Back
/ 59
Chapter 17

Chapter 17

පෙම්වන්තයෝ || TK NONFICTION

"ඕයි නැගිටපන්...මොකද යකො මෙ...රවියා මූව අල්ලපන්"

ක්ලාස් එකට ආපු යාලුවො සෙට් එක දැක්කෙ විහංඟ බිමවාඩිවෙලා ඉන්න හැටි...උන් ටික ෆුල් කම්පියුස් ඇයි යකො දැන් යෙහස්ට ආදරෙයි කියලා ආපු එකා බිම ඉදන් බිංකුන්ඩො හොයනවද?

රවියයි තිසරයි විහංඟ ව අල්ලන් නැගිට්ටෙ එතන්ට අනූපයි කවිදුයි එද්දි...

"ආහ් ආවද තොපි...ඉතින් විහංඟ උබට හරි අමාරැ ඇතිනෙ යෙහස්ව රවට්ටලා"

කවිඳු නෝක්කාඩුවට හිනාවෙවි ඇහුවෙ...මෙතන වෙලා තියන දේ ඔක්කොටම මීටර් වෙද්දි...

"තෝ පකයා හිතන් හිටියෙ අපෙ එකාව යූස් කරන්නද හුත්තො!!! තෝ නම් මහ පොන්න බල්ලෙක් යකො...අපෙ එකා තොට ආදරෙයි කියන්න ආවම තෝ මොනාද යකො අර කියලා තියෙන්නෙ"

අනූපයා විහංඟගෙ මූනට දෙකක් ඇනලා කිව්වා විහංඟ ආයෙ ගිහින් බිම වැටෙද්දි...

"මචං මෙතන වෙලා තියෙන්නෙ වැරදි වැටහීමක් බන්"

තිසර විහංඟ ව නැගිට්ටන ගමන් කිව්වෙ ඒකට කවිදුට  තවත් කේන්ති යද්දි...

"අනෙ පලයන් තිසර යන්න...තොගෙ එකාට ඕන උනෙ අපෙ එකාව යූස් කරලා පැත්තකට විසික් කරන්නනෙ...හැබැයි උබ මතක තියාගනින් විහංඟ ආයෙ උබට යෙහස්ව නම් ලැබෙන්නැ කියලා"

විහංඟ කුඩුගහලා සික් එක හැදිච්ච එකෙක් වගෙ ඔහෙ බලන් ඉන්නවා...යාලුවොන්ගෙ මගුල් අදහස් නිසා දැන් උන දේ...ඒත් යාලුවො නැත්නම් විහංඟ දැනගන්නෙත් නැ එයා යෙහස්ට ඇත්තටම ආදරෙයි කියන එකත්!

"මච‍ං...මගෙ කොල්ලා...තිසරයා මට ඌව...ගෙනත් දියන්...අඩො මට ඌ නැතුව පිස්සු හැදෙයි හුකන්නො!"

විහංඟ තිසරගෙ ෂර්ට් එකෙ කොලර් එකෙන් අල්ලන් මේ කෑගහන්නෙ හරියට අම්මෙක්ව ඉල්ලලා අඩන පොඩි දරැවෙක් වගෙ...

"මෙ අහපන්...මන් උබට ආයෙ යෙහස්ව ගෙනත් දෙන්නම්...හැබැයි දැන් අපි ඌට කතාකරලා වැඩක් නැ...ඒක නිසා හෙට ස්කෝලෙදි අපි ඌ එක්ක කතා කරමු!"

"ඔව් ඔව් අද අපි උබෙ ගෙදර නවතිනවා කොහොමත්...දැන් යමන්"

තිසරයි රවිඳුයි ,විහංඟලැ යන්න තීරණ කරෙ මූ දැන් ඉන්න තත්වෙ උඩ මොන මගුලක් කරගනීද කියලා බය හිතුනු නිසා...

ඇයි විහංඟ...ඔයා එහෙම කරෙ...මන් ආදරෙයි කියලා දැන දැනම...ඔහොම රිද්දන්නෙ...මාව යූස් කරන්න ද ඔයාට ඕන උනෙ...රිදෙනවා ඕයි මට..ඉහි...

