Back
/ 50
Chapter 43

[හතළිස් එක්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

අදිත්‍යගෙ මානයෙන්:

එකම එක මනුස්සයෙක් තමන්ගෙ මුළු ජීවිතේම එකම එක බලාපොරොත්තුව වෙන්න පුළුවන්ද.. තමන්ගෙ සතුට, දුක, සැනසීම, ආදරේ, මේ හැමදේම එකම එක මනුස්සයෙක්ගෙන් ලැබෙන්න පුළුවන්ද..

ම්ම් එහෙම අය ඉන්නවා.. එකම එක මනුස්සයෙක් මත්තෙ විතරක් නැහෙන, ඒ කෙනාගෙන් විතරක් ජීවිතේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන අය ඕනතරම් මේ ලෝකේ ඇති.. ඒ වගේ තමයි මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව මිහිනු.. ඌ ඉපදුන දා ඉදන් මගෙ ජීවිතේට බලාපොරොත්තු එකතු කලා මිසක් අංශුමාත්‍රෙකින් මට බලාපොරොත්තුවක් නැති කලේ නෑ..

එදා සතියෙ මුලම තිබුන ප්‍රැක්ටිස් මැච් එක දවසෙ උබලට හිතාගන්න පුළුවන්ද මට දැනුන සතුට.. මං මගෙ කොල්ලව ග්‍රවුන්ඩ් එකක ඕඩියන්ස් එකක් මැද්දෙ බැට් එකක් අතේ තියාගෙන තනි සුදු ක්‍රිකට් කිට් එක ඇඳගෙන පිච් එකේ ඉන්නවා දකිද්දි මට මැරෙන්න තරම් සතුටක් දැනුනා.. මොකද ඒක මගෙ හීනේ.. මිහිනුව කවදහරි මටත් වඩා ඉහළ තැනකට ගේන එක, මුළු ලෝකයක් එයාට ආදරේ වගේම ගෞරව කරන එක, ඒක මගෙ ජීවිතේ මම දකින ලොකුම හීනේ..

මං දන්නවා එයාට කියන්න ඕන්නෑ මගෙ විශ්වාසෙ රකින්න කියලා එයා ඒක කරන බව දන්න නිසාමයි පලවෙනි ප්ලේයර් විදිහට රගුවරන් එක්ක සෙල්ලම් කරන්න කිව්වෙ.. ඉතින් එයා ඒක කලා.. පැවිලියන් එකේ ඉඳගෙන මිහිනු ගහන ගැම බෝලයක් දිහාම බලාගෙන හිටිය මට එයාගෙ පළවෙනි හෆ් සෙන්චරි එක දාද්දි දැනුන සතුට, මිහිනු මගෙ අත්වල හැදුන ළමයෙක් හා සමානවා ඊටත් වඩා මට සතුටු හිතුනා.. මැච් එකේ තීරණාත්මකම මොහොතේ දුවගෙන ඇවිල්ලා කැච් එක අල්ලපු විදිහ මිහිනු කියන්නෙ මගෙ හීන වලට යන්න මටත් උදව් කරන ගමන් එයාගෙ හීන වලටත් යන කෙනෙක්..

කොහොමහරි අද තිබුන 85 වෙනි battle of the gold yellow big match එක 70 වෙනි පාරටත් අපේ ස්කෝලේ දින්නා.. රගුවගෙ බෝලෙ විකට් පොලු කඩාගෙන යද්දි ඔක්කොටම කලින් මුලින්ම දුවගෙන ආවේ මිහිනු.. ඒකා ඇවිල්ලා පැන්නෙ නැතැයි රගුවරන්ගෙ ඇග උඩට.. හුත්ත මගෙ ඇඟේ මාලු නටන්න ගත්ත නිසා මමත් දුවගෙන මිහිනුගෙ ඇගට පත බෑවුනේ රගුවරන් හතර අතේ පොලොව බදාගනිද්දි.. මිහිනුගෙ ඇඟට පැන්න මගේ අතක් නැවතුනේ පොඩි පගයා උඩ දාගෙන ඉන්න පීච් ගෙඩියෙ.. හහ්..

වැඩි වෙලාවක් අසහනකාරි ලෙස හැසිරෙන්න බැරි උනේ පැවිලියන් එකේ හිටිය අපෙ ස්කෝලේ කොල්ලො සේරම කොඩිත් උස්සගෙන අපේ පැත්තට පිඹගෙන ආව නිසා වෙද්දි උන් ඔක්කොම එකතු වෙලා මාවයි රගුවරන්වයි මිහිනුව දිලුම්ව උස්සගෙන උඩ දදා නටන්න පටන් ගත්තෙ මම පණ බයේ මිහිනු දිහා බලන් ඉද්දි.. කොල්ලව වැටුනොත් හරි අතෑරුනොත් හරි මොන දෙයියන්ට කියන්නද..

