Back
/ 50
Chapter 47

[හතළිස් පස්වෙනි කොටස]

දේදුනු හාදු [TK] On Hold

වසර පහකට පෙර (2019)

කතෲගෙ මානයෙන්

කලු පාට වාහනයක් මහනුවර නගරය පහු කරගෙන කොළඹ දෙසට ධාවනය වෙන්නෙ ඒ වාහනේ ඇතුළෙ හිටිය පුංචි තරුණ පිරිමි ළමයගෙ ඇස් දෙකම ඝණකම් කඳුලු පටලෙකින් ආවරණය කරලා.. තමන්ගෙ තාත්තගෙ වචනෙ අහක දාන්න බැරි කමට එයාගෙ අම්මා, මල්ලි, විශේශයෙන්ම එයාගෙ සුදු බෝලෙවත් අතෑරලා කිලෝමීටර් ගාණක් දුරට යන්නෙම එයා තාමත් හැඟීම් අඳුරනොගත්තු එයාගෙම පුංචි හුරතලේ වෙනුවෙන් වෙද්දි තමන්ගෙ පුතාගෙ කඳුළු ඉස්සරහා ඒ තාත්තා උනත් අසරණ වෙලා හිටියා..

" මට සමාවෙන්න ලොකූ.. තාත්තට වෙන කරන්න දෙයක් නෑ පුතේ.. මමත් අසරණයි.. තමන්ගෙ ලමයින්ට කරදරයක් කරනවයි කියලා තර්ජනෙ කරද්දි ඕනම අම්මෙක් තාත්තෙක් බය වෙනවා

පුතේ.. "

" ම්..මට.. තේරෙ..නවා.. තාත්..තේ.. මම.. කොහොම..හරි.. අල්ල..ගෙන.. ඉන්නම්.. ඒත්.. මට.. සුදු.. බෝලෙව.. මතක් වෙනවා..තාත්තේ.. "

" ටික කාලයක් ඉවසන්න ලොකූ.. ඉක්මනට අපි එයාවත් මෙහෙට අරගෙන එමු.. "

ආදිත්‍ය එදා උදේ තමන්ගෙ ජීවිතේ වටිනම දේවල් අතෑරලා දාලා තාත්තත් එක්ක අලුත්ම ජීවිතේකට කොළඹ පොළවට පය ගැහුවා.. කොළඹට ඇවිල්ලා සතියක් යනකම් ආදිත්‍යට ස්කෝලෙ යන්න උනේ නෑ.. එයාගේ තාත්තට අධ්‍යාපන අමාත්‍යාංශෙටයි පත්වීම ලැබුණ ස්කෝලෙටයි සැරින් සැරේ එක එක වැඩ වලට යන්න උන නිසා ආදිත්‍ය එයාලගෙ අලුත් ගෙදරට වෙලා පාඩම් වැඩ කරගෙන හිටියා.. ආදිත්‍ය කොළඹ ආවදාට පහුවදාම එයාගෙ සුදු බෝලෙට කෝල් කරා.. ඒත් ඒ වෙද්දිත් මිහිනු හිටියේ එච්චර හොඳ සෞඛ්‍ය තත්වෙක නෙවෙයි.. ඉතින් ආදිත්‍යට උනේ සිහියත් අසිහියත් අතර ඉන්න මිහිනු එක්ක ඔහේ කතා කර කර හිමින් හිමින් හිත හදන්න..

ඔය විදිහට ආදිත්‍ය මිහිනු එක්ක එක දිගට දවස් තුනක් කතා කරන්න ඇති.. ඒත් ඒ හැමදේම නැවතුනෙ හතරවෙනි දවසෙ කෝල් එක ගනිද්දි ඒ ෆෝන් එක වැඩ කරපු නැති නිසා.. ආදිත්‍ය මිහිනුගෙ ගෙදර ෆෝන් එකට, චන්දුගෙ ෆෝන් එකට, එයාගෙ අම්මගෙ ෆෝන් එකට, කේශ් ලගෙ ගෙදරට කෝල් ගන්න පුලුවන් හැම තැනටම ගත්තත් එයාලගෙ උත්තරෙ උනෙත් මිහිනුලා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ කියන එක වෙද්දි ජීවිතේ පලවෙනි වතාවට ආදිත්‍ය මානසිකව වැටුනා..

