Back
/ 38
Chapter 33

තිස්තුන්වන ස්වරය ❤️

තත් 🔞

යාන්තම් පුන්චි සීතලක් කම්මුල් වලට දැනෙද්දි මට ඇස් අරින්න වුනා බලෙන්ම...හීන් පොදක්..තව විදිහකින් කිව්වොත් මල් වැස්සක්...ටොක් ටොක් හඬට එක දෙක වීදුරු කවුලුවට වැටෙන්නෙ මගේ දෙකන් පුරා නැගෙන ඒ විරහබර හඬට අත්වැල් දෙන්නදෝ මට හිතුනා...ඒකමයි මම මගෙ හෑන්ඩ්ෆ්‍රී දෙක තව ටිකක් කනට හිරකරගත්තෙ...මේ වෙලාවෙ එලියෙ මේ සීත මල් වැස්සක් වැටෙද්දි මගෙ හිත චන්ද්‍රිකා සිරිවර්දන මැඩම්ගෙ නාසික්‍ය ස්වරයත් එක්ක කොහෙදෝ අතරමන් වෙලා තිබුනා.

"සඳ නැතුවට හිරු නැතුවට

මට අඳුරක් නෑ - මට අඳුරක් නෑ

පායන්නට එපා සඳේ - පායන්නට එපා ඉරේ

මට අඳුරක් නෑ

ගහේ වැලේ ඇලේ දොලේ

පීදෙන්නට එපා මලේ

මල් නැතුවට මට සුවඳින් බිඳුවක් අඩු නෑ

බිඳුවක් අඩු නෑ"

මේ සින්දුවෙන් කියන්නෙනම් ආදරයේ තියෙන බලය ගැන වුනත්

මොකක්දෝ පාලුවක් , මහ මූසල හැඟීමක් මගේ හිත වසාගෙන තිබුනා.....

තමන්ගේ පෙම්වතාගෙ ආදරයෙන් එලිය වුනු පෙම්වතියගේ ජීවිතයට ඉරෙන් හඳෙන් ඇති පලක් කොයිද...තව කොයිද අඳුරක්

ඔයාලා පිලිගනීද දන්නෙ නෑ ඒත් ආදරේ එහෙමයි...ආදරේ කියන්නෙම ප්‍රාතිහාරයක්...ඒත් ඒ ආදරේම නපුරට ක්‍රියාකලොත්...හිතන්නවත් එපා...ඒක ඒ තරම් ම බයයි...ආදරය කියන රෝගය සනීප කරන්නනම් අදතාක් කිසිම වෙදෙක් සමත් වෙලා නැහැ.

මගෙ හිත කොහෙදෝ අතරමං වෙලා තියෙද්දි ටොක් ටොක් හඬ එකලඟ ඇහෙන්න පටන්ගත්තෙ මල් වැස්ස කොටහලු වුනු බව කියන්න වෙන්න ඇති...දැන් මල් වැස්සක් හොයන්නවත් නෑ...මොර සූරන්න වැස්ස...මහ ගස් අතු සෝදගෙන ගෙවල් වහල් සෝදගෙන වතුර ගලනවා...

මගේ හිත වගේ...සෝදාපාලුවෙලා...සාරයක් නෑ.

වැස්සට පස්සෙ කලින් තිබුනටත් වඩා ලස්සනට පරිසරයට ජීවය ලැබුනත් මගෙ හිත නාය ගිහින්...ඒ හැඟීම් කන්දට යටවෙලා මගේ හදවත පන අදිනවා.

සූ සද්දෙට වැස්ස වැටෙද්දි මගෙ උරහිසෙන් කව්දෝ අත තිබ්බා.

"මල්ලි ජනේලේ වහමු නේද...හිරිපොද එනවා ඇතුලට."

ඒ අවුරුදු පනහකට වැඩියි කියන්න පුලුවන් පෙනුමක් තියෙන ගෑනුකෙනෙක්ගෙ කටහඬ...ඒත් මම එයාට එක වචනයක්වත් වියදම් කලේ නැත්තෙ ඇයිද කියල මමවත් දන්නෙ නෑ...හ්ම්ම් කියලවත් නොකියා හිස සැලීමකින් පමනක් ම මම එයාට ප්‍රතිචාර දැක්වුවේ මට කා එක්කවත් කතාකරන්න තරම් මානසිකත්වයක් නොතිබ්බ හින්දමයි.

