Back
/ 50
Chapter 32

[තිස්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

දවල් මම අර යකා එක්ක ඉඳිය එක දැකලා නිසා වෙන්න ඇති දැන් මේ මගෙ මිනිහා මාව හපාකන්නේ.. ම්හ්ක් බලපන්කෝ දෙයියනේ මං වැඩ වරද්ද ගන්න විදිහ.. එව්ව් එව්ව් හරී.......ම වේසයි නොවැ..

Collarbone වලින් ඈත් උන අයියා ඊළඟට මගෙ තොල් දෙක අල්ලගත්තෙ වෙනදා වගේ සාමාන්‍ය විදිහට නෙවෙයි.. එයාගෙ තියුණු දත් වලින් මගෙ තොල් දෙක හැපුවා.. දැවිල්ලයි මෝඩ යකා.. හප හප උරලා අවසානෙදි මාවත් අරගෙනම ඇඳට නැග්ග ආදි අයියා මම ඇඳගෙන හිටිය ටී ශර්ට් එක ගලවලා අයින් කලේ එයාගෙ ඇස් මගෙ මුළු පපුව පුරාම සැරි සරද්දි වගේම ඊළග මොහොතේ එයාගෙ කට,දිව, වගේම අතකුත් මගෙ නිපල්ස් එක්ක හුඟක් බිසී වෙලා තිබුනා..

නිපල් එකක් උරවන ගමන් අනික් එක එයාගෙ රළු අතකින් පොඩි කරද්දි මට හික් ගෑවුනේ ඒ දැනෙන ප්ලෙශර් එකට.. මොනා නැතත් ආදිත්‍ය අයියා කියන්නෙ ඇඟපත හොදට තියෙන කොල්ලෙක්.. ඉතින් එයත් එක්ක මට හැරෙන්න බෑ කියලා මං හොදටම දන්නවා.. මාරුවෙන් මාරුවට නිපල්ස් සක් කරපු අයියා පපුවෙන් ඈත් වෙලා ආයෙම මගෙ තොලක් හපලා ඈත් උනේ මං දිහා මහම මහා අමන බැල්මකුත් දාගෙන..

" මුලින්ම පනිශ්මන්ට් බබා.. දැන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න.. "

" ම්හ්ක්.. මං කොහොමද දැන් ටීසට් එකක් නැතුව ඉන්නේ ඈ ඒයි.. බලන්නකො හැම තැනම රතු පැල්ලම් ඒ මදිවට තොල් දෙක කාලා මගේ.. ම්හුම්.. "

" මගේ දේවල්නෙ කන්න නෙවෙයි ඕනම දෙයක් කරන්න මට අයිතිය තියෙනවා.."

" ම්හ්ක්.. නපුරා.. "

" කව්ද අර උබව බයික් එකේ දාගෙන ආව හු##ගෙ පුතා.. "

" කුනුහරැප කියන්න එපා.. ඒ අයියා අපෙ අම්මගෙ පැත්තෙන් දුරින් නෑ වෙන කෙනෙක්.. "

" අයියා.. උබට වෙන අයියලා ඉන්න බෑ.. තිසුක අයියා, මම විහා, එච්චරයි.. මට ආයෙ ආයෙ කියන්න තියන්න එපා මීණූ.."

" හරි හරි ම්හ්ක් ආයේ කියන්නෑ.. "

" ම්ම්.. එතකොට ඌ ඉන්නෙ මෙහෙද මං කිව්වේ මේ ගමේමද.. "

" නෑ නේ මං හිතන්නෙ එයා නිවාඩුවට වෙන්න ඇති ඇවිල්ලා තියෙන්නෙ.. "

" ම්ම්.. එතකොට ඇයි උබ උගෙ බයික් එකේ නැගලා ආවේ.. "

" මං බෑ කිව්වා එයාට.. අයියා දන්නවනේ මේක ගම.. කොළඹ නෙවෙයි ඉතින් මං දැන් කොළඹ ඉන්න නිසා ඒ ගොල්ලො හිතයි කොළඹ ඌශ්නෙ ගහලා මගේ ලොකුකම කියලා.. ඊටපස්සෙ කඩපිල් අස්සෙයි තැන් තැන් වලයි නැන්දලා කතා වෙනවා.. අම්මලට අප්පච්චිට එක එක ඒවා කියනවා.. ඉතින් මං අකමැත්තෙන් උනත් ඒකා එක්ක ආවේ ඒකයි.. "