අවසානෙදි ග්‍රවුන්ඩ් එක මැද උන ඔක්කොම සැමරීම් ඉවර කරලා සර් කෙනෙක් අනවුස්මන්ට් එකක් දුන්නම ආයෙම කොල්ලො ටික පැවිලියන් එකට යද්දි.. අපිටත් පොඩ්ඩක් ෆ්‍රෙශප් වෙලා ජර්සි එකයි බොටම් එකයි දාගෙන ආයෙම එන්න කිව්වෙ ඒගොල්ලො cup එක දෙන්න ප්ලේස් එක ලෑස්ති කරගන්න ඕන නිසා..

Changing room එකට කොල්ලො සෙට් එකම එකතු වෙලා ඇවිල්ලා කියව කියව ඉද්දි මිහිනු ඇවිල්ලා මගේ ළඟින් ඉඳගත්තෙ දාඩිය පෙරාගෙන.. කොල්ලව රෝස පාට වෙලා..

" මොකෝ ම්ම් මහන්සිද.. "

" ම්හ් ම්හ්.. නෑනේ.. "

" එහෙනම් බඩගිනිද, නිදිමතද.. "

" ම්හ්හ්.. ඒත් නෑ.. "

" මොකද කියලා කියපන්කො සුදූ.. මට දිවැස් නෑනේ බං.. "

" ගෙදර යන්න ඕනේ මට.. අද අපේ ගෙදර එනවද රෑට ඇවිල්ලා උදේට යන්න.. නැත්නම් මං එහෙ එන්නම්ද.. "

මං ලගට ආව මීණූ මගෙ අත්ගොබේකට නිකට තියාගනිද්දි මං කොල්ලගෙන් ඇහුවා නිදිමතද, මහන්සිද, බඩගිනිද කියලා ඔය එකක්වත් ඤැක් ඤැක් ගගා කෙඳිරි ගාපු කොල්ලට අන්තිමේදී මම සැර වෙද්දි අවසානෙදි ඒකා තවත් ඇස් රවුම් කරගෙන කම්මුල් පුම්බගෙන හේතුව කිව්වා..

" මොකද මේ එකපාරටම ම්ම්.. පුදුම කෝළම් ගොඩක්නෙ තියෙන්නෙ.. "

" සුදු අයියට තුරුල් කරගෙන ඉන්න ඕනේ.. නිදාගන්න ඕනේ ම්හ්ක්.. මම එන්නද

එහෙ.. "

" අනේ මගෙ පැංචා.. ඕක අහන්නත් දෙයක්ද මැණිකේ හැබැයි හෙට හවස් වෙලා එන්න තේරුනාද.. "

" ඇයි ඉතින් ඒ මම උදේම එන්නම්කො.. "

" නෑ නෑ දැන් අද ගෙදර ගිහින් කාලා හොඳට නිදාගන්න ඕනේ හරිද.. හැබැයි උදේම ආවොත් මම බලාගන්නම් උබ ගැන.. කොහොමත් මට දේවල් ටිකක් අහගන්න තියෙනවා හහ්.. "

" තවුසෙ නම් මහ දුස්ටයි අනේ.. මං යනවා අයියා ලගට.. "

" දුශ්ටයි තමයි.. පලයන් බලන්න කඩනවා උබේ කකුල් දෙක.. "

" අනේ ම්හ්ක්.. කඩයි කියලා තමයි

බය.. "

" ම්ම් එහෙමද හිතන් ඉන්නේ.. කමක් නෑ ඔහොමම හිතන් ඉන්නකො මැණිකේ.. "

" කොහොමත් මගේ කියකිය කරන දේවල් නෑනේ කරලම තමයි පෙන්නන්නෙ.. එතකොට කකුල් කඩන හැටි බලාගන්නකො.. "

අපි දෙන්නා හිටියේ අනික් කොල්ලන්ගෙන් ටිකක් ඈතට වෙන්න නිසා අන්තිම ටික මගෙ කොල්ලගෙ කන ලගින් මුමුනන ගමන් එහෙමම දාඩියට, ලැජ්ජාවට රෝස පාට වෙලා තියෙන කන් පෙත්ත හීනියට හපලා හාදුවකුත් තිබ්බා..

කිව්ව ඒවා ඔක්කොම අහගෙන ඉන්න එයාගෙ අතේ ඇඟිලි එක්ක හරි හරියට ලොකු වැඩක් වෙද්දි මම හිනාවෙලා නැගිට්ටෙ අනික් කොල්ලො ටිකටත් කතා කරන ගමන් වෙද්දි උන් ටිකට ග්‍රවුන්ඩ් එකට යන්න කියලා මම මගේ මුරණ්ඩු මගුලත් එක්ක ග්‍රවුන්ඩ් එකට ආවා..

ටීම් දෙකම දෙපැත්තෙ පේළියට හිටගෙන ඉද්දි හරි මැදින් ලොකු බොක්ස් ස්ටේජ් එකක් ගහලා තිබ්බා වගේම ඒක මැදින් ස්ටෑන්ඩ් එකක් උඩ කුසලානෙ තියලා තිබ්බා..

player of the match award එක මගෙ අතට ලැබෙද්දි lether ball එහෙක සමරු සටහනක් සටහන් කරපු මම award එකත් අරගෙන ස්ටේජ් එකෙන් බිමට බැස්සා.. ඊළඟට man of the match troffe එක මගෙ කොල්ලගෙ අත් දෙක උඩ නතර වෙද්දි best batsman troffe එක රගුවරන්ට ලැබුණා.. best bowler troffes දෙකක් මෙදාපාර තිබ්බා ඒ අතරින් එකක් දිලුම් මල්ලිට ලැබෙද්දි අනික් එක කෙවින්ට ලැබුණා.. best filder troffe එක හම්බුනේ අපෙ අනික් ස්කෝලෙ කොල්ලෙක්ට..

අවසානෙදි,

" 2024 වර්ශයේ Battle of the gold yellow එහෙමත් නැත්නම් රන්කහ මහා සටනේ ශූරතාවය.........

අති සාර්ථක 70 වෙනි වරටත් **** පාසල තමන් සතු කරගන්නවා... එම පාසල සඳහා හිමි කුසලානය ලබා දීම සඳහා මා ඉතා ගෞරවයෙන් එම පාසලේ ගරු විදුහල්පති තුමාටත්, ආදිශිශ්‍ය සංගමේ සභාපති තුමාටත් වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කරුටත් තම පාසලට හිමි කුසලානය ලබා ගැනීම සඳහා එම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ නායක, පාසලේ ප්‍රධාන ශිශ්‍ය නායක ආදිත්‍ය අභිශේක් හට වේදිකාවට ආරාධනා කර සිටිනවා.. "

අපේ මීඩියා එකේ කොල්ලෙකුයි අනික් ස්කෝලෙ මීඩියා එකේ කොල්ලෙකුයි එකතු වෙලා සේරම අනවුන්සින් වැඩ ටික කරද්දි මෙච්චර වෙලාවක් බලාගෙන හිටිය අවස්ථාව උදා කරලා මට ස්ටේජ් එකට ඉන්වයිට් කලා..

මේක මගේ තනි මහන්සිය නෙවෙයි මේක අපි හැමෝගෙම මහන්සිය ඉතින් අන්තිමට ප්‍රින්සිපල් සර්, ඕල්ඩ්බෝයි එකේ ප්‍රසිඩන්ට්, නැශනල් ටීම් එකේ කෝච්, ඒ තුන්දෙනාගෙ අතින් මගේ අත් දෙක උඩට ඒ කුසලානෙ බර හොඳටම දැනුනා වෙද්දි මීඩියා එකේ පොඩි එකා මයික් එකත් උස්සගෙන ඇවිල්ලා දුන්නෙ නැතැයි මට.. smile in Pain හිනාවක් දෙන ගමන් මයික් එක අතට ගත්තු මම උගුර පෑදුවේ අවධානේ ගන්න..

" අහ්ම්.. ලොකු දෙයක් නම් මම කියන්නෙ නෑ.. විශේශ ස්තූතිය ලැබෙන්න ඕනේ මගේ, අපේ කෝච් ට.. කෝච් නැත්නම් අපිට මේ දේවල් හීනයක් වෙනවා කියලා අපේ කොල්ලො ටික හොදටම දන්නවා.. ඒ වගේම මගෙ කොල්ලො ටික උබලා ආයේ සුපිරියටම මහන්සි උනා ඒ ගැන කියන්න වචන නෑ ඒක නිසා උබලටත් ගොඩක් ගොඩක් ස්තූතියි.. අම්මා තාත්තා ඔය දෙන්නත් අමතක නෑ මේ හීනෙට යන්න මට උදව් කරනවට ස්තූතියි.. එතකොට මගෙ අවසානම ස්තූතිය මගෙ ජීවිතේ ඉන්න වැදගත්ම පුද්ගලයට.. ඉතින් එයා මෙතන ඉන්නවා සහ අහගෙනත් ඉන්නවා.. කොච්චර අමාරු ගමනක් උනත් මගෙ පිටිපස්සෙන් ඉන්නවට උබට හැමදාමත්, හැම මොහොතකමත් ස්තූතියි..

මේක මගේ එතකොට රගුවරන්ගෙ අන්තිම බිග්මැච් එක ඉතින් ඒ වෙනුවෙන් ගොඩක් ලස්සන මතක එකතු කරලා දුන්නටත් ස්තූතියි.. ඒ වගේම ඊටපස්සෙ ඔයාලා තමයි ස්කෝලේ නම රැකගන්න ඕනා.. එහෙනම් සාර්ථක ගමනක් වෙනුවෙන් හැමෝටම සුභ පැතුම්.. Thank you all.. "

පොඩි ස්පීච් එක ඉවර උනාට පස්සෙ මම දැක්කා අපේ ටීම් එකේ උන්ගෙ ඇස් ගෙඩි ටික දිලිසෙනවා ඉක්කේ මුං අඩනවද මේ.. මටත් මුං ටිකව දාලා යන්න නිකම් බෑ බෑ වගේ.. මම ස්ටේජ් එකේ ඉඳිද්දිම අනික් අය බැහැලා යද්දි අපේ ටීම් එකේ කොල්ලො ටික ස්ටේජ් එක උඩට නැග්ගා නෙවෙයි පැන්නා.. මගෙ එකාව හොයාගන්නවත් නැති වෙද්දි යාන්තමට දිලුමව දැක්ක නිසා ඌට කියලා මිහිනුව මගෙ ලගට අරගත්තා.. ඒ දිලුමත් කිරි පුතේ ගාගෙන පස්සෙනම එනවා.. හනිමූන් එක දාට මුං කාමරේ කැමරා සෙට් කරයිද දන්නෑ එච්චරට බඩු මේකුන්..

රත්තරන් පාටින් මල්වෙඩි ගහද්දි මම කුසලානෙ උඩට ඉස්සුවෙ කොල්ලො ටිකත් සද්දෙන්ම කෑ ගහද්දි..

ම්ම් එහෙනම් අවුරුදු 19ක ස්කෝලේ ජීවිතේදි ප්ලේ කරපු අන්තිම ක්‍රිකට් මැච් එක, අන්තිම බිග් මැච් එකත් මෙතනින් ඉවරයි..

ෆොටෝ ගහලා, නටලා, සිංදුත් කියලා නටන්න ඕන පිස්සු සේරමත් නටලා ග්‍රවුන්ඩ් එකෙන් එලියට බහිද්දි 12යි වෙලාව.. මායි මිහිනුයි, ලොකු අයියයි, දිලුමයි, පොඩි කැබ් එකක් දාගෙන ගෙදර එන්න පිටත් වෙද්දි අපේ ස්කෝලේ ඩිපියුටියා මගෙ ෆ්‍රෙඩාගෙ මම විතරක් දන්න බෝයිෆ්‍රෙන්ඩ් ඇවිල්ලා හිටියා ඌව එක්කගෙන යන්න.. මේ අවලමා නම් පුදුම එකෙක් තමයි..

මිහිනු මගෙ උකුලෙ ඔලුව තියාගෙන පොඩීගෙ ඔඩොක්කෙන් කකුල් දෙකත් දිගෑරගෙන හොඳටම නිදි.. පව් එයාට මහන්සි ඇති ගොඩක් පලවෙනි පාරනේ අනික ගොඩක් කාලෙකින්.. ඔලුව අතගගා ඉද්දි ලොක්කයියා ඩ්‍රයිවර්ට වාහනේ නවත්තන්න කියලා දිලුම්ව ගෙදරට එක්කන් ගිහින් දැම්මා.. ඊටපස්සෙ ටිකකින් අපි හතරදෙනත් මිහිනුගේ ගේ ගාවින් බහිද්දි කොල්ලව අමාරුවෙන් ඇහැරවගෙන ගෙට යැව්වෙ වොශ් එකක් දාගෙන නිදාගන්න කියලා.. වාහනේට සල්ලිත් ගෙවලා මමයි පොඩීත් ඉක්මනට ගෙදර ආවේ හොද වෙලේට අපිට කලින් අම්මලා ගෙදර ඇවිල්ලා කියලා දන්න නිසාමයි..

ගෙදර ඇවිල්ලා වොශ් දාගෙන එහෙමම ඇදට පැන්නෙ වැටුන පමාවට මගෙ ඇස් පියවෙද්දි..

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

මිහිනුගෙ මානයෙන්:

ඊයේ දවසෙ මහන්සියට ගිය නින්ද ආයේ මම ඇහැරුනේ දවල් 2ත් පහු වෙලා වෙද්දි උදේම බැනුම් අහන්න හරි ආදිත්‍ය අයියලගෙ දිහා යන්න ගිය එකත් යාගන්න බැරි උනා.. පැය ගනන් නිදාගත්තා වගේ නෙවෙයි ආයෙ නැගිට්ටම ඉන්නෙ කොහෙද කියලත් අමතකයි ට්‍රැක් එක ෆුල් අප්සට්.. කොහොමහරි 2ට නැගිට්ටට මම ඇඳෙන් බහිද්දි 2.30යි.. ඊටපස්සෙ අමාරුකම් යන්න හොඳට නාගෙන ඇඳුමකුත් දාගෙන උදේටයි දවල්ටයි දෙකටම කෑවා..

අයියා කැම්පස් ගිහින් නෙ.. කම්මැලිත් එක්ක.. සුදු අයියා ඊයේ අපෙ අයියට කිව්වද දන්නෙ නෑ මම අද එහෙ යනවයි කියලා.. කිව්වත් නැතත් ඉතින් මමත් කියන්න එපැයි නැත්නම් පුපුරනවනෙ.. ඒක නිසා මම අයියට කෝල් එකක් ගත්තා.. පලවෙනි පාර රින්ග්ස් ගිහින් කට් වෙද්දි එයා ලෙක්චර් එහෙක වෙන්නැති කියලා හිතුනා ටෙක්ස්ට් එහෙකුයි, වොයිස් මැසේජ් එහෙකුයි දෙකක්ම දාලා තිබ්බා.. හුම්ම් එතකොට කියන්න බෑනේ නොකියා ගියා කියලා..

කරන්න වැඩකුත් නෑ කම්මැලිත් නිසා මම ගෙදර පොඩ්ඩක් අස් පස් කරලා ආයෙම ඇඟත් හෝදගෙන ඇඳුමකුත් දාගෙන දොරවල් ලොක් කරලා යතුර පෝච්චිය යටින් දාලා මම ගියා මගෙ නැන්දම්මගෙ ගෙදර ම්හ්ක් නැන්දම්මව දැක්කෙ නෑ දෙයියො හෙන කාලෙකින්.. ඊයේ දැක්කා විතරයි..

කොහොමහරි මම ගෙදරට යද්දි නැන්දයි මාමයි විතරයි පේන්න හිටියේ.. පොඩි එකයි ලොකු එකයි දෙන්නම තාම නිදි ඇති..

" අපෙ මහත්තයා මෙන්න අඳුරන හා පැටියෙක් අපේ ගෙදර එනවා.. "

" ඔව්මයි.. ගොඩ කාලෙකින් මේ පැත්ත මතක් වෙලා තියෙන්නෙ.. "

" අනේ එහෙම නෑ මාමේ ඉතින්.. කොහෙද ඉතින් මම අද උදේම මෙහෙ එන්න හැදුවේ සු.. නෑ මේ.. ආදිත්‍ය අයියා කිව්වනෙ හවස් වෙලා එන්න කියලා.. "

" ආහ්හ් ඒක තමයි මේ.. සුදු අයියා නම් තාම නිදි පොඩි එකත් නිදි ඔය බබා යමු මා එක්ක කුස්සියට මට පොඩි දෙයක් දැනගන්නත් තියෙනවා.. "

" ආහ්.. හි හි.. හරි නැන්දේ.. එහෙනම් යමුකෝ.. "

අඩේ අප්පා නැන්දා කිව්වෙ සුදු අයියා කියලා නේද දෙමියනේ.. එතකොට එයා දන්නවද සීන් එක.. ගමේදි නම් දැක්කත් එක්ක.. ඒ උනාට මම ආදිත්‍ය අයියට සුදු අයියා කියනවා කවදාවත් නැන්දට ඇහිලා නෑ කියලනම් මට ශුවර්.. මොන මගුලක්ද මන්දා අනේ මේ මිනිස්සු මට හරියට දෙයක් කියන්නෙ නෑනේ හැමදේම මගෙන් හංගනවා.. ම්හ්ක්.. මහ ඕන්නෑ අප්පා..

" ඉතින් මගෙ හුරතල් බෑණා පොඩ්ඩට මේ අම්මට කියන්න මුකුත්ම නැද්ද පුතේ.. "

" ආ..හ්හ්.. බෑ.. ණා.. අ..ම්මා..මා.. මට.. මේ මට.. තේරු..නෑනේ.. න්..නැන්..දේ.. "

" අනේ මගෙ හා පැටියා බ‍ය වෙන්න එපා දරුවෝ.. දැන් ඔයා මගෙ බෑණා නෙවෙයිද එතකොට.. "

" බෑ..ණා.. "

" ඔව්.. එහෙම නෙවෙයි වෙන්නැති නේද එහෙනම්.. අයියෝ බෑණා නෙවෙයිනෙ ලේලිනෙ පුතේ.. මට පැටලුනානේ.. නැන්දට සමාවෙන්න ඔයාව බය කරාට.. "

අනේ මොනාද මේ කියවන්නෙ.. ඒ පාර ලේලි කෙනෙක් ගැන කියනවා.. මට මතකයි එකපාරකුත් ඕක නැන්දා කිව්වා.. ඒ කියන්නෙ ඒක ඇත්තක්ද.. ඔන්න දැන්නම් මගෙ ඇස්වලට කඳුලුත් ඇවිල්ලා.. අනේ ආදිත්‍ය අයියා, මගේ සුදු අයියා මගේ විතරයි නේ.. බෙදාගන්න බෑනේ..

" ක්..කව්..ද.. නැන්..දෙ.. ඒ.. "

" ඕහ් මේ අපෙ ලොකු එකා කෙමෙස්ට්‍රි ක්ලාස් යන තැන දරුවෙක්.. බොහොම ලස්සනයි.. තැන්පත්, ගුණයහපත්

ළමයා.. "

" අ.. අනේ.. අනේ.. එපානේ.. නැන්දෙ.. එපානේ.. ස්..සුදු.. සුදු.. අයියා.. මගේ.. මගේ විතරයිනෙ.. ආහ්.. ම..ගෙ ඔ..ලුව.. ඈත්..කර..න්න.. එප්..පා.. මගෙ.. අයි..යව.. දෙන්න.. මට.. හ්... "

අඬාගෙනම නැන්දගෙ බඩට හේත්තු උන මම එයාගෙ ඇඳුම මිරිකලා මගෙ අත් වලට පොඩි කරගනිද්දි මගෙ ඔලුව ඇතුලෙන් අකුණු ගහනවා වගේ දැනෙද්දි එහෙමම රූටලා මම වැටුණේ ටයිල් පොළවට වෙද්දි මට හරියකට සිහිය තිබ්බෙ නෑ.. නැන්දා මාමට කතා කරන සද්දෙත් එක්ක මගෙ ඇස් දෙක පියවිලා යද්දි මට දැනුනා කවුරු හරි මාව උස්සලා ගන්නවා..

