Back
/ 50
Chapter 44

[හතළිස් දෙවනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

සති දෙකකට පසු:-

එදා බිග්මැච් එකෙන් හරියටම සති දෙකක් ගෙවිච්ච තැන අද අපි හැමෝම ස්කෝලේ ආවා.. පහු ගිය සති දෙක නම් එහෙමට ලොකු විශේශ දෙයක් නැතුව ගෙවිලා ගියා.. අපෙ අප්පච්චිට මොනාමහරි දෙයක් ආරංචි වෙලාදෝ මන්දා දැන් හැමදාම දවල් 2 වෙද්දි මට කෝල් කරනවා.. ඒකත් වොයිස් කෝල් නෙවෙයි වීඩියෝ කෝල්.. ඒක නිසාම මම කරන්නෙ ස්කෝලේ ඇරිච්ච ගමන් ගෙදර ගිහින් අප්පච්චිගෙ කෝල් එකට කතා කරලා ඒ පිම්මෙම ආයෙම ස්කෝලෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් දුවන එක.. ඔහොම තමයි ඉතින් මේ දවස් නම් ගෙවීගෙන යන්නෙ..

අද අපි සෙට් එකම ස්කෝලේ ආවේ සුදු අයියා, විහස්න අයියා, රගුවරන් අයියා ඇතුළු 13 ඒ ලෙවල් අයට ඇඩ්මිශන් දෙන නිසා.. හ්ම්ම් අදින් පස්සෙ සුදු අයියා, විහස්න අයියා, රගුවරන් අයියා ස්කෝලේ එන්නේ තව දවස් හතරයි ඒ කියන්නෙ මේ සතිය විතරයි.. එයාලගෙ හැම ඩියුටියක්ම මේ සතියෙ සිකුරාදයින් ඉවරයි.. තුන්දෙනාම මේ දවස් හතරත් ස්කෝලේ එන්නෙ එයාලට පස්සෙ ඉන්න ප්‍රිෆෙක්ට් ටොප් බෝඩ් එකට ඩියුටි කෙරෙන්න ඕන විදිහයි ස්කෝලේ වැඩ වෙන විදිහයි ගැන කියලා දෙන්න සහ එයාලට උදව් කරන්න..

විශේශම දේ වගේම මට වැඩියෙන්ම සතුට හිතුන දේ මෙදාපාර හෙඩ් ප්‍රිෆෙක්ට්ට තේරිලා ඉන්නෙ මගෙ කොට පගයා උන ශේනුවා.. එතකොට ඩිපියුටි හෙඩ් ට තේරුනේ දිලුම්, අනික් ඩිපියුටි හෙඩ් ට තේරුනේ අපේ මොනිටරේ ගෞරව් ව.. අරුම පුදුම වැඩේ කියන්නෙ මාවත් මෙදාපාර සීනියර් බෝඩ් එකට සිලෙක්ට් වෙලා.. 10/11 සීනියර් ප්‍රිෆෙක්ට් බැජ් එකේ හෙඩ්ට තේරිලා තියෙන්නේ මම.. තාමවත් මට හිතාගන්න බැරි එහෙම උනේ කොහොමද කියලා.. මම ඒ ලෙවල් වලට මෙහෙට ඇවිල්ලත් ටොප් බෝඩ් පෝස්ට් එකක් හීනෙකින්වත් හිතන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ..

සුදු අයියගෙන් ඇහුවහම ඒ මිනිහා හිනා උනා විතරයි.. කොහොමත් ඉතින් ඒ මනුස්සයගෙන් වචනයක් එලියට ගන්නවා කියන්නෙ ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ වැඩක්.. ඒක නිසා ඕවා අහලා බැනුම් අහගන්නෙ නැතුව මම කට පුප වහගෙන හිටියා..

අපි කට්ටිය ඒ කිව්වෙ මම, දිලුම්, ශේනු, ගෞරව් හිටියේ 10/11 සෙක්ශන් වල ඩියුටි ඇවිල්ලා.. පහළ මේන් හෝල් එකේ පිරිත් කියනවා අයියලට.. දිලුම්, ශේනු 11 සෙක්ශන් එකේ ඩියුටි කරද්දි මමයි ගෞරවයයි 10 සෙක්ශන් එකට වෙලා ඩියුටි බලනවා..

" මචං අභිසෙස් මම මෙහෙම ඇහුවට වැරදියට හිතන්නවත් බය වෙන්නවත් එපා.. මට නිකම් සැක හිතුන නිසා විතරයි අහන්නෙ.. "

" පිස්සුද බං.. මොකක්ද ප්‍රශ්නෙ අහපන්කො බලන්න.. "

" මේ.. මේ.. මේහ්.. "

" වුට්ටෝ උබ අහනවද ඕක නැද්ද.. "

" හරි හරි.. උබයි මේ මේ.. අපේ හෙඩ් අභිශේක් අයියගෙයි අතර මෙහ්හ්.. මොකක් හරි එකක්.. තියේද.. "

" එව්ව් උබ ඕක අහන්නද ඔච්චර තෙපර බෑවේ.. "

" ඔව් ඉතින්.. එහෙම අහද්දි උබ මාව චීත්තයක් ගානට දැම්මොත්.. මට සැකයක් වගේ තිබ්බ නිසයි ඇහුවෙ.. "

" පිස්සුද බං.. එහෙම හිතන්නෑ උබ අපේ එකානෙ ඉතින්.. "

" එහෙම නෙවෙයි බං යාලුවෙක්ව උනත් ඕනවට වඩා විශ්වාස කරන්න එපා.. මොකද ලගින්ම ඉන්න උන් තමයි දැනෙන්නම ඇරලා යන්නෙ.. අත්දැකීමෙන් කියන්නෙ.. "

" හ්ම්ම් ඒක ඇත්ත.. ඒත් මම දන්නවා උබ එහෙම එකෙක් නෙවෙයි කියන්න.. මම ශේනුව දන්නෙ ඉපදුනෙ දවසෙ ඉදන් ආදිත්‍ය අයියත් එහෙමයි.. "

" යාලුවෙක්ව මගෙ හිතට දැනුනොත් ඌට හදවතින්ම සපෝට්.. අඩෝ උබ සිරාවටමද කියන්නෙ.. "

" ඔව් ඔව් බං.. එතකොට උබ අහපු ප්‍රස්නෙට ඔව්.. උබෙ සැකෙත් හරි.. "

" අඩො අඩො බොක්ක.. සිරාවටම ඔන්න මම නම් එකෙන්ම සපෝට් ආහ්.. congratz සගො.. "

" thank you thank you.. මේහ් අර පොඩි ඇටයා මොකද සැරින් සැරේ මේ පැත්ත බලන්නෙ.. "

" හි හි.. මේ.. ක්.. කව්ද.. බං.. දන්නෙ.. "

" සගෝ සගෝ මේ බොරු නම් කියන්න එපා හරිත.. මම දැන් මෙතනට ආව වෙලේ ඉඳන් බලාගෙන ඉන්නෙ මේ පැත්ත බල බල ඒකා රතු වෙනවා.. "

" කෑ ගහන්න එපා හුත්තෝ.. ඒකට ඇහෙයි.. "

" කියපන් කියපන් මොකක්ද සීන් එක.. මම හිතෙන දේ නේද ඈහ්.. "

" හ්ම්ම් හ්ම්ම්.. ආස්ක් අවුට් කලේ නෑ බං ඉතින්.. කොහෙද ඒකා එක්ක වචනයක් කතා කලත් රතුවෙලා පුපුරලා මැරෙන්න යනවනෙ.. "

" එව්ව් එව්ව් අඩේ.. හැබැයි ඒකා ලස්සනයි හුරතල්.. උබට සෙට් වෙනවා.. "

" ම්ම් මහ පිස්සු හෝන්තුවක් බං.. මට යකා නගින්නෙ ඕකා කරන වැඩ වලට.. "

" හෙ හෙ එහෙම තමයි ඉතින්.. "

" ඔන්න හරිනෙ දැන් උබේ ආසාව දැනගත්තනෙ.. යමන් දැන් පහලට පිරිත ඉවරයි.. "