" ම්ම්ම්.. ඒ උනාට මිහිනු උබ මතක තියාගනින් උබව ජීවත් කරන්න සල්ලි හම්බකරන්නෙ උබේ අම්මයි අප්පච්චි මිසක් පිට හුත්තිලා නෙවෙයි කියලා.. උබට ආදරේ මම මිසක් ඌ නෙවෙයි කියලා වගේම එක එක වේසියන්ගෙ කතා වලට බය වෙන්නැතුව හිටපන්.. මොකද උන් උබව ජීවත් කරන්නෙ නැති නිසා.."

" මං ඒක දන්නවනේ ඒයි.. ආයෙ එහෙම නොකර ඉන්නම්.. සමාව දෙනවනේ.. "

" අදට පළවෙනි සහ අවසාන වතාවට සමාව දෙන්නම් මීණූ.. මොකද මටත් තියෙන්නෙ හිතක්.. පොඩි කාලයක් නෙවෙයි උබ වෙනුවෙන් මං බලන් ඉන්නේ.. ඒක නිසා දාස් වාරයක් හිතපන් මේ අයියගෙ හිත රිද්දන්න කලින් ම්ම්.."

" අයියේ..හ්හ්.. අනේ ඔච්චර ආදරේ කරන්න එපා දෙයියනේ.. මට බර වැඩීනේ.. "

" මං උබට නැතුව වෙන කාට ආදරේ කරන්නද මිහිනු.. "

ආදිත්‍ය අයියා එහෙම කියද්දි මම එයාගෙ පපුව අස්සට රිංගගත්තෙ එයත් මාව ආපිට තුරුල් කරගෙන අපි දෙන්නටම ශීට් එක වැහෙන්න දාද්දි.. හැම තැනම සැනසීමක් නෑ.. සමහරුන්ට සැනසීම තියෙන්නෙ යාළුවෙක්ගෙ උරහිසක් උඩ වෙන්න පුළුවන්, නැත්නම් සිංදුවක් ළග, එහෙමත් නැත්නම් ඇවිදින තැනක, ඒත් නැත්නම් තනියම ඉන්න එක.. ඒත් මට මගේ සැනසීම මම මැරෙනකම්ම තියෙන්නෙ මේ පපුව උඩ විතරයි.. ඉතින් මම මේ මනුස්සයට නොසෑහෙන්නම ආදරෙයි..

පහුවදා උදේ නැගිටිද්දි මගෙ එහාපැත්තෙ ආදි අයියා හොදටම නිදි.. මේසේ උඩ තිබ්බ ෆොන් එක අරගෙන වෙලාව බලද්දි පාන්දර 5.30යි.. අයියට ඇහැරෙන්නෙ නැති වෙන්න ඇදෙන් බැහැලා එයාට ශීට් එකත් පෙරවලා හොරාට එයාගෙ නළලට කිස් එහෙකුත් දීලා මම හිමීට දොරත් ඇරගෙන සාලෙට ආවා.. ඒ ඇවිල්ලා ඉක්මනට මගේ කාමරේට රිංගගෙන උදේම නාලා ඇඳුමකුත් දාගෙන එලියට බහිද්දි 6.30යි.. සුපුරුදු විදිහට මුලින්ම මිදුලට බැහැලා රතු, සුදු අරලිය ගස් දෙකෙන් මල් කඩාගෙන පහන තියලා කුස්සියට ගියේ අම්මව හොයාගෙන..

යද්දි අම්මා උදේට තේ බොන ගමන් කන්න ලැවරියා හදනවා.. මම ගිහින් අම්මට පොඩ්ඩක් තුරුල් වෙලා ඉදලා අම්මගෙන් බොරු ආදරේ කියලත් අහගෙන එයාට උදව් කරා..

