Back
/ 59
Chapter 19

Chapter 19

පෙම්වන්තයෝ || TK NONFICTION

ඩොක්ටර් නිර්වාන් එක්ක කතා කරලා ඉවරවෙලා විහංඟ කෙලින්ම ගියේ යෙහස්ව බලන්න...යෙහස්ව නෝර්මල් එවෝර්ඩ් එකකට මාරැ කරලා...

යෙහස් යද්දි රවිඳුයි තිසරයිත් යෙහස්ගෙ රෑම් එකේ...විහංඟ ගිහින් යෙහස්ගෙ ඇද ලගින් පුටුවක් තියන් වාඩිවුනෙ යෙහස්ගෙ එක අතක් තමන්ගෙ අත් දෙකට මැදි කරගන්න ගමන්...

"තිසරයා...මූට නැගිටින්න කියපන්කො..ඔය මන් එක්ක තරහා වෙලා බොරැවට නිදි වගෙ රඟපාන්නෙ"

විහංඟ යෙහස්ගෙ අතට කිස් එකක් දෙන ගමන් විකාරෙන් දොඩවනවා...තිසරටයි රවිඳුටයි කරගන්න දෙයක් නැතුව ඔහෙ බලන් ඉන්නවා...කෝමා එකක ඉන්න ලෙඩෙක්ට නැගිටින්න කිව්වට වැඩක් තියෙයිද? මොකද දැන් යෙහස්ට කවුරු කතා කරත් ඇහැරෙන්නෑ එයා දැන් ඉන්නෙ තද නින්දක...ඔක්කොම පද්දති වැඩ වුනත් යෙහස්ගෙ මුලු ශරීරයම දැන් තද නින්දක!...

"ඇයි මැණික මන් කියන එක අහන්න බැරිවුනෙ උබට...මන් නේද බන් වැරදි...මන් එදා අත ඉස්සුවෙ නැතිඋනානන් මගෙ කොල්ලට මෙහෙම වෙන්නෑ!"

කවුරුත් වෙනුවෙන් කවදවත් අඩපු නැති විහංඟ ප්‍රභාෂ්වර රත්නායක අද තමන්ගෙ ආදරෙ නිසා අඩනවා! ආදරෙ නෙමී තමන්ගෙ පන මෙ ඇදක් උඩ ඔහෙ වැටිලා ඉන්නෙ...

"ඔය කච කචේ නැතුව මට පාලුයි යකෝ! තෝ ඔහොම නිදාගෙන හිටියම හරිද!!! මන් පිස්සු වැටෙයි යකෝ තෝ ඔහොම ඉන්නකොට!!!"

විහංඟ පුටුවත් පෙරලගෙන කෑගහගෙන නැගිට්ටෙ , කාමරේට ආපු නර්ස් විහංඟව එතනින් එලවද්දි...

"කරැණාකරලා ඔයාලා එලියට යන්න...ප්‍රේෂන් ඉන්නෙ ලොකුන් කම්පනයකින්...ඔයාලා ඔහොම කෑගහද්දි මෙයාගෙ ජීවිතේට උනත් හානියක් වෙන්න බැරි කමක් නැ!"

ඒක ඇහුවම විහංඟ නිකම් වයින් කරපු බෝනික්කෙක් වගෙ පිස්සුවෙන් කියවන්න ගත්තෙ රවිඳුයි තිසරයි ඇවිත් විහංඟව එලියට අරන් යද්දි...

"මගෙ කොල්ලට මන් නිසා..උන දේවල් ඇති...මන් ඈතින් ඉන්නම්..ඔව් ඒක තමයි...මගෙ මැණික නැගිට්ටම මන් එන්නම් බලන්න...රවියා ස්වීටී නැගිට්ටම මට කියපන් හරිද?"

"හරි හරි බන් දැන් යමන්...මන් යෙහස් නැගිට්ටම උබව එක්කන් එන්නම්"

තිසරයි රවිඳුයි විහංඟව වාරැ කරන් එලියෙ අරන් ගියෙ...මුගෙ පිස්සුව දැන්නම් හොදටම වැඩි නිසා...ආදරේකට පුළුවන් ද යකො මෙච්චරයි දෙයක් කරන්න රවිඳුටයි තිසරටයි හිතුනා...

එවෝර්ඩ් එකෙන් එලියට ආවට පස්සෙ විහංඟ එතන තිබුනු බංකුවෙන් වාඩිවෙලා ඔහෙ බලාගත්ත අත බලාගෙන ඉන්නවා...කොල්ලා තාම ඇදන් ඉන්නෙ අර ලේ වලින් තෙත් වෙච්චි ෂර්ට් එක!

"විහංඟ මෙ අහපන් ගෙදර ගිහින් ඇදුමක් දාගෙන වරෙන්...මිනිස්සුත් බයවෙනවා යකො තෝ ලේ පෙරාගෙන ඉන්නකොට"

තිසර ඒක කිව්වා විතරයි විහංඟගෙ ඇස් දෙක වියරැ වැටුනෙ ආයෙත් මෙතන නාඩගමක් වෙන්න යද්දි...

"මට එක පකයෙක්ගෙන් වැඩක් නැ යකෝ! අරෑට සිහිය එනකම් මන් කොහෙවත් යන්නෑ!!! මට ඕන්නැති රෙද්දක් නෑ බන්...මට මෙහෙම ඉන්න දියන් ප්ලීස් මචං"

තවත් මූට කියලා වැඩක් නැති නිසා තිසරයි රවිඳුයි කටවහගත්තා...

"හරි උබ ඉදපන්කො තිසරයා උබ ඉදපන් මූ එක්ක මන් ගිහින් ඇඳුම් දෙක තුනක් අරන් එන්නම්..."

"හරි බන් එහෙම කරපන් එහෙනම්"

රවිඳුයි කෙලින්ම ගෙදර යන්න ගියෙ විහංඟ ව මෙහෙම ඉන්නකොට තවත් අවුල් නිසා...තිසරයි විහංඟයි ඉන්නවා එලියට වෙලා ඔහෙ බලාගෙන...

හවස ආයෙත් ලෙඩ්ඩු බලන වෙලාවෙ යෙහස්ගෙ අම්මයි අයියත් ආවෙ...විහංඟ හොරාට බලන් ඉන්නකොට...යෙහස්ගෙ අම්මා හූ තිය තිය ඇඩුවෙ ඒවා දකිනකොට විහංඟගෙ පපුව නිකම් පිහියකින් හූරනවා වගෙ වෙද්දි...

යෙහස්ගෙ අම්මයි අයියයි ගියාට පස්සෙ විහංඟ ආයෙත් යෙහස්ව බලන්න ගියා...තාම උදෙ වගෙ යෙහස් ඇද උඩ සේලයින් එක තාම ගහලා...

විහංඟ ගිහින් යෙහස් ඉන්න ඇද උඩින්ම වාඩිවුනා...රවිඳුයි ගෙනාපු අලුත් ඇදුම් ඇදගත්තා නිසා දැන් යෙහස් ලගට යන්න පුළුවන්...

"ස්වීටී! නැගිටපන්කො බන්...මන් පවු නැද්ද බන් ඔච්චරටම රිද්දන්නෙ"

විහංඟ යෙහස්ගෙ ඔලුව අතගගා කියවනවා...ඔලුවෙ බැන්ඩේජ් එක ගහලා තාම...ඔලුව වැදිච්ච නිසා තමයි යෙහස්ට සිහිය නැත්තෙ...නලලත් තුවාල වෙලා...යෙහස්ට කොච්චර රිදෙනවා ඇද්ද? විහංඟට එහෙම හිතුනා...

"ස්වීටී මන් ආදරෙයි බන්...ගොඩක් ආදරෙයි මගෙ පපුව පිරෙන්නම ආදරෙයි මැණික!"

විහංඟ ඔහොම නෙමි ඔලුවෙන් හිටන් ආදරෙයි කිව්වත් වැඩක් නැ...යෙහස්ට කවුරුත් කියන දෙයක් ඇහෙන්නෑ...

"එකපාරක් ඇස් දෙක ඇරලා බලපන්කො බන් මාව පිස්සෙක් නොකර!!!"

විහංඟ කොන්ඩෙත් ඇද ඇද කෑගහනවා...විහංඟ ව ඇහෙනවනම් යෙහස් කතා නොකර ඉන්නවද? දෙයක් නැතිවෙන්නම ඕනෙ ඒ දේ අගෙ තේරෙන්න! හරියට යෙහස් නැතිඋනාම තමයි විහංඟට යෙහස්ගෙ අගෙ තේරැනෙ..

"උබ මොකක්ද බන් මට මෙ කරේ!!! මන් පිස්සෙක් වෙලා...සිරා ලව් නොකරන්න හිතන් උබට ලන් වුනාට මන් දැන් උබට ගොඩක් ආදරෙයි ස්වීටී! මගෙ පන!"