" හා එළ යමන්.. මටත් පට්ට බඩගිනි

ඕයි.. "

" මටත්.. ඉදපන් මම පොඩ්ඩක් අර යස්සයට කතා කරලා එන්නම්.. "

ෆුහ්.. ගෞරව් ඒකගෙ සුකුටු බුකුට්ටා ලගට ගිහින් මොන මොනාදෝ කියවලා අන්තිමට ඇගිල්ලකුත් දික්කරලා මොනාද කියලා කම්මුලටත් තට්ටු කරලා ඔලුවත් අතගාලා තමයි මූ එලියට ආවේ.. අපි පහලට යද්දි ශේනු, දිලුම් දෙන්නා ඇවිල්ලා හිටිය නිසා හතරදෙනත් එක්කම මේන් හෝල් එක පැත්තට ගියා.. ඒ යද්දි පිරිත් නූල් බඳිනවා.. ඇඩ්මිශන් කාඩ් එකනම් දෙන්නෙ පන්තියෙදිද කොහෙද.. එතනත් පොඩ්ඩක් වැඩ බල බල හිටියා.. ටිකකින් සුදු අයියා ඇවිල්ලා මාවත් එක්කගෙන ගියේ ස්කෝලෙ තියෙන ලොකු නුග ගහ යටට එයා සාක්කුවෙන් එලියට ගත්තෙ පිරිත් නූලක්..

" කෝ අත දෙන්න.. "

" ආහ්.. මටත් ගෙනාවද.. "

" ම්ම්.. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා..

සබ්බ බුද්ධානු භාවේන..

සබ්බ ධම්මානු භාවේන..

සබ්බ සංඝානු භාවේන..

සදා සොත්තු භවන්තුතේ.. හොඳට වැඩ ටික කරගන්න.. "

" අ.. අයිය්..යේ.. "

මම තවමත් අහන එකම දේ මනුස්සයෙක්ට පුළුවන්ද මෙච්චරම ආදරණීය වෙන්න.. හරිනම් මමයි එයාගෙ අතේ පිරිත් නූලක් ගැටගහලා ආශිර්වාද කරන්න ඕනේ.. ඒත් අනේ මට ඇත්තටම මේ මනුස්සයගෙ ආදරේ දරාගන්න අමාරුයි.. ගාථාවත් කියලා මගෙ මැණික් කටුව ලගින් පිරිත් නූල ගැටගහපු ආදිත්‍ය අයියා හොඳට වැඩ ටික කරගන්න කියලා අවසානෙට මගෙ ඔලුවත් අත ගෑවා.. මගෙ කටින් පිටවුනේ අයියේ කියන වචන විතරක්ම වෙද්දි ආදිත්‍ය අයියගෙ බඩ වටේ අත් දෙක යවපු මම එයාව බදාගත්තා.. මට දැනුනා අයියට ලාවට හිනාවක් ගියා.. එයත් මාව ආපස්සට උරහිස වටේ අත් යවලා බදාගනිද්දි දැනෙන නොදැනෙන ගානට මම සුදු අයියගෙ පපුව උඩින් මගෙ තොල් තද කලා..

" ආ..... මෙන්න වැඩක්.. යසයි යසයි හිටපු ප්‍රධාන සිස්‍ය නායකයා හැසිරෙන

ආකාරය.. "

විනාඩි ගාණක් තිබ්බෙ බදාගෙන හිටිය අපි දෙන්නා ගැස්සිලා මම ආදිත්‍ය අයියවත් තල්ලු කරගෙන ඈත් උනේ අපිට ටිකක් එහායින් වෙන්න ඉනට අත් දෙකකුත් තියාගෙන කියවන ශේනුගෙ කටේ සද්දෙට.. එව්ව් මේකා අම්මණ්ඩි කෙනෙක් වගේ ඉණට අත් දෙක තියාගෙන ඉද්දි..

" පොඩී.. මම තමුසෙට කියලා තියෙනවා බෙරිහන් දෙන්න එපා කියලා.. මතක තියාගන්නවා දැන් ස්කෝලෙ හෙඩ් ඔයා.. "

" හරි හරි ඉතින් තාම නිල වශයෙන් පත් කරලා නෑනේ.. ඔන්න බලන්නකො බැජ් එක හම්බුනහම ස්කෝලේ හදනවා හැදිල්ලක් ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නැති වෙන්න.. "

" මට ඒකම තමයි තියෙන ලොකුම බය.. උබලට අලි විසේනේ.. "

සුදු අයියා ශේනුවගෙ ඔලුවට ගහද්දි අරකත් මරු කියෙව්වා.. අනේ මූ නම් හදයි ලබු ඇටයක් ස්කෝලේ..

" යමු යමු මිහිනු දැන් හිටියා මදැයි ආලෙන් වෙලිලා.. අනික් උන් දෙන්නා බඩගින්නෙ.. යකෝ මටත් බඩගිනි.. "

" මටත් බඩගිනි තමයි අනේ.. සුදු අයියෙ මම යනෝ එහෙනම්.. "

" ම්ම් කාලා ටිකක් වෙලා ඉදලා පහලට එන්නකො.. දුවන්න එපා ශේනු මීණුවත් ඇදගෙන.. "

" හරි හරි බං අයියෙ.. එහෙනම් අපි කැපුනා.. "

ආදිත්‍ය අයියට සැලියුට් එකකුත් ගහන ගමන් ශේනු මගෙ අතිනුත් ඇදගෙන දුවන්න ගත්තෙ සුදු අයියගෙ වචන වලින් ශේනුවට වැඩක් නෑ කියලා ආයෙමත් ඔප්පු වෙද්දි.. අපි දෙන්නා බල්ලො දෙන්නෙක් වගේ හති දදා පන්තියට එද්දි දිලුම්, ගෞරව් දෙන්නා කෑම පෙට්ටි තුනයි බත් මුල් දෙකයි එලියට අරගෙන තව මදි පාඩුවට වඩේ හතරකුත් ගෙනල්ලා හරිම අගෙයි..

" මෙන්න ඇවිල්ලා.. මම හිතුවෙ දැන්ම එවෙන එකක් නෑ කියලා.. "

" එහෙම තමයි බං පොඩ්ඩක් ඉතින් දන්නෙ නැද්ද.. "

" දන්නවා දන්නවා වරෙන් බං දැන්වත් කන්න පට්ට බඩගිනි.. "

"ඔව් ඔව් ඉක්මනට කන්න.. හෙඩ් බෝඩ් එකට මීටින් එකක් ගන්නවා කියලා කිව්වා.. "

" බලපන් බැජ් එක දෙන්නත් කලින්ම වැඩ ගන්න පටන් අරන්නෙ.. අපිටම සෙට් උනානේ ඒ ටොපියත්.. "

" එහෙම තමයි බං ඉතින්.. ඔය එන්න කියන්නෙ ලමා දිනේටයි, ස්කෝලේ උපන්දිනේටයි කරන දේවල් ගැන ප්‍රොජෙක්ට් එක හදන්න කියන්න වෙන්න ඇති.. දැන් ඉන්න ප්‍රිෆෙක්ට් බෝඩ් එක ඒ කියන්නෙ ලොකූ ලගෙ බැජ් එකත් එක්ක එකතු වෙලා කරන්න ඕන.. "

" සිරාවටම එහෙනම් අව්ලක් නෑ ඉතින්.. එතකොට බං ලොකු මස්සිනාට දැන්ම ස්ටඩී ලීව් ගන්න වෙන්නෙ නෑනේ.. "

" ඔව් ඉතින් කොහොමත් එයාට මේ මාසෙත් සති දෙකක් තුනක් ස්කෝලේ එන්න වෙයි.. "

කට්ටියම කතා කර කර කෑමත් කාලා ඉවර වෙලා අතත් හෝදගෙන ගියේ ප්‍රින්සිපල්ගෙ ඔෆිස් එකට මොකද අපි පහලට යද්දිම පණිවිඩේ ආවා සර් එන්න කිව්වයි කියලා.. ඉතින් එතනට යද්දිත් ටොප් බෝඩ් එකේ අයියලා ටික හිටියා.. අපි හය දෙනත් ඇතුලට ගිහින් දිග මේසෙ වටේ තියෙන පුටු වලින් ඉඳගත්තා.. තව විනාඩි පහක් යද්දි 6/7/8 සෙක්ශන් එකේ සෙක්ශන් හෙඩ් ප්‍රිෆෙක්ට්ත් ආවා.. ඌව දැක්කම මම ශොක් උනේ ඒ වෙන කවුරුත් නෙවෙයි ගෞරව් කැමැත්තෙන් ඉන්න කොල්ලා කියලා දැක්කට පස්සෙ.. මම එහෙමම ගෞරව් දිහා බලද්දි ඌ දත් තිස් දෙකම පේන්න හිනා වෙන අතරෙ සර් ප්‍රොජෙක්ට් එක පැහැදිලි කරන්න පටන් ගත්තා..

" හොදයි එහෙනම්.. මෙතන කලින් ටොප් බෝඩ් එක වගේම අලුතෙන් පත් වෙන්න ඉන්න ටොප් බෝඩ් එකත් ඉන්නවා.. කලින් අයට මේ මාසෙත් සති දෙකක් හෝ තුනක් විතර ස්කෝලේ එන්න වෙනවා ඊටපස්සෙ ඔයාලට පුලුවන් ස්ටඩී ලීව් ගන්න.. එතකොට මේපාර ස්කෝලෙ උපන්දිනේ, ලමා දිනේ දෙකම යෙදිලා තියෙන්නේ සඳුදා දවසක.. එතකොට උදේ වරුවෙ අපි ස්කෝලෙ උපන්දිනේ සමරනවා 11ට ලමා දිනේ පටන් ගන්නවා.. ටයිම් බැලන්ස් කරලා ඔයාලා ඇජෙන්ඩා එක හදන්න ඕන හරිද.. ම්ම්ම් එතකොට සෙක්ශන් හෙඩ් ප්‍රිෆෙක්ට්ලා දෙන්නා අභිසෙස්, ශහිරු දෙන්නා සෙක්ශන් වල වගකීම භාරගන්න ඕන.. DJ එකක් ප්ලේ කරනවා නම් ඒකට අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න ඕන.. මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕන නෑනේ කොල්ලනේ.. එහෙනම් අද ඉදන්ම වැඩ ටික පටන් ගන්න හරිද හෙට වෙද්දිවත් මට පුළුවන් නම් බජට් එකයි, ඇජෙන්ඩා එකයි ලැබෙන්න සලස්වන්න.. "

" හොදයි සර්.. අපි ඒක අදම හදන්න පටන් අරගෙන හෙට දවල් වෙද්දි සර්ට

දෙන්නම්.. "

" හරි පුතාලා.. එහෙනම් දැන් ඔයාලට යන්න පුළුවන්.. "

සර් මීටින් එක ඉවර කරද්දි අපි හැමෝමත් එලියට ආවා වෙද්දි ආව ගමන් අර මල්ලිගෙ පිට හරහා පොඩි පාරක් වැදුණේ ශේනුවගෙන්.. මේකට මොකද මේ උනේ..

" යකෝ ඇයි මල්ලි පරක්කු උනේ.. උබ කාඩ් කපාගන්නනෙ යන්නෙ ඉතින්.. "

" අනේ සොරි සොරි අයියේ.. මල්කාන්ති මිස්ගෙ වැඩක් කරලා දෙන්න කිව්වනෙ ඒකයි පරක්කු උනේ.. "

" ඒ අනික් මල ඇනේ.. හරි හරි ආයෙ සෙට් උනොත් වෙන එකෙක්ට පවරලා

එන්න හරිද.. "

" පොඩී කතාව ඉවර නම් අපි වැඩ පටන් ගමුද.. "

" ආ හරි හරි අයියේ.. "

සුදු අයියා එතනින් උන් දෙන්නගෙ කතාව ඉවර කරලා දාලා ඇහුවේ වැඩ පටන් ගමුද කියලා වෙද්දි ශේනුවත් කතාව නවත්තලා අයියලගෙ පස්සෙන් යන්න ගියා.. අනේ මන්දා අප්පා මගෙ හිතට හරි නෑනේ අද.. මොන මගුලක් වෙලාද මන්දා රෙද්ද.. අපි කට්ටියම ගියේ හෙඩ් ප්‍රිෆෙක්ට් රූම් එකට අම්මොර් අම්මොර් සුදු අයියගෙන් පස්සෙ මේක අපේ කොටාගෙනෙ.. කට්ටියම තැන් තැන් වලින් ඉඳගත්තම ආදිත්‍ය අයියා උගුරත් පොඩ්ඩක් පාදලා කතා කරන්න ගත්තා..

" ඔයාලනෙ දැන් ඉස්සරහට වැඩ භාර ගන්න ඉන්න අය.. අදහස් එහෙම කියන්නකො බලන්න.. අපි හැමෝගෙම අදහස් එකතු කරලා වැඩේ කරමු.. "

ආදිත්‍ය අයියා කෙලින්ම කියද්දි අපිත් හිමීට හිමීට කතා වෙවී අදහස් ගොඩක් ඉදිරිපත් කලා.. සමහර ඒවටනම් අයියා කැමති උනේ නෑ.. අවසානෙදි කොහොමහරි කියවලා කියවලා අපි හොඳ අදහස් ටිකක් දාලා උත්සවේ කෙරෙන විදිහ දළ විදිහට ඔලුවට දාගත්තා.. දැන් ළමයින්ගෙන් සල්ලිත් එකතු කරන්න බැරි නිසා අපිට කිව්වෙ ළමයි දෙන්නෙ කීයද ඒ ගාන ගන්න කියලා වෙද්දි ලෝ බජට් එකෙන් රෝල ගහන්න අපිට සිද්ධ උනා.. ඒ වෙලේදිම බජට් එකත් භාගෙට හදලා ඉවරකරත්තෙ ස්කෝලේ 1.30 බෙල් එක වදිනකොට..

" එහෙනම් හෙට උදෙන්ම කට්ටිය ඇවිල්ලා ඇජෙන්ඩා එකයි බජට් එකේ ඉතුරු ටිකයි හදලා සර්ට දෙමු.. දැන් හැමෝම ඩියුටි වලට යන්න.. "

ඒ කියලා ශේනු, දිලුම්, විහස්න අයියා මම විතරක් ඉතුරු වෙන්න අනික් හැමෝම පිටත් වෙලා යද්දි මමත් නැගිට්ටෙ ඩියුටි වලට යන්න හිතාගෙන..

" අද ක්‍රිකට් ප්‍රැක්ටිස් නෑ දිලුම්.. මීණූ ඉඳලා උබලා ඔක්කොම ඩියුටි වලට යන්නකො.. පොඩී මීණුගෙ බෑග් එක එද්දි අරගෙන එන්න.. "

" පුහ්හ් පිපෙට් ආර්යාව අපේ.. "

" පොඩී !!! ගුටි කනවද උබ යනවද.. "

" හරි හරි ඒ යමු දිලුමෝ.. විහා අයියේ එන්න.. "

ඒ තුන් දෙනා රූම් එකෙන් එලියට යද්දි ආදිත්‍ය අයියා නැගිටලා ඇවිල්ලා දොර ලොක් කරලා වීදුරු ජනෙල් වලට දාලා තියෙන අළු පාට ක'ටන්ස් ටිකත් පහලට ඇදලා දැම්මෙ තවමත් හිටගෙන ඉන්න මගෙ ලගට අඩියෙන් අඩිය ඉස්සරහට එන ගමන් වෙද්දි ඒ හා සමානව මම අඩියෙන් අඩිය පිටිපස්සට ගිහින් අවසානෙදි මට යන්න තැනක් නැතුව එතන තිබ්බ දිග මේසෙ උඩින් ඉන්ද උනේ ආදිත්‍ය අයියා මගෙ ඉස්සරිහින් පපුවට අත් දෙකත් තියාගෙන හිටගනිද්දි..

බැරි වෙලාවත් මම හිතෙන දේ නම් වෙන්න එපා.. එහෙම උනොත් මිහිනු පුතේ උබ අද ඉවරයි..

