Back
/ 50
Chapter 36

[තිස් හතරවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

නුවර ඉඳන් පැය හතරහමාරක ගමනකින් පස්සෙ අපි කට්ටියටම මේ ඉන්නෙ මහරගම බස් ස්ටෑන්ඩ් එකේ 341 මහරගම - පිළියන්දල බස් එකට නැගලා.. නුවර හිටිය සති දෙක පුදූම සැනසීමෙන් සතුටින් ගෙවලා ඉවර කරද්දි ඇත්තටම මට ඕන උනේ නෑ ආයෙම මේ කොළඹ නගරෙට එන්න.. අම්මා අප්පච්චිව දාලා ආයෙමත් විස පිරුණු තැනකට එනවා කියන්නෙ ඒක මගෙ ජීවිතේ මම ආසම නැති දෙයක්.. ඒත් ඉතින් අමාරුවෙන් උනත් මට දැන් කොළඹට ආස වෙන්න වෙලානේ.. මොකද පතාගෙන ඇවිත් ඔතාගෙන යන්න ආව මනුස්ස පරානේ ඉන්නෙත් කොළඹ දිස්ත්‍රික්කෙනෙ.. කොළඹට ආස නෑ කිව්වට මම දැන් ඉන්න පිළියන්දල නගරෙට නම් පණ ඇරලා..

තවත් විනාඩි පහකට පස්සෙ බස් එක පිටත් උනා.. මම මේ බස් එකේ යන පළවෙනි පාර.. යකෝ මේක යනවා නෙවෙයි ඉගිල්ලෙනවනේ.. හොද වෙලේට පිටිමපස්සෙ දිග ශීට් එකේ ජනේලේ අයිනෙ ඉදගත්තෙ නැත්නම් මේ යන යෑමට කොහෙ ඉදීද දන්නෙ නෑ.. කොහොමහරි විනාඩි දහයක් යන්නත් කලියෙන් අපි හිටියේ මකුළුදූව හන්දියෙ බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැලා ත්‍රීවිල් පාක් එක ළඟ.. අපි ඔක්කොම හිටියේ හයක් උනාට දැන් ඉන්නෙ පහයි.. විහස්න අයියා ඉන්නෙ මහරගම නිසා එයා එතන ඉදන් පික් මී එකක් දාගෙන ගෙදර ගියා.. ත්‍රීවිල් පාක් එකේ සුද්දලගෙ අයියා හිටිය නිසා එයා අපි පස් දෙනාවම එක්කගෙන ආවා.. නැත්නම් ත්‍රීවිල් දෙකක එන්න වෙනවනේ.. සල්ලි යකෝ සල්ලි..

ඒ අයියටත් සල්ලි ගෙවලා දිලුම්වත් ගෙදර ඇරලවලා අපි හතරදෙනා අපේ ගෙදර ලගින් නැවතුනේ අපෙ අයියා ගේට්ටුව ඇරගෙන ඇතුළට ගිහින් දොර අරිද්දි.. ශේනුත් ඒ පස්සෙන්ම ගියේ මමයි සුදු අයියයි මොහොතකට පාරෙ තනි වෙනකොට..

" මහන්සි නේද.. දැන් ගිහින් වොශ් දාලා කාලා හොඳට නිදාගන්න ම්ම්.. "

" ම්හ් ම්හ්.. ඔයා හවසට එනවද ඉතින්.. "

" කෝලම.. මම එන්නම්කො.. "

" හරී එහෙනම් ශේනුවත් එක්කගෙනම එන්නකො මම බඩ්ඩක් හදන්න ඉන්නේ.. "

" ඒ මොනාද ම්ම්.. "

" බඩ්ඩක් කිව්වෙ ඒකනේ.. මහන්සිනේ අයියත් දැන් ගෙදර යන්න.. "

" ම්ම්ම්.. පපුවට නිකට තියාගෙන මගෙ ඇස් දිහා බලන්න එපා මීණු.. මට දරාගන්න බෑ.. "

" ආ~ දරේ හිතෙනව ද.. "

