Back
/ 50
Chapter 45

[හතළිස් තුන්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

ආදිත්‍යගෙ මානයෙන්:-

බිග්මැච් එකට කලින් දවසෙ අපිට ස්කෝලෙට එන්න කිව්ව හින්දම ගියා මිසක් මංනම් හිටියේ පට්ටම මහන්සියෙන්..... කොහොමත් මට මෙතන ඇවිල්ලා වැඩ කරන්න තරම් මානසිකත්වයක් තිබ්බෙ නෑ පහුගිය දවස් හතර පහේම unknown number එහෙකින් එන අමුතු අමුතු මැසේජ් නිසා..... ඒ හැම එකකටම මගෙ පොඩි එකාව සම්බන්ධ කරලා කියන දේවල් නිසා සිරාවටම මම හිටියේ බයෙන්..... මොකද සමහර දවස් වලට මීණූ, දිලුම්, පොඩී ක්ලාස් ඉවර වෙලා, ස්කෝලේ ඇරිලා ගෙදර යන්නෙ තනියම....... දැන් මේ මාසෙන් පස්සෙ මම, විහස්න දෙන්නම නෑ..... ලොක්කයියටවත් හොයලා බලන්න වෙලාවක් වෙන් කරගන්න අමාරුයි..... ඉතින් මම බය වෙන එක සාධාරණයිනෙ....

අපි ඉන්න තැනට ටිකක් එහාට වෙන්න මොන මොනාද බරටම කියව කියව වැඩ කරන පොඩි උන් තුන්දෙනා දිහා බලාගෙන හිටිය මම එහෙමම ටිකක් පුටු ඇන්දට බර වෙලා ඇස් දෙක පියාගත්තා..... විනාඩි පහ දහයකට පස්සෙ මගෙ කොන්ඩෙ අස්සෙන් සනීපෙට ඔලුව අතගෑවෙද්දි මම ඇස් දෙක ඇරලා බලද්දි ඒ ඇවිල්ලා හිටියේ මීණූ......

" ඔලුව රිදෙනවද සුදු අයියේ.. මම පැනඩෝල් දෙකක් අරන් එන්නද.. "

පැන්ඩෝල් දෙකක් අරන් එන්නද අහපු කොල්ලා මම මුකුත් කියන්නත් කලින්ම ශේනුවත් ඇදගෙන දිව්වෙ ඕකට කිව්වට වැඩක් නැති නිසා වෙද්දි මමත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙවී හිටියා....... පැය භාගයක් යනකනුත් දෙන්නම නැති තැන මම බය උනා...... මේ හවස් ජාමේ..... රාදෙව් ගෙ යාලුවො ටිකකුත් ඇවිල්ලා හිටියා මම දැක්කා........ කේශ්ටත් කියලා මම උන් දෙන්නව බලන්න ඒ පැත්තට හන්න හදද්දිම වගේ මිහිනුගෙ කරටත් අතදාගෙන එන පොඩීව දැක්කම රත් උන ලේ ටික ආයෙම සාමාන්‍ය උනා........ මේකා ඇටයා කාලෙ ඉදන්ම කලේ මගෙ ලේ ටික පුච්චපු එක........

මට පැන්ඩෝල් දෙක දීපු කොල්ලා වැඩිය මූණ පෙන්නන්නේ නැතුව මගෙන් ඈතටම ගිහින් වැඩ කරද්දි එයාගෙ හැසිරීම පොඩ්ඩක්වත් මට ඇල්ලුවෙ නෑ....... ඕක දැන් හොයන්න ගියොත් මොනාහරි දෙයක් වෙලානම් ඒ කියන්නෙත් නෑ....... ඉතින් ඒක නිසාම මම හිතාගත්තා බිග්මැච් එකෙන් පස්සෙ අහන දෙයක්, හොයන දෙයක් හොයන්න.......

බිග්මැච් එක වින් කරලා දවස් දෙකක් ගෙවුන තැන මම, කේශ්, රගුවරන් එක්ක හිටියේ පිසික්ස් ක්ලාස් එකේ....... අද ඇටයො තුන්දෙනාට ක්ලාස් නෑ ඒක නිසා ඒ තුන්දෙනා ආවේ නෑ......