" බුදු පහන තිබ්බා නේද පුතේ.. "

" අම්මා දන්නවනෙ අම්මේ මං ඒක හැමදාම කරන වැඩක් කියලා.. "

" හොද කොල්ලා.. අර දරුවො ටිකටත් කතා කරගෙන එන්න ගිහින් තේ බොන්න.. අද කැවිලි ටික හදන්න ඕනේ දරුවෝ හෙට අවුරුදු.. "

" හරි අම්මේ.. ඊයෙත් රෑ වෙනකම්ම හැදුවනේ.. මොනාද අද හදන්න තියෙන්නේ.. "

" ඔව් ඔව් ඊයේ කොණ්ඩ කැවුම්, අතිරස, මුං කැවුම්, පොල් කේක්, බටර් කේක්, අලුවා, ආස්මි, පැණි වළලු ඔය ඔක්කොම හදලා තියෙන්නෙ.. "

" හෑ... එච්චර ගොඩක් හැදුවද තනියම.."

" තනියක් කොහෙද බං අර සීදේවි කොලුවො ටික මට උදව් කරානේ.. අනේ පුතේ ලෝභ කමේ බෑ ආදිත්‍ය පුතා නම් හරි යසට කෑම ටික හැදුවා.. "

" මොකාක්ක්ක්.......... දෙයියනේ දෙයියනේ එතකොට මට කතා කලේ නැත්තෙ ඇයි අප්පා නිකන්වත්.. "

" ආදිත්‍ය පුතා කිව්වා ඔයාව ඇහැරවන්න ඕන නෑයි කියලා.. අසනීපත් උන නිසා.. ඒක නිසා මාත් කතා කරේ නෑ.. අප්පච්චිත් හිටියනේ.. "

" ආහ් එහෙමත් එකක්ද.. හරි හරි එතකොට අද මොනාද හදන්න තියෙන්නේ අම්මේ.. "

" අද නම් කොකිස් ටිකයි නාරං කැවුම් ටිකයි විතරයි තියෙන්නෙ හදන්න.. ඒටික රසට හදන්න පුළුවන් මගෙ කොල්ලට විතරනෙ.. "

" හුම් හුම් එහෙනම් මං කට්ටියව කතා කරගෙන එන්නම්.. අම්මා පිටි ටික එහෙම ලෑස්ති කරලා තියන්නකො.."

" හරි පුතේ.. "

යසෛ යසෛ අම්මගෙ රත්තරන් බෑණා පොඩ්ඩ නැන්දම්මගෙන් ලකුණු එක්කහු කරගන්නා ආකාරය නම් හරිම යසෛ.. ඒක තමයි එහෙනම් තවමත් නිදි කට්ටියම.. මම මුලින්ම දිලුම්, විහා අයියා හිටිය කාමරේට ගිහින් උන් දෙන්නව ඇහැරවලා එලියට යැව්වා.. ඊටපස්සෙ මගෙ කාමරේ හිටිය ශේනුව නැගිටවලා ඒකවත් එලියට යවලා අන්තිමට මගෙ මනුස්සයාගෙ කාමරේට ආවා.. ලකුණු දාගෙන මහන්සි ඇති පුචාට චාම නිජි..

ඇද වත ලගින් ඉදගෙන එයාගෙ සිනිදු කොණ්ඩෙ අස්සෙන් මගෙ ඇගිලි යවන ගමන් ඔලුව අත ගාද්දි මම දැක්කා අයියගෙ මූණේ හීන් හිනාවක් ඇඳිලා තියෙනවා..

" සුදු අයියේ... ~~ "

" දැන් නැගිටින්න.. 8ටත් කිට්ටුයි වෙලාව.."

" ම්හ්හ්.. "

" ම්හ්හ් නෙවෙයි කෝ ඉක්මනට නැගිටලා එන්න තේ නිවෙයි නැත්නම්.. මං ආයෙ එද්දි නැගිටලා ඉන්න හරිද.. "

කොන්ඩෙත් පොඩ්ඩක් අවුස්සලා මං නැගිටලා යන්න යද්දි මගේ මැණික් කටුවෙන් ඇදලා ගත්තු ආදිත්‍ය අයියා මාව එයාගෙ ඇඟට වට්ට ගත්තෙ අපි දෙන්නගෙ ඇස් එක මොහොතකට යා වෙද්දි..

