Back
/ 50
Chapter 41

[තිස් නවවෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

Author pov

වෙනදට සාමකාමී විදිහට තියෙන පාසල් පරිසරය අද දිස්වුනේ පුදුම තරම් කලබලකාරි ස්වභාවයක්.. කකුල් වලට නිවනක් නැතිව එහාට මෙහාට යන එක එක වයස් වල ළමයි, රතු පාටට හුරු මෙරුන් පාට බ්ලේසර් ඇඳගත්තු පාසලේ ශිශ්‍ය නායකයෝ, ගුරුවරු, ඒ අතරෙ එහාට මෙහාට දුවන ස්කෝලේ ප්‍රාථමික අංශෙ පුංචි ඇච්චො බැච්චොත් හිටියා.. අදින් පටන් ගන්න සතියෙම එක දිගට පුහුණු තරඟ පහක් තවත් ස්කෝල පහක් එක්ක පවත්වන්න කටයුතු සූදානම් කරලා තිබ්බෙ අදාල පාසලේ ක්‍රිකට් කණ්ඩායමත් තරඟ වලට වගේම ඊට සති දෙහෙකට පස්සෙ තියෙන බිග් මැච් එකටත් හොඳින් සූදානම් වෙලා ඉන්න අතරෙ..

මේ අතරෙ පාසල් ක්‍රීඩා විවේකාගාරයෙ තිබුණෙ හුඟක් කලබලකාරී තත්ත්වයක් මොකද තව පැය භාගෙකින් තරඟෙ පටන් ගන්නවා.. ඒ වගේම තව විනාඩි පහළවකින් කාසිය වාසිය බලන්න තියෙනවා.. ඒත් ලොකුම ප්‍රශ්නෙ කණ්ඩායමේ ඔක්කොම සාමාජිකයො හිටියත් කණ්ඩායම් නායකයා වෙච්ච ආදිත්‍ය තවමත් පාසලට ආවේ නැති එක.. මිහිනු, ශේනු වගේම විහස්නත් දිගින් දිගටම ආදිත්‍යව කන්ටැක් කරගන්න උත්සහ කළත් ආදිත්‍යගෙ ෆෝන් එක ඕෆ් වෙලා තිබුනා..

තවත් විනාඩි පහලවකට පස්සෙ පාසල් දෙකේ ක්‍රිකට් කෝච්ලා දෙන්නා වගේම පාසල් දෙකේම ශිශ්‍යන් දෙන්නෙක් ග්‍රවුන්ඩ් එක මැද හිටගෙන හිටියේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවට යොමු වෙලා.. සහෝදර පාසලේ ක්‍රිකට් කණ්ඩායම් නායක උන නෙලිත රාදෙව් සහ ආදිත්‍ය වෙනුවට තම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා වෙච්ච රගුවරන් විග්නේශ් ක්‍රීඩා පිටිය මැදට එකතු වෙලා හිටියා..

විනාඩියක් ගත උන තැනදි සහෝදර පාසලේ නායකයා කාසිය උඩ දාලා මුලින්ම පන්දු රකින්න තෝර ගනිද්දි අනිත් පාසලට පන්දුවට පහර දීමට අවස්ථාව ඉබේම උදා උනා..

කාසිය වාසියෙන් පස්සෙ තරඟ වදින්න නියමිත කණ්ඩායම් දෙකේම සාමාජිකයන් එකොළොස් දෙනාගෙම නම් ඩිජිටල් තිරයක් ඔස්සෙ මුළු ග්‍රවුන්ඩ් එකටම පෙන්නනන අතරෙ ක්‍රීඩා විවේකාගාරයේ තවමත් කලබලකාරි ස්වභාවය පැවතුනා.. ඒත් ඊළඟ මොහොතෙදි විවේකාගාරයේ දොරත් ඇරගෙන ඇතුලට ආවේ මෙච්චර වෙලා හොයපු මෙච්චර වෙලා අතුරුදහන් වෙලා හිටිය ආදිත්‍ය මුල් පෙල පළවෙනි පිතිකරුවා.. හැබැයි බැලූ බැල්මට ආදිත්‍ය හොදින් කියලා කාටවත්ම පෙනුණේ නෑ ඒ අතරින් මිහිනු හිටියේ දැනටමත් ආදිත්‍ය ලගට ගිහින් නාහෙන් අඬ අඬ මොකද උනේ කියලා අහගන්න ගමන්..