" රගූ මම උබට කිව්වා නේ එදා හවස මොකක්ද උනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න කියලා.. මොකෝ ආරංචියක්

ආවද.. "

" කඩවුලේ.. ඔද වෙලේට උබ මතක් කලේ.. එදා හවශ පොඩි ශීන් එකක් තමා ගීන් තියෙනවා.. "

රගුවරන් එදා උන දේවල් අකුරක් නෑරම මට කියද්දි මගෙ මිටමෙලවෙන අතට කෙශ් දෙතුන් පාරක් තට්ටු කලේ මේක ක්ලාස් එක කියලා මතක් කරන්න ඕන නිසා වෙන්න ඇති...... ඒත් මට ඒක අදාල උනේ නෑ...... වෙන එකෙක් කියනකම්ම ඉන්න ඕන උනා මට මේ දේවල් දැනගන්න....... අරූට වැන්දෙ නැති ටික විතරයි මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒක මට කියපන් කියලා........ හතරපාරක්ම අහලත් මුකුත් නෑ කිව්වට මට සැක හිතුනා මට තේරුනා මොකක් හරි වෙලා කියලා....... ඒකමයි මම රගූට හොයන්න කිව්වේ....... යකෝ අර පොන්න වේසා බල්ලො ටික ශිට්.......

එදා හවස ක්ලාස් ඉවර වෙලා මට ගෙදර යන්න ඕන උනත් ඊටවඩා වැදගත් දෙයක් මට කරන්න තිබ්බා..... ඒ අර බලු කතාව කිව්ව උන් සෙට් එක හොයාගන්න...... ඉතින් කේශ්, රගු දෙන්නත් එක්කම ඒ වැඩෙත් කරගෙන මම ගෙදර එද්දි රෑ10ට කිට්ටු කරලා තිබුනා......

හෙට උදේම ස්කෝලේ යන්න ඕනේ මොකද හෙට අපිට ඇඩ්මිශන් දෙන නිසා....... මිහිනුගෙන් මැසේජ් හතර පහක්ම ඇවිල්ලා තිබ්බත් මම ඒ එහෙකටවත් රිප්ලයි නොකර ෆෝන් එක ඕෆ් කරලා දැම්මා....... උදේ ස්කෝලෙ යද්දි නෝටිස් බෝඩ් එකේ අලුත් ප්‍රිෆෙක්ට් බැජ් එකට අදාලව ටොප් බෝඩ් එකට තේරුන අයගෙ නම් ලිස්ට් දාලා තිබ්බා....... ඉතින් මම දැනගෙන හිටියා පොඩී හෙඩ් වෙනවා කියලා....... දිලුම්, ගෞරව් දෙන්නා DHP ලා විදිහට තේරිලා තිබ්බා, GC ලා දෙන්නට තේරිලා තිබ්බෙ Maths එකෙන් මෙරෝන්, යවිශ්ක දෙන්නා...... DGC ලා දෙන්නට සිලෙක්ට් වෙලා තිබ්බෙ Bio එකෙන් යුගාර, ආලෝක දෙන්නා 9/10/11 සෙක්ශන් හෙඩ් ප්‍රිෆෙක්ට් ට තේරිලා තිබ්බෙ මගෙ පොඩි එකා....... 6/7/8 සෙක්ශන් හෙඩ් ප්‍රිෆෙක්ට්ට තේරිලා තිබ්බෙ ශහිරුව........

ඒ ටිකත් බලාගෙන මම ගියේ මේන් හෝල් එකට....... ඒ යද්දි කොල්ලො ටිකත් ඇවිල්ලා හිටියා..... හරියටම 8 වෙද්දි පිරිත් දේශනාව පටන් ගත්ත නිසා මට ආයෙ එලියටවත් යන්න හම්බුනෙ නෑ....... කොහොමහරි පිරිත් ඉවර වෙද්දි උදේ 11යි මම හාමුදුරුවෝ පිරිත් නූල් ගැටගහද්දි තව නූලකුත් ඉල්ලගෙන ස්ටේජ් එකෙන් බිමට බැහැලා මිහිනුලා ඉන්න තැනට ගිහින් එයාවත් එක්කගෙන ලොකු නුග ගහ යටට ආවා....... කොහොමත් අද මෙයත් එක්ක දෙයක් බේරගන්න තියෙනවා........

වැඩි කතාවක් නැතුවම ගෙනාව පිරිත් නූල අරගෙන අතේ බැඳලා ඉවර වෙනවත් එක්කම මොනාහරි කියන්න ගිහින් මඟින් නවත්තපු මීණු මාව බදාගත්තෙ ආපිට මාත් ලාවට වගේ කොල්ලව බදාගනිද්දි..... ටිකකින් මගෙ පපුවට දැනුනෙ පුංචි තොල් දෙකක උනුහුම වෙද්දි මට තේරුනා පොඩි එකා මගෙ පපුවට හාදුවක් තිබ්බයි කියලා......