" ම්ම්.. නෑ.. ඇදලා පපුව අස්සෙ හංගගන්න තරමට ලෝභ හිතෙනවා.. "

" ඔච්චර ආදරේ කරන්න එපා.. මට බයයි මොනාහරි වෙලා මේ ආදරේ නැති වෙයි කියලා.. "

" මොන දේ කොහොම උනත් උබට මාව නැති වෙන්නෙ නෑ.. අයියව විශ්වාසයිනේ.. "

" මට විශ්වාසයි.. "

ඒ වචනෙත් එක්ක මගෙ කම්මුලින් කිස් එකක් තියපු අයියා ශේනුවත් කතා කරගෙන ගෙදරට යන්න පිටත් වෙද්දි එයාලා දෙන්නා යනකම්ම බලාගෙන හිටිය මමත් අපෙ ගෙදරට ගියේ ඉස්සරහා දොරත් වහන ගමන්මයි.. ඒ වෙද්දි ලොක්කයියත් කාමරේට ගිහින් හිටිය නිසා මමත් කාමරේට ගිහින් කෙලින්ම නාන කාමරේට ගිහින් හොඳට නාගත්තෙ ඇඟේ මහන්සිය ටිකක් හරි අඩු වෙද්දි.. නාලා ඇඳුමකුත් මාරු කරගෙන කුස්සියට යනකොට අයියා තේ හදලා.. දැන් ඉතින් ආයෙම අමුතුවෙන් උයන්න වෙලාවකුත් නැති නිසා අපි දෙන්නම තේ බීලා බිස්කට් කාලා අම්මට කෝල් කරලා ආවයි කියලා පණිවිඩෙත් දීලා කාමර වලට ගියේ පොඩ්ඩක් නිදාගන්න කියලා හිතාගෙන..

ෆෝන් එකත් අරගෙන ඇඳට පැන්න මම ඉන්ස්ටා එකට ගියේ අපි ගමේදි ගහපු ෆොටෝ ටික හෙම අප්ලෝඩ් කරන්න කියලා හිතාගෙන.. සුදු අයියයි මමයි ගහපු ඒවා ටික එයාව වැඩිය අඳුරගන්න බැරි වෙන විදිහට ඩාක් තීම් එකෙන් එඩිට් කරලා අප්ලෝඩ් කලා.. අපි සැට් එකම ගහපුවා නම් එහෙමම දැම්මා.. එපා වෙනම වැඩේ තමෛ මොකක් හරි පෝස්ට් එකක් දැම්ම ගමන් මාලුන්ට පොරි දැම්මා වගේ මේකේ ඉන්න අසහනකාරයො ටිකයි නැටිච්චියො ටිකයි හැමිනෙන්න එන එක.. දැන්ම ඕවා බලන්න හොද නෑ..

ඉන්ස්ටා එකෙන් බැක් වෙලා ගැලරියට ඇවිල්ලා ඒක පීරලා පීරලා මං ගමේ වෙලේදි ගැහුව ලස්සනම ලස්සන රැන්ඩම් ශොට් එහෙකට ගහපු ෆොටෝ එකක් හොයාගත්තා.. අනේ ඒක හරි ලස්සනයි.. ඒකත් එඩිට් කරලා ආයෙම ඉන්ස්ටා ඇවිල්ලා ඒක අප්ලෝඩ් කලා පොඩි වදනකුත් එක්කම..

" As long as i'm with you Sudu ayya.. I' am happy no matter where we go.. ❤️ "

ආආආආආ අම්මගෙ සුදු පුතා සමාජ මාධ්‍ය කලබන්නයි යන්නෙ අම්මේ.. දෙයියනේ දෙයියනේ මේ මනුස්සයගෙ ලස්සන.. හොද වෙලේට කෝපි පාට කරලා අඳුරු කරලා දැම්මේ නැත්නම් මෙතන වැලලෙනවනෙ එව්ව් වේසාවියො.. මගෙ රාජකාරියෙන් බැහැර වෙලා ෆෝන් එකේ ඩේටා ඕෆ් කරලා දාලා පුකත් උඩ දාගෙන මං නිදාගත්තා.. හුම්ම්ම්ම් දැන් සැනසීමයි..

සැප නින්දක හිටිය මම උඩ ගිහින් ඇහැරුනේ උඩ දාගෙන හිටිය පස්සට බම්ප් වෙලා යන්නම වැදුන පාරක් නිසා.. හීනෙන් වෙන්න ඇති කියලා ආයෙම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා නිදාගන්න හැදුවත් ආයෙම මුඩුම මූසලයෙක් මගෙ පස්සට ගැහුවෙ ඉද්ද ගැහුවා වගේ මම ඇඳේ ඉඳගෙන ලාවට ඇස් දෙක ඇරලා වට පිට බලද්දි.. ඔන්න එතකොට මගෙ ඉස්සරහින් ඉණට අත් දෙකත් තියාගෙන හිටගෙන ඉන්න ශේනු, දිලුම් දෙන්නව දැක්කා.. ඒත් උන් දෙන්නට පස්සෙ මගෙ ඇදේම ඉඳගෙන ඉන්න ආදි අයියව දැක්කම තමයි මට උනේ මොකක්ද කියලා තේරුණේ.. ඒ කට කොණේ මහ නසරාණි කොලු හිනාවක්..

" අනේ අනේ කිරි පුතේ යසෛ උබ සමාජ මාධ්‍ය කළබලා සැපට නිදාගෙන ඉන්න විදිහ.. "

" හෙ හෙ.. ශෝයි නේහ් ෆොටෝ ටික.. උඹලා මේ ඒකටද තකහනියෙම මෙහෙට ආවේ.. "

" අනේ අපිට පිස්සුය.. මං මේ උඩහ කඩේට යන්න යද්දි සේනුයි ලොකු බොසයි උබලෑ ගෙවල් පැත්තට එනවා දැක්ක නිසයි මාත් ආවේ.. "

" ආ එහෙමද.. "

" උඹලා දෙන්නා පලයල්ලකො එලියට.. අර ලොක්කයියට තේ හදන්න උදව් කරපන් ගිහින්.. "

" අප්පද බොල මේකා බලපන්කො දෙව්.. මෙහෙ වරෙන් යන්න.. හිච්චි රෝමියෝ ජුලියට් ට තනිවෙන්න දීලා.. "

උන් දෙන්නා ගස්සන් පදන්න එලියට ගියේ මගෙ කාමරේ දොරත් වහගෙන ඇයි දන්නෙ නෑ නේද.. දොර වැහිලා ගියත් එක්කම වගේ ආදිත්‍ය අයියා මාව කොට්ටෙට තල්ලු කරලා ඒ ගමන්ම එයාගෙ එක අතක් මගෙ ඔලුව ළඟින් තියාගත්තෙ මම අසරණ සෝමාලි ජාතිකයා වගේ ඇස් දෙකත් ලොකු කරන් එයා දිහා බලද්දි.. නිදහසෙ තිබුන එයාගෙ අනික් අත මගෙ උඩට ඉස්සිලා තියෙන ටීශට් එක අස්සෙන් ගිහින් නැවතුනේ මගෙ දෙකට කැඩිලා තියෙන ඉණ ළඟ වෙද්දි ඒ අත්වල සීතලට මාව වෙව්ලලා ගියා..

" චූටි මහත්තයට මං එක සැරේකුත් කිව්වා නේද මෙච්චර කොටට අඳින්න එපා කියලා ම්ම්ම්.. "

" ම්හ් ම්හ්.. අයින් වෙන්නකො අනේ.. "

" ස්... ස්... කන සේරම යන්නෙ මරු තැනකටනෙ ම්ම්.. "

" අනේ යනවකො අහකට.. "

" මට ආයෙ කියන්න තියන්න එපා බබා.. මං ඉස්සරහවත් උබ ඔහොම අඳිනවට කැමති නෑ.. මොකද මම කියලත් රහත් උන එකෙක් නෙවෙයිනෙ ම්ම්.. තව අවුරුදු කීයකින්ද අන්න එදාට උබ කොහොම හිටියත් මට ප්‍රශ්නයක් නෑ.. තේරුනානේ.. "

" හුම්ම්.. තේරුනා.. "

" උබලා වගේ මල් මේ විස පිරුණු ලෝකෙට ගැලපෙන්නෙ නෑ මිහිනු.. "

ආදිත්‍ය අයියා එහෙමම ඇදේ පෙරලිලා මාවත් පපුව උඩට අරගෙන තුරුල් කරගත්තෙ මගෙ ඔලුවෙ පැත්තකට හාදුවක් තියන ගමන්.. නිදාගෙන ඇහැරුන මගෙ ඇස් දෙක ආයෙම පියවීගෙන ඇවිල්ලා නින්දට වැටුනෙ සනීපෙට මගෙ ඔලුව අතගාන ආදි අයියා නිසා..

දෙවනි පාරටත් නිදාගෙන හිටිය මාව වගේම මාව බදාගෙන හිටිය අයියව ගැස්සිලා ඇහැරුනේ දොරත් ඇරගෙන එකපාරටම ආව අපේ අයියයි විහා අයියයි දිලුම් ශේනු හතර දෙනා නිසා වෙද්දි මම ඉක්මනට අයියගෙ අත් අස්සෙන් එලියට ඇවිල්ලා ඔලුවත් කහ කහ ඇඳෙන් ඉඳගත්තා..

" මිහිනු.. !! "

තෝන්තු වෙලා වගේ හිටිය මාව ගැස්සිලා ගියේ අයියා හයියෙන් මගෙ නම කියලා කෑ ගහද්දි.. හැමෝම වගේ මමත් පුදුම වෙලා බලාගෙන ඉන්නෙ අයියා දිහා වෙද්දි එයා එයාගෙ ෆෝන් එක අරගෙන කෝල් ලොග්ස් වලට ගිහින් අප්පච්චිගෙන් ඇවිත් තියෙන කෝල්ස් ටික පෙන්නද්දි මං බයටම සුදු අයියගෙ අත මිරිකගත්තා.. එයත් කලබල වෙලා හිටියත් ඒ බව නොපෙන්නා අපෙ අයියගෙ දිහා බැලුවේ අයියත් ආදි අයියා දිහා බලද්දි..

" මොකක්ද වෙලා තියෙන්නෙ ලොක්කයියෙ.. "

" යකෝ ආදිත්‍ය මිහිනු ඉන්ස්ටා අප්ලෝඩ් කරපු ෆොටෝ එක අප්පච්චි දැකලා.. මං දන්නෙ නෑ කොහොමද දැක්කෙ කියන්න ඒත් කොහොමහරි දැකලා.. මිහිනු උබ දන්නෙ නැද්ද බං ලොකු අප්පච්චිට තියෙන්නෙ ස්මාට් ෆෝන් එකක් කියලා.. උබ දන්නෙ නැද්ද අප්පච්චි තාම නාකි නෑ කියලා.. "

" අනේ අයියේ.. අප්පච්චි තියා මම ඔය එකෙක්වත් ෆලෝ කරලා නෑනේ අයියේ.. අයියා විතරයි මගෙ ලිස්ට් එකේ ගමේ කෙනෙකුට ඉන්නේ.. මොකක්ද දැන් කරන්නෙ අනේ සුදු අයියෙ මට බයයිනෙ.. "

ඇත්තමයි මම මෙහෙම දෙයක් වෙන බව දන්නවනම් ෆොටෝ අප්ලෝඩ් කරන්න හිතන්නෙවත් නෑ.. ඒත් කොහොමද දෙයියනේ අප්පච්චි දැක්කේ.. ඇයි මට අමතක උනේ අප්පච්චි ඉන්ස්ටා හදාගත්තෙත් මටමයි කියලා.. නෑ නෑ දෙයියනේ ඒක කොහෙත්ම වෙන්න බෑ.. එක්කො අප්පච්චිට කවුරු හරි ඒ ෆොටෝ එක යවලා තියෙනවා..

" ශ්.. ශ්.. අඬන්න තියාගන්න එපා මීණූ.. ලොක්කයියා අප්පච්චිට කතා කලාද.. "

" මමත් හිටියේ මෙයාලා දෙන්නා එක්ක කතා කර කර තේ හදන ගමන්නෙ.. ෆෝන් එක කාමරේ සයිලන්ට් දාලා තිබ්බේ.. ඒ දෙන්නට තේ දීලා කාමරේට ගිහින් බලද්දි තමයි ලොකු අප්පච්චිගෙන් තියෙන මිස් කෝල් දැක්කේ.. මාව ශොක් උනා එකපාරටම මෙච්චර ගොඩක් ඇයි කියලා.. ඊටපස්සෙ මම එහෙමම කෝල් බැක් කරාට ආන්සර් කලේ ලොකු අම්මා.. "

" දැන් මීනු කියන විදිහට අප්ප.. "

" ආයෙම එයා තමයි ගන්නෙ.. "

අයියගෙ අතේ තියෙන ෆෝන් එක රින්ග් වෙන්න ගනිද්දි මං ආදි අයියගෙ පපුව අස්සෙ හැංගුනේ එයා මාව එක අතකින් බදාගනිද්දි.. අයියා ආදි අයියා දිහා බලලා කෝල් එක ආන්සර් කරද්දිම අප්පච්චිගෙ දරුණු කටහඬ ඇහුනෙ මාව ගැස්සිලා යද්දි..

" තිසුක.. !!! "

" ල්..ලොකු අප්පච්චි.. "

" තවම මල්ලි නැගිට්ටෙ නැද්ද ආ.... !!! "

" මං.. මේ.. කඩේට ආවා ගෙදර යන ගමන්.. ගිහින් ගන්නම් ලොකු අප්පච්චි.. "

" තිසුක උඹලා මාව අන්දන්න තියාගන්න එපා හරී.. මං දන්නවා උබ ඉන්නෙ ගෙදර කියලා වගේම මල්ලිත් ඔතන ඉන්නවයි කියලා.. "

" ල්..ලොකු.. "

" දීපන් මල්ලිට ෆෝන් එක.. අභිසෙස් කතා කරපන් ගෑණියෙක් වගේ හැංගෙන්නෙ නැතුව.. "

ස්පීකර් දාලා තිබුන ෆෝන් එකෙන් අපි හැමෝටම අප්පච්චිගේ කටහඬ ඇහෙද්දි ශේනු වගේම දිලුමත් විහස්න අයියගෙ උරිස්ස මිරිකගෙන බයෙන් අපි දිහා බලාගෙන හිටියෙ අප්පච්චි මට ෆෝන් එක අරගෙන කතා කරන්න කිය කිය කෑ ගහද්දි.. අයියගෙ අතේ තිබුන ෆෝන් එක මගෙ අතට අරගෙන ආදි අයියගෙ තුරුලෙන් ඈත් උන මම අප්පච්චිට කතා කරා..

" අප්..පච්චි.. "

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________________________

Hello Lamai

කොහොමෙයි හුඟ දාසකින් නේහ්..🫠

ආයෙ දිග චැප් නෑ..😌🤌

අප්පච්චි මොකක්ද නටන්න හදන නාඩගම..🥲

ඔයාලා හිතනවද අප්පච්චිම ඒ ෆොටෝ එක දකින්න ඇති කියලා.. 🫢😏

මං දන්නෑ any guessings 🤨

මට පොම්ඩි ආසාවක් තියෙනවා අනේ මේ මගෙ පාඨක ජනතාව දාලා ගුරුප් එකක් හදන්න.. හරි හරි ලොකු පිරිසක් නෑ තමෛ..

කැමති අය ඉන්නවනම් කියන්නකො.. අපි අදම ගුරුප් එක හදමු.. කැමති අය නම්බර් එක දෙන්න.. මම ඒකට සීකරට් මැසේජ් ලින්ක් එකක් අනවුස්මන්ට් එකක් විදිහට දාන්නම්.. එතකොට ඔයැයිලා නම්බර් එක දාන්න ඕන සීකරට් මැසේජ් එකක් විදිහට..🥹

Lvyuuuuu ❤️

Share This Chapter