ඒත් මෙතන මිහිනුටත් වඩා කලබල වෙලා හිටියේ ආදිත්‍ය.. දොරත් ඇරගෙන ආව ගමන් ආදිත්‍ය කෑ ගැහුවෙ මිහිනුගෙ නම කියලා වෙද්දි ආදිත්‍යගෙ පිටිපස්සෙන් ආව විහස්න වගේම තිසුක දෙන්නා ආදිත්‍යව වැටෙන්න නොදී අල්ලගත්තෙ දැනටමත් ආදිත්‍යගෙ ඔලුව වගේම අත් දෙකත් තුවාල වෙලා තියෙන නිසා..

" මීණූ.. උබට.. උබට.. කරදරයක් නෑ..නේද මැණිකේ.. හොඳින් නේද.. ආ.. කතා කරපන්කො.. අඬන්න එපා.. අයියා ආවනේ.. ම්ම්.. මාව බය කරන්න එපා බං.."

" සුදු.. අයියේ.. ඇයි දෙයියනේ මේ.. ඇයි.. මොකක්ද උනේ.. ලොකූ මොකක්ද වෙලා තියෙන්නෙ කියලා කියන්නකො.. අයියට තුවාලත් වෙලානේ.. "

" මේ ඒවා කියන්න පුලුවන් වෙලාවක් නෙවෙයි පොඩ්ඩෝ.. විනාඩි පහලවෙන් තරඟෙ පටන් ගන්නවා.. ඉක්මනට ලෑස්ති වෙලා එන්න අද ඔයාටයි රගුවරන්ටයි තමයි ඕපන් බැටින් යන්න වෙන්නේ.. "

" මොකක්.. ඒත් මම.. අනේ.. මං සුදු අයියා තරම් හොඳ ප්ලේයර් කෙනෙක් නෙවෙයිනේ.. අනික.. අනික.. "

" මගෙ මීණුට සුදු අයියව විශ්වාසයි නේද.. අන්න ඊටත් වඩා මට මගෙ මීණුව විශ්වාසයි.. මම බලන් ඉන්නවනේ.. ගිහින් හොදට ප්ලේ කරලා එන්න.. මමත් ප්ලේ කරනවනෙ අද ම්ම්.."

" මං එහෙනම් ඒ විශ්වාසෙ අනිවාර්යයෙන්ම රකිනවා.. ඒත් දැන් සුදු අයියා ගිහින් ඕවට බෙහෙත් දාගන්න ඕන හරිද.. ලොකු අයියේ අයියව එක්කගෙන ගිහින් මෙඩිකල් රූම් එකෙන් බෙහෙත් දම්මන්නකො.. "

" හරි හරි ඒ ගැන බය වෙන්න එපා මං මේකව එක්කගෙන යන්නම්.. හොඳට ප්ලේ කරන්න පොඩ්ඩෝ.. අපි හැමෝම බලාගෙන ඉන්නේ.. "

" හරියෝ.. "

ආදිත්‍යට තැන නොතැන කොතනද කියලා ඉතින් අදාලම නෑ මිහිනු ග්‍රවුන්ඩ් එකට යන්න කලින් ආදිත්‍ය එතනින් යන්න ගියේ මිහිනුගෙ නළලට හාදුවක් දීලා ඔලුවත් අතගාලා අවවාද ගොඩකුත් දීලා.. පොඩි හරි තුවාලයක් කර ගත්තොත් පනිශ්මන්ට් එකක් දෙනවැයි කිව්වට පස්සෙ තමයි මිහිනු කට පුප වහගෙන හිටියේ..