ටිකකින් කඩාපාත් උන පොඩීටත් පොඩ්ඩක් සැර කරලා ඒ දෙන්නා යන්න යද්දි මමත් පන්තියට ගියේ එවලෙ ඉන්ටවල් එක නිසා වෙද්දි අපි තුන්දෙනා කන ගමන් ඉන්නකොට පණිවිඩයක් ආවේ ඊලග පීරියඩ් එකේදි ප්‍රින්සිපල් මීටින් එකකට කතා කරා කියලා...... තාත්තා ප්‍රින්සිපල් උනහමත් හෙන වදේ.......

අපි කට්ටිය ඉක්මනට කාලා ඔෆිස් එකට ගිහින් ටිකක් වෙලා ඉද්දි පොඩී, දිලුම්, මීණු, ගෞරව්, යුගාර, ආලෝක, මෙරෝන්, යවිශ්ක සෙට් එකම ආවා උනත් එක්කෙනෙක් අඩු උනා...... ඉතින් තාත්තා මීටින් එක පටන්ගනිද්දිම වගේ ශහිරුත් ආවේ හතිදාගෙන....... ලමා දිනේටයි, ස්කෝලෙ බර්ත්ඩේ එකටයි ප්‍රොජෙක්ට් එකක් හදන්න කියලා ඒවගෙ ඇජෙන්ඩා, බජට් එහෙම ලෑස්ති කරන්න කියලා මීටින් එක ඉවර කලේ අපි හැමෝම ඔෆිස් එකෙන් එලියට බහිද්දි.......

එලියට ආව ගමන් පොඩි අර අහිංසකයව මරන් කන්න හදද්දි මම පොඩි සද්දයක් දාලා කට්ටියවත් එක්කගෙනම මගෙ රූම් එකට ගියේ ප්‍රොජෙක්ට් දෙක ගැන කතා කරගන්න...... එවලෙ ඉඳන්ම කට්ටියගෙ යෝජනා, අදහස් අහන ගමන් අපි උත්සව දෙකේම ඇජෙන්ඩා දෙක හදලා ඉවර කලා..... ඒ වෙද්දි බජට් එකෙත් භාගයක් ඉවර කරලා තිබුනේ...... 1.30 බෙල් එක ගහනවත් එක්කම මම අනික් කට්ටියවම ඩියුටි වලට යැව්වෙ හෙට උදේම ඇවිල්ලා මේ වැඩේ ඉවර කරන්න එන්න කියලා කියන ගමන්මයි...... තාමත් බලාගෙන ඉන්න පොඩී, දිලුම්, ගෞරව් තුන්දෙනාවත් කේශ් එක්කම රූම් එකෙන් යැව්වෙ ආයෙම එද්දි මිහිනුගෙ බෑග් එකත් අරගෙන එන්න කියලා කියන ගමන්මයි.......

ඒ හතරදෙනා යනවත් එක්කම මම දොර වහලා, ජනෙල් වල කර්ටන්ස් ටිකත් පහලට ඇදලා දැම්මෙ අඩියෙන් අඩිය මිහිනුගෙ ලගට ලං වෙන ගමන් වෙද්දි අවසානෙට යන්න ඉඩක් නැතුව පස්සෙන් පස්සට ගියපු මීණු නැවතුනෙ මේසෙ උඩ ඉන්දවිලා....... එයාගෙ ඉස්සරහින් අත් දෙක පපුවට බැඳගෙන හිටගත්ත මම එදා සිද්ධිය මුල ඉදන්ම මතක් කරද්දි කොල්ලගෙ ඇස් වලින් කඳුලු වැටුණා උනත් මට ඕන උනේ නෑ හැමදාම එයාට බුරුලක් දෙන්න.......

දන්නවා මං හොඳටම දන්නවා ඌ කොල්ලෙක් කියන්න ඒත් මිහිනු කියන්නෙ මට තාමත් දරුවෙක්...... මං කැමති නෑ ඌට වෙන මොකෙක්ගෙවත් ඇල්මක් බැල්මක් වැටෙනවට...... පුංචි කාලෙ ඉදන් හැමදේම කිව්ව මට මෙච්චර දෙයක් වෙලා කියන්න බැරි තරම් මූ ලොකු උනාද..... කොච්චර ලොකු උනත් ඌ තාත්තෙක් උන දාටත් මට මිහිනු කියන්නෙ අම්මගෙ බඩින් ඔහෑ ගාගෙන එලියට ආව, ස්කෝලෙ යද්දි අතින් අල්ලගෙන ගිය පොඩි එකාම විතරයි......

අන්තිමට කොල්ලගෙ කම්මුල දෙපැත්තෙන් අල්ලගත්තු මම කටහඬ බර කරලා කිව්වෙ මම කම්මුල අතාරිද්දි ඒ අල්ලගෙන හිටිය තදට කම්මුල් දෙපැත්ත රතට හැරිලා තියෙද්දි...... කරන්න දෙයක් නෑ හැමදාම බුරුලක් දෙන්න බෑ එහෙම උනහම මුරණ්ඩු වෙනවා...... එදා කිව්වට කන පැලෙන්න ගහනවයි කියලා එච්චර දෙයක් කරන්න මගෙ අත නැවෙන්නෙ නෑ...... ඊටත් මගෙ අතින් පොඩි එකාට පාරක් කන්න බෑ..... මම තලන්නෙ නෑ කියලා පොරොන්දු උන මල, මගෙ අතින්ම තැලෙනවා දකින්නත් මට බෑ......

මෙච්චර වෙලාම දොර කඩන්න හදපු උන් තුන්දෙනා දොර ඇරගෙන ඇතුළට එද්දි කේශ් කෙලින්ම ආවේ මං ලගට...... පොඩී, දිලුම් දෙන්නා මිහිනු ලගට ගිහින් කඳුලු පිහිද පිහිද කතා කරද්දි කේශ් මගෙන් අහපුවට උත්තර නොදීම ඌටත් පොඩ්ඩක් සැර කරලා පොඩි උන් තුන්දෙනත් එක්කම ගෙදර යන්න කිව්වා..... ආයෙම මොකක් හරි අහන්න කේශ් කට ඇරියත් මම රවපු පාර ඌ කටවහගෙනම පොඩි තුන්දෙනාවත් අරගෙන රූම් එකෙන් එලියට යද්දි මම ලී මේසෙ උඩට අත මිටමොලවලා පාරක් ගැහුවෙ දැනුන කේන්තියට.......

මේසෙ කොනක තිබ්බ බෑග් එක අරගෙන ඒකෙන් ෆෝන් එක එලියට ගත්තු මම කෝල් එකක් ගත්තෙ රගුවරන්ට වෙද්දි උගෙන් අර හුත්තිගෙ පුතාලා ගැන විස්තර අහගත්ත මං කෝල් එක කට් කලේ ෆෝන් එකත් එහෙමම සාක්කුවට දාගෙන ස්කෝලෙන් එලියට බැස්සෙ එහෙමම පාර පැනලා නුගේගොඩට යන්න බස් එකේ නගිද්දි.......

පැය භාගෙකට විතර පස්සෙ මම හිටියේ නුගේගොඩ තියෙන ක්ලාස් එකක් ඉස්සරහ වෙද්දි හරියටම හවස 6ට ඇරුන ක්ලාස් එකෙන් ලමයි එක එකා එලියට එන දිහා බලාගෙන හිටියේ විනාඩි කීපෙකින් මට ඕනකරන උන් දෙන්නා නෙලිතත් එක්කම පඩිපෙළ බැහැලා ක්ලාස් එකෙන් එලියට එද්දි...... ටික වෙලාවකින් රාදෙව් කාර් එහෙක නැගලා පිටවෙලා යද්දි අරුන් දෙන්නත් යන්න පිටත් උනේ නුගේගොඩ තියෙන අතුරු පාරක් අස්සෙන් වෙද්දි මමත් උන් දෙන්නගෙ පස්සෙන්ම ගිහින් කව්රුත්ම නැති, මිනිස් පුලුටක් කියලා නාමයක් නැති හරියකදි දෙන්නගෙම උරහිස් දෙකෙන් අත් දෙක තිබ්බෙ උන් දෙන්නා ගැස්සිලා ගිහින් බය වෙලා මගෙ දිහා හැරිලා බලද්දි......

" අ..අබ්..භි..ශේක්.. "

" ඕහ් මතකයි නේද මාව.. ඒකත් හොදයි ඉස්සරහට කොහෙත්ම අමතක කරන්න එපා.. "

" අ..ඇයි.. අ..අයි.. "

*චටාස්*

කතෲගේ මානයෙන්:

ගොත ගගහ කතා කරපු කොල්ලො දෙන්නගෙම කන පුපුරන්න තරම් හයියෙන් ආදිත්‍ය උන් දෙන්නගෙ කනට ගැහුවෙ ඒ ගැහුව පාරට දෙන්නගෙම තොල් පැලිලා දෙන්නම බිමටත් වැටෙද්දි..... එහෙමම බිමට නැවුන ආදිත්‍ය උන් දෙන්නගෙ ටී ශර්ට් කොලර් දෙකෙන් අල්ලගත්තෙ කොල්ලො දෙන්නම බයෙන් බයෙන් වගේ පස්සට යනකොට.....

" ම්ම් මොකක්ද එදා අර කියලා තිබ්බේ.... ආඅ.... කතා කරපන් බල්ලො දෙන්නා.... මොකක්ද එදා මගෙ පොඩි එකාට කියලා තිබ්බේ..... "

" අ..අනේ.. අතා..රින්නකො.. ඒක.. ඒවා.. වැර..දිලා.. කිව්වේ.. හිත..ලා.. කිව්..වේ නෑ.. බං... "

*චටාස්*

" මට කියලා උබේ මූණකට පොඩි කරගන්න එපා හුත්තෝ.. තෝ එදා මගෙ පොඩි එකාට කිව්ව හැම බලු කතාවක්ම දැනගෙන තමයි අද මෙතනට ආවේ..... මට තොපි එකෙක්ගෙන්වත් වැඩක් නෑ යකෝ, එකෙක්ගෙන්වත් වැඩක් නෑ..... උබ හිතන්න එපා එදා ඌ බිම දණ ගහගෙන අඬපුවා මම දන්නෙ නෑ කියලා..... තොපි කොහොමද බල්ලො හිතුවෙ මම පොන්නයෙක් කියලා.... තොපි කොහොමද කියන්නෙ මම කොලුකාරයෙක් කියලා හහ්.... කොලුකාරයෙක් නම් මම අද මෙහෙම එයිද ම්ම්ම්... "

" අ.. අනේ.. අයියේ.. අත අරින්න අපිව.. අපි..ට.. කිව්ව.. නිසයි.. එදා.. එහෙම දේවල්.. කිව්වේ.. "

" චහ් චහ්.. අතාරින්න අතාරින්නම් මේකත් හොදට අහගෙන උබලගෙ මහ බල්ලට ගිහින් කියපන්..... උබලා නිසා මම අඩවන්නෙ නෑ කියලා පොරොන්දු උන ඇස් දෙකට අද කදුලු දුන්නා.. මගෙ පොඩි එකාට මම අත ඉස්සුවා..... ඒ තොපි වගේ කාලකන්නි බල්ලො නිසා..... මම ස්කෝලෙ ඉන්න හෙඩ් ප්‍රිෆෙක්ට් වත් යාලුවො ඉස්සරහා ඉන්න ආදිවත් නෙවෙයි මගෙ කොල්ලා ඉස්සරහා..... ඒක නිසා ආයෙම ඌට අතක් තියන්න, වචනයක් කියන්න කලින් එක පාරක්, දෙපාරක් නෑ දහස් වතාවක් හිතපන්.... ඌට රිදෙන්නෙ දෙගුනෙද, දහගුනේද උබලට හරි ඌව රිද්දපු උන්ට ඊටවඩා සිය දහස් ගුණේකින් රිදෙයි..... "

ආදිත්‍ය කොල්ලො දෙන්නගෙ කෙස් වලින් අල්ලගෙන උගුරෙන් දත්මිටි කකා කතා කරද්දි කොන්ඩෙ අල්ලගෙන ඉන්න වේදනාවට අර කොල්ලො දෙන්නගෙ ඇස් වලට කඳුළු පවා උනලා තිබ්බා....

ආදිත්‍ය ඒ දිහා බලාගෙන හිටියේ හිනා වෙවී....

හරියට හරියට, physco කෙනෙක් වගේ.....

අවසානෙදි උන් දෙන්නගෙම කොන්ඩ අතෑරපු ආදිත්‍ය එයාගෙම අත බලද්දි අර කොල්ලො දෙන්නගෙ කෙස් ගස් ගොඩක් ආදිත්‍යගෙ අතේ රැදිලා තිබ්බා වගේම තාමත් බිම වැටිලා ඉන්න කොල්ලො දෙන්නගෙම කකුල් දෙක ආදිත්‍ය පාගගෙන හිටියේ සෙරප්පු දාගෙන හිටිය කොල්ලො දෙන්නගෙ කකුල් ආදිත්‍යගෙ ස්කෝල සපත්තු වලට තුවාල වෙලා ලේ ගලද්දි....

අන්තිම පාරටත් කොල්ලො දෙන්නා දිහා බලන් smirk කරපු ආදිත්‍ය බෑග් එකත් තනි අතින් එල්ලගෙන යන්න ගියේ බිම වැටිලා හිටිය උන් දෙන්නත් බෑග් අරගෙන නොන්ඩි ගගහම ඉක්මනට එතනින් පිටවෙද්දි.....

