Back
/ 50
Chapter 37

[තිස් පස්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

" අප්පච්චි.. උබේ ඔය කටින් මට අප්පච්චි කියලා කතා කරන්න එපා.. "

" අනේ.. අප්..අප්පච්චි.. "

" කට.. ඔය සම්බන්ධෙට කොච්චර කල්ද.."

" ම්ම්..මාස හත..රක්.. "

" හහ් මාස හතරක් නේ.. ආදිත්‍යගෙ ගෙදරින් ඕක ගැන දන්නවද.. "

" එය්..යාගෙ.. අම්මා.. දන්නවා.. අප්පච්චි.."

" ම්ම්.. "

පුදුම හතක් නෙවෙයි පුදුම අටක් අටවෙනි එක මොකක්ද ඇහුවොත් මේ වෙන සිද්ධිය පෙන්නන්න.. මම කවදාවත් බලාපොරොත්තු නොවුන දෙයක් මේක.. මම හිතුවා අප්පච්චි කැත විදිහට මට බනීවි කියලා ඒත් එහෙම උනේ නෑ.. ලොකූ පවා ශොක් වෙලා බලාගෙන ඉන්නෙ අප්පච්චිට මොකක්ද එකපාරටම උන විපර්‍යාසෙ කියලා.. අහන්න තියෙන ඔක්කොම ඇහුවට පස්සෙ ඒ පැත්තෙන් වගේම මේ පැත්තෙනුත් ඇහුනෙ බර හුස්මවල් පිටවෙන සද්දෙ වෙනකොට ඊළග මොහොතෙ ඒ පැත්තෙන් අප්පච්චි ආයෙම කතා කරලා කිව්ව දේට මගෙ පපුව හිරවෙන්න ආවා..

" මිහිනු උඹ ඔය සම්බන්ධෙ මේ දැන්ම මේ මොහොතෙම නවත්තලා දාන්න ඕනේ.. මං දන්නවා ඔතන ආදිත්‍යත් ඉන්නවා කියන්න.."

" අන්..නේ.. අනේ.. අප්පච්චි.. එහෙම කරන්නේ.. කොහොමද අප්පච්චි.. අනේ මම එයාට ආදරෙයිනෙ අප්පච්චි.. "

වෙව්ලන මගෙ අතින් ෆෝන් එක එයාගෙ අතට ගත්තු ආදි අයියා අප්පච්චිට කතා කරද්දි ශේනුයි දිලුමයි ඇවිල්ලා මාව බදාගෙන මගෙ පිට අත ගගා හිටියේ අයියා ඇඳෙන් බැහැලා ජනේලේ ලගට යද්දි.. ඒත් මට එයාලා කතා වෙන ඒවා ඇහෙනවනේ..

" ඇයි චන්දු තාත්තේ තේරුම් ගන්න බැරි.. ඔයාලා හොදටම දන්නවනේ පුංචි කාලේ උනත් මට එයාවත් එයාට මාවවත් නැතුව ඉන්න බැරි වග.. එහෙව් දැන දැන නේද තාත්තා ඔයාලා අපිව වෙන් කලේ.. මං අදටත් දන්නෙ නෑ චන්දු තාත්තා ඇයි අපේ ගෙදර අයයි ඕගොල්ලොයි අපි දෙන්නට එහෙම කලේ කියලා.. ඔයාට මතක නැද්ද මම ඔහෙ ඇවිල්ලා කොළඹ යනවයි කියලා කියද්දි මගෙ බෝලෙ කකුල් පැටලි පැටලි ඇවිදින් යන්න එපා කිය කිය හුස්ම හිර වෙවී අඩපු විදිහ.. මගෙ කොල්ලට සතියක් එක දිගට උණ කියලා ලොක්කයියා කිව්වා.. මට දැන්වත් හේතුවක් කියන්න දෙයියනේ.. මට මූව අතාරින්න බෑ මේ ඉන්නෙ මග හුස්ම ටික චන්දු තාත්තෙ.. "

" ආදිත්‍ය!! මම කැමති නෑ උබ එක්ක ඉදලා මගේ පුතාව මරු කටට යවාගන්න.. මට වටින්නෙ මගෙ කොල්ලව.. ඒකයි මම ඒකට ක්‍රිකට් ගහන එක පවා තහනම් කලේ.. උබත් මට මගෙම පුතෙක් ආදිත්‍ය.. හැමදේම නොතේරෙන වයසෙදි උබලව වෙන් කලේ ටික ටික ලොකු වෙද්දි අමතක වෙලා යයි කියලා හිතාගෙන.. ඒත් මට අමතක උනා ශාක්‍යගෙ ස්කෝලෙම තමයි උබත් ඉන්නෙ කියලා.. ඒත් මම හිතුවෙ නෑ මේ දේවල් මෙහෙම වෙයි කියලා.. "

" චන්දු තාත්තේ.. ඔයාලා ඔය කරන්නෙ ලොකු පවක්.. මට තාමත් මේවට හේතු කියන්න බැරිනම් මේකත් මතක තියාගන්න කොච්චර වෙන් කළත් මම මගෙ මීණුව මගෙ ළගට ගන්නවමයි.. !!!! "

" ආද්.. beep beep.. "

ආදිත්‍ය අයියා කියන්න ඕන දේවල් කියලා අප්පච්චිට මුකුත් කියන්න නොතියම ෆෝන් කෝල් එක කට් කලේ හයියෙන් ජනෙල් ග්‍රිල් එකට ගහන ගමන්.. මොකක්ද දෙයියනේ මේ වෙන්නෙ.. ඇයි කවුරුත් මුකුත් කියන්නෙ නැත්තෙ.. ඇයි එයාලා අපිව පොඩි කාලෙදිම ඈත් කලේ..

" ආදිත්‍ය කලබල වෙලා මේ ප්‍රශ්නෙ විසඳන්න බෑ බං.. උබ මුලින්ම කරුණාකරලා උබේ ඔය කේන්තිය පාලනේ කරගනින්.. නැත්නම් උබට පසු තැවෙන්න වෙයි.. "

" බෑ යකෝ බෑ.. මේ ඉන්නෙ මගෙ පණ අයියෙ.. උබ ඒක නොදන්නවා නෙවේනේ.. මොන හුත්තක්වත් මට නොකියා මං කොහොමද යකෝ දෙයක් කරන්නේ.. උඹලා දෙන්නම කියන්නෙ මට මේකව නැති වෙනකම් ගෑණියෙක් වගේ උඩ බලාගෙන ඉන්න කියලද.. මම දන්න හේතුව ඇරෙන්න වෙන මොකක් හරි ලොකු හේතුවක් තියෙනවා ලොක්කයියෙ.. ඇයි චන්දු තාත්තා ඒක අපිට නොකියන්නෙ.. "

" හරි හරි බං මට තේරෙනවා.. බලපන් අර පොඩි එකත් අඬනවා.. මුලින්ම ඔය කේන්තිය නිවාගෙන ඉඳපන්කො.. මොන ලබ්බක්වත් කරන්න බෑනේ ඔහොම නැට්ට පාගගෙන.. "

" හ්ම්ම්.. මීණු මගෙ ළගට වරෙන්.. කෝ ෆෝන් එකත් දෙන්න.. "

" උබ මොකක්ද කරන්න හදන්නෙ ආදිත්‍ය.. "

" මට මේකට සැක එකම එකාවයි.. මීණූ මේකෙන් ‍රාදෙව් ව ෆලෝ කරලද තියෙන්නෙ.. "

" මන්දා අයියේ.. මට මතක නෑ.. හුඟක් රික්වෙස්ට් එනවා ඉතින්.. මං බලලා නෙවෙයි ඕවා ඇක්සෙප්ට් කරන්නෙ.. "

නෙලිත අයියා ලිස්ට් එකේ ඉන්නවද අහන ගමන් ඉන්ස්ටා ලොග් වෙලා බලද්දි එයාගෙන් ආව රික්වෙස්ට් එකක් ඇවිල්ලා තිබ්බා වෙද්දි ආදි අයියා ෆෝන් එක පොලේ ගහන්න ගිහින් ඒක නැවැත්තුවෙ විහස්න අයියා..