කතෲගෙ මානයෙන්:

ආදිත්‍යගෙ අම්මා කියන හැම දෙයක්ම ඇස් බෝල වල කඳුලු පුරවන් අහගෙන හිටිය මිහිනුට දැනුනෙ තමන්ගෙ පපුව හරහා අකුණු ගහනවා වගේ හැඟීමක් වෙද්දි මිහිනු අඬාගෙනම ආදිත්‍යගෙ අම්මගෙ ඇඟේ එල්ලුනේ තමන් කරපු විහිලුව කොච්චර බරපතලද කියලා තේරුණේ මිහිනු අඩ අඩම සිහිය නැතුව බිමට වැටුන වෙලේ..

" අනේ අපෙ මහත්තයා.. ඉක්මනට එන්නකො.. සුදු බෝලේ ෆේන්ට් උනා.. "

" නෝනේ.. මොකක්ද උනේ පුතාට.. මට කියන්න එපා දැන දැනම ආයෙම ඒ දේ දරුවගෙන් ඇහුවයි කියලා.. "

" අනේ මහත්තයා.. මට ඒක එච්චර ගාණක් උනේ නෑ.. අනේ ලොකූට එන්න කියන්නකො.. "

" මොනවද දෙයියනේ නිරෝ මේ කරන්නේ.. හොදටම දන්නවනෙ දරුවගෙ සිටුවේශන් එක.. "

ආදිත්‍යගෙ අම්මා වතුර වීදුරුවක් අරගෙන ඒකෙන් පොඩ්ඩ පොඩ්ඩ අරගෙන මිහිනුගෙ මූනේ ගගා මිහිනුව ඇහැරවන්න ගත්තා.. ඔය අතරෙදි පහලින් ඇහෙන සද්දෙට ඇහැරුන ආදිත්‍ය පඩිපෙළ බැහැගෙන එද්දි දැක්කෙ බිම වැටිලා ඉන්න එයාගෙ පණ ටිකව වෙද්දි ඉක්මනට කිචන් එකට ආව ආදිත්‍ය මිහිනුගෙ ළඟින් දනගහගත්තා..

" අම්මේ.. අම්මේ.. මගෙ කොල්ලට.. කොල්ලට මොකක්ද උනේ.. ඇයි මේ.. කතා කරන්නකො අම්මේ.. "

" සමාවෙන්න ලොකූ අම්මට දැන දැනම පොඩි එකාගෙන් ආයෙම එහෙම

ඇහුවට.. "

" ආශ් අම්මේ.. මම කියලා තියෙනවනේ සුදු බෝලෙගෙන් ඔය දේවල් අහන්න එපා කියලා.. ඔයාලා හොඳටන දන්නවා එයාගෙ සිටුවේශන් එක.. "

" අම්මට සමාවෙන්න ලොකූ.. "

" ඒකට කමක් නෑ අම්මේ.. රෑට මේ පිස්සු හෝන්තුවට දෙන්න සුප් එකක් හදනවද.. ඔයාගෙ හුරතලේ ආසයිනෙ පොඩි කාලේ ඉදන්ම සේමි අම්මගෙ සුප් එක

බොන්න.. "

" අනේ ඕක අහන්නත් දෙයක්ද පුතේ.. මම හදන්නම්.. මෙයාව ඔයාගෙ කාමරේට එක්කන් යන්නකො එහෙනම්.. "

" අම්මලගෙ පුතාලගෙ මල කෝලම් ඉවරයි ඉතින් හ්ම්ම් හ්ම්ම්.. දැන් එහෙනම් චූටිව එක්කගෙන යන්නකො පව් කොල්ලා.. "

ආදිත්‍යගෙ තාත්තා ආදිත්‍යගෙ පිටටත් පාරක් ගහලා එහෙමම මිහිනුගෙ ඔලුවත් අතගාගෙන නැගිටිද්දි අම්මත් මිහිනුගෙ නලලට කිස් එකක් දීලා බිමින් නැගිට්ටා.. ඒ වෙලේම ආදිත් එයාගෙ පුංචි එකාව අත් දෙක අතරට අරගෙන නැගිට්ටෙ කිචන් එකෙන් ඇවිල්ලා කාමරේට යන්න පඩිපෙළ නගින ගමන්.. මේ දිහා බලාගෙන හිටිය ආදිත්‍යගෙ තාත්තා ආදිත්‍යගෙ අම්මව එයාගෙ පපුවට තුරුලු කරගත්තෙ ආදිත්‍යගෙ අම්මගෙ අතක් ඒ පපුව උඩ නතර වෙද්දි..

