Back
/ 59
Chapter 18

Chapter 18

පෙම්වන්තයෝ || TK NONFICTION

"ස්වී..ටී මගෙ..."

විහංඟව පන නැතිව මහපාරෙ ඇදගෙන වැටුනෙ...පාරෙ හිටපු මිනිස්සු යෙහස් වටේ එකතුවෙද්දි...තමන් ආදරෙ කරන කෙනාව තමන්ගෙම ඇස් ඉස්සරහ ලේ විලක් මැද ඉන්නවා බලන එක...විහංඟ දැනුනෙ තමන්ගෙ ආත්මයම ගිනිගන්නවා වගෙ...

"ඕයි...විහංඟ...යෙහස්"

තිසරට එච්චරයි කියන්න පුළුවන් උනෙ...විහංඟ මහපාරෙ පිස්සෙක් වගෙ දුහන්න ගත්තෙ ඇස් වලින් හෝ ගාලා කද්දි වැටෙද්දි...මිනිස්සු මැද්දෙන් දුහල ගිහින් යෙහස් ලග දනගහගත්ත විහංඟ යෙහස්ව ඔඩොක්කුවට අරන් විලාප දෙන්න පටන්ගත්තෙ...ඇම්බියුලන්ස් එක ඇවිත් නතර කරද්දි...

"ස්. වීටී...මගෙ...මොකක්ද යකො තෝ මේ කරගත්තෙ...මගෙ පන...ඇස් දෙක වහගන්න එපා මැණික!"

විහංඟ යෙහස්ව තුරැල් කරන් කෑගහන්නෙ මෙ වෙද්දිත් යෙහස්ගෙ ඇස් දෙක පියවිලා ඉවරයි...විහංඟගෙ ස්කෝලෙ ෂර්ට් එක යෙහස්ගෙ ලේ වලින්ම තෙත්වෙලා! යෙහස්ගෙන් ඔලුවෙන් ලේ ගලන එක නතර වෙන්නෑ...

ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් යෙහස්ව නග්ග ගත්තෙ විහංඟවත් ඒ එක්කම ඇම්බියුලන්ස් එකෙන් දාගෙන ගියෙ විහංඟ අද යෙහස්ගෙන් ඈත්වෙන්නෑ කියලා තේරිච්ච නිසා...

"මගෙ...ස්වීටී...උබ ආයෙ මගෙන් ඈතට යන්න හිතන්නවත් එපා...මන් ඉන්නවා ළග!"

විහංඟ යෙහස්ගෙ අතක් දැඩිව අල්ලගන්නෙ කියවන්නෙ...යෙහස්ට ඉක්මනින් ඔක්සිජන් දෙන්න පටන්ගත්තෙ යෙහස්ගෙ තත්වෙ බරපතල නිසා...ඔලුව වැදිච්ච නිසා ලේ ගලන එක නවත්‍තගන්න බෑ!

හොස්පිට්ල් එකට ආපු ගමන් යෙහස්ව ICU එකට ගත්තෙ...විහංඟ එතන හිටපු මැදිවියෙ ඩොක්ටර්ගෙ ඇගෙ එල්ලිලා යෙහස්ව බේරගන්න කියලා ඉල්ලන්නෙ හරියට පුංචි ලමයෙක් තමන්ගෙ අම්මව ඉල්ලනවා වගෙ...එහෙම වෙන්න ඕනෙ මොකද යෙහස් කියන්නෙ විහංඟ ප්‍රභාෂ්වරගෙ පන නිසා!

"ඩොක්ටර්...මගෙ පන...අනෙ ඩොක්ටර් මගෙ කොල්ලව බේරගන්න...ප්ලීස්...මගෙ මැණිකව බේරගන්න!"

කවදවත් මිනිහෙක්ගෙන් දෙයක් ඉල්ලන්නැති විහංඟ ප්‍රභාෂ්වර අද ජීවිතේ පළවෙනි වතාවට දැක්ක මිනිහෙක්ගෙන් තමන්ගෙ පනව බේරගන්න කියලා දනින් වැටෙන හැටි...තිසරයි රවිඳුයි ගිහින් විහංඟව පැත්තට කරෙ මූ මෙතන විලාප දෙන්න ගත්ත නිසා...

"අහන්න දරැවෝ! මෙ ළමයට මන් මුකුත් වෙන්න දෙන්නෑ...මොකද මෙ ඉන්නෙ මගෙත් පන"

"ඩොක්ටර් නිර්වාන් ඔපරේෂන් එකට ඔක්කොම හරි!"

තිසරයි රවිඳුයි මූනට මූන බලාගත්තෙ මෙ ඉන්නෙ යෙහස්ගෙ තාත්තා කියලා මීටර් උන නිසා...විහංඟ ට වැඩක් නැ මොන පකයෙක් උනත් මිනිහට දැන් උලත් එකයි පිලත් එකයි...