ආදිත්‍ය අයියගෙ ෆෝන් එක රින්ග් වෙන සද්දෙත් එක්ක ගැස්සිලා ගිහින් එයාගෙන් ඈත් උන මම ඉක්මනට එන්න කියාගෙනම එලියට ආවා.. සාලෙට එද්දි අනික් තුන්දෙනා කියව කියව තේ බොනවා..

" මිහිනු බබා කුක්කු බිව්වතේ.. "

" නෑනේ මං කහට බිව්වේ.. පස්න තියේද පස්න.. "

" ඉදකින් උබේ කටනම් පොඩ්ඩක්වත් අඩුවෙලා නෑ.. අර මනුස්සයට උබ එක්ක ඉන්නවට තෑග්ගක් දෙන්න ඕනේ.. "

" ඉතින් දීපන්.. මේ අහන්නකො අනේ මං දැන් යනවා කොකිස් ටිකයි, නාරං කැවුම් ටිකයි හදන්න හරිද.. ආදි අයියා ආවහම එයාට මේ තේ ටික දෙන්න.."

" ඉදපන් ඉතින් අපිත් එන්නම් උදව් කරන්න.. උබට තනියම බෑනේ.. "

" නෑ නෑ එකෙක්වත් ඕන නෑ.. ඊයේ මහ පාන්දර වෙනකම් වැඩ අල්ලලනේ ඉන්නේ කට්ටිය.. "

" අපිට මහන්සි නෑ බං.. "

" කිව්ව දේ අහපන් හුත්තො.. උබට ඕන්නම් අර වත්ත පහල තියෙන කෙසෙල් ගස් වලින් කොල ටිකක් කපපන්.. ගොක්කොල වලින් පහන් පැල හදපන්.."

" අනේ උබ හුකාන් කිරිපුතේ.. මෙන්න මෙහෙ වරෙන් දිලුම් තිසුක අයියලගෙ දිහා යන්න.. "

" ඒ ඒ... උබ එහෙ යන්න දන්නෙ කොහොමද.. "

" බල්ලො.. කියලා පලයන්.. තිරිසන්නු වගේ මුං නම්.. "

ශේනුවට මං මගින් මගට කතා කරද්දි ඒ බල්ලො දෙන්නා ඇහුනේ නෑ වගේ ගෙයින් දොට්ට බැහැලා යන්න ගියා.. අනේ පලයන් යකෝ මට මොකද මට පාඩුද දැන්.. ඒත් මට තියෙන ලොකුම සහ එකම ප්‍රශ්නෙ ශේනුවා කොහොමද ලොක්කයිලගෙ ගෙදර තියෙන දිහා දන්නෙ කියන එක.. ඒක ගැනත් හිත හිතම කුස්සියට යද්දි අම්මා ඔක්කොම දේවල් ලෑස්ති කරලා තිබුනා..

ප්ලාස්ටික් ලොකු බෝල් එක අරගෙන ඒකට හාල් පිටි ටික, උකු පොල් කිරි ටික, ලුණු, කහ කුඩු දාලා හොඳට අතින් කලවම් කලා ගොඩක් දියාරුත් නැති ගොඩක් උකුත් නැති මිශ්‍රණයක් එනකම්.. පස්සෙ ඒක වහලා පැත්තකින් තියලා වළඳක් ලිපෙන් තියලා ඒකට දුඹුරු සීනි ටිකක් ගාලා දියවීගෙන එද්දි උණුවතුර ටිකක් දාලා විනාඩි දෙකක් වගේ යද්දි පොල්පැණි දැම්ම.. ඊටපස්සෙ ඒකට කුඩු කරගත්තු කුරුඳු, කරාබුනැටි, එනසාල් ටික දාලා වැනිලා බිංදු දෙක තුනකුත් දාලා පදම එනකම් හැඳි ගෑවා... වාඅහ්හ්හ් ගෙදරම සුවඳයි.. පස්සෙ ඒකට ගාපු පොල් ටික එකතු කරලා හොදට මික්ස් කරලා වලඳ ලිපෙන් අයින් කරලා තෙල් තාච්චිය තිබ්බා.. ඒකට පොල්තෙල් දාලා කොකිස් අච්චුවත් තෙල් එකට දැම්මා..

ටිකකින් තෙල් රත් වෙලා නිසා බැටර් එකේ කොකිස් අච්චුවෙන් චූට්ටක් ඉතුරු වෙන්න බස්සලා අරගෙන තාච්චියෙන් තිබ්බා.. ඒ විදිහට ඔක්කොම කොකිස් 150කට කිට්ටු වෙන්න හදලා ඉවර කරා..

" අම්මේ කොකිස් ටික හරී... පෙට්ටියකට හරි මුට්ටියට හරි දාලා අඩුක් කරන්න.. "

" හරිද කෝ දෙන්නකො.. "

අම්මා කොකිස් ටික අරගෙන අඩුක් කරන අතරේ මං පාන් පිටි අරගෙන ඒකට කහ, ලුණු දාලා හුඟක් ඝණට මික්ස් එකක් හදාගෙන අර පැණි පොල් ටික ටික අරගෙන බෝල කරලා මික්ස් එකේ දෙපාරක් විතර දවටලා බැද්දා.. ඒ විදිහට නාරං කැවුමුත් 100කට කිට්ටු වෙන්න හදලා ඔක්කොම කරලා ඉවර වෙද්දි දවල් 2ත් පහුවෙලා තිබ්බා..

" අම්මේ මේ ටිකත් හරි.. ආදිත්‍ය අයියා ආවේ නැද්ද තවම කන්නවත්.. "

" කෝ දෙන්න මං ඒ ටිකත් අඩුක් කරන්න.. නෑනේ පුතේ ඒ දරුවා තියා අනික් ළමයි තුන්දෙනා ආවෙත් නෑ.. "

" ආහ් එහෙමද ඉන්නකො එහෙනම් මං බලලා එන්නම්.. අම්මා කෑම ටික ලෑස්ති කරන්නකො.. "

" හරි ඉක්මනට එන්න කට්ටියම දැන් කන වෙලාවත් පහුවෙලානේ.. "

අම්මට කියලා මං ඉක්මනට ගිහින් ආදිත්‍ය අයියගෙ කාමරේට යද්දි එයා බරටම මොකද්දෝ ලොකු වැඩක්.. මං ආවද කියලවත් සිහියක් නෑ..

" අයියේ.. අයියේ.. "

" අයියේහ්.... "

" මිහිනු.. මොකද බං කණ ළග ඉදගෙන බෙරිහන් දෙන්නේ.. "

" මොන ලෝකෙද ඉන්නේ.. කන්නෙ නැද්ද අයියේ.. "

" මේ ස්කෝලේ වැඩක් බං.. ඒකේ සිහියෙන් හිටියේ.. යමු කන්න වැඩේ ඉවරයි මම.. "

" හ්ම්ම්.. අයියා කුස්සියට යන්න මං අරුන් තුන්දෙනාව කතා කරගෙන එන්නම්.. "

" ඇයි උන් තුන්දෙනා කොහෙ ගිහින්ද.. "

" ලොක්කයිලගෙ දිහා ගියේ ඔය නැට්ට පාගන්.. "

" ආහ්.. අනේ මන්දා බං උබලා තුන්දෙනා නම් විසාල කරදරයක් උනානේ.. යමන් බලන්න.. "

ආදිත්‍ය අයියා ෆෝන් එකත් සාක්කුවට දාගෙන මාත් එක්කම සාලෙට එද්දි මෙන්න යකෝ අරුන් තුන්දෙනා ඇවිල්ලා කෑම මේසෙන් ඉදගෙන බතුත් බෙදාගෙන කනවා.. මං එතනට ගිහින් අරුන් දෙන්නට හොදවැයි දෙකක් රැව්වා..