" මූ තමයි බං ඕක තාත්තට පෙන්නන්න ඇත්තෙ.. මේ මෝඩ පැටියා ප්‍රොෆයිල් එකවත් අඩුම ලොක් කරලා නෑනේ.. ශිට්.. "

" බයින්න එපානේ අයියේ.. අනේ දැන් මොකද කරන්නෙ අපි.. අප්පච්චි මෙහෙ එයිද ලොකූ.. "

" අනේ මන්දා බං මටත් හිතාගන්න බැරුව ඉන්නෙ මොකක් කරන්නද කියලා.. ආදිත්‍ය අපිට පුළුවන් නේද ඔය පෝස්ට් එක බලපු අයව හොයාගන්න.. "

" ම්ම් එහෙම පුළුවන් හැක් කරන්න දන්න කෙනෙක් ඕන ඉතින්.. "

" මං අදුරන කොල්ලෙක් ඉන්නවා මගෙ යාලුවෙක් එයාට මෙහෙ එන්න කියමුද.. "

" ආහ් ඌව ශුවර්ද.. ශුවර් නම් විතරක් එන්න කියන්න.. "

" ශුවර්දත් අහනවා.. අපේ ෆැකල්ටි එකේමයි.. ඉදපන් මං කෝල් එකක් දෙන්න ඌට.. "

අපෙ අයියා පොඩ්ඩක් එහාට ගිහින් ෆෝන් එකට කොටලා කොටලා නම්බර් එකක් ඩයල් කරලා ෆෝන් එක කනේ තියාගෙන ඉද්දි තප්පර පහයකින් හයකින් එහා පැත්තෙන් කෝල් එක ආන්සර් කලා..

" හෙලො ශාක්.. උබ වැඩක්ද.. "

" එහෙමද.. අඩේ උබ ෆ්‍රී නිසා මෙහෙ වරෙන්කො.. ලොකූ වැඩක් තියෙනවා උබට කියලා කරගන්න.. "

" අනේ තෑන්ක්ස් මචන් පුළුවන් ඉක්මනට වරෙන් එහෙනම්.. "

" හරි බං පරිස්සමෙන් වරෙන්.. "

" ඌ එනවා කිව්වා.. බය වෙන්න එපා හැමදේම හොද විදිහට වෙයි.. කවුරු නැතත් උබලට මේ අයියා ඉන්නවනෙ හරිද.."

" මට කොහොමහරි අපිව ඈත් කරන අනික් හේතුවත් දැනගන්න ඕනේ ලොක්කයියෙ.. "

" ම්ම් අපි ඒකත් වටින් ගොඩින් හොයලා බලමුකො.. සමහරවිට නිරෝශා නැන්දා දන්නවා ඇති පොඩ්ඩක් ශේප් එකේ නැන්දගෙන් අහලා බලපන්.. "

" හ්ම්ම් මම අහලා බලන්නම්කො.. "

" යමු කට්ටියම තේ බොන්න.. දැන් හදපුවා නිවිලනෙ.. පොඩ්ඩො සුදු අයියයි අනික් අයයි එක්ක යන්නකො.. මම එන්නම්.. "

" හුම්ම්.. යමු අයියලා.. එන්න සේනු.. "

ඔලුවත් එක්ක රිදෙනවා මගේ.. සිරාවටම එකෙක්වත් කියන්නෙ නෑනේ රෙද්ද මොන මගුලක්ද උනේ කියලා.. දන්න ටිකවත් කියපන්කො.. නොදන්න ඒවා කොහෙන් හරි දැනගන්න බැරියෑ.. අයියා තේ බොන්න යන්න කිව්ව නිසාම මම අනික් අයටත් කතා කරගෙන අයියගෙ අතේ එල්ලිලා කුස්සියට ගියා.. වතුර එක ලිපේ තියලා තේ කොළ එකට වතුර වක් කරද්දිම ගෙදර බෙල් එක රින්ග් උන නිසා මම වතුර ටික දාලා දොර අරින්න යන්න හැදුවා උනත් මට කලින් ඉක්මන් උන විහස්න අයියා ගිහින් දොර ඇරියා..

" ඔයා.. තිසුක අයියගෙ යාළුවද.. "

" අහ්ම්.. මේ මං හිතන්නෙ කේශ් වෙන්න ඕනේ.. එහෙමනේ.. "

" ඕහ්හ්.. මං හිතුවෙ නෑ ඒ ඔයා වෙයි කියලා.. "

" ම්ම් මං හිතුවෙත් නෑ ඉතින් මගෙ DHP මෙහෙ ඉඳීවි කියලා.. "

" ආයිශ්.. එන්න එන්න ඇතුළට නැත්නම් කට්ටියගෙන් බේරෙන්න වෙන්නෙ නෑ.. "

" ඕහ් කමොන් කේශූ.. ඔයා තවමත් එයාලට මං ගැන කිව්වෙ නැද්ද.. "