සතියක් තිස්සෙම ආදිත්‍ය මිහිනුව සම්බන්ධ කරගන්න උත්සහ කලත් ඒ හැම විදියක්ම අවසානෙදි නිශ්පල වෙලා ගියා.. දෙවනි සතියෙ ඉදන් ආදිත්‍යගෙ තාත්තා කොළඹ ස්කෝලේ අලුත් විදුහල්පති විදිහට වැඩ භාර ගත්තා වගේම එදාම ඉදන් ආදිත්‍ය එයාගෙ අලුත් ස්කෝලෙ අලුත් පන්තියෙ ඉදන් ඉගෙන ගන්න පටන් ගත්තා.. ගමේ තරම් ආදිත්‍යට අලුත් ස්කෝලේ හුරු නැති උනත් කීප දවසක් යද්දි ඒ පාසලේ පිලිවෙලට හැඩ ගැහෙන්න ආදිත්‍යට පුළුවන් උනා.. ඔය අතරෙදි ආදිත්‍යගෙ තාත්තා මැදිහත් වෙලා ආදිත්‍ය මගින් නවත්තපු ක්‍රිකට් පටන් ගන්න ආදිත්‍යට අවස්ථාව දුන්නා..

ඉතින් ආදිත්‍ය එයාගෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් ආයෙම පටන් ගත්තා.. හැබැයි ආදිත්‍ය තවමත් ඒ ස්කෝලේ ඉන්න ලමයි එක්ක කිසිම සම්බන්ධයක් පැවැත්තුවෙ නෑ.. ඔය අතරෙදි තමයි ආදිත්‍යට එයාගෙ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් උන රගුවරන්ව මුන ගැහුනේ.. අහේතුකව ආදිත්‍යට රගුවරන්ව සෙට් උනා.. ඉතින් කේශ්ට පස්සෙ රගුවරන් ආදිත්‍යගෙ හොඳම යාලුවෙක් විදිහට ආදිගෙ ජීවිතේට එකතු උනා..

සති කීපයක් සාමාන්‍ය විදිහට ගෙවිලා යද්දි ආදිත්‍ය කොළඹ ඇවිල්ලා දෙවනි මාසෙ පටන් ගත්ත තැන පලවෙනි දවසෙම එයාගෙ තාත්තා ආයෙම නුවර ගිහින් ආදිත්‍යගෙ අම්මවයි, මල්ලිවයි එක්කගෙන ආවා.. ආදිත්‍යට සතුටුයිද, නැද්ද.. නෑ ඒ කවුරුත් වෙනුවෙන් පරණ ආදිත්‍යව වත් පරණ ආදිත්‍යගෙ හැඟීම් වත් පණ ගැහුවෙ නෑ.. සමහරවිට ආදිත්‍ය බලාපොරොත්තු වෙන කෙනා තාත්තා ගිහින් එක්කගෙන ආවනම් ආදිත්‍යගෙ හැඟීම් පණ ගහන්න තිබ්බා.. පරණ ආදිත්‍යම එයාගෙ අම්මට, තාත්තට, පොඩීට බලාගන්න තිබ්බා.. ඒත් ආදිත්‍යට එච්චර වාසනාවක් තිබ්බෙ නෑ...

එදා ආදිත්‍යගෙ පවුලෙ අයත් ආයෙම එකතු වෙද්දි ඊට හරියටම මාස දෙකකට පස්සෙ ආදිත්‍යගෙ අනික් භාගෙ එහෙම නැත්නම් ආදිත්‍යගෙ හොඳම යාලුවා කේශ් කොළඹට ආවේ එයාගෙත් මුලු පවුලමත් එක්කමයි.. ඒ කේශ්ගෙ තාත්තා කොළඹ මහ රෝහලේ මානසික වෛද්‍යරයා විදිහට අලුතින්ම හම්බුන පත්වීම නිසා වෙද්දි කේශුත් ආදිත්‍යගෙ පාසලටම ඇතුලත් වෙලා ආදිත්‍යගෙම පන්තියටත් වැටුනා.. ඉතින් කේශ් ආව දවසෙ ඉදන් ශේනුවත් එක්කහු කරගෙන ආදිත්‍ය කතාව පටන් ගත්තෙ මිහිනු ගැන.. මාස හතරක විස්තර හැමදාම එකම එක කේශ් ගෙනුයි, ශේනුක ගෙනුයි අහන්න ආදිත්‍ය ඇබ්බැහි වෙලා හිටියා..

ඔය විදිහට කාලෙ ගෙවිලා යද්දි ආදිත්‍ය පරණ ආදිත්‍ය විදිහට කොහොම උනත් වෙනස් උනේ නෑ.. එයා ගමේ ඉදන් ආව දවසෙ ඉදන්ම ආදිත්‍ය පුරුදු උනේ තනියම ඉන්න, කා එක්කවත් කතා කරන්නෙ නැතුව, කොහෙවත් යන්නෙ නැතුව ස්කෝලේ ඉවර වෙලා ප්‍රැක්ටිස් ගිහින් ගෙදර ආව වෙලේ ඉදන්ම කාමරේට වෙලා ඉන්න විතරක් වෙද්දි උදේට තමන්ගෙ ගෙදර අයව දකින ආදිත්‍ය ආයෙම එයාලව දැක්කෙ සමහරක්දවස් වලට රෑ කෑම මේසෙදි එහෙම නැත්නම් කෙලින්ම පහුවදා උදේට..

ඉතින් ආදිත්‍යගෙ මේ දරුණු වෙනස්වීමට වග කියන්න ඕන කෙනාට ගමේදි පොඩි, පොඩි කිව්වට පොඩිමත් නැති අනතුරකට මූණ දෙන්න උනා.. ඒකෙන් උනේ ආදිත්‍යගෙ සුදු බෝලෙට යම්කිසි කාල පරාසෙක මතකෙ අමතක වෙලා ගිය එක.. මේ කිසිම දෙයක් නොදන්න ආදිත්‍ය මිහිනු ගැන තමන්ට පුලුවන් විදිහට විස්තර හොයාගන්න උත්සාහ කලත් ඒ කිසිම දෙයක් සාර්ථක උනේ නෑ.. එන්න එන්නම දරුණු වෙන ආදිත්‍යගෙ තත්වෙ නිසා එයාගෙ හොඳම යාළුවා විදිහට විහස්නට දරාගන්න බැරි උන තැන විහස්න කලේ ආදිත්‍යව එයාගෙ තාත්තා ලග councilling වලට එක්කගෙන ගිය එක.. එතකොට තමයි විහස්නට වගේම ආදිත්‍යයටත් දැනගන්න ලැබුනේ ආදිත්‍ය ඉන්නෙ විශාදයේ දෙවනි පියවරටත් ආසන්න වෙලා කියලා...

ඉතින් එදා ඉදන් ආදිත්‍ය ඩිප්‍රෙශන් වලට බෙහෙත් අහුරු ගනන් බිව්වා.. ආදිත්‍ය මේ දේවල් ගැන ගෙදර අයට කියන්න එපා කිව්වත් විහස්න ශේනුකටයි, ආදිත්‍යගෙ අම්මටයි ආදිත්‍ය ගැන දැනුවත් කරලයි තිබ්බේ.. කොයි තරම් බෙහෙත් බිව්වත් ආදිගෙ අම්මා, මල්ලි, කේශ් මහන්සි උනත් පරණ ආදිත්‍යව ලබාගන්න එයාලගෙ උත්සහ අසාර්ථක උනේ වෙනදටත් වඩා ආදිත්‍යගෙ තත්වෙ දරුණු අතට හැරෙද්දි..

සාමාන්‍ය ස්කෝලේ දවසක ආදිත්‍ය හවස ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර යන්නෙ නැතුව එතනින් බස් එකේ නැගලා ගියේ ගෝල්ෆේස් එකට.. බස් එකේ යන අතරෙ අම්මගෙන්, විහස්නගෙන්, මල්ලි ගෙන් එක කෝල් එකක්වත් දැක දැකම ආන්සර් නොකරපු ආදිත්‍ය අන්තිමට ආව කෝල් එකටත් ඔහේ කට් වෙන්න දීලා ෆෝන් එක ඕෆ් කරලා දැම්මා..

වන් ගෝල් ෆේස් එක ලගින් නවත්තපු බස් එකෙන් බැස්ස ආදිත්‍ය ස්පෝට් බෑග් එකත් කරේ එල්ල ගන්න ගමන් පයින්ම බීච් එක පැත්තට ගියා.. ඒ වෙද්දි වෙලාව හවස 7පහු වේගෙන යන ගමන් තිබ්බ නිසා කොළබ නගරෙ හරි ලස්සනට ලයිට් එලි වලින් එලිය වැටිලා තිබුනත් ආදිත්‍යගෙ හිත තනිකරම කලු කුහරයක් හා සමාන උනා.. අන්තිමට ආදිත්‍ය බීච් එකට ගිහින් මුහුද පේන හරියෙ තිබ්බ බංකුවකින් ඉදගත්තෙ බොර පාට වෙලා තිබුන, මහන්සියෙ උපරීමේටම ගිහින් තිබුන ඇස් දෙකට පොඩි විවේකයක් දෙන්න බලාපොරොත්තුවෙන්.. ඇස් දෙක වහගෙන ටික වෙලාවක් ඉදපු ආදිත්‍ය ආයෙම ඇස් දෙක ඇරලා වටපිට බැලුවත් එයාගෙ ඇස් බොඳ වෙලා තිබුනේ ඝණ කඳුලු පටලයක් ඇස්වල බැඳිලා තිබුන නිසා..

ආදිත්‍යගෙ ඔලුව බරයි, හිත ඊටත් වඩා බරයි.. ස්කෝලේ වැඩ, ක්‍රිකට් ටීම් එකෙන් හම්බුන ලීඩර්ශිප් එක, ලග ලගම එන ක්‍රිකට් මැච්, ප්‍රිෆෙක්ට් ශිප් එක, ඕ ලෙවල් එක්සෑම් එක, ඒ ඔක්කොටමත් වඩා දරාගන්නම බැරි උනේ එයාගෙ සුදු බෝලෙ ගැන ආරංචියක් නැති එක, ඒ වෙන්වීම වෙද්දි ආදිත්‍යට ඕන ඒ දරාගැනීම, දුක සදහටම නැති කරගන්න.. ආදිත්‍යට ඕන උනා එයාගෙ පීඩනේ නැති කරගන්න හැබැයි එයා ඒකට තෝරගත්තෙ වැරදි ක්‍රමයක්.. හ්ම්ම් සමහරවිට අද ආදිත්‍යට එයාගෙ වේදනාවෙන් මිදෙන්න පුළුවන් වෙයි.....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

රාත්‍රි 10.00

ආදිත්‍යගෙ නිවස

මේ වෙද්දි රෑ 10ත් පහු වීගෙන යන ගමන් තිබුනෙ ආදිත්‍යගෙ ගෙදර කලබලකාරී තත්වෙ එන්න එන්නම වැඩි කරලා.. ආදිත්‍යගෙ තාත්තා දන්න හැම තැනකටම කෝල් කර කර ආදිත්‍ය ගැන හොයද්දි ආදිගෙ අම්මා ඇඬූ කඳුලින් විහස්නගෙ අම්මගෙ උරහිසට බර වෙලා දොර දිහා බලාගෙන හිටියේ ආදිත්‍ය මේ දැන් එයි කියලා හිතාගෙන.. විහස්න, ශේනු දෙන්නා ආදිත්‍ය ආශ්‍රේ කරන අයට, ක්‍රිකට් ටීම් එකේ උන්ට කතා කර කර විස්තර ඇහුවත් ඒ හැමෝගෙම අන්තිම උත්තරේ උනේ ආදිත්‍ය හවස ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉවර වෙලා ස්කෝලෙන් 6.30ට එලියට බැස්සා කියන එක විතරක් වෙද්දි ආදිගෙ තාත්තා කරන්න දෙයක් හිතාගන්න බැරුව එහෙට මෙහෙට කලබලෙන් ඇවිද ඇවිද හිටියා..

රෑ 11යි කියලා දැනුවත් කරන්න ඕන නිසාම ගෙදර තිබුන ඔරලෝසුව සද්ද කරද්දි විහස්නගෙ අම්මගෙ උරිස්සෙ ඔලුව ගහන් හිටිය ආදිගෙ අම්මා ගැස්සිලා ඇහැරුනෙත් ඒත් එක්කම ඩෝ බෙල් එක රින්ග් උනෙත් එකම වෙලාවේ වෙද්දි ඉක්මනට සෝෆා එකෙන් නැගිට්ට ආදිගෙ අම්මා දොර ඇරියා..

" ඉන්ස්..පෙක්..ටර්.. "

" මිස්ටර් දිසානායක.. "

" ඔව් සර්.. මොකක් හරි ප්‍රශ්නයක්ද.. "

" ආදිත්‍ය අභිශේක්.. මිස්ටර් දිසානායකගෙ පුතා suicide කරගත්තා කියලා කවුරුත්ම දන්නෙ නැද්ද මෙතන !!! "

" අපෙ..ම්හ්.. "

පොලිසියෙන් ඇවිල්ලා හිටිය ඔෆිසර් එහෙම කියනවත් එක්කම ආදිත්‍යගෙ අම්මා ෆේන්ට් උනේ ආදිත්‍යගෙ තාත්තා ඉක්මනින් එයාගෙ නෝනව අල්ලගෙන සෝෆා එක උඩින් හාන්සි කරවද්දි.. එයාව විහස්නගෙ අම්මට බලන්න කියලා ඔෆිසර් ලගට යද්දි විහස්න, ශේනුක දෙන්නත් ඒ පස්සෙන් ගියා..

" ම්..මොකක්ද ඉන්ස්පෙක්ටර් කියන්නෙ..

හොස්පිට්ල් පාකින් එකෙන් වාහනේ නවත්තපු ආදිත්‍යගෙ තාත්තා නිරෝශවත් අල්ලගෙනම අනික් අයටත් එන්න කියාගෙන රිසෙප්ශන් එකෙන් ෆ්ලෝ එකත් අහගෙන ඉක්මනට යන්න ගියා... අන්තිමට එයාලා නැවතුනෙ intensive care unit (ICU) එක කියලා ගහලා තිබුන දොර ඉස්සරහින් වෙද්දි ඒ වෙලේම වගේ දොර ඇරගෙන ඇතුලෙ ඉදන් එලියට ආවේ ආදිත්‍යව චෙක් කරපු ඩොක්ටර්..

" මිස්ටර් දිසානායක.. "

" ඔව් ඩොක්ටර්.. ම්ම්..මගෙ පුතාට කොහොමද.. everything is fine.. "

" ම්ම් මෙතන කියන්න බෑ.. මගෙ කැබින් එකට එන්නකො.. "

" හරි ඩොක්ටර්.. පුතාව මෙයාලට බලන්න පුළුවන්ද.. "

" ඔව් පුලුවන්.. හැබැයි එයාව අවදි කරන්න යන්න එපා.. එහෙම උනොත් එයා කලබල කරන්න හදයි.. "

" හරි ඩොක්ටර් තෑන්ක් යූ..

මම එන්නම්.. "

ආදිත්‍යගෙ තාත්තා අනික් අයට ගිහින් ආදිත්‍යව බලන්න කියලා කියාගෙන ඩොක්ටර්ගෙ කැබින් එකට යද්දි ආදිත්‍යගෙ අම්මා icu එක ඇතුලට ගියේ කේශ්, කේශ්ගෙ අම්මා, ශේනුක පොලිස් ඔෆිසර්ලගෙ ප්‍රශ්න වලට උත්තර බඳිද්දි..

ඒ අතරෙදි ඩොක්ටර් හිටියේ ආදිත්‍යගෙ තාත්තට ආදි ඉන්න සිටුවේශන් එක පැහැදිලි කරන ගමන්..

" එතකොට ඩොක්ටර් කියන්නෙ ආදිත්‍ය ඕනම වෙලාවක self harming කරගන්න පුලුවන් කියලද.. "

" ඔව් ශාක්‍ය.. එයා අද කරගන්න හැදුවෙත් ඒක.. ඩිප්‍රෙශන් වලදි අපි කාටවත්ම එයාව පාලනේ කරන්න බෑ.. දැන් ආදිත්‍ය ජීවත් තනිකරම කළු පාට ලෝකයක් ඇතුලේ.. එයා කොච්චර ඒකෙන් එලියට එන්න හැදුවත් එයාව ආයෙ ආයෙම කළු පාට ලෝකෙට ඇදිලා යනවා.. "

" මට තේරෙන්නෙ නෑ ඩොක්ටර්.. මම මොකක්ද කරන්න ඕනේ.. හොද කරන්න විදිහක් නැද්ද.. "

" කරන්න තියෙන්නෙ ආදිත්‍යව තනි කරන්න එපා කොයිම මොහොතෙවත්.. බෙහෙත් වලින් පාලනේ කරන්න පුළුවන් සුලු කොටසක් විතරයි.. ට්‍රීට්මන්ට් කරගෙන යමු.. එයාගෙ මනසට නිදහසක් ගේන දේවල් වලට එයාව යොමු කරන්න.. පුළුවන් තරම් ආදිත්‍ය එක්ක කතා බහ කරන්න බලන්න.. "

" හ්ම්ම්.. මම පුළුවන් තරම් උත්සහ කරන්නම් ඩොක්ටර්.. ආදිත්‍ය කියන්නෙ එහෙම ලේසියකට කතා කරන කෙනෙක් නෙවෙයි.. "

" ඒක තමයි.. අනික මට දැනගන්න පුළුවන්ද ආදිත්‍යට මෙච්චර දරුණුවට ඩිප්‍රෙශන් එන්න තරම් මේ ලමයට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා.. "

" ප්‍රශ්නයක් කියලා කියන්නත් බෑ ඩොක්ටර්.. එයා ඉන්නෙ සාංකාවෙන් වගේ අන්න එහෙම එකක්.. ඒ කියන්නෙ එයා ආදරේ කරන කෙනාව දාලා ආව එක දරාගන්න බෑ.. ඊටත් දැන් ඒ දරුවට ඇක්සිඩන්ට් එකක් වෙලා මෙමරි ලොස්ට් එකක් වෙලා තියෙන්නෙ.. අඩුම දෙන්නට දෙන්නා හැඟීම් තේරුම් අරගෙන වත් නෑ.. ඒත් ආදිත්‍ය පණ ඇරලා ඒ ලමයට ආදරෙයි කියලා විතරක් මම දන්නවා.. "

" ම්ම් එහෙනම් ඒක තමයි.. ඒක ප්‍රධානම හේතුව එතකොට එයාට මේ පරිසරේ ගැන අවබෝධයක් නෑ සහ එයා කරන්න ඕන නිසා හැමදේම කරනවා හැර ආසාවෙන් කරන්නෙ නෑ කිසිම දෙයක්.. ඒක ආදිත්‍යට ලොකු පීඩනයක් කියලා තේරෙනවා මට.. "