" උබලා දෙන්නා නම් මහ තිරිසන්නු දෙන්නෙක් යකොව්ව්.. "

" මීණූ.. මොකද ඔය ආ.. ඉදගෙන කෑම කනවා.. කොයි වෙලේ බැලුවත් දෙන්නා තුන්දෙනා ඇවිලෙන්නමයි බලාගෙන ඉන්නේ.. "

" අනේ මේ ඒයි මුං දෙන්නට ගහපන්කො අප්පා.. "

මං කෑම මේසෙන් ඉදගත්තට පස්සෙ අපේ මිනිහත් මගෙ එහා පැත්තෙන් ඉදගෙන මගෙ කන ලගට පාත් වෙලා කිව්ව එකටනම් මට පොළොව පලාගෙන අහස දෙබෑ කරගෙන යන්න හිතුනා..

" උන් දෙන්නට ගහන්න උන් ඉන්නවනෙ මීණූ.. මං ගහන්නෙ උබට විතරයි.. "

" අයියෙ... අනේ කට පියන් ඉන්නවකො.."

එහෙම කියලා මං අයියටත් බත් බෙදලා දිලා මාත් බෙදාගෙන කෑවා.. මෙදාපාර නොනගතේ තියෙන්නෙ හවස 4.25ටනේ.. ඉතින් දැන්ම කාලා හොදට බඩ පුරෝගන්න ඕනේ.. හතරදෙනත් එක්කම කාලා ඉවර වෙද්දි අප්පච්චිත් ගෙදර ආවා.. අප්පච්චි එනකම් නොකා හිටිය අම්මත් අප්පච්චි එක්කම කාලා ඉවර වෙලා ගෙවල් අතුගාලා අස් කරලා අප්පච්චි ආදි අයියයි එකතු වෙලා පහන් පැලත් හදලා ඉවර කරද්දි නොනගතේ ලැබුවා..

කොළඹ වගේ නෙවෙයි ඉතින් මෙහෙ ගොඩක් රතිංඤ්ඤා එහෙම දාන්නෙ නෑ.. ඒත් ඉතින් ඒ ඉස්සර දැන්නම් කොල්ලො කුරුට්ටො එකතු වෙලා රතිංඤ්ඤා එක පොරේට දානවා.. 4.25ට ලබපු නොනගතේ නිසා අපිට කිසිම වැඩක් පලක් කරන්න බෑනේ.. හැම අවුරුද්දෙම වගේ මේ අවුරුද්දෙත් නොනගතේට පන්සලට යන්න ලෑස්ති වෙන්න ඕන නිසා මමයි ශේනුයි ගිහින් මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා ඒක වට්ටියත් එක්කම පැත්තකින් තියලා මගෙ සුදු ඇඳුම අරගෙන අයන් කරගත්තා..

අප්පච්චි කිව්වෙ නම් 7ට විතර රෑ වෙන්න ගිහින් එමුයි කියලා.. ගමේ පන්සලට උනත් රෑ වෙද්දි මිනිස්සු යනවා හුඟක් අඩුයි.. අනික රෑ 7න් පස්සෙ කොහෙත්ම යන්නෙ නෑ මොකද සත්තු එහෙම ඉන්න නිසා.. ඉතින් අපේ ගෙදර ඉදන් පන්සලට මහලොකු දුරක් නෑ උපරිම කිලෝමීටර් එකක් ඇති.. ඒක නිසා මං නම් ආසම රෑට පන්සල් යන්න..

" මැණිකේ.. "

" මගේ ශර්ට් එකත් අයන් කරලා දෙන්නකො.. "

" කෝ දෙන්න.. ඔයා ගිහින් ඇග හෝදන් එන්නකො අයියේ.. පරක්කු වෙනවනේ දැනටමත් 5.45යි.. "

" මේ යනවා.. ඕක අයන් කරලා තියන්න.."

මගෙ උරිස්ස උඩින් දාපු එයාගෙ අත් දිග සුදු පාටට හුරු අළු පාට ශර්ට් එක අරගෙන මං අයන් කරද්දි තුවායත් කරේ දාගෙන ආදිත්‍ය අයියා බාතෲම් එකට ගියා.. එයාගෙ ඇඳුමත් එක්කම අයන් කරලා හැඟර් එකෙන් එල්ලලා තියලා මගේ ශර්ට් එකත් අරගෙන කාමරේට ගිහින් ඇඟ හෝදන් ඩෙනිම ඇඳලා ඒකට සුදු ශර්ට් එක ඇඳලා කොන්ඩෙත් පීරගෙන එළියට එද්දි අනික් හැමෝමත් ලෑස්ති වෙලා මිදුලට ඇවිල්ලා හිටියේ ආදිත්‍ය අයියා විතරක් නැති වෙද්දි..