විහංඟ යෙහස්ගෙ කකුල් දෙක මසාජ් කරනවා...ඒ කරන ගමන් කකුල් දෙකට පුංචි පු‍ංචි කිස් දෙන්නත් කොල්ලා අමතක කරෙ නෑ...

"බේබි නැගිටපන්කො මට වනචරයා කියලා බැනපන්කො...මන් ආසයි තමුසෙට කේන්ති ගියාම පිස්සුවෙන් වගෙ කිස් කරන්න"

ආදරෙ නිසා මිනිස්සු පිස්සු වැටෙනවා කිව්වට විහංඟ හිතන්නැතුව ඇති යෙහස් නිසා තමන් පිස්සෙක් වෙයි කියලා නම්... විහංඟ දැන් පිස්සු වැටිලා යෙහස් නිසා!

"මෙහෙම නිදාගමු අද...මන් තුරැල් කරන් ඉන්නම්...තමුසෙ අකමැති නෑනෙ...මන් කිස් කරද්දිත් ආසාවෙන්නෙ ඉන්නෙ බොරැව දැම්මට!"

එ පාර විහංඟ අඩ අඩ හිනාවෙනවා...තිසරයි රවිඳුයි කම්මුලෙ අත ගහගෙන බලන් ඉන්නවා කාමරෙ තියන බංකුවෙන් වාඩිවෙලා...කවුද හිතුවෙ යකො වසවර්ති මාරයා වගෙ හිටපු සුද්දට මෙහෙම වෙයි කියලා...

කොහොමෙන් කොහොමහරි විහංඟ යෙහස්ව තුරැල් කරගත්තෙ...සේලයින් එකට ඩැමේජ් නොවන විදියට...එලියෙ හොදටම වහිනවා...යෙහස්ට සීතල හැදෙයි කියලා බයට විහංඟ යෙහස්ව තුරැල් කරන් නිදාගත්තා...

ජනෙල් රෙදි අස්සෙන් ඉර එලිය මූනට වැටෙද්දි තමයි විහංඟ නැගිට්ටෙ...යෙහස්ගෙ කම්මුලට කිස් එකකුත් දීලා විහංඟ නැගිටලා යෙහස්ගෙ ඔලුව අතගෑවා...

විහංඟ වොෂ් රෑම් එකට ගිහින් මුන පොඩ්ඩක් තෙමන් ආවෙ දැන් යෙහස්ගෙ තාත්තා එන නිසා...

"ම්හ්..."

විහංඟට ඇහුනෙ හීන් කෙදිරියක්...කොහෙන්ද එ...ටක්ගාලා යෙහස් ලගට දුහන් ආපු විහංඟ දැක්කෙ යෙහස් ටිකෙන් ටික ඇස් දෙක අරින හැටි...ඉර එළිය යෙහස්ගෙ මූනටම වැටිලා...

"ස්වීටී! නැගිටින්න මන් ලග ඉන්නෙ...මැණික ඔහොම්ම නැගිටින්න ඇස් දෙක වහගන්න එපා...තිසර ගිහින් ඩොක්ටර් ව එක්කන් වරෙන් ඉක්මනට පලයන්!!!!"

විහංඟ යෙහස්ව තුරැල් කරන ගමන් කෑගැහුවෙ තිසරයි රවිඳුයි ඩොක්ටර්ව එක්කන් එන්න යද්දි...

ටිකෙන් ටික යෙහස් ඇස් අරියෙ විහංඟ බලන් ඉන්දැද්දිම...ඇස් දෙක ඇරපු යෙහස් ඇස් දෙක රෑම් එකෙ අරන් ගියෙ තමන් ඉන්නෙ කොහෙද කියලා දන්නැති නිසා...කොල්ලගෙ මුලු ඇගම රිදෙනවා හරියට දහ දෙනෙක්ගෙන් ගුටි කාලා වගෙ...

"ස්වීටී! මගෙ...දැන් ඔක්කොම හරි මන් ඉන්නවා ළගින්ම.. බයවෙන්නෙපා..."

විහංඟ යෙහස්ගෙ අතක් තමන්ගෙ අත් අතරට අරන් පිරිමදින ගමන් කිව්වා...යෙහස් ඉන්නවා විහංඟ දිහා ඔහෙ බලාගෙන...

"ඔයා කවුද?"

.......................................................................

ප්‍රීති වෙසක්

සුභ දවසක්

මාව මතක්

වෙන්න අප්ඩේට් එකක්!

ඊගාව එක තමයි ...අම්මො මතක් වෙද්දිත් මට කුරිරු හිනාවක් එනවා බුහාහ්!!!

එහෙනම්

බායි

බුදුසරණයි! ❤️

Share This Chapter