" ඔව් ඩොක්ටර් හරි.. ආදිත්‍ය ආසාවෙන් කරන දේකට කියලා තියෙන්නෙ ක්‍රිකට් විතරයි.. "

" ආහ් හරි හරි.. එහෙමනම් දැනට තියෙන හොදම විසඳුම ආදිත්‍යව ක්‍රිකට් වලටයි එක්සෑම් එකටයි විතරක් ෆෝකස් කරවන එක.. අනික් භාහිර වැඩ වලින් එයාව නිදහස් කරන්න.. පුළුවන් තරම් පොසිටිව් දේවල් එයාගෙ ඔලුවට දාන්න.. නිතරම කතා කරන්න බලන්න.. අවධානෙන්

ඉන්න.. "

" ම්ම්ම්.. හරි ඩොක්ටර්.. මම එහෙම කරන්නම්.. ඩිස්චාජ් කරන්නෙ කවදා වගේද.. "

" හෙට දවල් ඩිස්චාජ් කරනවා.. හැබැයි මේ සතියෙම බෙඩ් රෙස්ට් කරන්න වෙනවා.. "

" ඒක ප්‍රශ්නයක් නෑ ඩොක්ටර්.. "

" හරි එහෙනම් මම බෙහෙත් ටිකත් ලියලා දෙන්නම්.. ඒක ෆාමසි එකෙන් ගන්න ආදිත්‍යට සිහිය ආවහම මොනාහරි සුලු කෑමක් කන්න දෙන්න.. එයාව ඇහැරවන්න යන්න එපා.. "

" හොදයි ඩොක්ටර්.. එහෙනම් මම යන්නම්.. තෑන්ක් යූ සෝ මච්.. "

ආදිත්‍යගෙ තාත්තා කැබින් එකෙන් එලියට ආවේ ඩොක්ටර් දුන්න බෙහෙත් තුන්ඩුවත් අරගෙන වෙද්දි ආදිගෙ තාත්තා විහස්නටත් කියලා හොස්පිට්ල් එකේම ෆාමසි එකට ගියේ අවශ්‍ය බෙහෙත් ටික අරගෙන එන්න... විනාඩි කීපෙකට පස්සෙ ඔක්කොමලා හිටියේ ආදිත්‍යගෙ ඇඳ වටේට එකතු වෙලා උනත් ආදිත්‍ය තවමත් ඉන්නෙ තද නින්දක.. ඉතින් ඩොක්ටර් කියපු නිසා කවුරුත් ආදිත්‍යට කරදර කරන්න ගියෙ නෑ...

ඔය විදිහට ටිකෙන් ටික කාලේ ගෙවිලා යද්දි ආදිත්‍යගෙ තත්වෙ සාමාන්‍ය විදිහට හැරුබත් ආදිත්‍ය පස්වෙනි වතාවටත් සුයිසයිඩ් කරගන්න හැදුවා.. එදා ආදිත්‍ය අත කපාගෙන බිම වැටිලා ඉන්නවා රගුවරන් දැක්කෙ නැත්නම් අද මේ වෙද්දි ආදිත්‍ය කෙනෙක් මේ ලෝකේ නැති වෙන්න තිබුනා.. මේ හැම වෙලාවකම වගේ විහස්න, රගුවරන්, ශේනුක කොයිම මොහොතකවත් ආදිත්‍යව තනි කලේ නෑ වගේම එදා ඩොක්ටර් කිව්ව විදිහට පුළුවන් හැම වෙලේම තුන්දෙනාගෙන් එක්කෙනෙක් හරි ආදිත්‍ය වෙනුවෙන් හිටියා.. ඔය හැම ප්‍රශ්නයක් එක්කම ආදිත්‍ය ඕ ලෙවල් එක්සෑම් එකත් ලිව්වා.. රිසාල්ට් එන්න මාස හයක් විතර යන නිසාම ශාක්‍ය කලේ ආදිත්‍යවයි, විහස්නවයි, රගුවරන්වයි ඇමරිකා වලට ටුවර් එකක් යවපු එක.. එහෙදි එයාලට ශාක්‍යගෙ යාලුවෙක්ගෙ මාර්ගෙන් ශෝට් ටයිම් මාස තුනක IT course එකකුත් කරන්න ලෑස්ති කරවලා තිබ්බා..

මාස තුනකින් පස්සෙ තුන් දෙනාම ආයේ ලංකාවට ආවේ සතියක් රෙස්ට් එකේ ඉදලා ඒ ලෙවල් වලට ක්ලාස් යන්න පටන් ගන්න.. තුන් දෙනාම තෝරගත්තෙත් මැත්ස් ස්ට්‍රීම් එක වෙද්දි නුගේගොඩ ප්‍රසිද්ධ උසස් අධ්‍යාපන ආයතනෙක තුන්දෙනාම ඒ ලෙවල් ක්ලාසස් වලට රෙජිස්ටර් උනා..

මාස හයකින් පස්සෙ ඕ ලෙවල් රිසාල්ට් එද්දි ආදිත්‍ය විශයන් නවයටම 9A's අරගෙන ලංකාවෙන්ම පළවෙනි තැනට ඇවිල්ලා තිබුනා වගේම විහස්න, රගුවරන් දෙන්නත් 9A's දාලා තිබුනා.. ආදිත්‍යගෙ ජීවිතේ සාමාන්‍ය විදිහට ගෙවිලා යද්දි මිහිනුගෙ නැන්දගෙ පුතා ඒ ලෙවල් කරලා මොරටු කැම්පස් සිලෙක්ට් වෙලා කොළඹට ආවෙත් ඔය කාලෙදිමයි..

ඉතින් දවසින් දවස ඉක්මනට ගත වෙලා යද්දි ආදිත්‍ය තමන්ගෙ වැඩ ටික හොදට කරගෙන ගියා වගේම ක්‍රිකට් වලිනුත් සෑහෙන්න දුරක් උඩට ආවා.. ඒ හැම වෙලේකම ලොකුම අඩුව පුරවන්න පුළුවන් කෙනා ළඟ නැතත් ආදිත්‍යගෙ පස්සෙන් හැම වෙලේම විහස්න, රගුවරන් දෙන්නා හිටියා.. ඔය අතරෙදි ශේනුත් ඕ ලෙවල් ලියලා 9A's දාද්දි එයා ආට් ස්ට්‍රීම් එක තෝරගත්තා.. 12 වසරෙදි ප්‍රිෆෙක්ට් හෙඩ් බෝඩ් එක තෝරද්දි ගුරුවරුන්ගෙන් වගේම ලමයින්ගෙනුත් ඉහළම මනාපෙ ආදිත්‍යට ලැබුන නිසා ඊළග අවුරුදු දෙකටම ආදිත්‍ය ඒ ස්කෝලේ නිල ප්‍රධාන ශිශ්‍ය නායක තනතුර දරන්නත් විහස්න උප ප්‍රධාන ශිශ්‍ය නායක තනතුර දරන්නත් සුදුසුකම් ලැබුවා..

ඔය අතරෙදි තමයි ආදිත්‍ය දැනගන්නෙ මිහිනුගෙ අයියා ගැන.. ඒකත් ප්‍රොජෙක්ට් එහෙකට ආදිත්‍යලගෙ ස්කෝලෙට ආව වෙලේක තිසුකම ඇවිල්ලා ආදිත්‍යත් එක්ක කතා කරද්දි.. අන්න ඒ වෙලේදි ආදිත්‍ය පහුගිය අවුරුදු කීපෙකම උන දේවල් තිසුකගෙ මාර්ගෙන් දැනගන්නවා.. ඒ හැමදේම දැනගෙන විහස්නට, රගුවරන්ට කෙටියෙන් හැමදේම කියපු ආදිත්‍ය ඊට පහුවෙනිදා ඉදන්ම මිහිනුගෙ ඇක්සිඩන්ට් එකට වග කියන්න ඕනේ උන්ව හෙව්වා.. තිසුකවත්, විහස්නයි එකතු කරගෙන රගුවරන්ගෙ තාත්තගෙ මාර්ගෙන් නුවර පොලිසියෙ කෙනෙක්වත් සෙට් කරගෙන හැම පුංචි තොරතුරක්ම ආදිත්‍ය හොයාගත්තා..

එතනින් පස්සෙ මාස දෙක තුනක් යනකම් හරිම සාමකාමී විදිහට ගෙවිලා ගියත් හිටි හැටියෙම මැර කල්ලි වල උපරිම එක සාමාජිකයෙක් හරි දෙන්නෙක් හරි කොළඹ නුවර ප්‍රසිද්ධ තැන්වල මැරෙන්න ඔන්න මෙන්න වැටිලා ඉද්දි පොලිසිය හොයාගත්තා.. ඒ හැම කෙනාගෙම ඔලුව දරුණු විදිහට තුවාල වෙලා තිබුනේ ඇයි කියන්න කාටවත්ම හොයාගන්න බැරි උනා.. ආදිත්‍ය ඔය දවස් වලට ගෙදර එන්නෙ පහුවදා උදේම එක්කො දවල් වෙලා.. ඒක ගැන කවුරුත් හොයන්න බලන්න ගියෙ නැත්තෙ ඕකට ආදිත්‍යගෙන් උත්තරයක් ගන්න එක ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා හා සමාන දෙයක් උන නිසා..

ඔන්න ඔය අතරෙදි තමයි එක ඉරිදා දවසක ආදිත්‍යගෙ ජීවිතේ නොහිතපු විදිහට වෙනස් උනේ.. ආදිත්‍ය එදා නුවර ඉදන් ආව දා ඉදන් ජීවත් උනේ පිළියන්දල පැත්තෙ තියෙන ගෙදරක.. ඉතින් එයාලගෙ ගෙදර තිබුන පාරෙම ගෙදරක් විකුණන්න දාලා තිබුනා.. පස්සෙ ඉතින් ආදිත්‍යගෙ අම්මා දැනගෙන තිබ්බා ඒ ගෙදරට කට්ටියක් මේ ඉරිදා එනවා කියලා කියන්න.. අහේතුවකට සෙනසුරාදා ඉදන්ම ආදිත්‍යගෙ පපුව හරි අමුතුවට ගැහෙන්න පටන් ගත්තෙ කීප වතාවක්ම ආදිත්‍ය එයාට ගෑස්ට්‍රික් වෙන්න ඇති කියලා හිතලා කෝමාරිකා බීම බෝතල් දෙක තුනක්ම හිස් කරන අතරෙ..

කොහොමහරි ඉරිදා උදේ වෙද්දිත් ආදිත්‍ය හිටියේ එයාලගෙ ගෙදර උඩම තට්ටුවෙ තියෙන එයාගෙ කාමරේ බැල්කනි එකට වෙලා අත්දෙකත් බැම්මට තියාගෙන අර විකිනුන ගේ දිහා බලාගෙන.. උදේ හතරේ ඉදන් ආදිත්‍ය පින්නෙ, සීතලේ එලියට වෙලා බලාගෙන හිටියේ අර ඊයේ ඉදන්ම අමුතුවට ගැහෙන පපුව මේ වෙද්දි ගොඩක් තදින් ගැහෙන්න පටන් අරගෙන තිබුන නිසා..

ආයෙම කාමරේට ගිහින් වතුර එකත් අරගෙන බැම්ම ලගට ආව ආදිත්‍යගෙ අතින් බොන්න ගත්ත වතුර වීදුරුව අතෑරුනේ ඒ ගෙදර වත්තෙ තියෙන රතුපාට අරලිය මල් ගහ යටට වෙලා මලකුත් අතේ තියාගෙන ඉන්න සුදු අරලිය මලව දැකලා වෙද්දි දරාගෙන ඉදලා බැරිම තැන ආදිත්‍යගෙ ඇස් වලින් කඳුලු කැට කීපයක්ම කම්මුල් තෙමාගෙන පහලට වැටුනා..

අවසානෙදි සුදු අරලිය මල අහේතුකව ඔලුව උස්සලා වටපිට බලද්දි ඒ දිහා බලන් ඉන්න ආදිත්‍යව දැකලා පුදුම තරම් ලස්සනට හිනා වෙලා අත වැනුවේ ආදිත්‍ය එයාගෙ පපුව අල්ලගනිද්දි වගේම ඒත් එක්කම ආදිත්‍යලගෙ ගෙදර වත්තෙ තිබුන සුදු අරලිය ගහේ අලුතෙන්ම පිපුනු මල් ගොඩක් පිනි බින්දුත් එක්කම ආදිත්‍යවත් වහගෙන ආව සීතල, සුවඳ, සනීප හුළඟකින් බිමට වැටුනේ අවසානෙදි එයාගෙ සුදු අරලිය මලත් එයාගෙ ලඟටම ආවා කියලා ඒත්තු ගන්නන්න වගේ..

සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සඟවා

ගිය හාදු ඇතිද බැලුවා

වැල් පාලම ගත සොලවා

අපි බයද කියා බැලුවා

සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා

වැදි රජුට කඩුව පවරා

වල ලගදී මනමේ හැඩුවා

ඒ මතක සියලු සඟවා

මහවැලිය ඔහේ ගැලුවා

සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මං ගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා.........

කතෲ මානය අවසන්

~~~ ඉදිරියට ~~~

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

___________________________________________

Hello Lamai

කොහොමද ඔවාලට අනේ.. හොදින් ඉන්නවා නේත.. 🥹

ඔන්න පස්න වලට උත්තර හම්බෙන්න ඇති කියලා හිතනව.. ඒත් පස්නයක් තිබ්බොත් අහන්ට ලැජ්ජ වෙන්න එපා.. 😒

එහෙනම් අපි කැපුනා.. ලබන සතියෙ ඇහැක් උනොත් අනිවාර්යයෙන් එනවා.. 😌

Lvuuuuu❤

Share This Chapter