මහපාරට ආව ආදිත්‍ය එතන තිබුන පෙට්ටි කඩේකින් සිගරට් එහෙකුත් අරගෙන ත්‍රීවිල් එහෙකට නැග්ගෙ තමන්ගෙ ස්කෝලෙ ශර්ට් එකේ ගහලා තියෙන සාක්කුව අතින් ගලවලා දාන ගමන්...... සිගරට් එක කටේ ගහගන්න ගමන් සාක්කුවෙ තිබ්බ ෆෝන් එක අතට ගත්තෙ ෆෝන් එක ඔන් කරපු ගමන් මිස් කෝල්ස්, මැසේජස් ගොඩක් එක දිගට පොප් අවුට් වෙද්දි..... එතනින් ලාස්ට් මිස්ඩ් කෝල් එකට ආයෙම කෝල් බැක් කරන ගමන් ඉතුරු සිගරට් කොට කෑල්ල විසික් කරලා දැම්මෙ එහා පැත්තෙන් කෝල් එක ආන්සර් වෙද්දි.....

කතෲ මානය අවසන්

ආදිත්‍යගෙ මානයෙන්:

ත්‍රීවිල් එකට සල්ලි ගෙවපු මම අපේ ගේ ළඟින් බහිද්දි වෙලාව රෑ අටයි..... මෙච්චර පරක්කු වෙලා ගෙදරට එන පලවෙනි වතාව උනත් මම ඒක වැඩි ගානකට නොගත්තෙ මම ඒ ගියපු ගමන් කොහෙත්ම අනවශ්‍ය එකක් නොවුන නිසා..... ගෙට ගොඩ වෙද්දිම පොඩී මගෙ ඉස්සරහට ආවේ හැටට හැටේ රවන ගමන් වෙද්දි මම ඒකව අතින් පැත්තට කරගෙන කෙලින්ම ගියේ මගෙ කාමරේට.... හොද වෙලාවට අම්මා කුස්සියෙ තාත්තා තාම ගෙදර ඇවිල්ලා න..... එහෙනම් මට මෙහෙම බේරිලා එන්න වෙන්නෙ නෑ.....

බෑග් එක මේසෙ උඩට දාලා සපත්තු දෙක පිටින්ම මම තුවායත් අරගෙන ගියේ බාතෲම් එකට වෙද්දි ශර්ට් එකේ ඉදන් මේස් දෙක වෙනකම්ම ඇඳුම් ටික ගලවලා දාපු මම මුලින්ම කලේ සපත්තු දෙකේ අඩිය හෝදපු එක..... ඒ දෙක හෝදලා එලියට දාලා ශවර් එකට ඔලුව අල්ලලා හොදට නාගත්තෙ මගෙම අත්දෙක බ්‍රශ් එහෙකින් රතු වෙනකම් අතුල්ලන ගමන්..... පව්කාර හැත්තගෙ කෙස් ගහක්වත් මගෙ අතේ තියෙන්න ඕන නෑ.......

නාලා ඉවර වෙලා බ්‍රශ් එක අරගෙන ඒකට මින්ට් රස ටූත්පේස්ට් එකෙන් ටිකක් අරගෙන දත් මැද්දෙ මම සිගරට් බොනවයි කියලා කවුරුත් දැනගන්න ඕන නැති නිසා.... ඔක්කොම වැඩ කරගෙන ශෝටකට ආම් කට් එකක් දාගෙන මම පහලට එද්දි තාත්තා ඇවිල්ලා හිටියා උනත් එයා සාලේ හිටියේ නෑ.... ශේප් එකේ මම කුස්සියට ගියේ අම්මව ශේප් කරගන්න ඕන නිසා වෙද්දි ඒ වෙනකොටත් පොඩී අම්මා එක්ක කයියක් දාගෙන හිටියේ මම ආව බවත් අම්මා දැනටමත් දැනුවත් වෙලා ඉද්දි....

තාත්තටයි මටයි තේ හදන ගමන් හිටිය අම්මා ඒක නවත්තලා මගේ පැත්තට හැරෙන ගමන් මගෙ ඔලුවත් අත ගගා ඇස්වල කදුලු පුරවන් කියද්දි මම අම්මගෙ කම්මුල අත ගෑවා..

