Back
/ 50
Chapter 38

[තිස් හයවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

හවස මිහිනුලගෙ ගෙදර ගිහින් ආයෙම අපෙ ගෙදර එද්දි මගෙ ඔලුවෙ වැඩ කලේම ඉස්සරහට තව මොන මොන ප්‍රශ්න වෙයිද, චන්දු තාත්තා ඇයි අපිව ඈත් කරන්න හදන්නෙ, එයා අපිට නොකියන දේවල් මොනාද කියලා වෙද්දි ගේ ඇතුළට ආව ගමන් මම අම්මටවත් කතා නොකර කෙලින්ම මගෙ කාමරේට ගිහින් දොර ලොක් කරගෙන බැල්කනි එකට ගිහින් එතන හදලා තියෙන පොඩි සෝෆා එකෙන් ඉඳගත්තෙ යකඩ ග්‍රිල් එක උඩින් කකුල් දෙකත් තියාගන්න ගමන්..

ලබන මාසෙ බිග්මැච් සීසන් එක පටන් ගන්නවා.. හෙට ඉඳන්ම එක දිගට හුස්මක් කටක් ගන්න විදිහක් නෑ ප්‍රැක්ටිස්.. ඔය ඔක්කොමත් එක්ක ක්ලාස් යන්න, ස්කෝලෙ වැඩත් සෙට් වෙද්දි මට බය මීණුව මගෑරෙයිද කියලා.. රාදෙව් කියන්නෙ හොඳ එකෙක් නෙවෙයි ඌට උගෙ තාත්තගෙ බලේ පාවිච්චි කරලා කරන්න බැරි දෙයක් නෑ.. කරුමෙ කියන්නෙ බිග්මැච් එක තියෙන අනික් සහෝදර පාසලට ඌත් යන එක.. මං දන්න තරමින් ඕකා තමයි එහෙ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්.. පොඩි කාලේ ඉඳන්ම මම දන්නෙ නෑ මට ඌව පේන්නත් බෑ ඌට මාව පේන්නත් බෑ.. සමහරවිට ඌ මාත් එක්ක නයි වෛරෙන් ඇත්තෙ මිහිනු නිසා වෙන්න ඇති.. මොකද පුංචි වයසෙ ඉදන්ම රාදෙව් මිහිනුට පැණි හැලුවා.. නොදකින් වෙට්ටපාසාවා..

මං ආසම අපි හැමෝම පොඩි වයසෙදි ඉඳිය කාලෙට.. එතකොට මෙහෙම ජීවිතේ ප්‍රශ්න තිබුණෙ නෑ.. ස්ට්‍රෙස් එකක් නෑ.. නොදැනුවත්ව හරි මට පුංචි කාලෙදි කොහොමත්ම සතුට කියන දේ විතරයි ලැබුණේ.. එකක් මගෙ අම්මා තාත්තා වගේම පොඩී නිසා අනික් එක හැම වෙලේම ළඟින් හිටිය මිහිනු නිසා.. ම්ම් පොඩි එකා දන්නෙ නැතුව මම ඒකට ආදරේ කරන්නෙ අවුරුදු 12ක් තිස්සෙ.. මට තාමත් මතකයි බතල කොටයක් වගේ සුදු, ලා රෝස පාට බෝල ගෙඩිය ' තුදායියෙ ' කියාගෙන අපෙ ගෙදර දුවගෙන එන හැටි..

අවුරුදු 12කට පෙර,

මහ නුවර,

අරලිය මාවත,

Author Pov

අදත් නුවර පුරවරයට පළවෙනි අව් රැල්ල වැටුණා විතරයි.. දළදාවට කිලෝමීටර් දෙකකට මෙහායින් තියෙන අරලිය මාවත අවසන් වෙනවත් එක්කම තියෙන ගෙවල් දෙකේ තිබුනේ එකම කාලගෝට්ටියක්.. වෙන වෙනම ලොකු වතු දෙකක ගෙවල් දෙකම පිහිටලා තිබුනා වගේම ටිකක් ඇතුලට වෙන්න තිබුන ගෙදරින් එකපාරටම ඇහුණේ හූ තියලා අඬන සද්දයක්.. ඒ සද්දෙත් එක්ක අඬන ළමයගෙ අප්පච්චි කියන්න පුළුවන් පිරිමි කෙනෙක් ඇවිල්ලා අම්මත් එක්ක ඇඟ හෝදන පොඩි එකාගෙ බෝල පස්ස පැත්තට පාරක් දුන්නෙ පොඩි එකාගෙ කෑ ගැහිල්ල නතර වෙනකොට..

" අනේ අනේ අභී, ඔහොම හූ තිය තිය කෑ ගහන්නෙ මොකද ළමයෝ.. අහල පහල ගෙවල් වල මිනිස්සු ඉන්නවා තව.. "

" අප්පත්ති.. සුදු පුතාත මේ ජෝ සීතයිනෙ අප්පත්ති.. ඒතනෙ කෑගාන්නේ.. ම්හ්ම්හ්.. "

(අප්පච්චි.. සුදු පුතාට මේ ජෝ සීතයිනෙ අප්පච්චි.. ඒකනේ කෑගහන්නෙ.. )

" මේ ළමයගෙ බොරු අපෙ මහත්තයා.. උණු වතුරෙන් ඇඟ හෝදද්දි කොහෙද සීතල.. දෙනවා දෙකක් දැන්.. "

" ආනේ.. අප්පත්ති.. මේ බාන්නකො අනේ අම්මා මත ගාන්න අදන්නෙ.. "

( අනේ අප්පච්චි.. මේ බලන්නකො අනේ අම්මා මට ගහන්න හදන්නෙ.. )

" හා හා දැන් ඇති.. පුතාව ඉක්මනට හෝදගෙන එන්න නෝනේ.. නැත්නම් පරක්කු වෙයි.. "

" හරි අපෙ මහත්තයා.. පුළුවන් නම් ලිපේ තියෙන කිරිබත් එක බලන්නකො.. "

" හ්ම්ම් හරී.. "

ඒ පොඩි සංවාදෙ එතනින්ම නැවතිලා යද්දි බෝල ගෙඩියගෙ අම්මා ඉක්මනින් එයාව හෝදලා කාමරේට ගිහින් කිරිම කිරි සුදු පාට ස්කෝලෙ නිළ ඇඳුම අන්දවලා කොණ්ඩෙ පීරලා ටවුමෙන් ගෙනාව ඕඩික්ලෝන් බෝතලෙනුත් ටිකක් ඇඟේ ගාලා සාලෙට එක්කගෙන ඇවිත් පුටුවකින් ඉන්දුවෙ කොහෙවත් ඇවිදින්න කරන්න යන්න එපා කියලා පොඩ්ඩක් තරවටු කරන ගමන්මයි..

ඉතින් මේ විදිහට එක ගෙදරක තත්වෙ යාන්තමින් සාමකාමී වෙනකොට අනික් වත්තෙ තිබුන විසාල ගෙදර තත්වෙ නම් තවමත් සාමකාමී වෙලා තිබුණෙ නෑ..