යෙහස්ව ICU එකට අරන් ඔපරේෂන් එක පටන්ගත්තෙ විහංඟ කාමරේ දොරෙ තියන පුංචි රවුමෙන් බලන් ඉද්දි...

වෙනදට කච කච ගගා කියවන කොල්ලා අද මැෂින් ගොඩක් මැද්දෙ පන අදිනවා...පපුවට අල්ලන කරන්ට් එක නිසා යෙහස්ව ගැස්සි ගැස්සි උඩ යන්නෙ හරියට මුහුදෙන් ගොඩ ගත්ත මාලුවෙක් පන අදිනවා වගෙ...

අනිත් පැත්තෙන් යෙහස්ගෙ තාත්තා...තමන්ගෙ ළමයව මෙහෙම මැෂින් ගොඩක් මැද්දෙ ගැහි ගැහි ඉන්නවා බලන එක ඒ තාත්තා ට කොච්චර නම් දැනෙන්න ඇද්ද? කොච්චර පළපුරුදු ඩොක්ටර් කෙනෙක් වුනත් මෙ ඉන්නෙ තමන්ගෙ හුරතලේ නේද කියන්න ඩොක්ටර් නිර්වාන්ටත් හිතෙන්න ඇති!

"අඩො හුකනවනෙ බන්...මාමණ්ඩිත් සීන් එකට එන්ටර් වුනානෙ යකො මේ මගුල් අස්සෙත්!"

"මුන් දෙන්නට නම් ඒරාෂ්ටකයක් යකෝ...ලව් කරන්න ගත්තා විතරයි කරදර ෂිට්!"

තිසරයි රවිඳුයි විහංඟගෙ ලගින් වාඩිවෙලා දොඩවනවා...ඇත්තටම විහංඟ යෙහස්ට ආදරෙ කරන්න පටන්ගත්ත දවසෙ ඉදන් කරදර විතරයි...දැන් විහංඟ ට හිතෙන්නෙ තමන්ගෙ පව් යෙහස්ගෙ පිටින් යනවා කියලා!...

"මච‍ං...මගෙ කොල්ලා...මන් නිසා නේද බන් මේ ඔක්කොම...මන් මැරිලා ගියානම් ඌ සතුටින් ඉදී නේද බන්..."

ඒ පාර විහංඟ බංකුවෙන් නැගිටලා ඔලුවත් කස කස විකාර කියවන්න පටන්ගත්තෙ...තිසර ඔලුවට අත ගහගද්දි...මූටනන් තදටම ලව් සික් එක කොල්ලො දෙන්නට හිතුනා...

"හුකන්නැතුව හිටපන්! මෙ නටපු නාඩගම ඇති හොඳටම! ඩොක්ටර් එලියට එනකම් හිටපන්..."

"ඩොක්ටර් නෙමි යකො මාමණ්ඩි!"

පැයකටත් වැඩි දැන් යෙහස්ව ඔපරේෂන් කරන්න අරන්...විහංඟ දොර දිහා බලන් ඉන්නවා...එලියෙ වැස්ස ගොරවනවා...කොල්ලට මතක් උනෙ යෙහස් ගොරවනවට බයේ එදා තමන්ගෙ අත අල්ලගත්ත හැටි! වෙච්ච ඔක්කොම දේවල් විහංඟගෙ ඔලුවෙ චිත්‍රයක් වගෙ මැවෙන්න පටන්ගත්තා...සෙල්ලමක් විදියට පටන්ගත්ත ආදරෙ අද තමන්ගෙ එකම පන වෙලා!

ඒත් එක්කම ICU එකෙ දොර ඇරැනෙ විහංඟ දුහලා ගිහින් ඩොක්ටර් ලගට යද්දි...ලේ වලින් තෙත් වෙච්චි ෂර්ට් එක පිටින්ම විහංඟ තාම!

"ඩොක්ටර්...මගෙ මැණිකට කොහොමද? නැගිට්ටද එයා...මන් යන්නද එයා ළගට!"

විහංඟ ICU එක පැත්තට යන්න හදන්නෙ යෙහස් නැගිටලා ඇති කියලා හිතන්! ඇත්තටම යෙහස් ආයෙ නැගිටීද?

"මගෙ Room එකට යන්න මන් එන්නම්"

ඩොක්ටර් නිර්වාන් විහංඟට අණ කරා වගෙ...විහංඟත් බලු පැටියෙක් වගෙ ඩොක්ටර්ගෙ පස්සෙන් යන්න පටන්ගත්තෙ තිසරයි රවිඳුත් විහංඟගෙ පස්සෙන් යද්දි!

විනාඩි පහලොවකින් විතර ඩොක්ටර් ආවෙ විහංඟට විතරක් කාමරේ ඇතුලට එන්න කියද්දි!

"ඔය ළමයා යෙහස්ගෙ කවුද?"

ඩොක්ටර් පුටුවෙන් වාඩිවෙන ගමන් ඇහුවෙ විහංඟටත් වාඩිවෙන්න කියලා හිසෙන් සන් කරද්දි...විහංඟත් ඉක්මනින් හරි බැහි ගැහිලා පුටුවෙ වාඩිවුනා...

ඩොක්ටර් අහපු දේට විහංඟ කරෙ ඔහෙ කල්පනා කරපු එක...සෙල්ලමක් විදියට පටන්ගත්ත ආදරෙ අද ඇත්ත උනා කියන්නද? තමන් නිසයි යෙහස්ට මෙහෙම උනෙ කියන්නද? යෙහස් කියන්නෙ මගෙ Boyfriend කියන්න ද? මෙ ඉන්නෙ විහංඟ ප්‍රභාෂ්වරගෙ පන කියන්නද? විහංඟ ඔහෙ කල්පනා කරනවා...

"මන් දන්නෑනෙ මගෙ හුරතලේට Boyfriend කෙනෙක් ඉන්නවා කියලා!"

විහංඟගෙ ඇස් ගෙඩිදෙක පොල්ගෙඩි දෙකක් වගෙ උනෙ මෙ මිනිහා කොහොමද ඒක දැනගත්තෙ කියලා...විහංඟ මුකුත් කියන්නැතුව බිම බලාගත්තා...

"යෙහස්ගෙ තත්වෙ දැන් සාමාන්‍යයි...ඔලුව වැදිච්ච නිසයි ලේ ගියෙ ...හැබැයි ලේ මොළේට බැහපු නිසා ටික දවසක් යයි සිහිය එන්න...යෙහස් දැන් ඉන්නෙ කෝමා එකක...Memory lost වීමක් උනත් සිද්ද වෙන්න පුළුවන්...මොකද වැදිච්ච පාර සැර නිසා!"

ඩොක්ටර් කියද්දි විහංඟගෙ ඇස් කදුලින් තෙත්වුනෙ Memory lost එකක් උනොත් යෙහස්ට තමන්ව අමතක වෙයි කියලා හිතුනු නිසා...තමන් කොච්චර කාලකණ්ණියෙක්ද කියලා විහංඟට හිතෙන්නෙ ඇති! ආදරෙ කරන්න පටන්ගත්තා විතරයි එකපිට ප්‍රෂ්න!

"මෙතන වෙච්චි දේ ගැන මට පැහැදිලි කිරීමක් දුන්නොත් මට ලේසිවෙයි පුතේ!"

යෙහස්ගෙ තාත්තා හරියට විහංඟට තමන්ගෙම ලමයෙක් වගෙ සලකන්නෙ...තමන්ගෙ තාත්තාවත් අඩුම විහංඟට පුතෙ කියලා කතා කරලා නෑ නේද කියලා මතක්වෙද්දි!

විහංඟ වුන ඔක්කොම අකුරක් නෑර කිව්වෙ...ඩොක්ටර් මෙ ඔක්කොම දේවල් හොදින් අහන් ඉද්දි!

"ඔයාගෙ ආදරෙ අවංකනම් ඔය දෙන්නා ආයෙ ඉක්මනින් එකතුවෙයි...හැබැයි යෙහස් දැන් ඉන්නෙ වැරදි වැටහීමකින්...එ වැටහීම නැති කරන්නත් පුළුවන් ඔයාට විතරයි පුතේ!"

"එයා මාව තේරැම්ගනීද ඩොක්ටර්"

විහංඟ පොඩි ළමයෙක් වගෙ හැසිරෙනවා...පුටුවෙන් නැගිටලා කදුලු බේර බේර මෙ අහන්නෙ නිකම් ලොකෙ තියන වටිනම වස්තුව තමන්ට ලැබෙන්න යනවා වගෙ...

"යෙහස් ඔයාව තේරැම්ගත්තොත් අපිට බැරියැයි එක පත්තරේම මාරැ කරගෙන බලන්න"

ඩොක්ටර් කියපු කතාවට විහංඟගෙ මූනෙ හීනාවක් ඇදුනෙ...එක නරක දෙයක් වෙද්දි එක හො‍‍ඳ දෙයක් වුන නිසා...

හරියට අඳුරු වලාකුලේ අස්සෙ එක රිදී රේඛාවක් හැංගිලා තියනවා වගෙ...

එහෙනම් මාමණ්ඩිත් Ok...විහංඟට හිතුනෙ එච්චරයි!

........................................................................

සතුටු වෙන්නෙපා හරිතෙ...යෙහස්ගෙ Memory lost වුනොත් ඉතින් විහංඟට බඩුම තමයි...

මෙ යෙහස් නිසා මුන් ජීවත් වෙලා ඉද්දිම මගෙ මලගෙදරත් කරා නේද යකො...තරහයි ඇ...😒

එහෙනම්

බායි

බුදුසරණයි!❤️

Share This Chapter