" ලොකූ... මම ගියේ කොහෙද කියලා අහන්නෙ නෑ ඒත්.... පුතේ අම්මා වඳින්නම් ආයෙ පරණ තත්වෙට නම් වැටෙන්න එපා.... මට ආයෙම ඔයාව එහෙම දුර්වල වෙලා ඉන්නවා බලන්න බෑ පුතේ.... අපි මේ හැම ප්‍රශ්නයක්ම ඉක්මනට හොඳින් විසඳගමු.... "

" අම්මා බය වෙන්න එපා මම ආයෙම දුර්වලයෙක් වෙන්නෙ නෑ... මටත් ඕන ඉක්මනට මේ හැම ප්‍රශ්නයක්ම ඉවර කරලම දාන්න... "

" ඔයාට දැන් ආයෙම පරිස්සම් කරන්න ඔයාගෙ සුදු බෝලේ ඉන්නවා... ඒ දරුවව පරිස්සම් කරන්න පුතේ... ඒකා හරි අහිංසකයි... ඒ වගේම ඔයත් පරිස්සමෙන් තේරුනාද... "

" ඔයා දන්නවනෙ අම්මේ ඒ ඉන්නෙ මගෙ පණ ටික කියලා... කාටවත්ම කාවවත්ම නැති වෙන්නෙ නෑ... කෝ කෝ නිරෝශා ඉක්මනට තේ ටික හදලා දෙන්න... "

" අනේ මේ ලොකූ මගෙන් මුකුත් නාහා පලයන් මෙතනින්... "

" අන්න බලන්න පොඩි මේ කාන්තාවන්ගෙ වෙස් පෙරලිල්ල... තාත්තා කොහොම ඉන්නවද මන්දා... "

" මොකද උබලා දෙන්නා ඔය මගෙ නෝනව අවුස්සන්නෙ ආආආ... "

" මේ ඒක නෙවෙයි තාත්තෙ ඔයා කොහොමද අම්මා එක්ක ඉහගහගෙන පවුල් කෑවේ... "

" අපෝ බං... ඕවා ඇහෙන්න කියන්න එපා.... ඒක හරිම අමාරු...... "

" ශාක්‍ය.................. මගෙන් මුකුත් අහගන්නෙ නැතුව ඉන්නවා හරිද තාත්තලා පුතාලා... නැත්නම් කාටවත්ම කෑම නෑ අද.... "

අම්මා දුම්මල වරම අරන් කෑ ගහද්දි මමයි පොඩී තාත්තව කුස්සියට තල්ලු කරලා මිදුලට ආවේ මිහිනුගෙ ගෙදර යන්න හිතාගෙන.... පොඩී අම්මට කලින්ම කියලනෙ එහෙ යනවයි කියලා.... වෙනදට මේ වෙලාවට එහෙ මිදුලෙ ඉස්තෝප්පු කෑල්ලෙ ලයිට් එක නිවලා තියෙන්නෙ ඒත් අද දාලා... පුදුමයි... අඩිය ඉක්මන් කරලා මම ගේට්ටුව ඇරගෙන ගිහින් දොරට තට්ටු කරද්දි ‍වතුර වලට පෙගුන රෙදි කෑල්ලකුත් අතේ තියාගෙන දොර ඇරියේ ලොක්කයියා වෙද්දි ඒකා මාව මරාගෙන කන්න වගේ බැල්මක් දාගෙන හිටියේ...

" වරෙන් වරෙන් උබ එනකම්ම තමයි මම මේ බලාගෙන හිටියේ... ය්කෝ අ...... "

අයියා තව මොනාහරි කියන්න කලින් මට ඇහුණේ කෙඳිරියක් ඒකත් මිහිනුගෙ කාමරෙන් වෙද්දි මම එක පිම්මටම කාමරේ ලගට ගිහින් දොර රෙද්ද ඈත් කරලා බලද්දි සත්තයි මාව ගල්වෙලා ගියා... එයා.. එයා හොඳටම ගැහෙනවා, වෙව්ලනවා...

කකුල් දෙකට වාරු අරගෙන මම මිහිනුගෙ ලගට ගිහින් ඇඳෙන් ඉදගනිද්දි අනේ කොල්ලා ඇස් දෙකත් පියාගෙනම මගෙ පපුවට තුරුල් උනේ මගෙ ඇස්වලට උනපු කඳුලු අන්තිමට කම්මුල් තෙමාගෙන පහලට වැටෙනකොට..... පොඩි එකාගෙ ඔලුවෙ, නළලෙ රස්නෙ තදටම මගෙ පපුවට දැනෙනකොට මට මහ වරදකාරී හැඟීමක් දැනුනා... උබට මෙහෙම උනේ මම නිසා... මට තිබුනා තව ඉවසන්න... ඒත් දැන් පරක්කු වැඩී ශිට්....

" ම්ම්..ම්ම්හ්.. ම්ම්හ්.. හහ්.. අ..නේ..අනේ.. අ..යි..යේ.. අ..යියේ.. ම්ම්..මගේ.. ම්..මගේ.. සු..දු.. සුදු.. අය්..අයියේ.. ම.ම්... මම..හ්හ්.. ඔයා..ට.. ආද..රෙයිනේ.. වැ..ඩක්..හ්හ් නැ...ත්..තෙ..හ්.... "

වෙව්ල වෙව්ල කතා කරන කොල්ලගෙ කට අතින් වහපු මම එයාව මගෙ පපුවෙන් ඈත් කරලා එහෙමම මමත් එයාගෙ ඇදෙන් ඇලවලා පොඩි එකාව මගෙ පපුවට තුරුල් කරගත්තෙ ඒකා මම ලගට ගත්තු පාර පරඬැලක් වගේ මගෙ අස්සට ඇදිලා එද්දි.... ටික ටික ගැහෙන ගතිය වෙව්ලන ගතිය අඩුවෙලා මීණූ සාමාන්‍ය විදිහට හුස්ම ගනිද්දි මම එහෙමම හිටියා.... පස්සෙ ටික වෙලාවකින් කාමරේට ආවේ ලොක්කයියා එක්ක පොඩී වෙද්දි මම පොඩීට කිව්වා ගෙදර ගිහින් අම්මට මම ගෙදර එන්න රෑ වෙනවා කියලා කියන්නෙයි කියලා... එයා එහෙමම ගෙදරට යද්දි ලොක්කයියා පුටුවෙන් ඉදගන මගෙ දිහා බලන් හිටියේ උන දේ අහගන්න ඕන නිසා කියලා මට තේරුනා...

ඒ ඉන්නෙ මිහිනුගෙ අයියා... ඊටත් පොඩි කාලෙ ඉදන්ම මගෙත් ලොකු අයියා... මොන දේ උනත් හැමදේම එයාට කියන පුරුද්ද නිසා මම ඇද වතට කොට්ටයක් තියලා හේත්තු වෙලා මිහිනුව උඩට අරගෙන පපුව උඩට හිටින විදිහට ඔලුව තියාගනිද්දි කොල්ලා බෝලයක් වගේ මටගුලි උනේ එයාට සීතල නිසා කියලා තේරෙද්දි ලොක්කයියා බූල් බූල් ශීට් එකක් අරගෙන එයාව වැහෙන්න පෙරෙව්වා... ටිකක් වෙලා ඉදපු මම සුදු බෝලේ දිහා බලන් ඉදලා ලොක්කයියට සිද්ධ උන සේරම කියද්දි අවසානෙදි ඒ හැමදේම අහගෙන හිටිය අයියත් කිව්වෙ ගෙදරින් එලියට බහින්න කලින් මට අම්මා කිව්ව දේවල් ටිකමයි...

මම ගෙදර යද්දි එයාට කියන්න කියලා අයියත් ලයිට් ඕෆ් කරගෙන කාමරෙන් යද්දි මගෙ පපුවට වෙලා සැපට නිදාගෙන ඉන්න මගෙ චූටි වස්තුවගෙ නලලට තොල් තද කරපු මමත් සැනසීමෙන් ඇස් දෙක පියාගත්තෙ මහන්සි දවසකට පොඩි විවේකයක් දෙන්න හිතාගෙන......

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________________________

Hello Lamai

ඔන්න අදත් ආවා මම... typing mistake ඇති හොදේ මැදක් වෙනකම් මම එව්වා ටයිප් කලේ මහ පාන්දර නිදිමතේ..🥲

Soo... ආදිත්‍ය තමවත් ඔයාලා, මම හිතන කෙනා කියලා ඔයාලට හිතෙනවද... මම කියලා නෑ ආදිත්‍ය අහිංසකයි වගේම ආදරනීයයි කියලා....

ආදරණීයයි එයාගෙ අය ළඟ විතරක් විශේශයෙන්ම එයාගෙ අරලිය මල

ළඟ.. 😌

නිකමට ආදිත්‍ය ගැන ඔයාලට හිතෙන විදිහ කියන්නකො... 🤨

13න් පස්සෙ මම ගොඩක් ගොඩක් busy වෙනවා... so so ආයෙමත් අප්ඩේට් නම් ගොඩක් පරක්කු වෙනවා.. සමාවෙන්න හරිද.. ඒත් මම පුළුවන් විදිහට කොහොමහරි චැප් එකක් දෙන්න උත්සහ කරනවා...

ගිහින් එන්නම්..

Good Night

Lvuuuuu❤

Share This Chapter