මම නැගිටලා උඩට උස්සලා තිබ්බ වීදුරු කවුලුව පහලට දැම්මේ තනියම...දැන් එක දෙක වැහිබින්දු වීදුරුවට එපිටින් හැපී හැපී මියෙනවා...

මට දැන් එලිය පේන්නෙ බොඳවෙලා...පුන්චි පුන්චි වතුර බින්දු අස්සෙන් මට පේනවා පහුවෙලා යන පාරවල් , වාහන , මිනිස්සු...කුඩ ඉහලගෙන එක වේගෙට ඇවිදගෙන යන්න ඉස්කෝලෙ ලමයි...එකසැරේ ලොකු හූ හඬක් එක්ක මගෙ ගමන නැවතුනෙ මම පොඩ්ඩක් දැනෙන නොදැනෙන ගානට ඉස්සරහට තල්ලුවෙලා යද්දි...නිව්ටන්ගේ පලවෙනි නියමය...ඒක එහෙම නේද ? ඔව් මට මතක විදිහට.

"මේ දකුනු කලුතර දුම්‍රිය ස්ථානයයි , පලමුවන වේදිකාවේ නවතා ඇති ගාලු කුමාරී ශීග්‍රගාමී දුම්‍රිය දැන් කොලඹ සහ මරදාන බලා පිටත්වේ...දුම්‍රිය නවත්වන්නේ පානදුර , මොරටුව , ගල්කිස්ස , කොලඹ කොටුව , මරදාන...ස්තූතියි "

ඒ නිවේදනයම ආයෙම දෙමලෙනුයි ඉන්ග්ලිශ්වලිනුයි රිපීට් වුනා වගේ ලාවට ඇහුනා.

අද 2023 ජනවාරි මුල...මම ඉන්නේ මාතර ඉඳන් මරදානට දාවනය වන ගාලු කුමාරි ට්‍රේන් එකේ...මම කොහෙද යන්නෙ කියලද අහන්නෙ....ම්ම්ම්ම්ම් කියන්නම්.

දන්නවද...කෙනෙක් ජීවත් වෙද්දි ඒ කෙනාගෙ හදවත ගැහෙන්නෙ ලෝකෙ තියන ලස්සනම ලස්සන රිද්මයන් එක්ක මුහුවෙලා...කුරුල්ලන්ගෙ කිචි බිචි සද්දෙට , ගඟක ඇලක දොලක වතුර ගලන සද්දෙට , වතුර පිරුනු තැනකට වැස්ස වැටෙන සද්දෙට ඒ රිද්මය නෑකම් කියනවා , මුහුවෙනවා...

ඒත් මිනිහෙක් හදවතින් මැරුනම ඒ කෙනාගෙ හදවත ගැහුනත් ගැහෙන්නෙ වෙනස්ම රිද්මෙකට...ඒ රිද්මය හරිම මලානිකයි..පාලු මූසල රෑක ගහක් මුදුනක ඉඳන් අඬන බස්සෙකුගෙ සද්දෙට , පාලු හීතල හැන්දෑවක කෑගහන මොනරෙකුගෙ විලාපෙට , සීතලම සීතල හුලඟට කැවුනු මලබෙර හඬකට ඒ රිද්මය නෑකම් කියන්න පටන්ගන්නවා...ඒකට හේතුව දැන් ඒ කෙනත් වඳ පීදුනු කෙසෙල් ගසක්...පන තියෙනවා දලු දානවා...ඒත් කවදාවත් මලක් , ඵලයක් බලාපොරොත්තුවෙන්න බෑ...මොකද ගොබය ඇතුලින් කුනුවෙලා...හදවතින් මියගිහින්.

එකතැනක මට මතකයි මට කොහෙන්දෝ මන්දා ඇහුනා මහා විලාපයක් ගීයකට නගපු කටහඬක්...එදා ඒ වචන මේ තරම්ම හදවතට දැනුනෙ නැතත් අද ඒ වචන හදවතේ ගැඹුරුම තැනක හරි හෙමීට තියුනු කටුවකින් පහුරුගානවා.