" කෝ ආදිත්‍ය පුතා.. තාම ලෑස්ති වෙනවද.."

" මං හිතන්නෙ අප්පච්චි.. බලලා එන්නද ගිහින්.. "

" එපා එපා පුතා.. ඔය එන්නෙ කියනකොටම ඉලන්දාරියා..

ලා දුඹුරු පාට කලිසමට සුදු කමිසෙ ඇඳලා කොණ්ඩෙ ගානට ඇස් දෙකට වැටෙන්න හදලා අපි ළගට ආව ආදිත්‍ය අයියගෙන් ඇස් අහකට ගන්න එක මොහොතකට හිතුනෙ නැති තරම්ම.. එච්චරටම එයා ලස්සන පිරිමි ළමයෙක්..

" එහෙනම් කට්ටියම යමු නේද.. ඔක්කොමලා ආවනේ.. "

" ඔක්කොම ඉන්නවා.. අපි යමු එහෙනම්.."

අම්මයි අප්පච්චි ඉස්සරහින් යද්දි ඊටපස්සෙ ලොක්කයියයි ශේනුයි ඊටත්පස්සෙ තනිකඩ විහා අයියයි අපේ දිලුමයි.. තනිකඩ උනාට මොකද විහා අයියනම් හිනා වෙවී ෆෝන් එකට කොටනවා.. අන්තිමට මමයි සුදු අයියයි..

කතාවක් නැතුවම අපි අට දෙනාම පන්සලට ආවා.. කිව්වත් වගේ පන්සලේ සෙනග නෑ.. පන්සල් භූමියට ආවත් හරි මගෙ ඇඟට දැනුනේ පුදුම තරම් සනීපයක්.. හරිම නිස්කලංකයි..

මුලින්ම ගිහින් අම්මයි අප්පච්චි පහන් පත්තු කරලා අපෙන් මල් ඉල්ලගෙන යද්දි ආදිත්‍ය අයියයි මමයි පහන් පත්තු කරන්න පහන් වැට ලගට ආවා.. ආදිත්‍ය අයියා පහන් වලට තෙල් පුරවලා තිර දාද්දි මං තවත් පත්තු කරලා තිබ්බ පහනක් අරගෙන තෙල් දමාපු පහනට ලංකරලා පත්තු කරද්දි සීතල ඇඟිලි තුඩු වලින් මගේ අත අල්ලගෙන මගේ මූණ දිහා බලන් මගෙත් එක්කම පහන පත්තු කරන ආදිත්‍ය අයියව මගෙ ඇහැ කොණින් දැක්කා..

මේ පත්තුවෙන හැම පහනක් ගානෙම මගෙයි මගේ සුදු අයියගෙයි ජීවිතේ එළිය වෙන්න ඕනේ..

පහන් පත්තු කරන ගමන්ම හිතුව මම ඔක්කොම පහන් පත්තු කරලා ඉවර වෙලා හඳුන්කූරුත් පත්තු කරලා පිළිම වහන්සේට මල් පූජ කරලා මං ප්‍රාර්ථනා කරේ හැමදාම අපේ ජීවිත වලට සතුට විතරක්ම ලැබෙන්න කියලා..

අනේ බුදු හාමුදුරුවනේ මට නැතත් මගෙ සුදු අයියට සතුට විතරක්ම ලැබෙන්න ඕනේ.. ඒ මනුස්සයා මහ පුදුමාකාර මනුස්සයෙක්..

බෝධීන් වහන්සේටත් මල් පූජ කරලා බුදු ගෙට ගිහින් මල් තියලා වැඳලා අවසානෙට ගාථා කියන්න අපි ඇවිල්ලා බෝ මළුවෙන් ඉඳගත්තා. මගේ එහා පැත්තෙන් හිටියේ ආදිත්‍ය අයියා වෙද්දි හිතේ හැටියට මම බුදුන් වැන්දා.. වැඳලා ඉවර වෙලා බෝධියට පැන් වක් කරලා පන්සලේ නායක හාමුදුරුවන්වත් බැහැ දැකලා පිරිත් නූලුත් බැඳගත්තා..

