Back
/ 59
Chapter 14

Chapter 14

පෙම්වන්තයෝ || TK NONFICTION

එතන හිටපු එකා දැකලා මට චූ බරත් හැදුනෙ , දැන්නම් නිකම් ඉල්ලන් කෑවා වගෙ...අඩො මේවා මහා කැරි වැඩ යකෝ...

"ස්වීටී!"

මාව දැකලා පොර කම්පියුස්...හීහී හිතුවෙ නැ හැබැයි...අනෙ මට බැ යකො...මූ දැන් මාව කයි...හත්තික්කෙ මෙ අයියා නගෝ මුන් දෙන්නා නම් මාවම කන්න ඉපදිච්ච උන් දෙන්නෙක්...යෙන්ඩඩා මටම මෙහෙම වෙනවා...

"අයියෙ මෙ යෙහස්...අපෙ ස්කෝලෙමයි...ඔයා අඳුරවනවත් ඇති සමහරවිට...එතකොට යෙසූ අයියෙ මෙ මගෙ අයියා විහංඟ මෙයා මැත්ස් කරන්නෙ"

මලහත්තිහුත්තයි යකො...උදේ මගෙ බෙල්ල විකපු එකාට නේද මේකි මාව මෙ අදුන්නලා දෙන්නෙ...අනෙ මට වාඩිවෙන්න ඕනි යකො කකුල් දෙක පන නැ වගෙ...ගැබිණි මාතාවක් නැනැ...ආබාධිතයෙක් කියලා වාඩිවෙන්න හිතෙනවා දැන් ...

අනිත් පැත්තෙන් ගොටුකොළයා මන් දිහා බලන් ඉන්නෙ මූ නිකම් මාව අද දැකලා වගෙ...විශාල කරදරයක් වුනානෙ යකො මේක...මෙ අයියා නගෝගෙන් මාව බේරගනින්කො දෙයියනෙ...අනෙ ඉහිම්..ඉහිම්...මොන පවක්ද මට මෙ පඩිසන් දෙන්නෙ...

"ඕහෝ...යෙහස් මල්ලි...ඉතින් ඉතින්...අපෙ නංගි එක්ක කොච්චර කල්ද දැන් යාලුවෙලා"

අනෙ උබ වුකපන්...මුන් දෙන්නා මට ලව් කරලා අන්තිමට මන් තමයි දැන් මෙතන වැරදි එකා වෙන්නෙ...කැරිම වැඩ යකො මේවා නන්...හිටපන්කො අදනම් කටවහන් ඉන්නැ පුතෙ මන්...

"අනෙ මෙ මිස්ටර් මන් තමුසෙගෙ නන්ගියෙක් එක්ක යාලු නැ...ශෙනූ තමුසෙ කියනවා මන් තමුසෙ එක්ක යාලුද කියලා..."

ඇයි යකො...මට මෙච්චර අසාදාරනයක් වෙද්දි මන් කොහොමද තවත් කටපුක වහන් බලන් ඉන්නෙ...තමා හිසට තම අතමය සෙවනැල්ල කියන්නෙ මෙන්න මේකට...විහංඟ තොටත් හෙනගහලා තොගෙ නන්ගිට ආ එපා ඒ කෙල්ල අහිංසකයි මොනා උනත්...සිරාවට මූ මේකිගෙ අයියා උනෙ කොහොමද?...ෂුවර් ෂොට් මුන් දෙන්නගෙන් එකෙක් කාණුවෙන් ඇහිදගත්ත එකෙක්...

"චුට්ටක් ඉන්නවකො අයියෙ කටවහන් ...අපි ලවර්ස්ලා නෙමී...අයියා කතා කරන්නකො...එතකොට යෙසූ අයියා මට කැමති වෙයි..."

හත්තික්කෙ හත්තික්කෙ මේකිට ඔල්මාදෙ...එක්කො මෙ කෙල්ල කොහොමද දන්නෙ මේකිගෙ අයියා මට අතවරකම් කරනවා කියලා...මන් ඉවරයි...මට මෙතනින් දුහලා යන්න හිතෙනවා යකො දැන්...

"මේ මඟුල වෙන්නැ....පොඩී ඔයාට මූට වඩා හොඳ කොල්ලෙක්ව දාගන්න පුළුවන්...අපි යන්"

හම්මට යකො මූ බලපන්කො...ඇයි ඇයි අපි කලුද ටහුකන්ඩ...ගොටුකොළයා දැන් මන් කැත එකා...මන් කැත නිසා වෙන්නැති මූට මාව හීනෙන් පේන්නෙ...හිටපන් අද මේකෙ දෙකෙන් එකක් බේරගන්නවා මන්...