" ඉස්සර වගේමයි ඒ දෙන්නට ඒ දෙන්නා නැතුව ඉන්න බෑ.. මම දන්නෙ නෑ අපෙ මහත්තයා ලොකූ කොහොම මෙච්චර සුදු බෝලෙට ආදරේ කරනවද කියලා.. "

" ඒක ඇත්ත නෝනේ.. ආදිත්‍ය කියන්නෙ මිහිනුට විතරක්, මිහිනුට විතරක්ම ඔය තරම් ආදරයක් දෙන්න පුළුවන් කෙනෙක් විතරයි.. මට හරි ලෝභ හිතෙනවා උන් දෙන්නව දැක්කම.. "

ආදිත්‍යගෙ අම්මයි තාත්තයි ඒ දෙන්නා දිහා ආදරෙන් බලාගෙන ඉද්දි ආදිත්‍ය එයාගෙ කාමරේට ගිහින් කකුලෙන් පයින් ගහලා දොරත් වහලා දාලා ගිහින් පරිස්සමට මිහිනුව ඇඳ උඩින් තිබ්බෙ එයත් එතනින්ම ඉඳගෙන මිහිනුගෙ ඔලුව අතගාද්දි.. ආදිත්‍ය බොරුවට කලබල උනේ නෑ මොකද එයා දන්නවා මිහිනු මෙහෙම ශොක් උනහම ෆේන්ට් වෙනවා කියලත් ටිකක් වෙලා යද්දි ඉබෙම එයා ඇහැරෙනවා කියලත්.. ඉතින් ශේනුව ඇහැරවලා එයාව මිහිනු ළඟින් තියලා ආදිත්‍ය ගියේ වොශ් දාගන්න..

පැය භාගෙකට පස්සෙ ආදිත්‍ය වොශෲම් එකෙන් එලියට එද්දිත් මිහිනු නිදි.. ශේනු හිටියේ මිහිනුව බදාගෙන වෙද්දි ආදිත්‍ය ඇවිල්ලා මිහිනුගෙ ඇගේ වෙලිලා ඉන්න ශේනුව අයින් කරලා දෙන්නගෙ මැදින් කොට්ටයක් තිබ්බෙ රවන ගමන්..

" මුන්ටත් වෙලෙන්නෙ නැතුව ඉන්නම බෑ.. මොන විකාරද මේ.. "

ආදිත්‍ය ඇඳුමක් දාගෙන පහලට ගිහින් අම්මටත් පොඩ්ඩක් උදව් කරලා කඩේට ගියේ එයාගෙ සුදු බෝලේට කඩචෝරු අරගෙන එන්න.. ඒ අරගෙන එන ගමන් මිහිනුලගෙ ගෙදරට ගිහින් ලොක්කයියවත් කතා කරගෙන ආයෙම ගෙදරට එද්දි ඔන්න එයාගෙ පුංචි බබා නැගිටලා හිටියා..

කට්ටියම කියව කියව ඉද්දි වෙලාව යනවා දැනුනෙවත් නැති තැන ආදිත්‍යගෙ අම්මා ඉක්මනින් සුප් එකත් හදලා ඉවර කලා වෙද්දි හැමෝම ඇඟ හෝදන් ඇවිල්ලා කෑම මේසේ වටේට වටවෙලා හිටියා.. ආදිත්‍යගෙ අම්මා ඇවිල්ලා ලොකු සුප් බෝල් එකක් මේසෙ මැදින් තිබ්බෙ තවත් පිඟන් දෙකක් පාන් ටෝස්ට් වලින් පුරවලා ශේනු අරන් ඇවිල්ලා මේසෙන් තියද්දි..

ඒක දැකලා මිහිනුගෙ ඇස් දිලිසුනා මොකද ඒ එයාගෙ ආසම සුප් එක.. මිහිනු පුදුම තරම් පෙරේත උනා ආදිත්‍යගෙ අම්මා හදන සුප් එකට ඉතින් ඉස්සර වගේම පුරුදු විදිහටම මිහිනුගෙ ඉස්සරහින් එයාට වෙන් කරලා තිබ්බ පුංචි සුප් බෝල් එක පිරෙන්නම ආදිත්‍යගෙ අම්මගෙ අතින් සුප් පිරවුනා වෙද්දි මිහිනු ඒයාගෙ සේමි අම්මට දුන්නෙ හරිම හුරතල් හිනාවක්..

ඉතින් කට්ටියම හිනාවෙවී සතුටින් කෑම කාලා ඉවර වෙද්දි තිසුකත් මිහිනුට වගේම අනික් අයටත් යනවා කියාගෙන ගෙදර ගියේ අනික් අය ටිකක් වෙලා කතා කර කර ඉදලා එයාලත් තම තමන්ගෙ කාමර වලට යද්දි..

මිහිනුව ඔක්කොටම කලින් තමන්ගෙ කාමරේට එක්කන් ආව ආදිත්‍ය දොර වහන ගමන් ඒ ක්ශනිකව හැරිලා මිහිනුගෙ දෙතොල් තමන්ගෙ දෙතොල් වලින් සීල් තිබ්බෙ ආදිත්‍ය තමන්ගෙ තොල් එහා මෙහා චලනය කරද්දි වගේම ටිකකින් මිහිනුත් හාදුවට ප්‍රතිචාර දුන්නා..

ආදිත්‍යගෙ නහර පිරුනු අතක් මිහිනුගෙ හීනි ඉණ ආක්‍රමණය කරද්දි එහෙම්ම මිහිනුව ඇඳට පෙරල ගත්තෙ හාදුව නවත්තන්නෙ නැතුවම වෙද්දි මිහිනුගෙ කටින් සියුම් කෙඳිරිලි පිට උනා..

හාදුවෙන් ඈත් උන ආදිත්‍ය ටිකෙන් ටික මිහිනුගෙ බෙල්ලට පාත් වෙද්දි ආදිත්‍යගෙ කළු පාට ටී ශර්ට් එක මිහිනුගෙ පොඩි අත් වලට කිටි කිටියෙ මිරිකිලා තිබ්බා.. මිහිනුගෙ බෙල්ලෙ ඇඳුමකට ආවරණය වෙන තැන් කීපයකම ආදිත්‍ය විසින් ඇති කරපු දත් සලකුණු හිටලා තියෙද්දි එහෙමම මිහිනුගෙ බෙල්ලෙන් ඈත් උන ආදිත්‍ය මිහිනු ඇඳන් හිටිය ටී ශර්ට් එක බෙල්ල ලගටම උස්සන ගමන් හිමින් සැරේ මිහිනුගෙ පපුවට මුව තියාගත්තෙ මිහිනුගෙ අතේ අතැඟිලි ආදිත්‍යගෙ කොණ්ඩෙ අතරින් කලබලෙන් ගමන් කරද්දි..

මිහිනුගෙ පපුවෙ එක පැත්තක් ආදිත්‍යගෙ ලොකු අතකට මැදි වෙද්දි අනික් පැත්ත ආදිත්‍යගෙ මුව ඇතුළෙ රැඳිලා තිබ්බා.. විනාඩි කීපෙක රස බැලීමකින් පස්සෙ ආදිත්‍ය ඇඳට වැටිලා එහෙම්ම මිහිනුව තමන්ගෙ පපුවට තුරුල් කරගත්තෙ ඒ වෙව්ලන තොල් වලට කෙටි හාදුවකුත් තියන ගමන්..

" මගෙ පුංචි මැණිකේ.. මම හරි ආදරෙයි බං උබට.. අද මුළු රෑම මගෙ අත් අස්සෙ මගෙ පපුවට තුරුල් කරගෙන ඉන්නවා මං උබව.. අනේ සත්තයි මට හරි ලෝභයි බං.. "

" ම්හ්.. අයි..යේ.හ්.. මමත්.. ආදරෙයිනෙ.. ඔයාගෙ මැණිකෙත් ඔයාට ගොඩක් ආදරෙයිනෙ.. "

" මම දන්නවා.. ම්ම් දැන් අපි නිදාගමු හරිද.. කෝපිත් බිව්වා නාදලුත් කට ගෑවා.. සුදූට මහන්සිත් ඇති.. "

" ම්හුක්.. මහන්සි තමයිනෙ ඒයි මට.. මට නින්ද යනකම් සුදු අයියට පුළුවන්ද මම වෙනුවෙන් සිංදුවක් කියන්න.. "

" මොකද බැරි මැණිකේ.. මගෙ සුදූ වෙනුවෙන්නෙ.. ඕනම දෙයක්.. ම්ම් දැන් ඇස් පියාගන්නකො.. "

ආදිත්‍ය මිහිනුව තමන්ගෙ පපුව අස්සෙ හංගගන්න ගමන් තමන්ගෙ ලොකු අත් වලින් මිහිනුව වහගත්තෙ එක අතකින් ඔලුවත් හීන් සීරුවෙ අතගාන ගමන්..

" සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ

ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා

මට සිබින්න ඇස් පියන්න

මගේ ආදරේ හංගන්න

සඳ නිදන්න...

සද සීත ගෙන එන්නේ ආදරේ

දග කාර නිල් දෑස මානයේ

ගුලි වෙන්න රතු රෝස හීනයේ

ලග උන්න තුරුලේම මා ලයේ

අඩවන් දෑස කීවේ

ජිවිතේ අරුතවයි

සන්වරයි මැණික මාගේ ...

මිහිනුගෙ බෝල කම්මුල් ආදිත්‍යගෙ හාදු වලින් ගනින්න බැරි තරම් තෙමුනා.. ආදිත්‍ය දැක්කා මිහිනුගෙ ඇස් ලාවට පියවෙනවා..

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ ...

ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා

මගේ ආදරේ හංගන්න

සමනලිය තටු සලන යාමයේ

මල් සුවද මකරන්ද මාරුතේ

දෙතොලතර සුසුමින්ද මේ රැයේ

නිල්මල් විලෙන් හීන වෑහුනේ

මුසපත් සේද යායේ

උනුහුමින් හිත නිවයි

පින්සරයි මැණික මාගේ ....

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ

ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා

මට සිබින්න ඇස් පියන්න

මගේ ආදරේ හංගන්න

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ

ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා

මට සිබින්න ඇස් පියන්න

මගේ ආදරේ හංගන්න

සඳ නිදන්න........

ආදිත්‍යගෙ ගොරෝසු කටහඬින් අවසානෙදි මිහිනු සැනසීමෙන් නින්දට වැටුණා..

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

_________________________________________

Hello Lamai

ඔන්න මම ආවා..

ඔන්න මම ගියා..

පරක්කු උනාට සොරී..

ඉක්මනට එන්නම්..

Good Night

Lvuuuuu❤

Share This Chapter