මං තේ ටික හදාගෙන කට්ටියටම දෙද්දිත් විහස්න අයියා අර ආව අයියත් එක්ක තවමත් දොරකඩ ළඟ.. මේ මොන ඇටිකෙහෙල් මලක්ද මේ.. මං එයාලට කතා කරන්න හදද්දිම වගේ අපේ අයියා ආව නිසා තව දුරටත් එයාලට කතා කර කර ඉන්න බැරි උනා.. මං හිතන්නෙ අලුත් නැවක් දියඹට දාන්න කාලේ හරි වගේ.. ඉකේ නේද මාත් මහ අමන සතෙක්.. මෙච්චර පස්න වෙලා තියෙද්දිත් මම නැව් ගත කරන්න කතාව..

" අඩෝ උබ ආවත් එක්කද.. එන්න එන්න ඇතුළට.. "

" ආහ් සරා.. හදිස්සියක් කිව්ව නිසා බයික් එකේ සුටුස් ගාලා ආවා.. මොකක්ද සීන් එක.. "

" එල එල.. ඉඳගනින්කො මුලින්ම ඇවිල්ලා පොඩ්ඩක් සීරියස් කේස් එකක්.. පොඩී අයියට තේ එකක් හදන්නකො.. "

" ඉන්න මං ගේන්නම් හදලා තියෙන්නෙ.. "

ඒ කියලා මං කුස්සියට ගිහින් ඉක්මනට තේ එක කෝප්පෙකට දාගෙන බිස්කට් එක්ක ට්‍රේ එකේ තියලා අරන් එද්දි සුදු අයියා මරන් කන්න වගේ විහස්න අයියා දිහා බලන් ඉන්නවා.. විහස්න අයියා ගොං පහේ හිනාවක් දාගෙන සුදු අයියා දිහා බලාන ඉන්නවා.. මේ මොන ඇටිකිරිංඤ්ඤාවක්ද මේ.. අනේ මේ විහස්න අයියෙ මගෙ මිනිහව නම් අල්ලගන්න ලෑස්ති වෙන්න එපා..

" මෙයාද එතකොට මිහිනු කියන්නෙ.. "

" ඔව් he is my boyfriend.. එතකොට මම ආදිත්‍ය.. "

" ආහ් කේ.. මට දැන් කියන්නකො මොකක්ද වෙන්න ඕනේ කියලා.. තේ එක රසයි මල්ලි.."

" ඕහ් තෑන්ක් යු අයියෙ.. "

" අහ්ම්.. ම්හ්.. ඉන්ස්ටා අප්ලෝඩ් කරපු ෆොටෝ එකක් තියෙනවා ඒක කව්ද බලලා තියෙන්නෙ, කීයටද බලලා තියෙන්නෙ කියලා අපිට දැනගන්න ඕනේ.. පුළුවන්ද.. "

" ආහ් ඕක සිම්පල්නෙ.. මොකක්ද ෆොටෝ එක.. මට ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරපු ෆෝන් එකත් ඕනේ.. "

" මීණූ කෝ ෆෝන් එක දෙන්නකො.. "

" මේක ෆෝන් එක.. එතකොට ඕක තමයි ෆොටෝ එක.. "

මගේ ෆෝන් එක අරගෙන අයියගෙ යාලු අයියට දෙද්දි අපි හැමෝම ඉඳගෙන වටවෙල බලාගෙන හිටියේ එයා වැඩේ කරලා ඉවර වෙනකම්.. හරියටම පැය භාගෙකට පස්සෙ එයා වැඩේ කරලා ඉවර කරා වෙද්දි සුදු අයියා පැනලා විස්තර ඇහුවා..

" හොයාගත්තද.. කව්ද බලලා තියෙන්නෙ.. "

" දහදහක් බලලා තියෙනවා.. ෆොටෝ එකට ලයික්ස් 9500ක් වැටිලා තියෙනවා, කමේන්ට්ස් 300ක් එක්ක.. ඒකෙන් නෙලිත රාදෙව් කියලා කෙනෙක් මේකෙ ස්ක්‍රීන් ශොට් එකක් අරගෙන තියෙනවා.. "

" ශිට්.. fucking behavior.. මම කිව්වනෙ ඔය බල්ලා තමයි ඕක කරන්න ඇත්තෙ කියලා.. කොහොමද අයියා ඒක හොයාගත්තෙ.. "