"බැ බැ මට මෙයාවම තමයි ඕනෙ...අනෙ අයියෙ"

ශෙනූ ගේම ඉල්ලනවා විහංඟගෙන්...

"ශෙනූගෙ අයියා කැමති නම් මන් කැමති ශෙනූව මගෙ Girlfriend කරගන්න"

ම්ම්ම්ම්ම්...ඔය එන්නෙ ඇස් දෙක වියරැ වැටීගෙන...බයවෙන්නැ යකො අද නම් මන්...ඔය කටින්ම මන් අහගන්නම්කො මොකක්ද කියලා ඔය හිතෙ තියෙන්නෙ කියලා විහංඟ...

"නැ මන් මේකට කැමති නැ...ශෙනූ වරෙන් යන්න මගෙ යකා අවුස්සන්නැතුව..."

ගොටුකොළයා ශෙනූවගෙ අතින් ඇදගෙන යන්න හදනවා...ඒත් කෙල්ල වැඩෙ අත අරින්නෑ...

"මොකක්ද අයියෙ ඔහෙට වෙලා තියෙන්නෙ...දැන් යෙසූ අයියා කිව්වනෙ ඔයා කැමති නම් එයා මට කැමති කියලා..."

ශෙනුවා කැෆේ එක දෙවනත් වෙන්න කෑගහනවා...ඇයිද නගෙ පෙම්කලෙ අපි එකම මලකට තමයි විහංඟ දැන් ...බුහාජ්හ්හ් කුරිරු සතුටක් දැනෙනවා...

"මන් කැමති නැ යකො...මන් මෙ මඟුලට කැමති නෑ"

අනිත් පැත්තෙන් විහංඟයා කැෆෙ එක දෙවනත් කරනවා...අම්මො ආතල් යකො...මරැ ඩාර්මා එක මේක...

"ඇයි ඔහෙට කැමති වෙන්න බැරි...මන් යෙසූ අයියට ගොඩක් ආදරෙයි...ඇයි ඉතින් අකමැති අයියෙ ඔයා"

මටත් දැනගන්න ඕනි ඔන්න ඕක තමයි විහංඟ...තමුසෙ මට ආදරෙ නැත්නම් ඇයි වෙන එකෙක් එක්ක මට සෙට් වෙන්න දෙන්නැත්තෙ...එ වියරැ වැටිච්ච ඇස් දෙක කෙලින්ම මන් දිහාවට...මෙ පාර මමත් එ ඇස් මගඇරියෙ නැ...

"මොකද මමත් මූට පිස්සෙක් වගෙ ආදරෙ කරන නිසා යකෝ!!!! මන් මෙ ම‍ඟුලට කැමති නෑ යකෝ!!!! මූව අයිති මෙ විහංඟ ප්‍රභාෂ්වර රත්නායකටම විතරයි යකෝ!!!'

ඕයේ ඔජායේ ඕජායෙ...චුට්ටක් හිටපන් මූ මට ආදරෙයි කියලද කිව්වේ එ...අඩ්ඩෙහ් සුද්දහ්...ආයෙ කියවගන්න බැරිද දන්නැ...එක්කො ඕන්නෑ නැගලා ඉන්න වෙලාවෙ අනවශ්‍ය විහිලු කරලා මට මගෙ කන පලාගන්න ඕන්නෑ...

"මොකක්! පිස්සුද අයියෙ ඔයාට...ඔයා කොල්ලෙක්...කොල්ලො දෙන්නෙක්ට කවදාවත් එකතු වෙන්න බෑ...විකාර කරන්නෙපා තාත්තා දැනගත්තොත් ලොකු විනාසයක් වෙන්නෙ..."

මොනා උනත් ශෙනූ කියන්නෙ ඇත්ත...ඒත් ආදරෙයි නම් කොල්ලෙක් වුනත් කෙල්ලෙක් වුනත් මොකද?...හදවත නවතින්නෙ තමන්ට දැනුනු තැනක නම් ඇයි මිනිස්සු ලිංගිකත්වය බලන්නෙ...හදවත බැඳෙන්නෙ තමන්ට ඕනි තැනක...ඌ කවදවත් බලන්නෑ ආදරෙ කරන එකාගෙ ලිංගෙ මොකක්ද ? මුගෙ වයස මොකක්ද? මුගෙ තත්වෙ මොකක්ද කියලා...ඌට දැනුනු තැනට බැඳිලා ඌ ආදරෙ කරනවා... සම්මතේට වඩා ලස්සන අසම්මත ආදර කතා මන් හරි ලස්සනට දැකලා තියනවා...