කොළඹ *** පාසල හා කොළඹ *** පාසල් දෙකේම ළමයින්ගෙන් ප්‍රේක්ශකාගාරේ පිරිලා තිබුනා.. පාසල් දෙකේම ලමයි 10000කට ආසන්න වෙන්න අද පැවැත්වෙන තරඟෙ බලන්න සහභාගි වෙලා තිබුනා වගේම මුළු ග්‍රවුන්ඩ් එකම එකම සද්දෙකින් තම තමන්ගෙ පාසල් වලට සහයෝගය දැක්වුවා.. කාසියෙ වාසියට අනුව මුලින්ම ආදිත්‍යගෙ ක්‍රිකට් කණ්ඩායම පන්දුවට පහර දෙන්න අවස්ථාව උදාකරගනිද්දි පළමු පෙළ ක්‍රීඩක යුගල විදිහට රගුවරන් විග්නේශ් එක්ක මිහිනු අභිසෙස් යොදවලා තිබුනේ කණ්ඩායම් නායක ආදිත්‍ය වෙනුවට..

පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියක් උන පළවෙනි තරඟයෙ දැන් මේ අවසන් වෙන්නෙ දහවෙනි පන්දුවාරය.. මේ වෙද්දි රගුවරන් ලකුණු 60කුත්, ආදිත්‍යගෙ විශ්වාසෙ රැකපු මිහිනු ලකුණු 55කුත් තමන් සතු කරගෙන තිබුනා.. මුළු ලකුණු 115ට කඩුලු 0ක් ලෙස වාර්තා පුවරුවෙ දිස් වෙද්දි තවත් ලකුණු 30ක් තම කණ්ඩායමට ලබා දුන්න රගුවරන් අවාසනාවන්ත ලෙස දැවී ගියේ සහෝදර පාසලේ දඟපන්දු යවන්නෙක් උන ක්‍රිශාන් විශ්මිත දැමූ පන්දුව හමුවේයි..

තුන්වෙනි පිතිකරු උන ආදිත්‍ය අභිශේක්, තම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක ඒ වගේම පාසලේ අභිමානවත් ප්‍රධාන ශිශ්‍ය නායකයා පිටියට පිවිසෙද්දි පාසලේ අනික් ශිශ්‍යන්ගෙන් ඔහුට ලැබුනෙ උණුසුම් පිළිගැනීමක්.. රගුවරන්ගෙ දැවී යාමෙන් 145කට සීමා වෙච්ච ඉනිම ආදිත්‍ය එක්ක මිහිනු එකතු වෙලා ලකුණු 200ක් දක්වා ඉහළට නැංවුවා.. ඒ වෙද්දි මිහිනු මුළු ලකුණු 94ක් වගේම ආදිත්‍ය ලකුණු 50ක් ලබාගෙන තමන්ගෙ ක්‍රිකට් දිවියෙ 20 අර්ධ ශතකෙ සම්පූර්ණ කලා.. දැන් මේ ගෙවෙන්නෙ අවසන් පන්දු ඕවරේ අවසාන පන්දුව.. ආදිත්‍ය අනෙක් කෙලවර ඉන්නකොට පන්දුවට පහර දෙන්න සූදානම් වෙලා හිටියේ මිහිනු.. තමන්ගෙ ක්‍රිකට් ගමනෙ ආරම්භක ශතකෙ එහෙමත් නැත්නම් මංගල ශතකෙ වාර්තා කරන්න මිහිනුට අවශ්‍ය තවත් ලකුණු හයක් විතරයි..

සහෝදර පාසලේ වේගපන්දු යවන්නා නෙලිත රාදෙව්.. ඔව් සහෝදර පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා එහෙමත් නැත්නම් මිහිනුගෙ අයියා කෙනෙක් උන නෙලිත තමයි පන්දුව යවන්න හිටියේ.. තමන්ගෙ පාසලේ පිතිකරුවා වෙනුවෙන් ශිශ්‍යයන්ගෙන් නැගුනෙ එකම හඬක්..පන්දු යවන්නා වේගෙන් දුවගෙන ඇවිත් පන්දුවට පහර දීමට සූදානමින් උන්න මිහිනුට පන්දුව යොමු කලේ තමන්ගෙ උපරිම ශක්තිය යොදවලා පන්දුවට වේගවත් පහරක් එල්ල කලේ විශේශයෙන්ම ආදිත්‍ය බලාගෙන හිටිය මොහොත උදා කරවලා.. පහර දුන්න පන්දුව පැවිලියන් එකට වැටුණේ ක්‍රිකට් විනිසුරු එය හයේ පහරක් ලෙස ප්‍රකාශ කරද්දි..

පන්දුවාර විස්ස අවසන් වෙනවත් එක්කම අනික් පැත්තෙ හිටිය ආදිත්‍ය ගාවට දුවගෙන ගියපු මිහිනු දෙනෝදාහක් ඉස්සරහම බැට් එකත් බිම දාලා ආදිත්‍යව බදාගත්තෙ ආදිත්‍යත් ඉන්නෙ කොතනද කියලා නොබලා ග්‍රවුන්ඩ් එක මැදම මිහිනුව උස්සගනිද්දි.. ඒත් මේ දිහා කේන්තිය උතුරන ඇස් දෙකක් බලාගෙන ඉන්නවා කියලා එතන හිටිය කාටහරිම පෙනුනානම් ඉස්සරහට වෙන්න තියෙන ගොඩක් දේවල් නවත්තගන්න තිබුනා..

පන්දුවාර විස්සම අවසානෙදි ආදිත්‍යගෙ කණ්ඩායම මුළු ලකුණු 240ක් එකතු කරගෙන තිබුනා.. ඒ අතරින් රගුවරන් ලකුණු 90ක්, මිහිනු ලකුණු 100ක් වගේම ආදිත්‍ය ලකුණු 50ක් ලබාගෙන තිබුනා.. දැන් තියෙන්නෙ විවේක කාලය නිසා කණ්ඩායම් දෙකේම ළමයි හිටියේ විවේකාගාරයේ කෑම ගන්න ගමන්..

" දැන්වත් කියන්නකො සුදු අයියේ මොකක්ද උනේ කියලා.. "

" ආහ් එහෙම ලොකු දෙයක් නෙවෙයි මීණූ.."

" ලොකුද පොඩිද කියලා බලන්න මොකක්ද උනේ කියලා ඉන්නවකො අයියේ මුලින්ම.. "

" මොකද ඔච්චර සද්දෙ ම්ම්.. කටගහගෙන නම් එන්න එපා සුදූ.. "

" අනේ ඕන්නෑ මට.. මං ලොකූගෙන්ම අහගන්නම්.. "

" ගස්සගෙන ගියාට කමක් නෑ මට උබව හොය හොය ඉන්න බෑ ඒක නිසා ඉක්මනට එන්න.. "

Pov end

Adhithya Pov

මට තාමත් හිතාගන්න බැරි උදේ පාන්දරම ස්කෝලෙට එන්න හදද්දි ආව කෝල් එක ගැන.. මං දන්නෑ මොන රෙද්දක් බලාපොරොත්තුවෙන් කවුරු මෙහෙම කරනවද කියලා.. විශ්වාස කරන්න ඒ තමයි මගෙ ජීවිතේ ආසම නැති කෝල් එක.. ඔව් ඔව් අද උන හැමදේටම මුල් උනේ ඒ කෝල් එක.. මොන කොල්ලද තමන් ආදරේ කරන එකාට කරදරයක් උනා කියලා අහගන්න කැමති.. මටත් උනේ ඒකමයි.. උදේ ට්‍රැක් කිට් එකෙන් ස්කෝලෙට එන්න කියලා තිබ්බ නිසා මං හිමීට ලෑස්ති වෙලා යන්න පිටත් උනේ විහස්නත් එක්ක පොඩි එවුන් තුන්දෙනාට යන්න කියලා.. මම ලෑස්ති වෙලා එලියට බහිද්දිම unknown number එකකින් කෝල් එකක් ආවේ මිහිනු ඇක්සිඩන්ට් වෙලා පාරේ වැටිලා ඉන්නවා කියලා.. ඒ මදිවට ෆොටෝස් දෙකකුත් එවලා තිබුනා.. වෙව්ල වෙව්ල කකුල් දෙකට හයිය අරගෙන කෙලින්ම ලොක්කයියා එනකම් වත් නොයිද ගියේ කතා කරපු එකා එවලා තිබුන ලොකේශන් එකට..

හදිස්සියට ත්‍රීවිල් එකක්වත් හොයාගන්න නැති තැන පයින්ම මං දුවගෙන යද්දි වාහනේකට හැප්පෙන්න ගිහින් ඔලුව විතරක් වද්දගෙන බේරුනේ වැටුන පාර අත් දෙකම ලෙලි ගිහින් තුවාල වෙද්දි.. එවලා තිබුන ලොකේශන් එකට ගියත් මිහිනු තියා බල්ලෙක්ගෙවත් චායාවක් පේන තෙක් මානෙක තිබ්බෙ නැති තැන මම ආයෙම කෝල් එක ආපු නම්බර් එක ඩයල් කරත් ඒ නම්බර් එක භාවිතයේ නැහැයි කියලා කියද්දි, යි මේක කාගෙ හරි තිරිසන් වැඩක් කියලා තේරුණේ.. ඔය වගේ වැඩක් කරනවනම් දැනට ඉන්න එකම එකා උනෙත් රාදෙව් වෙද්දි මට ආයෙම මතක් උනේ අපේ සහෝදර පාසලට නේද ඌ එන්නෙ කියලා වගේම අද මැච් එක තියෙන්නෙත් උන් එක්ක කියලා..

මිහිනුට කරදරයක් නැතුව ඇති කියලා ඒත්තුගන්නගෙන තිසුක අයියට කෝල් එකක් දාලා එන්න කිව්වෙ කොහොමත් එයා මාත් එක්ක යන්න හිටිය නිසා.. එයත් ආවට පස්සෙ එයාගෙ යාලුවට කියලා කෝල් එක ආව නම්බර් එක ගැන හොයලා දෙන්න කියන ගමන් අපි දෙන්නම ස්කෝලෙට ගියේ ත්‍රීවිල් එක ස්කෝලෙ ළඟින් නවත්තනවත් එක්කම මම පැනලා ගිහින් විවේකාගාරෙට යද්දි.. අන්න එවලෙ තමයි මට හරියකට හුස්ම ටිකක් වැටුණේ මගේ කොල්ලා හොදින්.. කොච්චර මගෙන් ඇහුවත් මොකද උනේ කියලා මම කාටවත්ම එවලෙ මුකුත් නොකිව්වෙ බොරුවට බය කරන්න ඕන නැති නිසා..

ඒ වෙද්දි ටොස් එකත් දාලා තිබුන නිසා මම මිහිනුටයි රගුවටයි කිව්වා ඕපන් බැටින් යන්න කියලා.. බෑ බෑ කියලා කොහොමහරි බෝලේ බස්සගෙන යන්න කැමතිකරවගත්තෙ මාව බෙහෙත් දම්මගන්න යන්න කියලා තර්ජනෙත් කරලා.. රගුයි මිහිනුයි දෙන්නම ග්‍රවුන්ඩ් එකට යද්දි චේන්ජින් රූම් එකෙන්ම බෙහෙත් දාගෙන මම ක්‍රිකට් කිට් එකත් ඇඳගෙන ගාඩ්ස් එහෙමත් දාන් ලෑස්ති වෙලා හිටියා.. පැවිලියන් එකට වෙලා හැම දෙයක්ම බලාගෙන හිටිය මට අද මගෙ ජීවිතේ ඇත්තම සතුට හම්බුනා කියන හැඟීම දැනුනා.. මම බලාපොරොත්තුවෙන් හිටියා මමයි මගෙ කොල්ලයි සාර්ථක වෙනවා දකින්න එකටම.. ඉතින් අද ඒකේ පලවෙනි අඩිය මගෙ කොල්ලා තිබ්බා..