ෂවර් එක යටට වෙලා කොච්චර ඇඩුවත් හිතෙ තියන දුක මේ වතුරට එකතු වෙලා ගලාගෙන යන්නෑ...

මන් ආයෙ ඔහෙට පේන්න එන්නෑ විහංඟ ඔව්...මට බෑ...මන් ආයෙ ස්කෝලෙ එන්නැ...අනෙ මන් තමුසෙට ආදරෙයි ඕයි...ඒත් ඔහෙට ඕනෙ මාව යූස් කරන්න විතරයි...මට හිතන්න තිබ්බා...වැඩක් නැ...දැන් කාලෙ සිරා ලව් කරන උන් කොහොමත් නෑනෙ...මන් හෙට ගිහින් මැඩම්ට කියලා එක්සෑම් එක Private කරනවා...මට ඔහෙව දකින්නවත් ඕන්නෑ විහංඟ...දකිද්දි රිදෙනවා වැඩී

රිදුනට මන් ආදරෙයි!

"මචං එයා...තාම නෑනෙ බන්...මගෙ උගෙ ගෙදරට යන්නද බන්"

උදෙ  ස්කෝලෙ ආපු ගමන් විහංඟ පිස්සෙක් වගෙ ඔලුවෙ කොන්ඩෙත් දෙපැත්තට ඇදන් කෑගහන්න ගත්‍තෙ දැන් තිසරටයි රවිඳුටයි මුගෙ ඔලුව පලන්න හිතෙද්දි...ඇයි යකෝ මූ සිරා ලව් කරාට මෙච්චර එකක් නම් යාලුවො දෙන්නා බලාපොරොත්තු වුන්නැ!

"කටවහගෙන හිටපන් හුත්තිගෙ පුතෝ! ඌ දැන් එයි තාම වෙලාව හතයි...තොට තියන තදියමට හයට ස්කෝලෙ ආවට ඌ එන්නෙ ඌට ඕන වෙලාවට!"

තිසර විහංඟ ට මැද ඇගිල්ල දික් කරලා කිව්වේ...මොනා උනත් තිසර කිව්වෙ ඇත්ත නේද කියලා විහංඟට මීටර් වෙද්දි...

ටික වෙලාවකින් විහංඟ දැක්කෙ...ඈතින් එන තමන්ගෙ ස්වීටිව! වෙනදා වගෙ නෙමී එ ඇස් දෙක හොදටම ඉදිලා...වෙනදා රෝස මලක් වගෙ තිබ්බ එ මූන...අද මැලවිලාම ගිහින්...යෙහස් ඊයෙ රෑ හොඳටම අඩලා විහංඟට හිතුනෙ එච්චරයි!

කොහෙන් ආපු පනක්ද දන්නෑ යෙහස්ව දැක්ක ගමන් විහංඟ ගිහින් කොල්ලව බදාගත්තෙ හරියට යෙහස්ව කවුරැහරි හොරකන් කරන් යයි වගෙ...ඒත් විහංඟ ඈත් උනෙ යෙහස්ගෙන් ලැබුනු සැර කම්මුල් පාර නිසා!

"ස්..වීටී!"

"අල්ලන්නෙපා තමුසෙ මාව...මට අප්පිරියයි ඔහෙව!!!"

"මැණිකෙ ඔහොම මග අරින්නෙපා බන් මාව...පපුවට දරාගන්න අමාරැයි!"

යෙහස් කෑගැහුවෙ ඇස් වලින් කදුලු ගලාගෙන එද්දි...

"ස්වීටී...මන් කියන දෙ...අහපන්කො මැනික...එක විනාඩියකට අහපන් රත්‍තරන්!"

අඩලා අඩලා හෙම්බත්වෙලා උදෙ ස්කෝලෙ ගියෙ අද ගිහින් මැඩම්ට කියන්න ඕනෙ මන් Exam එක Private කරනවා කියලා...

ක්ලාස් එකට යද්දිම කොරිඩෝවෙ විහංඟ ඉන්නවා තිසරයි රවිඳුයි එක්ක...වෙනදා මන් වෙනුවෙන්ම වියරැ වැටිච්ච ඇස් දෙක අද කදුලුන් පිරිලා...නෑ ඕන්නෑ මට තමුසෙ එක්ක ආයෙ කතාවක් නැ විහංඟ...මන් පාඩුවෙ එතනින් යන්න ගියත් මෙ මිනිහා මාව බදාගත්තෙ මන් පුලුවන් උපරිමයෙන්ම විහංඟ ව තල්ලු කරලා එයාට කම්මුල් පාරක් ගහද්දි!