" ආහ් මල්ලි ඒක දැන් තියෙන සොෆ්ට්වෙයාර් එකක්.. කවුරු හරි අපේ පෝස්ට් එකක ස්ක්‍රීන් ශොට් එකක් ගත්තොත් ඒක අපිට මැසේජ් එකක් විදිහට එනවා.. ඉන්ස්ටා අප්ඩේට් කරන්නකො එතකොට හරි.. "

" ආහ් හා.. එහෙමද.. එතකොට අනික් ෆොටෝස් එහෙමත් ඒ පකයා ස්ක්‍රීන් ශොට් අරගෙනද අයියෙ.. "

" ම්ම් විනාඩියක් ඉන්න ආදිත්‍ය.. "

හිතුවා වගේම අපි හැමෝම සැක කරපු මිනිහා වෙද්දි ඇත්තට ඌ ගැන මට ලැජ්ජ හිතුනා.. ළඟින් ඉන්න උන්ම අපිට මෙහෙම කරද්දි ඉතින් වෙන උන් ගැන කවර කතාද..

" ඔක්කොම ෆොටෝස් නම් නෑ මල්ලි.. කිහිපෙකම නෙලිත කියන කෙනා ස්ක්‍රීන් ශොට්ස් අරගෙන තියෙනවා.. "

" වේස බල්ලා.. ඕකව ආයෙ හම්බුනොත් මම බල්ලගෙ ඇඟිලි ටික එකින් එක කඩනවා ආයෙ නැතිවෙන්නම.. ඌ කොහොමද යකෝ මගෙ දේවල් වලට එහෙම ඇහැ දාන්නෙ.. "

" ආදිත්‍ය.. මල්ලි මම උබට එක පාරකුත් කිව්වා කේන්ති ගන්න එපා කියලා.. උබෙ ඔය කේන්තිය නිසා ගොඩක් දේවල් නැති වෙනවා උබට.. "

" ශිට්.. කේන්ති යන්නෙ.. පොඩ්ඩක් ඉන්න.. ස්කෝලෙ ක්‍රිකට් කෝච් කතා කරන්නෙ.. "

අයියගෙ යාලු අයියා ඔක්කොම බලලා ආදි අයියට කියද්දි එයා සෝෆා එකෙනුත් නැගිටලා එක අතකින් කොන්ඩෙ පිටිපස්සට කරන ගමන් කෑ ගැහුවේ මාවත් බය කරලා වෙද්දි අපෙ අයියා ආදි අයියව ආයෙම සෝෆා එකෙන් ඉන්දුවා වෙනකොට ආයෙම එයා කතා කරන්න යද්දි එයාට කෝල් එකක් ආවේ ක්‍රිකට් කෝච් ගෙන් කියලා අපි හැමෝටම කියලා කෝල් එක ආන්සර් කරද්දි..

විනාඩි කීපෙක සංවාදෙකින් පස්සෙ ආයෙම සුදු අයියා අපි ඉන්න තැනට ඇවිල්ලා සෝෆා එකෙන් වාඩි වෙලා වතුර එක අරගෙන බිව්වෙ මමත් මොකෙද්ද වගේ එයා දිහා බලාගෙන ඉන්නකොට..

" දිලුම්.. බිග් මැච් ඩේට්ස් ෆික්ස් කරලා.. ඊට කලින් සති දෙකක්ම ප්‍රැක්ටිස් මැච් එක්ක වෝමප් මැචස් දාලා.. "

" හුටා.. අඩේ අයියේ සිරාවටමද.. මාර කෙලියක් තමයි.."

" අලි මදිවට කොටිත් කිව්වලු.. "

" සුදු අයියෙ කවද්ද ප්‍රැක්ටිස් පටන් ගන්නෙ.."

" ම්ම් හෙට ඉදන්ම පටන් ගන්නවා මීණූ.. බිග් මැච් ලබන මාසෙ තුන්වෙනි සතියෙ.. "

" ඕහ් එහෙමද.. එතකොට එක දිගටම ඔයාට ප්‍රැක්ටිස් නේද අයියේ.. "

" ඔව්.. අපි බලමුකො.. අනික ඔයා රිසව් වලට ඉන්නවා මීනූ.. "

" මොකක්.. මේ මම.. ඒත් අයියේ.. "

" මං දන්නවා.. බය වෙන්න එපා.. අපි බලමුකො හරිද.. "

" හුම්ම්.. හරි එහෙනම්.. "

එක දවසක්වත් ප්‍රැක්ටිස් වත් ගියෙ නැතුව මාව රිසව් වලට දාලා කියද්දි පුදුමත් උනා.. තියෙන ප්‍රශ්න මදිවට බිග් මැච් එකත් ආවම අනේ මන්දා අප්පාවේ.. හුම්ම්.. අපෙ අයියා එයාගෙ යාලුවටත් රෑට කාලම යන්න කියලා කිව්ව නිසා අනික් අයත් හිටියා.. දිලුම් නම් ගෙදර යන්නම ඕනෙයි කියලා ගියා.. සේනුත් සුදු අයියව ඇදගෙන යන්න හැදුවට මොකද ඒ මනුස්සයා අර අයියගෙ යාලුවා ආව වෙලේ ඉදන් මගෙ ළඟින් හෙල්ලෙන්නෙ නෑ.. එයැයිටත් මල විකාර අනේ.. අයියයි සුදු අයියයි අයියගෙ යාලුවයි කතා කර කර ඉන්න අතරෙ මමයි විහස්න අයියයි සේනුයි රෑට කන්න කෑම හැදුවා.. සුදු බත් හදලා චිකන් හදලා පොල් සම්බෝල එක්ක පපඩම්.. ගමේ ගිහින් එද්දි ගෙනාව වම්බටු මෝජු එක්ක අච්චාරු බෝතලේකුත් තියෙන නිසා වැඩිය දෙයක් හැදුවෙ නෑ..

කෑම හදලා කෑම ටික මේසෙට ඇරියහම හැමෝම ඇවිල්ලා කාලා බීලා ඉවර කරා.. ගෙදර තිබ්බ අයිස්ක්‍රීම් ටබ් එකෙන් අයිස්ක්‍රීමුත් කට්ටියම කාලා ඉවර වෙලත් තව ටිකක් කතා කර කර ඉදලා අපෙ අයියගෙ යාලුවා යන්න හද්දි විහස්න අයියත් ඒ පස්සෙන් ගියා එයාව ඇරලවන්න කියලා.. හාකො ඈ ඉතින් පිළිගත්තලු.. පස්සෙ මෙහෙට අරක්ගෙන ඉන්න හදන සුදු අයියවත් බොහොම අමාරුවෙන් කියලා කියලා සේනුවත් එක්ක ගෙදර යැව්වට පස්සෙ මායි අයියයි කුස්සිය අස් කරලා ගේත් අතුගාලා කාමර වලට ගිහින් වොශ් දාගෙන නිදාගත්තා.. ඉක්මනට නැතත් කවදහරිම මේ ප්‍රශ්න විසඳෙයිනේ.. හ්ම්ම්..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________________________

Hello Lamai

ඔන්න මං අදත් ආවා අනේ.. නැත්නම් ඔයාලට හාට් ඇටෑක් හැදුනොත් එහෙම..🥲

මංනම් දන්නෑ අප්පාවේ මේ මොනා වෙනවද කියලා..🫠

කව්ද අර ආව ලොක්කයියගෙ යාලුවා.. mm any guesses..😁

නෙලිත ළමයට බෛන්න එපා අනේහ්.. මං ඌට ආතරෙයි 😌🤌

ඊයේ සීක්‍රට් මැසේජ් වලින් Hi කොහොමද කියලා අහපු ලමයට.. :- Hii.. මම හොදින් ඉන්නවා.. ඒ වගේම ඔයත් හොදින් ඉන්නවා කියලා මම හිතනවා..❤️

ඒකෙන් ඔයාලා නම්බර්ස් දැම්මට මට නම්බර්ස් පෙන්නන්නෙ නෑ.. කීප දෙනෙක්ව ඇඩ් කරලා මම ගෲප් එක හැදුවා.. ඇඩ් වෙලා නැති අය සහ ඇඩ් වෙන්න ඕන අය මේ චැප් එකට නම්බර් එක කමේන්ට් එකක් විදිහට දාන්න.. මම හරි කියලා දැම්මම ඒ කමේන්ට් එක ඩිලීට් කරන්න..🥹❤️

හෙට අප්ඩේට් දෙන්න පුළුවන් උනොත් දෙන්නම් ශුවර් කරන්න එපා..🥲

Good Night

Lvyuuuuuu❤️

Share This Chapter