" සුදු පුතේ.. අම්මයි අප්පච්චි කලින් යන්නම්.. මගෙ පුතාලා ටික පරිස්සමින් ඉක්මනට ගෙදර එන්න ඕනේ හරිද.. වැඩි වෙලාවක් ඉන්න එපා.. "

" ආහ් හරි අම්මේ.. අම්මලා පරිස්සමින් යන්නකො.. අපි පරිස්සමින් ඉක්මනට එන්නම්.. "

අම්මයි අප්පච්චි ගියාට පස්සෙ මම බෝ මළුවෙ පැත්තකට ගිහින් එතන තිබ්බ බැම්මට අත් දෙක තියලා කැලේ දිහා බලාගෙන හිටියා.. ටිකකින් මගේ එහා පැත්තට කවුරි හරි ආවා කියලා තේරුනත් ඒ ආදිත්‍ය අයියා කියලා අදුරගන්න මහ වෙලාවක් ගියේ නෑ.. එයත් ටික වෙලාවක් මුකුත් නොකියා ඉදලා මගෙ උරිස්දෙකෙන් අල්ලලා එයාගෙ පැත්ත හරවගත්තෙ මම ඇස් දෙකත් බෝල කරන් එයා දිහා බලන් ඉද්දි..

" උඹ අද හරි පිං පාටයි මගෙ අරලිය මල.. අරලිය මලක් පොළොවට වැටිලා මගේ අත් දෙක අතරේ ඉන්නව වගේ.. "

" අද බුදුන්ට පුදන හැම මලක් ගානෙම, පත්තු කරපු හැම පහනක් ගානෙම මම ප්‍රාර්ථනා කරේ උබව මීණු.. කවදහරි මේ ජීවිතේ උබ දිනන දවසට අද වගේම එදාටත් උබේ ලඟින්ම උබේ එහා පැත්තෙන් මං ඉන්නවා පණ.. "

" මට කියන්න පුළුවන් මාවම ප්‍රාර්ථනා කරපු ඔයාට මම අන්තිම හුස්ම වෙනකල් ආදරෙයි කියලා වගේම ස්තූතියි කියලා.. "

ඒ ටික කියලා ඉවර වෙනවත් එක්කම මාව ඒ ලොකූ සැනසීම උතුරන පපුවට තුරුල් කරගත්තේ මමත් හරි ආදරෙන් ඒ පපුවට තුරුල් වෙද්දි.. විනාඩි පහක් විතර එහෙමම ඉදපු ආදිත්‍ය අයියා මගෙ නලලේ පැත්තකය හාදුවකුත් දෙන ගමන් ඈත් උනේ රෑවෙලා ගෙදර යන් කියාගෙනමයි..

ඉතින් අනික් උන් හතරදෙනාවත් හොයාගෙන අපි හය දෙනා ගෙදර යන්න පිටත් උනා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamayi

වචන 2245 යි හර්ත 😌

සතියක් වෙන්න කලින් ඔන්න හයවෙනි දවසෙ අප්ඩේට් එක අරගෙන ආවා.. 🤧

ඊළඟ කොටසින් අවුරුදු කෑම කන්න එන්න ළමයි.. ඒ වගේම රෑට සාජ්ජේ හොදේ.. 😃

සමාවෙන්නෝනේ පරක්කු උනාට.. වැඩ වැඩීනේ අනේ.. සෙනසුරාදා මම ගමේ ගියා එද්දි රෑ උනා ඊටපස්සෙ රෑ ලිස්සලා වැටුනා වැටිලා ඔහොක් කොරගෙන හිටියා.. 😒

මේ අද තමයි උදේ ඉදන් කොටලා කොටලා එපිය දුන්නේ.. 🥹

ඒකනිසා මට මොනාහරි ඕන.. 😒

ගිහින් එන්නම් කමේන්ට් ගොඩක් දෙන්න හාද.. 🥹

Good Night

Lvyuuuuu❤

Share This Chapter