Back
/ 50
Chapter 40

[තිස් අටවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

සතියකට පසු..

කතෘගෙ මානයෙන්..

ගිය සතියෙ මිහිනුට උන අනතුර වෙලා අදට හරියටම සතියක් ගෙවෙද්දි පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයො ටිකනම් ගොඩක් කාර්‍යබහුල වෙලා හිටියා.. එදා මිහිනුව හොස්පිට්ල් එක්කන් ගියාට පස්සෙ ඩොක්ටර් කියලා තිබුනා උපරිම සතියකවත් විවේකයක් අරගන්න කියලා.. ඒත් මිහිනු කියන්නෙ පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ ආදිත්‍යට පස්සෙ ඉන්න හොඳම ප්‍රහාරාත්මක පිතිකරුවා.. ඉතින් ආදිත්‍යට ඕන උනත් මිහිනුව ගෙදරට කරලා තියන්න මිහිනුට ඕන උනේ නෑ ගෙදර ඉන්න.. අමාරුකම් පැත්තක දාපු මුරණ්ඩු කොල්ලා මේ දැනුත් ඉන්නෙ කට්ට අව්වෙ ග්‍රවුන්ඩ් එක මැද ප්‍රැක්ටිස් වෙන ගමන්..

මිහිනුට ට්‍රීට්මන්ට් කරපු ඩොක්ටර් කියලා තිබ්බෙ ගොඩක් මහන්සි වෙද්දි ආයෙම හුස්ම ගන්න අපහසු වෙයි කියලා.. ඒත් කොහෙද නාහෙට අහන්නෙ නැති කොල්ලා කොච්චර හුස්ම ගන්න බැරි උනත් සෙල්ලම් කලේ ආදිත්‍යගෙ කේන්තිය අවුස්සලා.. ඉතින් ආදිත්‍ය එයාගෙ අරලිය මල එක්ක මේ දවස් වල ඉන්නෙ තරහා වෙලා.. කොච්චර තරහා උනත් ඉතින් ආදිත්‍ය හැම තප්පරේම මිහිනු ගැන ඇහැගහගෙන හිටියා වගේම හොදට හොයලා බැලුවා..

එතකොට හෙට ඉදන් තමයි කොළඹ පාසල් පහක් එක්ක දවස් පහකදි තියෙන පුහුණු තරඟ පටන් ගන්න දවස.. ඉතින් අද රෑ වෙනකම් ප්‍රැක්ටිස් නෑ.. උදේ ඉදන්ම ග්‍රවුන්ඩ් එකේ ඉදගෙන අව්වෙ කර වෙවී සෙල්ලම් කරපු ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් රෑ 7 විතර වෙද්දි එකා දෙන්නා ගෙවල් වලට යන්න ගත්තෙ පැවිලියන් එකේ ආදිත්‍ය, මිහිනු, දිලුම්, ශේනුක වගේම විහස්න විතරක් අන්තිමට ඉතුරු වෙද්දි..

මිහිනු හිටියේ පැවිලියන් එකේ බිම දිගා වෙලා.. පණ්ඩිත කොල්ලා අද හුඟක් මහන්සි උන නිසා එයාගෙ බඩ ආයෙම රිදෙන්න අරගෙන තිබ්බා.. ආදිත්‍ය හිටියේ මිහිනුගෙ ටීශට් එක උස්සලා බඩ හරිය අතගාන ගමන්..

" ගොඩක් රිදෙනවද ම්ම්.. "

" රිදෙනවනෙ අයියේ.. "

" උබ, උබට කිව්වා නේද පොඩ්ඩක් ගෙදරට වෙලා ඉදගෙන රෙස්ට් කරන්න කියලා ආ.. මට රෙස්ට් ඕන්නෑ කියලා උඩදාගෙන ආවේ දැන් ඉදපන් ඉවසගෙන.. "

" බයි..න්න.. එපා.. අනේ.. අපි මැච් පැරදුනො..ත්..මහන්සිය.. අපරාදෙනෙ.."

" කට වහන් ඉදපන් හරී.. මහන්සිය අපරාදේ වගේද යකෝ උබට මොනාහරි උනොත් හුත්තක් කතා කරන්න එපා මිහිනු.. කේශ් මෙහෙ වරෙන් ඔය පොඩි උන් දෙන්නා එක්ක.. "

ඇත්ත ආදිත්‍යගෙ කේන්තිය හැමදේම සීයට දාහක්ම සාධාරණයි.. මොකද ආදිත්‍ය බය උනා එයාගෙ මිහිනුට කරදරයක් වෙයි කියලා.. ආදිත්‍ය මිහිනුව පුංචි කාලේ ඉදන්ම පරිස්සම් කලේ බලාගත්තෙ මලක් වගේ.. කොල්ලෙක් මලක් වගේ හදන්න හොද නෑ, ඒක ගැලපෙන්නෙ නෑ කියලා කිව්වට.. මිහිනු කියන්නෙම වචනයෙ පරිසමාප්තියෙන්ම මලක් වගේ කොල්ලෙක්.. ඕන තැනදි විතරක් තමන්ව ආරක්ෂා කරගන්න පුළුවන්, අනවශ්‍ය තැනදි පාඩුවෙ ඉන්න මිහිනු කටකාර, දගකාර උනේ එයාගෙ සුදු අයියා ළඟ එහෙමත් නැත්නම් එයාලගෙ යාළු මිතුරු සමාජේ ළඟදි විතරයි.. ඉතින් ඇත්ත ලෝකෙට මිහිනු කොහොම උනත් ආදිත්‍යට මිහිනු කියන්නෙ මලක්..

කට කියවන මිහිනු ළඟ තව හිටියොත් තමන්ගෙ අත පය ඉස්සෙන්න බැරි කමක් නැති නිසා මිහිනුගෙ ළඟින් නැගිටපු ආදිත්‍ය කතා කලේ එයාලට ටිකක් ඈතින් ඉන්න විහස්නලට..

" මිහිනුවත් එක්කගෙන හතර දෙනාම කැබ් එකක් දාගෙන ගෙදර යන්න.. මම ටිකක් ඉදලා එන්නම්.. "

" ප්‍රැක්ටිසුත් ඉවරයිනෙ බං අනික කෝච් කිව්වනේ ඉක්මනට ගෙවල් වලට ගිහින් හොදට රෙස්ට් කරන්න කියලා.. ඉතින් දැන් උබ මොකක්ද නටන්න හදන නාඩගම.. "

" චහ්.. ඒකෙන් වැඩක් නෑ කිව්ව දේ කරපන්.. ලොක්කයියට කියහන් මෙයාගෙ බඩ උණුවතුරෙන් තවලා අර ජෙල් එක ගාන්න කියලා.. දැන් පලයන් මං ඉක්මනට එනවා රෑ වෙනකම් ඉන්නෙ නෑ මං ඉක්මනට එනවා.. "

" අනේ නොදකින් මේ උබලා දෙන්නා තරහා වෙලාද.. ඕකනේ අපි තනිකඩ.. "

" තනිකඩ මං කිව්වා කියලා හිතාගනින්.. අනික මෙන්න මේකට කියලා දීපන් මට මුළු ලෝකෙටම වඩා ඌව වටිනව කියලා හුත්ත.. "

අන්තිමට මිහිනුට ඇහෙන්න විහස්නටත් කෑ ගහපු ආදිත්‍ය එයාගෙ ප්‍රැක්ටිස් බෑග් එකත් අරගෙන කේන්තියෙන්ම යන්න ගියේ මිහිනු බිම ඉදගෙනම ඇස් වල කඳුලු පුරවන් බිම බලාගෙන ඉකි ගහද්දි.. බිමට පාත් උන විහස්න මිහිනුගෙ ඔලුව අතගාලා එයාගෙ බෑග් එකයි මිහිනුගෙ ප්‍රැක්ටිස් බෑග් එකයි අරගෙන ශේනුවයි, දිලුම්වයි ත් එක්කගෙන කැබ් එකක් අරගෙන ගෙදරට එන්න පිටත් උනේ මිහිනුට මහන්සියටම විහස්නගෙ උරහිස උඩ නින්දට වැටෙද්දි..

මිහිනුගෙ ගෙදර ළඟින් බැහැපු කට්ටියව ගෙදර ඇතුලට යවද්දි විහස්න කැබ් එකට සල්ලි ගෙවලා මිහිනුලගෙ ගේ ඇතුළට ගියේ තිසුක විහස්නට හදපු තේ කෝප්පෙ අතට දෙද්දි..

" මොකෝ අරයා මූණ එල්ලගෙන ආව ගමන් කාමරේට වැදුණේ.. "

" පවුල් ප්‍රස්නනෙ අයියේ, පවුල් පස්න.. කොහෙද ඉතින් මේ කිරි පුතත් අර ලොකු බොසා කියන දේ අහන්නෑනේ.. "

" ආහ් ඒක තමයි එහෙනම්.. ඔයාලා ඔහොමම රෑට කාලා යමු.. මම උයලා තියෙන්නෙ.. අර නහරකාරයත් එයිද දැම්ම එයිද.. "

" එයිනේ.. මම කෝල් එකක් දෙන්නම්.. ආ අයියට කියන්න කිව්වා පොඩි ඇටයගෙ බඩ තවලා ක්‍රීම් එක ගාන්න කියලා.. "

" ඒකත් අමතක උනා.. විහස්න එහෙනම් කෝල් එකක් දෙන්නකො.. දිලුම් මොකද ගෙදර යනවද.. එතකොට විදූ.. "

" මං ගෙදර යන්නම් ලොකු මස්සිනේ අම්මා කේස් නැත්නම්.. "

" එහෙමද එහෙනම් විහස්න අයියා එක්ක යන්න.. එතකොට විදූ... "

" මං ඉන්නම් කොහොමත් ගෙදර ගිහිනුත් මං අම්මගෙ බත් කන්න ඕනේ නැත්නම් කේස් හෙ හෙ.. "

" හොදයි එහෙනම් මං කෑම බෙදන්නම් විහස්න දිලුම් ව ගෙදරට දාලා එන්න.. "

" එළ අයියේ.. අරූත් එනගමන් කිව්වා.."

" හරි මං උනුවතුර එක ලෑස්ති කරන්නම්.. "

තිසුක කුස්සියට ගිහින් කෑම ලෑස්ති කරලා මේසෙන් තියලා වතුර එකකුත් ලිපෙන් තිබ්බෙ රත් වෙන්න.. ඔය අතරෙදි විහස්න දිලුම්වත් ගෙදරින් දාලා ආයෙම මිහිනුලගෙ ගෙදරට ආවේ ආදිත්‍යත් එක්කම වෙද්දි තිසුක ආදිත්‍යටත් තේ එකක් හදලා දුන්නා..

" ආදිත්‍ය වතුර එක හරි උබම ගිහින් ඕක කරපන්.. ඇට්ටරයව යාළු කරගනින් ගිහින්.. "

" අනේ ඇත්තමයි අයියෙ ඕකට මං ගහනවා කොයි වෙලේ හරි කන් අඩිය පැලෙන්න.. "

" අනේ යකෝ.. උබගෙ ඔය කේන්තිය අඩු කරගනින් මං උබට කලිනුත් කිව්වනේ.. "

ආදිත්‍ය මුකුත්ම නොකියා තිසුකගෙ අතේ තිබ්බ පොඩි ටවල් එකයි උණුවතුර බෝල් එකයි අරගෙන මිහිනුගෙ කාමරේ ඇතුළට යද්දි මිහිනු බබා වගේ ඇඟත් හෝදගෙන පැත්තකට හැරිලා නිදි.. මිහිනුගෙ ලගට ගියපු ආදිත්‍ය ටවල් එකයි වතුර බෝල් එකයි බෙඩ් සයිඩ් ටේබල් එක උඩින් තියලා පරිස්සමට එයාව ඇහැරෙන්නෙ නැති විදිහට ආදිත්‍යගෙ පැත්ත හරවගෙන මිහිනු ඇඳගෙන හිටිය ටීශට් එක උඩට ඉස්සුවා.. ආදිත්‍යගෙ ඇස් දෙක මැළවුනේ මිහිනුගෙ බඩ රතු වෙලා තියෙනවා දැක්කම.. ලෙදර් බෝලයක් වදිනවා කියන්නෙ ලේසි පහසු දෙයක් නෙවෙයි..

පරිස්සමට උණුවතුර එකේ ටවල් එක පොඟලා අරගෙන මිහිනුගෙ බඩේ තැලුණ තැනට තිය තිය හිමීට තැව්වෙ මිහිනු නින්දෙන්ම කෙඳිරි ගාද්දි.. විනාඩි දහයක් විතර රස්නෙ යනකම්ම තවපු ආදිත්‍ය ඩොක්ටර් ගාන්න කියලා දුන්න ජෙල් එක අරගෙන මිහිනුගෙ බඩේ ගාලා හිමීට ඇගිලි තුඩු වලින් පිරිමදිද්දි මෙච්චර වෙලා නිදාගෙන හිටිය මිහිනුට ඇහැරුනා..

" දඟලන්න එපා මේක ආයෙම පෑරෙයි.."

" ස්..සුදු..අයියේ.. කොයි වෙලේද අවේ.. "

" දැන් ටිකක් වෙලා.. මම එද්දි නින්ද ගිහින් නෙ.. "

" මහන්සි මට.. අනික තැල්ම රිදෙනවා ඒක නිසා නින්ද ගියා.. "

නෝක්කාඩු කිය කිය ආදිත්‍යගෙ පපුවට ඔලුව ගහගත්තු මිහිනුගෙ කෝලම් වලට ආදිත්‍යට හිතුනෙ නෑ ආයෙම කෑ ගහන්න.. ඉතින් ඕන වෙලාවක් හිටපුදෙන් කියලා ආදිත්‍ය මිහිනුගෙ ඔලුව අතගගා ඔලුව මැද්දට පුංචි පුංචි හාදු තියන ගමන් හිටියා.. ටික වෙලාවකින් බර හුස්ම හඬවල් ඇහෙද්දි ආදිත්‍යට තේරුම් ගියා මිහිනු නිදි කියලා ඉතින් පරිස්සමට ඇහැරෙන්නෙ නැති වෙන්න මිහිනුට පහසු විදිහට ඇඳෙන් තියලා උඩට උස්සපු ටීශට් එක පහලට දාන්න කලින් ආදිත්‍ය මිහිනුගෙ කිරි සුදු පාට බඩට හාදුවක් තිබ්බෙ කටකොණේ මතුවුන සෙල්ලක්කාර හිනාවකුත් එක්ක..

" belly chain එකක් දැම්මොත්.. නෑ මට ඒක මවාගන්නවත් ඕන නෑ.. මං දන්නවා අනිවාර්යයෙන් belly chain එකක් දැම්මොත් මේ තියාගෙන ඉන්න පාලනෙත් නැති වෙනවා කියලා.. ඒත් මං උබට belly chain එකක් දම්මනවමයි.. තව ටික කාලයක් දෙන්නකො මට.. "

මිහිනු දිහා බලාගෙන තනියම මුමුණපු ආදිත්‍ය මිහිනුගෙ තොල් වලට හාදුවකුයි නළලට හාදුවකුයි තියලා කාමරෙන් එලියට ගියේ මිහිනුට ශීට් එකත් පෙරවලා ලයිට් එකත් නිවාගෙනමයි..

සාලෙට ඇවිල්ලා තිසුක බෙදපු බත් එකත් ශේනුත් එක්ක කාලා තිසුකටත් කියලා දෙන්නත් එක්කම ගෙදර යන්න පිටත් උනේ ආදිත්‍ය හෙට දවස ගැන හීන මවන අතරතුර..

~~~ඉදිරියට~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_______________________________________

Hello Lamai

ඊයෙත් දුන්නා අදත් දුන්නා.. 😌

ශෝට් තමයි ඉතින්.. මට ලබන සතියෙම අප්ඩේට් දෙන්න වෙන එක ගැන ශුවර් නෑ ඒක නිසා ඔන්න අද දුන්නා.. හෙටත් පුළුවන් උනොත් දෙන්න බලන්නම් ඒ බැරි උනොත් ඉරිදට හරි දෙන්න බලන්නම්.. 😁

මොනාහරි කියාගෙන යන්න අනේ කම්මැලි.. 🙂🥲

Lvuuuuu❤

Share This Chapter