"මලක් නැති ගසක් වී හුදෙකලා වූ නුඹට

එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලෙක

වසන්තය අලුත් මල් අතුපුරා ගෙනෙන විට

සිනාසෙනු මැන එදින මට නොවේ - මගෙ සිතට

ගන අඳුරු රැයක් වී හැඬූවිට ජීවිතය

පැතුම් දී එලිකලෙමි පුන්චි තරුවක් විලස

සිනාසෙන පුරාහඳ වඩින දා පෙරමගට

සිනාසෙනු මැන එදින මට නොවේ - මගෙ හිතට

සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස

රුවන් මාලිගාවක පහන් දල්වනු කුමට

සිනාසෙන පුරාහඳ වඩින දා පෙරමගට

සිනාසෙනු මැන එදින - මට නොවේ මගෙ හිතට "

ආදරය ගින්නක්...අවිවාදයෙන්ම...ඒ ගින්නට අහුවුනු අපි..නෑ අහුවුනා කියන්න බෑ අපි හිතලමයි ඒ ගින්නට පනින්නෙ...පව් ඇත්තටම.

මම අදටත් කල්පනා කරනව මට කොතනද ජීවිතේ වැරදුනේ කියලා...පිටිපස්සට හැරිලා බැලුවම මම කොහෙද ජීවිතේ වැරදුනේ කියලා එක තැනක් පෙන්නන්න බැරි තරම් පරාසෙක ජීවිතේ වරද්දගෙන.

දන්නවද ලමයෝ මහා කලු ගලක් උඩට එකදිගටම පුංචි වතුර බින්දුව බින්දුව වැටුනොත් ඒ කලු ගලත් ගෙවෙනවා...ඒ වගේම පුන්චි පුන්චි හිත් රිදීම් ගල් වගේ හිත් පවා පොඩ්ඩ පොඩ්ඩ බිඳලා දානවා...

එදා හරි ආදරෙන් මීට අවුරුද්දකට විතර කලින් එකට අත් බැඳගෙන පාරවල් වල ආදර රස්තියාදුවේ අතරමන් වුනු උඹයි මමයි අද ආගන්තුකයො ගානට ඈත්වුනේ කොහොමද බන්...ගෝල්ෆෙස් තණපිස්ස උඩ මගෙ ඇස් දිහා බලපු උඹේ ඇස්වල මන් වෙනුවෙන් තිබ්බ ආදරේ හිස් වුනේ කොහොමද... දූවෙ පන්සලේ ඉහලම තැනක ක්ශිතිජය දිහා බලාගෙන ලුනුරස මූදු හුලඟේ අපේ කෙහෙරැල් පාවෙද්දී මගෙ අතේ පැටලුනු උඹේ අතැඟිලි මටම නොදැනි ගිලිහුනේ කවදද.

මම ආදරේ කලා...උඹත් ආදරේ කලා...මට ඒක දැනුනා...ඒත් අපේ ඒ ආදරේ මේ තරම් ඉක්මනට පරවුනේ කොහොමද...මම දන්නෙ නෑ බන්...මට කියා දීපන් මට පිස්සු වගේ

මම දන්නවා උඹ මට බොරු නොකල බව...කිසිම වෙලාවක උඹේ ඇස් මට බොරුකලේ නෑ...උඹ මන් නමට ආදරේ පොදිබැන්ද බව මට විශ්වාසයි...අපේ ආදර රැහැන එකසැරින් බිඳුනේ නැහැ...ටිකෙන් ටිකෙ ටිකෙන් ටික ලිහිලා ගිහින්...ඒක උඹේවත් මගේවත් වරදින් වුනු දෙයක් නෙවෙයි...ඒත් කොහොමද බන් එහෙම වුනේ...මට කියපන් පන...ප්ලීස්.

මම ආයෙම බැලුවේ අතේ තිබ්බ ෆෝන් එකේ රතුපාට හාට් එකක් දාලා සේව් කරපු නම්බර් එකේ conversation එක...දැන් දවස් දෙකක්..

මට බැනලා ගිය එයාට මම සෙන්ඩ් කරපු මැසෙජස් තාම තනි හරි ලකුනක් විතරක් අල්ලගෙන මට හිනාවෙනවදෝ මන්දා...කමක් නෑ හිනාවෙයන්...මගෙ කටකොනේ හරි මලානික හිනාවක් ඇඳුනා...මට හිනාවෙන්නෙ මටමයි....ඔව් උඹල හිතනව හරි...මාව බ්ලොක් කරල එයා.

කෝල්ස් කීයක්නම් කට්වෙන්න ඇතිද...අන්තිමට මාව නෝමල් කෝල්වලින් පවා බ්ලොක් වුනා...