විහංඟ මට ඇත්තටම ආදරෙයි නම් මට පුළුවන් වෙයි එයා වෙනුවෙන් විතරක්ම ඉස්සරහට දේවල් කරන්න...

"මේ අහපන් මූ කොල්ලෙක් නෙමී තිරිසනෙක් වුනත් මට දැන් වැඩක් නැ යකෝ!!! මන් ආදරෙ මූටම විතරයි...මට අනිත් හුත්‍තොන්ගෙන් වැඩකුත් නැ!!!"

විහංඟ එහෙම කියලා මගෙ දිහා බැලුවා...මට කදුලු එනවා...එ සතුටට...හැමෝටම හම්බෙන්නෙ ඕනි මේ වගෙ ඕන ලබ්බක් වෙන්න කියලා ආදරෙ කරන මිනිහෙක්ව...එ අතින් මන් වාසනාවත්තයිද එතකොට? මන් එයා දිහා බලලා හිනාවුනා...අනිත් පැත්තෙන් එයත් මන් දිහා බලාගෙන ලස්සනට හිනාවුනා...මගෙ පිස්සා!

මට දැන් එයාව පැනලා බදාගන්න හිතෙනවා...පිස්සා නොකිව්වට මන් දන්නවා මට ගොඩක් ආදරෙයි කියලා...මිනිස්සු වැඩිපුර රිද්දන්නෙත් වැඩිපුර රණ්ඩු කරන්නෙත් තමන් ගොඩක් ආදරෙ කරන මිනිහටලුනෙ! ඒක ඔයා ඇත්ත කියලා ඔප්පු කරා Angry Bird!

"තමුසෙටනම් පිස්සු ඕයි හොඳටම පිස්සු...මන් යනවා ඕන මඟුලක් කරගන්නවා...යෙසූ අයියෙ මන් ඔයාට මේක ගැන හෙට කතා කරන්නම්..."

ශෙනූ එහෙම කියලා එතනින් යන්න ගියෙ විහංඟවයි මාවයි තනි කරලා...කතා කරන්න ගොඩක් දේවල් තියෙයි...අහන්න ගොඩක් දේවල් තියෙයි...

එහ් දැන් එතකොට අපි දෙන්නා කපල් එකක්ද? නෑනෙ මන් ආදරෙයි කිව්වෙ නෑනෙ තාම...ඇත්තටම මාත් මෙ පිස්සට ආදරෙ කරනවද?

"මගෙ ස්වීටී!"

හීන ලෝකෙ හිටපු මන් මෙ ලෝකෙට ආවෙ එයාගෙ කටහඬින්...වෙනදා ස්වීටී විතරක් කියලා කතා කරපු ගොටුකොළයා දැන් "මගෙ ස්වීටී" කියලා කතා කරනවා...යෙහස් උබනම් පට්ට වැඩ්ඩෙක් යකො...නැත්නම් මෙ ගල් හිතක් තිබ්බ මිනිහා මට මෙහෙම පිස්සුවෙන් වගෙ ආදරෙ කරයිද ඉතින්....

"ළඟට"

එහෙම කියලා විහංඟ මට එයාගෙ ඔඩොක්කුවට කතා කරෙ...මන් නිකම් මූට අමු කැවිලද අමුවෙන්ම කැවිලද වගෙ ලුක් එකකින් බලන් ඉද්දි...එහෙම්ම වටපිට බැලුවා...ආ ෂේප් දැන් කවුරුත් මෙ පැත්ත බලන්නෑ... ඒහ් දැන් නොගියොත් හැබැයි මේකගෙ යකා ආවේස වෙයි දැන්...

හරි ගිහින් වාඩිවුනා...ෂිකෙ මොන ලැජ්ජාවක්ද යකො මේ...වාඩිවුනා විතරයි මේකා මගෙ ඉන වටේ අත යවලා මගෙ බඩෙන් ඔලුව තියාගත්තා...