" ලොකූ.. ලොකූ.. දැන් ඔය හැඩ වැඩ උනා ඇති.. ඉක්මනට පහළට එන්න ළමයෝ.. පරක්කු වෙන්නෙ නැද්ද ඔයාලට.. "

" ආයෝ අම්මේ ඕම උදේ පාන්දල කෑ ගාන්න අපා ඉතින්.. ඉන්න මම අයියව අදගාගෙන එන්නම්.. " ( අයියො අම්මේ ඔහොම උදේ පාන්දර කෑ ගහන්න එපා.. ඉන්න මම අයියව අඩගහගෙන එන්නම්.. )

" නෑ නෑ ඔහොම ඉන්නවා.. ඔයා ඉඳගෙන මේක කන්න.. එයා එන වෙලේක එන්නෙ නැතෑ.. "

දිසානායක වලව්ව, වලව්වක් වගේ පෙනුම තිබ්බට ඒක ඇතුල ස්වභාවය නම් වලව්වක් වගේ නෙවෙයි.. නැත්නම් ඉතින් වලව්වක මිනිස්සු ඔහොම උදේ පාන්දර කෑ මොර දෙයිද.. ටික වෙලාවකින් වයස අවුරුදු 7ක් කියන්න පුළුවන් පොඩි කොල්ලෙක් හරිම පිළිවෙළට ඇඳගෙන උඩ තට්ටුවෙ ඉදන් පහළට බහින්න ගත්තෙ කෑම මේසෙ ඉදන් කිරිබත් පිඟානකට වැඩේ දෙන තමන්ගෙ එකම මල්ලි දිහා බලාගෙන..

" මොතද්ද ලොකූ මෙත්තල වෙලා තලේ.. " ( මොකක්ද ලොකූ මෙච්චර වෙලා කලේ.. )

" ලෑස්ති උනා.. ඉක්මනට කන්න පොඩී නැත්නම් පරක්කු වෙයි.. "

" ඔයා කන්නෙ නැතෙයි.. "

" ම්හ් බඩගිනි නෑ.. "

තමන්ගෙ ළමයි දෙන්නට ස්කෝලෙ ගෙනියන්න කෑම බෙදපු අම්මා ඒවත් අරගෙන ආයෙම කෑම මේසෙ ළඟට එද්දි පොඩි කොල්ලා දුවගෙන ගිහින් අතත් හෝදගෙන වතුරත් බීලා ඉස්සරහට ආවා.. කෑම දෙක දෙන්නම ස්කෝල බෑග් වලට දාගෙන බෑග් දෙක කරේ එල්ලගත්තු පොඩි උන් දෙන්නා එයාලගෙ අම්මට දණ ගහලා වැන්දෙ අම්මත් ආදරෙන් ඔලුව අතාගලා දෙන්නගෙම නලල් වලට හාදුව ගානේ තියද්දි..

ලොකූයි පොඩී දෙන්නම වත්තෙන් එලියට ඇවිල්ලා ඊට පොඩ්ඩක් එහාට වෙන්න තියෙන ලොකූ වලව්ව ළඟ නැවතිලා බලාගෙන හිටියෙ තවත් කවුරු හරි එනකම්.. විනාඩි පහක් විතර යද්දි ඒ වලව්වෙ ඉස්සරහ දොරෙන් මතු උනේ සුදු නිළ ඇඳුම ඇඳගත්තු බෝල බතල කොටයක් වගේ හරිම හුරුබුහුටි කොලු පැංචෙක්.. ඒ ළමයව දැක්කත් හරි අල්ලපු වලව්වෙ ලොකු ළමයගෙ හිනාව කටෙන් එකයි..

" ඉම්මනට එන්නෝ ආලු නැත්තම් අපිත පලක්කු වෙයි.. " ( ඉක්මනට එන්න ආරු නැත්නම් අපිට පරක්කු වෙයි.. )

අල්ලපු වලව්වෙ පොඩි කොල්ලගෙ වචනත් එක්ක හනි හනිකට අඩි තිය තිය ඒ වලව්වෙ කොල්ලා පඩි තුනත් බැහැලා ඇවිල්ලා කිරි සුදු දත් ටිකත් පෙන්නලා ලොකූටයි පොඩීටයි හිනා උනේ හැමදාම වගේ ලොකූගෙ අතේ එල්ලෙන ගමන්.. දැන් ඒක මේ කොල්ලට පුරුද්දකට ගිහින් වගේම එයාව අතේ එල්ලගෙන හරි ආඩම්බරෙන් යන එකත් ලොකු කොල්ලට පුරුද්දක් වෙලා..

ඉතින් සූරියබණ්ඩාර වලව්වෙ එකම පුරුක උන ඒ පුංචි කොල්ලා නමින් මිහිනු ආර්ය අභිසෙස් සූරියබණ්ඩාර උනා.. එයාගෙ අම්මා සේමිණී කුමාරි සූරියබණ්ඩාර වගේම අප්පච්චි චන්දුල දේශාන් සූරියබණ්ඩාර උනා.. එතකොට අර ලොකූ පොඩී කියන්නෙ දිසානායක වලව්වෙ පුරුක් දෙක.. ලොකූ ආදිත්‍ය අධිලාශ අභිශේක් දිසානායක, පොඩී ශේනුක විදූශ් දිසානායක වගේම අම්මා නිරෝශා හේමමාලි දිසානායක, තාත්තා ගෞරව් ශාක්‍ය දිසානායක විදිහට නම් දරලා තිබුනා.. සාමාන්‍යයෙන් අනික් පවුල් වලට වඩා දිසානායක වගේම සූරියබණ්ඩාර පවුල් දෙක මිල මුදල් අතින් වගේම වත් පොහොසත් කම් වලින් ඉහල තැනක් ගත්තා.. ඒත් ඒ ගෙවල් දෙකෙන් එකකවත් වලව්වල තියෙන අමුතු අමුතු නීති රෙගුලාසි ක්‍රියාත්මක උනේ නෑ.. එයාලට ඕන උනේ තමන්ගෙ පුංචි පැටට් ටික නිදහසෙ හදන්න.. හොඳම දේ ශාක්‍ය වගේම චන්දුල පොඩි කොල්ලො තුන්දෙනා වගේම පුංචි කාලෙ ඉදන්ම හොඳම යාලුවො උන එක.. ඉතින් ඒ පවුල් දෙක අතරෙ තිබුණෙ හුඟක් හයිය වගේම ලස්සන බැඳීමක්..

ආදිත්‍යගෙ අතේ එල්ලිලා ආව අල්ලපු ගෙදර බතල කොටේව පොඩී එක්ක පන්තියට යවලා එයත් එයාගෙ පන්තියට ගියේ තවත් කොල්ලෙක් ආදිත්‍ය ආව ගමන් ඇඟෙ එල්ලෙද්දි..

" ගුම් මෝනින් තුද්දෝ.. ඇයි අනේ අද පරක්කු.. "

" පොඩ්ඩක් පරක්කු උනා.. "

කේශ් එහෙමත් නැත්නම් විහස්න කේශාක්‍ය වනිගසේකර කියන්නෙ ආදිත්‍යගෙ හොඳම යාළුවා පෙර පාසල් කාලේ ඉදන්ම ඒකා ආදිත්‍යගෙ නැට්ට වගේ පස්සෙන්ම ඉන්න එකා.. ඉතින් එයා එයාගෙ යාලුවා ගැන නොදන්න දෙයක් නෑ.. උදේ ස්කෝලේ ගාථා කියලා පන්තියෙ උගන්නන්න පටන් ගත්තා.. ආදිත්‍ය, කේශ් ඉන්නෙ දෙක වසර පන්තියෙ වෙනකොට පොඩී වගේම බතල කොටේ එක වසර පන්තියෙ ඉගෙන ගත්තා.. පොඩි පන්ති වලට උදේ 9ට ඉන්ටවල් එක දෙන බෙල් එක ගහනවත් එක්කම එක ශ්‍රේණියෙ ඉදන් ඔඅහ ශ්‍රේණිය වෙනකම් පන්තිවල ඉන්න පොඩි උන්ගෙ සද්දෙ වැඩි උනේ එලවලු මාකට් එකක වගේ..

හිමින් සීරුවෙ පොත් ටික වහලා මේසෙ පැත්තකින් තියපු ආදිත්‍ය කේශ් එක්ක ගිහින් අත හෝදගෙන එහෙමම එයාගෙ පොඩී ඉන්න පන්තියට ගියා.. ඒ යනකොටත් ආදිත්‍ය දැක්කෙ ශේනුගෙ අතට මිරිකිලා තියෙන හැන්දකින් බත් කන බතල කොටේ මිහිනුව.. ආදිත්‍යට හරිහමන් තේරුමක් නැති උනත් ආදිත්‍යට ඉරිසියාවක් දැනුනා.. ඒක නිසාම ඉක්මනට එයලා දෙන්නා ලගට ගියපු ආදිත්‍ය අන්ති බත් හැන්දත් මිහිනුගෙ කටට යන්න කලින් පොඩීගෙ අත් අල්ලලා නැවැත්තුවෙ ඒ හැන්ද එයාගෙ අතට අරගෙන බත් ටික මිහිනුට කවද්දි.. පුංචි එකාට මොනා තේරෙනවා කියලද ඒ දෙන්නත් අයියා ආව සතුටට හිනා වෙවී කෑම කාලා ඉවර කලේ ආදිත්‍ය කේශ් එක්ක ඉක්මනට ගිහින් එයාලගෙ කෑම එකත් කද්දි..

ඔය විදිහට දවස ගෙවිලා ස්කෝලේ 12ට ඉවර වෙද්දි පුංචි උන් ටික පරිස්සමට ගෙදර ආවා.. පිරිසිදු වෙලා කෑම කාලා ස්කෝලෙ දුන්න වැඩත් ඉවර කරපු මිහිනු වගේම අල්ලපු ගෙදර ළමයි දෙන්නත් හොදට නිදාගෙන හරියටම හවස 4ට අවදි උනේ එයාලගෙ දවසේ වැදගත්කම රාජකාරිය කරන්න හිතාගෙන.. මිහිනු එයාගෙ අම්මගෙත් එක්ක ඉක්මනට ආදිත්‍යලගෙ ගෙදර ආවා.. ඒ වෙද්දිත් ඒ දෙන්නා නම් එළියට බැහැලා.. ආදිත්‍ය පැත්තකට වෙලා පොතක් දිගෑරගෙන මොනාදෝ වැඩක් කරද්දි ශේනු බට්ටා පයින්න වැළි පොලවෙ කොටු අඳිනවා..

" අලෙව් ආලු.. එන්න එන්න මං මේ කොතු අඳිනවා බත්තා පයින්න.. ( අනෙව් ආරු.. එන්න එන්න මං මේ කොටු අඳිනවා බට්ටා පයින්න.. )

ඔන්න එතකොට තමයි පොතට මූණ ඔබාගෙන හිටිය ආඩම්බර ආදිත්‍යගෙ ඔලුව මිදුලට ගොඩ වෙන දිහාවට යොමුවුනේ.. එයා එහෙම අනවශ්‍ය දේවල් වලට අවදානෙ දෙන්නෙ නෑ.. ආදිත්‍ය බලන් ඉන්න අතරෙම ශේනු ගාවට දුවලා ගිය මිහිනුත් ශේනු එක්ක කොටු ඇඳලා සෙල්ලම් කරන්න ගත්තෙ මිහිනුගෙ අම්මත් ආදිත්‍යගෙ ඔලුව අතගාලා හිනාවෙලා නිරෝශව හොයාගෙන.. බට්ටා පැනලා ඉවර උන පොඩි උන් දෙන්නා වත්තෙ එහෙ මෙහෙ දුව දුව අල්ලන් සෙල්ලම් කරන අතරෙ ගහක මුල් කොටසක මිහිනුගෙ කකුල පැටලිලා වැටුණේ කොල්ලො දෙන්නා දිහා එක එල්ලෙම බලාගෙන හිටිය ආදිත්‍ය සැනින් ගිහින් මිහිනුව නැගිට්ටවලා බංකුවෙන් ඉන්දද්දි..

චූටි මිහිනුගෙ බෝල කකුලක් ලාවට හීරිලා එතන රතු වෙලා තිබුනා.. ආදිත්‍ය එතනට හිමීට පිඹලා මිහිනුගෙ මූණ දිහා බලද්දි පොඩි එකා තොලුත් නොපිට පෙරලන් දාඩිය පෙරාගෙන ආදිත්‍ය දිහා බලාගෙන ඉන්නවා.. විශේශම දේ ඒ පොඩි තුවාලෙ නිසා ආදිත්‍යගෙ ඇස් වල කඳුලු පටලයක් රැඳිලා තිබ්බ එක.. මිදුලෙම තිබ්බ ටැප් එකෙන් මිහිනුගෙ කකුල හෝදපු ආදිත්‍ය මුකුත්ම නොකියා ඒ බංකුවෙම එහා පැත්තෙන් ඉඳගෙන ආයෙම පොත අතට ගත්තෙ ශේනු ඒ වෙද්දි ගේ ඇතුළට ගිහින් ඉන්න අතරතුර..

තමන්ගෙ එහා පැත්තෙ ඉන්න පොඩි උනත් අමුතු ලස්සනක් තියෙන පිරිමි ළමයා දිහා බලාගෙන හිටිය මිහිනු හිමින් හිමින් ආදිත්‍යගෙ අස්සටම ගියේ ආදිත්‍ය හොරෙන් හොරෙන් තමන්ගෙ අස්සට එන මිහිනු දිහා බලාගෙන ඉන්නකොට..

" අදිලාස් අයියේ.. මා එක්ක තලා වෙලාත ඔයා.. "

" ඇයි ඔයා කතා කලන්නෙ නැත්තෙ.. "

" ඔයාත කතා කලන්න බැලිත.. "

" ආලු එක්ක තලා වෙලාත.. "

" ආලු ඔයාත උම්මියක් දෙම්නම්.. "

" ම්..මොකද්ද.. "

" උම්මියක් දෙම්නද කියලා ඇහුවෙ.. "

" ඇයි ඒ ආරු බබා මට උම්මි දෙන්නේ.. "

" මදේ යාලුවෙක් කිව්වෙ උම්මි දුන්නම තලා වෙලා ඉන්න අය යාලු වෙනෝ කියලා.. ම්හ්.. "

" ආහ්.. "

පොඩි එකා පැහිලා.. ආදිත්‍ය කතා කරන්නෙ නැති නිසා මිහිනු හිතුවෙ ආදිත්‍ය එයා එක්ක තරහා වෙලා කියලා.. ඉතින් එකපාරටම ආදිත්‍යගෙන් උම්මියක් දෙන්නද කියලා අහද්දි ආදිත්‍ය පුදුම වෙන එක අහන්නත් දෙයක්ද.. ඒක පුදුම පණ්ඩිත කමක්.. රෝස පාට කෙල නෑවිලා තියෙන චූට්ටං තොල් දෙකත් උල් කරග්ව්න හරි හරියට කියවන පොඩි එකා දිහා ආදිත්‍ය බලාගෙන හිටියේ වශියක් කවපු එකෙක් හා සමානව.. ඊටපස්සෙ තමයි හොඳම වැඩේ උනේ.. ආදිත්‍ය අවසර දෙනකම් බලන් ඉන්න බැහැයි කියලා හිතුන මිහිනු චොක් චොක් ගාලා ආදිත්‍යගෙ කම්මුලට හාදු දෙකක්ම තියලා ආදිත්‍යගෙ ඔඩොක්කෙට නැග්ගෙ ආදිත්‍ය පුදුම වෙලා මිහිනු දිහා බලාගෙන එයාව වැටෙන්න නොදී බඩ වටෙන් අත් දෙකම දාලා තමන්ට හේත්තු කරගනිද්දි...

එළියෙ වෙන මේ හැමදේම කිරි වීදුරු තුනක් ට්‍රේ එහෙක තියාගෙන එන ආදිත්‍යගෙ වගේම මිහිනුගෙ අම්මා දැක්කේ ඒ දෙන්නත් මූණට මූණ බලාගෙන සැනසීමෙන් වගේම ආදරෙන් පොඩි උන් දෙන්නා දිහා බලාගෙන හිනා වෙද්දි..

ඔය විදිහට ටිකෙන් ටික කාලෙ ගත වුනේ ආදිත්‍යගෙ හිතේ මිහිනු ගැනත් මිහිනුගෙ හිතේ ආදිත්‍ය ගැනත් තියෙන හැඟීම් අමුතු විදිහකට වෙනස් වෙද්දි.. වෙනදටත් වඩා ආදිත්‍ය මිහිනුගෙ පස්සෙන් වැටිලා මිහිනුගෙ ලගින්ම හිටියෙ කරදරකාරී මිහිනුගෙ දුරින් නෑදෑවෙන නැන්දා කෙනෙක්ගෙ පුතෙක් එයාලගෙ ස්කෝලෙට ආව නිසා.. දවසක් නෙලිත මිහිනුගෙ අතත් අල්ලගෙන කැන්ටිම පැත්තට යනවා දැක්ක ආදිත්‍ය දුවගෙන ගිහින් නෙලිතව තල්ලු කරලා මිහිනුව ඇදගෙන දුවගෙන ආව නෙලිත පුපුර පුපුර ඒ දිහා බලාගෙන ඉන්න කොට.. ආදිත්‍යට දෙයක් ඕනනම් ඕනම තමයි.. වලව් ලේ නේ..

අවුරුදු හතරකට පස්සෙ ඒ කියන්නෙ දැන් ආදිත්‍ය පහ වසරෙ ශිශ්‍යත්ව පන්තියෙ ශේනු වගේම මිහිනු හතර වසර පන්තියෙ.. ශිශ්‍යත්ව විභාගෙට තිබ්බෙ හරියටම මාසයක් විතරයි.. ආදිත්‍යට ස්කෝලේ හවස අමතර පන්ති එක්ක පිටින් යන අමතර පන්ති එක්ක එයාගෙ සුදු බෝලෙව හුඟක් මගෑරුනා.. සුදු බෝලේ.. ආදිත්‍ය මිහිනුට ආදරේට කිව්ව නම.. ආදිත්‍ය, කේශ් දෙන්නට විභාගෙත් නිසා අනික් දෙන්නටත් වැඩිය නටන්න උනේ නෑ එයාලටත් අයියලා දෙන්නත් එක්ක එකතු වෙලා පාඩම් කරන්න සිද්ද උනා..

දවසින් දවස ගෙවිලා අන්තිමට ශිශ්‍යත්වෙ තියෙන දවසත් ආවා.. එදා උදේම ආදිත්‍යගෙ අම්මා නැගිටලා කිරිබත් හදලා ලෑස්ති කරලා ආදිත්‍ය යන්න එළියට බැස්සා.. අම්මටයි තාත්තටයි වැඳලා කේශ් එක්ක යන්න ඉස්සරහට අඩිය තියද්දිම අල්ලපු වලව්වෙ ආදිත්‍යගෙ සුදු බෝලෙ ඇවිල්ලා ආදිත්‍යගෙ ඇඟේ එල්ලුනේ හතිත් අරින ගමන්.. ඉතින් ආදිත්‍යගෙ මූණෙ ලස්සන පිරුණු ආදරණීය හිනාවක්.. ආදිත්‍යගෙ මූණ එල්ලිලා තිබ්බ හැටි දැන් ඉන්න හැටි දැකපු කේශ් වගේම අම්මයි තාත්තයිත් පුදුම උනා..

" සුදු අයියේහ්.. තව ඩිංගක් පරක්කු උනානම් මට සුභ පතන්න වෙන්නෙත් නෑ ම්හ්.. "

" හැමදාම වගේ සුදුබෝලෙ වෙලාවටම ආවනේ ඉතින්.. "

" හී.. මගෙ සුදු අයියා ගිහින් හොඳට විභාගෙ ලියලා එන්න.. මං දන්නවනෙ ඔයාට පුළුවන් කියලා.. බුදුසරණයි.. "

" සුදු බෝලෙ කියනවනම් ඒක ඒ විදිහටම වෙයි.. මම ගිහින් එන්නම්.. පොඩී එක්ක එකතු වෙලා නටන්නෙ නැතුව පේපර් එකක් කරන්න.. පරිස්සමෙන් හරිද.. සුදු බෝලෙටත් බුදුසරණයි.. "

" විහස්න අයියත් හොඳට විභාගෙ ලියන්න.. පරිස්සමෙන් ගිහින් එන්න.. "

ආදිත්‍ය පොඩි එකාගෙ ඔලුව අතගාලා ඒ පිරුනු කම්මුලකින් ඇදලා යන්න ගියේ මිහිනු ඒ දිහා බලන් ඉදලා ශේනුත් එක්ක ගේ ඇතුලට යද්දි.. ආදිත්‍ය විභාගෙ ඉවර කරලා ගෙදර ඇවිල්ලා පහුවදා ඉදන් පොඩි උන් දෙන්නවත් අල්ලගෙන පාඩම් වැඩකරන්නෙ ගත්තෙ ඒ ගමන්ම හය වසරට අමතර පන්ති යන අතරතුර.. මාස පහකට පස්සෙ රෑ වෙලාවක ප්‍රවෘත්ති වලට ශිශ්‍යත්ව විභාගෙ ප්‍රතිඵල නිකුත් වෙලා කියලා කියද්දි ආදිත්‍යගෙ තාත්තා එයාගෙ ෆෝන් එකෙන් ආදිත්‍යගෙ විභාග අංකෙ ගහලා ප්‍රතිඵල පෙන්නනකම් බලාගෙන හිටියා..

G.C.E Schoolership Examination Of Sri Lanka

2017

School:- Maha Nuwara Dh**** National School

Student Name:- Aadithya Adhilasha Abhishek Sooriyabandara

Exam:- Grade 5 Schoolership Examination

Exam Result:- 195

Rank:- Island 1st

District 1st

ආදිත්‍ය ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දිහා බලාගෙන පුදුම වෙලා බලන් ඉද්දි එයාගෙ අම්මා ඇස්වල කඳුලුත් පුරෝගෙන ඇවිල්ලා ආදිත්‍යව බදාගත්තෙ තාත්තත් ඇවිල්ලා ආදිත්‍යගෙ ඔලුව අතගාලා බදාගනිද්දි.. ටික වෙලාවකින් කේශ්'ත් කෝල් කරලා ආදිත්‍යට එයාගෙ රිසාල්ට් කියද්දි ආදිත්‍ය හිතුවා වගේම කේශ් island 2nd වෙලා තිබුනා.. ආදිත්‍ය කාමරේට වෙලා හෙට ස්කෝලෙට යන්න ඇඳුම් ලෑස්ති කරද්දි එයාගෙ කාමරේට දුවගෙන ආවෙ මිහිනු.. ශුවර් එකටම පොඩී ගිහින් මිහිනුට කියන්න ඇති..

" සුදු අයියේ.. මගෙ සුදු අයියා.. මං කිව්වනෙ මගෙ අයියට පුළුවන් කියලා.. දැක්කනෙ දැක්කනෙ.. අනේ මට හරි සතුටුයි.. සුබ පැතුම් සුදු අයියෙ.. ඔයාට කවදාවත් වරදින්නෙ නෑ.. "

" මගෙ මිහිනු මගෙ ළඟින් ඉන්නකම් මට කොහෙත්ම වරදින්නෙ නෑ.. සුභ පැතුමට ස්තූතියි.. "

ආදිත්‍යගෙ බඩ වටේ අත් දෙක යවාගෙන බඩ උඩින් නිකට තියාගෙන ඇස් උඩට හරවල් තමන්ට වඩා උස ආදිගෙ මූණ දිහා බලාගෙන හිටිය මිහිනු එකපාරටම ඇස් බෝල වල කඳුළු පුරවගනිද්දි නම් ආදිත්‍ය හොඳටම බය උනා..

" දෙයියනේ සුදු බෝලේ.. ඇයි මේ කඳුළු.. ආ මොකද උනේ.. කවුරු හරි මොනාහරි කිව්වද.. "

" ම්හ් ම්හ්.. සු.. සුදු අයියේ.. ඔයාහ්.. ම්හ්.. විභාගෙ.. පාස්.. උන නිසා.. ඔයාගෙ සුදු බෝලෙව..දාලා යනවද.. ම්හ්ක්.. "

" මොකක්.. ක්..කව්ද.. එහෙම කිව්වෙ.. මං ඔයාව දාලා කොහෙ යන්නද දෙයියනේ.. "

" ම්හ්.. එහෙනම් අර ස්කෝලේ.. ටීචලා.. කියන්නෙ.. ඔය විභාගෙ පාස් උනොත්.. කොළඹ රටේ ලොකූ ස්කෝලෙකට යන්න.. පුළුවන්.. කියලා.. "

" දෙයියෝ.. යන්න පුළුවන් උනාට සුදු අයියා යන්නෙ නෑනේ.. මම කැමති මිහිනු එක්ක ඉන්නනේ.. ඉතින් සුදු අයියා කොළඹ යන්නෙ නෑ හරිද.. දවසක අපි දෙන්නම එකට යනකම් මම යන්නෙ නෑ.. "

" ඇත්තමයි නේද.. ම්හ්ක්.. "

" මම මගෙ සුදූට බොරු කියලා තියෙනවද.. "

" නෑනේ සුදු අයියා මට බොරු කියලා නෑනේ.. "

කපටි කොල්ලා දැන් හිකි හිකි ගගා හිනා වෙනවා.. ආදිත්‍යත් බයෙන් හිටියේ එයාට එයාගෙ තාත්තා කොළඹ ස්කෝලෙකට යන්න කියයි කියලා.. ඒත් ඉතින් තාත්තා කිව්වෙත් කැමති නම් යන්න නැත්නම් ඕන නෑ කියලා.. මොකද මහනුවර හොඳම ස්කෝල වලින් එකකට තමයි ආදිත්‍ය දැනටමත් යන්නෙ..

ඒත් ඉතින් දෛවය කියන දේ හරිම නපුරුයිනෙ.. ආදිත්‍යගෙ තාත්තට දැන් මාසයක් දෙකක් තිස්සෙ මනුස්සයෙක්ගෙන් කෝල් එනවා.. ඒ මනුස්සයා රටේ ඉන්න බලයක් තියෙන ඇමති කෙනෙක්.. ආදිත්‍යගෙ තාත්තට හිතාගන්න බැරි ඇයි ඒ මිනිහා එහෙම හැසිරෙන්නෙ කියලා.. එදා සාමාන්‍ය ස්කෝලෙ දවසක් ආදිත්‍ය දැන් ස්කෝලේ ක්‍රිකට් ටීම් එකෙත් ඉන්නවා වැඩේ කියන්නෙ ඒකේ එයාගෙ සුදු බෝලෙත් ඉන්න එකනේ.. ඒකෙනුත් නරක පැත්ත නෙලිත ඒ කියන්නෙ මිහිනුගෙ නැන්දගෙ පුතාත් ටිම් එකේ සාමාජිකයෙක් උන එක.. දැන් ආදිත්‍ය 8 වසරෙ මිහිනු 7 වසරෙ.. එදා හවස ක්‍රිකට් පුහුණුවීමි ඉවර කරලා ආදිත්‍ය, ශේනු, කේශ්, මිහිනු හතරදෙනාම ගෙදර යන්න පිටත් උනා.. ස්කෝලෙ ළඟින් බස් එකේ නැගලා මඟදි පොඩි උන් දෙන්නට බඩගින්නක් අල්ලපු නිසා මගින් බැහැලා ඒ කඩෙන් කෑමත් කාලා එලියට බැහැලා එතන ඉදන් පයින් යමු කියලා කතා උනේ තව වැඩි දුරක් නැති නිසා..

හිනා වෙවී කතා කර කර යන අතරතුර මිහිනුට බෝල වඩේ බඩගින්නක් ඇවිල්ලා ආදිත්‍ය දිහා ඇස් රවුම් කරලා බලද්දි ආදිත්‍ය තේරුම් අරගෙන යන්න හැදුවෙ මිහිනුට වඩේ අරගෙන එන්න උනත් ආදිත්‍යගෙන් සල්ලි ඉල්ලගෙන එයා ගේන්නම් කියලා මිහිනු පාර පැනලා වඩේ කරත්තෙ ලගට ගිහින් වඩේ ගත්තෙ අනික් තුන්දෙනා පාරෙන් එහා පැත්තෙ බලාගෙන ඉන්න අතරෙ.. එකපාරටම ආදිත්‍ය ඇගේ වැදුන මනුස්සයෙක් බිමට වැටෙද්දි ආදිත්‍ය එයාව නැගිට්ටවන්න ඕන නිසා අහක බලද්දි මිහිනු පාර පනින අතරෙ කාර් එකක් ඇවිල්ලා හිතන්නවත් වෙලාවක් නොතියා මිහිනුව හැප්පුවෙ ආදිත්‍ය සද්දෙ ආව පැත්තට ඔලුව හරවද්දි..

ආදිත්‍ය දැක්කෙ ඔලුවෙන් ලේ ගලන බිම වැටිලා ඉන්න තමන්ගෙ පුංචි එකාව විතරයි.. හැඟීමක් හරි විදිහට තේරුම් ගන්න බැරි උනත් ආදිත්‍යට තේරිලා තිබ්බා එයාගෙ හිතේ මිහිනු ගැන සහෝදරකමට වඩා දෙයක් තියෙන බව.. ඉතින් ඒ තමන්ගෙ සුදු බෝලෙ පාරෙ වැටිලා ඉන්නවා දැකපු ආදිත්‍යට ඉහිලුම් නැතුව ගියා.. ඉක්මනට එතනට ගියපු ආදිත්‍ය කේශ් එක්ක මිහිනුව ත්‍රීවිල් එහෙක නුවර ප්‍රයිවට් හොස්පිට්ල් එහෙකට එක්කගෙන ගියේ පොඩීට ගෙවල් වලට පණිවිඩේ දෙන්න කියලා කියන ගමන්..

ලේ ගලන ඔලුවෙ පැත්තකින් ආදිත්‍යගෙ ලේන්සුව තදවෙලා තිබ්බා.. මඩ ගෑවිලා තිබුණත් ආදිත්‍යගෙ සුදු ක්‍රිකට් ප්‍රැක්ටිස් අඳින ටී ශර්ට් එකේ මිහිනුගෙ ලේ ගෑවිලා තිබුනා.. තවමත් ආදිත්‍ය කියන්නෙ පොඩි වයසක ළමයෙක් ඉතින් එයා හිටියේ හුඟක් බය වෙලා මොකද මේ ඉන්නෙ එයාගෙ ජීවිතේ වටිනම කෙනෙක්.. ඉක්මනින් හොස්පිට්ල් එක ළඟින් නවත්තපු ත්‍රීවිල් එකෙන් බැස්ස කේශ් ආදිත්‍ය දෙන්නම මිහිනුව ට්‍රොලි එහෙක දාලා ඩොක්ටර්ට භාර දෙද්දි මිහිනුව ඔපරේශන් තියටර් එකට ගත්තෙ ඒ මොහොතෙම වගේ මිහිනුගෙත් ආදිත්‍යගෙත් අම්මලා තාත්තලා එතනට එද්දි..

ආදිත්‍ය හිටියේ ශොක් වෙලා එයගෙ ලගින්ම ඉඳගෙන කේශ්, ශේනුක දෙන්නම හිටියා.. ටිකකින් ආදිත්‍යගෙ තාත්තා ඇවිල්ලා එයාගෙන් මොකද උනේ කියලා විස්තර අහද්දි ආදිත්‍යගෙ තාත්තට තේරුම් ගියා මේවගෙ පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියලා.. ආදිත්‍යගෙ ඔලුව අතගාපු තාත්තා මිහිනුගෙ තාත්තා එක්ක හොස්පිට්ල් එකෙන් එලියට ගියේ මොනාහරි දෙයක් කලබලෙන් වගේම දුකෙන් කතා කරන ගමන්..

පැයකට විතර පස්සෙ ඔපරේශන් තියටර් එකේ ලයිට් එක කොළ පාට උනේ ඩොක්ටර් එලියට එද්දි..

" බය වෙන්න එපා දරුවා හොදින්.. බිමට වැටුන පාර තමයි ඔලුව වැදිලා නළල පුපුරලා තියෙන්නෙ.. කිසිම දේකට බය වෙන්න එපා.. ප්‍රශ්නයක් නෑ.. හෙට රෑට ටිකට් කපන්න පුළුවන්.."

" බොහොම ස්තූතියි ඩොක්ටර්.. "

ආදිත්‍යට දැන් වෙන්න ඇති හරියට හුස්මක් වැටුණේ.. ටිකකින් මිහිනුව නෝමල් වෝඩ් එකකට දාද්දි ආදිත්‍ය කේශ් හැර අනික් ඔක්කොමලා ගිහින් මිහිනුව බලන්න ගියා.. ආදිත්‍යට යන්න බය හිතුනා.. ආදිත්‍යට ඕන උනේ නෑ එයාගෙ පොඩි එකා එහෙම තුවාල වෙලා ඇඳක් උඩ ඉන්නවා බලන්න.. ඇරත් එයාගෙ ඇඳුම් කිලිටි වෙලා ලේ පැල්ලම් නිසා මිහිනුට බය හිතෙයි කියලා හිතුනා.. කේශ් අතේ අම්මලට පනිඩියක් යවල ඒ දෙන්නත් එක්කම ගෙදර ගිහින් නාලා වෙන ඇඳුමක් ඇඳගෙන ආයෙම හොස්පිට්ල් ආවේ ලස්සනම ලස්සන කැලෑ මල් පොකුරකුත් අතේ අරගෙන..

ඒ වෙද්දි අම්මලා දෙන්නා විතරයි මිහිනු ළඟ හිටියේ.. ආදිත්‍ය ආව නිසා කන්න මොනාහරි ගේන්නම් කියලා අම්මලා දෙන්නත් එලියට යද්දි ඇඳේ නිදාගෙන ඉන්න මිහිනු ලගට ගිහින් නලලට වැටිලා තියෙන කොන්ඩ ටික අයින් කරලා නලලින් හාදුවක් තිබ්බ ආදිත්‍ය ස්ටූල් එකක් ඇඳ ලගට ලං කරගෙන ඉදගෙන මිහිනු දිහා බලාගෙන හිටියේ දැන් නැගිටී දැන් නැගිටී කියලා හිතන ගමන්.. අම්මලා ගෙනාව මාලු පානුයි නෙස්කැෆේයි ආදිත්‍යට වෙන් වෙලා තිබ්බෙ ආදිට කන්න බෑ කිව්ව නිසා.. ටිකෙන් ටික වෙලාව ගිහින් රෑ 10ට විතර මිහිනුට සිහිය එන්න ගත්තෙ මිහිනුගෙ අතක් අල්ලගෙන නින්ද ගිහින් හිටිය ආදිත්‍යවත් ඇහැරවලා.. ඉක්මනට ගිහින් ඩොක්ටර්ට කතා කරපු ආදිත්‍ය ඩොක්ටර් මිහිනුව චෙක් කරන කම් එලියට වෙලා හිටියේ ඩොක්ටර් ටිකකින් ඇවිල්ලා මිහිනුගෙ අම්මටයි තාත්ටයි මිහිනු හොදටම හොදින් කියලා, යන්න යද්දි..

ඇස් බෝල කරකව කරකව වට පිට බලන මිහිනු ලගට ගිය ආදිත්‍ය මිහිනුගෙ අතකින් ඇල්ලුවෙ මිහිනු ආදිත්‍ය දිහා දුකින් කදුළු පුරෝගෙන බලද්දි..

" මම හොඳටම බය උනා සුදුබෝලේ.. අයියට සමාවෙන්න.. මට ඔයාගෙ පස්සෙන් එන්න තිබ්බා.. "

" මමත් බය උනානේ.. සුදු අයියට කරදරයක් නෑනේද.. සමාව ඉල්ලන්න එපා මම හොදින් ඉන්නවනේ.. "

" කල්පනාවෙන් වැඩ කරන්න දෙයියෝ.. උබට මොනාහරි උනොත් මගෙ පපුව පැලිලා යයි සුදු බොලේ.. "

" මැරෙන කතා කියන්න එපා.. එතකොට මට දුක හිතෙනවා.. "

" සමාවෙන්න.. මම ඔයාට බඩ්ඩක් ගෙනාව.. "

" කෝ මොනාද ගෙනාවේ.. "

ආදිත්‍ය එයා ගෙනාව කැළෑ මල් පොකුරයි කඩෙන් ගත්තු චොක්ලට් එකයි මිහිනුගෙ අතට දෙද්දි බලන්න එපැයි පොඩි එකාගෙ හිනාව.. ඒ හිනාව දැකලා ආදිත්‍යගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තෙ එහා පැත්ත හැරිලා හයියෙන් පපුවට තට්ටු දෙකක් දාගන්නකොට..

මාස දෙකක් තුනක් ගෙවිලා ගියේ මිහිනුටත් හොදටම හොද වෙලා සාමාන්‍ය තත්ත්වෙට එද්දි උනත් ප්‍රශ්න නම් අඩු උනේ නෑ.. සති අන්තෙ දවසක රෑ ආදිත්‍යගෙ තාත්තට කෝල් එකක් ආවේ අර පුරුදු නම්බර් එකෙන්මයි.. කෝල් එක ආන්සර් කරලා කනේ තියාගත්ත ශාක්‍ය ගෙයින් එලියට බැහැලා මිදුලට ගියා..

" ඔයා කියන විදිහට ඇයි මම කරන්න ඕනේ.. මගේ පුතා මුකුත් වැරැද්දක් කරලා නෑනේ.. "

" තමුන්ට එහෙම කියන්න අයිතියක් නෑ mr. රන්දෙණිය.. ඇමති උනාට මට වැඩක් නෑ.. වැරැද්දක් නැතුව මම මාරුවීමක් භාරගන්නෙ නෑ.. "

" මගෙ පුතාට අතක්වත් තියන්න හිතන්න එපා රන්දෙණිය.. "

" හ්ම්.. මම එහෙම කරන්නම්.. හැබැයි තමුසෙ දිනුවයි කියලා හිතන්න එපා.. දිසානායක කියන්නෙ තමන්ගෙ දෙයක් කොන්ද පණ නැති බල්ලෙක්ට දීලා බලාගෙන ඉන්න ජාතියක් නෙවෙයි.. තමන්ගෙ දෙයක් නම් තමන්ගෙ කරගෙන නවතින ජාතියක්.. එච්චරයි.."

තරහින් ෆෝන් එක කට් කරපු ආදිත්‍යගෙ තාත්තා අහස දිහා බලාගෙන බර හුස්මක් පිට කලේ ගේ ඇතුළට යන ගමන්.. ගේ ඇතුළට ගිහින් පුටු සැටියෙන් ඉදගත්තු ශාක්‍ය ආදිත්‍යට වගේම නිරෝශටත් පොඩීටත් කතා කලේ වැදගත් දෙයක් කියන්න කියලා හිතාගෙන..