" තවමත් උබට කියන්න දෙයක් නැද්ද මිහිනු අභිසෙස් !!! "

" අ.. අය්..අයියේ.. "

" කට !! කට වහගෙන හිටපන් හරී.. "

" අ..න්.නේ.. "

" ම්ම්ම්.. මම මොකක්ද එදා කිව්වෙ.. උබෙන් හොඳින් ඇහුවා හරී උබෙන් හොඳින් ඇහුවා මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා.. එතකොට උබ කිව්වානේද එහෙම නෑ කියලා ආ.. කතා කරපන් එහෙම කිව්වා නේද.. "

" හ්හ්.. ක්ක්..කිව්..වා.. "

" ම්ම් හොදයි.. එතකොට මොකක්ද යකෝ අර කොහෙවත් ඉන්න බල්ලො ටිකක් උබව අල්ලගෙන කියලා තියෙන කතා ආ.. කතා කරපන් මිහිනු.. මොනාද ඒ.. තොට මාව ගෑණියෙක් වගේ පේනවද එහෙම නැත්නම් කොන්ද පණ නැති පොන්$නයෙක් වගේ පේනවද යකෝ තොට ඒකවත් මට කියන්න බැරි තරමටම උබට මාව වැඩක් නැද්ද.. මම උබව පොඩි කාලේ ඉඳන් හිත රිදෙන්න වචනයක් නොකියා පරිස්සම් කලේ උබට මේ වගේ කතා අහගන්නද.. උබට වඩා ඒ වචන නෑ රිදෙන්නෙ මට බං.. තමුසෙ මට මගෙ දරුවෙක් වගේ.. උබගෙන් මම ඇහුවා එක පාරක් දෙපාරක් නෑ හතරපාරක් ඇහුවා මොකක්ද උනේ කියලා.. උබ කටක් හෙල්ලුවෙ නැත්තේ මාව වැඩක් නැති නිසානෙ.. ශිට්.. "

මේසෙට අත මිටමොලවලා හයියෙන් පාරක් ගහන ගමන් ආදිත්‍ය අයියා කෑගහන්න පටන් ගනිද්දි ඒ මේසෙට ගහපු පාරට මාව ගැස්සිලා ගියා උනත් මගෙ කඳුලු දැකලා උනත් එයා නෙවෙයි කෑ ගහන එක නැවැත්තුවෙ.. එයා බනින මුලු වෙලේම මට පුළුවන් උනේ ඉකි ගගහ අඩන්න විතරක් වෙද්දි අයියා කියපු ඒවට මගෙ හිත තවත් රිදුනා..

" මෙහෙම කරන්න එපා යකෝ මෙහෙම කරන්න එපා.. උබට ප්‍රශ්නයක් නම්, කවුරු හරි මොනාහරි කිව්වනම් ඒවා මට කියපන්.. මම උබේ සුදු අයියා.. උබගෙ කන පලන්න තරම් මගෙ අත නැවෙන්නෙ නැති නිසා අද උබ බේරුනා කියලා හිතාගනින්.. හැබැයි සුදූ ආයෙම මට උබ සම්බන්ධ දේවල් පිටින් ආරංචි වෙන්නත් මට හොයලා බලන්නවත් සිද්ධ කරන්න එපා.. අද ඉන්න එක්කෙනා එදාට ඉන්නෙ නැති වෙන්න පුළුවන්.. "

මගෙ කට දෙපැත්තෙන් අල්ලගෙන මූණට එබිලා උගුරෙන් වගේ කතා කරපු ආදිත්‍ය අයියා අන්තිමට මාව අතෑරලා එතන තිබ්බ පුටුවක් උඩින් ඉදගෙන කෙස් ටික අතින් ඇදගත්තෙ මෙච්චර වෙලාම දොරට ගහපු තුන්දෙනා දොරත් ඇරගෙන ඇතුළට එද්දි..

ශේනු, දිලුම් ශොක් වෙලා වගේ බලාගෙන ඉන්නෙ රූම් එක හැඩි වෙලා තියෙන දිහා උනත් ශේනු ඒ ඔක්කොම පැත්තට දාලා මම ලගට ආවේ විහස්න අයියා ආදිත්‍ය අයියා ලගට යද්දි..