ෆාස්ට්ද, ස්පින්ද, යෝකර්ද, ගුග්ලිද කියලා නෑ දාන දාන හැම බෝලෙටම රගුවරන් එක්ක මිහිනු සුපිරි පාරවල් ටිකක් දීලා අදිද්දි අපේ ස්කෝලෙ උන් කන් බීරි වෙන තරම් සද්දෙන් කෑ ගැහුවා.. කොහොමහරි මිහිනු, රගුවරන් සබඳතාවේ ලකුණු 145දි කඩන් වැටුනෙ රගුවරන්ගෙ විකට් එක ගියපු නිසා.. ඊළඟට හිටියේ මම වෙද්දි පැවිලියන් එකට ආව රගුවරන්ට සයිඩ් හග් එකක් දීලා මමත් ග්‍රවුන්ඩ් එකට අඩිය තිබ්බෙ පට්ටම චියර් එකක් මට හම්බෙද්දි.. කොහොමින් කොහොමහරි මේ වෙද්දි මමයි මගෙ කොල්ලයි එකතු වෙලා ලකුණු 90ක සබඳතාවක් ගොඩ නගද්දි මිහිනුට එයාගෙ මංගල ශතකෙ වාර්තා කරන්න ඕන වෙලා තිබුණෙ තව ලකුණු හයක් විතරක් වෙද්දි ලාස්ට් ඕවර් එකේ ලාස්ට් බෝල් එකට පැවිලියන් එකට වැටෙන්නම ලස්සන හයේ පාරක් ගහපු මගෙ කොල්ලා දිහා බලාගෙන හිටිය මගෙ ඇස් වලට කඳුලු ඉනුවේ ඒකා ඇවිල්ලා මාව බදාගත්තම..

මගේ එකාව අගයන්න මට ඉන්න තැනක් අදාලම නොවෙද්දි බැට් එක බිමට දාපු මම ඒකව උස්සලම බදාගත්තෙ වටේකුත් කරකන ගමන්..

" උබට මං පුදුම තරම් ආදරෙයි මගෙ රත්තරනෙ.. "

" මගේ එහා පැත්තෙන් මට පේන මානෙන් හැමදාම ඉන්නෙ මගෙ අයියෙ.. "

" අන්තිම හුස්ම යද්දිත් උබත් එක්කම මම ඉන්නවා කියලා උබ හොඳටම දන්නවනේ.. "

" මං ආදරෙයි ගොඩක්.. "

සතුට ග්‍රවුන්ඩ් එක මැදම සමරපු අපි දෙන්නා ආයෙම පැවිලියන් එකට ගියේ කොහේදෝ ඉදන් දුවගෙන ආව පොඩී දිලුමයි කොල්ලව බදාගෙන චුරු කරලා දාද්දි.. හරි හුත්තක් උනානේ යකෝ මේක.. මොන නාට්‍යක්ද මේ.. පුපුර පුපුර ඒ නාඩගම් දිහා බලාගෙන හිටිය මගෙ පිටට කේශුයි ලොක්කයියයි තට්ටු දැම්මෙ හිනා වෙවී.. උබලටත් තේරෙයි..

මැච් එක දවල් කෑමට නවත්තද්දි අනික් කොල්ලො ටිකට කන්න කියලා මමයි අපේ අනික් කට්ටියයි ස්කෝලේ තිබ්බ ලොකූ අඹ ගහ යටට ආවා.. එතනට ඇවිල්ලත් මේකට ඕන උදේ මොකද උනේ කියලා දැනගන්න අමාරුව.. අන්තිමට පොඩ්ඩක් සැර කරහම කාපු එකත් පැත්තකට දාලා මටත් ගස්සගෙන පද්දගෙන යන්න ගියේ මම ඔලුව දෙපැත්තට වනලා නලල අතගාගන්න අතරෙ.. ඉස්සරහට නම් ඉහ ගහගෙන ඉන්න හුඟක් අමාරුවෙයි..

හරියටම පැයකට පස්සෙ ආයෙම මැච් එක පටන් ගත්තා.. උන්ගෙ ස්කෝලෙන් ඕපන් බැටර්ස්ලට හිටියේ රාදෙව් එක්ක අහමඩ් වෙද්දි අපේ ටීම් එකෙන් මුලින්ම බෝල් කරන්න හිටියේ එදා මිහිනුගෙ බඩට වැරදිලා බෝලේ කෙලලා ඇරපු එකා.. උන් දෙන්නගෙ පාට්නශිප් එක ලකුණු 50කට සීමා වෙද්දි ඕවර්ස් 10ක් ගෙවිලා අවසාන වෙලා තිබුනේ විකට් 5කුත් එක්කමයි.. එකොලොස්වෙනි ඕවර් එක ඉවර වෙද්දි සහෝදර පාසලේ ලකුණු 100ට විකට් 6ක් වෙනකොට ඊටපස්සෙ ඉන්න මැද පෙළ බැටර්ස්ලා ටිකට මැච් එක ගොඩ දාන්න පට්ටම ගේමක් දෙන්න උනා..

අපේ එවුන් කොහොමහරි ගේමක් දීලා විකට් 9ක් ම අරගන තියෙද්දි ඒකෙන් 4ක් මගේ නමට ලිය වුනා.. තව ඕවර්ස් දෙකක් ඇතුළත ලකුණු 40ක් අරුන් ගහන්න ඕන මැච් එක දිනන්න නම්.. විකට් එකයි ලකුණු 40යි.. මම ග්‍රවුන්ඩ් එක වටේම හිටිය අපේ කොල්ලො ටිකව කතා කරගෙන ක්ශණික ප්ලෑන් එකක් ගැහුවා.. මගේ තීරනේ උනේ කෙවින්ට ඒ ඕවර්ස් දෙක දාන්න දෙන්න උනත් අන්තිමට උනේ හැමෝගෙම තර්ජන මැද්දෙ මට ඒ ඕවර්ස් දෙක දාන්න උන එක.. කට්ටියගෙම කලින් හිටිය ප්ලේසස් වෙනස් කරලා හදලා මම දෙයියනේ කියලා ඕවර් එකේ පලවෙනි බෝලේ දැම්මෙ දාපු පලවෙනි බෝලෙම dot ball එකක් වෙද්දි.. අන්තිම ඕවර් එක 18 වෙනි ඕවර් එකට උන්ට ගහගන්න පුළුවන් උනේ ලකුණු 10ක් විතරක් වෙද්දි 19 වෙනි ඕවර් එක තීරණාත්මක ඕවර් එක උනා..

මුළු ග්‍රවුන්ඩ් එකම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වෙලා තියෙද්දි ඇහුණේ පාරේ යන එන වාහනවල සද්දෙයි කමෙන්ට්‍රි එකේ සද්දෙයි විතරක් වෙද්දි නළල දෙපැත්තෙ ඉදන් මූණට බේරෙන දාඩිය ටික අතින් පිහගත්ත මම බෝලෙට පිඹලා දුවගෙන ඇවිල්ලා දඟ කවලා බෝලේ අතෑරියේ පහරදෙන්න බලාගෙන හිටිය බැටර් බෝලෙට උගෙ ෆුල් එනර්ජි එක දාලා උඩින්ම පාරක් එල්ල කරද්දි උනත් මම අහස දිහා බලාගෙනම හිටියේ ටිකෙන් ටික බෝලේ ගිහින් හයේ සීමාව ළඟ ඉදිය මගෙ කොල්ලගෙ අත් දෙක උඩට වැටෙන දිහා වෙද්දි මෙච්චර වෙලා මීක් නොකර බලන් ඉදිය මුලු ඕඩියන්ස් එකම හූ තිය තිය කෑ ගැහුවෙ බෝලෙත් උස්සගෙන දුවගෙන ආව මගෙ පිස්සු කොල්ලා එහෙමම මාවත් පෙරලගෙන බිමට වැටෙද්දි..

අනික් උන් ටිකත් ඇවිල්ලා මගෙ ඇග උඩටම වැටෙද්දි මුන්ට දෙකක් කෙලගන්න බැරුව මම ඔහේ හතරගාතේ දාලා ඉද්දි.. අන්තිමට පළවෙනි මැච් එකම වින් කරලම පටන් ගත්තු අපි කොල්ලො සෙට් එකම චේන්ජින් රූම් එක පැත්තට යද්දි මම මිහිනුගෙ උරිස්ස වටේ අතදාගෙන පැවිලියන් එක පැත්තට ගියේ රිසව් හිටිය කොල්ලොයි අපේ ක්ලාස් එකේ කොල්ලොයි ඉන්න හැත්ත බුරුත්ත සේරම දුවගෙන ඇවිල්ලා මාව අල්ලගනිද්දි.. පුහුණු තරඟ දිනලා මෙහෙමනම් බිග්මැච් එක දින්නම කොහොමට තියෙයිද..

විනාඩි කීපෙක බ්‍රේක් එහෙකින් පස්සෙ ටීම් දෙකටම කතා කලේ කුසලාන දෙන්න.. Player of the match, Best Batsman, troffe දෙකම මීණුගෙ අත් උඩට හම්බෙද්දි අද දවසෙ දෙවනි වතාවටත් මගෙ ඇස් වලට කඳුළු පිරුණා.. මේක උබේ හීනෙටත් වඩා මගේ හීනේ, මගේ බලාපොරොත්තුව බං ඒකයි මට මෙච්චර සතුටු..

Man of the match, Best bowler කියන title දෙකම මට හම්බුනා.. මම ට්‍රෝෆීස් දෙක ගනිද්දි මං දැක්කා මගෙ කොල්ලගෙ ඇස් දෙක අද ඕනවටත් වඩා දිලිසෙනවා.. Best Fielder cup එක හම්බුනේ අපෙ රගුවට.. ඒ ඇරෙන්න හැමෝටම සෙටිෆිකේට් එකයි මෙඩ්ල් එකයි හම්බුනා..

ග්‍රවුන්ඩ් එකට මැච් එක බලන්න ආව එකා දෙන්නා ගෙවල් වලට යන්න පිටත් වෙද්දි අපි කට්ටියත් බෑග් ලෑස්ති කරගෙන කැබ් එකක් දාගෙන ගෙවල් වලට ආවේ කවදාවත් නැතුව මට පුදුම තරම් සැනසීමක් හිතට දැනෙද්දි...

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________________________

Hello Lamai

කොහොමතේ ඉතින්..

ඔන්න මැච් එක දින්නලු ඉතින්..😁

මට මේ ඊයේ රෑ නිදාගන්න ගිහින් කල්පනා උනේ මේක තව කොච්චර ඇදෙයිද කියලා.. ඔයාලට කම්මැලි වගේද නැත්නම් එකම තැන වගේ කියලා හිතෙනවද.. කමක් නෑ තව කොටස් දෙකකින් වගේ ටයිම් ස්කිප් එකක් යනවා..🙂

කොටස් 70කට වඩා නම් වැඩි වෙන්නෙ නෑමයි..😌

එහෙනම් අපි ගියා.. බිග්මැච් එකෙන් හම්බෙමු ලම්සනට ඇඳගෙන එන්න හර්තේ.. 😌

ආයේ අප්ඩේට් එකක් ඉතින් දෙන දවසට දෙන්නම් එතකන් ඉදපන්..😁

Lvuuuuu❤

Share This Chapter