Back
/ 50
Chapter 39

[තිස් හත්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

පහුවදා ඉදන් ස්කෝලෙ පටන් ගත්තා.. පුරුදු විදිහටම ඉතින් ස්කෝලේ වැඩ වලට අමතරව එන බිග් මැච් එකටත් මට ලෑස්ති වෙන්න උනා.. අයියව මගෑරෙයි කියලා හිතුවට එහෙම උනේ නෑ ඉතින් එයත් ටීම් එකේ ඉන්න නිසා.. හම්බෙන හැම වෙලාවෙම හැමදේම හොඳින් වෙයි, හිතන්න එපා ඒ ගැන කිය කිය කිව්වට මගෙ හිතේ පත්තු වෙන ගින්දර ගැන දන්නෙ මම විතරයි.. ස්කෝලෙ ඇතුළෙ ගහන මැච් එකක් නෙවෙයි මේක සාමාන්‍ය එකක් නෙවෙයි.. මේක බිග් මැච් එක යකෝ මේක බිග් මැච් එක.. කොළඹ තියෙන ප්‍රසිද්ධම ස්කෝල දෙකක් අතර සටනක්.. මුළු ලංකාවක්ම ඒගැන දන්නවා.. ඉතින් මට ක්‍රිකට් ගහන්න එපා කිව්ව අප්පච්චි මට ක්‍රිකට් තහනම් කරපු අප්පච්චි ඒක නොදැන ඉඳීද.. මම ප්ලේ කරනවා නොදැක ඉඳීද..

හැම පැත්තෙන්ම හිර වෙලා වගේ දැනෙනවා.. මං මෙහෙම මීට කලින් වැඩ ගොඩකට අහු වෙලා හිටියේ නෑ.. ස්කෝලෙ පන්තියෙ ඉන්න හම්බෙන්නෙම නෑ.. ක්ලාස් මගෑරෙනවා.. ශේනුවයි දිලුමයි නැත්නම් මං ඉවරයි.. උන් දෙන්නා තමයි මගෙ නෝට් එහෙම සම්පූර්ණ කරලා දෙන්නෙ.. ඒ අස්සෙ බිග්මැච් එක ඉවර උන ගමන් විභාගෙ පටන් ගන්නවලු.. පිස්සු හැදිලා තද වෙලා ඉන්නේ..

අපිට දැන් තියෙන්නෙ පොලිටිකල්.. මිස් දවස් දෙකක් අහවල් ස්කෝලේ අනියුක්ත ගුරුවරයෙක් විදිහට ඒකට යන නිසා අපිට අද පොලිටිකල් නෑ.. උනුත් ආතල් ගන්නෙ අපෙන්මයි.. මම පොලිටිකල් ක්ලාස් යන්නෙ නැති නිසා ස්කෝලෙන් තමයි ගේම ගහන්නේ.. මිස් නැති දවස් දෙකට කරන්න දුන්න mcq පේපර් එකක් කරන ගමන් හිටිය මං ඒ වැඩේ පැත්තකට දාලා කොරිඩෝ එක දිහාවට හොම්බ දැම්මේ සද්දෙන් අඩි තිය තිය කලබලෙන් ඇවිදගෙන එන විහස්න අයියා දිහා බලාගෙන.. මේ මොකත මෙයා මෙහෙ එන්නේ..

" මිහිනු.. ප්‍රැක්ටිස් කිට් එක ගෙනාවනේ.. ඉක්මනට ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට යන්න.. මං ගියා.. "

" ඒ.. ඒ.. අයි...යේ.. යකෝ මේකා ගිහිනුත් ඉවරයිනෙ.. සැක් මොන රෙද්දක්ද දන්නෑ ඒපාර.. ඉගෙන ගන්න දෙන්නෙම නෑනේ ළමයට.. "

ආපු වේගෙන්ම පණිවිඩේ කියලා යන විහස්න අයියා දිහා බලාගෙන මම තනියම කියෙව්වා.. ශේනුවයි දිලුමයිත් නෑ පන්තියෙ උන් දෙන්නා කොහාට මක බෑ උනාද මන්දා.. මේසෙ උඩ තිබ්බ පොත් ටිකයි, පේපර් එකයි, පර්ස් එකයි ලොකර් එක අස්සට දාලා මම ප්‍රැක්ටිස් බෑග් එකයි වතුර බෝතලෙයිත් අරගෙන ක්‍රිකට් චේන්ජින් රූම් එකට ගියා.. හොඳ වෙලේට ඇතුළෙ කවුරුත් නෑ.. ඉක්මනට බෑග් එකෙන් ප්‍රැක්ටිස් කිට් එක අරගෙන ඇඳගෙන කොණ්ඩෙ මූණට වැටෙන්නෙ නැතිවෙන්න බැන්ඩනා එකත් දාගෙන වතුර එකත් අරගෙන මම ග්‍රවුන්ඩ් එකට යන මගදි අර බූරු පුතානෝලා දෙන්නා හම්බුනා.. මෝඩ මූසලයො දෙන්නා කැන්ටින් ගිහින්ද කොහෙද පෑන් කේක් දෙකක් අතේ..

" හම්මට කිරිපුතා.. කොහෙ මේ යන්නෙ කිකට් ඇඳුමත් ඇඳගෙන.. "

" තොපි දෙන්නා කොහෙද යන්නේ මෝඩ ඇට ගෙම්බො දෙන්නා.. අනික දිලූ උබ කිට් එක ඇඳගෙනනෙ ඉන්නෙ.. "

" එව්ව් කේන්ති ගන්න එපා බං.. උබට අද ප්‍රැක්ටිස් නෑනේ.. මටත් ඇඳගෙන එන්න කියලා තිබ්බා ඒකයි ගියේ.. "

" මන්දන්නෑ අනේ.. අර මෝඩ ඩිපියුටියා කඟවේනා වගේ ඇවිල්ලා කියලා ගියේ කිට් එක ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට එන්නෙයි කියලා ඉක්මනට.. "

" සිරාවටම යමන් එහෙනම් ශේනුත් එන්න.. ඊළග පීරියඩ් දෙකත් නෑ අපිට.."

" සැහ් එහෙමද.. එහෙනම් යමන්.. "

උන් දෙන්නගෙත් එක්කම ග්‍රවුන්ඩ් එකට යද්දි එතනබලු බල්ලෙක් නෑ.. ඊටපස්සෙ pavilion එක පැත්තට හොම්බ දාද්දි නම් මං දැක්කා ක්‍රිකට් ටීම් එකේ කැපා වෙච්ච මගෙ මනුස්සයා යකඩ වැටට කකුල් දෙකත් තියාගෙන දුර ඈතක් බලාගෙන ඉන්නවා.. යසෛ යසෛ මහත්තයො වුබෙර් කෙරුවාව..

Pavilion එකට ගිහින් මම අයියගෙ පිටිපස්සෙන් හිටගත්තෙ මේ මනුස්සයට අඩුම මම ආවද කියලා දැනෙයි කියලා හිතාගෙන.. දැනුනා දැනුනා pacac.. දැන් හැරෙයි දැන් හැරෙයි කියලා බලාගෙන හිටියට වැඩක් උනේ නැති තැන මම හැදුවෙ අයියගෙ ඔලුවට එකක් ගහන්න උනත් දිලුම් බූරුවා මගෙ නම කියලා හයියෙන් කෑ ගැහුවේ මෙච්චර වෙලා ඒරොප්පෙ හිටිය මිනිහත් හරි ලෝකෙට එද්දි..

" උබ අයියගෙ පිටිපස්සට වෙලා භාවනා කරනවද බං.. "

" නෑ මං මේ.. අනේ මගෙන් මුකුත් නාහා ඉඳපන් දිලූ.. "

" මීණූ කොයි වෙලේද ආවේ.. ගොඩක් වෙලාද ඇවිල්ලා.. ඇයි මට කතාවත් කලේ නැත්තෙ.. "

" මේ මොකද මේ.. පොඩ්ඩක් බ්‍රේක් එකක් අරගෙන කතා කරන්න.. නැත්නම් ඔහේගෙ හුස්ම ටික හිරවෙයි සුදු අයියේ.. "

" පණ්ඩිතයෙක් වෙන්නෙ නැතුව අහපුවට උත්තර දීපන් සුදූ.. "

" හරි හරි ඉතින්.. වැඩි වෙලාවක් නෑ විනාඩි දහයක් විතර ඇවිල්ලා.. ඇයි අනේ හදිසියෙම එන්න කිව්වේ.. "

" ම්ම්.. අපි මහන්සි වෙනවා මදි මීණූ.. ලබන සතියෙ ඉදන් ප්‍රැක්ටිස් මැච්.. අපිට මැච් තියෙන්නෙ ලේසි පහසු ස්කෝල එක්ක නෙවෙයි.. ඒක නිසා අද ඉදන් ලබන සතියෙ බදාදා වෙනකම් ඒ කියන්නෙ අද ඉදන් සතියක් එක දිගට රෑ 7/8 වෙනකම් ප්‍රැක්ටිස් තියෙනවා.. "

" එච්චර වෙලා.. වෙලාවනම් කොහෙත්ම ප්‍රශ්නයක් නෑ සුදු අයියෙ.. ඒත්.. "

" මං දන්නවා අප්පච්චිනේ.. බය වෙන්න එපා මං පොරොන්දු උනානේ ම්ම් මතකයි නේ.. "

" මතකයි.. මට සුදු අයියා ඉන්නකම් බය නෑ.. "

" උබව ආයෙම නැති කරගන්න බෑ සුදු බෝලේ.. "

" ආයෙම, ආයෙම කියන්නෙ ඇයි ඔයාට කවද්ද මාව නැති උනේ.. මට කිසි දෙයක් කියන්නෙ නෑනේ අනේ ම්හ්ක්.. "

" වෙලාව, වෙලාව ආවහම හැමදේම කියන්නම්.. දැන් ලොක්කයියා එහෙම දන්නෙ නෑනේ අද රෑ වෙනකම් ප්‍රැක්ටිස් කියලා.. "

" ඔය වෙලාව කවද එයිද දන්නෑ හුම්ම්.. අයියා දන්නෑ ඉතින් බලන්නකො මම දන්නෙත් දැන්නෙ.. "

" ම්ම් කට වැඩි වෙලා හොඳටම.. මම අයියට කෝල් කරලා කියන්නම්.. දැන් යන්නකො තව ටිකකින් ලොකු සෙට් එක එයි.. දිලුම් ලා එක්කම ඉන්න, තනියම කොහෙවත් යන්න බෑ, යන දිහාවක දිලුම් එක්ක යන්න ඒවගේම මට කියලා යන්න.. තේරුනාද.. "

" තේරුනා.. තේරුනා ස්වාමීනී.. ගොනාට වගේ තේරුනා.. "

" ගොනා නෙවෙයි මං කියන්නෑ.. හැබැයි අහු වෙයන්කො එහෙට මෙහෙට වෙලා කකුක් දෙක කඩලා තියෙනවා ඇඳකට දාලා එක තැනක ඉන්නෙ නැතැයි එතකොට.. "

නහරයක් ගහලා යනවා මේ මිනිහගෙ කොයි වෙලේ හරි.. ඇයි වදේ කොච්චරවත් කෑ ගහන එකමයි කරන්නේ.. හැබැයි එයා අන්තිමට කිව්ව එකේ ඩබල් මීනින් එක මොලේට දාගත්තු මම යන්න කලින් ආදිත්‍ය අයියගෙ කන ළඟට පාත් වෙලා,

" කොහොමත් ඉතින් කකුල් දෙක කැඩිලා තියෙයි එදාට නේද සුදු අයියේ.."

" මිහිනූ !!!! "

ඔන්න බෝම්බෙ පිපිරුවා.. මමම කිව්ව කතාවට මටම ලැජ්ජ හිතෙද්දි රත් උන කම්මුල් දෙකට අතින් ගහගන්න ගමන් අදිත්‍ය අයියට අහු වෙන්න කලින් දිලුම් ලා ඉන්න තැනට පැනගත්තා.. හි හි ඇත්ත කිව්වමත් කෑ ගහනවා පිස්සුනෙ ඉතින්..

" මොකක්ද උබ ඒ පාර පොඩි මස්සිනාට කිව්වේ.. "

" ඇයි දැන් උබ එහෙම අහන්නේ.. "

" නෑ ඔය මූණ රතු වෙලා තියෙන්නෙ.. අනික පිස්සට හැතැම්ම නෑ වගේ දුවගෙන ආවේ.. අර මනුස්සයා පිඹ පිඹ මේ පැත්ත බලාගෙන ඉන්නේ.. ඉතින් උබ මොනාහරි අවලං කතාවක් කියන්න ඇති.. "

" එව්ව් දිලුම් උබෙන් නම් චූ කරන එකවත් හංගන්න බෑ යකෝ.. "

" එහෙම තමයි උබලෑ ලොකු මස්සිනයි, පොඩි මස්සිනයි, ශේනුවයි කියලා තියෙන්නෙ මට උබ ගැන ඇහැ ගහගෙන මොනාද ඇහැ ගහගෙන ඉන්න කියලා.. "

" අනේ නිකම් ඉදපන් බං.. "

පිස්සු දිලුමා ඒකගෙ ඇස් වලට ඇගිලි දෙක ලං කරලා ඒකම මගෙ ඇස් වලටත් ලං කර කර ආංගික අභිනය භාවිත කරලා ඇහැ ගහගෙන ඉන්නවා කියන්න පෙන්නුවා.. උගේ ඔලුවටත් පාරක් ගහපු මම පිටිපස්ස හැරිලා බැලුවේ තවමත් ආදිත්‍ය අයියා මා දිහා බලන් ඉන්නවද බලන්න.. නෑ නෑ ඒකා යාලුවෝ මාළුවෝ එක්ක හිනා වෙවී කයිය ගහනවා.. අනේ මලෛකාර..

හිනා වෙලා, ජෝගි නට නටා හිටිය කාල වේලාව අවසන් කරමින් කෝච් සර් පැවිලියන් එකට ඇවිල්ලා හැමෝටම පුපවල් රත් වෙන්න පාරකුත් ගහලා ග්‍රවුන්ඩ් එකට පලයව් කිව්වා.. ඉතින් කට පුප වහගෙන අපි දැන් මේ ග්‍රවුන්ඩ් එකට වෙලා උදෑසන, දවල් අව්ව තපිමින් ක්‍රීඩාවේ නිරත වෙනවා..

" ආදිත්‍ය පොඩ්ඩක් එන්නකො.. අනික් අය රගුවරන් අයියත් එක්ක ප්‍රැක්ටිස් වෙන්න.. රගුවරන් මිහිනු, දිලුම් දෙන්නා ගැන බලන්න.. "

" ආහ් ඕකේ සර්.. "

කෝච් සර් ආදිත්‍ය අයියා එක්ක අයිනකට ගිහින් මොනාහරි වැදගත් දෙයක් කතා කරන අතරෙ රගුවරන් අන්නා අපිට ප්‍රැක්ටිස් කෙරෙව්වා.. අනේ එයා නම් මරු අප්පා.. සිංහල දෙමළ මික්ස් එකේ කතා කරද්දි පොඩි කියුට් ගතියකුත් එනවා.. හැබැයි ඉතින් එහෙමයි කියලා බොටමක් නම් නෙවෙයි රගුවරන් අයියත් සුදු අයියා වගේම දඩාර ටොපෙක්..

නොදකින් යකෝ මම නම් මොකෙද්ද මන්දා.. ටොප් බොටම් හොයලත් ඉවරයි ඒ ඩිංගට.. මේවට වග කියන්න ඕනේ අර ඌරු තඩියා ශේනුවා තමයි.. කොහෙ ඉන්නවද මන්දා ඒකා.. සමහරවිට පන්තියට යන්න ඇති.. මම කෙවින් දාන දාන බෝලෙට සෝක් පහරවල් ටිකක් එල්ල කර කර ඉද්දි ඌ දදා හිටිය පස්වෙනි ඕවර් එකේ අන්තිම බෝලෙ ඇවිල්ලා කෙලින්ම වැදුනෙ මගෙ බඩේ.. දණිස් දෙකට දාන පෑඩ් දෙකයි, අත් වලට දාන දෙකයි, බෝල් ගාඩ් එකයි, හෙල්මට් ඇන්ඩ් ග්ලවුස් විතරයි මං දාගෙන හිටියේ.. චෙස්ට් ගාඩ් එක දාගන්න අමතක උනා.. ඌ රයිට් හෑන්ඩ් ඇන්ඩ් ෆාස්ට් බෝලර් කෙනෙක්.. ඉතින් ඒ දාපු බෝලේ සැරටම වැදුන නිසා මාව එතනම ඉන්ද උනා..

මගෙ කට අතපය පවා වෙව්ලනවා.. උබලට හිතාගන්න පුළුවන් ඇතිනෙ ෆාස්ට් බෝලයක් ඇවිල්ලා බඩේ වැදුනම සනීපේ.. බඩත් බදාගෙන බිම පෙරලිලා ඉද්දි සුදු අයියා මගෙ බඩ පෑරෙන්නෙ නැති වෙන්න ඉන වටේ අත යවලා අත් දෙකට අරගෙන කෝච්ගෙ වාහනේ දාගත්තා කියලා විතරයි මතක.. මාර whutte වැඩ තමයි මටත් වෙන්නේ..

~~~ඉදිරියට~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_______________________________________

Hello Lamai

කොහොමෙයි ඔවාලට.. හොදින් ඉන්නෝද..🫠

බොහොම බොහොම පස්න උනා නේද.. ඒකෙන් මේකෙන් ලස්සන කතා අපිට නැති උනා..🙂

හුම්ම්.. මං මේවගෙ කවර්ස් ඇන්ඩ් ඇතුළෙ තිබ්බ ෆොටෝ අයින් කලා වෙන ඒවා දැම්මා.. stubborn එකෙත් වෙනස් කලා ෆොටෝස්, නම්, කවර් එක.. 😁

නම් දෙක නම් මං නිකම් දැම්මේ හෙ හෙ.. 😂

එහෙනම් අපි ගියා..

Lvyuuuuu ❤️

Share This Chapter