Back
/ 59
Chapter 3

Chapter 03

පෙම්වන්තයෝ || TK NONFICTION

"ස්වීට් හාර්ට් මන් ආවා"

"ආ ආවද ඉලන්දාරියා"

විහංඟ ස්කෝලෙ ඇරිලා සුපුරුදු පරිදි බයික්කෙන්ම ගෙදර ගියෙ ස්කෝලෙ ඇරිලා ගෙදර යන ගමන් හිටපු පොඩිඋන් සෙට් එකක්ට මඩත් ගහගෙන , ගෙදර ආපු ගමන් පොර අම්මා එක්ක හුරතල් වෙනවා...

"කොහොමද විහූ ස්කෝලෙ හොදද?"

"ඔව් ඔව් ඒ ස්කෝලෙ නම් පහරක් අම්මෙ"

අනෝජා බලන් ඉන්නවා එයාගෙ පුතන්ඩියා කියන මෙ බාෂාව මොකක්ද කියලා , උන්දා දන්නවද ඉතින් පහරක් කියන එක....

"පුදුමයි ඉතින් එක්කෙනෙක්ට ලංකාව අල්ලලා"

ඒක කියද්දි විහංඟගෙ මුහුනෙ මැවුනෙ දඟකාර හිනාවක් , කොල්ලට මතක් වුනෙ යෙහස්ව සුදු කම්මුල් කොටි පැටියෙක්ගෙ වගෙ දිලිසෙන ඇස් දෙක නහයෙ තියන Birth Mark එක රෝස පාට ලිප්ස් දෙක , විහංඟ භාවනාවක සමවැදිලා වගෙ....

"වොෂ් දාන් එන්න එහෙනම් මන් ලන්ච් එක රෙඩි කරන්න"

" ඕකෙ ස්වීට් හාර්ට්"

අම්මටත් ඇහැක් ගහන් විහංඟ එයාගෙ කාමරේට ගිහින් බෑග් එක මුල්ලකට විසික් කරලා ගිහින් ඇදේ වාඩිවුනෙ සපත්තු දෙකත් ගලවලා මුල්ලකට විසික් කරලා එහෙම්ම ඇදෙ ඇලවුනෙ යෙහස් ගැන හිතන ගමන්....

"‍යෙහස් යෙහස්! හරි ආස හිතෙනවා බන් උබට , හ්ම්ම් බලමුකො ඉස්සරහට "

"අනෙ අම්මෙ මන් අනූපම එක්ක යන්නම් ,ඔයා තනියම යන්නකො ඇයි වදේ"

මේක විසාල කරදරයක් වුනානෙ , අපෙ අම්මා එක්ක මේක කරන්න බැ ඇයි යකො ,කවියගෙ ආච්චිගෙ මළ ගෙදර යන්න හදද්දි එයත් මගෙ ඇගෙ එල්ලෙන්න හදනවා...

"දැන් උබට මාව එක්කන් යන්න බෑ එහෙමද? පොඩි කාලෙ ඉදන් දුක් විද විද හදලා...."

ඔන ඉතින් අදත් මහාවංශෙ දිග අරින්න යන්නෙ...

"ඔන අදත් රේඩියෝ එක පටන්ගත්‍තා , ඔයා යන්න අයියා එක්ක එහෙනම් කෙල්ලෙ මන් කැපුනා"

කියලා මන් ගෙදරින් දොට්ට පැන්නෙ අපෙ අම්මා එක්ක මේක කරන්න බැරි නිසා , ඇයි වදේ මට තනියෙන් යන්න දෙන්නැ එයා කොහෙවත් ,කෙල්ලෙක්වත් මෙච්චර පරිස්සම් කරන්නැතුව ඇති ඇයි යකො...

calling

තිසාබිජ්ජා 🍒

"විහා උබ මොකද කරන්නෙ"

"ඇඳෙ ඉන්නෙ බන්"

"අපෙ එකෙක්ගෙ මළ ගෙදරක් තියෙයි යමන්ද?"

"බෑ බන් මන් ආස නැ මළ ගෙවල් අස්සෙ යන්නෙ"

" උබෙ ස්වීටීත් එයි හැබැයි , යෙහස්ගෙ යාලුවගෙ ආච්චි නැතිවෙලා තියෙන්නෙ"

"ලොකේෂන් එවපන් විනාඩි පහෙන් මන් ඔතන"

තිසරට තව මුකුත්ම කියන්න නොකිය විහංඟ කෝල් එක කට් කරලා ඇඳට ෆෝන් එක විසික් කරලා වොෂ් රෑම් එකට පැනගත්තෙ කෙනෙක්ව බලන් යන්න ලෑස්ති වෙන්න...

තිසර එවපු ලොකේෂන් එකෙන් කවිඳුගෙ ගෙදරට බයික්කෙන්ම ගියපු විහංඟගෙ ඇස් මෙ වෙලාවෙ හොයන්නෙ යෙහස්ව...

"ඉවරයි මූ මෙතන්ටත් ඇවිත්, අඩො මන් කිව්වෙ අන්න අර මදාවියා තමයි මට අද වද දුන්නෙ"

‍යෙහස් අනූපමට විහංඟව පෙන්නලා කිව්වෙ අනූපමගෙ ඇස් නලල යද්දි .විහංඟ කවුද කියලා අනූපම දන්නවා...

"මචන් ඔය රත්නායක මුදලාලිගෙ පොඩි පුතා විහංඟ ,ලංකාවෙ හොඳම ලී බඩු හදන්නෙ රත්නායක මුදලාලි තමයි ,  ඕකා රට හිටියෙ මන් හිතන්නෙ අවුරැදු දහයක් පහලොවක් වගෙ , පොර මෙ ළගදි තමයි ලංකාවට ඇවිත් තියෙන්නෙ"

මළ ගෙදරට ගියා විතරයි කවිඳුගෙ තංගච්චි ඉන්නවා නෙස්කැෆේ අල්ල අල්ල ගියපු ගමන් නෙස්කැෆේ එකක් බීගෙන ගියෙ නෙස්කැෆේ කියන්නෙ මගෙ ෆේවරිට් නිසා..

ටිකකින් මන් දැක්කෙ තිසරයි රවිඳුයි එක්ක මෙ පැත්තට එන අර නොසංඩාලයව , කලු ඩෙනිමට සුදු අත් දිග ෂර්‍ට් එකක් අත් දෙක වැලමිටට නවලා කලුම ඩෙග් දෙකකුත් දාන් පොරව දැක්ක ගමන් පුටුව හරවගත්තා ඌට මාව පේන්නැතිවෙන්න..

"මොකා හරි මට වැඩක් නෑ ඌ මට විසාල කරදරයක් වෙන්නයි යන්නෙ"

හිතට ආපු කුරිරු සැලැස්මක් දියත් කරන්න යන මම , බුහාහ් උබර් ඉවරයි විහංඟ අද...

"මොකක්ද දැන් උබ කරන්නෙ යන්නෙ"

" උබ බලන් හිටපන්කො"

එහෙම්ම දැක්කෙ ඈතින් හිටන් කයියක් ගහන තාරක අයියව , සකන්ඩ් ෂයි මැත්ස් කරන අයියා කෙනෙක් , කුරිරු හිනාවක් ආවා මූනට...

"තාරැ අයියේ"

එහෙම්ම පුටුවෙන් නැගිටලා ගිහින් තාරැ අයියගෙ ලගින් වාඩිවෙලා එයාගෙ අතෙ එල්ලුන මන් , අර මදාවියත් එතනම ඉන්නෙ සෙට් එක යාලුවො , විහංඟ උබ වැරදි එකා එක්ක මෙ හැප්පුනෙ දැන් බලාගන්නම මෙ යෙහස් නිර්වාන් දිසානායකගෙ වැඩ කිඩ..

"ආ චූටි මොකො මෙ"

" මුකුත් නැ අයියෙ"

මන් එහෙම්ම තාරැ අයියගෙ උරහිසට ඔලුව තියාගත්තෙ මට ඕනෙ දැන් මෙ ඉන්නෙ මගෙ Boyfriend කියලා මෙ මදාවියට පෙන්නන්න... එතකොටවත් මට වද නොදී පාඩුවෙ පැත්‍තකට වෙලා ඉදීනෙ... බොරැ මරසි ඕන්නෑනෙ ඒකගෙ ඇස් දෙක දකද්දි මට පොඩ්ඩක් විතර බයත් හිතුනා...

එයා මගෙ ඉස්සරහා පුටුවෙ ,කවියගෙ නන්ගි නෙස්කැෆේ ගෙනාවා ආයෙ , ආයෙ බොන්න බෑ ලැජ්ජයිනෙ මැත්ස් සෙට් එක නම් හොදට නෙස්කැෆේ බොනවා...

"ආහ් ආව්ව් ආව් පිච්චුනා!!!"

" ඔහ් සොරි යෙහස් මගෙ අත ලිස්සුවා"

තිරිසනා තිරිසනා මූ හිතා මතාම දුන් දාන නෙස්කැෆේ එක මගෙ අතෙ හැලුවා ,අනෙ පිච්චෙනවා ආව්හ් හොදක් වෙන්නැ යකො උබට!!!

"යමන් හෝදගන්න"

" උබ ඉදන් අනූ මන් ගිහින් හෝදන් එන්නම්"

අරෑටත් රවාගෙන පුටුවෙන් නැගිටලා මන් ගියෙ කවියලැ ගෙදර පිටිපස්සෙ තියන දොළ පැත්තට , පිච්චිච්ච තැන දනවා ,ආහ් දොලෙන් වතුර ටිකක් අරන් පිච්ච්ච්ච තැන හිමීට ගෑවා ඌහ් දනවා අනෙ....

" ස්වීටී!"

හපොයි අර මදාවියා මගෙ පිටිපස්සෙන් , හොද වැඩෙ යකෝ මටත් අනූපමයා එක්ක නොආවට , හිමීට හැරැනා පොරගෙ පැත්තට , එ ඇස් දිහා කෙලින් බලන්න බෑ ,එ වියරැ ඇස් දෙක කෙලින්ම මගෙ දිහාවට...

" මන් මොකක්ද උබට කිව්වෙ යෙහස්!!!  වෙන උන් එක්ක ඉන්නෙපා කියලා නේද මන් උබට කිව්වෙ ම්ම්ම්"

කියන ගමන් එ මදාවියා මන් ලගට අඩි තිය එන්න පටන්ගත්තෙ මන් පිටිපස්සෙන් පිටිපස්සට ගිහින් අන්තිමට ලොකු මිල්ල ගහකුයි එයාටයි මැදි වෙද්දි....

.............................................................................

යෙහස් දැන් තමයි විහංඟගෙ හැටි දැනගන්නෙ :)

චැප්ටර් දෙකකට කතාව රෑන්ක් ඇවිත් , ස්තූතියි මගෙ කතාව කියවන ඔයාලා හැමෝටම 🥺❤️

ගිහින් එන්නම්ම්ම්

පරිස්සමින් ඉන්න

බුදුසරණයි ❤️

Share This Chapter