"මොකක්ද...මොකක්ද ඕයි තමුසෙට ඕන...මාව යූස් කරන්න නෙ ඕනෙ...හරි යන් එනවා...හොටෙල් රෑම් එකක් බුක් කරනවා...VIP එකක්ම බුක් කරනවා හරිද

..කෝ එනවා යන්...කොහොමත් තමුසෙට ඕන මගෙ ඇඟ...."

Slap!

මට එතනින් එහාට කතා කරගන්න බැරිඋනෙ...මගෙ කම්මුල් පුපුරැ ගහන්න ගත්ත නිසා...ආහ් එයා මට අතත් ඉස්සුවද? ...ඉතින් මන් අඩන්න ඕන්නෑනෙ...එයාට කොහොමත් ඕන මාව යූස් කරන්නනෙ...

"තෝ හදන්නෙ මගෙ ඉවසීමෙ සීමාව පන්නන්නද යකො!!!! මට තොගෙ ඕන්නෑති මඟුලක් නැ බල්ලො!!! දැනගනින් තෝවත් මරලා මමත් මරාගෙන මැරෙනවා තෝ ආයෙ කටගහන් ආවොත්...මාව සතෙක් කරගන්නෙපා යෙහස් උබ!"

"රිදෙ...නවා"

මට ඇඩෙනවා..ගොඩක් රිදෙනවා අනෙ මට ගොඩක් රිදෙනවා විහංඟ...මන් ආදරෙයි කියලා ඔහෙ දන්නැද්ද මට මෙහෙම රිද්දන්නෙ...ඔයාගෙ ස්වීටිට ගොඩක් රිදෙනවා විහංඟ ගොඩක් රිදෙනවා!!!!

"සො..රි මැණික මට කේන්ති ගියා...ෂිට් ඉදිමිලා හුත්ත"

විහංඟ මගෙ කම්මුලක් අතගගා කිව්වෙ...නැ එතන නෙමී රිදෙන්නෙ විහංඟ එතන නෙමී...

"ඔතන නෙමී විහංඟ මෙතනයි රිදෙන්නෙ...ආයෙ කවදවත් ඔයාට මාව දකින්නවත් ලැබෙන එකක් නැ විහංඟ...මන් ඔයාට ආදරෙයි!"

තවත් කතා කරගන්න පනක් නැතිතැන මන් එතනින් දුහලා ගියෙ...මට ඕන දැන් දුරකට යන්න කවුරුත් නැති තැනකට ගිහින් හිතෙ තියන දුක නැතිවෙනකම් මට අඩන්න ඕනි! මන් ගෙදර යනවා මට බෑ තවත්

"බේබි...දුහන්නෙපා යකො...නැවතියන් මගෙ යකා අවුස්සගන්නැතුව!"

විහංඟ මගෙ පස්සෙන් එනවා...මට ඇහෙනවා එපා මට ඕන්නෑ...බස් එකට නගින්න පාර පයින්න ඕනෙ...පාරෙ එහාපැත්තෙ හෝල්ට් එක...එයා මගෙ ලගට එන්න කලින් මන් යන්න ඕන...බස් එක හෝල්ට් එකෙ නවත්තලා

මන් දිහුවා ගොඩක් හයියෙන් දිහුවා...

"ස්වීටි නැවතියන් යකෝ...ඕක නවත්තපන් හුත්තො!!!!!!!"

මට දැනුනෙ හෝන් සද්දෙත් එක්ක මාව ඈතට විසික් වෙනවා...විහංඟ මට ඔයාව ඇහුනා!

"ඉක්මනට ඇම්බියුලන්ස් එකකට කතා කරන්න අර ලමයව කාර් එකට හැප්පුනා!"

"ස්වී..ටී මගෙ!"

විහංඟ මහපාරෙ දනගැහුවා!...

...................................................................

ඊළග එකෙන් යෙහස්ගෙ මලගෙදරට සෙට් වෙමු! 🙂

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter