච්චි තාම නෑ කොහොමත් එයා එන්න හවස් වෙයි.. කැවිලි හදන්න ඕන කරන පිටි වර්ග, ගෙදරට අලුතෙන් ගේන බඩු, ඔය ඔක්කොම අරගෙන තමයි එයා අද ගෙදර එන්නේ.. මොකද හෙට දවසම වැඩ, වැඩ..

මම කුස්සියට යද්දිත් අම්මා ලොකූඋ ගස්ලබු ගෙඩි තුනක් අරගෙන ඒවා පොතු ගහනවා.. ඔය අච්චාරු හදන්න.. මං ගිහින් අම්මව පිටිපස්සෙන් බදාගෙන අම්මගෙ පිටට මූන තියාගත්තා වෙද්දි අම්මා මාව අදුරගත්තා වගේම බොරුවට නෝක්කාඩු කිව්වා..

" දැන් කොහොමද සුදු පුතා.. අමාරුවක් නෑනේද.. "

" දැන් හොදයි අම්මා.. අමාරුවක් නෑ.. "

" එහෙනම් කමක් නෑ.. කෝ අනික් ලමයි ටික.. "

" ලොක්කයියානම් ගෙදර ගියානෙ, ශේනුක, දිලු, විහා අයියා තුන්දෙනා මා එක්ක කතා කර කර ඉදලා නිදාගන්න ගියා.. ආදිත්‍ය අයියා නම් දන්නෙ නෑ.. "

" එහෙමද කට්ටියට ඇවිදලා මහන්සි ඇති.. මගෙ පුතාට මහන්සියක් නැත්තනම් අච්චාරුව හදන්න ගන්නකො.. මං ගස්ලබු ගෙඩි තුනම සුද්ද කරලා ඉවරයි.. "

" අමාරුවක් නෑ අනේ.. කෝ දෙන්නකො මං හදන්න.. අම්මා මිරිස් ලූනු, මුරුංගා පොතු, අබ එහෙම අබරලා ලෑස්ති කරලා තියන්නකො.. "

" ඒවත් ඔක්කොම හරි හදන්න විතරයි තියෙන්නේ.. "

" ආහ් එහෙනම් අම්ම ඉන්න මං මේක හදන්නම්.. "

" එහෙනම් මං පිටි ටිකක් තියෙනවා ඒ ටික කොටන්න ගන්නවා.. පරිස්සමින් හරිද.. "

සුද්ද කරලා තිබ්බ ගස්ලබු ගෙඩි එකක් අරගෙන තීරු වලට කපලා ඊටපස්සෙ ඒවා හෝදලා අරගෙන ආයෙම සාමාන්‍ය හීනි තීරු වලට කපලා ලොකූ ඇලුමිනියම් භාජනේකට දැම්මා.. ඔය විදිහට ගස් ලබු ගෙඩි තුනම කපලා ඉවර වෙලා ඊටපස්සෙ අමු මිරිස් ටික අරගෙන දෙකට මැදින් නැට්ට ලගින් චුට්ටක් ඉතුරු වෙන්න පලලා ගස්ලබු දාපු එකේ අයිනකින් තිබ්බා.. ගෑස් ළිප පත්තු කරලා ඒකෙන් මැටි මුට්ටියක් තියලා ඒක රත් වීගෙන එද්දි විනාකිරි දාලා ඒකට කපාගත්තු ගස්ලබු ටිකෙන් ටික දාලා ටිකක් තැම්බෙනකම් ඉදලා වෙනම ලොකුම ලොකු මැටි මුට්ටියකට එක්කහු කරා.. ඊටපස්සෙ පිළිවෙලට අමු මිරිස්, රතු ළූණූ ටිකත් විනාකිරෙන් තම්බලා අරගෙන අර මුට්ටියටම එකතු කරලා අම්මා ගලේ අබරලා තිබ්බ අබ, මුරුංගා පොතු, ගම්මිරිස්, ලුණු, කහ පේස්ට් එක මුට්ටියට දාලා හොදට පොල්කටු හැන්දෙන් කලවම් කරා.. ඒකටම අර විනාකිරි චුට්ටකුත් දාලා කලවම් කරලා රෙදි කෑලි දෙකක් තියලා මුට්ටියෙ කට තදට බැදලා ලී මැස්ස උඩින් තිබ්බා.. අච්චාරු හදලා ඉවරයි..

" අම්මා හදලා ඉවරයි.. මැස්ස උඩින් තිබ්බා.. මං යනවා ඇඟ හෝදගන්න.. "

" අනේ හරි පුතේ.. ඇඟ හෝදන් ඇවිල්ලා පහන තියන්නකො.. "

" හරියෝ.. "

අම්මටත් කියලා කාමරේට ඇවිල්ලා මං ගියා ඇගහෝදගන්න 6යි වෙලාව.. ඉක්මනට ඇග හෝදන් ඇදුමකුත් දාගෙන මිදුලෙ තියෙන පොඩිත් නැති ලොකුත් නැති බුද්ධ මන්දිරේ ලගට ගිහින් මල් තියෙන පීරිසිය අරගෙන අරලිය ගහ ලගට ගිහින් අරලිය මල් පොකුරක් කඩාගෙන ඒක පීරිසියෙන් තියලා පැන් ඉස්සා.. පැන් කෝප්පෙට පැන් අරගෙන පහනට තෙල් දාලා පත්තු කරලා හඳුන්කූරුත් පත්තු කරලා ගාථා කියලා ඉවර වෙද්දි 7යි වෙලාව.. මං ගෙට ගොඩ වෙන්න හදද්දි දැක්කේ ජනේලෙන් මේ පැත්ත බලාගෙන ඉන්න සුදු අයියව.. මං ඒ දිහා බලනවා දැකලා එයා ඇතුළට ගියා.. දුශ්ටයා..

7.30 වෙද්දි අප්පච්චිත් ගෙදර ආවා.. අම්මා කෑම ලෑස්ති කරලා තිබ්බ නිසා ඔක්කොමලා කෑම කාලා ටීවී එකත් බල බල ඉදලා කුස්සියට ගෑටුවෙ කැවිලි හදන්න අම්මට උදව් වෙන්න.. මමත් කුස්සියට යන්න කලින් කාමරේට ගියේ ෆෝන් එක අරගෙන එන්න උනත් එකපාරටම මාව කාමරේ බිත්තියට හේත්තු කරලා දොර වහපු ආදිත්‍ය අයියා නිසා මාව පුදුම උනා..

දොර වහලා මගේ ලගට ආව අයියා එයාගෙ එක අතක් මගෙ ඔලුවට උඩින් බිත්තියෙ තියාගන්න ගමන් අනික් අත මගෙ ටීශට් එක යටින් අතදාලා මගෙ ඉණ මිරිකන්න ගත්තා වෙද්දි මුකුත්ම නොකියපු ආදි අයියා එකපාරටම මගෙ බෙල්ලට පාත් වෙලා මගෙ Collarbone එකක් එයාගෙ දත් වලින් හප හප ලීක් කරේ මට තරු පෙනෙද්දි..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

හෙ හෙ වචන 2000ක් හර්තේ.. 😌

ආයෙ ලබන සතියෙ තමයි හොදත.. 🤧

අනේ ලොක්කයියා එනවා දෙයියනේ හෙට.. 😭 ලබන අවුරුද්දේ මේ වෙද්දි 6/7ක් ම ඇවිල්ලා නේද කියලා මතක් වෙද්දි මේ අවුරුද්ද ඉවර වෙද්දි හෝසෝකුත් එනවා නේද කියලා මතක් වෙද්දි.. 😭😭❤️

ඒත් හෙට ලයිව් එකක්වත් බලන්න වෙන්නෙ නෑනේද කියලා මතක් වෙද්දි හයියෝ.. 🫠🤧

මං යනවා ඒයිලා කියන්න දේකුත් නෑ.. 🤧

Good night

Lvyuuuuu❤

Share This Chapter