" මං කියන දේ අහලා මගෙන් ප්‍රශ්න අහන්න එපා කවුරුත්.. "

" මොකක්ද අපෙ මහත්තයා.. ඇයි මේ කලබලෙන් වගේ.. "

" කලබල වෙන්න එපා නිරෝශා.. සුදු පුතාට කොළඹ ස්කෝලෙකට යන්න වෙනවා වගේම මටත් කොළඹ ආ*** ට ට්‍රාන්සර් එකක් ඇවිල්ලා.. සුදු පුතාටත් ඒ ස්කෝලෙටම තමයි යන්න වෙන්නෙ.."

" තා..ත්තෙ.. "

" මම කිව්වනෙ මුකුත් අහන්න එපා.. ඔක්කොටම වඩා මට ඔයාලව වටිනවා.. ගිහින් බඩු ලෑස්ති කරගන්න සුදු පුතා.. අපි දෙන්නා ගිහින් එහෙ ගෙයක් බලලා වැඩ ටික සෙට්ල් කරගෙන ඔයාලා දෙන්නව එක්කගෙන යන්න එන්නම්.. "

" අනේ මන්දා අපෙ මහත්තයා.. එකපාරටම ඇයි මේ.. මට හිතාගන්න

බෑ.. "

" මම හැමදේම පස්සෙ ඒත් ඉක්මනට කියන්නම්.. චන්දුලට කියන්න ඕන පණිවිඩ වගයක් තියෙනවා මම ගිහින් ඒක කියලා එන්නම්.. "

ශාක්‍ය කියන්න ඕන දේවල් කෙටියෙන් කියලා මිහිනුලගෙ ගෙදර යද්දි ආදිත්‍ය තරහින් එයාගෙ කාමරේට ගිහින් දොරවහගත්තෙ මිහිනුට උන පොරොන්දුව මතක් වෙලා උණු කඳුලු බිංදුවක් ඇස් කොන අගින් රූටලා බිමට වැටෙනකොට.. එයා පොරොන්දු උනා එයාගෙ සුදු බෝලෙට කවදහරි කොළඹ යන්නෙ එයත් එක්කමයි කියලා.. ඇඳ උඩට වෙලා වහලෙ දිහා බලාගෙන හිටිය ආදිත්‍ය අකමැත්තෙන් උනත් එයාගෙ ඇඳුම් ටික ලෑස්ති කරන්න ගත්තා.. පොත් ටික පිළිවෙළට අඩුක් කරගනිද්දි එයාගෙ දිනපොත අස්සෙන් වැටුනෙ වේලුන අරලිය මලක්..

ආදිත්‍යට ඒක දැක්කම ආයෙම ඇස් වලට කඳුලු ඉනුවා.. ඒක එයාට දුන්නෙ එයාගෙ සුදු බෝලේ.. දවසක් ස්කෝලෙදි ආදිත්‍ය කේශ් එක්ක වොශෲම් යන්න යද්දි එක වසර පන්ති පේළිය ළඟ තිබුන ලොකුම ලොකු සුදු අරලිය ගස් පල්ලෙ තිබුන බංකුවෙ වාඩි වෙලා අරලිය මලක් අතේ තියන් කරකව කරකව හිටියේ මිහිනු.. සුදු ඇඳුමට සුදු අරලිය මල එක්ක මිහිනු හරිම පිං පාටයි ආදිත්‍යට එහෙම හිතුනා.. වොශෲම් ගිහින් එනකනුත් මිහිනු එතන ඉඳිය නිසා ආදිත්‍ය එතනට ගිහින් මිහිනු එක්ක කතා කරලා පන්තියට යන්න කියලා කිව්වා.. පුංචි මිහිනුත් එයාගෙ අයියා කියන දේ අහලා බංකුවෙන් නැගිටලා යන්න කලින් අතේ තියන් හිටිය අරලිය මල ආදිත්‍යට දීලා වේග බට්ටා වගේ දුවගෙන පන්තියට ගියා.. ලාවට හිනා උන ආදිත්‍ය ඒක පරිස්සමෙන් පොතක් අස්සෙ දාලා ආවහම දිනපොතේ පිටුවක් අස්සට ඒ මල දැම්මා..

ඒ මල අද දැක්කම ආදිට දුක හිතුනත් එයාගෙ තාත්තා තේරුමක් නැතුව දේවල් කරන්නෙ නෑ කියලා ආදිත්‍යට හිතුනා.. සේරම බඩු ලෑස්ති කරගෙන රෑටත් නොකාම නිදාගත්ත ආදිත්‍ය ආයෙම උදේ 6ට විතර ඇහැරුනා.. මූණ හෝදන් යන්න සුදුසු ඇඳුමක් ඇන්ද ආදිත්‍ය පුටුවකට වෙලා දුර කල්පනාවක ගිලිලා හිටියත් එයාට වැඩි වෙලාවක් එහෙම ඉන්න හම්බුනෙ නැත්තෙ තාත්තත් ලෑස්ති වෙලා පහලට ආවහම.. ආදිත්‍යගෙ හිතේ ගැස්ම එන්න එන්නම වැඩි උනේ මිහිනුට කොහොමද මේ දේවල් කියන්නෙ කියලා උනත් පරක්කු නොවී එවලෙම ආදිත්‍ය දිව්වෙ එයාගෙ සුදු බෝලෙගෙ ගෙදරට..

ඒ යද්දි මිහිනු උදේ පහන තියන්න මල් කඩනවා.. උස අත්තක තිබ්බ අරලිය පොකුර කඩා ගන්න බැරි නිසා එතනට ලං උන ආදිත්‍ය ඒක කඩලා දුන්නෙ මිහිනු ඔලුව හරවලා ආදිත්‍ය දිහා බලලා ලස්සනට හිනා වෙද්දි.. ආදිත්‍යගෙ පපුව රිදුනා.. එයාගෙ මිහිනුගෙ හිනාවට.. දැන් එයා යනවා කිව්වොත් ඒ ලස්සන හිනාව මැකිලා අඬන්න ගන්නවා කියලා ආදිත්‍ය හොදටම දැනගෙන හිටියා..

" ගුඩ් මෝනින් සුදු අයියේ.. උදේ පාන්දරම කොයි හරි යන්නද..

පන්තිද.."

" ගුඩ්..මෝනින් මිහිනු.. ප්..පන්ති නෙවෙයි සුදුබෝලේ.. "

" එහෙනම්.. කොහෙද යන්නෙ.. ඇයි සුදු අයියගෙ ඇස් රතුවෙලා අනික කටහඬත් අමුතුයි.. සුදු අයියා ඇඬුවද.."

එතකොටම වගේ එලියෙන් ඇහෙන සද්දෙ ඇහිලා මිදුලට ආවේ මිහිනු දිහා බලන ගමන්.. ආදිත්‍ය දන්නවා සේමිණී අම්මයි චන්දු තාත්තයි දැනටමත් මේ ගැන දන්නවා කියලා.. ඔය අතරෙදි කාර් එකෙන්ම මිහිනුලගෙ ගෙදරට ආවෙ ආදිත්‍යගෙ තාත්තයි අම්මයි මල්ලී.. චන්දුලත් එතන හිටියා.. මිහිනු පුදුම වෙලා ඉන්නෙ උදේම ගෙවල් දෙකේම මිනිස්සු එලි බැහැලා ඉන්න එක ගැන..

" මිහිනු මගෙ චූටි බබා, මගෙ සුදුබෝලේ.. සුදු අයියා කියන දේ අහගෙන ඉන්න හරිද.. "

" මොකක්ද අයියේ.. ඇයි මේ ඔක්කොමලා ඇවිල්ලා.. "

" අහන්නකො.. ඔයාගෙ සුදු අයියට දුර ගමනක් යන්න වෙලා.. කොළඹ ලොකු ස්කෝලෙකට.. අනේ රත්තරනෙ ඔය ඇස් අඬවන්න එපා ඉතින්.. මගෙ මිහිනු අඬන්නෙ නැතුව හිටියොත් සුදු අයියගෙ ස්කෝලෙටම මිහිනුව ගන්නවා.. ම්ම්.. හොඳට ඉගෙන ගන්න ඕන හරිද.. ස්කෝලෙ යද්දි පරිස්සමෙන් ගිහින් එන්න.. යාළුවො ආශ්‍රය කරද්දි පරිස්සමෙන්.. මම ළඟ නෑනේ මගෙ සුදු බෝලෙව පරිස්සම් කරන්න.. ඒක නිසා සුදු අයියා වෙනුවෙන් සුදු බෝලේ පරිස්සමෙන් ඉන්න ඕනේ..

තේරුනාද.."

" ස්..සුදු.. අය්..යේ..අනේ.. නෑ නෑ.. අනේ.. යන්න දෙන්න..බෑනේ..මට කිව්වනෙ..ඔයාගෙ..සුදු බෝලෙට..පොරොන්දු..උනානේ..අනේ.. අයියෙ යන්න..එපනේ..අයියේ.. ඔයාගෙ..සුදු..බෝලෙව..දාලා යන්න එපානේ.. "

" අඬන්න එපා මගෙ අරලිය මල.. එතකොට මං කොහොමද හිත එක තැනක තියාගෙන එහෙ ගිහින් වැඩ කරන්නෙ.. මම පොරොන්දු වෙන්නෙ නෑ.. ඒත් සුදු බෝලෙ වෙනුවෙන් මගෙ හදවතෙ ඉඩ වෙන් කරලා තියාගන්නම්.. ආයෙම එන දවසට අපි දෙන්නම ලොකු වෙලා ඉඳීවි.. එතකොට මට ස්ථිරවම සුදු බෝලෙට අයිතිවාසිකම් කියන්න පුළුවන්.."

" අනේ අයියේ.... යන්න එපානෙ අයියේ.. මිහිනුව දාලා යන්න එපා අයියේ.. "

" මට..සමාවෙන්න.. මිහිනු.. "

මිහිනුව තමන්ගෙ ඔඩොක්කෙ තියාගෙන හිමින් හිමින් පැහැදිලි කරලා දුන්නත් ආදිත්‍ය යනවා කියලා ඇහුන වචනෙත් එක්කම මිහිනු අඬන්න පටන් ගත්තෙ ආදිත්‍යගෙ පපුව කීරි ගැහිලා යද්දි.. දිගින් දිගටම මිහිනු කෑ ගගහ යන්න එපා කිය කිය ආදිත්‍යගෙ බෙල්ල අස්සෙ මූණ හංගගනිද්දි ආදිත්‍ය අසරණ උනා.. ඒත් කරන්න දෙයක් ඇත්තෙම නැති තැන ශේනු ඇවිල්ලා මිහිනුව ආදිත්‍යගෙ ඇඟෙන් ගලවගෙන බදාගත්තෙ ආදිත්‍ය හැමෝටම වැඳලා අන්තිමට මිහිනු ලගට ගිහින් වෙනදා වගේම නලලිනුයි කම්මුල් වලිනුයි හාදුව ගානෙ තියද්දි.. කෑ ගගහා අඬන මිහිනු දිහා බල බල පපුව පාරන වේදනාවක් එක්ක ආදිත්‍ය හැමෝගෙම ඇස්වල කඳුලු එකතු කරලා තාත්තත් එක්ක යන්න ගියේ නුවර අහස යට හැඟීම් අඳුනගත්තෙ නැති හැඟීම් වලට නමක් දෙන්න බලාගෙන හිටිය පිවිතුරු ආදරේකට බාධා කරලා..

මේ... නගරය මා ඔබ මුණ ගැහුනු නගරයයි...

මේ... නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි...

මේ... නගරය මා ඔබ මුණ ගැහුනු නගරයයි...

මේ... නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි...

වැව් ඉවුරේ දිය රල පෙර සේම බිදෙනවා...

නුග ගස් පෙල අප නැතුවත් තව දලු ලනවා...

වැව් ඉවුරේ දිය රල පෙර සේම බිදෙනවා...

නුග ගස් පෙල අප නැතුවත් තව දලු ලනවා...

සරසවි බිම කදු රැල්ලෙන් එතෙර පෙනෙනවා...

ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා.....

ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා

සිගිති පුතා අතැගිල්ලක එල්ලී එනවා

ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා

සිගිති පුතා අතැගිල්ලක එල්ලී එනවා

ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා

ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා

මේ... නගරය මා ඔබ මුණ ගැහුනු නගරයයි...

මේ... නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි...

Author Pov End

වර්තමානය

Aadhithya pov

ඇස් අගින් වැටුණ කඳුළක් එක්ක මම ඇස් දෙක ඇරියෙ ඒ වේදනාත්මක දවස ගැන ආයෙම මතක් කරන්නවත් ආස නැති තැන.. එදා වෙන් වෙලා ආව දාට පහුවෙලා දවස් දෙකකින් අම්මලත් කොළඹ ආවා.. එයාලා කිව්වෙ මම ගිය වෙලේ ඉදන් මිහිනු අඩලා අඩලා උණගත්තයි කියලා.. එයාලා එනකනුත් මගෙ කොල්ලට උණලු..

කාලෙ ගෙවිලා ගිහින් එදා මිහිනු අපේ ගෙදර සාලේ ඉස්සරහා හිටගෙන ඉන්නවා දකිද්දි සත්තමයි මට බදාගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතුනා උනත් කොල්ලා මාව දැක්ක පාර ඇස් බෝල කරගත්තු විදිහට ඉඹින එක පැත්තකට දාලා උස්සගෙන ගිහින් කාටවත් පේන්නෙ නැති වෙන්න පපුව අස්සෙ හංගගන්න හිතුනා.. ඉතින් මම එදා ගමෙන් එද්දි කියලා ආව විදිහටම මම මගෙ හැඟීම් අඳුරගත්තා.. එයාට පොරොන්දු උනා වගේම මම එයා වෙනුවෙන් මගෙ හදවත තියාගත්තා.. දැන් ඒ හැම පොරොන්දුවක්ම හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙලා.. තව ටිකයි.. ඒත් ආයෙම ප්‍රශ්න.. මට බය නෑ.. මට පුළුවන් මගෙ පොඩි එකාව ආරක්ශා කරන්න.. මට තේරුනා වයසින් මෝරද්දි අපිව වෙන් කරන්න කරපු හැමදේම පිටිපස්සෙ හිටියේ නෙලිතයි උගෙ ඇමති තාත්තයි බව..

ඒත් තවත් ඌට නැවෙන්න මට ඕනෙ නෑ.. මගේ දෙයක් මගේ කරගෙන මිසක් පස්ස බලන්නෙ නැති වග ඌ දැනගන්නම ඕනේ.. අහස දිහා බලාගෙන අවුරුදු ගාණක් පස්සට ගිහින් හිටිය මම බැල්කනි එකෙන් කාමරේට ඇවිල්ලා බාතෲම් එකට ගිහින් නාගෙන හෙට ප්‍රැක්ටිස් අඳින්න ඕන කරන දේවලුත් ලෑස්ති කරලා කලින්ම නිදාගත්තා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_______________________________________

Hello Lamai

4200i වචන.. 🙂

ඔන්න ඔයාලා බලාගෙන හිටිය කොටසක් අරගෙන ආවා.. 🫠

ප්‍රශ්න තියේනම් අහන්න පුළුවන්..😌

සිංදුව අහන ගමන් කියවන්න.. ඒක නුවරටම ගැලපෙන නුවරගැනම ලියලා තියෙන සිංදුවක්.. 🥺❤️

ආයෙ සතියක් දෙකක් යනකම් අප්ඩේට් නැති වෙයි..😪

කමේන්ට් 100ක් ඕනේ.. 😑😑

මං යනවා.. 🥲

Lvyuuuuuu❤️

Share This Chapter