" ආදි මොකක්ද යකෝ උබ නැටුව පිස්සුව.. ඇයි මේ බඩු පොලේ ගහලා.. "

" කේශ් මගෙ තව යකා අවුස්සන්නෙ නැතුව මුං තුන්දෙනත් එක්ක ගෙදර පලයන්.. "

" ය.. යකෝ.. "

විහස්න අයියා ආයෙම මොකක් හරි කියන්න හැදුවත් ආදිත්‍ය අයියා රවලා බලපු පාර කියන්න ගිය එක ගිලගෙන අපි තුන්දෙනා දිහා බැලුවේ දැන් ගෙදර යමන් කියන්න වගේ වෙද්දි මම බැලුවෙ දාඩිය දාගෙන, ඇස් රතු කරන්, බෙල්ලෙ නහරත් උලුප්පගෙන ඉන්න සුදු අයියා දිහා උනත් එයා නෙවෙයි එක බැල්මක්වත් මට දුන්නෙ..

" මල්ලි ගෙදර යමු තව හවස් උනොත් ලොක්කයියා බය වෙයි.. "

" ...... "

මම මුකුත් නොකියා මේසෙන් බහිද්දි දිලුම් මගෙ ලේන්සුව දුන්නෙ මූණ පිහගන්න කියලා වෙද්දි විහස්න අයියා ආදිත්‍ය අයියා ලගට ගිහින් මොනාහරි කියලා අපි තුන්දෙනත් එක්කම ස්කෝලෙන් එලියට ආවා.. එතනින් හෝල්‍ට් එක ලගට ගිහින් බස් එකේ නැගලා ගෙදර එන්න ආවේ මම ගෙදර ගිහින් ගේ ඇතුළට යනකනුත් අඩ අඩම ගෙට යද්දි.. එයා රණ්ඩු වෙන්න ඕන නැති නිසානෙ කිව්වෙ නැත්තෙ..

ස්කෝලෙ ඇඳුම පිටින්ම සපත්තු දෙකවත් ගලවන්නෙ නැතුව ඇඳට පැන්න මම කොට්ටෙකුත් තුරුල් කරගෙන ගුලි උනේ කොයිම මොහොතක හරි සුදු අයියා එයි කියන බලාපොරොත්තුවෙන්.. ලොකූත් ඇවිල්ලා බොරුවට නිදාගෙන හිටිය මගෙ ඔලුව අතගාලා යන්න යද්දි ටික වෙලාවකින් මට ඇත්තටම නින්ද ගියා..

වැඩක් නැත්තෙ නෑ මම සුදු අයියට ආදරෙයිනෙ....

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________________________

Hello Lamai

• අභිනු ගෞරව් පෙරේරා

• අවුරුදු 18 යි

• 12 ශ්‍රේණිය කලා අංශය

• මෙතුන් ශහිරු ද සිල්වා

• අවුරුදු 17 යි

• සාමාන්‍ය පෙළ අංශය

• විග්නේශ් රගුවරන්

• අවුරුදු 19 යි

• පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උප නායක

ඔන්න දොලහට කලින් හෙටට කලින් ආවා.. 🥹

පරක්කු උනාට සමාව භජනය

කරන්න..🥲

මම කිව්වෙ නෑනේ ආදිත්‍ය ආදරණීය නපුරු නෑයි කියලා..😌

හුම්ම් තවත් සහන ඉදිරියට..😚

මේකෙ ඉන්න ඔක්කොම කොල්ලො කොල්ලොන්ටම දෙනවා කියලා හිතෙනවද.. ආ කමක් නෑ එහෙම හිතාගන්න.. තව චරිත ඉස්සරහට එන්න ඉන්නවා අනික 7න් 6යි තාම ඉන්නෙ.. 😌

13 වෙනිදට කලින් තව එකක් දෙන්නම්.. හිතුනොත් හෙට වෙන්නත්

පුළුවන්...😁

එහෙනම් අපි කැපුනා.. 😌

Good Night

Lvuuuuu❤

Share This Chapter