"බේබි ඔලුව ටිකක් අතගාපන්කො"

එහෙම කියලා එ මිනිහා මගෙ අත අරන් එයාගෙ ඔලුව උඩින් තියාගත්තා...මටත් ඉතින් මොකද නිකම් තියන අතනෙ හෙමිහිට ඔලුව අතගෑවා...එයා ඇස් දෙක වහගෙන මාව විදිනවා...ස්ට්‍රේට් කොන්ඩෙ එයාගෙ කෙස් ගොඩක් සිනිඳුයි...මොනාද දන්නැ මේකා ගාන ෂැම්පු එක...

"ආදරෙයිද ස්වීටී!"

හත්තික්කෙ මට ලැජ්ජයි යකො ඔහොම කියද්දි...මෙ මිනිහට මේක තේරෙන්නැත්තෙ මොකද? මන් ඉන්නවා ඔහෙ උඩ බලන්...රොමෑන්ටික් වෙන්න තේරෙන්නෑනෙ ඉතින් හීහී... ඇත්තටම මන් ආදරෙයි ද මන් දන්නෙත් නෑනෙ...ආදරෙ ඕන්නෑ ඔහොම හැමදාම ළඟින් ඉන්න කියලා කිව්වොත් මට ගහයිද මේකා...

"බේබ් මෙ අහපන්! උබ දැන් දන්නවා මන් උබට ආදරෙයි කියලා...මන් නරැමයෙක් වෙන්නැති මන් උබට ගොඩක් රිද්දන්නත් ඇති ඒත් මගෙ ආදරෙ ඇත්තක් ස්වීටී!...මන් ආයෙ කවදවත් මේවා උබට කියන්නෙත් නැ...අනික මට උබෙ ආදරෙ වැඩකුත් නැ...උබට ඕන කාලෙක මට ආදරෙ කරපන්...හැබැයි උබ වෙන එකෙක් එක්ක මඟුල් නටන්න ලෑස්ති වුනොත් එදාට උබට බලාගන්න පුළුවන් මෙ විහංඟ ප්‍රභාෂ්වරගෙ ඇග ඇතුලෙ හැ‍ංඟිලා ඉන්න සතා කොයිවගේද කියලත්!"

බෑනෙ ඉතින් කරන්න...මෙ මිනිහා මගෙ මූන එයාගෙ අත් දෙකටම අරන් කිව්වෙ...අන්තිමට මගෙ නලලට කිස් එකකුත් දීලා...මමත් ඔයාට ඉක්මනින්ම මගෙ හිතෙ තියන දේ කියයි විහංඟ...එතකම් මන් වෙනුවෙන්ම විතරක් බලන් ඉන්න...මන් එයාගෙ ඇස් දිහා බලන් කිව්වා...එයාට මාව තේරෙන්න ඇති...මොකද දෙන්නෙක් ආදරෙ කරද්දි ඒ හදවත් දෙක තවදුරටත් හදවත් දෙකක් නොවී එක හදවතක් වෙන නිසා!

"ඔයා ආදරෙයි කියනකම් මන් බලන් ඉන්නවා ස්වීටී!"

එහෙම කියලා එයා ආයෙත් මගෙ බඩ උඩින් ඔලුව තියාගෙන ඇස් වහගත්තෙ මන් එයාගෙ ඔලුව ආපහු අතගාන්න පටන්ගනිද්දි...

මටත් ඔයාට අකමැති වෙන්න හේතුවක් නැ විහංඟ!

"හිතගිය තැනක සඳහටම ඉන්න!"

........................................................................

Surprise!!!!!! ඔන්න විහංඟ නම් ඕකෙ...එතකොට යෙහස් අපි බලමු ඉස්සරහට!

හරි අද පොඩි දෙයක් කරමුද අපි...පෙම්වන්තයො කතාව ගැන මෙ වෙනකම් ඔයාලට දැනුනු හිතුනු දේ අද මට දිග කමෙන්ට් එකක් ඕනි ඔයාලගෙ...මන් ගොඩ නගපු විහංඟගයි යෙහස්ගෙයි ආදර කතාව ගැන කමෙන්ට් එකක්...ඔයාලා මට අද ඔය දෙන කමෙන්ට් වලට මන් අද මගෙ ස්ටේටස් බාර් එක වෙන් කරනවා...ඉතින් හිතට දැනුනු දේ කියාගෙන යන්න...ඔයාලගෙ කමෙන්ට් තමයි මාව කතාව ලියන්න මෝටිවේෂන් කරන්නෙ... මන් බලන් ඉන්නවා ඔයාලගෙ  දිග කමෙන්ට් එක වෙනුවෙන්!

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter