Back
/ 50
Chapter 42

[හතළිස් වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

Mihinu Pov:

සතියක කාලයක් ඇහි පිය ගහන වේගෙන් ගෙවිලා ගියේ බිග් මැච් එක දවසත් උදා කරලා.. සඳුදා ඉදන් පෙරේදා වෙනකම්ම එක දිගටම ප්‍රැක්ටිස් මැච් ප්ලේ කරපු නිසා අපිට ඊයේ ඒ කියන්නෙ සිකුරාදා නිවාඩුවක් හම්බුනා.. නැත්නම් බිග් මැච් එක දවසට හොම්බෙන් තමයි ප්ලේ කරන්න වෙන්නේ.. දවස් හතරෙම තිබුන මැච් හතරම අපි වින් කරා.. දෙයියනේ කියලා මේ දවස් ටිකනම් කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙවුනා.. මම හිතුවෙ නම් පහුවදාම මට ආයෙ ගමට යන්න වෙයි කියලා උනත් අප්පච්චි තියා අඩුම අම්මවත් දන්නෙ නෑ කෝල් එකක්වත් දුන්නෙ නෑ.. හැබැයි ඉතින් අධික නිශ්ශබ්දතාවය කරදර වල මූලික සලකුණ කියලා මං අහලා තියේ.. මනෝ පාරක් ගහගෙන ඉද්දි මගෙ කාමරේට කඩාගෙන බිඳගෙන ආවේ දිලුම් එක්ක ශේනු..

" මොකද යකෝ මේ කලබලේ.. තව ඩිංගෙන් හුස්ම ටිකත් ලෙෆ්ට්.. "

" ආඅ අපි මේ කියන්න ආවේ මොනාද වැඩ වගේකට දවල් 2ට අපිට ස්කෝලෙට එන්න කියලා.. ඒක කියන්න මේ ආවේ

දුවගෙන.. "

" සැක් ඒ පාර මොන මරාලයක්ද දන්නෑ බං.. අයියෝ පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න තිබ්බ දවසනෙ ඕයි අද.. "

" සිරාවටම බං.. උබ එහෙනම් ලෑස්ති වෙලා ඉන්නවද බස් වල බඩ ගාන්න බෑ ඕයි අපි uber එකක් දාගෙන යමු.. "

" හා එළ මං ලෑස්ති වෙලා ඉන්නම්.. සුදු අයියත් යනවැයි.. "

" ඔව් ඔව් පොඩි මස්සිනා එනවා.. උබටත් ඉතින් දැන් පොඩි මස්සිනා නැතුවම

බෑනේ.. "

" අනේ මේ දිලුම්.. බෑ තමයි පගෝ ඒ මගේ මනුස්සයනේ ම්හ්ක්.. "

" අම්මො අම්මො ඒක.. "

" මේහ් එහෙනම් අපි කැපුනා බොටම් එකට ටී එකක් ඇඳගනින් ආ.. "

" එළ මං ලෑස්ති වෙලා මිස් එකක් ගහන්නම්.. "

මං කිව්ව එකට මහ පගයො දෙන්නම සැලියුට් පාරකුත් ගහගෙන කාමරෙන් එලියට යද්දි මම තුවායත් අරගෙන බාතෲම් එකට ගියේ නාගෙන ලෑස්ති වෙන්න.. හොදට නාගෙන අල්මාරියෙන් අරගත්තු බොටම් එකයි ටී ශර්ට් එකයි ඇඳලා ඩෙක් දෙකත් දාගෙන ලෑස්ති උනා.. ස්පෝට් බෑග් එකට වතුර එකයි, පර්ස් එකයි දාගෙන කාමරේ දොරත් ලොක් කරගෙනම මං ගෙදරින් එලියට බැස්සෙ අයියට කෝල් එකකුත් දෙන ගමන්මයි.. අයියටත් ස්කෝලෙට යනවයි කියලා, කියලා ශේනුවට කෝල් එකක් දාලා කිව්වා මම පාරෙ ඉන්නෙ කියලා.. විනාඩි දහයක් විතර යද්දි තුන් දෙනාම ආව නිසා අපි ගෙවල් ළඟ ඉදන්ම කැබ් එකක් දාගෙන ස්කෝලෙට ගියා..

මමත් සල්ලි දෙන්නම් කියද්දි එපාම කියපු සුදු අයියා අන්තිමට මට හොඳවැයින් දෙකක් රවලා පික් මී එකට සල්ලි ගෙවලා උඩදාගෙන පුම්බගෙන ස්කෝලෙට ගියා.. අපිට ස්කෝලෙට එන්න කියලා තියෙන්නෙ පැවිලියන් එකයි, ග්‍රවුන්ඩ් අවටයි සුද්ද කරන්න.. ආආආආ හෙනම ගහන්න ඕනෙ යකොව්.. නිවාඩු දවසෙවත් නිදාසෙ ඉන්න නෑනේ හුට්ට..

" ඇයි බං අපිටම එන්න කිව්වෙ.. අපි විතරයිද කියහන්කො ඉන්නේ.. "

" මං දන්නෙත් නෑ කිරිපුතේ මටත් මේ නහුතෙටම නැගලා ඉන්නේ.. හෙඩ් පිපෙට් පොඩි මස්සිනාත් මේවට වග කියන්න ඕනේ.. "

" ඔව් ඔව් ඒකනම් ඇත්ත.. බෝඩ් එකේ 80ක් ද ඊට වැඩියෙන්ද කොහෙද ඉන්නවා.. උන් ගෙදර ඉන්නවා අපි මෙතන නැහෙන්නෝනේ.. "

" ආ... පොඩි ඇටයො තුන්දෙනා.. අන්න ලොකු බොසා හොයනවා.. තුන්දෙනාම යමු පැවිලියන් එක පැත්තට.. "

" ඈ විහස්න අයියේ.. ප්‍රිෆෙක්ට් බෝඩ් එකේ කීයක් ඉන්නවද.. "

" 100ක් ඉන්නවා ඇයි ඒපාර මොකද.. "

" ටෞකන්න යකෝ.. 100ක් තියාගෙනද මේ අපිට මෙව්වා අස් කරන්න එන්න

කිව්වෙ.. "

" උනුත් ඉන්නවා බං මල්ලි අපි එහෙම කැත වැඩ කරන්නෑ හරිද.. "

"අන්නෙහෙම.. මේ හලෝ ගොඩක් හවස් වෙයිද අනේ.. "

" ඇයි මොකද හා පැට්ටට සුදු අයියත් එක්ක ඩේට් එහෙකටවත් යන්න තියෙනවද.. "

" මට හාවා හාවා කියලා නම් කියන්න එපා හරිද විහස්න අයියේ.. අනික ඩේට් එකක් නෙවෙයි අප්පා මට නිදිමතයි හුම්ම්.. "

" හාවට හාවා නොකියා පූසා කියන්නද.. ගොඩක් හවස් වෙන්නෑ හෙට උදේ එන්නත් එපැයි.. "

" එහෙනම් එච්චරයි.. "

විහස්න අයියත් එක්ක කයියක් ගහගෙන අපි තුන්දෙනා පැවිලියන් එකට යද්දි සුදු අයියා කකුල් දෙකත් හායි ගාලා ඈත් කරගෙන ඔලුව පිටිපස්සට බර කරගෙන ඇස් දෙකත් පියාගෙන එක අතකින් නලල මසාජ් කරගන්නවා.. එයාට මොකක් හරි ප්‍රශ්නයක්ද..

" සුදු අයියේ.. "

" ආහ්.. මීණූ.. ඔයාලා ආවද.. "

" ඔලුව රිදෙනවද අයියේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද.. "

" පොඩි ඔලුව කැක්කුමක් සුදු බෝලෙ.. ප්‍රශ්නයක් නෑ ම්ම් බය වෙන්න එපා.. "

" එහෙනම් මං පැන්ඩෝල් දෙකක් අරගෙන එන්නම් ඉන්නකො.. "

" තනියම යන්න එපා මීණූ.. ශේනු එක්ක යන්න.. "

ප්‍රශ්නයක් නෑ කිව්වට ඇයි මට හිතෙන්නෙ එයා මොකක් හරි දෙයක් හිතේ හිරකරගෙන ඉන්නවයි කියලා.. කියන්න කියලා බල කරන්නත් බෑ.. මම එයාගෙ බෝයිපෙන් උනත් එයාට එයාගෙ නිදහස තියෙන්න එපැයි.. අනේ මන්දා අප්පා.. බැරි වෙලාවත් හෙට මැච් එක නිසාද දන්නෑ..

" මොනාද බං උබ ඔච්චර කල්පනා කරන්නෙ.. "

" අනේ මන්දා බං.. සුදු අයියගෙ වෙනසක් තේරෙනවා මේ දවස් වල.. "

" ඇ.. ඇයි.. එහෙම හිතන්නේ.. හෙට මැච් එක නිසා පොඩ්ඩක් න'වස් වෙලා

ඇත්තේ.. "

" මං දන්න සුදු අයියා කවදාවත් කිසිම දේකට විශේශයෙන්ම ඒ වගේ දේකට බය වෙන කෙනෙක් නෙවෙයි ශේනු.. "

" ඒක හරි.. බලමුකො මොකද වෙන්නෙ කියලා.. අපි හැමෝම ඉන්නවනෙ.. "

කියව කියවම අපි දෙන්නා මෙඩිකල් රූම් එකට ගිහින් ඒකෙන් පැන්ඩෝල් කාඩ් එහෙකුයි, අයඩෙක්ස් බාම් එකයි අරගෙන ආයෙම එන්න ආවා.. ටික දුරක් එද්දි අපි දෙන්නගෙ ඉස්සරහට ඇවිල්ලා පාර හරස් කලේ අයියලා සෙට් එකක්.. සමහරු නම් මට එච්චර මීටර් නෑ.. ඒත් හතර පස් දෙනෙක්ම අපෙ ස්කෝලෙ අය.. අනික් දෙන්නා තමයි මං වැඩිය දැකලා නැත්තෙ.. මොන මරාලයක් පාත් වෙන්න යනවද දෙයියනේ ඒ පාර..

මායි ශේනුයි එයාලව ගණන් ගන්නෙ නැතුව ඉස්සරහට යන්න හැදුවත් එතන හිටිය ටිකක් උස මහත අයියා කෙනෙන් අතක් ඉස්සරහට දාලා අපිව ආයෙම නැවැත්තුවා..

මොන හුයන්නක්ද මේ..

" අයියේ අපිට යන්න දෙනවද.. මෙතන සෙල්ලම් කරන්න නෙවෙයිනෙ අද ආවේ.. අපිට වැඩ තියෙනවා.. "

" හහ්.. ඒ මේ බලහල්ලකො බං පුංචි බබාගෙ සද්දෙ.. "

" ආදිත්‍යගෙ පවර්ස් නෙ බං.. ඒකයි ඔය සද්දෙ වැඩි වෙලා තියෙන්නෙ.. "

" හහ්හ්හා.. ආදිත්‍ය කාරයා හොඳට සැප දෙනවා ඇතිනෙ බං.. අම්මෝහ්හ්හ්.. මේකව රූම් එහෙකට උස්සන් ගිහින් ම්ම්ම්.. "

" ශිට්.. තමුසෙලා මොනාද ඔය කියවන්නෙ අයියේ.. මජ ජරා සත්තු නෙ ඔයාලා.. අප්පිරියයි ඕයි උබලා වගේ අයියලා නම්.. ආදිත්‍ය නෙවෙයි කවුරු උනත් උබලට අදාළ නෑනේ අයියේ.. ඒක නිසා ප්ලීස් කටවල් වගගෙන පැත්තකට වෙනවද අපිට

යන්න.. "

" හම්මට යකෝ මේ අනික් එකාගෙ කට බලහල්ලකො.. ඇයි ඔයාටත් කාගෙන්හරි සැපක් හම්බෙනවද.. බලන් යද්දි මුං ඔක්කොම පොන්නයොනෙ බං.. "

" ආදිත්‍යට හොඳට පු* දීලා වගේනේ.. ඒකනේ මෙච්චර නැහෙන්නෙ මූ.. මල්ලි ඉතින් අපිටත් පොඩ්ඩක් බැරි වෙයිද ආශ්‍රය කරන්න.. "

සුදු අයියෙ.. අනේ මෙතනට එන්නකො.. මොනාද මේ කියවන්නේ.. මම කවද්ද ආදිත්‍ය අයියට.. ආහ්හ්හ් ඇයි මෙහෙම කැත කතා කියන්නේ.. අනේ මම එහෙම කෙනෙක් නෙවෙයිනෙ අයියේ..

අපි දෙන්නා ඉස්සරහට ආව අයියලා ටික කියන්න පුළුවන් කැතම කතා මට කියද්දි ඒවට මගෙ හිත රිදුනා.. මං තාම ලමයෙක්නෙ.. ඇයි තව මනුස්සයෙක් ගැන මෙච්චර කැත විදිහට හිතන්නේ.. ශේනු ආපිට කෑ ගැහුවත් උන් මට එක එක ඒවා කියන එක නැවැත්තුවෙ නැති වෙද්දි ඒ කියන හැම වචනයක්ම මගෙ හිත රිද්දුවා වගේම මට ඇඬුනා.. දුර්වලයෙක් වෙන්න ඕන නෑ.. ඒත් මේවගේ වචන අහගෙන ඉන්නත් බෑ..

" ආදිත්‍යගෙ සල්ලි වලට වෙන්න ඇති මූ උගෙ ඇඟේ එල්ලිලා ඉන්නේ.. තුහ්හ්.. පේන්න බෑ මුං වගේ කොලුකාරයෝ.. "

" සිරාවටම බං.. මානසික ලෙඩෙක් මේකනම්.. හහ් ආදිත්‍ය කෙල්ලෙක්ව සෙට් කරගත්ත දවසට ඉතින් උබට හුලං තමයි කොල්ලෝ.. "

" අම්මො අම්මො පව් නේද බං.. "

" දැන් ඇති අපි යමු නැත්නම් මෙතනට කවුරු හරි එන්න ඉඩ තියෙනවා.. මානසික ලෙඩ්ඩු එක්ක කතා කරන්.... "

" නවත්තනවාආහ්හ්හ්හ්... තමුසෙලා.. තමුසෙලා.. කොහොමද කියන්නේ මං ආදිත්‍ය අයියට පු*ක දීලයි කියලා.. ඇයි තොපි දැක්කද ආ.. තොපි දැක්කද.. කොලුකාරයො කියන්නෙ ඇයි උබලා හිතුවෙ අපිට dick එකක් නෑ කියලද.. උබ දැක්කද අපි පොන්නයො කියලා ආආඅ.. කතා කරපන් යකෝ... කතා කරපන්.. ආදිත්‍ය අයියගෙ සල්ලි වලට ඉන්නවා කියන්නෙ මටත් සල්ලි තියෙනවා.. පොඩි කාලේ ඉදන් පණ ඇරලා ආදරේ කරපු එකාට උබලා ඔහොම කැත කතා කියන්න එපා යකෝ.. උබලා දන්නවද, උබලා දන්නවද ඒ මනුස්සයා කොච්චර ආදරේ පුරෝගත්ත මනුස්සයෙක්ද කියලා.. හහ් උබලා දන්නෑ යකෝ උබලා දන්නෑ.. මානසික ලෙඩක් තියෙන්නෙ තමුසෙලා වගේ තිරිසන්නුන්ට.. තමුසෙලා වගේ ජරා හිතක් පපුවක් නැති උන් මේ ස්කෝලෙටත් ලැජ්ජාවක්.. ආආආආර්ග්ග්ග්ග්... "

යන්න ගියපු උන්ගෙ පැත්තට හැරිලා උන්ට ඇඟිල්ල දික් කර කර කෑ ගගහා බැන්නා.. ඇයි දෙයියනේ.. ඇයි එහෙම කියන්නෙ.. ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවනේද ඕනම මනුස්සයෙක්ට.. ආදිත්‍ය අයියා ගැන කොහොමද යකෝ එහෙම කැත කතා කියන්නෙ.. ශිට්..

කාට ඇහුනත් කමක් නෑ කියලා මං කෑ ගහලම අඬ අඬම අරුන්ට බැන්නා.. ශේනු මාව අල්ලගෙන පිට අතගාද්දි මම හයියෙන්ම කෑ ගහගෙන බිමට වැටුනෙ ඔලුව පුපුරන්න හා සමාන වේදනාවක් දැනෙද්දි.. හැමදේම දරන්න පුළුවන් සීමාවක් තියෙන්න ඕන..

" ශ් ශ්.. මචං මිහිනු.. අඩෝ අඩන්න එපා දෙයියනේ.. උබට උන් කිව්ව දේවල් වලින් වැඩක් නෑ.. ඒ එකක්වත් ඇත්ත නෙවෙයිනෙ.. උබයි අයියයි ආදරේ කරන විදිහ කරපු විදිහ දන්නෙ අපි

විතරයිනෙ.. "

" ඒ.. උනාට.. ඒ උනාට.. අනේ බං.. gay උනත්, bi උනත්, les උනත් හැමෝම.. හැමෝම.. ඇට.. ලේ.. මස්.. නහර.. තියෙන මිනිස්සුනෙ බං.. "

" අපි හිතන විදිහට හැම මනුස්සයම හිතුවනම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙන්න තිබ්බද කිරිපුතේ.. "

ඇත්ත.. ශේනු කියන එක සහතික ඇත්ත.. ෆැන්ටසිය තරම් රියලිටිය ලස්සන නෑ.. බිමට වැටිලා හිටිය මම කඳුලුත් පිහගෙන නැගිට්ටා.. මේවා අයියා දැනගන්න ඕන නැ..

" අපි යමු ශේනු.. අයියලා බලනවා ඇති ඇයි අපි පරක්කු කියලා.. අහන්න.. මේ උන කිසිම දෙයක් සුදු අයියා දැනගන්න බෑ.. එයාට කේන්ති යයි.. ඊටපස්සෙ අර ගොල්ලොන්ට ගහයි.. එහෙම වෙන්න ඕන නෑ.. "

" ඔව් යමු.. හ්ම්ම්.. මං කියන්නෙ නෑ.. ටැප් එකෙන් මූන හෝදගෙන යමන් උබ රතු වෙලා අඬලම.. "

මූණත් හෝදගෙන අපි දෙන්නා පැවිලියන් එකට යද්දිත් සුදු අයියා එතන හිටියේ නැති නිසා ප්‍රශ්නාවලියෙන් බේරුනා.. විහස්න අයියගෙන් ඇහුවහම නම් කිව්වෙ ප්‍රින්සිපල් සර් එන්න කියලා ගියා කියලා.. ඊටපස්සෙ ඉතින් අපිත් එහෙට මෙහෙට වෙවී පොඩ්ඩක් උදව් පදව් එහෙම කලා.. ඒ හැමදේම කරලා ඉවර වෙලා ස්කෝලෙන් එලියට යද්දි අපෙ අයියා ඇවිල්ලා හිටිය නිසා එයත් එක්කම ඉස්සරහා කැෆේ එකට ගිහින් අයිස් කොෆී බීලා බස් එකේම ගෙදර එන්න ආවා.. බස් එකේ එනගමන්වත් සුදු අයියා මගෙන් මුකුත් ඇහුවෙ නෑ අඩුම පරක්කු උනේ ඇයි කියලවත් ඉතින් ඒක මට සහනයක්.. මං ගෙනාව පැන්ඩෝල් දෙකත් දීලා බස් එකේ එනකම්ම මං එයාගෙ ඔලුව අතගගා ආවේ..

ගෙවල් ලගට ත්‍රීවිල් එහෙක ඇවිල්ලා ශේනුයි සුදු අයියයි එහෙමම යන්න යද්දි මමයි අයියයි ගෙට ඇවිල්ලා දොරවල් වහලා දැම්මා.. අයියත් මට වොශ් දාගෙන බඩු ලෑස්ති කරගෙන නිදාගන්න කියාගෙනම කාමරේට යද්දි මමත් එහෙමම කාමරේට ඇවිල්ලා තුවායත් අරගෙන ගියේ වොශෲම් එකට.. කෙලින්ම හොදට නාගෙන හෙට ගෙනියන්න ඕන බෑග් එකත් හදලා ලයිට් ඕෆ් කරගෙන නිදාගන්න ඇඳට වැටුණා.. හෙට තමයි දවස...

Big Match Day

Author Pov:

කොළඹ ප්‍රධාන පෙලේ පාසල් දෙකක් අතර පැවැත්වෙන මහා රන් කහ සටන ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන්නෙ 85 වෙනි වරට.. තවමත් උදේ 8 පහු උනා විතරයි උනත් මේ වෙද්දිත් පාසල් දෙකේම සැලකිය යුතු ලමුන්, ආරාධිත පාසල් වල ළමුන්, දෙමව්පියන් වගේම ගුරුවරුන් පවා ක්‍රීඩා පිටියට වාර්තා කරලා තිබුනා.. රන් කහ සටන ආරම්භ වීමට නියමිත වෙලා තිබුනේ උදෑසන 10ට වෙද්දි තවත් ඉතිරි වෙලා තිබ්බෙ පැය දෙකක පමන වගේ කාලයක්.. ඒ අනුව,

*** පාසලේ ක්‍රිකට් කණ්ඩායම් නායක නෙලිත රාදෙව්, උප නායක සහස්‍ර විදෙව් ඇතුලු ක්‍රීඩකයන් අට දෙනෙකු තරග වැදීමට නියමිත වෙලා තිබුනා වගේම අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙකුත් හදිසි අවස්ථාවකදී ක්‍රීඩා කිරීමට නම් කරලා තිබුනා..

*** පාසලේ ක්‍රිකට් කණ්ඩායම් නායක ආදිත්‍ය අභිශේක්, උප නායක රගුවරන් විග්නේශ්, දිලුම් තාරක, මිහිනු අභිසෙස් ඇතුළුව ක්‍රීඩකයන් හත් දෙනෙක් තරඟ වැදීමට නියමිත වෙලා තිබුනා වගේම අතිරේක ක්‍රීඩකයන් දෙදෙනෙක් නම් කරලා තිබුනා..

හරියටම උදෑසන 9 වෙද්දි ක්‍රීඩාංගණය අස්සක් මුල්ලක් නෑරම ළමයින්ගෙන් පිරිලා යද්දි පාසල් දෙකේම ක්‍රිකට් කණ්ඩායම් දෙක තරඟය සඳහා සූදානමින් හිටියා.. තරඟය පටන් ගැන්මට පෙර නිවේදනය කරන්න හිටිය ශිශ්‍යා ක්‍රීඩා විනිසුරුවරුන් දෙදෙනාටත් පාසල් දෙකේ කණ්ඩායම් වල නායකයන් දෙදෙනටත් ක්‍රීඩා පිටියට පැමිණෙන ලෙස ආරාධනා කලේ තරඟය පටන් ගැනීමට කාසියෙ වාසිය උරගා බලන අවස්ථාවටයි..

ක්‍රීඩාංගණය මැදට එකතු වෙලා හිටිය විනිසුරු වරයෙක් කාසිය උඩ දාද්දි හෙඩ් තෝරගත්තු ආදිත්‍ය මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරද්දි පන්දු රකින්න අවස්ථාව නෙලිතගෙ පාසලට හිමි උනා..

කාසියෙ වාසියෙන් පස්සෙ ක්‍රීඩා පිටියෙ නෙලිත ඇතුලු කණ්ඩායමේ ක්‍රීඩකයන් ස්ථාන ගත වෙලා තිබුනේ තරඟය පටන් ගැනීමේ විධානෙත් එක්ක ආදිත්‍ය සහ රගුවරන් දෙන්නත් පළමු පෙල පිතිකරුවන් විදිහට ක්‍රීඩාංගණයට ඇවිත් ස්ථාන ගත වෙද්දි..

නෙලිතගෙ කීමට අනුව මුලින්ම පන්දු යවන්න සූදානම් උනේ වේග පන්දු යවන්නෙක් වෙද්දි යොමු කරපු පලවෙනි පන්දුවටම ආදිත්‍ය එල්ල කරේ සාර්ථක හතරෙ පාරක් වෙද්දි ඒ පාසලේ ලමයින්ගෙ උද්‍යෝගමත් සද්දෙන් ක්‍රීඩාංගණය පිරිලා ගියා.. ඔය විදිහට පන්දුවෙන් පන්දුව ගෙවෙද්දි ආදිත්‍ය සහ රගුවරන් එක්ව ලකුණු 150ක සබඳතාවක් ගොඩ නගලා තිබ්බෙ ආදිත්‍ය ඔහුගෙ සාර්ථක 21 වෙනි අර්ධ ශතකෙත් වාර්තා කරන අතරතුර.. ඒ වගේම මේ වෙද්දි ආදිත්‍ය නොදැවී ලකුණු 80කුත් රගුවරන් නොදැවී ලකුණු 70කුත් ලබාගෙන තිබුනා..

15 වෙනි පන්දුවාරෙදි ප්‍රතිවාදි පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක නෙලිත දැමූ පන්දුවක් හමුවේ ආදිත්‍ය ලකුණු 120කට දැවී ගියේ තුන්වෙනි කඩුල්ල විදිහට මිහිනු ක්‍රීඩාපිටියට එද්දි.. ඒ වෙනකොට රගුවරන් ලකුණු 100ක් ලබාගෙන හිටියේ ආදිත්‍යගෙ කණ්ඩායම එක කඩුල්ලක් පමණක් දැවී මුලු ලකුණු 220ක් එකතු කරගෙන තියෙද්දි..

15 වෙනි පන්දුවාරෙ ඉදන් 20 වෙනි පන්දු වාරෙ වෙනකම්ම තිබුනේ උණුසුම් තත්වයක්.. තුන්වෙනි කඩුල්ල විදිහට පිටියට ආව මිහිනු ලකුණු 65ක් තම පාසලට ලබාදෙද්දි අවාසනාවන්ත විදිහට ලකුණු 130ක් ලබාගෙන හිටිය රගුවරන්ගෙ කඩුල්ල බිඳ වැටුණේ යම් තරමක පීඩනයක් ඒ පිළට ඇති කරලා උනත් හතරවෙනි කඩුල්ල වෙනුවෙන් පිටියට ආව දිලුම් පීඩනේ නැත්තටම නැති කරලා වේගවත් ලකුණු 70ක් තමන්ගෙ පිළට ලබා දුන්නෙ මිහිනු දිලුම් අතර ලකුණු 135ක අති සාර්ථක සබඳතාවක් ගොඩ නගලා.. ඉතින් පන්දුවාර 20ක් අවසානයේ කඩුලු දෙකක් පමණක් දැවී ආදිත්‍යගෙ පාසල මුළු ලකුණු 355ක් ලබාගෙන සිටියා..

ඒ විදිහට ආදිත්‍යගෙ පාසල පන්දුවට පහර දීලා අවසන් වෙද්දි දැන් පැවතුනෙ විවේක කාලය.. විවේක කාලය සඳහා පැයක කාලයක් ක්‍රීඩකයන්ට ලබාදීලා තිබුනා වෙද්දි ආදිත්‍යගෙ අම්මා එයාලා ඉන්න ක්‍රීඩාගාරෙට ඇවිල්ලා හිටියේ ආදිත්‍යව පොඩි එකෙක් ගානට දාලා කෑම කවන්න..

" උබට එපා නම් නිකා ඉදපන් ලොකූ.. මෙහෙ එන්න මගෙ බෝනිකි පැටියො ඔයාට කවන්න.. මුංගෙ දැන් අලි ඔලුවනෙ කරදඬු ලොකු උනහම.. "

" ඒක තමයි නැන්දේ.. ඔයා මට කවන්න අනේ.. මං ඉතින් ඔයාට ආදරෙයිනෙ.. "

" අනේ ඉතින් මගෙ හුරතල් පොඩි එකා.. ලොකූ පොඩී කෝ මං ආවත් හරි ඒකව ඇහැට දැක්කෙ නෑ.. "

" එයා ගියේ අම්මෙ තිසුක අයියා එක්ක කැෆේ එකට මොනාද අරගෙන එන්න.. "

" අර ලමයා පව්.. හොද දඩයක් දාලා

ඇති.. "

ආදිත්‍ය අම්මා එයාගෙ ලොකූටයි පොඩීටයි බයින ගමන් මිහිනුට බත් කවද්දි ආදිත්‍ය බලාගෙන හිටියේ මිහිනු දිහා.. විශේශම දේ ආදිත්‍යගෙ ඇස් නැවතිලා තිබ්බෙ අම්මා බත් ටික කට ලගට ලං කරන කරන පාරට ඇරෙන වැහෙන මිහිනුගෙ තොල් දෙක ළඟ වෙද්දි ඒ ක්ශනිකවම ඔලුව ගසාගෙන අහක බලාගත්ත ආදිත්‍යට පොඩි හිනාවකුත් ගියා..

මිහිනුට ඔක්කොම බත් ටික කවලා පරිස්සමෙන් හොඳට සෙල්ලම් කරන්න කියලා අම්මා ක්‍රීඩාගාරෙන් එලියට ගිය සැනින් ආදිත්‍ය මිහිනුවත් ඇදගෙන වොශෲම් එහෙකට රිංගුවෙ මිහිනු ඇස් දෙකත් බෝල කරන් ආදිත්‍ය දිහා බලාගෙන ඉද්දි..

" අ.. අයියේ.. "

" ම්ම් මොකද.. "

" ඇයි.. මේ.. අපි යන්න ඕනේ දැන්.. බ්‍රේක් එක ඉවරයිනෙ.. "

" tsk.. ඊයේ මොකක්ද උනේ.. "

" මො..මොක්..මොකද්ද.. අහන්නෙ.. "

" මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා සුදූ.. මං අහන්නෙ ඊයේ මොකක්ද උනේ තමුසෙට අඬන්න

තරම්.. "

" ක්..ක්..කෑගහන්න එපානේ.. එහෙම..මුකුත්.. උනේ නෑ.. ඇත්තමයි.. "

" ආහ් හරි උනේ නෑනේ.. නේද මුකුත් උනේ නෑනේ.. හරි හරි.. හැබැයි පොඩීගෙන් අහලා ඌ මොනාහරි කිව්වොත් උබ මගෙන් කන පැලෙන්න කනවා දැන් යමන්.. "

" අනේ.. අයියේ.. "

" නෑ නෑ.. අනේ හුනේ ගන්න එපා හරී.. අවස්ථාව දුන්නා ගත්තෙ නෑ.. කට වහන් හිටපන් ඒක නිසා.. "

වොශෲම් එකෙන් එලියට ආව ආදිත්‍ය මිහිනුවත් එක්කගෙනම ග්‍රවුන්ඩ් එකට යද්දි ටීම් එකේ අනික් අය තමන්ට නියමිත ස්ථාන වල රැඳිලා හිටියේ තරඟෙ පටන් ගනිමින් සහෝදර පාසලේ පලමුපෙල ක්‍රීඩකයන් දෙන්නා පන්දුවට පහර දෙන්න ක්‍රීඩාංගණයට පැමිනෙද්දි..

ආදිත්‍ය පලවෙනි පන්දු ඕවරේ දාන්න යොමු කරලා හිටියේ දඟ පන්දු යවන ක්‍රිශාන් වෙද්දි ඔහු දාපු පලවෙනි පන්දුවෙන්ම සහෝදර පාසලේ පලවෙනි කඩුල්ල උන නෙලිතගෙ කඩුල්ල බිඳ වැටුණේ ආදිත්‍යගෙ පාසලේ ඔල්වරසන් වගේම ලමයින්ගෙ කෑ ගැසීම් සද්දෙත් ගොඩක් වැඩි කරලා.. තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් ග්‍රවුන්ඩ් එකට ආව පිතිකරුත් එක්ක එකතු වෙලා ලකුණු 70ක සබඳතාවක් ගොඩ නගද්දි..

සහෝදර පාසලේ සියලුම බලාපොරොත්තු නැති කරමින් පන්දුවාර 18ක් අවසන් වෙලා තියෙන්නෙ එක කඩුල්ලක් පමණක් ඉතිරි කරමින් වෙද්දි ඔවුන්ට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 100ක් අවශ්‍ය වෙලා තිබුනා..

ක්‍රීඩාංගණය සිසාරා පැවතුණේ අධික නිශ්ශබ්දතාවයක් එක්ක නොසන්සුන් කමක්.. ලමයින්ගෙ හදවත් ගැහෙන සද්දෙ පවා ඇහෙන තරමටම ක්‍රීඩාංගණය නිශ්ශබ්ද වෙලා තිබුනා..

85 වෙනි වරට පැවැත්වෙන රන් කහ සටනෙ ජය කාට හිමිවෙයිද.. මෙතෙක් පැවතුන තරඟ 85න් තරඟ 69කම ජයග්‍රහණය අත්කරගෙන තිබුණෙ ආදිත්‍යගෙ පාසල.. ඉතින් මේ තරඟය ඔවුන් ජයග්‍රහණය කළොත් එය ඔවුන්ගෙ පාසල ජයග්‍රහණය කරන 70 වෙනි තරඟය වෙනවා..

ග්‍රවුන්ඩ් එක පුරාම විසිරිලා ඉන්න ක්‍රීඩකයන් සියලු දෙනාම ආදිත්‍ය එකතු කරගෙන සාකච්ඡාවක්.. විනාඩියක් ඇතුලත කතාව ඉවර කරපු ආදිත්‍ය ආයෙම අලුත් විදිහට අනික් කට්ටියව ස්ථන ගත කරා..

අවසාන පන්දු වාරය යොමු කරන්න හිටියේ රගුවරන් වෙද්දි ඔහු දාපු පලවෙනි, දෙවනි, තුන්වෙනි පන්දුවලට සහෝදර පාසලේ පිතිකරුවට එකදු ලකුණක්වත් තමන්ගෙ පාසල වෙනුවෙන් ලබාදෙන්න බැරි උනේ පැවිලියන් එකේ හිටිය නෙලිත තරහින් කෑ ගහද්දි..

අවසාන පන්දු තුන.. තවත් පන්දු තුනක් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ..

බිමට නැවිලා අත්ල දෙකේ පස් තවරගත්තු රගුවරන් හතරවෙනි පන්දුව මුදාහරිද්දි එයට එක් ලකුණක් පමණක් එක්කර ගැනීමට පිතිකරුවා සමත් උනා..

පැති මාරු වීමක්.. ක්‍රීඩකයන් දෙදෙනා පැති මාරු කරගත්තා.. පස්වෙනි පන්දුවටත් ලකුණු දෙකක් පමණක් එකතු කරගත්තු පිතිකරුවා හිටියේ දැනටමත් හති වැටිලා..

අවසාන.. තරඟයෙ අවසාන පන්දුව.. තීරණාත්මක පන්දුව.. ජය පරාජය තීරණය කරන පන්දුව.. ඔව් එය දැන් පාසලේ කණ්ඩායම් උප නායක දඟ පන්දු යවන රගුවරන් අතේ.. ඔහුගෙ අතෙයි තියෙන්නෙ සියලුම බර.. ඒක ලොකු පීඩනයක්.. රගුවරන් හිටියේ බිමට නැවිලා තමන්ගෙ හිත සන්සුන් කරගන්න ගමන්.. ඒ ළඟින් ආදිත්‍ය, මිහිනු වගේම දිලුම්ත් හිටියා..

ක්‍රීඩාංගණය ගැන කතා කළොත් අවටින් ඇහෙන කුරුල්ලන්ගෙ සද්දෙ වගේම පාරේ වාහන එහා මෙහා යන සද්දෙ විතරයි ඇහෙන්නෙ.. ඒ තරමට ඇවිල්ලා ඉන්න පිරිමි ළමයි නිශ්ශබ්දයි..

තවත් ලකුණු 97ක් අවශ්‍යයි !!!!!

නමුත් තියෙන්නෙ එක කඩුල්ලයි !!!!!

ජයග්‍රහණය තවමත් තීරණය වී නැහැ !!!!!

රගුවරන් නැගී සිට ස්ථාන ගත වෙලා ඔහුගේ දෙවියන් යදිනවා.. ඊළඟ මොහොතේ දුවගෙන ඇවිත් තම ඇතැති වූ පන්දුව දඟ කවා අවකාශයට එහෙමත් නැත්නම් සහෝදර පාසලේ පිතිකරුවාට මුදා හරිනවා..

ලකුණු 6ක් !!!!!!

නෑ !!!!!!!!!!!

එය කඩුල්ලක් !!!!!!

ස්ථිරවම ඒක කඩුල්ලක්......

රගුවරන්ගෙ පන්දුව කඩුලු තුන කඩාගෙන යද්දි, හතර වටෙන් හිටිය ටීම් එකේ අයයි පාසලේ ලමයිනුයි පාසලේ කොඩිත් උස්සගෙන කෑ ගහගෙන ග්‍රවුන්ඩ් එකට ආවේ රගුවරන්ව වගේම ආදිත්‍යව උස්සගෙන ලබපු ජය සමරද්දි..

ඒ අනුව දහවෙනි කඩුල්ලෙ අවාසනාවන්ත දැවී යාමත් එක්ක Battle of the gold yellow  සංග්‍රාමයේ 85 වෙනි තරඟය ආදිත්‍යගෙ පාසල ජයග්‍රහණය කරනවා !!!!!!

ඒ ඔවුන්ගෙ 70 වෙනි ජයග්‍රාහි තරඟයේ නිමාවයි..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________________________

Hello Lamai

කොහොමෙයි..

චන්දෙ දැම්මත ඉතින්.. 😮‍💨

ඔන්න දින්නලු මැච් එක.. 😍🥹

අර මිහිනුට අපහාස කරපු බැනපු උන් කෞද දන්නෑ නේ.. 🫠

ආදිත්‍ය දැනගෙන මිහිනු අඬලා කියලා.. අපි නම් දන්නෑ කනට ගැහුවොත්.. 🙂🥲

ගිහින් එන්නාම්ම්ම්...🥹

Lvuuuuu❤

Share This Chapter