දවස් කීපෙක ඉඳන් එයා හරි වෙනස්...ඒ වෙනස එක්ක මම උන්නෙ පුදුම තරම් හෙම්බත් වෙලා...ඉතින් දැන් දවස් දෙකකට උඩදි මම කෝල් කරන්න කොච්චර ට්‍රයි කලත් එයාගෙ ෆෝන් එක එන්ගේජ්...පැය භාගෙකටටත් වඩා...ඉතින් ,

"බබා තවුසෙ කා එක්කද කෝල් එකේ හිටියෙ ?"

"මොන කෝල් එකේද ?"

"දැන් පැයභාගයක් තිස්සෙනෙ මම ඔයට ගන්න ට්‍රයි කරන්නෙ..."

"ආ යාලුවෙක් කතාකලා."

"කව්ද යාලුවා"

"ඔයා අඳුනන්නෙ නෑ."

"හරි කව්ද ඉතින්."

"මගෙ එක්ස් කෙනෙක්...එයාට හදිසියේ මාව මතක්වුනා කියලා කතාකලේ..."

"මොකක් ????????????"

"ඇයි...එයා නරක කෙනෙක් නෙවෙයි..ඒ කෙනා එක්ක මට අෆයරා එකක් තිබ්බෙ දැන් අවුරුදු හත අටකට කලින්...මට වරදක් කරල නෑ...එයාටත් දැන් bf කෙනෙක් ඉන්නව...නිකන් මතක් වෙලා කතාකලෙ."

"කීපාරක් කතාකලාද."

"දෙපාරක්."

"ලඟදි."

"ඔව් ඊයෙ."

"මට කිව්වෙ නෑනෙ ඔයා ?"

"ඒක කියනා තරම් දෙයක් නෙවෙයිනෙ අනේ."

"එතකොට ඒක හරිද.!

"මොකක්ද අප්පා මේ...එපාවෙනවනෙ."

"දැන් එහෙම කිව්වම හරිද...ඔයාව අවිශ්වාස නෑ මට...ඒත් ඔයා දනන්වද මට දැනෙන දේ...ඔයාව මගේ අම්මා එක්ක පවා බෙදාගන්න මම අකමතියි...ඔයා අම්මා එක්ක කතාකර කර හිටියත් මට ඉරිසියයි...ඉතින් එහෙව් මං ගැන දැන දැනම ඔයා ඒ කෝල්ස් ආන්ස්වර් කරලා පයභාගෙකටත් වඩා කතාකර්න්නව...ඒක හරිද...මමත් මගෙ එක්ස් කෙනෙකුට කතාකරන්න...ඒකට කමක් න්නද්ද...ඔයාට අව්ල් යන්නෙ නැද්ද එතකොට."

"තමුසෙට මම මොනා කලත් වැරදියි...තමුසෙට ඉන්න බැරිනම් යනවා...මට මේක ඇතිවෙලා තියෙන්නෙ."

ඔන්න ඕකයි වුනේ...අඩුම ෆෝන් කෝල් එක කට් කරන්න තරම්වත් බරපතල කිසිම දෙයක් වුනේ නෑ...ඒත් එයා කෝල් එක කට් කරල ගියා...මමත් දිගටම කෝල් කලා...අන්තිමට ඒකෙන් වුනේ මගෙ නම එයාගෙ බ්ලොක් ලිස්ට් එකට ඇඩ්වුනු එක විතරයි...

ඇත්තටම මේ තරම් සරල දේකට එයා එහෙම රිඇක්ට් කලේ ඇයි ?

කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවනෙ..ඒක වෙන්න ඇති.

කතාවෙන් කතාව මම කොල්ලුපිටියටම ඇවිත්...කොම්පඤ්ඤ වීදිය , මහලේකම් කාර්‍යාලෙ පහුකරගෙන රේල්පීලි උඩින් ගඳගහන බේරෙ වැවට උඩින් මම කොලඹ කොටුව ස්ටේශන් එකට එද්දි උදේ 10.45 ට විතර ඇති.

"මේ කොලඹ කොටුව දුම්‍රිය ස්තානයයි.........."

යකඩ කටෙන් මහ හයියෙන් නිවේදනය ඇහෙද්දි මම කල්පනා කලේ එයා දැනට ඉන්න මම නම විතරක් දන්න ඒ තැන හොයාගෙන යන්නෙ කොහොමද කියලා...ලඟින් ගිය වයසක වැදගත් පෙනුම තියෙන කෙනෙක්ගෙන් මම ඇහුවෙ ඒකයි.

"එක්ස්කියුස් මී සර්...මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද #####ට යන්න නගින්න ඕනි බස් එකේ නම ? "

........................

මතු සම්බන්ධයි ❤️

...

Share This Chapter